මෝටර්රථ කොන්ත්‍රාත් සාකච්ඡාවලට පෙර, ටෙනසි ප්‍රාන්තයේ ෆොක්ස්වගන් කම්කරුවෝ නැවත යූඒඩබ්ලිව් ව ප්‍රතික්ෂේප කරති

On eve of auto contract talks, VW workers in Tennessee reject UAW again

2019 ජූනි 17

පසු ගිය සතියේ, ටෙනෙසි ප්‍රාන්තයේ චටානූගා ෆොක්ස්වගන් එකලස් කිරීමේ කම්හලේ කම්කරුවෝ කම්හලේ සාමූහික කේවල්කාර නියෝජිතයා ලෙස පිලිගැනීම ලබා ගැනීමට යුනයිටඞ් ඔටෝ වර්කර්ස් (යූඒඩබ්ලිව) ගත් උත්සාහය ප්‍රතික්ෂේප කිරීමට 833ට 776ක් ලෙස ඡන්දය දුන්නෝ ය. මෙය 2014ට පසු ෆොක්ස්වගන් කම්හලේ කම්කරුවන්ගේ දෙවැනි තර්ජනය වන අතර මිසිසිපි ප්‍රාන්තයේ කැන්ටන් නගරයේ නිසාන් හා ඔහියෝ ප්‍රාන්තයේ ඬේටන් නගරයට පිටත ෆුයාඕ ග්ලාස් ඇමරිකා කම්හල්වල ද ඇතුලුව, යූඒඩබ්ලිව ලැබූ පරාජයන් මාලාවක මෑත ම එක යි.

පසු ගිය දශක හතර තිස්සේ එක්සත් ජනපද මෝටර්රථ කම්කරුවන්ගේ රැකියා විනාසකාරී ලෙස අහිමිවීම් හා වැටුප් පහල යාම මත මූලිකත්වය ගෙන ඇති සංගත කලමනාකාරයේ ඒජන්තයෙකු වන යූඒඩබ්ලිව්ව මගින් “නියෝජනය” වීම චටානූගා කම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම නිවරැදි ය.

කම්කරුවන්ගේ උත්සුකයන් ආරක්ෂා කිරීමට පටහැනි ව, වැටුප් හා ප්‍රතිලාභ සම්බන්ධ විවිධාකර ශේනි නිර්මානය කිරීමේ දී මෝටර්රථ ලොක්කන් සමග කුමන්ත්‍රනය කිරීම සම්බන්ධයෙන් යූඒඩබ්ලිව්ව කුප්‍රකට ය. ඩෙට්‍රොයිට් මෝටර්රථ නිෂ්පාදකයින්ගේ ශ්‍රමබලකායේ විශාල කොටසක්, වෘත්තීය සමිති ගාස්තු ගෙවන නමුත් ඉතාමත් මූලික අයිතීන් නැති අර්ධකාලීන කම්කරුවන් බවට හැරවීමට එය උදව් කර ඇත.

ජෙනරල් මෝටර්ස් සමාගම විසින් කම්හල් වසා දැමීම හා මෝටර්රථ කරමාන්තය පුරා වැඩ නතර කිරීම් ව්‍යාප්ත කිරිමට එරෙහිව යූඒඩබ්ලිව් බැරෑරුම් විරුද්ධත්වයක් එල්ල කර නැත. ඒ වෙනුවට, ගෝලීය සංස්ථාවන්ගේ එකම ප්‍රහාරයන්ට මුහුන දෙමින් සිටින තම ජාත්‍යන්තර සහෝදර දහෝදරියන්ගෙන් එක්සත් ජනපද කම්කරුවන් බෙදන, තමන්ගේ විදේශික විරෝධී ඇමරිකානු ජාතිකවාදය උත්සන්න කර ඇත. එවැනි ජාතිකවාදී විෂ තොරොම්බල් කිරීමට ජර්මානු පදනමක් සහිත ෆොක්ස්වගන් ඇතුලුව, එක්සත් ජනපදය තුල වෙනත් රටවලට අයිති බද්ධ කම්හල්වල කම්කරුවන්ගේ සහාය ආකර්ෂනය කර ගැනීම අපහසු ය.

යූඒඩබ්ලිව දූෂන සෝලිය මෙම සංවිධානය සංගත වෙලඳ මන්ඩලයකට හා ලාභ හ්‍රම කොන්ත්‍රාත්කරුවෙකු බවට පරිවර්තනය වීම හෙලිදරව් කර ඇත. මධ්‍යම ආන්ඩුවේ නඩු පවරන්නන් ෆියට් ක්‍රයිස්ලර් සමාගම සමග අල්ලස් කූඨෝපායක “කුමන්ත්‍රන සහකරුවෙකු” ලෙස සමස්ත යූඒඩබ්ලිවට ම චෝදනා කර ඇත. මෝටර්රථ කම්කරුවන් තම රැකියාවලින් දොට්ට දමා ඇති, සමාගම් ගැති කොන්ත්‍රාත්තු අත්සන් කිරීමේ හුවමාරුවට තුටුපඬුරු ලෙස ඩොලර් මිලියන ගනන් බාර ගැනීම හේතුවෙන් යූඒඩබ්ලිව ඉහල සාකච්ඡාකරුවන් වැරදිකරුවන් යයි ප්‍රකාශ කෙරී ඇත.

ෆොක්ස්වගන් ඡන්දය ආසන්නයේ දී, යූඒඩබ්ලිව පිට පිට වැඩවර්ජන කඩාකප්පල් කරන්නෙකු ලෙස තම කාර්යභාරය ද ප්‍රදර්ශනය කලේ ය. වැඩවර්ජනය කරමින් සිටින හෙදියන්ගේ පිකට් පේලි හරහා යන ලෙස එය ඔවුන් ම ද යූඒඩබ්ලිව සාමාජිකයින් වන, ඔහියෝ ප්‍රාන්තයේ ටොලේඩෝ හි මර්සි හෙල්ත් සැන්ට් වින්සන්ට් මෙඩිකල් සෙන්ටර් රෝහල් මාන්ඩලික නිලධාරීන්ට නියෝග කලේ ය. යූඒඩබ්ලිව් ජාත්‍යන්තර නිලධාරීහූ ඒකපාර්ශ්වීය ලෙස හෙදියන්ගේ සති හයක වැඩවර්ජනය අවලංග කර, ඡන්දය දීමට හෝ යූඒඩබ්ලිව-අනුග්‍රහය දැක් වූ රෝහල් කලමනාකරනය සමග ඇති කර ගැනුනු ගිවිසුම පවා දැකීමට පෙර ඔවුන්ට ආපසු වැඩට යාමට නියෝග කලහ.

තම පූර්නකාලීන කම්කරුවෙකුගේ ආරම්භක වැටුප යන්තම් පැයකට ඩොලර් 16ක් වන අතර ඩොලර් 23.50දී උපරිමයට ලඟා වෙන, ෆොක්ස්වගන් කම්කරුවන් මුහුන දෙන ඛේදජනක කොන්දේසි තිබිය දී සහයෝගය දිනා ගැනීමට යූඒඩබ්ලිව අසමත් විය. චටානුගා කම්කරුවන්ගේ විශාල කොටසක් තාවකාලික හෝ කොන්ත්‍රාත් කම්කරුවෝ වෙති. ඒරෝටෙක් නම් කාර්ය මන්ඩල සපයන එක් සමාගමක්, කම්කරුවන්ගෙන් සියයට 30 සිට සියයට 40 දක්වා සපයන්නේ, පැයකට ඩොලර් 14.5ක් පමන වන ආරම්භක වැටුපක් මත ය.

යූඒඩබ්ලිව නිලධාරීහු චටානුගා පරාජය වෙනුවෙන් දෝෂාරෝපනය කලේ කලමනාකරනයට හා එක්සත් ජනපද කම්කරු නීතිවලට ය. “සමාගම බිය වැද්දීම් හා සාවද්‍ය තොරතුරු පදනම් කරගත් රුදුරු උද්ඝෝෂනයක් ගෙන ගියේ” යැයි යූඒඩබ්ලිව් සංවිධාන අධ්‍යක්ෂ ට්‍රේසි රොමෙරෝ පැවසී ය. “සති නවයක කාලයක් පුරා (දීර්ග නීතිඥ වාද විවාදවල පෙර නො වූ විරූ දීර්ග කාලයක්) ඔවුන්ගේ බහුතරය විනාස කිරීමට ප්‍රමානවත් කම්කරුවන්ගේ කැමත්ත බිඳ දැමීමට ෆොක්ස්වගන් සමත් විය.”

කලමනාකරනයට දෝෂාරෝපනය කිරීමේ උත්සාහය වංචාවකි. 2014දී, ෆොක්ස්වගන් කලමනාකරනය අයිජී මෙටල් වෘත්තීය සමිතිය සමග තම ජර්මානු කම්හල තුල එයට ඇති සංගතවාදී වැඩ පිලිවෙලට සමාන “වැඩ කවුන්සිලයක්” සඳහා නීතිමය තත්වය ලබා ගැනීමේ උත්සාහයක දී යූඒඩබ්ලිව වෘත්තීය සමිති උත්සාහයට උදව් කලේ ය. වෘත්තීය සමිතිය හා ෆොක්ස්වගන් සමාගමේ වසර දෙකක උද්ඝෝෂනය පරාජය කෙරුනි.

2014දී මධ්‍යස්ථා ගිවිසුමකට එකඟ වීම මගින් යූඒඩබ්ලිව්ව කලමනාකාරනයේ සහාය දිනා ගත්තේ ය යන කාරනය බොහෝ චාටනූගා කම්කරුවන් මතක් කර ගනු බවට සැකකයක් නැත.මෙම ගිවිසුමට අනුව යූඒඩබ්ලිව්ව “එක්සත් ජනපදය හා උතුරු ඇමරිකාවේ එහි තරඟකරුවන්ට සාපේක්ෂකව (ෆොක්වගන්) බුක්ති විඳින පිරිවැය වාසි හා අනෙකුත් තරඟකාරී වාසි පවත්වාගෙන යාමට හා හැකි තැන් වලදී වැඩි වර්ධනය කිරීමටත්” කැපවුනි.

යූඒඩබ්ලිව නියෝජනය වන ටීඑම්, ෆෝර්ඞ් හා ෆියට් ක්‍රයිස්ලර් කම්හල්වල බොහෝ නව බඳවා ගැනීම්වලට වඩා සමහර ෆොක්ස්වගන් කම්කරුවන් උපයන තතු යටතේ , මෙය ෆොක්ස්වගන් “පිරිවැය වාසි වැඩි කරනු” පිනිස චටානුගා කම්කරුවන්ගේ වැටුප් අඩු කිරීමට යූඒඩබ්ලිව පෙලඹුවේ ය.

පරාජයෙන් පසු, එවක යූඒඩබ්ලිව සභාපති බොබ් නයිට් ෆොක්ස්වැගන් හා අයිජී මැටල් කලමනාකරනයට ප්‍රශසා කලේ “වෘත්තීය සමිතියක් පිහිටුවීමේ ඔවුන්ගේ මූලික අයිතිය ක්‍රියාත්මක කිරීමට කම්කරුවන් සඳහා නිදහස් හා විවෘත වටපිටාවක් නිර්මානය කිරීමට තමන්ගේ හොඳම දේ කිරීම” වෙනුවෙනි.

එක්සත් ජනපද මෝටර්රථ නිෂ්පාදකයින් මෙන් ම, ෆොක්ස්වගන් සමාගම ද විරුද්ධත්වය මර්දනය කිරීමට දීර්ග කාලයක් තිස්සේ වාරු වී සිටියේ, (තම සංගත අධීක්ෂන මන්ඩලයේ ආසනවලින් අඩක් උසුලන) අයිජී මැටල් කුමන්ත්‍රනය මත යි. ජර්මානු මෝටර්රථ වෘත්තීය සමිතිය රැකියා කප්පාදු කිරීමට සහාය දී ඇතිවා පමනක් නොව, එය ජර්මනියේ 23,000ක් ද ඇතුලුව ලෝකය පුරා රැකියා 30,000ක් විනාස කිරීමට මග පෑදූ, කුප්‍රකට 2016 අනාගත ගිවිසුම (ත්‍මඑමරු ඡ්ජඑ 2016)කෙටුම්පත් කිරීමට සහාය දුන්නේ ය.

හුවමාරු වශයෙන්,අයිජී මැටල් නිලධාරීන්ට ආකර්ෂනීය ලෙස ත්‍යාග පිරිනමා ඇත.ෆොක්ස්වගන් කන්ඩායමේ ඒකාබද්ධ වැඩ කවුන්සිලයේ සභාපතිවරයෙකු ලෙස, වෘත්තීය සමිති නායක බෙර්න්ඞ් ඔස්ටෙර්ලෝහ්ට වසරකට ඩොලර් 840,430ක් (යුරෝ 750,000) ගෙවනු ලැබේ.

සැප්තම්බර් 14වැනිදා තම කොන්ත්‍රාත්තු අවසන් වන, එක්සත් ජනපදයේ ජෙනරල් මෝටර්ස්, ෆෝර්ඞ් හා ෆියට් ක්‍රයිස්ලර් කම්කරුවන් 155,000ක් සඳහා නව කම්කරු ගිවිසුමක් ගැන යූඒඩබ්ලිව් එලඹෙන මාසයේ සාකච්ඡා අරඹනු ඇත. ලඹදෙන ආර්ථික අවපාතයක සංඥා මධ්‍යයේ, මෝටර්රථ නිෂ්පාදකයින් හා වෝල් වීදියේ ඔවුන්ගේ ආයෝජකයින් ඊටත් වඩා විනාසකාරී ආපසු උදුරා ගැනීම් ශක්තිමත් කිරීමට අධිෂ්ඨාන සහගත ය.

විශේෂයෙන් ම, ඔවුන් ඉලක්ක කරමින් සිටින්නේසෞඛ්‍ය රැකවරන ප්‍රතිලාභ හා යන්තමින්වත් රැකියා ආරක්ෂාවක් නොමැති අයුරින්, අඩු වැටුප් ගෙවන කම්කරුවන් හා තාවකාලික කම්කරුවන් බවට හැරවීමේදි ඉතිරි වූ මොන යම් හෝ සිමාසහිත දේය. පරිපාලනයේ නියෝග බලාත්මක කිරීම සඳහා කල හැකි සියල්ල කිරීමට යූඒඩබ්ලිව්ව සැදී පැහැදී සිටියි.

“අපි මෝටර්රථ කර්මාන්තයේ ප්‍රධාන සහන සකච්ඡාවන්ට ආපසු පැමිනෙමින් සිටිමු” යැයි මෙන්චෙස්ටර් නගරයේ වූස්ටර් හි ක්ලාර්ක් විශ්වවිද්‍යාලයේ කාර්මික සම්බන්ධතා පිලිබඳ සම්මානිත මහාචාර්ය ගැරී චේසන් බ්ලූම්බර්ග් නිව්ස්වලට පැවසී ය.“ප්‍රධාන නිෂ්පාදකයෝ මෙසේ කියමින් සිටිති: චීනය හෝ ඉන්දියාව හෝ වෙනත් කොතනකට හෝ විරුද්ධ ලෙස අප එක්සත් ජනපදය තුල ව්‍යාප්ත කල යුත්තේ මන්දැ යි යන්න ගැන අපට හේතුවක් ඉදිරිපත් කරනු.”

2002 සිට මූර්ත වැටුප්වල සියයට 25ක් අහිමි වීමෙන් පසු, මෝටර්රථ කම්කරුවෝ ආපසු සටන් කිරීමට අධිෂ්ඨාන සහගත වූහ. අලුතින් බඳවා ගන්නා අයගේ වැටුප් භාගයකින් අඩු කල, ඔබාමා පාලනාධිකාරිය විසින් මෝටර්රථ කර්මාන්තයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ සිට මෝටර්රථ සමාගම් එක දිගට වසර දහයක් වාර්තාගත ලාභ ලැබූහ. පසු ගිය වසර පහ මුළුල්ලේ, කොටස් ආපසු මිල දී ගැනීමට හා තම පොහොසත් ම ආයෝජකයින් සඳහා ලාභාංශ ගෙවීමට ජීඇම් ඩොලර් බිලියන 25ක් වැය කර ඇත.

මෝටර්රථ කම්කරුවන් හා සංගත අතර පමනක් නොව, සාමාජික මෝටර්රථ කම්කරුවන් හා යූඒඩබ්ලිව් අතර ප්‍රධාන ගැටුමක් කැකෑරෙමින් තිබේ. එය 2015දී හා ඊට පෙර ගිනිය නො හැකි අවස්ථාවල කල ආකාරයට යූඩබ්ලිව්ව සමාගම් ගැති කොන්ත්‍රාත්තු ගෙන එනු ඇත යි සෑම කම්කරුවෙක් ම දනී.

ලෝසවෙඅ ඔටෝවර්කර්ස් නිව්ස්ලෙටර් යූඒඩබ්ලිව්වෙන් ස්වාධීනව හා කම්කරුවන් විසින්ම තෙමේ ම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලනය කෙරෙන, සාමාජික කම්හල් කමිටු ගොඩනගමින් කොන්ත්‍රාත් සටන තම අතට ගන්නා ලෙස මෝටර්රථ කම්කරුවන් සඳහා ඉල්ලීමක් නිකුත් කර ඇත. මෙම කමිටු ද්විත්ව වැටුප් අහෝසි කිරීම හා සියළු අර්ධකාලීන කම්කරුවන් පූර්නකාලීන කම්කරුවන් බවට හැරවීමට මෙන් ම ජාතික වැඩවර්ජනයක් සූදානම් කිරීමට තමන්ගේ ඉල්ලීම් කෙටුම්පත් කල යුතු ය.

ලෝකය පුරා මෝටර්රථ කම්කරුවන් මුහුන දෙන්නේ එකම අරගලයට යි. මෝටර්රථ නිෂ්පාදන යෝධයෝ, නව ඒකාබදධ වීම්, වැඩපොල වසා දැමීම් හා නිෂ්පාදන හා ස්ථීර වැටුප් ලබන කම්කරුවන්ගේ සමූහ දොට්ට දැමීම් ඇතුලත්, තම මෙහෙයුම්වල ගෝලීය ප්‍රතිව්‍යුහගත කිරීමක් ක්‍රියාත්මක කරමින් සිටිති.

ධනවාදීන්ගේ ජාත්‍යන්තර මූලෝපායට එරෙහිව, කම්කරුවන්ට තමන්ගේ ම ජාත්‍යන්තර මූලෝපායක් අවශ්‍ය ය. මෙහි අර්ථය වන්නේ ජාතිකවාදී හා ධනේශ්වර ගැති වෘත්තීය සමිතිවලින් කැඩී වෙන් වී පොදු අරගලයකට ඒකාබද්ධ වීමයි.

මෙම වසර මුල, වෘත්තීය සමිතිවලට එරෙහිව කැරලි ගැසූ, මෙක්සිකෝවේ මැටමොරොස්හි මැකිලඩෝරා කම්කරුවන්ගේ බලගතු අරගල ස්වාධීන වැඩවර්ජන කමිටු පිහිට වූ අතර තම ඇමරිකානු සහෝදරසහොදරයින්ට ආයචනා කිරීමට එක්සත් ජනපද දේශසීමාවට පෙලපාලියෙන් යාම මගින්, දේශසීමා හරහා තම අරගල ඒකාබද්ධ කිරීමට වන කම්කරුවන්ගේ ප්‍රයත්නය ප්‍රදර්ශනය කලේ ය.

යූඒඩබ්ලිව් හා අනෙකුතත් ධනේශ්වර ගැති හා ජාතිකවාදී වෘත්තීය සමිති ප්‍රතිසංස්කරනය කල නො හැක. සූරාකෑම හා සමාජ අසමානතාවට එරෙහිව කම්කරුවන්ගේ වැඩෙන විරෝධය සමායෝජනය කිරීමට, අරගලයේ නව සංවිධාන, එනම් කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු අවශ්‍ය ය.

මෝටර්රථ කම්කරුවන් හා කම්කරු පන්තියේ අනෙකුත් කන්ඩායම්වල වර්ධනය වෙමින් තිබෙන අරගල කම්කරු පන්තියේ ජාත්‍යන්තර එක්සත්කම මත මෙන් ම ආර්ථික හා දේශපාලන ජීවිතයේ සමාජවාදී ප්‍රතිසංවිධානය මත පදනම්, නව දේශපාලන මූලෝපයකින් කම්කරුවන්ට මග පෙන් විය යුතු ය.

පාලක පන්තියේ ප්‍රහාරය ඩෙමොක්‍රටිකයන් හා රිපබ්ලිකානුවන්ගේ අනුග්‍රහ ලබ යි. ට්‍රම්ප් පාලනාධිකාරිය කම්කරුවන් එකිනෙකා බෙදීමට සංක්‍රමන විරෝධී විෂ පිඹිමින් සිටින්නේ, එය පොහොසතුන් සඳහා තවදුරටත් දැවන්ත ධනයක් බෙදා හැරීමට ඉල්ලන අතරම ය. ඔබාමා යටතේ මෝටර්රථ කර්මාන්තයේ ප්‍රතිව්‍යහගත කිරීම අධික්ෂනය කර ඇති ඩෙමොක්‍රටිකයන් වෝල් වීදියේ ඉල්ලීම් බලගැන්වීමට කැපවන්නේ සුළුවෙන් නො වේ.

කම්කරුවන් මුහුන දෙමින් සිටින්නේ හුදෙක් මේ හෝ ඒ හාම්පුතාට නො ව, සමස්ත ආර්ථික පර්යායකට එරෙහිව යි. කම්කරුවන්ගේ බලය සඳහා සටන් කිරීමට ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස කම්කරු පන්තිය තෙමේ ම සංවිධානය විය යුතු ය. සංගත හා මූල්‍ය කතිපයාධිකාරියේ ග්‍රහනය බිඳ, කම්කරු පන්තිය විසින් ගොඩනගන ලද අතිමහත් ධනය ලාභය සඳහා නො ව මානව අවශ්‍යතාවයන් සඳහා යොදා ගත හැක්කේ මේ ආකාරයෙන් පමනී.

ජෙරී වයිට්

Share this article: