ගුරුවරුන්ගේ ගෝලීය අරගලය

The global struggle of teachers

2019 පෙබරවාරි 26

1920 ගනන් වලින් පසු දක්නට නොලැබුන අන්දමේ ආන්ඩු වලින් සිදු කරන කප්පාදුව සහ සමාජ අසමානතාවයේ මට්ටම් වලට එරහි අරගලයේ පෙරමුනට, සෑම මහාද්වීපයකම පාහේ ගුරුවරුන් පැමින ඇත. 2018 දී පුපුරා ගිය සහ මෙම වසරේ මුල් මාස තුල තීව්‍ර වී ඇති පන්ති අරගලයේ පුනර්ජීවනයේ ප්‍රධාන භූමිකාවක් ගුරුවරුන් විසින් රඟ දක්වා ඇත.

එක්සත් ජනපදයේ ගුරුවරුන්ගේ නවතම වැඩවර්ජනය කිරීම් මාලාවක, කැලිෆෝනියා, ඕක්ලන්ඞ් හී ගුරුවරුන් තුන්දහසක්, 2019 පලමු සති අට තුල වැඩවර්ජනය කරමින් සිටින්නේ, 71,000ක් අධ්‍යාපන වෘත්තිකයන් සමග සම්බන්ධ වෙමින්ය. මෙම වැඩ වර්ජනය පසුගිය මාසයේ රටේ දෙවෙනියට විශාලතම පාසල් දිස්ත්‍රික්කය වන ලොස් ඇන්ජලීස් හී වැඩවර්ජනයට, කොලරාඩෝ, ඩෙන්වර් හී වැඩවර්ජනයකට සහ වසරකට පෙර එජ තුල දශක ගනනාවකින් සිදුවූ විශාලතම ගුරුවරුන්ගේ කැරලි ගැසීම අවුලුවාලු වැඩවර්ජනය සිදුවූ බටහිර වර්ජිනියාවේ ප්‍රාන්තය පුරා පැවති දින දෙකක වැඩවර්ජනයකට, පසුව සිදුවිය.

Número recorde de greves dos docentes no 2018 nos Estados Unidos desde 1993

ආසන්න වශයෙන් මිලියන බාගයක් වන 380,000 ගුරුවරුන් සහ පාසල් කම්කරුවන් 1986 පසු විශාලතම වැඩවර්ජනය වූ වැඩවර්ජනයකට පසුගිය වසරේ එජ දී සම්බන්ධ විය. පසුගිය වසරේ ප්‍රාන්තය පුරා පැතිරුනු වැඩවර්ජන පැවැත්වුනු, ඔක්ලහෝමා සහ ඇරිසෝනා ඇතුලු ප්‍රාන්ත ගනනාවකින් වැඩවර්ජන කිරීම සදහා ඉල්ලීම් මතුවෙමින් පවතියි.

ඇමරිකානු මහාද්වීපයේ විශාලතම නගරය වන බ්‍රසීලයේ සාඕ පාවුලෝ හී ගුරුවරුන්, මෙම වසරේ දෙවැනි වරට විශ්‍රාම වැටුප් කප්පාදුවට එරහිව වැඩවර්ජනයකට ගොස් තිබේ. මෙක්සිකෝවේ මිචොආකාන් හී සහ ඔහාකා හී ගුරුවරුන් මෙම මාසය මුලදී රැකියා වලින් දොට්ට දැමීම් වලට එරහිව සහ ආන්ඩුවේ පිටු බලය ලත් “පාසල් ප්‍රතිසංස්කරනය කිරීම්” වලට එරහිව වැඩවර්ජනය කල අතර මග ඇහිරීමක්ද සිදු කරන ලදී.

මෙම මාසය මුලදී ජර්මනියේ බර්ලීනයේ ගුරුවරුන් සහ ලමා සුරැකුම් කම්කරුවන් වැඩවර්ජනය කලහ; පෘතුගාලයේ අධ්‍යාපන වෘත්තිකයන් සමස්ත වැඩවර්ජනයකට සහභාගී විය; ප්‍රන්සයේ ගුරුවරුන් “ධනපතියන්ගේ ජනපති” එමානුවෙල් මැක්රෝන් ට එරහි කහ කමිස කරුවන්ගේ උද්ඝෝෂනයන්ට එක් විය; එමෙන්ම ප්‍රාථමික පාසල් වල සිට උසස් අධ්‍යාපනය දක්වා 100,000 කට වඩා වැඩි ගුරුවරුන් මාර්තු 15 වනදා නෙදර්ලන්තයේ පලමු ජාතික වැඩ වර්ජනය සිදු කිරීමට නියමිතය.

මොරොක්කෝවේ සහ සිම්බාබ්වේ හී ගුරුවරුන්, අධ්‍යාපනයට සිදු කෙරෙන මුදල් වෙන් කිරීම් අඩු කිරීමට සහ අප්‍රිකාව පුරා පාසල් පුද්ගලීකරනය කිරීමට එරහි විරෝධත්වය වර්ධනය වීම මධ්‍යයේ වැඩවර්ජනය කර ඇති අතර දකුනු ඉන්දියාවේ තමිල්නාඩුවේ දස දහස් ගනන් ගුරුවරුන් ඉහල වැටුප් සහ කොන්දේසි වෙනුවෙන් පසුගිය මාසයේ වැඩවර්ජනය කලහ.

මෙම ව්‍යාපාරය මෙහෙයවෙන්නේ ලෝකය පුරා ඇති වාර්තාගත මට්ටමේ සමාජ අසමානතාවය විසිනි. එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය මාග්‍රට් තැචර් සහ එජ ජනාධිපති රොනල්ඞ් රේගන් විසින් දශක හතරකට පෙර ආරම්භ කරන ලද සමාජ ප්‍රති විප්ලවය 2008 මූල්‍ය බිඳ වැටීමෙන් පසු තීව්‍ර වී ඇත. එජ ඔබාමා පරිපාලනය විසින් මෙහෙයවූ ධනපති ආන්ඩු, වටිනාකම් බිඳ වැටුනු වත්කම් බැංකු වලින් මිලට ගැනීමට ටි්‍රලියන ගනනක් වැය කල අතර කොටස් වෙලඳ පලවල් සහ මූල්‍ය අපරාධකාරීන්ගේ පුද්ගලික ධනය නැවත පිම්බීම සඳහා අසීමාන්තික නය සැපයීය. මේ සඳහා ගෙවීමට සෑම ආකාරයකම දේශපාලන පක්ෂ “කප්පාදුව” ආදර්ශ පාඨය බවට පත් කරගන්නා ලදී.

2008 න් පසු එක්සත් ජනපදය තුල පහල සිට ඉහලට ධනය ඓතිහාසික ලෙස හුවමාරු වුන ආකාරය මෑතකදී නිකුත් වුනු වාර්තාවන් දෙකක් විසින් අවධානයට ලක් කරයි.

බර්ක්ලේ හී පිහිටි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙකු වන ගේබ්‍රියල් ශුක්මාන් ගේ නව පරීක්ෂන පත්‍රිකාවකට අනුව ඉහලම ධනවත් වැඩිහිටියන් සියයට 0.1 විසින් පාලනය කරන මුලු කුටුම්භ ධනයේ කොටස, මෙම සුලු පිරිසක් වන ප්‍රභූව විසින් ධනයෙන් සියයට 25ක් සැඟවූ 1929 සිට ඉහලම අගයට පැමින තිබුනි. “එජ ධනය සංකේන්ද්‍රනය වීම, අවසාන වශයෙන් කුනාටු සහිත 1920 ගනන් වල දක්නට ලැබුනු තත්වයට පැමින ඇති වග පෙනෙන්නට ඇතැ” යි ලියූ ශුක්මාන් තවදුරටත් සඳහන් කලේ සුපිරි ධනවතුන්ට ඔවුන්ගේ ධනය විදේශ ගිනුම් වල සැඟවීමට ඇති හැකියාව නිසා මෙය ඊටත් වඩා ඉහල වීමට හැකියාව ඇති බවයි.

සේවකයන්ට සිදුකරන ගෙවීම් සහ වෙනත් දීමනා දල දේශීය ආදායමේ ප්‍රතිශතයක් ලෙස සියයට 52.7 දක්වා පසුගිය වර්ෂයේ තුන්වන කාර්තුවේ පහල වැටී ඇතැයි එජ වානිජ දෙපාර්තමේන්තුවේ ආර්ථික විශ්ලේෂන බියුරෝව විසින් සොයාගෙන ඇත. මෙය එක දිගට එම අගය පහල වැටුනු හතර වන කාර්තුවයි. දේශීය ආදායමෙන් කම්කරුවන්ගේ කොටස සියයට 59ක් වූ 1970 සිට එම අගය අනවරතව පහල වැටී ඇත. එය දෙවන ලෝක යුද්ධයේ අවසානයෙන් පසු අවම අගය දක්වා නොකඩවා ගමන් කරයි. මේ අතරවාරයේදීම 1980 දී සියයට 12ක් වූ දේශීය ආදායමෙන් සංගත ලාභයන් වෙත ගමන් කරන කොටස අද වන විට සියයට 20 දක්වා ගමන් කර ඇත.

මූල්‍ය ප්‍රභූව විසින් ගෝලීය ආර්ථික අර්බුදය, මහජන ධනය කොල්ල කෑමට සහ, 2030 වන විට ඇස්තමේන්තුගත ඇඩො. ට්‍රිලියන 10 ක වටිනාකමකින් යුක්ත වීමට නියමිත ලෝක “අධ්‍යාපන වෙලඳපල” අත්කර ගැනීමට යොදා ගැනුනි. ලෝකය පුරා පාසල් පුද්ගලීකරනය කිරීමේ සැලසුම් වල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, ලෝක බැංකුවේ, යූඑස්ඒඅයිඩී සහ එක්සත් රාජධානියේ ජාත්‍යන්තර සංවර්ධන දෙපාර්තමේන්තුවේ භූමිකාව සම්බන්ධයෙන්, මෑතකදී පලවුනු කෘතියක සඳහන් විය.

එජ තුල, වෝල් වීදිය ගලවාගැනීම සඳහා අනන්ත සම්පත් සපයාගැනීමට සමත්වූ ඔබාමා පරිපාලනය, රජයේ පාසල් වලට සම්පත් හිඟකමෙන් පෙලෙන්නට ඉඩ හැරි අතර ලාභ ඉපැයීම සඳහා වන පාසල් ප්‍රසාරනය කිරීම සඳහා නිෂ්පාදනය කරන ලද අර්බුදය භාවිතා කරන ලදී. නවතම දත්ත වලට අනුව 2016 වන විටත් එජ ප්‍රාන්ත 50න් 25 කම ශිෂ්‍යයෙකු වෙනුවෙන් වියදම් කරමින් සිටියේ මහා අවපාතයට පෙර වියදම් කල ගනනට වඩා අඩුවෙන්ය. එනම් ඇඩො. බිලියන 19 ක හිඟයකින් යුක්තවය. ශිෂ්‍යයන් ලියාපදිංචි වීම් මිලියන 1.5 කින් ඉහල නැග තිබුනත් රජයේ පාසල් වල සේවය කරන පිරිස 170,000ක් වන අතර එය 2008 ට පෙර පැවති අගයට වඩා පහල අගයකි. එමෙන්ම ප්‍රාන්ත 38ක ගුරුවරුන්ගේ සාමාන්‍ය වාර්ෂික වැටුප 2009 යේදී පැවතියාට වඩා පහල අගයක පවතී.

ගුරුවරුන්ට සහ රාජ්‍ය අධ්‍යාපනයට එල්ල කෙරෙන ප්‍රහාරයේ ගෝලීය ස්වභාවය සහ එයට පදනම් වූ දෙය විසින් මූලික ප්‍රශ්න ගනනාවක් මතුකරයි. පලමුවැන්න වන්නේ, තමන් ධනපති පක්ෂ සමග පෙලගැසී සිටීම සහ කප්පාදුවේ සහ සමාජ අසමානතාවයේ මුලු මහත් ව්‍යුහයම පිලිගෙන සිටින නිසා, කුමන හෝ අරගලයකට විරුද්ධ ලෝකය පුරා වෘත්තීය සමිති වල භූමිකාවයි.

වැඩවර්ජන ඉල්ලීම් වලට, අයවැය කප්පාදුවට එරහි විරුද්ධත්වය අඩංගු කිරීමට ගුරුවරුන් විසින් ගෙන ආ ඉල්ලීම, ඕක්ලන්ඞ් හී වෘත්තීය සමිතිය විසින් ප්‍රතික්ෂේප කලේ, දිස්ත්‍රික්කය කුමන හෝ වැටුප් වැඩි කිරීමක්, අධ්‍යාපන සේවාවන්ගෙන් ඩොලර් මිලියන ගනනක් කපා දැමීම මගින් සහ පාසල් වසා දැමීම මගින් ලබා දීමට සැලසුම් කරත්දීය. ඕක්ලන්ඞ් අධ්‍යාපන සංවිධානය, ප්‍රාන්ත ඩිමොක්‍රටික් පක්ෂය සමග, සංගත සහ මූල්‍ය ප්‍රභූවට සම්පූර්නයෙන්ම පිලිගත හැකි කුනුවූ එකඟතාවකට එලඹීමට කුමන්ත්‍රනය කරමින් සිටින අතර, රට පුරා කලින් පැවති වැඩවර්ජන වලදී මෙන් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම සඳහා වන සටන පවාදෙයි.

ලෝකය පුරා ඇති වෘත්තීය සමිති සම්බන්ධයෙන් මෙය සත්‍යයකි. නිදහස් අධ්‍යාපනයට, රැකියාවලට සහ ජීවන තත්වයන්ට එල්ල කෙරෙන ගෝලීය ප්‍රහාරය හමුවේ, ජාතිකවාදී, ධනපති ගැති වෘත්තීය සමිති ඔවුන්ගේ අදාල ආන්ඩු සහ ධනපති හිමිකරුවන් සමග ශ්‍රමයේ මිල සහ සංගත මත පනවන බදු අඩු කිරීමට සහයෝගීව කටයුතු කර ඇත්තේ “තමන්ගේ” රටවල් වඩා තරඟකාරී කිරීම සඳහාය.

කම්කරුවන් විසින්ම පාලනය කරන සහ වෘත්තීය සමිති වලින් ස්වාධීන, අරගල කිරීම සඳහා වන නව සංවිධාන ගොඩනැගීම දැවෙන ප්‍රශ්නයක් වී ඇත්තේ ඒ නිසාය. ගුරුවරුන්ට සහ ශිෂ්‍යයන්ට අවශ්‍ය දේ මත පදනම් වූ මිස බලධාරීන් විසින් දිය හැකියැයි ප්‍රකාශ කරන දේ මත පදනම් නොවූ ක්‍රියාකාරී කමිටු ගුරුවරුන් විසින් ස්ථාපනය කල යුතුය.

ගුරුවන් මහජන සහය දිනාගෙන ඇති අතර එසේ දිනාගෙන ඇත්තේ ඔවුන් මූලික අයිතීන් වෙනුවෙන් සටන් කරන නිසා සහ සියලුම කම්කරුවන් සමාන කොන්දේසි වලට එනම් අදායම පහල වැටීම සහ ජීවන වියදම් අහස උසට නැගීම, අස්ථාවර රැකියාවන් සහ පරම්පරා ගනනාවක අරගල හරහා දිනාගත් සෞඛ්‍ය ආරක්ෂනය සහ විශ්‍රාම වැටුප ඇතුලු සමාජ අයිතීන්ට සිදු කෙරෙන අනවරත ප්‍රහාරයන්ට මුහුන දෙමින් සිටින නිසාය.

ගුරුවරුන් අතර වර්ධනය වෙමින් පවතින ව්‍යාපාරය, නොවැලක්විය හැකි ලෙස කම්කරු පන්තියේ පුලුල් ස්ථර වෙත, විශේෂයෙන්ම මෝටර් රථ, වානේ සහ අනෙකුත් නිෂ්පාදන ක්ෂේත්‍ර වැනි ප්‍රධාන ක්ෂේත්‍ර වල කාර්මික කම්කරුවන් වෙතට විහිදීයාමට නියමිත කැරැල්ලක මූලික ප්‍රකාශනයකි. එය, වැටුප් සහ සේවා කොන්දේසි පිලිබඳ ක්ෂනික ප්‍රශ්න වලට පමනක් නොව, සමාජ අසමානතාවය, ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ඉරා දැමීම, පාලනයේ ඒකාධිපති ස්වරූපයන් වර්ධනය වීම සහ විනාශකාරී යුද්ධය සම්බන්ධයෙන් වර්ධනය වන අනතුර වැනි සෑම රටකම සිටින කම්කරුවන් මුහුන දෙන තීරනාත්මක ප්‍රශ්න වලට ආමන්ත්‍රනය කිරීමට බල කෙරී ඇති ව්‍යාපාරයකි.

වැඩවර්ජන මගින් පමනක් කම්කරුවන් මුහුන දෙන දෙය විසඳිය නොහැක. ජාත්‍යන්තර පන්ති අරගලයේ පුනර්ජීවනයේ තර්කනය වන්නේ කම්කරු පන්තිය දේශපාලන බලය තමන්ගේ අතට ගැනීමේ සහ පුද්ගලික ලාබ මත නොව සමාජ අවශ්‍යතාවන්ගේ පදනම මත සිට ලෝක ආර්ථිකය ප්‍රති සංවිධානය කිරීමේ අවශ්‍යතාවයයි.

මූල්‍ය ප්‍රභූතන්ත්‍රය අස්වාමික කිරීමෙන් සහ ආර්ථික ජීවිතය සමාජවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීමෙන් පමනක්, කම්කරු පන්තිය විසින් නිෂ්පාදනය කරනු ලබන දැවැන්ත ධනය, මහජනයාගේ භෞතිකමය සහ සංස්කෘතිකමය මට්ටම් ඉහල නැංවීමට, සියල්ලන්ටම නිදහස් සහ ගුනාත්මක අධ්‍යාපනයක් සහතික කිරීමට සහ මානව වර්ගයා දරිද්‍රතාවයෙන්, සූරාකෑමෙන් සහ යුද්ධයෙන් ගලවා ගැනීමට යොදා ගත හැක.

එබැවින් ප්‍රදානය රඳා ඇත්තේ, මෙම අවශ්‍යතාව සම්බන්ධයෙන් කම්කරු පන්තිය සවිඥානික කරන නව, සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී නායකත්වයක් ගොඩ නැගීම මතය. හජාජාක සහ එහි ශාඛාවන් සිදුකරමින් ඇති සටන මෙයයි.

ජෙරී වයිට්

Share this article: