කම්කරු පන්තිය සහ ජූලියන් අසාන්ජ් නිදහස් කර ගැනීමේ සටන

The working class and the fight to free Julian Assange

2019 පෙබරවාරි 23

2012 ජූනි මස 19 වන දින සිට විකිලීක්ස් ප්‍රකාශක ජූලියන් අසාන්ජ් සෘජු සූර්යාලෝකය , ප්‍රමානවත් තරම් වෛද්‍ය පහුසුකම් සහ පසුගිය වසර තිස්සේ බාහිර ලෝකය සමග සම්බන්ධතා පැවැත්වීමට පවා නොලැබ ලන්ඩනයේ කුඩා ඉක්වදෝර් තානාපති කාර්යාලය තුල සිරකරුවකු ලෙස ජීවත්ව ඇත.

එජ අධිරාජ්‍යවාදයේ අපරාධ, පාලක පන්තියේ සාපරාධීත්වය සහ ලෝකය පුරා සිදුවන දූෂනය හෙලිදරව් කිරීමට සහය වූ හෙයින් ධෛර්ය සම්පන්න මාධ්‍යව්දියකු සහ ප්‍රකාශකයෙකු වූ අසාන්ජ්ව ඇමරිකානු රාජ්‍යය සහ ගෝලීය හිතවතුන් විසින් නිර්දය ලෙස දඩයම් කරමින් සිටී. ඔහුව දඩයම් කිරීම ප්‍රකාශනයේ නිදහසට එරෙහිව සහ අන්තර් ජාලයේ විරුද්ධ මතවාද වාරනයට ලක්කිරීම සදහා වූ ගෝලීය ප්‍රහාරයක හී තුඩයි.

ලිංගික ප්‍රහාරයන්ගේ “සැකකරුවෙකු” බවට ගොඩනැගූ චෝදනා මත ඔහුව ස්වීඩනයට උදර්පනය කිරීමට වූ වරෙන්තුවකට බි්‍රතාන්‍ය අධිකරනය සහය දැක්වීමෙන් පසු ඉක්වදෝරයේ දේශපාලන සරනාගත භාවය සෙවීමට ඔහුට බල කෙරුනි.

ඔහුව ස්වීඩනයේදී අත්අඩංගුවට ගත් සැනින් එජ අධිකරන දෙපාර්තමේන්තුව ඔහුව එක්සත් ජනපදයට ගෙන එනු ලැබීමට තමාගේම උදර්පන අයදුම්පතක් නිකුත් කරනු ඇතැයි අසාන්ජ් සහ ඔහුගේ ආරක්ෂකයින් නිවැරදිව තක්සේරු කලේය. අසාන්ජ් ඔත්තු බැලීම පිලිබද ව්‍යාජ චෝදනා මත හොර නඩු විභාගයක් ඉදිරියට පැමිනවීමේ අනතුරට මුහුන දුන් අතර තවමත් මුහුන දේ.

මිලියන ගනන් කම්කරු පන්තිය නිවැරදිවම අසාන්ජ් භාෂනයේ නිදහසේ ශූරයෙකු ලෙස දැක ගනී. කෙසේ වුවද, ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය, ජැකොබින් සඟරාව සහ සමාජවාදී විකල්පය බදු ව්‍යාජ වාම සංවිධාන එක්කෝ ඔහුව අත් හැර දමා ඇත; නැතහොත් ඔහුව අත් අඩංගුවට ගෙන පිටුවහල් කරන ලෙස ඉල්ලා සිටින බුද්ධි අංශ වල සහ අධිරාජ්‍යවාදී ප්‍රචාරන ව්‍යාපාරයන්ගේ රැලට සම්බන්ධ වී ඇත.

2011 දී ටියුනීසියාවේ සහ අනතුරුව ඊජිප්තුවේ කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයන්ගේ පැන නැගීම හේතුවෙන් අධිරාජ්‍යවාදීන් සමග එක පෙලට සිටගැනීම සහ ඔවුන්ගේ දකුනට තල්ලු‍වී යාමේ කොටසක් ලෙස ඔවුන් අසාන්ජ්ට එරෙහිව හැරී ඇත. පසුගිය දශක හතර පුරා කම්කරු පන්තියේ ජීවන කොන්දේසි කාබාසිනියා කිරීමේ ප්‍රථිපලයක් ලෙස ධනවත් වී ඇති ඉහල මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත කොටස් කම්කරු පන්තිය දේශපාලනයට අවතීර්න වීම සම්බන්ධයෙන් භීතියට පත්ව සිටී.

ව්‍යාජ ලෙස තමන් සමාජවාදී යැයි කියා ගන්නා සංවිධාන වල ස්වභාවය මෙම ආපසු හැරීම මගින් වඩාත් තියුනු ලෙස ප්‍රකාශයට පත්ව ඇත. මෙම කන්ඩායම් 2011 දී ලිබියානු තන්ත්‍රයේ මුවම්මර් ගඩාෆි පරාජය කිරීමට වූ එජ ප්‍රමුඛ හමුදා ආක්‍රමනයට සහය දැක්වූ අතර අනතුරුව බෂාර් අල් අසාද් විසින් නායකත්වය දුන් අනාගාමික රාජ්‍යයට එරෙහිව සිරියාව තුල කන්ඩායමික සිවිල් යුද්ධයකට පෙලඹවූ එජ පිටුබලය ලත් සුන්නි ඉස්ලාම් අන්තවාදී සංවිධානයන්ට සහය දැක්වීය.

ඔස්ට්‍රේලියානු සමාජවාදී විකල්පය නම් සංවිධානය “අධිරාජ්‍යවාදයට ඉවක් බවක් නැතිව ස්වයංක්‍රීය ලෙස විරෝධය පෑමක්” ලෙස එජ පිටුබලය ලත් සිරියානු ඉස්ලාමීය “කැරලි කරුවන්” සඳහා සිය සහ දැක්වීම පිලිබඳ විවේචනයන් ප්‍රතික්ෂේප කලේය.

ව්‍යාජ වම්මු විසින් මැද පෙරදිග නව අධිරාජ්‍යවාදී මෙහෙයුම් සමග පෙල ගැසුනු අතර ඔවුන් ලිංගිකත්වය සහ අනන්‍යතා දේශපාලනය රජය විසින් උත්සුකයට නැගීම මගින් කම්කරු පන්තිය බෙදා වෙන් කොට අවමංගත කිරීමට ජාත්‍යන්තර වශයෙන් පාලක පන්තිය විසින් සිදු කරන සවිඥානික හැරී ගැනීමද සම්පූර්නයෙන්ම වැලඳගති.

උදාහරනයක් ලෙස ඇමරිකානු සමාජවාදී විකල්පය (American Socialist Alternative) සංවිධානය අසාන්ජ්ට එරෙහි චෝදනා බොරු නඩු ඇටවීමක් බවත් “ලජ්ජා සහගත” බවත් 2010 දෙසැම්බරයේදී ප්‍රකාශ කොට තිබුනි. 2012 අගෝස්තු වන විට,එම චෝදනාවන් “ විමර්ශනයට ලක් කල යුතු බවට” සහ “අසාන්ජ්ව එජ අධිරාජ්‍යවාදය විසින් දඩයම් කිරීම මගින් ඔහු අහිංසකයෙකු බව අර්ථවත් නොවන බව” අවධාරනය කරමින් සම්පූර්නයෙන්ම අපස්සට හැරුනි.

අසාන්ජ්ට එරෙහිව පැහැදිලිවම විනිවිද පෙනෙන්නට ඇති (සාපරාධී චෝදනාවක පදනමින් එවක් පටන් අතහැර ඇති) බොරු නඩුවේ චෝදනා මහ ජනයා විශ්වාස කල යුතු බවට මෙම කන්ඩායම් විසින් සිදු කරන ඉල්ලීම්, නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය සහ අධිකරනමය ක්‍රියාවන් සදහා ඇති අයිතිය බදු මූලික ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති නොතකන්නාවූ දක්ෂිනාංශික #මීටූ ව්‍යාපාරයට සමාන්තරය.

පාලක පන්තිය විසින් පැවැත්මම තර්ජනයක් ලෙස දැකගන්නා ජූලියන් අසාන්ජ් සහ විකිලීක්ස් වෙනුවෙන් සහයෝගය පල කරන අතරම අධිරාජ්‍යවාදය සමග එක පෙලට සිට අනන්‍යතා දේශපාලන ප්‍රශ්න ඉහලට ඔසවන සංවිධාන හෝ පුද්ගලයන් සිටිය නොහැක.

පිලිකුලට ලක්වූ බුෂ් පරිපාලනය යටතේ ඉරාකය සහ ඇෆ්ඝනිස්ථානය තුල සිදු වූ යුධ අපරාධ හෙලිදරව් කිරීම විකිලීක්ස් වෙබ් අඩවියට එක දෙයක් විය. අනෙක් වැදගත්ම දෙය වූයේ ස්වාධීන සහ විවේචනාත්මක මාධ්‍ය හරහා තොරතුරු පල කිරීම මගින් මහජන විප්ලවවාදී නැගී සිටීමකට ආවේගය සැපයීම හරහා ආන්ඩු හෙලා ධනේශ්වර ලාභ පද්ධතියම තර්ජනයට ලක්කිරීමයි.

මෙම දක්ෂිනාංශික සංවිධාන අසාන්ජ්ට කෙරෙන හිංසාව අනුමත කරන නිහඩ පිලිවෙතක් අනුගමනය කරන අතර මාධ්‍ය වේදියා සඳහා වූ සහය කම්කරුවන්, තරුණ ජනතාව සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාවට කැපවූ සියල්ලන් අතර වර්ධනය වෙමින් පවතී. ඔස්ට්‍රේලියාවේ සමාජවාදී සමානතා පක්ෂය අසාන්ජ්ව නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් සිඞ්නි නගරයේ මාර්තු 03 වන දා සහ මෙල්බර්න් නගරයේ මාර්තු 10 වනදා විරෝධතාවයක් සංවිධානය කරමින් සිටී. ඉක්වදෝර් තානාපති කාර්යාලයෙන් පිටව ඔස්ට්‍රේලියාවට යලි පැමිනීමට අසාන්ජ්ට ඉඩ දෙන ලෙස බ්‍රිතාන්‍යයට බල කිරීමට සිය රාජ්‍ය තාන්ත්‍රික සහ නෛතික බලය උපරිමයෙන් යොදා ගනිමින් ඔස්ට්‍රේලියානු රජය තමාගේම පුරවැසියෙකු වධ හිංසාවට පත්කිරීම සම්බන්ධ සිය සහයෝගීතාව අවසන් කොට ඒ සඳහා වහාම මැදිහත් විය යුතු බවට මෙම විරෝධතා රැලි මගින් අවධාරනය කරනු ඇත.

සසප පෙලපාලි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන සප්‍රතිපත්තික පුද්ගලයන්ගේ, ප්‍රකාශකයන්ගේ සහ සංවිධාන වල වැදගත් සහයක් දිනා ඇත. මාර්තු 3 වන දා සිඞ්නි වලදි රුලිය ආමන්ත්‍රනය කරනු ඇති අයට ජෝන් පිල්ජර් සහ සිවිල් අයිතීන් පිලිබද උපදේශක මහාචාර්ය ස්ටුවර් රීස් ද ඇතුලත් වේ. එයට ගායකයෙකු සහ ගීත රචකයෙකු වන රොජර් වෝටර්ස්, ස්වාධීන මාධ්‍යවේදී ක්‍රිස් හෙජස්,එලිසබෙත් වොස් සහ ජෝ ලවුරියා මෙන්ම අසාන්ජ්ගේ නිදහස වෙනුවෙන් සටන් කරන පලල් විකිලීක්ස් ආරක්ෂක සංවිධානය ද ඇතුලත් වේ.

සිය අසාන්ජ්ව ආරක්ෂා කර ගැනීම තුල සමාජවාදී සමානතා පක්ෂය, පාලක පන්තිය විසින් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ගෝලීය ප්‍රහාරයක් දියත් කරන මුව විට, ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව වෙනුවෙන් බලගතු මහජන බලය කම්කරු පන්තිය වන බව අවධාරනය කොට ඇත.

එක්සත් ජනපදයේ ගුරුවරුන්ගේ සිට මෙක්සිකෝවේ වාහන අමතර කොටස් නිශ්පාදන කම්කරුවන්, ඉන්දියාවේ රාජ්‍ය අංශයේ කම්කරුවන් දක්වා ලෝකය පුරාම කම්කරුවන් වැඩ වර්ජන සහ අරගල මාලාවකට සම්බන්ධව සිටී. මෙම වැඩවර්ජන ව්‍යාපාර පලල් වන හෙයින් ඒවා වේගයෙන් දේශපාලන ඉල්ලීම් මතු කල යුතු අතර මතු කරනු ඇත. වැදගත්ම දේ අතර ප්‍රකාශනයේ නිදහස සහ සත්‍ය දැන ගැනීමේ අයිතිය පවතිනු ඇත. ජූලියන් අසාන්ජ් නිදහස් කර ගැනීම සදහා වූ සටන ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කිරීමට අත්‍යාවශ්‍ය වේ. අරගලයට පිවිසෙන කම්කරු මහජනතාව විසින් එය භාරගත යුතු අතර ඔවුන් එය භාරගනු ඇත.

ජේම්ස් කොගන්

Share this article: