ඉන්දියාව හා පකිස්තානය විනාශකාරී යුද්ධයක් දෙසට ලුහුටා යයි

India and Pakistan tobogganing toward a catastrophic war

2019 මාර්තු 2

දකුනු ආසියාවේ ප්‍රතිමල්ලව න්‍යෂ්ටික ව සන්නද්ධ රාජ්‍යයන් දෙක වන ඉන්දියාව හා පකිස්තානය පූර්න-පරිමාන මිලිටරි ගැටුමක් අද්දර වැනෙමින් සිටී. පෙබරවාරි 26දා උදෑසන පූර්ව කාලයේ ඉන්දියානු යුද යානා 1971 ඉන්දු-පකිස්තාන යුද්ධයේ පටන් පලමු වරට පකිස්තානයට ප්‍රහාර එල්ල කලේ ය. පකිස්තානය ඇතුලතට පහර දෙමින්, කාෂ්මීරයේ ඉන්දියාව විසින් පාලනය කරන කොටසේ බෙදුම්වාදී කැරලිකාරීත්වයේ නිරත ව සිටින ඉස්ලාමීය කන්ඩායමක් වන ජායිෂ්-ඉ-මොහොමඞ්හි ප්‍රධාන “ත්‍රස්තවාදී කඳවුර” යි නව දිල්ලිය කියා සිටින දෙය එම ප්‍රහාර විසින් විනාශ කලේ ය.

ව්‍යාකූලත්වයේ කෙටි කාලයකට පසුව, ඉන්දියානු ප්‍රහාරයේ විනාශය හා මූලෝපායික ගම්‍යයන් තක්සේරු කල ඉස්ලාමාබාදය, ශක්තිමත් මිලිටරි ප්‍රතිචාරයක් දක්වන බවට සපථ කලේය. කාෂ්මීර කැරලිකාරී ප්‍රහාරයන්ට ප්‍රතිප්‍රහාරයක නාමයෙන් වේවා, ඒවා පූර්වභංග කිරීමේ අටියෙන් වේවා, පකිස්තානයට ඇතුලතට නීති-විරෝධී එක්සත් ජනපද හෝ ඊස්රායල පන්නයේ ප්‍රහාර “සාමාන්‍යකරනය” කිරීමට පකිස්තානය අවසර නො දෙන බව එය ප්‍රකාශ කලේ ය.

ඊලඟ දිනයේ, ඉන්දීය ජම්මු හා කාෂ්මීර ප්‍රාන්තය අරබයා ඉන්දීය හා පකිස්තාන යුද යානා බලුපොරයක නිරත වූයේ, නව දිල්ලිය විසින් ඉන්දීය මිලිටරි කඳවුරු මත අසාර්ථක ප්‍රහාරයක් යයි කියා සිටි ප්‍රහාරයක් ඉස්ලාමාබාදය විසින් දියත් කිරීමෙන් අනතුරු ව ය. පෙබරවාරි 27 ගැටුමේ දී දෙපාර්ශවය ම අඩු තරමින් එක් සතුරු යානයක් වත් බිම හෙලූ බව කියා සිටින්නේ, ඉස්ලාමාබාදය සිය කියාපෑම තහවුරු කිරීමට අල්ලාගත් ඉන්දියානු ගුවන් නියමුවෙකු ඉදිරිපත් කරන අතරවාරයේදීය.

එක්සත් ජනපදය, චීනය, රුසියාව හා අනෙකුත් ලෝක බලයෝ මහා පරිමාන යුද්ධයක් (උපමහාද්වීපයට පමනක් “සීමා” වුවත් විනාශකාරී න්‍යෂ්ටික ගැටුමක් බවට ක්ෂනික ව වර්ධනය විය හැකි යුද්ධයක් ලෙස ඔවුන් පිලිගන්නා දෙය) පුපුරා යාම වැලැක්වීමට දැන් ප්‍රසිද්ධියේ පොරවැදී සිටිති. පෙන්ටගනයේ භාෂිතයෙන් කියන්නේ නම්, “මූලෝපායික තරඟකාරීත්වයේ නව යුගය” තුල සිර වී සිටින මහා බලයන්, සංයමය පිලිබඳ ව උපදෙස් දෙමින් හා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් වෙමින් පවා, දකුනු ආසියානු යුද අර්බුදය ඔවුන්ගේ ම භූ-මූලෝපායික අවශ්‍යතා ඉදිරියට දැමීම සඳහා යොදාගැනීමට උත්සාහ දරමින් සිටී.

විශේෂයෙන් ම වොෂින්ටනය, චීනය රාජ්‍ය තාන්ත්‍රික ව හා මිලිටරිමය ලෙස වටකිරීමේ සිය උත්සාහයන් දුරදිග ගෙන යාමට වත්මන් අර්බුදය යොදාගෙන ඇත. පකිස්තානයට ඉන්දියාව එල්ල කල ප්‍රහාරය “ස්වයං-ආරක්ෂාව” සඳහා වන්නක් ලෙස ප්‍රසිද්ධියේ අනුමත කල වොෂින්ටනය, ඉන්දු-එක්සත් ජනපද “ගෝලීය මූලෝපායික හවුල්කාරීත්වයේ” ශක්තිය අවධාරනය කිරීමට වත්මන් අර්බුදය යොදාගනිමින් සිටී.

නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ හින්දු අධිපතිවාදී බීජේපීය ද ඉස්ලාමීය ජනතාවාදී ඉම්රාන් කාන් ද විසින් නායකත්වය දෙනු ලබන රාජ්‍යයන් දෙක අරක් ගත් එකිනෙකට සම්බන්ධ සමාජ-ආර්ථික හා දේශපාලනික අර්බුදයන් වත්මන් තත්ත්වයේ පුපුරනසුලු භාවයට එකතු වී තිබේ.

රැකියා, සංවර්ධනය හා සමාජ පිරිවැය ඉහල දැමීම ගැන පොරොන්දු වෙමින් යන්තම් මාස හතකට පෙර පකිස්තාන අගමැති ලෙස පත් වූ කාන්ගේ ජනප්‍රියත්වය, ඔහුගේ ආන්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනවන කප්පාදු ක්‍රියාවට දැමීම නිසා ඇදවැටීම ඔහු දැකගෙන ඇත. අප්‍රේල්-මැයි මාසවල අවදි කිහිපයකින් පැවැත්වෙන ඉන්දියාවේ මැතිවරනයේ දී ඡන්ද ගරාගැනීම සඳහා මෝදි හා ඔහුගේ බීජේපීය යුද අර්බුදය ලජ්ජා විරහිත ලෙස යොදාගනිමින් සිටිති. ආන්ඩුව පිලිබඳ සියලු විවේචන නතර නො කිරීම සහ පකිස්තානය සමග ඉන්දියාවේ සබඳතාවල දී “ශක්තිමත් මිනිසෙකු වූ” මෝදි විසින් “මූලෝපායික සංයමයේ” විලංගු ඉවත විසිකිරීම පිලිබඳ ව හුරේ නො දැමීම මගින් “ජාතික සමගිය” අනතුරේ හෙලීම ගැන බීජේපීය විරුද්ධ පක්ෂයන්ට චෝදනා කරමින් සිටී.

මිලිටරියේ, සංගත මාධ්‍යවල හා තථ්‍ය වසයෙන් සමස්ත විපක්ෂයේ සම්පූර්න සහයෝගය සහිත ව මෝදි ආන්ඩුව සාකච්ඡා පිලිබඳ කාන්ගේ යෝජනා ප්‍රතික්ෂේප කර ඇත. වසර ගනනාවක් තිස්සේ කර ඇති පරිදි නව දිල්ලිය අවධාරනය කරන්නේ, කාෂ්මීර කැරලිකාරීත්වය වෙත පකිස්තානයෙන් දෙන සියලු ප්‍රවර්ධන පහසුකම් කපාහරින ලෙස නව දිල්ලිය කරන ඇනවීම්වලට ඉස්ලාමාබාදය ප්‍රදර්ශනීය ලෙස යටත් වන තෙක්, ඉන්දියාව හා පකිස්තානය අතර “සාම සාකච්ඡා” තබා ඉහල-පෙලේ අන්තර්-ක්‍රියාකාරීත්වයක් වත් සිදු නො වනු ඇති බව යි.

න්‍යෂ්ටික විනාශයක් සූදානම් කරමින් පවත්නේ ද?

න්‍යෂ්ටික ව සන්නද්ධ රාජ්‍ය දෙකක් අතර එදා මෙදාතුර පලමු යුද්ධය විය හැකි දෙයෙහි අන්තරාය කිසිවකු විසින් අවතක්සේරු නො කල යුතු ය. පකිස්තාන දේශසීමාව මත ඉන්දීය භටයන් මිලියනයක් මාස නවයක් තිස්සේ දිගේලි කර තිබුනු 2001-2002 යුද අර්බුදයේ පටන්, රටවල් දෙක ම, ක්ෂනික පුපුරා යාමක් කරා ධාවනය වීමේ ගතිකය සහිත ව බිය ජනක මූලෝපායන් වර්ධනය කරගෙන ඇත. පෙරමුනු කිහිපයකින් පකිස්තානය ආක්‍රමනය කිරීමට ඉන්දියානු හමුදාවන් ක්ෂනික ව බලමුලුගැන්වීම සඳහා කැඳවුම් කරන ඉන්දියාවේ සීතල ආරම්භක මූලෝපායට ප්‍රතිචාර ලෙස, ඉස්ලාමාබාදය උපායාත්මක හෝ සටන් ක්ෂේත්‍ර න්‍යෂ්ටික ආයුධ දිගේලි කර ඇත. ඊට ප්‍රතිචාර වසයෙන් ඉන්දියාව සංඥා කර ඇත්තේ, පකිස්තානය විසින් කුමන අයුරකින් හෝ උපායික න්‍යෂ්ටික අවි භාවිතා කිරීමක්, “මූලෝපායික පර්යන්තය” බිඳ හෙලමින් න්‍යෂ්ටික අවි “පලමුව භාවිතා නො කිරීමේ” පොරොන්දුවෙන් ඉන්දියාව නිදහස් කොට, මූලෝපායික න්‍යෂ්ටික ප්‍රතිප්‍රහාරයකට මුහුන දෙනු ඇති බව යි.

මේ සියල්ල රඟදක්වනු ඇත්තේ සාපේක්ෂ ව කුඩා, ජනගහනය බහුල ප්‍රදේශයක ය. පකිස්තානයේ දෙවන විශාලතම නගරය වන මිලියන 11කට අධික ජනගහනයක් සිටින ලාහෝරයේ කේන්ද්‍රය පිහිටා ඇත්තේ ඉන්දියානු දේශසීමාවේ සිට කිලෝමීටර 20කට (සැතපුම් 12.5ක්) යන්තම් වැඩි දුරකිනි. නව දිල්ලියේ සිට ඉස්ලාමාබාදය දක්වා දුර බර්ලිනය හා පැරීසිය හෝ නිව් යෝක් හා ඩිට්‍රොයිට් අතර දුරට වඩා බොහෝ සෙයින් අඩු අතර, න්‍යෂ්ටික මිසයිල විසින් මිනිත්තු කිහිපයක් තුල එම දුර ගෙවා දමනු ඇත.

ඉන්දියාව හා පකිස්තානය අතර න්‍යෂ්ටික ගැටුමක් හුදෙක් දකුනු ආසියාවේ කෝටි ගනනක් මරා දමනු ඇතුවා පමනක් නො වේ. “න්‍යෂ්ටික සිසිරය” පිලිබඳ ව 1980 ගනන්වල දී ලෝකයට අනතුරු ඇඟවූ විද්‍යාඥයන් විසින් මෙහෙයවූ 2008 පරිඝනක ආකෘතියක්, ඉන්දු-පකිස්තාන යුද්ධයක දී හිරෝෂිමා-පරිමානයේ න්‍යෂ්ටික අවි සියයක් පිපිරවීම, විශාල නගර විනාශ කිරීම හේතුවෙන් ගෝලීය කෘෂිකර්මාන්තය බිඳ වට්ටවන තරමේ දුම් හා අලු ඉහල වායුගෝලයට මුදාහරිනු ඇතැයි නිගමනය කලේ ය. දකුනු ආසියාවේ “සීමිත” න්‍යෂ්ටික යුද්ධයකින් පසුව එලඹෙන මාසවල දී බිලියන ගනන් මරනයට පත්වීමට මෙය හේතුවනු ඇතැයි ඔවුහු අනාවැකි පල කල හ.

නවතම යුද අර්බුදයේ ක්ෂනික ප්‍රතිඵලය (ඊලඟ දවස් හෝ සතිවල සිද්ධීන් පහසුවෙන් ම පාලනයෙන් ගිලිහී යා හැකි ය) කුමක් වුවත්, එය ආදර්ශනය කරන්නේ පශ්චාත් යුද භූ-දේශපාලනික පර්යාය බිඳවැටෙන්නේ කෙසේදැයි යන්නත්, ඉන් ප්‍රතිඵල වන අධිරාජ්‍යවාදී එදිරිවාදුකම් හා අන්තර්-රාජ්‍ය ප්‍රතිමල්ලවතාව විසිවන ශතවර්ෂයේ -ධනවාදය මානව වර්ගයා ලෝක යුද්ධ දෙකක්, ෆැසිස්ට්වාදය හා ගනන් නැති තවත් භීෂනයන් හරහා ගෙනයාම මගින් සමාජවාදී විප්ලවයේ අභියෝගය මැද ධනවාදය නො නැසී පැවතුනු ශතවර්ෂයේ -සියලු නො විසඳුනු ගැටුම් හා ගැටලු දල්වාලමින් තිබෙන්නේ කෙසේ ද යන්නත් ය.

උප-මහාද්වීපය බෙදීම හා ජාතික ධනේශ්වරයේ ඓතිහාසික අසමර්ථතාව

ඉන්දු-පකිස්තාන ගැටුම මුල් බැස තිබෙන්නේ, දකුනු ආසියාවෙන් වෙන් වී යමින් සිටි බ්‍රිතාන්‍ය ස්වාමීන් සහ ඉන්දියානු ජාතික කොංග්‍රසයේ හා මුස්ලිම් ලීගයේ නියෝජිතයන් වූ දේශීය ධනේශ්වරයේ ප්‍රතිමල්ලව කන්ඩායම් විසින් සිදු කල අපරාධයක් වන, මුස්ලිම් ලෙස හංවඩු ගැසුනු පකිස්තානය හා හින්දු ආධිපත්‍යධාරී ඉන්දියාව බවට 1947 දී උපමහාද්වීපය වාර්ගික ව බෙදීම තුල යි.

ඓතිහාසික, සංස්කෘතික හා ආර්ථික තර්කනය ප්‍රතික්ෂේප කල බෙදා වෙන්කිරීම, මිලියන දෙකක් ජනයා ඝාතනය කරමින් තවත් මිලියන 18ක් දෙනා ඉන්දියාවෙන් පකිස්තානයට හෝ අනෙක් අතට පලාගිය වාර්ගික ප්‍රචන්ඩත්වයේ ගිනි ජාලාවක් මුදා හැරියේ ය. ඊට කලින් දශක තුන තුල දකුනු ආසියාව සිසාරා ගිය මහජන අධිරාජ්‍ය-විරෝධී පුනර්ජීවනය ලේවැකි අන්තයකට ගෙන එමින් ඉන්දියාවේ හා පකිස්තානයේ ප්‍රතිමල්ලව පාලක ප්‍රභූන්ගේ නරුම අවශ්‍යතාවන්ට සේවය කල බෙදීම, ලන්ඩනය සමග වූ නිදහස සමඟ බෙදා වෙන්කිරීම එකවිට සිදුවූ ගනුදෙනුවේ කොටසක් ලෙස, වඩ වඩා සටන්කාමී වූ කම්කරු පන්තියෙන් එන තර්ජනයට මුහුන දීමේ හැකියාව සහිත බ්‍රිතාන්‍ය-විජිතවාදී ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රනයක පාලනය ඔවුන්ට ලබා දුන්නේ ය.

මහජනතාවන්ගේ ගැටලුවලට කිසිදු ප්‍රගතිශීලී විසඳුමක් සොයාගැනීමට අසමත් වූ ඉන්දීය හා පකිස්තානු ධනේශ්වරය, සමාජ කෝපය ප්‍රතිගාමී දිශාවන් ඔස්සේ අපසරනය කිරීමේ යාන්ත්‍රනයක් ලෙස පසුගිය දශක හත තිස්සේ ඔවුන්ගේ මූලෝපායික ප්‍රතිමල්ලවතාව හා වාර්ගික ව ප්‍රේරිත ජාතිකවාදී ආයාචනාවන් යොදාගෙන ඇත.

ඔවුන්ගේ පොදු බංකොලොත්භාවයට සාක්ෂිය වන්නේ කාෂ්මීරය නමැති විවෘත තුවාලය යි. ඉන්දියාවේ එකම මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රාන්තය වන ජම්මු කාෂ්මීරයේ ජනයා, ඉන්දීය ධනේශ්වරය විසින් දශක තුනක මිලිටරි වාඩිලාගැනීමට යටත් කොට ඇති අතර, මුස්ලිම්-විරෝධී ජනඝාතනයට සම්බන්ධ දේශපාලන පක්ෂයක් හා අගමැතිවරයෙක් සිටීම එම ධනේශ්වරය විසින් පසසනු ලබන අතරම එම ප්‍රාන්තයේ ඉන්දීය පාලනය කෙරෙහි සංගතික මහජන අතෘප්තිය පිලිබඳ සන්ත්‍රාසය ප්‍රකාශයට පත් වේ.

පකිස්තානයේ දූෂිත පාලක ප්‍රභූව සලකන කල, එය විසින් පාලනය කරන කාෂ්මීර වැසියන්ගේ අයිතීන් පාගා දමන රලු පාලනයක් ගෙනයන අතර, අතිශයින් ම ප්‍රතිගාමී ඉස්ලාමීය අවයව ඉදිරියට ගෙන ඒම සඳහා ජම්මු කාෂ්මීරයේ විරෝධය මත උපාමාරු දමා තිබේ.

යුද්ධයට හා අධිරාජ්‍යවාදයට එරෙහි කම්කරු පන්තිය නායකත්වය දෙන ව්‍යාපාරයක් සඳහා

පසුගිය දශක දෙක පුරා ඉන්දු-පකිස්තාන ගැටුමේ ස්වභාවය පරිවර්තනය වී ඇත. එක්සත් ජනපද-චීන ගැටුම සමග වඩ වඩා ගැලවී ගත නො හැකි ලෙස පටලැවී ඇති එයට, ඒ හේතුවෙන් යෝධ නව පුපුරනසුලු ආරෝපනයක් ලැබී ඇත්තේ, ඉන්දු-පකිස්තාන ගැටුමකට ලෝකයේ මහා බලවතුන් ඇදගත හැකි වීමේ තර්ජනය මතු කරමිනි.

වර්තමාන ශතවර්ෂය ආරම්භයේ පටන්, ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් දෙවර්ගයේ ම පරිපාලනයන් යටතේ වොෂින්ටනය ආක්‍රමනශීලී ලෙස ඉන්දියාව වැලඳගෙන ඇත්තේ, නව දිල්ලිය එහි මූලෝපායික න්‍යාය පත්‍රයට ඈඳාගැනීමේ ඉලක්කය සහිත ව දියුනු සිවිල් න්‍යෂ්ටික ඉන්ධන හා තාක්ෂනයන්ට ද දියුනු එක්සත් ජනපද අවිවලට ද ප්‍රවේශය ලබාදීම ඇතුලු මූලෝපායික අනුග්‍රහයන් ප්‍රදානය කරමිනි.

චීනයේ ආර්ථිකයට ඉන්ධන සපයන තෙල් හා අනෙකුත් සම්පත්වලට මෙන් ම යුරෝපය, ආසියාව හා මැද පෙරදිග වෙත එහි අපනයන සඳහා ජලමාර්ගය වන ඉන්දියානු සාගරයට සහ දකුනු ආසියාවට එක්සත් ජනපද යුද සැලසුම්කරුවන් ඈඳන වැදගත් කම, එක්සත් ජනපදයේ පැසිෆික් බලකාය මෑත දී ඉන්දු-පැසිෆික් බලකාය ලෙස යලි නම් කිරීම මගින් අවධාරනය කෙරිනි.

එක්සත් ජනපද යුද යානා හා නෞකාවන්ට ඉන්දියාවේ කඳවුරු විවෘත කිරීම සහ එක්සත් ජනපදය හා ප්‍රධාන කලාපීය සගයන් වන ජපානය හා ඕස්ටේ්‍රලියාව සමග ඉන්දියාවේ ඉහල යන ද්වි-පාර්ශවික, ත්‍රෛ-පාර්ශවික හා චතුර්-පාර්ශවික මූලෝපායික හවුල්කාරීත්වය මගින් තහවුරු කරන ආකාරයට, චීනයට එරෙහි එක්සත් ජනපදයේ මිලිටරි-මූලෝපායික ප්‍රහාරයේ සැබෑ “පෙරමුනු රාජ්‍යයක්” බවට මෝදි යටතේ ඉන්දියාව පරිවර්තනය කරනු ලැබ ඇත.

සීතල යුද සමයේ වොෂින්ටනයේ ප්‍රධාන දකුනු ආසියානු සගයා වූ ඉස්ලාමාබාදය, වඩ වඩා උච්ඡ හඬින් අනතුරු අඟවා ඇත්තේ එක්සත් ජනපද ක්‍රියාවන් මගින් කලාපයේ “බල තුලනය” බිඳ දමා, ඉන්දියාව දිරිමත් කර ඇති බව වුවත් ඉන් ප්‍රත්පලයක් අත්වී නැත.

එහි ප්‍රතිඵලයක් ලෙස, පකිස්තානය ද වැඩෙන ඉන්දු-එක්සත් ජනපද සන්ධානය කෙරෙහි ඒ හා සමාන ව බිය වන චීනය සමග එහි දීර්ඝ-කාලීන මිලිටරි-මූලෝපායික හවුල්කාරීත්වය නාටකාකාරී ලෙස ශක්තිමත් කරගෙන ඇත.

මේ අවස්ථාවේ දකුනු ආසියානු යුද්ධයක් තම ගෝලීය අරමුනුවලට හරහට හිටිතැයි යන ගනන් බැලීම මත වර්තමාන ඉන්දු-පකිස්තාන ආතතීන් සමහන් කිරීමට එක්සත් ජනපදය උත්සාහ දරද්දී පවා, එය එසේ කරන්නේ අවසානයේ චීනය යටත් කරගැනීම ඇතුලු ලෝක ආධිපත්‍යය සඳහා වන එහි ධාවනයේ රාමුව යටතේ ය. මෙම ධාවනයේ කොටසක් ලෙස, චීනයේ “එක් තීරුවක් (කලාපයක්) හා එක් මාවතක්” (බෙල්ට් ඇන්ඞ් රෝඞ්) ආරම්භකත්වයේ ආධාරකයක් බවට පකිස්තානය පත් කරගැනීමේ චීනයේ උත්සාහයනුත්, විශේෂයෙන් ම ඉන්දියන් සාගරය හා දකුනු චීන මුහුදේ “මර්මස්ථාන” අල්ලාගැනීම මගින් චීනය ආර්ථික ව වටලෑමේ එක්සත් ජනපද සැලසුම්වලට වලකැපීමට චීන-පකිස්තාන ආර්ථික කොරිඩෝව යොදාගැනීම වැලැක්වීමටත් තමන් අධිෂ්ටානවත් බව වොෂින්ටනය පැහැදිලි කර ඇත.

පාලක ප්‍රභූවේ අපරාධකාරී යුද සූදානම් වීම්වලට විරුද්ධ ව ඉන්දියාවේ හා පකිස්තානයේ කම්කරුවන් හා පීඩිතයන් ඒකාබද්ධ විය යුතු ය.

ලෝකය පුරා මෙන් දකුනු ආසියාවේ ද යුද්ධයට එරෙහි අරගලය, ධනවාදයට එරෙහි අරගලයෙන් වෙන් කල නො හැක; එනම් ලෝකය යලි බෙදාගැනීම සඳහා වන ධාවනය තුල අවසන් ප්‍රකාශනය සොයාගනු ඇත්තා වූ, වෙලඳපොලවල්, ලාබ හා මූලෝපායික වාසි තකා ජාතික ව පදනම් වන ප්‍රතිමල්ලව ධනේශ්වර කල්ලි ගෙන යන කෑදර අරගලයටත්, ධනවාදය ඓතිහාසික ව මුල් බැස ඇති දකුනු ආසියාවේ නම් වාර්ගික ව ප්‍රේරිත යල් පැනගියා වූ ජාතික රාජ්‍ය පද්ධතියටත් එරෙහි අරගලය යි.

ධනේශ්වරයෙහි යුද්ධයේ, කප්පාදුවේ හා වාර්ගික ප්‍රතිගාමීත්වයේ ක්‍රියාමාර්ගයට එරෙහි ව, දකුනු ආසියාවේ කම්කරුවන් හා සමාජවාද-හිතැති තරුනයන්, ගෝලීය යුද-විරෝධී ව්‍යාපාරයක කොටසක් ලෙස යුද්ධයට හා අධිරාජ්‍යවාදයට එරෙහි ව කම්කරු පන්තිය නායකත්වය දෙන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු ය.

එවැනි ව්‍යාපාරයක් ගොඩනැගිය හැක්කේ ඉන්දියාවේ ස්ටැලින්වාදී පාර්ලිමේන්තු පක්ෂ වන ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය හෙවත් සීපීඑම් හා ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයටත් (සීපීඅයි) ගනන් නැති මාඕවාදී කන්ඩායම්වලටත් එරෙහි දේශපාලන අරගලයක් හරහා පමනි. බීජේපීයේ යුද අර්බුද “සර්ව පාක්ෂික” රැස්වීම්වලට සහභාගි වීම හරහා සීපීඑම් හා සීපීඅයි යලි වතාවක් ප්‍රදර්ශනය කර ඇත්තේ, ඒවා වනාහි විනාශකාරී යුද්ධයක අන්තරාය අභිමුව මහජනයා අන්ධ කිරීමට උදවු වන ස්වෝත්තමවාදී, මිලිටරි-හිතවාදී පක්ෂ බව යි. විශේෂයෙන් ම කොංග්‍රස් පක්ෂය නායකත්වය දෙන ආන්ඩු ඇතුලු නව-ලිබරල් ප්‍රතිසංස්කරන ක්‍රියාවට දමන, ඉන්දු-එක්සත් ජනපද සන්ධානය ලුහු බැඳ යන හා ධනේශ්වරයේ මහා බල අභිලාෂයන් ලුහුබැඳීමේ දී ඉන්දියාවේ මිලිටරි ශක්තිය ක්ෂනික ව ප්‍රසාරනය කර ඇති ආන්ඩුවලට මුක්කුව දීම මගින්, ඔවුන් දශක ගනනාවක් තිස්සේ ඉන්දියානු දේශපාලන සංස්ථාපිතයේ ඒකාග්‍ර කොටසක් ලෙස ක්‍රියාකර ඇත. ජාතිකවාදයේ ගිලී සිටින මාඕවාදීහු කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා වන අරගලයට හතුරු ය.

අද දින හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් නියෝජනය කරන ලෙනින් හා ට්‍රොට්ස්කිගේ ජාත්‍යන්තර සමාජවාදය සහ කම්කරු බලය හා දකුනු ආසියානු සමාජවාදී සමූහාන්ඩු සංගමයක් ගොඩනැගීම මගින් බෙදා වෙන්කිරීම අහෝසි කිරීමට පහලින් කරන අරගලයක් හරහා, ඉන්දියාවේ හා පකිස්තානයේ කම්කරුවෝ ධනවාදී යුද්ධයට හා ප්‍රතිගාමීත්වයට විකල්පය සොයා ගනු ඇත.

කීත් ජෝන්ස්

Share this article: