‘අසාන්ජ් නිදහස් කරනු’ මාර්තු 3 රැලියේ දේශපාලන පාඩම්

The political lessons of the March 3 Free Assange rally

2019 මාර්තු 5

සමාජවාදී සමානතා පක්ෂය (ඔස්ට්‍රේලියාව) විසින් මාර්තු 3 වන දා සිඩ්නි නගරයේදී සංවිධානය කරන ලද රැලිය, වධ හිංසාවට ලක්වූ වීකිලීක්ස් ප්‍රකාශක ජුලියන් අසාන්ජ් ගේ නිදහස සුරක්ෂිත කිරීම සඳහා වන සටනේ, තීරනාත්මක ඉදිරි පියවරක් නියෝජනය කලේය.

සියගනනක් දෙනා මාටින් ප්ලේස් රංගපීඨයට ඒකරාශී වී සිටි අතර සසප නියෝජිතයන් සහ ජෝන් පිල්ජර්, සිවිල් අයිතීන් පිලිබඳ ක්‍රියාකාරිකයෙකු වන මහාචාර්ය ස්ටුවර්ට් රීස් සහ කොන්සෝටියම් නිව්ස් හී ප්‍රධාන කතෘ ජෝ ලෝරියා වැනි ප්‍රමුඛ අසාන්ජ්, විකිලීක්ස් සහ භාෂනයේ නිදහසේ ආරක්ෂකයන් විසින් ඔවුන්ව ආමන්ත්‍රනය කරන ලදී.

රැලිය වෙනුවෙන් පැවති උද්ඝෝෂනය, අනෙකුත් අර්ථභාරී මාධ්‍යවේදීන්ගෙන්, පින්ක්-ෆ්ලොයිඩ්හී සම-ආදිකතෘ රොජර් වෝටර්ස්ගෙන් සහ ජුලියන්ගේ මව වන ක්‍රිස්ටීන් අසාන්ජ් ඇතුලු ඕස්ට්‍රේලියාවේ සහ ජාත්‍යන්තර වශයෙන් සිටින අසාන්ජ් ගේ සහ වීකිලීක්ස් හී වඩාත්ම නොසැලෙන ආරක්ෂකයන්ගෙන්, ක්‍රියාකාරී අනුමැතියක් දිනා ගන්නා ලදී. ඕස්ට්‍රේලියානු දේශපාලන සහ මාධ්‍ය සංස්ථාපිතය විසින් සිදු කරන සම්පූර්න වාරනය හමුවේ, රැලිය සමාජ මාධ්‍ය සහ ස්වාධීන ප්‍රවෘත්ති වෙබ් අඩවි හරහා ප්‍රවර්ධනය කෙරුනි.

එම රැලිය මාර්තු 3 වනදාම ෆෙස් බුක්, ටුවිටර් සහ ඉන්ස්ටර්ග්‍රෑම් හරහා ලෝකයේ නොයෙකුත් ප්‍රදේශවල සිට දහස් ගනනක් මිනිසුන් විසින් නරඹන ලදී. පසුගිය පැය 48 ඇතුලත රැලිය සම්බන්ධ වාර්තා සහ අදහස් දැක්වීම් දස දහස් ගනනක් මිනිසුන් විසින් නරඹා ඇත. රැලියේ පැවැත්වූ දේශනයන් සහ ඒවායින් උපුටා ගත් කොටස්, මූලාශ්‍ර ගනනාවක පල කෙරී ඇති අතර පුලුල් ආකාරයෙන් සංසරනය වෙමින් පවතී.

මාර්තු 10 වෙනිදා, මෙල්බන් ප්‍රාන්ත පුස්තකාලයේ සහ අසාන්ජ් ව අත්තනෝමතිකව රඳවාගෙන සිටින ලන්ඩනයේ පිහිටි ඉක්වදෝරියානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට නියමිත රැලි, ඒ හා සමානම උද්‍යෝගයකින් සහ අධිෂ්ඨානයකින් යුතුව ප්‍රවර්ධනය කරමින් සිටී.

සසප ජාතික ලේකම් ජේම්ස් කොගන් මාර්තු 3 වනදා සිය කතාව අවසාන කරමින් කියා සිටි ආකාරයට “අද දින මෙතන සිටින සහ අන්තර්ජාලය හරහා සම්බන්ධ වන අප මහජන උද්ඝෝෂනයක ආරම්භය නියෝජනය කරයි. අපි ජුලියන් අසන්ජ් හට පැහැදිලි පනිවුඩයක් අද දින යවන අතර ඔහුට එය ඇසෙනු ඇත - ඔබ තනිවී නැත. ඔබ අත්හැර දමා නැත, ඔබව අමතක කර දමා නැත. ඔබ නිදහස් වනු ඇත.”

විරෝධතාවය, එය කැඳවුම් කල නිශ්චිත මූලධර්මාත්මක දේශපාලන ඉදිරිදර්ශනයේ පදනම මත බලගතු ප්‍රතිචාරයක් දිනාගන්නා ලදී. රැලිය පදනම් වූයේ දේශපාලන සංස්ථාපිතයට සිදු කරන කැඳවුම් මත නොව, එක්සත් ජනපදයට බාර දීමට එරෙහිව සහතික වුනු ආරක්ෂාවක් සහිතව අසාන්ජ් වහා ඕස්ට්‍රේලියා බලා පැමිනීම සුරක්ෂිත කිරීමට, ඕස්ට්‍රේලියානු ආන්ඩුව තම රාජ්‍යතාන්ත්‍රික සහ නෛතික බලයන් පාවිච්චි කිරීම ඉල්ලා සිටීමට, කම්කරු පන්තිය විසින් ගන්නා ස්වාධීන ක්‍රියාමාර්ගයක් සඳහාය.

හතරවන ජාත්‍යන්තයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ඕස්ට්‍රේලියානු ශාඛාව වන සසප අවධාරනය කර ඇත්තේ ජුලියන් අසාන්ජ් නිදහස් කරගැනීම සඳහා සිදුකරන සටන, ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මත එල්ල කෙරෙන ප්‍රහාරයන්ගේ, සමාජ අසමානතාවයේ යෝධ මට්ටම් වල, නව යටත්විජිතවාදයේ සහ වර්ධනය වන යුද අනතුරේ ප්‍රභවය වන ධනේශ්වර ලාහ පද්ධතියට එරෙහිව කම්කරු පන්තිය විසින් ජාත්‍යන්තරව සිදුකරන පුලුල් සටනෙන් වෙන්කල නොහැකි බවයි.

අසාන්ජ් වැනි ප්‍රකාශකයන්ගේ අයිතීන් සහ භාෂනයේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කරගත හැක්කේ, ධනපති ගැති දේශපාලන පක්ෂ සහ ධනේශ්වර රාජ්‍යයට එරෙහිව, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම හරහා පමනි.

කම්කරු පන්තියට, සත්‍ය විශ්ලේෂන, ප්‍රවෘත්ති සහ රාජ්‍ය ප්‍රචාරනයන්, දූෂන සහ අපයෝජනය හෙලිදරව් කිරීම් සපයන අවංක “හතරවන බලයක්” පැවතීමේ අවශ්‍යතාවක් ඇත. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිව සමාජවාදය පැවතීමට නොහැකි ලෙසම සමාජවාදය නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදයටද පැවතිය නොහැක.

පැහැදිලිවම, වීකිලීක්ස් විසින් සිදුකරන තොරතුරු හෙලි කිරීම්, පහලින් පැමිනෙන මහජන කැලඹීමක් පුපුරා යාමට දායක වනු ඇතැයි එක්සත් ජනපදය (එජ) සහ අනෙකුත් ආන්ඩු, බිය වීම නිසා, 2010 දී අපරාධ චෝදනාවන් එල්ල කරමින් අසාන්ජ්ට, බොරු නඩු ඇටවීම සඳහා ඇමරිකානු රාජ්‍ය සංවිධාන සහ එහි ඒජන්සි පලිගැනීමේ මෙහෙයුමක් දියත් කරන ලදී. වීකිලීක්ස් විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද කේබල් පනිවුඩ, පසුව හොස්නි මුබාරක්ගේ එජ අනුග්‍රහය ලබන රෙජීමය පෙරලා දමමින් ඊජිප්තුව තුල 2011 පෙබරවාරි මස ඇතිවූ විප්ලවවාදී නැගීසිටීම තුල, භූමිකාවක් රඟ දැක්වූ ටියුනීසියාව තුල කම්කරු මහජනතාවගේ කැරැල්ලකට, හේතු වීමත් සමග මෙම භීතින් සනාථ විය.

2010 සිට, ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ හජාජාක විසින් වීකිලීක්ස් ආරක්ෂා කිරීම පදනම් වී ඇත්තේ, අසාන්ජ් නිහඬ කිරීමට සහ ඔහුව හිර කුටියකට හෝ ඊටත් වඩා අන්ත තැනකට තල්ලු කිරීමේ උත්සාහය, අන් සියල්ලටමත් වඩා, පොලඹවා ඇත්තේ, කම්කරු පන්තිය නූගත් ලෙස, අවමංගත කොට, බෙදා සහ මර්දනයට ලක් කොට තබා ගැනීමට වන පාලක පන්තියේ අධිෂ්ඨානය විසින්ය, යන පැහැදිලි අවබෝධය මතය.

ජේම්ස් කොගන් විසින් මාර්තු 3 වනදා සඳහන් කල ආකාරයට ජුලියන් අසාන්ජ් යනු වඩා ගැඹුරුම අර්ථයෙන් ගත් කල පන්ති යුද සිරකරුවෙකි.

කොගන්ගේ කතාව, තත්වය පරිනාමනය කරමින් සිටින සහ අසාන්ජ් ගේ නිදහස දිනා ගැනීමේදී තීරනාත්මක වන එකිනෙකට අන්තර් සම්බන්ධිත ක්‍රියාවලීන් දෙක කෙරෙහි අවධානය යොමු කලේය.

පලමුව කම්කරු පන්තිය, එය මර්දනය කර තිබූ දශක ගනනාවකට පසුව ජාත්‍යන්තර පන්ති අරගලයේ බලගතු පුනර්ජීවනයක් තුල ඉදිරියට එමින් සිටී. උදාහරන කිහිපයක් සැලකුවහොත්, 2018 ප්‍රමුඛ වර්ධනයන්ගෙන් පසුව 2019 වර්ෂයේ පලමු මාසයන් විසින්, දැනටත් ක්‍රියාත්මක ප්‍රන්ස ආන්ඩුව එහි හරයටම හොලවා දමා ඇති “කහ බැනියම්කරුවන්ගේ” ව්‍යාපාරය, එජ පුරා ගුරුවරුන්ගේ වැඩවර්ජන පුපුරා යාම, මෙක්සිකෝවේ මෝටර් රථ අමතර කොටස් කම්කරුවන්ගේ කැරැල්ල සහ චීනය, ඉන්දියාව සහ බ්‍රසීලයේ කම්කරුවන් අතර කැලඹීම, අත්විඳ ඇත.

තමන් මුහුනදෙන තත්වයන් සහ ධනවාදය යටතේ තමන්ට සහ තමන්ගේ දරුවන්ට ප්‍රදානය කෙරෙන අනාගතය, පිලිගැනීමට තමන් තවදුරටත් සූදානම් නැතැයි, සීග්‍රයෙන් ව්‍යාප්ත වන ජාත්‍යන්තර පෙරමුනක් තුල, කම්කරු පන්තිය සංඥා කරමින් සිටී. කම්කරු පන්තිය යහපත් ජීවන තත්වයක් වෙනුවෙන්, ප්‍රජාන්ත්‍රීය අයිතීන් වෙනුවෙන් සහ දේශගුනික විපර්යාසයේ සහ ලෝක යුද්ධයක අනතුර අවසාන කිරීම සඳහා සටන් කිරීමට පටන් ගනිමින් සිටී.

දෙවනුව, කම්කරු පන්තියේ නැවත මතුවීම සහ එහි බලයේ ආරම්භක නිරූපනයන් විසින්, ප්‍රජාතන්ත්‍රීය මූලධර්මයන් පිලිබඳ තමන්ගේ ඇති විශ්වාසය නොවෙනස්ව පවත්වාගෙන සිටි සහ මානව වර්ගයාගේ ඉරනම සම්බන්ධයෙන් අවංක ඕනෑකමක් ඇති බුද්ධිමතුන් සහ වෘත්තීයවේදී මධ්‍යම පන්තියේ කොටස් ධෛර්යමත් කොට ඇත. මෙම ස්ථරය, මාර්තු 3 රැලිය සඳහා වූ ජාත්‍යන්තර උද්ඝෝෂනය තුල, නිමක් නැති ආකාර හරහා සම්බන්ධ වූ මාධ්‍යවේදීන්, කලාකරුවන්, නීතීඥයන්, ශාස්ත්‍රාලිකයන් සහ අධ්‍යාපනඥයන්, වෛද්‍යවරුන්, විද්‍යාඥයන්, සහ තොරතුරු තාක්ෂන වෘත්තීයවේදීන් ඇතුලු විශාල පරාසයක මිනිසුන් විසින් නියෝජනය කෙරුනි.

පන්ති අරගලය වියුක්තයක් නොවේ. එය සමාජ වෙනසේ වෛෂයික ධාවක බලයි. යුදවාදයට සහ සමාජ අසමානතාවයට එරහිව, ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කරන සහ සියලු පන්ති යුද සිරකරුවන්ට නිදහස ඉල්ලා සිටින සමාජවාදී ඉදිරි දර්ශනයක් විසින් මෙහෙයවන ජාත්‍යන්තර පුලුල් දේශපාලන සහ කාර්මික ව්‍යාපාරයක් යනු සිදුකල හැකි දෙයක් වන අතර එය අත්‍යාවශ්‍යය. එජ, බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියානු ආන්ඩු ආසාන්ජ් හට හිංසා කිරීම වලක්වනු යන ඉල්ලීම මත එයට සිදුකල හැකි බලපෑම ප්‍රත්‍යක්ෂය.

මධ්‍යම පන්තියේ ප්‍රගතිශීලී ස්ථර වල කම්කරු පන්තිය කෙරෙහි ඇති ආකර්ෂනය, පන්ති අරගලය ප්‍රතික්ෂේප කරන සහ ඒ වෙනුවට ලිංගිකත්වය, වර්ගය, ලිංගික යොමුව, ජාතිය සහ වාර්ගික පසුබිම මත කම්කරුවන් භේද කිරීමට උත්සහ ගන්නා ප්‍රතිගාමී අනන්‍යතා දේශපාලන ව්‍යාජ බෙහෙත ප්‍රවර්ධනය කරන සංවිධාන වලට මුලුමනින්ම පටහැනිය.

ඔස්ට්‍රේලියාව තුල සහ ජාත්‍යන්තර වශයෙන් ව්‍යාජ වාම සංවිධාන අසාන්ජ්ගේ ආරක්ෂාව වෙනුවෙන් එක වචනයක් හෝ නැගීම ප්‍රතික්ෂේප කොට ඇත. තමන් විසින් වරප්‍රසාද, තරාතිරම සහ ධනය රැස්කරගන්නා පවතින ධනපති ක්‍රමයට, සිදු කරන කුමන හෝ අභියෝගයකට හතුරු, මධ්‍යම පන්තියේ ඉහල මට්ටම් තුල පදනම්වූ ප්‍රතිගාමී ප්‍රවනතාවයක් ඔවුන් නියෝජනය කරයි.

මෙම විරෝධතාවයන් යනු, බොහෝ විට වෙහෙසකර සහ අසීරු විය හැකි ජුලියන් අසාන්ජ් නිදහස් කරගැනීම සඳහා වන අලුත්වූ අරගලයක ආරම්භක පියවරයන්ය. අසාන්ජ හට වඩ වඩාත් සහයෝගය හිමිවෙත්දී, ඔහුට සහ ඔහුගේ ආරක්ෂකයන්ට රාජ්‍ය සංවිධාන සහ සංස්ථාපිත මාධ්‍ය විසින් අපවාද සහ හෙලා දැකීම් එල්ල කරනු ඇත.

ඉදිරියට යාම සඳහා, කම්කරුවන්ගේ සහ තරුනයන්ගේ දේශපාලන විඥානය ඉහල නැංවීමේ සටනේ වර්ධනයක් අවශ්‍යය. තීරනාත්මක ප්‍රශ්න සම්බන්ධයෙන් ඉවසිලිවන්තව පැහැදිලි කිරීම හරහා, කම්කරු පන්තිය දැනුවත් කල යුත්තේ, අසාන්ජ් ගේ සහ සියලුම ස්වාධීන මාධ්‍ය වල ආරක්ෂාව, ඔවුන්ගේ අවශ්‍යතාවයන් සඳහා, ඔවුන්ගේ අරගල සඳහා සහ සියල්ලටම ඉහලින් විනාශකාරී යුද්ධයක් වැලැක්වීම සඳහා තීරනාත්මක බවය.

වීකිලීක්ස් විසින්, හෙලිදරව් වුනු ඉරාක සහ ඇෆ්ගනිස්ථාන යුද ලොග් සටහන් සහ 2010 දී එජ රාජ්‍යතාන්ත්‍රික කේබල් පනිවුඩ සම්භාරය හෝ 2017 දී සීඅයිඒ විසින් අනවසරයෙන් දත්ත ලබා ගැනීම් සහ ඔත්තු බැලීම් හෙලිදරව් කරමින් වෝල්ට් 7 තොරතුරු කාන්දු වීම්, ප්‍රසිද්ධියට පත් කොට නොතිබුනි නම් ඒවා කිසිදු දිනක හෙලිදරව් නොවීමට ද ඉඩතිබුනි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය වැනි අධිරාජ්‍යවිරෝධී ප්‍රවෘත්ති ප්‍රකාශ කිරීමේ මාර්ග අනවරතව යුද අනතුර මතු කරමින් සහ ඒ පිලිබඳ අනතුරු අඟවමින් නොසිටියේ නම් සංස්ථාපිත මාධ්‍යට නිදහසේ ජනතාව අඳුරේ තැබීමට හැකි වන්නට ඉඩ තිබුනි.

අසාන්ජ් නිදහස් කරගැනීමට සහ වාරනයට සහ රාජ්‍ය මර්දනයට එරෙහි මේ දක්වා අරගලයෙන් ලැබෙන තීරනාත්මක පාඩම වන්නේ, හජාජාක විසින් නියෝජනය කරන, දේශපාලන වශයෙන් උගත් සහ සංවිධානාත්මක මාක්ස්වාදී සහ විප්ලවවාදී නායකත්වයේ අත්‍යවශ්‍ය භූමිකාවයි.

ධනවාදය සම්බන්ධ පුලුල් නිගමනයන්ට එලඹෙමින් සිටින සහ සමාජවාදයේ අවශ්‍යතාවය වෙනුවෙන් ආකර්ශනයවෙමින් සිටින සියලුම දෙනා හට සසප සහ හජාජාක සමග සම්බන්ධ වන මෙන් අපි ඉල්ලා සිටිමු.

සමාජවාදී සමානතා පක්ෂයේ (ඕස්ට්‍රේලියාව) දේශපාලන කමිටුව.

Share this article: