ජෙරෙමි කෝබින්ට පහර දීම අවධානයට ගත යුතු අනතුරු ඇඟවීමකි

The assault on Jeremy Corbyn is a warning that must be heeded

2019 මාර්තු 6

සමාජවාදී සමානතා පක්ෂය (සසප) මාර්තු 3වැනිදා කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින්ට එල්ල කෙරනු කායික ප්‍රහාරය හෙලා දකි යි. සසප හා කෝබින් අතර දේශපාලන වෙනස්කම් බොහෝ ප්‍රසිද්ධ අතර යා කල නො හැක. නමුත් අප නිරපේක්ෂ ලෙස කම්කරුවන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටින්නේ අන්ත දක්ෂිනාංශයේ ඕනෑ ම ප්‍රහාරයකින් ඔහු ආරක්ෂා කරන ලෙස යි.

මාර්තු 3වැනිදා සිදුවීම් බ්‍රිතාන්‍ය පාලක ප්‍රභූව හා එහි මාධ්‍ය හොරනෑ විසින් අවුස්සමින් තිබෙන භයානක දක්ෂිනාංශික දේශපාලන වාතාවරනය පිලිබඳ බරපතල අනතුරු ඇඟවීමකි. එය පෙන්වා දෙන්නේ අන්ත දක්ෂිනාංශයට සහාය දෙමින් සිටින සියලු ම දේශපාලන කන්ඩායම්වලට එරෙහි බලවත් දේශපාලන සුපරික්ෂාකාරිත්වය හා අධිෂ්ඨාන සහගත දේශපාලන අරගලයක අවශ්‍යතාවය යි.

කෝබින් ෆින්ස්බරී උද්‍යාන පල්ලියට සම්බන්ධ, වාර්ෂික “මගේ පල්ලියට එනු මැන” දිනය අතරතුර උතුරු ලන්ඩනයේ මුස්ලිම් ශුභසාධන මධ්‍යස්ථානය වෙත යමින් සිටියේ ය. සහභාගීවූවන් අතර වූ, 31වියති ජෝන් මර්පි, කෝබියන් පසු පසින් පැමින, තම මිටෙහි බිත්තරයක් ඇති ව ඔහුගේ හිසට පහර දුන්නේ ය.

“ඔබ ඡන්දය දෙන විට ඔබට ලැබෙන්නේ ඔබ ඡන්දය දුන් දෙයයි” යනුවෙන් මර්පි බෙරිහන් දුන්නේ ය. මෙය තෙරේසා මේගේ යෝජිත බ්‍රික්සිට් ගිවිසුම හෝ ලේබර් පක්ෂයේ විකල්ප යෝජනාව අසාර්ථක වුව හොත් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් විය හැකි දෙවැනි ජනමත විචාරනයක් කෝබියන් විසින් පිලිගැනීමට එරෙහිව එල්ල කෙරුනු ප්‍රහාරයක් බව ඔහු පසුව පිලිගත්තේ ය .

ඉරිදා කෝබියන් පසෙකින් සිටි ඡායා දේශීය කටයුතු පිලිබඳ ලේකම් ඩයනී ඇබොට් සමාජ මාධ්‍ය තුල මෙසේ සඳහන් කලා ය, “මම එහි සිටියෙමි. ඔහු ජෙරෙමිට බොහෝ තදින් පහර දුනි. ඔහුගේ අතේ බිත්තරයක් තිබෙන්නට ඇත. නමුත් එය පිහියක් වන්නට ද ඉඩ තිබුනි. භයානකයි.”

මර්පි වට කරමින් හා පොලීසිය අමතමින්, කෝබින් ආරක්ෂා කිරීමට එතැන සිටින්නන්ට පැවරුනි. අපූර්වත්වය නම් කම්කරු පක්ෂ නායකයා ආරක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් නො වූ බවයි. වාර්තාවලට අනුව, නිලඳුම් ලා ගත් නිලධාරීන් සමග පොලිස් සලකුන යෙදූ පොලිස් වෑන් රථයක් මධ්‍යස්ථානයේ පිවිසුම් මාර්ගයට පැමිනියේ ප්‍රහාරයෙන් පසු ව පමනි. පෙනෙන පරිදි බ්‍රිතාන්‍යයේ ඉතාමත් ප්‍රමුඛ දේශපාලන නායකයින්ගෙන් අයෙකු සඳහා ආරක්ෂක රැකවරනය සම්පූර්නයෙන් නො තිබීම සම්බන්ධයෙන් බැරෑරුම් පැහදිලි කිරීමක් ඉදිරිපත් කෙරී නැත.

පහර දී අඩන්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් ස්කොට්ලන්ඞ්යාර්ඞ් පොලිසිය විසින් චෝදනා කෙරුනු මර්පි, මාර්තු 9වැනිදා හයිබරි කෝනර් මහේස්ත්‍රාත් උසාවියේ පෙනී සිටුනු ඇත.

ප්‍රමුඛ දේශපාලනඥයෙකු මත කායික ප්‍රහාරයක් සාමාන්‍යයෙන් පරිපූර්න මාධ්‍ය ආවරනයක් ලබනු ඇත. කෙසේ නමුත්, මෙම සිදුවීමට මාධ්‍ය ප්‍රතිචාරය ප්‍රශ්නය හෑල්ලු කරනු පිනිස ප්‍රමාද කෙරුනු, විසුරුනු හා හිතාමතා ගොතන ලද්දක් විය.

දේශපාලනික වර්නාවලිය හරහා, පහර විස්තර කෙරුනේ කෝබින්ට “බිත්තර ගසා” සිටි බවට යි. රාජ්‍ය විකාශනය වන බීබීසීය සඳහන් කලේ බිත්තරයක් “විසි කර” ඇති බව යි. සන් පුවත්පත තම ශීර්ෂපාඨය යෙදුවේ “බ්‍රි-එග්ස්-ඉට්” යනුවෙනි. පුවත්පත් කීපයක් සිදුවීම ගැන ඇබොට්ගේ විස්තරය වාර්තා කලහ, නැතහොත් ප්‍රසිද්ධ ස්ක්වාව්ක්බොක්ස් නම් බ්ලොග් අඩවියට අනුව “එය ඔහුගේ මුහුනට ගැසීමේ උත්සාහයක් මිස නිකම් ම ඔහුට බිත්තර ගැසීමක් නො වේ.”

කැපී පෙනෙන පරිදි, මෙට්‍රොපොලිටන් පොලීසිය ද වැරදි ලෙස සඳහන් කලේ බිත්තරයක් “විසිකර” තිබෙන බව යි.

ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය තුල නිතර නිතර සඳහන් කෙරෙන, දක්ෂිනාංශික ගුයිඩෝ ෆව්කේස් බ්ලොග් අඩවිය, මර්පි සමග සම්මුඛ සාකච්ඡාවක් ගෙන ගියේ, “ජෙරමි කෝබියන්ගේ ඔළුව මත බිත්තරයක් මිරිකා” තිබීම ගැන ඔහුගේ විහුලු විසුරුවා හරිමිනි. මර්පි විසින් කෝබියන් හමාස් හා අයිආර්ඒ හවුල්කරුවෙකු ලෙස හෙලාදුටුවේ, තමාගේ ම ක්‍රියාව “අප රටේ බොහෝ දෙනාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්” ආරක්ෂා කිරීමක් වූ බව පවසමිනි.

බ්ලොග් අඩවි වල ෆැසිස්ට්වාදයට කැමති අදහස් දක්වන්නන් ප්‍රහාරය පිලිබඳ අනුමතිය මොර දුන්හ. එකක් කෝබින් “ ජුවෙමි” ලෙස සඳහන් කල අතර තවකෙක් පැවසුවේ “එය ග්‍රෙනේඩයක් (කුඩා බෝම්බයක්) නො වීම ලජ්ජා සහගත” බව යි.

මර්පිගේ ප්‍රහාරය සඳහා ආවේශය වන්නේ බ්‍රික්සිට් මගින්ද, සහ කෝබින් හා “වාමාංශයට” එරෙහි ආන්ඩුවේ කුරිරු හා වියරු උද්ඝෝෂනය මගින්ද උත්පාදනය කෙරුනු විෂ සහිත වාතාවරනය යි. මෙම ප්‍රහාරයන්ට නරුම හා මාරාන්තික තර්කයක් ඇත.

2017 ජූනි මාසයේ, ඩැරන් ඔස්බෝර්න් ෆින්ස්බරි උද්‍යාන පල්ලිය හා මුස්ලිම් ශුභසාදන මධස්ථානයේ බැතිමතුන් කන්ඩායමක් වෙතට කුලියට ගත් වෑන් රථයක් පැදවූයේ, පුද්ගලයන් 12ට තුවාල සිදු කරමින් හා බොහෝ තුවාලවලින් මියගිය මැක්රම් අලි ඝාතනය කරමිනි. ඝාතනය හා ඝතානයට තැත් කිරීම වෙනුවෙන් 2018 පෙබරවාරියේ දී අත්අඩංගුවට ගෙන, අවම වසයෙන් වසර 43ක කාලයක් සඳහා සිර දඬුවම් නියම කරනු ලද්දේ, ඔහු “ත්‍රස්තවාදී මැනීමැරීම්වල” වරදකරුවෙකු යැයි විනිශ්චයකාරවරයා ප්‍රකාශ කිරීම සමගිනි.

නඩු විභාගය අතරතුර දී, තමා ජූනි 18වැනිදා මධ්‍යම ලන්ඩනයේ අල් කෝඞ්ස් විරෝධතාවේ දී කෝබින් හා ලන්ඩනයේ ලේබර් පක්ෂ නගරාධිපති සදික් ඛාන් ඝාතනය කිරීමට සැලැසුම් කර තිබූ බව ඔස්බෝර්න් පිලිගත්තේ ය. ඔහු ෆින්ස්බරි උද්‍යානය තෝරා ගෙන තිබුනේ “එය ජෙරමි කෝබින්ගේ ඡන්ද කොට්ඨාසය වූ” බැවිනි. ඔස්බෝර්න් දක්ෂිනාංශික කැරලිකරුවෙකු කරනු ලැබුවේ බ්‍රිතාන්‍ය පලමුව යන ෆැසිස්ට් ප්‍රචාරය හා ටොමී රොබින්සන්ගේ මුස්ලිම් විරෝධී වාග් ප්‍රහාරවලිනි.

ඔස්බෝර්න්ගේ ප්‍රහාරයට යන්තම් වසරකට පෙර, ෆැසිස්ට්වාදී තෝමස් මායිර් කම්කරු පක්ෂ මන්ත්‍රීවරියකු වූ ජෝ කොක්ස් ඝාතනය කලේ ය. ඔහු ඇයට නැවත නැවත වෙඩි තබා ඇයට පිහියෙන් අනින අතර “බ්‍රිතාන්‍ය පලමුව, මේක බ්‍රිතාන්‍ය වෙනුවෙන්. බ්‍රිතාන්‍ය හැමදාම එකට එනවා” යැයි මොර දුන්නේ ය. කොක්ස් ඝාතනය කෙරුනේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගම් සාමාජිකත්වයේ දිගට ම සිටිය යුතු ද යන්න මත පැවති ජනමත විචාරනයට යන්තම් සතියකට පෙර දී ය. ඇය සිටිය යුතුය (යුරෝපා සංගමයේ) යන උද්ඝෝෂනයේ කැපී පෙනෙනු ආධාරකාරියක් වූවා ය.

එක්සත් රාජධානියේ දේශපාලනය වඩ වඩා වියරු සහගත ය. පාලක පන්තිය තමන් යුරෝපා සංගමයේ ඉවත් විය යුතු ද නැත්නම් සිටිය යුතු ද යන්න මත සටන් කරන සතුරු කන්ඩායම්වලට බෙදී සිටී. බ්‍රික්සිට් මත තම වෙනස්කම්වලට ඉහලින් හා ඉන් ඔබ්බේ ඇත්තේ කම්කරු පන්තියට එරෙහිව කප්පාදු පියවර දැවන්ත ලෙස වැඩි කිරීමේ පොදු අරමුන හා එය විසින් ඇති කරන ලබන සමාජ විරුද්ධත්වය පිලිබඳ වැඩෙමින් පවතින බිය යි.

ඔහුගේ නියත දේශපාලනික පසුබැසීම් හා තමා මහජන සහාය දිනූ සෑම ප්‍රතිපත්තියක් ම අතහැර දැමීමේ කැමත්ත නොතකා කෝබින් ට අපවාද කෙරෙමින් තිබේ. මෙය ඔප්පු කරන්නේ කෝබින්ට එරෙහි රාජ්‍ය දඩයමේ සැබෑ ඉලක්ක වන්නේ ධනවාදයට වාමාංශික විකල්පයක් සොයමින් සිටින සියදහස් ගනනක් කම්කරුවන් හා තරුනයින් වන බව පමනකි. මේ හේතුව නිසා, වමට නැඹුරු සාමාජිකයින්ගේ ගලා ඒමක් ආකර්ෂනය කර ගැනීම මගින් ඵලදායි ලෙස කම්කරු පක්ෂය “විනාස කර” ඇති කෝබින් තවමත් දිනපතා ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස හෙලා දකිනු ලැබේ.

මෙම ප්‍රහාරය විරුද්ධත්වයේ වෙනසක් නැතිව නිල දේශපාලන පක්ෂ (කොන්සර්වටිව් හා ලේබර් පක්ෂ) අන්ත දක්ෂිනාංශය සමග, විශේෂයෙන් ම කොමියුනිස්ට් විරෝධී කයිවාරු පිලිබඳ තම පොදු වැලඳ ගැනීමට ස්තුති වන්නට, එකපෙලට සිටුවයි. හයිගේට් සුසාන භූමියේ කාල් මාර්ක්ස්ගේ සොහොන මත පසු ගිය මාසයේ එල්ල කෙරුනු ෆැසිස්ට්වාදීන්ගේ වෙන් වෙන් ප්‍රහාරයන්ගෙන් අනතුරුව කෝබින් මත කායික පහරදීම සිදු වීම අහම්බයක් නො වේ. මෙය ද මාධ්‍ය විසින් මේ ආකාරයෙන් ම නො තකා හැරි අතර පොලිසිය විසින් අමතක කර නො දැමුවා පමනි.

යුරෝපය පුරා අන්ත දක්ෂිනාංශික හා ෆැසිස්ට්වාදී පක්ෂවල වර්ධනය විසින් මතු කෙරන පැහදිලි හා අභිමුඛ අනතුර නො තකා, ලේබර් පක්ෂය යුදෙව් විරෝධී තෝතැන්නක් ලෙස පින්තාරු කරන නිරන්තර මඩගැසීමේ උද්ඝෝෂනයක් (ලේබර් පක්ෂයේ බ්ලෙයාර්වාදී දක්ෂිනංශය, ටෝරීන් හා මාධ්‍යවල සන්ධානයක් විසින් මෙහෙවනු ලබන) පෙරට යයි . මෙම කැත උද්ඝෝෂනයේ සැබෑ අරමුන වැමෑරීමට මෝමෙන්ටම් සංවිධානයේ නායක ජෝන් ලාන්ස්මන්ට පැවරුනේ, මෙම චූදිත “දැඩි මතදාරී යුදෙව් විරෝධී අදහස්වල” මූලය වන්නේ ලේබර් පක්ෂයේ “ 300,000ක් හෝ ඊට වැඩි නව සමාජිකයින්” යැයි ප්‍රකාශ කල අවස්ථාවේ දී ය.

ලාන්ස්මන් විසින් අරක් ගනු ලබන ඕර්වේලියානු විශ්වයේ, ලේබර් පක්ෂ නියෝජ්‍ය නායක ටොම් වට්සන් හා ස්වාධීන කන්ඩායමක් යැයි තෙමේ ම කියා ගන්නා මන්ත්‍රීනී ලුසියානි බර්ගර්, සියොන්වාදයේ වාමාංශික විරුද්ධවාදීහු වන අතර පලස්තීන ජනයා ආරක්ෂා කරන මෙම කන්ඩායම, ෆැසිස්ට්වාදීන්ට වඩා යුදෙව්වන් හට වැඩි අනතුරක් නියෝජනය කරති . මෙම බොරුව අවසානයක් නැති ව පුනරුච්චාරනය කෙරෙන්නේ, යුදෙව් විරෝධී හා මුස්ලිම් විරෝධී ප්‍රචන්ඩත්වයේ දැඩි උත්සන්න කිරිම නො තකා ය; එමෙන් ම වික්ටර් ඔර්බාන්ගේ ෆිඩෙස් පක්ෂයේ සිට සල්විනිගේ ලේගා නොර්ඞ් ව්‍යාපාරය දක්වා වන ෆැසිස්ට්වාදී හා යුදෙව් විරෝධී පක්ෂ සමග ඊස්රායලයේ ම ඒකාබද්ධතාව නො තකා ය.

කෝබින් මත ප්‍රහාරයෙන් පසු බාධාවකින් තොරව උද්ඝෝෂනය ඉදිරියට ගියේ ය. යුදෙව් විරෝධය “...ධනවාදීන්ට එරෙහි වන හා යුදෙව් ජනයා ප්‍රාග්ධනයේ මුදල් සපයන්නා ලෙස දකින දැඩි වාම දේශපාලනයේ ම කොටසකි. එම නිසා ඔබලා යුදෙව් විරෝධී පුද්ගලයන්” යැයි බ්ලෙයාර්වාදී දේශපාලඥ සියොභේන් මැක්ඩෝනාහ් බීබීසී රේඩියෝ ෆෝර් වැඩසටහනේ දී ජෝන් හම්ප්‍රිස්ට පැවසී ය.

“වෙනත් වචනවලින් කියන්නේ නම්, ධනපති විරෝධියෙක් වීමට ඔබ යුදෙව් විරෝධියෙක් වෙන්න ඕනෑ දැ යි ” හම්ප්‍රිස් ඇසූ විට,මැක්ඩෝනාහ් “ඔව්” යැයි පිලිතුරුදුන්නේ ය. සමාජවාදයට එරෙහි මෙම විශ්මය ජනක අපවාදය ඉදිරියට ගියේ බීබීසී ඉදිරිපත් කරන්නාගේ අදහස් දැක්වීමක් නැතිව ය.

පක්ෂයේ දක්ෂිනාංශයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පමනත් කෝබින් මත ප්‍රහාරය හෙලා දකිමින් ප්‍රකාශන නිකුත් කලහ. සෙස්සන් නිශ්ශබ්දව සිටියේ, යුදෙව් විරෝධය පිලිබඳ ව්‍යාජ චෝදනා පාවිච්චි කරමින් පක්ෂයේ “ධනවාද විරෝධී” සාමාජිකයින් නෙරපීමට කුමන්ත්‍රනය කිරීමට බොහෝ කාර්ය බහුල වීමත් සමගිනි. ෆින්ස්බරී උද්‍යාන ප්‍රහාරය මෙන් ම එයට මග පෑදූ දක්ෂිනාංශික විරුද්ධත්වය ගැන කෝබින් ද සිටින්නේ නිශ්ශබ්දව යි. සමාජ මාධ්‍ය මත තම ආධාරකරුවන් කුමන වාසියක් ලබන්නේ දැ යි ඔහුට පෙන්වා දිය නො හැක. කෝබින්ගේ ප්‍රහාරය දකුනින් එල්ල වන නමුත් ක්‍රියාත්මක වීමේ ඔහුගේ සූදානම හැඩ ගස්වනු ලබන්නේ, බ්ලෙයාර්වාදීන් විසින් නායකත්වය දෙනු ලබන වම යක්ෂාවේෂ ගැන්වීම හා නීති විරෝධී කිරීමේ උත්සාහයන් මගිනි.

කෝබින්ගේ චීලී වීරයා වූ සැල්වඩොර් ඇලන්ඬේගේ ඉරනම ද ඇතුලුව, ඉතිහාසය පුරා නැවත නැවතත් ප්‍රදර්ශනය කෙරී ඇති පරිදි, එය සමාජවාදය සඳහා සටන් කිරීමට පමනක් නො ව, තමන් ම ද ආරක්ෂා කිරීමට අසමත් බෙලහීන ප්‍රතිසංස්කරනවාදයක ඛේදවාචකය යි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා වන ඉතාමත් අතිමූලික අරගලයකට පවා, කෝබින් විසින් නියෝජනය කරනු ලබන දේට මුලුමනින් ම විරුද්ධවූ අවංක සමාජවාදී දේශපාලනයක් අවශ්‍ය ය.

ක්‍රිස් මාස්ඩන්

Share this article: