ඇල්ජීරියාවේ කම්කරු පන්තිය අරගලයට පිවිසෙ යි

The working class enters into struggle in Algeria

2019 මාර්තු 13

ඇල්ජීරියානු ජනාධිපති අබ්දෙලාසිස් බෝටේෆ්ලිකා පස්වැනි වතාවටත් තනතුරට පත් වීමට අපේක්ෂා කිරීමට එරෙහි තරුනයන්ගේ සති කීපයක විරෝධතාවන්ගෙන් පසු, ජාතික විමුක්ති පෙරමුනේ තන්ත්‍රයට (එෆ්එල්එන්) එරෙහි අරගලය තුල කම්කරු පන්තිය ප්‍රධාන බලවේගය ලෙස මතු වෙමින් තිබේ. වැඩවර්ජන මහජන සංක්‍රමන, මෝටර් රථ, අධ්‍යාපන හා තීරනාත්මක ස්වභාවික ගෑස් අංශයට පැතිරී ඇත්තේ, මිලයන ගනනාවකගේ පා ගමන් තන්ත්‍රයේ ඇද දැමීම ඉල්ලා සිටීම සමගිනි.

තුල මෙම ව්‍යාපාරය පන්ති අරගලයේ ජාත්‍යන්තර යලි මතුවීම හා කම්කරුවන් අතර වන දේශපාලනික විරෝධතාවේ හරි මැද පවතී. ප්‍රන්සයේ දී, ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ට එරෙහි දැඩි කෝපය වෘත්තීය සමිතිවලට ස්වාධීනව “කහ කබා” ව්‍යාපාරය තුල පුපුරා ඇත්තේ, යුරෝපා සංගමයේ කප්පාදුවලට එරෙහි ව පෘතුගාලයේ සිට බර්ලිනය දක්වා විහිදෙන වැඩවර්ජන රැල්ලක් මධ්‍යයේ ය. එක්සත් ජනපදය තුල ගුරුවරුන්ගේ වැඩවර්ජන, මෙක්සිකෝවේ මැකිලඩෝරා කම්කරුවන්ගේ වැඩවර්ජන හා මාග්‍රෙබ් (වයඹ දිග අප්‍රිකාව) හරහා වැඩවර්ජන සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කෙරෙමින් තිබෙන්නේ, වෘත්තීය සමිති නායකත්වයට එරෙහිව යි.

රැකියා, යහපත් අනාගතයක් හා බෝටේෆ්ලිකා හාත්පස ධනපති කල්ලියේ ඒකාධිපතිත්වය අවසන් කිරීම සඳහා වන ඉල්ලීම්වලට එෆ්එල්එන් කිසිවක් නො දෙනු ඇත. පැරීසිය හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් විසින් අනුබලය දෙන ලදුව, එය අප්‍රේල් 18 මැතිවරනය තහනම් කර ඇත්තේ, විරෝධතා නතර කරන තුරු බෝටේෆ්ලිකා බලයේ තැබීම ඉලක්ක කර ගනිමිනි. 2011 දී අධිරාජ්‍යවාදීන් අනු බලය දුන් ටියුනීසියාව හා ඊජිප්තුවේ ඒකාධිපතීන් පලවා හැරි කම්කරු නැගිටීමෙන් ආසන්න වසයෙන් දශකයකට පසු, ධනවාදයට විරුද්ධව නව ජාත්‍යන්තර විප්ලවවාදී අරගල සූදානම් වෙමින් තිබේ.

ටියුනීසියාව හා ඊජිප්තුවේ නැගිටීම්වල පාඩම වන්නේ කම්කරු පන්තිය තුල ට්‍රොට්ස්කිවාදී විප්ලවවාදී පෙරමුනු බල ඇනියක අවශ්‍යතාවය යි. මෙය නොමැතිව, මිලියන ගනනාවක් කම්කරුවන්ගේ වික්‍රමාන්විත අරගල නො තකා, ඊජිප්තුවේ විප්ලවවාදී සමාජවාදීන් (ආර්එස්) හෝ ටියුනීසියාවේ කම්කරු පක්ෂය (පීටී) වැනි මධ්‍යම පන්තික ව්‍යාජ-වාම පක්ෂවලට රටවල් දෙකේ ම කම්කරු පන්තිය බලය අල්ලා ගැනීම අවහිර කල හැකි විය. විප්ලවයේ සෑම පියවරක දී ම, පැරනි ඒකාධිපතිත්වයන් පුනස්ථාපනයට මග පාදමින්, ඔවුන් ඉදිරියට දැමුවේ අධිරාජ්‍යවාදීන් අනුබලය දෙන මිලිටරි ජුන්ටා හෝ ඉස්ලාමීය පක්ෂ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන සහතික කරනු ඇත යන බොරුව යි.

එෆ්එල්එන්ට එරෙහිව කම්කරු පන්තික ව්‍යාපාරයේ විධාරනය ට්‍රොට්ස්කිවාදය සඳහා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තරකමිටුව ගෙන ගිය අරගලයේ ඓතිහාසික නිර්දෝෂි බව ඔප්පු කිරීමකි. සුලු ධනේශ්වර “වම” අවධාරනය කලේ ප්‍රන්සයට එරෙහි 1954 - 1962 නිදහස් යුද්ධයෙන් පසු එෆ්එල්එන් බලයට පැමිනීමෙන් ඔප්පු කෙරුනේ ධනවාදයට එරෙහිව කම්කරු පන්තියේ අරගලය හෝ ප්‍රජතන්ත්‍රවාදී මෙන් ම සමාජවාදී සමාජයක් පවා ගොඩනැගීමට මාක්ස්වාදී නායකත්වයක් අවශ්‍ය නො වන බව යි. එෆ්එල්එන් පාලනයට එරෙහිව රැකියා, සමාජ සමානතාව හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඉල්ලන ඇල්ජීරියානු කම්කරුවන්ගේ වර්තමාන ව්‍යාපාරය මෙම බොරුව පුපුරුවා හරි යි.

ජීවිත සියදහස් ගනනක් අහිමි කර ගනිමින් හා සමූහ වධ හිංසා මෙන් ම මර්දනය මත ප්‍රන්ස අධිරජ්‍යවාදීන් වාරු වීම පිටු දැකි ඇල්ජීරියානු යුද්ධය වික්‍රමාන්විත අරගලයකි විය. කෙසේ නමුත්, 1962දී යුද්ධය අවසන් කල ඒවියන් ගිවිසුම තුල, පැරීසිය ඇල්ජීරියාවේ බලය බාර දුන්නේ කම්කරු පන්තියට නො ව, එෆ්එල්එන් සංවිධානයට යි. 1963 ඇල්ජීරියානු ව්‍යවස්ථාව තුල සමාජවාදය ගොඩනැගීමට එය පොරොන්දුවක් කෙටුම්පත් කල නමුත්, එෆ්එල්එන් ධනේශ්වර පක්ෂයක් විය. එය තමුන්ව කම්හල් වල කම්කරු කමිටු මත පදනම් කලේ හෝ ධනේශ්වර දේපල අස්වාමික කෙලේ හෝ නැත.

මයිකල් පැබ්ලෝ හා අර්නස්ට් මැන්ඩල් විසින් නායකත්වය දෙන ලද ට්‍රොට්ස්කිවාදයෙන් පලා ගිය ද්‍රෝහී පැබ්ලෝවදීන් වැනි සුලු ධනේශ්වර මාක්ස්වාද විරෝධී කන්ඩායම්, එෆ්එල්එන් පක්ෂයට ප්‍රශංසා කලේය. 1953දී හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙන් බෙදී වෙන් වන ලදුව, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ස්ටැලින්වාදී හා ධනේශ්වර ජාතිකවාදී පක්ෂවලට දිය කර හැරීමට සටන් කරමින්, පැබ්ලෝවාදීන් එය ප්‍රචාරය කලේ හතරවැනි ජාත්‍යන්තරය වෙනුවට ආදේශ කල හැකි බොහෝ ව්‍යාපාරවලින් එකක් ලෙස ය. ඒවා 1959දී ක ියුබාවේ බලය ගත් කැස්ත්‍රෝගේ සිට, 1947දී බි්‍රතාන්‍යයෙන් නාමික නිදහස ලබා ගැනුනු අවස්ථාවේ ඉන්දියාව කැබලි කිරීමෙන් මතු වූ ධනේශ්වර තන්ත්‍ර දක්වා පෙල ගැසුනි.

ඇල්ජීරියානු යුද්ධය “ජීවමාන නො නවතින විප්ලවයක් විය, එය එක්සත් අධිරාජ්‍යවාද විරෝධී ජාතික අරගලයක සිට එය ම එහි සැබෑ ස්වභාවය හා ජයග්‍රහනයන් සඳහා ගවේෂනයේ දී (කම්කරු පන්තික හා සමාජවාදී විප්ලවයක් ලෙස) නො වැලක්විය හැකි ලෙස ප්‍රගාඪ සමාජ විප්ලවයකට පරිවර්තනය වෙමින් තිබේ” යැයි පැබ්ලෝ ප්‍රකාශ කලේ ය. මෙම පදනම මත, ජනාධිපති අහ්මඞ් බෙන්බෙලා පහ කෙරුනු, 1965 ජනරාල් හවුරි බූමේඩියන්ගේ කුමන්ත්‍රනයේ දී ඔහුට පලා යාමට බල කෙරෙන තෙක්, ඔහු එෆ්එල්එන් උපදේශක තනතුරක සේවය කලේ ය.

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පමනක් ඇල්ජීරියාව තුල කම්කරු පන්තික විප්ලවය සඳහා සමාජවාදී ඉදිරිදර්ශනයක් විස්තාරනය කලේ ය. එක්සත් ජනපදය තුල ජෝශප් හැන්සන් විසින් නායකත්වය දුන්, පැබ්ලෝවදීන් සමග ජාත්‍යන්තර කමිටුවේ ප්‍රතිපත්ති විරහිත යලි එක්සත් වීමක් සඳහා වූ උපදේශයන්ට එරෙහිව, සෝෂලිස්ට් ලේබර් ලීගය (එස්එල්එල්, එම අවස්ථාවේ ජාත්‍යන්තර කමිටුවේ බ්‍රිතාන්‍ය ශාඛාව) මාක්ස්වාදය හා ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කලේ ය. 1963දී, එස්එල්එල් මෙසේ සඳහන් කලේ ය:

හැන්සන් ඇල්ජීරියානු ආන්ඩුව හා ප්‍රන්ස අධිරාජ්‍යවාදීන් අතර ඒවියන් ගිවිසුම පිලිබඳ එස්එල්එල් හෙලාදැකීම පුම්බා දක්වමින් විශාල වැරැද්දක් ලෙස පෙන්වූයේය. මෙය “ද්‍රෝහී පාවාදීමක්” යැයි අපි පැවසුවෙමු. ඒවියන් අඩු වශයෙන් ජාතික නිදහස ඇතුලත් කල අතර ජයග්‍රහනයක් ලෙස පිලිගත යුතු බව හඳුනාගැනීමට අසමත් වීම පෙන්වන, අන්ත වාම වැරද්දක් එහි වූ බව හැන්සන් පැවසුවේ ය. ඇල්ජීරියානු මහජනයා තමන්ගේ ම විප්ලවවාදී ඉල්ලීම් දිනා ගැනීමට යාම වලක්වමින්, ප්‍රන්ස අධිරාජ්‍යවාදය සමග සම්මුතියකට ලඟා වීම තුල එෆ්එල්එන් නායකත්වය හරහා අත් කරගෙන ඇති පන්ති ප්‍රවනතාව පිලිබඳ විශ්ලේෂනකින් අපි ඉදිරියට ගියෙමු. “ජයග්‍රහනය” මත ඒකරාශී කෙරුනු අය... මහජනයා රැවටීමට හා ස්වාධීන විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීම වෙනුවට ධනේශ්වරය සමග සන්ධානයන් දෙසට සමාජවාදීන්ගේ ශක්තීන් හරවා යැවීමට බෙන්බෙලාට උදව් කලා පමනි.

ආසන්න වශයෙන් වසර 60ට පසු, මෙම විශ්ලේෂනය ද 1917 රුසියාවේ ඔක්තෝබර් විප්ලවය යටින් පැවති ඉදිරිදර්ශනය, එනම් ලියොන් ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලවය පිලිබඳ න්‍යාය ද තහවුරු කෙරී ඇත.

ප්‍රමාද වූ ධනේශ්වර වර්ධනයක් සහිත රටවල, අධිරාජ්‍යවාදයට ගැට ගැසුනු හා කම්කරු පන්තියට බිය වන ධනේශ්වර පන්තියට ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයකට නායකත්වය දිය නො හැකි බව ට්‍රොට්ස්කි තහවරු කලේ ය. ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් සඳහා වන අරගලයට ඉදිරියට යා හැක්කේ තමන් පිටුපස අනෙකුත් පීඩිත පන්තීන් පෙල ගස්වා ගන්නා වූ ද, කම්කරු පන්තිය විසින් නායකත්වය දෙනු ලබන්නා වූ ද සමාජවාදී විප්ලවයක් කරා ගමන් කරන්නේ නම් පමනි. පැරනි යටත්විජිත රටවල සැබෑ සමාජවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැගීමට අවශ්‍ය සම්පත් සොයා ගත හැක්කේ, ධනේශ්වර පන්තිය අශ්වාමික කිරීම හා ලෝක ආර්ථිකය කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ තැබීමට වන ලෝක විප්ලවය සඳහා වන අරගලයක් මගින් පමනි.

අධිරාජ්‍යවාදයට ගැට ගැසුනු හා කම්කරුවන්ට බිය ඇල්ජීරියානු තන්ත්‍රය, සමාජවාදී කෙසේ වෙතත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැගීමට පවා අසමත් බව ඔප්පු කලේ ය. කර්මාන්ත, රැකියා හා ජීවන තත්වයන් ශක්තිමත් කිරීමට සේවය කරනවා වෙනුවට, ඇල්ජීරියානු ස්වභාවික ගෑස් ගලා ගියේ එෆ්එල්එන් හාත්පස පරපුට ධනේශ්වර කල්ලියක බැංකු ගිනුම්වලට ය.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා වන අරගලය ඉදිරියට යා හැක්කේ, එය එෆ්එල්එන් තන්ත්‍රයට එරෙහිව, තමන් පිටු පස අනෙකුත් පීඩිත පන්තීන් ආකර්ෂනය කර ගන්නා කම්කරු පන්තිය විසින් නායකත්වය දෙනු ලබන, සමාජවාදී විප්ලවයක් කරා යන්නේ නම් පමනි. ජාත්‍යන්තර පන්ති අරගලයේ වර්ධනය ඇල්ජීරියාවේ කම්කරුවන්ට දැවන්ත දේශපාලන දර්ශනපථයක් විවෘත කරනු ඇත. ජාත්‍යන්තර පරිමානයකින් කම්කරු පන්තිය විසින් මූල්‍ය කතිපයාධිකාරිය අස්වාමික කිරීම සැබෑ සමාජවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැගීමට පැරනි යටත්විජිත රටවල කම්කරු පන්තිය මත අත්‍යාවශ්‍ය ආර්ථික සම්පත් තබනු ඇත. නමුත් මේ කිසිවක් ජාතිකවාදී වැඩසටහනක පදනම මත ජය ගත නො හැක: ඊට වෙනස් ව, සමාජවාදය සඳහා අරගලය ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත තීරනාත්මක හැරීමක් ගැනීම අවශ්‍ය ය.

එවැනි අරගලයන්ට පැබ්ලෝවාදී දේශපාලනයෙන් පැවතෙන්නන් සමග නිර්දය බෙදීමක් අවශ්‍ය ය. පැබ්ලෝවාදී කම්කරුවන්ගේ සමාජවාදී පක්ෂය (පීඑස්ටී) හා එහි සහචර, ලුයිසා හැනෝන්ගේ කම්කරු පක්ෂය (පීටී) උගුලක් සූදානම් කරමින් සිටී. හැනෝන්ගේ පක්ෂය එහි උපතේ සිට, 1980 ගනන්වල එෆ්එල්එන් පක්ෂයේ අසාර්ථක “ප්‍රජාතන්ත්‍රීය කරනය” අතරතුර එෆ්එල්එන් පුම්බා ඇත. අද, පීඑස්ටීය නැවත වතාවක් ඉල්ලමින් සිටන්නේ, පීටී පක්ෂය සමග, මානව හිමිකම් කන්ඩායම් හා ඇල්ජීරියාවේ ආන්ඩු ගැති වෘත්තීය සමිති සන්ධානයෙන් ක්‍රියාත්මක කරන ලද එෆ්එල්එන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන යි.

පොදු කඳවුරේ වාමාංශය තම පාර්ශ්වයෙන්, අඩු හෝ වැඩි පැහදිලි ආකාරයකින්, ඡන්දයෙන් පත්වෙන ව්‍යවස්ථා සභාවක ඉදිරිදර්ශනය හරහා තනි ස්වෛරීත්වයක කාර්යභාරය ලෙස මහජනයාට හඩක් ලබා දෙන පහතින් එන විසදුමක් යෝජනා කරයි. පීඑස්පී ය ප්‍රජාතන්ත්‍රවාදී, වෙලඳපොල විරෝධී හා අධිරාජ්‍යවාද විරෝධී කන්ඩායම් එක්සත් කිරීමට යෝජනා කරන්නේ, මෙම ඉදිරිදර්ශනයට සහභාගී වන සියලු පක්ෂ, වෘත්තීය සමිති, සමාජ ව්‍යාපාර එකට ගෙන එමිනි.

සමාජවාදය සඳහා කම්කරු පන්තිය අරගලකට සූදානම් කිරීම ප්‍රධාන කර්තව්‍යය වන අතර එහි අර්ථය වන්නේ පීඑස්ටී වැනි මධ්‍යම පන්තික කන්ඩායම්වලින් සම්මුති විරහිත ලෙස වෙන් වීමකි. ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමේ එහි පොරොන්දු එෆ්එල්එන් සමග තම සම්බන්ධකම්වලින් ව්‍යුත්පන්න කර ගැනුනු වරප්‍රසාදවලට පහලින් තර්ජනය කරන ව්‍යාපාරයකින් බිය ගැනුනු වෘත්තීය සමිති නිලධරයන්, ශාස්ත්‍රාලිකයන්, හා වෘත්තීය වේදින්ගේ ප්‍රචාරයකි. කම්කරුවන් හා තරුනයන් තන්ත්‍රයට ගැට ගැසීමට මංමුලා සහගතව තැත් දරමින්, ඊජිප්තුව හා ටියුනීසියාවේ මෙන්, පරාජය සංවිධානය කිරීමට බෝටේෆ්ලිකා බලයේ තැබීමේ එෆ්එල්එන් උපායට ඔවුන් ප්‍රශංසා කරමින් සිටින්නේ එය “පලමු අඩිය පස්සට” ගැනීමක් මෙන් ම වර්තමාන ව්‍යාපාරයේ ජයග්‍රාහී ආදර්ශයක් ලෙස පෙන්වමිනි.

මෙම ප්‍රවනතාවන්ට එරෙහි සමාජවාදී අරගලයක පදනම් සොයා ගත හැක්කේ ජාත්‍යන්තර කමිටුවේ ඓතිහාසික හා දේශපාලන ඉදිරිදර්ශන තුල ය. විප්ලවවාදී අරගලයන්ට පිවිසෙමින් සිටින කම්කරුවන් හා තරුනයන්, දැන් හැරිය යුත්තේ ඇල්ජීරියාව හා ලෝකය පුරා රටවල ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීමට යි.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: