ම්‍යුලර් විමර්ශනයේ නිගමන: ඩෙමොක්‍රටිකයන්ගේ රුසියානු විරෝධී උද්ඝෝෂනයේ අන්ත පරාජයක්

Mueller report is a political debacle for the Democratic Party

2019 මාර්තු 25

සිකුරාදා, විශේෂ නීති උපදේශක රොබට් ම්‍යුලර් ආසන්න වශයෙන් වසර දෙකක් දීර්ග තම විමර්ශනය අවසන් කලේ ට්‍රම්ප්ගේ ජනාධිපතිවරන උද්ඝෝෂනය හා රුසියානු ආන්ඩුව අතර කුමන්ත්‍රනයක සාක්ෂි නැතැ යි නිගමනය කරමිනි.

“තම මැතිවරන මැදිහත්වීම් ක්‍රියාකාරකම්වල දී ට්‍රම්ප් උද්ඝෝෂනයේ සමාජිකයින් රුසියානු ආන්ඩුව සමග කුමන්ත්‍රනය කල බව හෝ සහයෝගය දැක් වූ බව විමර්ශනය තහවුරු නො කල” බව අධිකරන දෙපාර්තමේන්තුව විසින් උපුටා ගැනුනු වාර්තාවේ ඡේදයක් දක්වයි.

ට්‍රම්ප් රුසියාව සමග “කුමන්ත්‍රනය කලේ ය” යන චෝදනාව ට්‍රම්ප් පාලනාධිකාරියට වන ඩෙමොක්‍රටික විරුද්ධත්වයේ කේන්ද්‍රයේ තිබුනි. 2016 ජූලි 22, නිව් යෝක් ටයිම්ස් පත්‍රයේ කතුවැකියට ඉදිරි පිටුවේ “ට්‍රම්ප් සයිබීරියානු අපේක්ෂකයෙකු” වී ය යන පෝල් කෘගන්ගේ ප්‍රකාශනයෙන් ඇරඹී, ටයිම්ස්, වොෂින්ටන් පෝස්ට්හා අනෙකුත් ප්‍රවෘත්ති මාධ්‍ය, ට්‍රම්ප් මැතිවරනය ජය ගත්තේ ව්ලැඩිමීර් පුටින් සමග අති දුෂ්ට කුමන්ත්‍රනයක් ඔස්සේ බව උපකල්පිත ලෙස ඔප්පු කරන ලිපි සිය ගනනක් පල කලේ ය.

එහෙත් දින 600ක් තුල විහිදුනා වූ ද, අධිකරන දෙපාර්තමේන්තුවට අනුව “සිතාසි 2,800ක්” නිකුත් කර, “ආසන්න වශායෙන් සෝදිසි වරෙන්තු 500ක් අත්සන් කලා වූ ද, සන්නිවේදන වාර්තා සඳහා නියෝග 230ට වඩා ලබා ගත්තා වූ ද සාක්ෂිකරුවන් 500කගෙන් පමන සාක්ෂි විමසුවාවූද තම විමර්ශනයට” හිටපු එෆ්බීඅයි අධ්‍යක්ෂ රොබට් ම්‍යුලර්ට මෙම ප්‍රකාශන ගැන සාක්ෂි සොයා ගත නො හැකි විය.

හිටපු ජනාධිපති ඔබාමා සහ එෆ්බීඅයි අධ්‍යක්ෂ ජේම්ස් කොමේ අධ්‍යක්ෂ ධුරය ම්‍යුලර්ට පිරිනැමීමේ ධවල මන්දිරයේ ප්‍රීතිය පලකිරීමේ උත්සවය 2013 ජූනි [අනුග්‍රහය: ධවල මන්දිරය] [Credit: White House]

විමර්ශනයේ ප්‍රතිඵලය ඩෙමොක්‍රටිකයන් හා ඔවුනගේ මාධ්‍ය හොරනෑවල සහචරයන්ට අන්ත පරාජයක් වූයේ, ෆැසිස්ට්වාදී ට්‍රම්ප් වඩාත් ශක්තිමත් දේශපාලන තත්වයක තබමිනි. “කුමන්ත්‍රන නෑ, බාධා කිරීම් නෑ, සම්පූර්න හා සමූහ දෝෂ මුක්තියක්,” යැයි ට්‍රම්ප් ට්වීටර් පනිවිඩයක ප්‍රකාශ කලේ ය. දැන්, ට්‍රම්ප් කම්කරු පන්තියේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත තම ඍජු ප්‍රහාරය තීව්‍ර කිරීමත් සමග, ඔහුට තම ගමනේදී දේශපාලන වාතාවරනයේ සහය ලැබෙනු ඇත.

ට්‍රම්ප්ගේ පත් කර ගැනීමේ සිට වසර දෙක හමාරකට වඩා වැඩි කලක් තුලදී, පාලනාධිකාරිය විසින් කම්කරු පන්තියට මතු කෙරුනු අනතුර ඇති තරම් පැහදිලි විය. එක්සත් - ජනපද දේශසීමාවේ තම තාප්පය සඳහා කොංග්‍රසය විසින් අනුමතිය නො දුන් මුදල් වෙන් කිරීමට ට්‍රම්ප් නිෂේධ බලය පාවච්චි කර තිබීම, සියලු විරුද්ධත්වයන් මර්දනය කිරීම වෙත එල්ල කෙරුනු විධායක බලයේ දැවන්ත ව්‍යාප්තියකි. පාලනාධිකාරිය වද කඳවුරුවල සංක්‍රමනික ලමුන් දසදහස් ගනනක් සිර කර තිබීම, මානව හිමිකම් නිලධාරීන් විසින් පෙන්වනු ලබන ලෙස වධහිංසාවකි.

මෑත මාසවල දී, ට්‍රම්ප් සමාජවාදය මත යුද ප්‍රකාශ කර ඇත්තේ, එක්සත් ජනපදය තුල මෙන් ම ජාත්‍යන්තර ව ෆැසිස්ට්වාදී බලවේගවලට කරන තම ආයාචනයේ කොටසක් ලෙස ය. ඔහුගේ ෆැසිස්ට්වාදී කයිවාරු විසින් උද්යෝගිමත් කරනු ලැබ ඇත්තේ, මෙම මාසයේ නවසීලන්තයේ දී පුද්ගලයන් 50කු ඝාතනය කල බ්‍රෙන්ටන් ටැරන්ට්; පසු ගිය වසරේ යුදෙව් ධර්මාශ්‍රමයක පුද්ගලයන් 11දෙනෙකු ඝාතනය කල රොබට් බෝවර්ස්; 2017 චාලොටෙස්විලේ හි දී ෆැසිස්ට්වාද විරෝධී විරෝධතාවකට මෝටර්රථයක් පැද වූ ජේම්ස් ඇලෙක්ස් ෆීල්ඞ්ස් වැනි නව නාසීවාදීන්ව යි.

පසු ගිය වසර දෙකේ දී ලැබ ඇති කටුක අත්දැකීම් වලින් ගත හැකි එක් පැහදිලි හා වැලකිය නො හැකි නිගමනය වන්නේ ට්‍රම්ප් පාලනාධිකාරියට එරෙහි අරගලය, ඇමරිකානු ලිබරල්වාදයේ කුනුවෙමින් තිබෙන මලකඳන්වල පක්ෂය වන, ඩෙමොක්‍රටික් පක්ෂය මත පදනම් කල නො හැකි බව යි.

ආරම්භයේ සිට ම, ඩෙමොක්‍රටිකයන්ගේ ට්‍රම්ප් විරෝධය කේන්ද්‍රගත වී ඇත්තේ විදේශ ප්‍රතිපත්තිය මත වෙනස්කම් හා ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ කොල්ලකාරී උත්සුකයන් හොඳින් ම ආරක්ෂා කර ගත හැක්කේ කෙසේ ද යන්න මත ය. පාලක ප්‍රභූව තුල ට්‍රම්ප්ගේ හතුරෝ බල කලේ ජනාධිපති රුසියාව කෙරෙහි වඩා දැඩි ආස්ථානයක් ගත යුතු අතර සිරියානු ආන්ඩුව අස්ථාවර කිරීම හා පෙරලා දැමීමේ දී අමතර මිලිටරි සම්පත් යෙද විය යුතු බවට ය.

වෙනත් වචනවලින් කියතොත්, පාලක ප්‍රභූවේ දක්ෂිනාංශික කන්ඩායම් අතර “කාමරයක පොරයකට” (ට්‍රම්ප්ගේ පත්වීමෙන් පසු ඔබාමා එය දැක් වූ ආකාරයකට) මතභේද සීමා කෙරී ඇත. ඩෙමොක්‍රටිකයන් විසින් ප්‍රචාරය කරන ලද රුසියානු විරෝධී භීතිකාවේ ප්‍රධාන ඉලක්කයක් වී ඇත්තේ, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ප්‍රහාරය යුක්තිසහගත කිරීමට සේවය කරන අතර, ට්‍රම්ප්ට එරෙහිව පුලුල් ව පැතිරුනු මහජන වෛරය හා විරුද්ධත්වය දක්ෂිනාංශික රාමුවකට කොටු කිරීමට යි.

රුසියානු “ඇඟිලි ගැසීම්” පිලිබඳ චෝදනා හාත්පස උද්ඝෝෂනය අන්තරජාල වාරනය යුක්තිසහගත කිරීමට යොදා ගෙන ඇත්තේ, වාමාංශික අඩවිවල සෙවුම් පිවිසුම්වල දැවන්ත පරිහානයකට මග පාදමිනි. විකී ලීක්ස් යක්ෂාවේශ ගැන්වීමට හා අකටයුතු හෙලිකරන්නියක වන චෙල්සී මෑනිං හිර කිරීම හා ජූලියන් අසාන්ජ්ට එරෙහි ප්‍රහාරය උත්සන්න කිරීම සඳහා කොන්දේසි නිර්මානය කිරීමට ද එය යොදා ගෙන ඇත.

ඒ අතරම, අතිමූලික ප්‍රශ්න මත ට්‍රම්ප් සමග ඩෙමොක්‍රටිකයන් ජාතික එක්සත් ආන්ඩුවකට සමාන දෙයක් පිහිටුවා ඇත. රුසියාව හා චීනය සමග “මහ බලවතුන්ගේ තරඟය” සඳහා සූදානම් වීමේ දී එක්සත් ජනපද මිලිටරියේ ප්‍රමානය විශාල වශයෙන් ව්‍යාප්ත කිරීමේ ට්‍රම්ප්ගේ සැලැස්ම අනුමත කරමින් ඔවුන් එක්සත් ජනපද මිලිටරි අයවැයේ දැවන්ත වාර්ෂික වැඩි කිරීම් දෙවතාවක් අනුමත කර ඇත.

මෑත මාසවල දී, ඩෙමොක්‍රටිකයන් චීනයට එරෙහි ට්‍රම්ප්ගේ වෙලඳ යුද්ධය වැලඳගෙන ඇතිවා පමනක් නොව, චීන විදුලිසංදේශ සමාගම්වලට එරෙහි එක්සත් ජනපද උද්ඝෝෂනය ප්‍රමානවත් තරම් ආක්‍රමනකාරී නො වීමට එරෙහිව ධවල මන්දිරිය විවේචනය කර ඇත. ඔවුන් මුලුමනින් ම පාහේ විශේෂයක් නොමැතිව වෙනිසියුලාවේ තන්ත්‍ර වෙනස සඳහා ට්‍රම්ප්ගේ ඉල්ලීමට අනුබල දී ඇත.

ඩෙමොක්‍රටිකයන්ගේ ප්‍රධාන උත්සුකය වී ඇත්තේ මහජනයාගේ වඩා පලල් කන්ඩායම් බලමුලු ගන්වනු ඇති ඕනෑ ම දෙයක් වැලැක් වීමට යි. ඒ නයින්, ඔවුන් ස්ථීර ලෙස දෝෂාභියෝග පටිපාටිකරයට විරුද්ධ වී ඇත්තේ, සෑම දෙයක් ම ම්‍යුලර්ගේ විමර්ශනයට යට කල යුතු බව අවධාරනය කරමිනි. ධවල මන්දිරයේ වර්තමාන පදිංචිකරුවා සමග තමන්ට ඇති මොන යම් හෝ කන්ඩායමික වෙනස්කම් ගැන ඔවුන් උත්සුක වනවාට වඩා ඩෙමොක්‍රටිකයෝ පන්ති අරගලයේ වර්ධනයට වඩාත් ම බිය වෙති.

මෙහි සෑම දෙයක් ම නීර්නය කෙරෙන්නේ, පොහොසත් ඉහල මධ්‍යම පන්තියේ ස්ථර සමග, මූල්‍ය හා මිලිටරි ඔත්තුසේවා කතිපයාධිකාරියේ බලගතු කන්ඩායම් වෙනුවෙන් කතා කරන, ඩෙමොක්‍රටික් පක්ෂය විසින් නියෝජනය කරන සමාජ කන්ඩායම්වල පන්ති උත්සුකයන් මගිනි.

ට්‍රම්ප් විකෘතියක් නො වේ. ඊට වෙනස් ව, ඔහුගේ පාලනාධිකාරිය ප්‍රකාශ කරන්නේ ධනේශ්වර පද්ධතියේ වඩාත් ම සාරභූත ගති ලක්ෂනයන් ය. එය වඩා බරපතල ව්‍යාධියක එක් නිමිත්තක් වන අතර, දේශපාලන සංස්ථාපිතය තුල ඔහුගේ විරුද්ධවාදීන් එහි තවත් එකකි.

ට්‍රම්ප් පාලනාධිකාරියට එරෙහිව සැබෑ අරගලයක් මෙහෙය වීමේ හැකියාව ඇති එකම සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තිය යි. 2017 ජූනි මාසයේ ලෝසවෙඅ සඳහන් කල පරිදි:

ට්‍රම්ප් හා ඔහුගේ පාලනය තුල, කම්කරු පන්තිය මුහුන දී සිටින්නේ, ප්‍රජාතන්ත්‍ර අයිතින් සහ කම්කරු පන්තියේ ජීවන තත්වයන් විනාශ කිරීම ට සපථ කල දුෂ්ට සතුරෙකුට ය. ...කම්කරු පන්තිය මේ ආන්ඩුවට විරුද්ධ විය යුතුය; එය ඉවත් කර දැමීමට වැඩ කල යුතුය. එහෙත් මේ කටයුත්ත පාලක පන්තිය තුල ඉන්නා ට්‍රම්ප් විරෝධීන්ගේ කාන්ඩයට අතහැරිය යුතු නැත. ට්‍රම්ප් සහ ඩිමොක්‍රටිකයන් අතර ඝට්ටනය සිදුවන තතු තුල, කම්කරු පන්තිය පසෙකට වී බලා සිටිය යුතු නැත. කම්කරු පන්තිය ට්‍රම්ප්ට එරෙහිව සිය අරගලය වර්ධනය කල යුත්තේ තමාගේ ම ධජය සහ තමන් ගේ ම ක්‍රියා මාර්ගය යටතේ ය. මෙහි අර්ථය නම් කම්කරු පන්තිය දිගහැරෙන දේශපාලන අර්බුදයේ පන්ති ගතිකයන් පිලිබඳ පැහැදිලි වැටහීමක් වර්ධනය කරගත යුතු බවය.

ප්‍රකාශනය ප්‍රසිද්ධ කිරීමේ සිට ආසන්න වශයෙන් වසර දෙක සලකුනු කරන්නේ සියලුම රටවල හා කර්මාන්තවලට පැතිරෙන ජාත්‍යන්තර වැඩවර්ජන ව්‍යාපාරයක වර්ධනය විසිනි. පසු ගිය වසරේ, එක්සත් ජනපද කම්කරුවන් මිලියන අඩකට වඩා වැඩවර්ජනය කලහ, එය 2017 මෙන් 20ගුනයක ඉහල යාමකි. 2008 මූල්‍ය අර්බුදයට වසර 10ට හා සමාජ අසමානතාවේ දශක ගනනකට පසු, කම්කරු පන්තිය ගෝලීය දේශපාලන කරලියට පිවිස ඇත. කම්කරු පන්තික අරගලයේ ආරම්භක ප්‍රකාශන මෙම වසර අතරතුර දී වර්ධනය වී ව්‍යාප්ත වනු ඇත.

ලෝක පරිමාන පන්ති අරගලයේ වර්ධනය ධනේශ්වර පද්ධතියට එරෙහි දැනුවත්, ජාත්‍යන්තරවාදී මෙන් ම විප්ලවවාදී ව්‍යාපාරයකට පරිවර්තනය කල යුතු ය. හදිසි හා තීරනාත්මක දේශපාලන කර්තව්‍ය එයයි.

ආන්ද්‍රේ ඩැමොන්

Share this article: