විසකුරු දේශපාලන නියෝගය හමුවේ ජූලියන් අසාන්ජ්, ඇප උල්ලංඝනය වෙනුවෙන් සති 50ක් සිරගත කෙරේ

Julian Assange sentenced to 50 weeks in jail for bail violation in vindictive political ruling

රොබට් ස්ටීවන්ස් විසිනි, 2019 මැයි 1

සවුත්වෝක් ක්‍රවුන් උසාවියේදී මැයි 1දා පැවැත්වූ නඩු විමසුම් අභ්‍යාසයකින් පසුව විකිලීක්ස් සමාරම්භක ජූලියන් අසාන්ජ්, සති 50ක් කාලයකට සිරගත කරන ලදී.

අසාන්ජ් අප්‍රේල් 3දා ලන්ඩන්හි ඉක්වදෝරියානු තානාපති කාර්යාලයේදී නීති විරෝධී ලෙස අල්ලා ගැනීමෙන් පසුව, අමුත්තන් හමුවීම වලක්වා, හුදෙකලා රඳවා තැබීමකට සමාන ලෙස ලන්ඩන්හි බෙල්මාෂ් බන්ධනාගාරයෙහි සිරගත කෙරේ.

ඇප චෝදනා යටතේ පනවා ඇති සිර දඬුවම ඔහුට විරුද්ධව පැනවිය හැකි, උපරිම වසරක කාලයකට යාන්තම් සති 2න් අඩු දඬුවමකි. 2010 දෙසැම්බරයේ පටන් ඒ වන විටත්, බ්‍රිතාන්‍ය පාලකයින් විසින් පලමුව හිතුවක්කාරී ලෙස ලන්ඩන්හි රඳවනු ලැබ සිටීම නොසලකා පැනවූ දඬුවමකි එය.

අසාන්ජ් ඉක්වදෝරියානු තානාපති කාර්යාලයේ රැකවරන පැතුවේ 2012 ජූනි මාසයේය. ඒ බි්‍රතාන්‍ය නීති ක්‍රමය යටතේ ඔහුගේ මූලික ප්‍රජාතන්ත්‍ර අයිතීන් පාගාදැමීමෙන් පසුවය. ඔහු කනස්සල්ලට පත් වුනේ, ලිංඟික අපචාර පිලිබඳව ගොතන ලද චෝදනා යටතේ ස්වීඩනයට උදර්පනය කිරීමත් පසුව ඇමරිකාවට බාර දීමත් පිලිබඳ අනතුර ගැනය.

බ්‍රිතාන්‍ය පොලීසිය මගින් අප්‍රේල් 11 දින අසාන්ජ් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගත්තේය

පසුගිය මාසයේ අසාන්ජ්, ඇප පනත කඩකිරීම පිලිබඳව වරදකරු කෙරින. අප්‍රේල් 30දා විනිසුරු ඩිබෝරා ටේලර් විසින් ඔහුට සලකන ලද හා පනවන ලද දඬුවම, දෙසතියකට පෙර දේශපාලනිකව පක්ෂග්‍රාහී විමසුමකදී අසාන්ජ් “මමත්වයෙන් ඉදිමිනු උද්ධච්ඡයෙකු” ලෙස විස්තර කරන ලද විනිසුරු මයිකල් ස්නෝටත් වඩා විසකුරුය.

අසාන්ජ් සිය ජීවිතය ගැන බියපත් වුනේ, ජ්‍යෙෂ්ඨ ඇමරිකානු දේශපාලඥයින් ගනනාවක්ම ඔහුට මරන දඬුවම් පැනවීමට මනාප බව පැවසීමෙන් පසුවය. ස්නෝ කුරිරු ලෙස පැවසුවේ, අසාන්ජ් “එක්සත් ජනපදයට ගොස් සිය දිවිය ගත කල යුතු” බවය.

එහෙත් ටේලර් වඩාත් විෂඝෝර විය. අසාන්ජ් සිය කැමැත්තෙන්ම “සිතාමතාම ලංවිය නොහැකි” පරිදි, 2012 පටන් තානාපති කාර්යාලයෙහි රැඳී සිටිමින්, “සිය වරප්‍රසාදිත තත්වය යොදාගත්තේ, නීතිය හෑල්ලු කිරීමටත් මෙම රටේ නීතිය කෙරෙහි සිය අප්‍රසාදය ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් කිරීමටත්” බව ඇය පැවසීය. අසාන්ජ් වසර ගනනකට පෙරම 2012දී ඇප මුදල තැන්පත් කරමින් සාර්ථක ලෙස එය විසඳාගෙන ඇති බව පවසමින් නීති විශාරධයින් රැසක්ම එම චෝදනා ප්‍රතික්ෂේප කලෝය. තව ද ඔහු, සිය කැමැත්තෙන්ම ඉක්වදෝරියානු තානාපති කාර්යාලයෙහි රැඳී සිටිමින් ඇප කොන්දේසි කඩකිරීමට ලැබිය යුතු දඬුවමට වැඩි කාලයක් ගතකර තිබේ.

අසාන්ජ්ගේ නීතිඥ කන්ඩායම අදාල කරුනු බොහෝ ප්‍රමානයක් ලැයිස්තුගත කර තිබේ. රාජ නීතිඥ මාක් සමර්ස්, 2012දී අසාන්ජ්, ඇමරිකානු ආන්ඩුව විසින් සිදුකරන ලද යුද අපරාධ විකි ලීක්ස් විසින් හෙලිකරනු ලැබීම නිසා එරටට උදර්පනය කරනු ඇතැයි බියෙන් “වෙලී” සිටි බවට සාක්ෂි ඉදිරිපත් කලේය.

“ඇමරිකාවෙන් ඔහුට විරුද්ධව ගලා ආ තර්ජන හමුවේ, ඔහු උත්සුකවූ සියල්ල වැසී ගියේය. ඒවා ඔහුගේ සිතෙහි හොල්මන් කලේය. ඒවා නිර්මානය කලේ ඔහු නොවේ, ඒවා සැමවිටම ඔහු වෙලාගෙන තිබුනි.

“එක්සත් ජනපද (ඔබාමා) පාලනය යටතේ, “ඔහු වාසය කල රට කුමක් වුවත් එරටේ අනුමැතියක් ඇතිව හෝ නැතිව ඔහු පැහැරගෙන එක්සත් ජනපදයට ගෙන ඒමේ” හැකියාව පිලිබඳ සමකාලීන වාර්තා ගැන සමර්ස් සඳහන් කලේය.

අසාන්ජ් ස්වීඩනයට උදර්පනය කරනු ලැබුවේ නම් ඔහු යටත් කෙරෙනු ඇත්තේ, “නොසලකා හැරීමේ, වධ බන්ධන හා මරනය පවා සිදුකිරීමේ සැලකිය යුතු අවදානමකට මිනිසුන් මුහුන පාන එක්සත් ජනපදය වෙත පටවා යැවීම පිලිබඳ හොඳින් තහවුරු කෙරුන ඉතිහාසයක් සහිත” නීති ක්‍රමයකට ය.

තානාපති කාර්යාලයේ කුඩා කාමරයකට කොටුකර තැබීම නිසා අසාන්ජ්ගේ සෞඛ්‍ය තත්වය ද බෙහෙවින් පිරිහී ගියේය. ඔහුට සෞඛ්‍ය හේතු ගනනාවක් පිලිබඳව ප්‍රතිකාර ගැනීමට නොහැකි විය. “ඔහු ශක්තිමත් මිනිසෙකු වුව ද මේ සියල්ලෙන් ඔහු දුබල කෙරුනි” යයි සමර්ස් පැවසීය.

අසාන්ජ්ගේ නීතිඥයින් උසාවියට පැවසුවේ, 2012දී අසාන්ජ්ට දේශපාලන රැකවරනය සැලසීම ද ඇතුලු ඇප ප්‍රශ්නයේ පසුබිම, සුලු “ඛාන්ඩයේ සී” ප්‍රශ්නයක් ලෙස සලකා සාමාන්‍යයෙන් කටයුතු කරනවාට වඩා “අසාමාන්‍ය හා වෙනස්වූ” කාරනයක් වී තිබෙන බවයි.

පැමිනිල්ල ඉල්ලා සිටියේ එය, අසාන්ජ් සිරගත කරනු ඇති බව අර්ථවත් කරන ඒ1 නඩුවක් සේ සලකා කටයුතු කල යුතුය කියාය. ටේලර් චූදිත පක්ෂයේ සියලු තර්ක ප්‍රතික්ෂේප කලේය.

“මාගේ නඩුව ගෙනයන ආකාරයෙන් මම නිගරුවක් කලේ යයි සලකනු ලබන සියල්ලන්ගෙන් මා කොන්දේසි විරහිතව” සමාව ඉල්ලා සිටින්නේ යයි සඳහන් ලිපියක් අසාන්ජ් ඉදිරිපත් කලේය. “මට හෝ මා වෙනුවෙන් කටයුතු කරන කිසිවෙකුටත් ප්‍රතිකර්මයක් කල නොහැකි බිහිසුනු අවස්ථාවන් සමඟ මම පොර බදමින් සිටින බව හැඟුනි” යයි ද ලිපියේ සඳහන් විය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සිය වාර්ෂික ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලිය මැයි 4දා පවත්වනු ලබයි. එයට ලොව පුරා කථිකයින් හා ශ්‍රාවකයින් සහභාගී වනු ඇත.අදම ලියාපදිංචි වන්න!

ටේලර් මෙම ඉල්ලීම නොතකා හරිමින් සූදානම් කර තිබුන දඬුවම දිගටම කියාගෙන ගියේය.

අසාන්ජ්ගේ ඇප කඩකිරීම, “අධිකරනය මඟහැරීම හෝ එහි කටයුතු ප්‍රමාද කිරීමට සිතාමතාම වැඩ කල බව පෙන්නුම් කරන හා බාරවීමට අසමත්වීම” පිලිබඳ ඒ1 ඛාන්ඩය ටත් වඩා බරපතල යයි ඇය පැවසුවාය.

තමා තානාපති කාර්යාලයේ රැකවරන පැතුවේ, ඇමරිකාවේදී සිදුවිය හැකි බව පවසන “වධදීම් හා එරටට පිටුවහල් කිරීම” මඟහැරීමට බව පවසන අසාන්ජ්ගේ ප්‍රකාශ “අයථාර්තවත්” යයි ඇය පැවසුවාය. ඇය එසේ පැවසුවේ, ඇමරිකාවට උදර්පනය කිරීම පිලිබඳ නඩු විමසීමට අසාන්ජ් හෙට දිනයේදී අධිකරනයට මුහුන දෙනු ඇතැයි ද නොසලකාය.

අදාල සියලු කරුනු ප්‍රතික්ෂේප කිරීමට ඇයට ගතවුනේ මිනිත්තු දෙකක කලෙයකි. එය හරියට විත්තියේ නීතිඥයින් ඉදිරිපත් කරන ලද වචනයකටවත් ඇහුම් කන් නොදුන්නාක් වැනිය! නියමිත ක්‍රියාවලිය පිලිබඳ මූලික රෙගුලාසි හා ජාත්‍යන්තර නීතිය පයින් පාගා දැමුනි. හිතුවක්කාරී ලෙස රඳවා තැබීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කන්ඬායම 2015දී කල නියෝගය, එනම්, අසාන්ජ් බ්‍රිතාන්‍යය විසින් හිතුවක්කාරී ලෙස රඳවාගෙන සිටින අතර ඔහු නිදහස් කල යුතු බවත් ඔහු නීති විරෝධී ලෙස අත්අඩංඟුවේ තබාගැනීම පිලිබඳව වන්දි ලබාදිය යුතු බවටත් කල නියෝගය ඇය නොතකා හැරියාය.

ඇය මෙසේ පැවසුවාය: එක්සත් ජාතීන්ගේ කන්ඩායමේ උත්සුකය ගැන සලකන කල එය, කරුනු හා නීතිය ගැන වැරදි සංකල්ප මඟින් බලගැන්වුන හා එය මේ අධිකරනයට අදාල නොවන කාරනයක් බවය.

මෙය සියලු බොරු පරදවා යයි. දඬුවම් නියෝග පැනවීමට පෙරාතුව ටේලර් සදොස් ලෙස පැවසුවේ, අසාන්ජ් ලිංඟික අපචාර ගැන “චෝදනා” හා කෙලෙසීම ගැන චෝදනාවක් ද පිලිබඳව ස්වීඩනයට උදර්පනය කරන බවයි. අසාන්ජ් ඇයට බාධාකරමින් පෙන්නුම් කලේ, “මට චෝදනා නඟා නැති” බවයි. ටේලර්ට පසුබැසීමට බල කෙරුනි.

එහෙත් මෙයින් අසාන්ජ්ට එරෙහි ඇයගේ දොස් පැවරීම කෙලවර නොවින. “දිගටම තානාපති කාර්යාලයේ රැඳී සිටීමෙන්, පවුම් මිලියන 16ක් තරම් බදු ගෙවන්නන්ගේ මුදල් වියදම්වූ සම්පත් මුදා හැරීමට අවශ්‍ය කෙරුනි....”

කටයුතු ආරම්භ කෙරී පැය භාගයක් තරම් ගතවෙද්දී ටේලර්, අසාන්ජ් සති 50ට සිරගත කලාය. එය සිදුවූයේ රැස්ව සිටි මධ්‍ය නියෝජිතයින් 45 දෙනෙකුගේ පැහැදිලි අනුමැතිය සහිතවය. ඊට සපුරා වෙනස් ලෙස රැස්ව සිටි ජනතාව කෝපයට පත් වූහ. අසාන්ජ් පිටතට ගෙන යන කල ඔහු අනුමැතිය පල කිරීම පිනිස ගැලරියේ සිටි සිය ආධාරකරුවන් වෙත හැරුනි. “අසාන්ජ් නිදහස් කරනු! යනුවෙන් නිරතුරුව හඬ නැඟුනි. නඩුකාරිනිය අධිකරන ශාලාවෙන් බැහැරව යද්දි “ඔබ විලි ලැජ්ජාවකි!” යන හඬ නැඟුනි.

අධිකරන ශාලාවෙන් පිටතදී විකිලීක්ස් ප්‍රධාන කතෘ ක්‍රිස්ටීන් රැෆන්සන් දඬුවම හෙලා දුටුවාය. එය “කෝපය දනවයි, ස්වභාවයෙන් කුරිරුය.” එයින් අපට ඉදිරි සටන සඳහා බ්‍රිතාන්‍ය නීතිය ගැන වන විශ්වාසය දරුනු ලෙස පලුදු කලේය.”

අධිකරන ශාලාවෙන් පිටතදී විකිලීක්ස් ප්‍රධාන කතෘ ක්‍රිස්ටීන් රැෆන්සන් දඬුවම හෙලා දුටුවාය

බ්‍රිතාන්‍යය විසින් අසාන්ජ්, අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටින දේශපාලන සිරකරුවෙකු වන බවට එක්සත් ජාතීන්ගේ අත්තනෝමතික රඳවා ගැනීම පිලිබඳ කන්ඩාමේ තීරනය, අධිකරනයෙන් ප්‍රතික්ෂේප වීම ගැන ලෝසවෙඅ වාර්තාකරුවෙකු ඇසූ විට රැෆන්සන් පිලිතුරු වශයෙන් පැවසුවේ, “එය කෝපගන්වයි... අප මේ ලෝකයේ තිබෙන සියලු විනීතම්වල අවසානයට පැමින ඇත් ද?” යනුවෙනි.

විකිලීක්ස් ට්විටර් සටහනකින් මෙසේ පැවසීය: ජූලියන් අසාන්ජ්ගේ දඬුවම කුරිරු වනවාක් මෙන්ම කම්පනකාරීය. අපට බරපතල සැකයක් තිබෙනවා ඔහු උදර්පනය කිරීම පිලිබඳව බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන විභාගයෙන් ඔහුට සාධාරනයක් ඉටුවේ ද? යන්න පිලිබඳව.”

දෙවන ට්වීටර් සටහන මෙසේ පැහැදිලි කරයි: “රැකවරන පැතීම පිලිබඳව ජූලියන් අසාන්ජ්ට ලැබී තිබෙන දඬුවම, පූර්වාදර්ශයක් සැපයීම සම්බන්ධයෙන් දෙගුනයක් දරුනුය.” එය මනුෂ්‍ය ඝාතනය පිලිබඳ චෝදනාවෙන් ගැලවීමට 2018දී රුමේනියාවට පැනගත් ජැක් ෂෙෆර්ඞ්ට ලැබුන දඬුවම සමඟ ජූලියන් අසාන්ජ්ට ලැබුන සැලකීම සන්සන්දනය කලේය. “අධිකරනයේ පෙනී නොසිටීමේ වරදට ඔහුට ලැබුනේ මාස 6ක සිරදඬුවමක් පමනි.”

විකිලීක්ස් විසින් ඇමරිකානු පාලක පන්තියේ යුද අපරාධ දිරිමත් ලෙස හෙලිදරව් කිරීමේ හේතුව නිසා ඔවුන්ගේ දරුනු ප්‍රහාරයට මුහුනපා සිටින අසාන්ජ්, ඇමරිකාවට උදර්පනය කිරීමේ උත්සාහයෙහි කොටසකි ටේලර්ගේ සිර දඬුවම. මෙහි අර්ථය ඇමරිකානු සිතාසි මත සිදුවන නීතිමය කටයුතු පුරා ඔහුට සිරගතව සිටින්නට සිදුවනු ඇති බවයි. රන්ෆසාන් පැවසුවේ, ඇමරිකාවට උදර්පනය කිරීමේ පියවරට අභියෝග කිරීම, “අසාන්ජ්ට ජීවිතයත් මරනයත් පිලිබඳ ප්‍රශ්නයක් වනු ඇති” බවයි.

Share this article: