කම්කරු පන්තිය හා එක්සත් ජනපදය තුල ඒකාධිපතිත්වයේ තර්ජනය

The working class and the threat of dictatorship in the US

2019 මැයි 13

ට්‍රම්ප්ගේ ධවල මන්දිරය හා ඩිමොක්‍රටිකයන් පාලනය කරන කොංග්‍රස් මන්ඩලය අතර ගැටුම, කොංග්‍රස්මන්ඩල කතා නායිකා නැන්සි පෙලෝසි පසු ගිය සතියේ ප්‍රකාශ කල, “ව්‍යවස්ථාදායක අර්බුදයක්” පැවතීමේ අවස්ථාවට ලඟා වී ඇත. ඩොනල්ඞ් ට්‍රම්ප් එක්සත් ජනපද ව්‍යවස්ථාවේ සඳහන් බලතල වෙන් කිරීම පිලිගැනීම ප්‍රතික්ෂේප කරන බව ඈ පැවසුවා ය.

කොංග්‍රස් මන්ඩල කමිටු සභාපති ජෙරොල්ඞ් නැඞ්ලර් විසින් ඈ අනුකරනය කරන ලද්දේ මෙසේ පවසමිනි: “අපි දැන් ඉන්නේ (ව්‍යවස්ථාදායක අර්බුදයක). අපට මේ ආකාරයේ සමූහාන්ඩුවක් පවත්වාගෙන යා හැකි ද, නැතහොත් මෙම සමූහාන්ඩුවට වෙනස්, වඩා කෲර පාලන රූපාකාරයකට මාරු වීමට නියමිත දැ යි පරීක්ෂා කිරීමට දැන් කාලය යි.”

ට්‍රම්ප්ගේ ධවල මන්දිරයේ අබාධිත ජනාධිපති බලතල තහවුරු කර ගැනීම සඳහා එක්සත් ජනපද ඉතිහාසය තුල පූර්වාදර්ශයක් නොමැත. ඔහු උත්සාහ ගනිමින් සිටින්නේ අන්ත දක්ෂිනාංශයට කරන සංක්‍රමන විරෝධී ආයාචනාවලින් අනුබල දෙනු ලබන පුද්ගලවාදී තන්ත්‍රයක් නිර්මානය කිරීමට යි. ඔවුන් ඒකාධිපතිත්වයක් ගැන අනතුරු අඟවද්දී පවා, ඩිමොක්‍රටිකයන් ඔහුගේ අධිපතිවාදී බලතල තහවුරු කර ගැනීමට බැරෑරුම් ලෙස විරුද්ධ වීම ප්‍රතික්ෂේප කරන අතර තම විරුද්ධත්වය පදනම් කරන්නේ ඔහු ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ විදේශිය “හතුරන්” වෙත ප්‍රමානවත් තරම් ආක්‍රමනකාරී නො වෙති යි යන තම දක්ෂිනාංශික ආස්ථානය මත ය.

ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ විධායක ශාඛාවේ බලය කොංග්‍රස් මන්ඩල පාලනයෙන් නිදහස් විය යුතු බව යි. ම්‍යුලර් වාර්තාවේ සම්පූර්න අන්තර්ගතය මත මෙන් ම පිටු මිලියන ගනනාවක දිවෙන්නා වූ ද, 2016 මුලු මැතිවරනය ම ආවරනය කරන්නා වූ ද එහි ආධාරක වාර්තා මත ඔහු විධායක වරප්‍රසාද ප්‍රකාශ කලේ ය .(එම අවස්ථාවේ ට්‍රම්ප් ජනාධිපති නො වූ නිසා එවැනි වරප්‍රසාදයකට හිමි යැයි සිතිය නො හැක) පාර්ලිමේන්තු අධිකරන කමිටුව ට ලේඛන බාර දීම ප්‍රතික්ෂේප කිරීමෙන් නීතිපති විලියම් බාර් කොංග්‍රසයට අගෞරව කිරීම වෙනුවෙන් චෝදනාවට ලක් කෙරුනද, බාර් කමිටුව ඉදිරියේ පෙනී සිටීමේ සිතාසි බාර ගැනීමට ද විරද්ධත්වය දක්වා ඇත.

ජනවාරියේ දී ඩෙමොක්‍රටිකයන් කොංග්‍රස් මන්ඩලයේ පාලනය ගත් දා සිට, සංක්‍රමනිකයන් මත තම ප්‍රතිපත්ති තීරනවල සිට ට්‍රම්ප්ගේ බදු ප්‍රතිලාභ දක්වා, පුලුල් පරාසයක විෂයන් මත ලේඛන හා සාක්ෂිකරුවන් සඳහා වන සිතාසි බාර ගැනීම පාලනාධිකාරිය විසින් ප්‍රතික්ෂේප කර ඇත. ඇත්ත වසයෙන් ම, ධවල මන්දිරය ප්‍රතික්ෂේප කරමින් සිටින්නේ, පාර්ලිමේන්තුව තුල ඩිමොක්‍රටිකයන්ට බහුතරයක් මෙන් ම විධායකය විමර්ශනය කිරීමට ව්‍යවස්ථානුකූලව පැවරුනු බලය ලබා දුන්නා වූ, 2018 නොවැම්බර් මැතිවරනයේ ප්‍රතිඵල පිලිගැනීම යි.

ඊටත් වඩා අසුබ වන්නේ ට්‍රම්ප්ගේ විධායක නියෝගයක් මගින් පෙබරවාරියේදී එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාව මත හදිසි නීති තත්වය ප්‍රකාශ කිරීම හා, විධායකයට නොව, ව්‍යවස්ථාව විසින් ආන්ඩුවේ ව්‍යවස්ථාදායක ශාඛාවට වෙන් කරන “පසුම්බියේ බලය” (මුදල් වෙන්කිරීම) සැලකිල්ලට නො ගෙන, දේශසීමා තාප්පයක් ඉදි කිරීමට මිලිටරියෙන් මුදල් මාරු කිරීමට පෙන්ටගනයට අනුමැතිය දීම යි.

සිකුරාදා, වැඩබලන ආරක්ෂක ලේකම් පැටි්‍රක් ෂානහන් නිවේදනය කලේ, මාර්තුවේ දී පෙන්ටගන් අයවැයෙන් ඒ වන විටත් මාරු කෙරෙනු ඩොලර් බිලියන 1මත, ඇෆ්ගනිස්තානයේ මිලිටරි මෙහෙයුම්වලින් පෙන්ටගන් අරමුදල් මිලියන 1.5ක් දේශසීමා තාත්පයේ සැතපුම් 80ක් සම්පූර්න කිරීම සඳහා මාරු කරමින් සිටි බව යි.

පසු ගිය සතියේ, 2020 මැතිවරනය අවලංගු කරමින්, තමාගේම නිල කාලය තවත් වසර දෙකකින් දීර්ග කල යුතු යැයි අන්ත දක්ෂිනාංශික ආධාරකරුවෙකු විසින් කරන ලද යෝජනවාක් ට්‍රම්ප් යලි ට්වීටර් කලේ ය. ඩිමොක්‍රටිකයන් හා සංගත මාධ්‍ය මෙය විහිලුවක් යැයි පැත්තකට දැමීමට උත්සාහ කල නමුත් එය අතිශයින් බරපතල ය. එමෙන් ම ට්‍රම්ප් එය පසු පස ගියේ තමාට “අවුරුදු දහයේ සිට දාහතර ” දක්වා ධවල මන්දිරය තබා ගත හැකි යයි අදහස් දක්වමිනි, මෙයට ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, මැතිවරන බොහොමයක් හෝ මුලුමනින් ම තහනම් කිරීම අවශ්‍ය ය. පසු ගිය සතියේ ෆ්ලොරීඩාවේ රැලියක දී, ආන්ඩුව දේශසීමා පසු කරන සංක්‍රමනිකයන්ට “වෙඩි තැබිය” යුතු යැයි තම ආධාරකරුවෙකු කල යෝජනාකවකට ඔහු සිනා වූ අතර ඔහුගේ ප්‍රේක්ෂකයෝ බෙරිහන් දී අනුමැතිය දුන් හ.

ට්‍රම්ප් තම ෆැසිස්ට්තාලයේ ආයාචනා යොමු කරන්නේ, වොෂින්ටනයේ බල තුලනය තීරනය කිරීමේ දී බලගතු බලයක් සහිත, පොලිස් නිලධාරීන්, දේශසීමා මුරකරුවන් හා මිලිටරියේ නිල ඇඳුම් සාමාජිකයින් මිලියන ගනනාවකට ය.

ඔහු වසර දෙකක් එක්සත් ජනපද මිලිටරි ශක්තිය සැමරීමට වොෂින්ටන් නගරයේ යුද-ටැංකි පෙරමුන ගන්නා පෙලපාලියක් යෝජනා කලේ ය. ඔහු සංක්‍රමනික හා රේගු සවිබලගන්නන් හා දේශසීමා මුරකරුවන් විසින් පටවනු ලබන සංක්‍රමනික විරෝධී ප්‍රචන්ඩත්වයන් හා මර්දනයන්ට ප්‍රශංසා කලේ ය. ඉතාමත් මෑත දී, ජාතික වෙලඳ පරිශ්‍ර සමූහයේ වේදික ගත කරන ලද, සාම්ප්‍රදායික අදේශපාලනික ජූලි 4වැනිදා (නිදහස් දින) ගිනිකෙලි සන්දර්ශනය දේශප්‍රේමී හා මිලිටරිවාදී පසුබිමක් ඇතිව ලින්කන් අනුස්මරන පරිශ්‍රයේ කෙරෙන ජනාධිපති කතාවකට වෙනස් කිරීම ගැන ඔහු කතා කර ඇත.

ට්‍රම්ප්ගේ ක්‍රියා “ඉහල අපරාධ හා අයුතු ක්‍රියාවලින්” සමන්විත වනවා පමනක් නො ව, එය සමස්තයක් ලෙස ව්‍යවස්ථාව ශුද්ධ කර දැමීමක් ලෙස ගනන් ගැනේ. නමුත් පසු ගිය සතියේ ඩිමොක්‍රටික් පක්ෂය ට්‍රම්ප්ට දෝෂාභියෝග කිරීමට සහය දෙනු ඇත් දැ යි ඇසූ විට, පෙලෝසි උත්තර දුන්නේ “නෑ” කියා ය. ඇය මෙසේ පැහදිලි කලා ය: “අපි (එක්සත් ජනපදය) එකක්. අපි තීරන ගන්නා හා ක්‍රියාවලට ප්‍රමුඛතා දෙන හා විකල්ප සලකා බලන විට, ජාතියක් ලෙස අප එකට තබන ඒකතාව මා හා කොංග්‍රස් මන්ඩල ඩිමොක්‍රටික නායකත්වය සඳහා මූලික විය යුතු විධානයකි. දෝෂාභියෝගය යනු ගැනීමට සිදුවන බොහෝ බේද ඇති විය හැකි ක්‍රියාමාර්ගයකි.”

“බෙදීම්” පිලිබඳ ඩිමොක්‍රටිකයන්ගේ බිය අවධාරනය කරන්නේ රුසියානු “කුමන්ත්‍රනය” පිලිබඳ ප්‍රකාශ හා ඔවුන්ගේ රුසියානු විරෝධී උද්ඝෝෂනයෙන් හට ගන්නා යුක්තියට බාධා කිරීමේ චෝදනා පිලිබඳ යොමු වීමේ සැබෑ හේතු යි. ට්‍රම්ප්ගේ පත්වීමේ තැන් සිට, ඔවුන් ඔහුගේ ජයග්‍රහනය “රුසියානු ඇඟිලිගැසීම්වල” ඵලයක් බව පින්තාරු කර ඇත්තේ, රුසියාව සම්බන්ධයෙන්, විශේෂයෙන් ම සිරියාව හා යුක්‍රේනය තුල ඉතාමත් ගැටුම්කාරී ප්‍රවේශයෙන් පිටතට, එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ ඕනෑ ම වෙනස් වීමකට විරුද්ධ වන ජනරාල් වරුන් හා ඔත්තුසේවා විශේෂඥයින් අතර මිලිටරි/ඔත්තුසේවා සංවිධාන තුල සහාය බලමුල ගැන්වීමට උත්සාහ කරමින් සිටින අතර යි.

ඔවුන්ගේ මහත් ම බිය වන්නේ ට්‍රම්ප්ගේ ඒකාධිපතිවාදී උපාමාරු තුල ප්‍රජාතන්තවාදී ප්‍රශ්න බරපතල ලෙස විසඳීමට ගන්නා ඕනෑ ම උත්සාහයක් පහල සිට සමාජ විරුද්ධත්වයේ බිම්රැල්ලක් උත්පාදනය කරනු ඇත යන්න යි. තමන් ට්‍රම්ප්ගේ බලය ඩැහැ ගැනීමට අභියෝග කරන්නේ නම්, ඔහු පාර්ලිමේන්තුවෙන් පිටත තම අන්ත දක්ෂිනාංශික ආධාරකරුවන් බලමුල ගන්වනු ඇති අතර, එය වැඩවර්ජන, විශ්විද්‍යාල වසා දැමීම හා ප්‍රචන්ඩත්වයට මග පාදමින්, කම්කරු පන්තිය හා තරුනයන් අතර පුලුල් ව පැතිරෙන ප්‍රතිපෙලපාලි අවුලුවනු ඇත යි ඩිමොක්‍රටිකයෝ බිය වෙති.

මෙමගින් සමාජ අසමානතාවට, යුද්ධයට හා ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට පහර දීමට කම්කරු පන්තියේ පවතින දැවැන්ත විරුද්ධත්වය සඳහා ඉඩකඩක් විවෘත වන අතර එමගින් ධනවාදී ද්වි පක්ෂ ක්‍රමයේ පාලනයෙන් නිදහස් ස්වාධීන දේශපාලන, ධනපති විරෝධී ප්‍රකාශනයට ඉඩ විවෘත වනු ඇත.

දේශීය එක්සත්කමේ එවැනි පිපිරීමක් ඉරානය, දකුනු චීන මුහුද, වෙනිසියුලාව හා උතුරු කොරියාව ඇතුලුව විදේශයන් හි එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අති මහත් විදේශ ප්‍රතිපත්ති අතිධාවනයන් අවහිර කරනු ඇත. ඊයේ නිව් යෝක් ටයිම්ස් පත්‍රය තුල ඬේවිඞ් සැන්ගර් කනස්සලු ලෙස සඳහන් කල පරිදි, ඇමරිකාවේ සතුරෝ “ට්‍රම්ප් මහතා සාකච්ඡාකරුවෙකු ලෙස දැනුමක් ඇත්තෙකු හෝ ඔහු ප්‍රකාශ කරන පරිදි මිලිටරි බලය යෙදීමට සූදානම් ඇත්තෙකු හෝ නො වන බවට ඔට්ටු අල්ලමින් සිටිති.” ඩිමොක්‍රටිකයන් ද එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ස්ථාවරත්වය, විශේෂයෙන් ම බටහිර යුරෝපයේ එහි සහචරයන් අතර ට්‍රම්ප්ගේ බලපෑම ගැන තම උත්සුකය පල කර ඇත.

ට්‍රම්ප්ට ඩිමොක්‍රටිකයන්ගේ ප්‍රතිචාරය වී ඇත්තේ 2000 සොරා ගැනුනු ජනාධිපතිවරනය සම්බන්ධයෙන් පක්ෂයේ ප්‍රතිචාරයේ වඩා ඉහල මට්ටමක පුනර්කරනයයි, එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනයේ දක්ෂිනාංශික බහුතරය ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ඡන්ද ගනන් කිරීම වසා දැමීමට හා ප්‍රාන්ත මැතිවරන ජය, හා එය සමග ජනාධිපතිකම, මහජන ඡන්දය පරාජය වී තිබූ, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ට පිරිනැමීමට මැදිහත් වූ විට, ඩිමොක්‍රටික් පක්ෂය මෙන් ම එහි ජනාධිපතිවරන අපේක්ෂක අල් ගෝර්, දක්ෂිනාංශික කුමන්ත්‍රනයට යටත් වූහ. මෙම තීරනාත්මක සිදුවීම, එක්සත් ජනපද පාලක ප්‍රභූව තුල ප්‍රජාතන්ත්‍රවාදය සඳහා තව දුරටත් කන්ඩායමක් නැති බව ප්‍රදර්ශනය කල බව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ඒ අවස්ථාවේ ප්‍රකාශ කලේ ය.

ඩිමොක්‍රටික් පක්ෂය තම ආධාරකරුවන් බලමුලු ගැන්වීමට අපොහොසත් වූයේ මෙය පාලනයෙන් පිට පැනිය හැකි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා මහජන ව්‍යාපරයක් පොලඹවන්නකු ඇත යි බියෙනි. පහලින් එන විරුද්ධත්වය බලමුලු ගැන්වීම හෝ කුමන්ත්‍රනය පිලිගැනීම තෝරා ගැනීමට මුහුන දෙන ලදුව, ඩිමොක්‍රටිකයෝ කුමන්ත්‍රය තෝරා ගත්හ.

ට්‍රම්ප්ට වන ඩිමොක්‍රටිකයන්ගේ ප්‍රතිචාරය ද එකම ප්‍රතිගාමී තර්කය හඹා යයි.

ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය විසිරී යමින් පවතී. ෆැසිස්ට්වාදී සහයෝගී පදනමක් පොලඹවා ගැනීමට උත්සාහ කරමින් සිටින, සාපරාධී ජනාධිපතිවරයෙක්, දුර්වල විරුද්ධ පාර්ශ්වයකට මුහුන දෙන අතර පූර්න පරිමානයේ කඩා වැටීමකට ලක් වුවහොත්, ව්‍යවස්ථාදායක පර්යාය “රැකීමට” මිලිටරියට ආයාචනා කරනු ඇත.

කොංග්‍රස් මන්ඩලයේ දෝෂාභියෝගයක් හා සෙනේට් සභාවෙන් දෝෂනයට ලක් කිරීම මගින්, ට්‍රම්ප් ව්‍යවස්ථාමය වශයෙන් ඉවත් කරන්නාවූ, බොහෝ සේ විය නො හැකි සිදුවීමක දී පවා, ප්‍රතිඵලය වනු ඇත්තේ ප්‍රතිගාමිත්වයෙන් අඩුවක් නැති උප ජනාධිපකි මයික් පෙන්ස් නායකත්වය දෙනු ලබන පාලනාධිකාරියකි. ඩිමොක්‍රටිකයන් එවැනි මාරුවකට නායකත්වය දුන්න ද, එය වඩා ආක්‍රමනාකරී, විශේෂයෙන් ම රුසියාවට එරෙහි විදේශ ප්‍රතිපත්තියක් මත පදනම් වනු ඇති අතර, ධනය යලි බෙදා හැරීම හෝ මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ගේ ඉරනම හෝ වෙනස් නො වනු ඇත.

කම්කරු පන්තිය ට්‍රම්ප් පාලනාධිකාරිය බිද දැමීමට ස්වාධීන ක්‍රියාමාර්ගයක් සකස් කල යුතු ය. පිලිතුර පවතින්නේ පන්ති අරගලයේ වර්ධනය තුල ය.

කම්කරුවන් වැඩ කරන ස්ථාන හා කම්කරු පන්තික අසල්වාසයන්හි, කම්කරුවන්ගේ උත්සුකයන් ආරක්ෂා කිරීම ක්‍රියාත්මක කරනු ඇති, ප්‍රජාන්ත්‍රවාදීව පාලන කෙරෙන සාමාජික කම්හල් කමිටු හා අසල්වාසි කමිටු පිහිටුවිය යුතු ය. එවැනි කමිටු ගොඩනැගීම, හා ඒවා මෙහෙය වන අරගලයට නව දේශපාලන ඉදිරිදර්ශනයක් මග පෙන්විය යුතු ය.එනම් කම්කරුවන්ගේ ආන්ඩුකට හා සමාජවාදී හා යුද විරෝධී ක්‍රියාමාර්ගයක් සඳහා සටන් කිරීමට කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම යි.

පැට්‍රික් මාටින්

Share this article: