ට්‍රම්ප් 2020 මැතිවරනය අවලංගු කිරීමේ යෝජනාව දියත් කරයි

Trump floats proposal to cancel 2020 elections

2019 මැයි 8

ව්‍යවස්ථානුකූල ව පැවරුනු වසර හතරක කාලයේ සිට වසර හයක් දක්වා තම කාලය දීර්ග කර ගන්නා ලෙස ඉල්ලා සිටිමින්, ප්‍රබල ප්‍රතිගාමියෙකු හා එවන්ජලික පූජකයෙකු මෙන් ම ප්‍රමුඛ ට්‍රම්ප් විශ්වාසවන්තයෙකු වන ජෙරී ෆල්වෙල් විසින් යොමු කරන ලද ට්වීටර් පනිවිඩයක්, ඉරිදා ඩොනල්ඞ් ට්‍රම්ප් යලි-ට්වීටර් කලේ ය.

ට්‍රම්ප් රුසියානු හවුල්කරුවෙකු යැයි හංවඩු ගැසීමට ඩිමොක්‍රටික් පක්ෂය නායකත්වය දෙන උත්සාහය සඳහන් කරමින් ට්වීටර් පනිවුඩය මෙසේ කියයි: “මෙම දූෂිත අසාර්ථක කුමන්ත්‍රනයෙන් සොරා ගැනුනු කාලය සඳහා පිලිගෙවුමක් ලෙස ට්‍රම්ප් තම පලමු වාරයට වසර දෙකක් එක් කල යුතුව ඇත.”

මෙම යෝජනාව යලි-ට්වීටර් කිරීම මගින්, ට්‍රම්ප් ඇත්ත වශයෙන් ම, 2020 මැතිවරනය අවලංගු කිරීමට හා තෙමේ ම නීතියට වඩා ඉහල බව ප්‍රකාශ කිරීමට තර්ජනය කරමින් සිටී. එක්සත් ජනපද ව්‍යවස්ථාවේ දෙවැනි වගන්තිය ප්‍රකාශ කරන්නේ ජනාධිපති “සිව් වසරක කාලයක් අතරතුර තම තනතුර දැරිය යුතු” බව යි.

ට්‍රම්ප්ගේ ක්‍රියාව ව්‍යවස්ථාව අවලංගු කිරීමේ සෘජු තර්ජනයකි. ඇමරිකානු විප්ලවයේ සිට අතිමූලික යැයි සැලකුනු දේශපාලනික හා නීතිමය සම්මතයන් දැන් ජනාධිපතිගේ ට්වීටර් පනිවුඩ මගින් අභියෝග කෙරෙන මට්ටමකට ධනේශ්වර දේශපාලනය පිරිහී ගොස් ඇත.

ට්‍රම්ප්ගේ රිපබ්ලිකානු සහචරයන් කියන්නේ ට්‍රම්ප් විහිලු කරමින් සිටිනවා පමනක් කියා ය. නමුත් මැතිවරනයක් අවලංගු කිරීම ජනාධිපති විහිලුවක් ගැන යමක් නො වේ. ජනාධිපති ලෝකයේ ඉතාමත් බලගතු පුද්ගලයා වන අතර ඔහුගේ සෑම වචනයක් ම එක්සත් ජනපදය තුල මෙන් ම ජාත්‍යන්තර ව කිට්ටුවෙන් විපරම් කෙරේ. ලෝකය වටා දේශපාලඥයෝ, ව්‍යාපාරිකයෝ හා තීරන ගන්නෝ පෙනෙන පරිදි එදිනෙදා ප්‍රකාශන හෝ ඒවායේ ගැඹුරු අර්ථය වෙනුවෙන් නො සැලකිලිමත් සඳහන් කිරීම් වල ව්‍යාකරන පවා විග්‍රහ කරති.

ට්‍රම්ප් ප්‍රමුඛ, දේශපාලනිකව ක්‍රියාකාරී එවැන්ජලික පූජකයෙකු යලි-ට්වීටර් කිරීම විහිලුවක් නො වේ. එය අධාරකරුවන්ට මෙන් ම විරුද්ධවාදීන්ට හිතාමතා ම යැවූ බරපතල සංඥාවකි, ඔවුන් ට්‍රම්ප් බැරෑරුම් බවත් බලයේ සිටීම සඳහා ව්‍යවස්ථා විරෝධී ක්‍රමවේද හඹා යමාට සූදානම් බවත් අවබෝධ කරගනු ඇත. එය ට්‍රම්ප් හා ඔහුගේ ෆැසිස්ට්වාදී උපදේශකයින් විසින් දීර්ග කාලයක සිටි සැලැසුම් කෙරෙන වඩ වඩා ඒකාධිපතිවාදී රටාවක කොටසකි.

මිලිටරි නායකයින් සමග අප්‍රේල් මාසයේ උත්සවයක දී ත්‍යාගයක් පිලිගන්නා අතර ට්‍රම්ප් මෙසේ පැවසී ය, “මෙය හැබෑවට ම ලස්සනයි. අඩු වසයෙන් වසර හයකට, ඕවල් කාර්යාලයේ මෙය ස්ථීර තැනක් සොයා ගනු ඇත.”

2018දී, දැන් සී “යාවජීව ජනාධිපතිවරයෙකු” වීම “ශ්‍රේෂ්ට” යැයි ට්‍රම්ප් චීන ජනාධිපති සී ජිංපිංට පැවසුවේ, මෙසේ එකතු කරමිනි, “ඇතැම් විට යම් දවසක අපටත් එය කල හැකි වනු ඇත.” 2016 මැතිවරනයට සූදානම් වීමේ දී, ඩිමොක්‍රටික හිලරි ක්ලින්ටන් ජයග්‍රාහී බව ඔප්පු කෙරුනොත් මැතිවරන ප්‍රතිඵල නොසැලකීමට ට්‍රම්ප් පුන පුනා තර්ජනය කලේ ය. ඔහු පරාජයේ ප්‍රතිඵල පිලිගන්නේ දැ යි ඇසූ විවාද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින්, ඔහු පැවසුවේ, “මම ඒ වේලාවේ ඔබට කියන්නම්, මම ඔබ දෙගිඩියාවක තියනවා.”

ට්‍රම්ප්ගේ වර්තාමන නීතිඥ, හිටපු නිව් යෝක් නගරාධිපති රූඩී ගියුලියානි, 9/11 ප්‍රහාරය හමුවේ 2001 නගරාධිපති මැතිවරනය අවලංගු කිරීමට යෝජනා කලේ, ඔහු නීත්‍යානුකූල ව කාලය අවසන් කර ඇතැ යි යන කාරනය නො සලකා අර්ධ-ඒකාධිපතිවාදී ක්‍රමවේද අවශ්‍යය යි තර්ක කරමිනි.

ට්‍රම්ප්ගේ ජනාධිපති ධුරය බොහෝ ඒකාකාර ඒකාධිපතිවාදී මහජන ප්‍රතිචාර අත්හදා බලා ඇත. තම සමාරම්භක කතාවේ දී ඔහු තමා පිටුපස සොල්දාදුවන් ස්ථාපනය කලේ ය, වොෂින්ටනයේ මිලිටරි පෙලපාලියක් පැවත්වීමට සැලැසුම් කල අතර, මුස්ලිම් රටවල් කීපයක් මත සංචාරක තහනමක් ක්‍රියාත්මක කලේ ය.

ඔහු වහල් කඳවුරු ජාලයක් ස්ථාපිත කලේ ය, මත්ද්‍රව්‍ය බෙදාහරින්නන්ට මරන දඬුවම යෝජනා කලේ ය, නව-නාසිවාදීන් “යහපත් පුද්ගලයන්” යැයි ප්‍රශංසා කලේ ය, සංක්‍රමනිකයන් සඳහා නියමිත ක්‍රියාදාමය අවසන් කිරීම ඉල්ලා සිටියේ ය, තම අගුන කියන්නන්ට එරෙහිව තම ආධාරකරුවන් ප්‍රචන්ඩත්වය යොදා ගැනීම යුක්තිසහගත බව ප්‍රකාශ කලේ ය, රට තුල හමුදා රැඳවී ය, සංක්‍රමනික ලමුන් තමන්ගේ දෙමව්පියන්ගෙන් වෙන් කලේ ය, එමෙන් ම දේශසීමා තාප්පයක් ගොඩනැගීම සඳහා අරමුදල් වෙන් කිරීමට ජාතික හදිසි නීති තත්වය ප්‍රකාශ කලේ ය.

මෙම සන්දර්භය තුල, ඩෙමොක්‍රටික් පක්ෂ ප්‍රතිචාරය ද එක ලෙස බියකරු ය.

“පෙලෝසි ඩෙමොක්‍රටිකයන්ට අනතුරු අඟවයි. මධ්‍යස්ථානයේ රැඳෙනු නැතිනම් ට්‍රම්ප් මැතිවරන ප්‍රතිඵලවලට කේවල් කිරීමට ඉඩ ඇත” යනුවෙන් නිව් යෝක් ටයිම්ස් පල කල ලිපියක නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ ඩිමොක්‍රටික කතානායිකා නැන්සි පෙලෝසි සමග සම්මුඛ සාකච්ඡාවෙක් ප්‍රසිද්ධ කලේ, “ලබන වසරේ සුලු පරතරයකින් ඔහු පරාජය වුවහොත් ට්‍රම්ප් මහතා ස්වේච්ඡාවෙන් ම බලය අත්හරිනු නැත” යන ඇගේ උත්සුකය සඳහන් කරමිනි.

ට්‍රම්ප්ගේ ට්වීටර් පනිවුඩයට පෙර පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවේ දී, 2018 මධ්‍යවාර මැතිවරනය සම්බන්ධයෙන් පෙලෝසි මෙසේ පැවසුවා ය: “එකක දාහ බැගින්, අප ආසන 4කින් ජය ගත්තේ නම්, ඔහු මැතිවරනයට ගරු නො කිරීමට ඉඩ තිබුනි. ඔහු මහජන මතය විෂ කැවීමට ඉඩ තිබුනි. හැම තරගයකට ම ඔහු අභියෝග කිරීමට ඉඩ තිබුනි. ඔබට මිනිසුන්ට ආසන පැනවීමට නො හැකි බව කීමට ඉඩ තිබුනි. අපි ජය ගත යුතුව තිබුනා. කල්පනා කරන්න අප දිනලා නොතිබ්බා නම් - ඔහ්, හිතන්නවත් එපා. ඉදින් අපි පෙරට යනවා, අපට මෙම ප්‍රවේශයම තිබීම අවශ්‍යයි.”

ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ මුරන්ඩු තර්ජනයන්ට ප්‍රතිචාර වශයෙන්, ඩිමොක්‍රටික මූලෝපාය වන්නේ “මධ්‍යස්ථ-වම අත්පත් කරගන්න, ප්‍රධාන ප්‍රවාහය අත්පත් කරගන්න” යැයි පෙලෝසි ටයිම්ස් පත්‍රයට පැවසී ය. ට්‍රම්ප් තම වාරය දීර්ග කිරීමේ යෝජනාව හෙලාදකීම හෝ ජනාධිපතිවරනයක් තහනම් කිරීමේ බරපතල සාපරාධී ගම්‍යයන් පිලිබඳ අනතුරු ඇඟවීම් වෙනුවට, “අපගේ පක්ෂය තුල අනෙකුත් ඇතම් උද්යෝගජනක කටයුතු තුල නිරත නොවන” ලෙස පෙලෝසි ඩිමොක්‍රටිකයන්ට උපදෙස් දෙන්නේ, පක්ෂය කිසිදු සමාජ ප්‍රතිසංස්කරනයක් අනුමත නො කරනු ඇති බව පැහදිලි කරමිනි.

මෙය එන්නේ එකක් හැර පසු ගිය ජනාධිපතිවරන අටක මහජන ඡන්දය දිනා ඇති පක්ෂයකින් වන නමුත්, 2000 සොරා ගැනුනු මැතිවරනය කේවල් කිරීමට අසමත් විය, මෙහි දී ශ්‍රේෂ්ඨාධිකරනය සඳහන් කලේ ජනාධිපතිවරයෙකු සඳහා ඡන්දය දීමට ඇමරිකානු ජනාතවට අයිතියක් නැති බව යි. පෙලෝසිගේ ප්‍රකාශනය තමන්ට මැතිවරනයක් අවලංගුකරන බව පිලිගැනීමට සිදුවන අවස්ථා ඇත යි ඩිමොක්‍රටිකයන් විශ්වාස කරන බව පිලිගැනීමකි. ට්‍රම්ප් තම තර්ජනය ඉදිරියට ගෙන යන්නේ නම්, පොලෝසි හා සෙනෙට් සුලුතර නායක චාල්ස් ස්ෂූමර් විසින් කරනු ලබන ඉහලම දෙය වනු ඇත්තේ නඩුවක් පැවරීමට පොරොන්දු දීම යි.

ජනාධිපතිවරනය අවලංගු කිරීමේ ට්‍රම්ප්ගේ තර්ජනය හමුවේ ඩිමොක්‍රටිකයන්ගේ වගකට නැති කම පසු ගිය මැතිවරනය තුල “මැදිහත්වීම” සඳහා ට්‍රම්ප් රුසියාවට ඩොලර් 100,000ක පහසුකම් සපයා ඇතැ යි යන තම චෝදනාවේ රෞද්‍රභාවය සමග ප්‍රතිමුඛ වනු ඇත.

පෙලෝසිගේ සම්මුඛ සාකච්ඡාව හෙලිදරව් කරන්නේ රුසියානු විරෝධී උද්ඝෝෂනය වංක මෙන් ම විකාර සහගත බව යි. ට්‍රම්ප් රුසියාව සමග කුමන්ත්‍රනය කලේ නම්, මැතිවරන ප්‍රතිඵලය බාර ගැනීමට ප්‍රතික්ෂේප කිරීමේ ඔහුගේ තර්ජනය ව්ලැඩිමීර් පුටින් “අපගේ ප්‍රජාතන්ත්‍රවාදය යටින් කනින” බව ඔප්පු කිරීමක් නො වේ ද? එමෙන් ම ට්‍රම්ප්ගේ තර්ජනය පමනක් වුවද ව්‍යවස්ථාවේ දෙවැනි වගන්තිය වන “රැක බලාගැනීම හා ආරක්ෂා කිරීමේ” තම දිවුරුම උල්ලංඝනය කිරීමකින් සමන්විත “දෝෂාභියෝගයට ලක්වන” ක්‍රියාවක් නොවන්නේ ද?

ඩිමොක්‍රටිකයෝ ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති න්‍යායපත්‍රයේ ප්‍රධාන අංශ සඳහා සහයෝගය දක්වමින්ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිලිබඳ තීරනාත්මක ප්‍රශ්නවලට දැඩි උදාසීනත්වයක් එකතු කරමින් සිටිති. සඳුදා, නිව් යෝක් ටයිම්ස් පත්‍රය “ට්‍රම්ප්ට ඔහුගේ දේශසීමා මුදල් දෙනු” නමින් කර්තෘ මන්ඩල ප්‍රකාශනයක් ප්‍රසිද්ධ කලේ ය. නව පොදුකාර්ය පහසුකම් වැඩසටහන මත ට්‍රම්ප්ට සහයෝගිත්වය දක්වමින් සිටින ඩිමොක්‍රටිකයෝ, වෙනිසියුලාවේ ආන්ඩුව පෙරලා දැමීමට හා චීනය මත තීරුබදු පැනවීමේ ඔහුගේ උත්සාහයන්ට සහාය දෙමින් සිටිති.

විශේෂයෙන් ම ඔවුන් පොලඹවනු ලබන්නේ සමාජවාදය සඳහා වැඩෙන සහයෝගය සමග වඩාත් විවෘතව පිලිබිඹු කෙරෙන කම්කරු පන්තියේ සමාජ විරුද්ධත්වයේ බිය විසිනි. පුලුල් මහජනතාවගේ සමාජ, ආර්ථික හා ප්‍රජාතන්ත්‍රවාදී දුක්ගැනවිලි ඉස්මතු කරමින් ඩිමොක්‍රටිකයන් ට්‍රම්ප්ට අභියෝග කිරීමට නිර්භීත නො වන්නේ, වෝල් වීදියේ ලාභ වලට සහ මිලිටරි ආක්‍රමන හා ලෝක ආධිපත්‍යය සඳහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සැලැසුම්වලට අභියෝග කරමින් මෙය පුලුල් වැඩවර්ජන හා විරෝධතා අවුලුවනු ඇත යි ඔවුන් විශ්වසා කරන බැවිනි.

බැරෑරුම් අනතුරු ඇඟවීමක් කල යුතු ය. ට්‍රම්ප්ගේ ට්වීටර් පනිවිඩය හා පෙලෝසිගේ සම්මුඛ සාකච්ඡාව ධවල මන්දිරය, පෙන්ටගනය, ලැන්ග්ලේ හා මීඬේ කොටුවේ වැසුනු දොරවල් පිටුපස සාකච්ඡා කෙරෙමින් තිබෙන ප්‍රජාතන්ත්‍රවාද විරෝධී හා ඒකාධිපතිවාදි පියවරවල මතුපිට පහුරු ගෑමක් පමනි.

එරික් ලන්ඩන්

Share this article: