නිදහස් කරන ලද චෙල්සී මෑනින් අසාන්ජ් ට එරහිව සාක්ෂි දීමට ඉදිරිපත් නොවීම නිසා නව සිරගත කිරීමකට මුහුන දෙයි

Chelsea Manning released, faces new imprisonment for refusing to testify against Assange

2019 මැයි 10

වර්ජිනියා හී සිර කුටියක දින 62ක් සිරගත කොට තැබීමෙන් පසුව චෙල්සී මෑනින්ව බ්‍රහස්පතින්දා උදෑසන නිදහස් කරන ලදී. කෙසේ වෙතත්, බන්ධනාගාරයෙන් එලියට ඒමටත් පෙර, මෙම ධෛර්යය සම්පන්න, දූෂන හෙලිදරව් කල කතට, මැයි 17 වනදා වෙනත් ජූරියක් ඉදිරියේ සාක්ෂි ලබා දීම ඉල්ලා සිටිමින් සිතාසියක් ලබා දෙන ලදී. එබැවින් ඊලඟ සතිය තරම් නුදුරේදීම ඇයව නැවත සිරගත කල හැක.

සිය නිල කාලය ඊයේ දිනයෙන් අවසන් වූ, වර්ජිනියා හී නැගෙනහිර දිස්ත්‍රික්කයේ ජූරි සභාවක් ඉදිරියේ විකිලීක්ස් ආරම්භක ජුලියන් ආසාන්ජ් ට එරහිව සාක්ෂි දීම ප්‍රතික්ෂේප කිරීම නිසා මෑනින් සිරගත කොට තිබුනි. තවත් ජූරි සභාවක් කැඳවීම විසින් මෑනින්ව පෙර සිටි තත්වයටම ගෙන යනු ඇත්තේ ඇයට ලබා දුන් දුෂ්ඨ දඬුවම, ට්‍රම්ප් පරිපාලනය විසින් ආපසු ඇයට මුල සිට ලබා දෙමින්ය.

“චෙල්සී ප්‍රශ්න වලට පිලිතුරු ලබා දීම දිගටම ප්‍රතික්ෂේප කරනු ඇත” යනුවෙන් ඇයගේ නීතීඥයන් ප්‍රකාශයක පවසන ලදී. “එමෙන්ම සාක්කි ලබා දීම ප්‍රතික්ෂේප කිරීම සඳහා ඇයට හේතු ඇති බව දිස්ත්‍රික් විනිසුරු ඤඇන්තනී% ට්‍රනේගා හට සනාථ කිරීමට යොදාගත හැකි සියලුම යුක්තිසහගත ආරක්ෂාවන් යොදා ගනු ඇත.”

පෙන්ටගනයේ පරිඝනක ජාලයන් තුල නිර්නාමිකව සිටීම සඳහා මැනින් හට ඉඩ ලබා දී ඇති, මුරපදයක් බිඳීමට සහය වීම සඳහා උත්සාහ කිරීමේ, චෝදනාව යටතේ අසාන්ජ් එජ තුල වසර පහක සිර දඬුවමක් විඳීමේ අවදානමකට මුහුන දෙමින් සිටී. කෙසේවෙතත්, තවත් ජූරි සභාවක් කැඳවුම් කර ඇතැයි යන කරුන, විකිලීක්ස් ප්‍රකාශකයාට එරහිව, මරන දඬුවම ගෙන ඒමේ හැකියාව ඇති ඔත්තු බැලීමේ පනත යටතේද ඇතුලුව තවදුරටත් චෝදනාවන් ගොනු කරමින් තිබේය යන්න සනාථ කරයි.

නිදහස ඉල්ලා සිටිමින්, දේශපාලන ප්‍රතිපත්තීන් පිලිබඳ ශක්තිමත් ප්‍රකාශනයක් මැනින් විසින් සඳුදා ෆෙඩරල් උසාවියට ඉදිරිපත් කලේ, තමන් හට කුමන මිලක් ගෙවීමට සිදුවුවත් තමන් වර්තමාන ජූරිය හෝ වෙනත් කුමන හෝ ජූරියක් ඉදිරියේ කිසිදු දිනක සාක්කි නොදෙන බව පැහැදිලි කරමින්ය.

“මගේ සිරකුටියේ යතුර මා විසින් දරා සිටීය යන අදහස විහිලු සහගත එකක් වන්නේ මෙම අනවශ්‍ය සහ දන්ඩනීය නියෝගය නිසා මම කුමන හෝ ආකාරයකින් විඳවීමේ හැකියාවට මුහුන දෙන නිසාය: මට සිරගත විය හැක නැතහොත් මගේ ප්‍රතිපත්තීන් පවා දිය හැක” යැයි මැනින් පැහැදිලි කලාය. “පසුව සඳහන් කල දෙය පවතින්නේ ආන්ඩුව විසින් ගොඩනැගිය හැකි සිරගෙයකට වඩා නරක සිරගෙයක් ලෙසය.”

මැනින් හට කිසිදු වරදක් සම්බන්ධයෙන් චෝදනා ගොනු කොට නොමැති අතර වැරදි කරුවෙකු වීද නොමැත, ඒ වෙනුවට, බි්‍රතාන්‍යයේ ඉහලම ආරක්ෂාව සහිත සිරගෙයක අසත්‍ය ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනාවට වරදකරු වී එක්සත් ජනපදයට බාරදීමේ අනතුරකට මුහුන දෙමින් සිටින අසාන්ජ්ට එරහිව යොදාගත හැකි කරුනු සැපයීම සඳහා, ඇයට බල කිරීම ඉලක්ක කරගත් යුක්තිය විකෘතියක් බවට පෙරලීමකට ඇය ලක්ව ඇත.

ඇයගේ සිරගත කිරීමේ පලමු මාසය තුල මැනින් ව තනිව සිරකොට තැබුවේ ඇයව මානසික කම්පනය කට ලක් කරමින් වන අතර ප්‍රමානවත් තරම් වෛද්‍ය සත්කාරයන් ලබා ගැනීමේ ඉඩ ඇයට ලැබුනේ නැත.

31 හැවිරිදි හිටපු හමුදා විශේෂඥවරියට එරහිව 2013 දී යුද අධිකරනයේදී නඩු පැවරුන අතර, ඉරාකයේ සහ ඇෆ්ගනිස්තානයේ එජ යුද අපරාධ හෙලිදරව් කරමින් වීකිලීක්ස් වෙත ලේඛන මුදා හැරීම නිසා ලබා දුන් මිලිටරි සිර ගෙයක වසර 35ක සිරදඬුවමෙන් වසර හතක් -වසරක් හුදකලාව සිරගතව සිටිමින්- ගෙවා ඇත. 2017 ජනවාරි මාසයේ ඔබාමා පරිපාලනයේ අවසාන සමයේ ඇගේ දඬුවම ලිහිල් කරන ලදී.

මැනින් සහ අසාන්ජ්ව දරදඬු ලෙස ලුහු බැඳ යාම ද්විපාර්ශවික පරිශ්‍රමයකි. එය ඔබාමා පරිපාලනය යටතේ ආරම්භ වුන අතර, මැනින් යනු සිරෙන් නිදහස් නොකල යුතුව තිබූ “ගුනමකු ද්‍රෝහියෙකු” ලෙස 2017 දී ටුවිටර් පනිවිඩයක් නිකුත් කල ට්‍රම්ප් යටතේ, දිගටම සිදු කෙරීගෙන ගියේය.

වෙනිසියුලාවේ සහ ඉරානයේ සිට චීනය සහ ආක්ටික් දක්වා මුලු මහත් ලෝකය පුරාම යුද්ධ සිදු කිරීම සඳහා එක්සත් ජනපදයේ සූදානම් වීම් තීව්‍ර වෙත්දී, පැරනි යුද අපරාධ හෙලිදරව් කර ඇති සියල්ලෝම නිහඬ කිරීමේ උත්සාහයන්ද තීව්‍ර කෙරී ඇත. බ්‍රහස්පතින්දා හිටපු එන්එස්ඒ බුද්ධි අංශ විශ්ලේෂකයෙකු වන 31 හැවරිදි ඩැනියල් එවරෙට් හේල්, වොෂින්ටනයේ නීති විරෝධී ඩ්‍රෝන් මගින් ඝාතනය කිරීමේ වැඩසටහන පිලිබඳ රහසිගත තොරතුරු මාධ්‍යට ලබා දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත්තේය.

රාජ්‍යයේ ඉල්ලීම් වලට විරෝධය පෑම සඳහා අමානුෂික ලෙස සැලකීම් විඳදරා ගැනීමට වන මැනින් ගේ කැමැත්ත, ට්‍රම්ප් පරිපාලනයේ අත්අඩංගුවේ මැනින් අත්හැර දමා ඇති ඩිමොක්‍රටික් පක්ෂය තුල සහ ඒ වටා සිටින සියලුම පිට කොඳු රහිත බියගුල්ලන්ගෙන් මුලුමනින්ම වෙනස්ව පිහිටයි.

නිදහස සඳහා වන ඇයගේ බලගතු අභියාචනාව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් විශාල වශයෙන් නොසලකා හැරුනි. මැනින් හට නරක ලෙස සැලකීම ප්‍රධාන පුවත්පත්වල කතුවැකි වලට මාතෘකාව නොවුන අතර “මානව හිමිකම්” අධිරාජ්‍යවාදය සඳහා මතවාදී කතුවැකි සපයන සදාචාරවාදීන් සහ කුරුස යුද්ධකරුවන් ඒ සම්බන්ධ කඳුලු සැලුවේද නැත.

මැනින් ගේ දඬුවම ලිහිල් කිරීම (පූර්න ජනාධිපති සමාවකින් තොරව), සිය උරුමය ඔප දමා ගැනීම සඳහා නරුම ලෙස භාවිතා කල ඔබාමා ඇයට වධ හිංසා පැමිනවීම සම්බන්ධයෙන් වචනයක් කතා කොට නොමැත.

ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දිනයේ “නිදහස් මාධ්‍යකින් තොරව නිදහස් සමාජයක් පැවතිය නොහැක” යනුවෙන් ටුවිටර් පනිවුඩයක් නිකුත් කල ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධූර අපේක්ෂක, සෙනට් සභික බර්නි සැන්ඩර්ස් අසාන්ජ් සහ මැනින් සම්බන්ධයෙන් නැගෙන කුමන හෝ ප්‍රශ්නයකට පිලිතුරු දීම ප්‍රතික්ෂේප කොට ඇත. ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ඇමරිකාවේ (ඩීඑස්ඒ) හි සාමාජිකාවක් වන නියෝජිත ඇලෙක්සැන්ඩි්‍රයා ඔකැශියෝ කොර්ටේස් එලෙසම කට වහගෙන සිටින්නේ මැනින් ඇප මත නිදහස් කිරීම ඉල්ලා සිටිමින් මසකටත් වඩා වැඩි කලකට පෙර එකම එක ටුවිටර් පනිවුඩයක් නිකුත් කිරීමෙන් පසුවය,

ස්ත්‍රී පුරුෂ බව සහ ලිංගිකත්වය පිලිබඳ අනන්‍යතා දේශපාලනයට ආසක්ත වී සිටින සහ, අසාන්ජ්ට එරහිව නිර්මානය කරන ලද ලිංගික අතවර චෝදනාවන්, ඔහුට වධ හිංසා පැමිනවීමට තම සහය ලබාදීම යුක්ති යුක්ත කිරීමට සහ මැනින් අත්හැර දැමීමට යොදා ගෙන ඇති, සමාජවාදීන් ලෙස පෙනී සිටින ව්‍යාජ වාමාංශික මධ්‍යම පාන්තික ස්ථරයන්ට, විශේෂ දෝශාරෝපනයක් හිමිය.

ඩීඑස්ඒ හෝ සෝශලිස්ට් ඔල්ටර්නේටිව් යන කිසිවෙක් කිසිදු නිල ප්‍රකාශයක් සිය වෙබ් අඩවි වල පල කොට නැත. අයිඑස්ඕ මෙම වසරේ එය විසුරුවා හැරීමට පෙර සෝශලිස්ට් වර්කර් හී මැනින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වාර්තාවක් හෝ පල කිරීමට අසමත් විය. මැනින් සිරගත කිරීම සම්බන්ධයෙන් ජැකොබින් තනිව වාර්තාවක් පල කලද ඔවුන් එය සිදු කලේ අසාන්ජ් ආරක්ෂා නොකරමින්ය.

සංස්ථාපිතය සහ ව්‍යාජ වම ඇය අතහැර දමා ඇති නමුත්, එජ සහ ලෝකය පුරා මැනින් හට පුලුල් මහජන සහයක් ඇත. ඇයගේ විද්‍යුත් තැපෑල “තමන් සමග සේවයේ නිරත වූවන්ගේ, අධ්‍යාපනඥයන්ගේ, නීතීඥයන්ගේ, රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ, සමාජ ක්‍රියාකාරීන්ගේ, කම්හල් සේවකයන්ගේ, තෘතහස්තයන්ගේ, මාධ්‍යවේදීන්ගේ, වෘත්තීය සමිති නායකයන්ගේ, ගබඩා ලිපිකරුවන්ගේ, උයන්පල්ලන්ගේ, අරක්කැමියන්ගේ, ගුවන්යානා නියමුවන්ගේ සහ දේශපාලඥයන්ගේ..” ලියුම් වලින් පිරී ගොස් ඇතැයි ඇය සඳුදා ඉදිරිපත් කල අභියාචනාවේ සඳහන් කරයි.

මැනින් සහ අසාන්ජ්ගේ තත්වය සම්බන්ධයෙන් වඩ වඩාත් හෙලිදරව් වන තරමට, ඔවුනට වඩ වඩාත් ආරක්ෂාව ලැබෙනු ඇත. ඔවුන්ගේ අත්අඩංගුවට ගැනීම් නොවැදගත් බවට පත් කිරීමට සහ අසාන්ජ් සම්බන්ධයෙන් ගත් විට ඔහුගේ චරිතය කෙලසීමට, මාධ්‍ය විසින් උත්සහ ගන්නේ හරියටම මේ නිසාය.

ඔවුන්ගේ නිදහස සඳහා වන සටන දැන් තීව්‍ර කල යුතුය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ලෝකය පුරා ඇති එහි ශාඛාවන් රැස්වීම් සහ විරෝධතාවයන් ලෝකය පුරා සංවිධානය කරමින් කම්කරු පන්තිය තුල මෙම සටන ආරම්භ කොට ඇත. විරෝධතාවයන් සෙනසුරාදා ප.ව. 1ට ඕස්ටේ්‍රලියාවේ මෙල්බන්හීදී සහ ප.ව. 3.30ට ඉන්දියාවේ චෙන්නායි හී දී පැවැත්වෙනු ඇත. ඉරිදා ප.ව. 2ට ප්‍රසිද්ධ රැස්වීමක් ලන්ඩනයේදී පැවැත්වෙනු ඇත.

නීල්ස් නිමුත්

Share this article: