ඉරානයට එරෙහි යුද්ධය එපා!

No to war against Iran!

2019 මැයි 15

2003 එක්සත් ජනපද ඉරාක ආක්‍රමනයෙන් පසු කිසි කලකට වඩා මැද පෙරදිග සම්පූර්න යුද්ධයක තර්ජනය බොහෝ විශාල වන අතර, ඇති විය හැකි ප්‍රතිවිපාක ඊටත් වඩා බරපතල වනු ඇත.

ඉරානයට එරෙහි ආක්‍රමනකාරී යුද්ධයක් සඳහා සූදානමක් ලෙස කලාපයට එක්සත් ජනපද සොල්දාදුවන් හා මැරීන් භටයින් 120,000ක් පිටත් කොට යැවීම සඳහා පෙන්ටගනය සැලැසුම් සකස් කර ඇතැ යි යන වාර්තාව කම්කරු පන්තිය විසින් දැඩි බැරෑරුම් කමකින් ගත යුතු ය. සූදානම් කෙරෙමින් තිබෙන තන්ත්‍ර වෙනස් කිරීම, මිලියන ගනනාවකගේ ජීවිතවලට තර්ජනය කරන, සැහල්ලු කල නො හැකි ඒකාන්ත සාපරාධී ක්‍රියාවකි.

නිව් යෝක් ටයිම්ස් පත්‍රය සැලැස්ම ගැන ලුහුඬින් විස්තර කෙරුනු ජාතික ආරක්ෂක නිලධාරීන් දුසිම් භාගයක් පමන උපුටා දැක් වූ අතර, වාර්තාව “ව්‍යාජ ප්‍රවෘත්තික්” යැයි අඟහරුවාදා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් විස්තර කරන ලදී. ඉරානයට එරෙහිව හමුදා යැවීමට තමා “නිසැකව ම” සූදානම් බව පැවසූ ඔහු මීට වෙනස්ව, “අපි එයට වඩා දැවැන්ත හමුදාවක් යවන්නෙමු” යි අවධාරනය කලේ ය.

ඉරානයට එරෙහිව උත්සන්න කරන්නා වූ මිලිටරි බියවැද්දීම් ක්‍රියා පෙලක් පසු පස හමුදා තර්ජන සිදු වන්නේ, යූඑස්එස් ඒබ්‍රහම් ලින්කන් නෞකාව විසින් නායකත්වය දෙනු ලබන, සටන් යානා ප්‍රවාහනය කරන ප්‍රහාරක කන්ඩායමක් හා න්‍යෂ්ටික හැකියාව ඇති බී-52 යානා ඇතුලුව, බෝම්බ දැමීමේ විශේෂ බලකායක්, ඉරාන වෙරලාසන්නයේ රැඳවීම සමගිනි. එය පසු පස සිදුව ඇත්තේ, එක්සත් ජනපද මැරීන් භටයින්, යුදගුවන්යානා හා ගොඩබැසිමේ යාත්‍රා, මෙන් ම පැටි්‍රඅට් මිසයිල කාලතුවක්කුවක් ගෙන යන, යූඑස්එස් ආර්ලින්ටන් නම් භූජලචාරී ප්‍රහාරක යුද නැව කලාපයේ රැඳවීම යි.

එක්සත් ජනපද ගුවන් හා නාවික කඳවුරු විසින් ආධිපත්‍ය ගන්නා සන්නද්ධ කඳවුරක් බවට පර්සියානු බොක්කේ දකුනු වෙරල හරවා ඇති, දශක ගනනාවක අවසානයක් නැති එක්සත් ජනපද ආක්‍රමන හා මිලිටරි ශක්තිමත් කිරීම් මගින් ආතතින් කැලඹීම් තත්වයකට ගෙන විත් ඇති කලාපයක සිදුවීම් හා සංවිධානගත ප්‍රකෝපකරන සංඛ්‍යාවේ ඕනෑම එකකින් සම්පූර්න ගැටුමක් සඳහා ගිනිපුපුර පැමිනිය හැක.

යුද ප්‍රචාරයේ පිලිකුල් සහගත උපකරන ලෙස සේවය කරන සංගත මාධ්‍යයට, එක්සත් ජනපද මිලිටරි මූලාශ්‍ර දැනටමත් පවසමින් සිටින්නේ, සඳුදා වාර්තා කෙරුනු එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ වෙරලාසන්නයේ, සෞදි තෙල් නැව් දෙකක් ඇතුලුව වාර්තා කෙරන කුඩා යාත්‍රා හතරක් කඩකප්පල් කිරීම ඉරානය හෝ “ඉරාන ආදේශකයින්ගේ” වැඩක් බව තීරනය කර ඇති බව යි. අඳුරේ පවතින, මෙම සිද්ධිය ගැන ඔප්පු කිරීමට කුමක් නමුත් සාක්ෂියක් සපයා නොමැති නමුත්, චෝදනා කෙරෙන පරිදි ඉරානය දඬුවම් ලැබිය යුතු බව, සත්‍ය ලෙස දෝංකාර නැංවෙන්නේ “රෝපිත”ප්‍රවෘත්ති හොරනෑවලිනි.

චූදිත කඩාකප්පල් කිරීමෙන් දින දෙකකට පසු, රාජාන්ඩු ඒකාධිපතිත්වයේ ජාතික තෙල් හා ගෑස් සමගම වන, සෞදි ඇරම්කෝ විසින් ක්‍රියාකරවන රතු මුහුදේ පොම්ප කිරීමේ සේවාස්ථාන දෙකක් මත ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කෙරුනි.

යේමනයේ හවුති කැරලිකරුවන් ප්‍රහාරය සඳහා වගකීම බාර ගත්තේ, පුද්ගලයන් 80,000ක් පමන ඝාතනය කරමින් ද මිලියන 10ට වඩා පුද්ගලයන් සාගින්න අද්දරට ගෙන එමින්ද, පසු ගිය වසර හතර තිස්සේ යේමනයට එරෙහිව සෞදි තන්ත්‍රය විසින් ගෙන යනු ලබන්නා වූ ද, එක්සත් ජනපදය අනුබල දෙනන්නා වූ ද, ආසන්න වසයෙන් ජනඝාතක යුද්ධය වෙනුවෙන් පලිගැනීමට බව පවසමිනි.

පාසල්, රෝහල්, පල්ලි හා නිවාස කාන්ඩවලට අසාධාරන ලෙස බෝම්බ දමමින්, සම්පූර්න යේමන ජනගහනය ම බියට පත් කර ඇති, සෞදි රාජාන්ඩුවට හවුති පලිගැනීම “ත්‍රස්තවාදී” ක්‍රියාවක් යැයි ප්‍රකාශ කිරීමට ලජ්ජා බය නැතිකම තිබුනි.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ හා ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් විසින් නිකුත් කෙරුනු අවසාන නිවේදනයන්ගේ කොන්දේසි යටතේ, මෙම ක්‍රියාවන්ගේ කුමක් හෝ ආක්‍රමනකාරී යුද්ධයක් සඳහා කොකා ගැස්සීම විය හැක. බෝල්ටන් එය ඉදිරිපත් කල අන්දමට “එක්සත් ජනපදයේ හෝ අපගේ මිතුරන්ගේ උත්සුකයන් මත ඕනෑ ම ප්‍රහාරයක් පිලිගනු ඇත්තේ අනුකම්පා විරහිත බලයක් සමගිනි.” කලාපයේ එක්සත් ජනපද උත්සුකයන්ට අභියෝග කරන ඉරාන හෝ එහි ඊනියා ආදේශකයන් විසින් ගන්නා ඕනෑ ම ක්‍රියාවකට ප්‍රතිචාර වසයෙන් පොම්පියෝ “ඉක්මන් හා තීරනාත්මක” මිලිටරි ක්‍රියා පොරොන්දු වී ඇත.

ඉරානයට එරෙහි ඕනෑ ම එක්සත් ජනපද මිලිටරි ක්‍රියාවක් සිදු වනු ඇත්තේ එරටට එරෙහි ආර්ථික වටලෑමක් මත්තේ ය. “උපරිම පීඩනයේ” ප්‍රතිපත්තියක් පටබැඳ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය උත්සාහ කර ඇත්තේ ඉරානයේ ගෙල වටා ආර්ථික තොන්ඩුවක් තද කිරීමට යි.

2015 ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ඒකපාර්ශ්වීය හා නීතිවිරෝධී ලෙස අහෝසි කිරීමේ තැන් සිට, වොෂින්ටනය එම ගිවිසුම යටතේ ඉවත් කෙරුනු සම්බාධක යලි පැටවූවා පමනක් නො ව, ඉරාන තෙල් අපනයනය බින්දුවට බැස්සීම, එය ගෝලීය මූල්‍ය වෙලඳපොලින් හිතාමතා ඉවත් කිරීම හා අනෙකුත් ජාතීන් සමග එහි වෙලඳාම වසා දැමීමට ඉලක්ක කෙරුනු පූර්න පරිමාවක ආර්ථික යුද්ධයක් ගෙන ගොස් ඇත. ඉරාන මහජනතාව මිල ගෙවා ඇත්තේ, වැඩිවන විරැකියාව හා දරිද්‍රතාව සමග ආසන්න වසයෙන් සියයට 50ක උද්ධමනයක් අත්විඳිමිනි.

තම න්‍යෂ්ටික වැඩසටහන මත ගිවිසුමේ දැඩි සීමාවන් සමග ඉරානය මුලුමනින් ම අනුකූල බව යලි යලිත් තහවුරු කෙරී ඇති අතර, ටෙහෙරානය කරනවා යැයි කියන න්‍යෂ්ටික අවි හඹායාම (එය හැම විටම ප්‍රතික්ෂේප කර ඇති දෙයක්) මිලිටරි ක්‍රියාවකට ඔබින්නේ යැයි වොෂින්ටනය ටෙහෙරානයට තර්ජනය කර ඇත.

න්‍යෂ්ටික ගිවිසුමේ අනෙකුත් අත්සන්කරුවන්, විශේෂයෙන් ම ජර්මනිය, ප්‍රන්සය හා එක්සත් රාජධානිය එක්සත් ජනපද සම්බාධක ඵලදායි ලෙස පිටුදැකීමට හා පොරොන්දු වූ සම්බාධක සහනයන් සැපයීමට, අසමත් වීමට ඉරානය මෑතදී ප්‍රතිචාර දැක්වූයේ වඩා ඉහල මට්ටමකින් යුරේනියම් සවිබල ගැන්වීම යලි ඇරඹීමට තර්ජනය කරමිනි. ගිවිසුම යටතේ අවසර ලැබුන ද, වොෂින්ටනය විසින් මෙම පියවර ද ඩැහැගනු ඇත්තේ මිලිටරි ආක්‍රමනය සඳහා කඩතුරාවක් ලෙස ය.

ඉරාකයට වඩා හතර ගුනයක් විශාල වන්නා වූ ද දෙගුනයකට වඩා ජනගහනයක් ඇත්තා වූ ද රටක් වන ඉරානයට එරෙහි එක්සත් ජනපද යුද්ධයක ප්‍රතිවිපාක කුමක් වනු ඇත් ද? වසර 16කට පෙර බුෂ් පාලනාධිකාරිය විසින් දියත් කරන ලද යුද්ධය ඉරාක සිවිල් වැසියන් මිලියනයකට වඩා මරා දැමූවේ, ආසන්න වසයෙන් එක්සත් ජනපද හමුදා භටයින් 4,500ගේ ජීවිත බිලි දෙමින්, 30,000ට වඩා තුවාල ඇති කරමිනි. මෙම අවස්ථාවේ විනාසය දල වසයෙන් වඩාත් විශාල වනු ඇතිවා පමනක් නොව, ඉරානයට එරෙහි යුද්ධය අනිවාර්යයෙන් ම මුලු කලාපයම මෙන් ම, වොෂින්ටනයේ මිලිටරි හා ඔත්තු සේවා සංවිධාන විසින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ තරඟකරුවන් යැයි හංවඩු ගසා ඇති, න්‍යෂ්ටිකව සන්නද්ධ රුසියාව හා චීනය ඇතුලු “මහා බලවතුන්” ඇද ගනු ඇත්තේ, එක්සත් ජනපදය චීනයට එරෙහිව සම්පූර්න වෙලඳ යුද්ධයක් දියත් කර ඇති තතු යටතේ ය.

ඍජු අර්ථයෙන් එක්සත් ජනපද ප්‍රතිපත්තිය විශාල වසයෙන් ධාවනය වන්නේ ඒකාකාර මිලිටරි උත්සන්නියකින් වන අතර, එය යටින් පවතිත්නේ ගෝලීය අධිරාජ්‍යවාදී උත්සුකයන් හා තියුන වන්නා වූ අභ්‍යන්තර සමාජ හා දේශපාලන ප්‍රතිඝතිතාවන් ය.

වොෂින්ටනය එකවර ඉරානය හා වෙනිසියුලාව තුල මිලිටරි මැදිහත්වීම් සදහා තර්ජනය කිරීම අහම්බයක් නො වේ. පලමු රට මැද පෙරදිග දෙවැනි විශාලම තෙල් සංචිතයට හිමිකම් කියන අතර, දෙවැන්න ලෝකයේ විශාලම ප්‍රත්‍යක්ෂ තෙල් සංචිතය ගැන උදම් අනයි. තම ලෝක ආර්ථික තත්වය තුල ඉදිරියට ඇදෙන පරිහානියේ පාඩුව පිරිමසා ගැනීමේ උත්සාහයේ දී, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය අරමුනු කරන්නේ ලෝක බලශක්ති සංචිතය මත තම අනභියෝගී ග්‍රහනය තහවුරු කර ගැනීමට යි. මෙය, පලමුව චීනය මෙන් ම යුරෝපයේ ද තම විරුද්ධවාදීන්ගේ සැපයීම සලාකයකට සීමා කිරීම හෝ මුලුමනින් ම කපා දැමීමට එය බලගන්වනු ඇත. එවැනි විජිගීෂාවන් පෙන්වා දෙන්නේ තුන්වැනි ලෝක යුද්ධයට මාවතකි.

ඉරානයට එරෙහිව යුද්ධයකට සූදානම් වීම බලගතු ලෙස ධාවනය කෙරෙන්නේ, මූල්‍ය පරපුටුකම මත පදනම් ආර්ථිකයක් විසින් ඇති කෙරෙන සමාජ අසමානතාවේ අස්ථිරසාර මට්ටම්වලින් විදහාපාන, එක්සත් ජනපදය තුල ම තීව්‍රවන්නා වූ සමාජ හා ආර්ථික අර්බුදයෙනි.

එක්සත් ජනපදය තුල දශක තුනකට වඩා වැඩි කාලයක් තුල ඉහල ම සංඛ්‍යාවක වැඩවර්ජන තුල පිලිබිඹු කෙරෙන, පන්ති අරගලයේ වර්ධනය සමග, ධනේශ්වර කතිපයාධිකාරිය යුද්ධය තුල සමාජ ආතතින් පිටතට හරවා යැවීමේ මාධ්‍ය දකින අතර ම වඩ වඩා අධිකාරීවාදී පාලන රූපාකරයක් සඳහා කොන්දේසි නිර්මානය කරමින් සිටී. අතීත එක්සත් ජනපද යුද අපරාධ අනාවරනය කිරීම හේතුවෙන් ජූලියන් අසාන්ජ් හා චෙල්සී මෑනිං දඩයම් කර, හිරගත කෙරී ඇති ලෙස ම විදේශයන්හි මිලිටරිවාදය උත්සන්න කිරීම යොදා ගනු ඇත්තේ යුද්ධය මෙන් ම එක්සත් ජනපදය තුල ධනපති පාලනයට වන සෑම විරුද්ධත්වයක් ම අපරාධයක් ලෙස නම් කිරීමට යි.

ඉරානයට එරෙහි යුද තල්ලුව ඉදිරියට ගෙන යනු ලබන්නේ ඇමරිකානු මහජනතාවට රහසේ ය. 2003 අප්‍රකෝපිත ඉරාකයට එරෙහි යුද්ධයේදී “ජනඝාතන අවි“ ප්‍රෝඩාව ඉදිරිපත් කලාක් මෙන් ඉරාන ප්‍රකෝපකරනය පිලිබඳ වොෂින්ටනයේ ගොතන ලද හා තහවුරු නොකල ප්‍රකාශ එක්සත් ජාතීන්ගේ මන්ඩලය වෙත ගෙන යමින් නීතිමය අවසරයක් ඉල්ලා සිටීමේ කඩතුරාවක් පවා නොමැති අතර කොන්ග්‍රස් මන්ඩලයේ අනුමැතිය (ඩිමොක්‍රටිකයන් මෙය ලබා දෙනු ඇත) ලබා ගැනුම පිලිබද කියනුම කවරේද? ලිබියාව හා සිරියාවට එරෙහි යුද්ධවල දී මෙන් “මානව හිමිකම්” කඩතුරාවක් නිර්මාන කිරීමේ උත්සාහයක් ද ඇත්තේ නැත.

ඉරානයට එරෙහි යුද්ධයක් දියත් කිරීම මහජන කම්පනය හා කෝපය ඇති කරනු ඇත. යුද්ධයට එරෙහිව පුලුල් විරුද්ධත්වයක් මෙන් ම දේශපාලන සංස්ථාපිතය හා මාධ්‍ය වෙත කම්කරුවන් හා තරුනයන්ගේ පුලුල් කන්ඩායම් අතර දැඩි හා අප්‍රමාන සැකසංකා හා වෛරයක් පවතී.

නිල දේශපාලනයේ, ඩිමොක්‍රටික් හා රිපබ්ලිකානු යන දෙකේ ම සම්පූර්න වර්නාවලිය ම ඇමරිකානු අධිරාජ්‍යවාදයේ විනාසකාරී යුද ප්‍රතිපත්තියට සහාය දෙන අතර, කෙසේ නමුත්, විශාල ම අනතුර වන්නේ මෙම මහජන සමාජ විරුද්ධත්වය දේශපාලනිකව සංවිධානය නො වීමයි.

ඉරානය මත එක්සත් ජනපද ප්‍රහාරයක ක්ෂනික ප්‍රතිවිපාක කුමක් වුවත්, සිදුවීම් නිර්දය ලෙස ගමන් කරන්නේ ලෝක යුද්ධය දෙසට යි. මෙම යථාර්ථය අධිරාජ්‍යවාදයට තිත තැබීමට හා සමාජවාදී පදනමක් මත සමාජය යලි සංවිධානය කිරීමට කම්කරු පන්තියේ දේශපාලනිකව දැනුවත් මැදිහත්වීමක් සඳහා හදිසි ජාත්‍යන්තර අරගලය මෙහෙය විය යුතු ය.

බිල් වෑන් ඕකන්

Share this article: