ජූලියන් අසාන්ජ් නිදහස් කර ගැනීම සඳහා වූ සටනේ පන්ති ප්‍රශ්න

The class issues in the fight to free Julian Assange

2019 මැයි 25

විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ට එරෙහිව 1917 ඔත්තු බැලීම සම්බන්ධ පනත යටතේ චෝදනා 17 ක් ඉදිරිපත් කොට ඇති අධි චෝදනාව දේශපාලන හැරවුම් ලක්ෂයකි. නොවැලැක්විය හැකි ලෙස එකිනෙකට බැඳුනු ප්‍රශ්න දෙකක් පරදුවට තැබී ඇත: එනම් ආන්ඩුවේ සාපරාධිත්වය සහ දූෂනය හෙලිකොට ඇති ධෛර්ය සම්පන්න මාධ්‍යවේදියෙකුගේ පෞද්ගලික ඉරනම සහ එක්සත් ජනපදය තුල සහ ජාත්‍යන්තරව ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වැනසීමේ නව අවධියක්.

නව චෝදනා මගින් පැහැදිලි වන්නේ අසාන්ජ්ව එක්සත් රාජධානියෙන් එජ ට උදර්පනය කරනු ලැබුවහොත් ඔහු සිය ජීවිතයේ ඉතිරි කාලය සිරගත කිරීමකට හෝ ඊටත් වඩා දරුනු කොන්දේසි වලට මුහුන දෙනු ඇත යන්නයි. සියලු චෝදනාවන්ට අසාන්ජ් වරදකරු වුවහොත් දඬුවම වසර 175 ක් දක්වා දිගුවීමට ඉඩ තිබේ. එමෙන් ම, මරනීය දන්ඩනය පවා ලබා දීම ඇතුලු තවදුර චෝදනා සලකා බැලීමට තවත් මහා ජූරියක් ඉදිරියේ දී පත් කිරීමට නියමිතය.

එමෙන් ම, රාජ්‍ය ක්‍රියාවන් පිලිබද සත්‍ය තොරතුරු බෙදා හැරීම සහ ප්‍රසිද්ධියට පත් කිරීම වෙනුවෙන් ඔත්තු බැලීමේ පනත යටතේ අසාන්ජ්ට චෝදනා ගොනු කිරීමට වූ තීරනය එක්සත් ජනපද ව්‍යවස්ථාවේ පලමු සංශෝධනය මගින් භාෂනයේ නිදහස සහ මාධ්‍ය භාවිතයේ නිදහස ආරක්ෂා කිරීම මත එල්ල කල මූලික ප්‍රහාරයකි.

ජූලියන් අසාන්ජ්

අසාන්ජ්ට චෝදනා කරනු ලැබ ඇත්තේ “ජාතික ආරක්ෂාව” ට අදාල ලිපි ලේඛන ලබා ගැනීම සම්බන්ධයෙනි: අසාන්ජ්ට එරෙහිව චෝදනා නැගිය හැකිනම්, විකිලීක්ස් වෙබ් අඩවියෙන් එම ලිපි ලේඛන සඳහා ප්‍රවේශ වන හෝ ඒවා අන්තර්ජාලය තුලින් මාර්ගගත කරන ඕනෑම අයෙකුට එරෙහිව ද චෝදනා කල හැකිය. මෙය පොලිස් රාජ්‍යක් සඳහා ව්‍යාජ නෛතික සූත්‍රයකි.

අසාන්ජ්, නූතන ඉතිහාසය තුල දැවන්තම දේශපාලන බොරු නඩු ඇටවීමට ගොදුරු වන්නන්ගෙන් එක අයෙකි. මෙම බොරු නඩු ඇටවීම කෙරෙහි ගනු ලබන ආකල්පය මගින් සංවිධාන සහ පුද්ගලයන්ගේ පන්ති ආස්ථානය නිර්නය වෙයි.

ට්‍රම්ප් පරිපාලනය සහ දේශපාලන සංස්ථාපිතයේ සියලු කන්ඩායම් නියෝජනය කරන්නේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වලට දැඩි ලෙස සතුරු වූ පාලක ප්‍රභුවකි. විශේෂයෙන්ම නිව්යෝර්ක් ටයිම්ස්, වොෂිංටන් පෝස්ට් සහ ඩිමොක්‍රටික් පක්ෂයට සම්බන්ධ අනෙකුත් ප්‍රකාශන ජූලියන් අසාන්ජ් විනාශ කිරීමට සහ අධිරාජ්‍යවාදී යුද්ධය කෙරෙහි විරෝධය සාපරාධීකරනය කිරීමේ සාපරාධී කුමන්ත්‍රනයේ දුස්සහායකයෝය.

ටයිම්ස් පත්‍රය සිය දෙබිඩි භූමිකාව අනාවරනය කරන “ජූලියන් අසාන්ජ්ගේ චෝදනාව පලමු සංශෝධනයේ හදවතටම ඉලක්ක කරයි” යනුවෙන් බ්‍රහස්පතින්දා රාත්‍රියේ කතුවැකියක් පල කලේය.

ටයිම්ස් පුවත්පතේ කර්තෘ මන්ඩලය “එය පරම්පරාවන් විසින් භාවිතා කර ඇති හෙයින් ඇමරිකානු පුවත් පත් කලාව මත බියකරු බලපෑම් ඇති කල හැකි පැහැදිලි තියුනු වීමක්” ලෙස ප්‍රකාශ කරමින් නව අධිචෝදනා කෙරෙහි බොරු විශ්මයක් මවා පායි.

අප්‍රේල් මාසයේ, අසාන්ජ්ව ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යාලයෙන් ප්‍රචන්ඩ ලෙස ග්‍රහනයට ගැනීමෙන් මඳ වෙලාවකට පසු “අවිවාදිත අපරාධයක් පිලිබඳ අසාන්ජ් මහතාට චෝදනා කරමින් පරිපාලනය හොඳින් වැඩ කටයුතු ආරම්භ කොට ඇත” යනුවෙන් ලියමින් ට්‍රම්ප් ගේ ධවල මන්දිරයේ ක්‍රියාවන් ටයිම්ස් පුවත්පත විසින් වග වර්නනා කරනු ලැබීය. අසාන්ජ්ව අත් අඩංගුවට ගැනීමට සහය දෙමින් කතුවරුන් ඔහුගේ නඩුව “නීත්‍යානුකූල පුවත්පත් කලාව සහ සයිබර් අපරාධ අතර රේඛාවක් ඇඳ ගැනීමට උදව් වනු ඇත. එමෙන් ම, එක්සත් ජනපදය තුල වරක් ක්ලින්ටන් උද්ඝෝෂන ව්‍යාපාරය මත සිය ප්‍රහාර රුසියාව විසින් සිදු කරනු ලැබුවේ කෙසේද යන්න පිලිබඳව ඔහු ප්‍රයෝජනවත් මුලාශ්‍රයක් වනු ඇත” යි කතුවරු ලිවූහ.

අසාන්ජ් ට එරෙහිව චෝදනා නැගීමේ භයානක ඇඟවුම් පිලිබඳ එය එක්වරම දැනුවත්ව ඇති බවට කිසිවකු විශ්වාස කරනු ඇති ටයිම්ස් පත්‍රය අපේක්ෂා කරන්නේද?

ලෝක සමාජවාදී වෙබ් අඩවිය අසාන්ජ්ව අත් අඩංගුවට ගැනීමෙන් දිනකට පසු, අප්‍රේල් 12 වෙනිදා සිය කර්තෘ මන්ඩල ප්‍රකාශනය තුල “අසාන්ජ් වධ බන්ධනයට සහ මරනීය දන්ඩනයට පත් කරනු ඇති ආන්ඩුවක් වෙතට ඔවුන් අසාන්ජ්ව යොමු කරමින් නොසිටින බවට වූ රැවටිල්ලක් සහිතව ඉක්වදෝර් සහ බ්‍රිතාන්‍ය ආන්ඩුවලට සහ අසාන්ජ්ගේ උදර්පනයට පහසුකම් සැපයීමට නියමිත අරමුන; එනම් මූලික චෝදනා පැහැදිලිව පෙනෙන බොරුවක්” බව ලිවීය.

මෙය සනාථ වී ඇත. මූලික චෝදනා ද නීති විරෝධී ලෙස ඔහු අඩංගුවට ගැනීමට සහය දක්වන්නට ටයිම්ස් සහ අනෙකුත් වහල් මාධ්‍ය සඳහා සාධාරනීකරනය සම්පාදනය කලේ ය.

අසාන්ජ්ගේ කීර්තිය අඳුරු කරන දශකයකින් වැඩි කොටසක් ටයිම්ස් පුවත් පත ගත කොට ඇත. ට්‍රම්ප් ආන්ඩුවේ ක්‍රියාවන් විවේචනය කිරීමට කැපවූ කතුවැකියකින් පවා පුවත්පතට තමන්ව හික්මවා ගත නොහැකිය. “අසාන්ජ් මහතාගේ අඳුරු සහගත විධික්‍රම සහ අභිප්‍රායන් හි කරදර වීමට බෙහෝ දේ තිබේ” යයි ” ඔවුන් ලියයි.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සඳහන් කරන “බාධාවන්” වනුයේ ඉරාකයේ සිවිල් වැසියන් ඝාතනය කිරීම ඇතුලුව ආන්ඩුවේ අපරාධ හෙලිකරමින් සැබෑ මාධ්‍ය වේදියෙකු කල යුතු ආකාරයට අසාන්ජ් හැසිරී තිබීමයි. ඔහුගේ අභිප්‍රායන් “අඳුරු” නැත. ටයිම්ස් පුවත් පත හොරනෑවක් ලෙස කටයුතු කරන හමුදා සහ බුද්ධි ආයතන වල විදේශ පිලිවෙත්වලට ඔහුගේ අභිප්‍රායන් එකඟ නොවේ.

අසාන්ජ්ට තවදුරටත් පහර දෙමින් (විකිලීක්ස් මගින් සැපයූ ලිපිලේඛන පිලිබඳ පුවත් වාර්තා පල කරන විට) පුවත්පත පාර්ශවකරුවකු ලෙස නොව මුලාශ්‍රයක් ලෙස අසාන්ජ්ට සැලකූ බවත්, සම්බන්ධතාවය පහසු එකක් නො වූ බවත් බුද්ධි මුලාශ්‍ර අනාවරනය කිරීමේ අවදානම කෙරෙහි ඔහුගේ නොසැලකිල්ල ඝට්ටනයේ විශේෂිත මුලාශ්‍රයක් වූ බවත් ටයිම්ස් ලියයි.

ටයිම්ස් සහ අසාන්ජ් අතර ඝට්ටනයේ ස්වභාවය පැහැදිලි කරන එවක විධායක කර්තෘ බිල් කෙලර් විසින් 2011 පලකල ප්‍රකාශනයක් මෙහිදී ටයිම්ස් සම්බන්ධ කරයි. අසාන්ජ් කෙරෙහි යොමු වූ ගිනිය නොහැකි තරම් අපවාද සහ අපහාස පසෙක තිබියදී කෙලර්ගේ විචාරය එජ ආන්ඩුව සමග විකිලීක්ස් ලිපි ලේඛන පිලිබඳව වාර්තාවන් පලකිරීම සම්බන්ධීකරනයට ටයිම්ස් කෙතෙක් වගකිව යුතුද යන්න ඔප්පු කිරීමට කැප කොට ඇත.

රාජ්‍ය දෙපාර්තමේන්තුවේ, පෙන්ටගනයේ, සීඅයිඒ සහ එෆ්බීඅයි නිලධාරීන් සමග ටයිම්ස් දෛනික රැස්වීම් පැවැත්වූ බව කෙලර් සඳහන් කරයි. “සෑම සාකච්ඡාවක ට ම පෙර අපගේ වොෂිංටන් කාර්යාංශය ඉදිරි දිනවලදී භාවිතා කිරීමට අපි හඳුන්වා දුන් කේබල් පනිවිඩ ගනනාවක් යැවීය. රාජ්‍යයේ කුඩා කන්ඩායමකට ඔවුන්ගේ ප්‍රතිචාරයන් සඳහා මග පෙන්වූ, ඒවාට සහය දීමට මූලිකත්වය ගැනීම් සහ වාද විවාද මාලාවක් සමග අපගේ දෛනික සාකච්ඡාවන්ට පැමිනි කලාපීය විශේෂඥයන්ට ඒවා සංසරනය කරනු ලැබීය. ආන්ඩුවේ උත්සුකයන් හා ඒවා සම්බන්ධයෙන් අපගේ ම තීරන අනෙකුත් පුවත් ආයතන වලට අපි සැපයුවෙමු”.

වෙනත් වචන වලින් කිවහොත් අසාන්ජ් මෙන් නොව, ටයිම්ස්පුවත් පත ඇමරිකානු රාජ්‍යය තුලට කා වැදී ඇති අතර බුද්ධි ආයතන වල උපකරනයක් ලෙස කටයුතු කරයි.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ ප්‍රසිද්ධ කල කතු වැකියක දී “අසාන්ජ් මහතා වීරයෙකු නොවේ” යැයි පවසමින් “නමුත් මෙම සිද්ධිය දැන් ප්‍රකාශනයේ නිදහසට හා එමගින් ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ ම ප්‍රතිවර්තනයකට තර්ජනය කිරීමක් නියෝජනය කරන” බව නිගමනය කරයි.

ඔවු! අසාන්ජ් මහතා වීරයෙක් යනුවෙන් යමෙකුට පිලිතුරු දිය හැකි අතර ඔහුට එරෙහි චෝදනා ගොනු කිරීමට සහභාගී වීම මගින් “ප්‍රකාශනයේ නිදහසට” සහ “ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය ට ම”, කිසිදු බැඳීමක් නොමැති බව ටයිම්ස් පත්‍රය ප්‍රදර්ශනය කොට ඇත.

ටයිම්ස් බඳු “ආරක්ෂකයන් ” සිටිය දී එජ ආන්ඩුවට අභිචෝදනා ගොනුකරන්නෙකු අවශ්‍ය නොවේ. අනෙකුත් මාධ්‍ය ආයතන ද එය අනුගමනය කොට ඇත. “අසාන්ජ්ව වසර ගනනාවකට සිරගත කොට තැබිය හැකි” කදිම සහ ප්‍රවේසම් සහගත මාවතක් ට්‍රම්ප් ආන්ඩුව විසින් ඉවතට විසි කොට ඇති බවට වූ සිය උත්සුකය වොෂිංටන් පෝස්ට් පුවත්පත ප්‍රකාශයට පත් කලේය.

ගොතන ලද දූෂන චෝදනා වලට මුහුන දීම සඳහා එක්සත් ජනපදය වෙනුවට ස්වීඩනයට ජූලියන් අසාන්ජ්ව යැවිය යුතු බවට බ්‍රිතාන්‍ය ගාර්ඩියන් පුවත් පත සිය අදහස ප්‍රකාශයට පත් කලේය. එය, ප්‍රතිගාමී දේශපාලන න්‍යාය පත්‍රයන් ප්‍රවර්ධනය කිරීමට අනන්‍යතා දේශපාලනයට ගැට ගැසුනු එබඳු මෙහෙයුම් භාවිතා කල වරප්‍රසාදිත ඉහල මධ්‍යම පන්තික ස්ථරයේ දැක්ම මූර්තිමත් කරයි.

අසාන්ජ්ට පහර දීම සම්බන්ධයෙන් කුප්‍රකටයන්ගෙත් කුප්‍රකටයෙකු වීමෙන් තමාම විශිෂ්ටයෙකු වී ඇති එම්එස්එන්බීසී හි රචෙල් මැඩොව්, පලමු සංශෝධනය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ ක්‍රියාවන්ගේ ඇඟවුම් වෙනුවෙන් ඇයගේ උත්සුකය ප්‍රකාශයට පත් කිරීමට පෙර ට්‍රම්ප්ව තෝරාපත් කර ගැනීමට උත්සාහ කල “සුවිශේෂව දයාවිරහිත පුද්ගලයෙකු” ලෙස ඔහුව ප්‍රකාශයට පත් කරමින් “ජූලියන් අසාන්ජ්ගේ අත්‍යන්ත ඉරනම” ගැන ඇයගේ “උනන්දුවක් නැති” බව පෙන්වීය.

මොන තරම් වංචාවක්ද? සත්‍යය නම් අසාන්ජ්ට එරෙහිව ඔවුන්ගේම ව්‍යාපරය භාෂනයේ නිදහසට එල්ල කෙරෙන දැවැන්ත ප්‍රහාරයකින් කුටප්‍රාප්ත වී ඇත. මෙය අහඹුවක් නොව තාර්කික ප්‍රතිපලයක් වන අතර ඔවුන්ගේ ම දේශපාලනය සමග සම්පූර්නයෙන් ම අනුකූලය. මේ අදහසට සහභාගී වී ඇති ටයිම්ස්, මැඩොව් සහ අනෙකුත් බොහෝ අය බොරු වපුරා ඇත. අසාන්ජ්ගේ දෛවයට සිනහසීමෙන් සදහටම තුමූම වරදකරුවන් කර ගෙන ඇත.

ඩිමොක්‍රටිකයන් මෙන්ම, නවතම චෝදනා සම්බන්ධයෙන් ඔවුන් තවමත් මුනිවත රකී. ධවල මන්දිර ප්‍රකාශිකා නැන්සි පෙලෝසි කිසිවක් ප්‍රකාශ කොට නැත. එමෙන්ම “පුටින් සහ රුසියානු ආන්ඩුව වෙනුවෙන් අපේ මැතිවරන තුල ඔහුගේ මැදිහත් වීමේ වගකීම ඔහුට පැවරෙනු ඇති බවට මම බලාපොරොත්තු වෙමි” යනුවෙන් අප්‍රේල් මාසයේ අසාන්ජ්ව අත් අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රකාශ කල සෙනෙට් සුලුතර නායක චාල්ස් ෂූමර් ද කිසිවක් ප්‍රකාශ කොට නැත.

වර්මන් සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් අසාන්ජ්ට එරෙහි අධිචෝදනා “පලමු සංශෝධනයට එල්ල කරන කනගාටුදායක ප්‍රහාරයක්” යයි ට්විටර් පනිවිඩයක් නිකුත් කල ද අසාන්ජ්ගේ නම පමනක් නොව ඔහුගේ සහ චෙල්සී මෑනින්ගේ නිදහස ගැන සඳහන් කිරීමෙන් වැලකුනි. සැන්ඩර්ස්ට සහ ඩිමොක්‍රටික් පක්ෂයට තදින් බැඳුනු ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් සහ ජැකොබින් සඟරාව චෝදනාව සහ බොරු නඩුව ප්‍රතික්ෂේප කිරීමට මේ දක්වා අසමත්ව ඇත.

ඔහුට හිංසා කිරීම සඳහා ඔවුන්ගේ සහයෝගය දීම සාධාරනීකරනය කිරීමට දූෂන සහ ලිංගික අපචාර චෝදනා මත පදනම් වූ අධම සාවද්‍ය චෝදනාවන් ප්‍රවර්ධනය කර ඇති මධ්‍යම පන්තික ස්තරය විසින් ද අසාන්ජ්ව, හුදෙකලා කොට ඇත. පසුගිය විසිපස් වසර පුරා මෙම ස්ථරය විවෘත ව ම අධිරාජ්‍යවාදයට ගැති හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්හි සතුරන් බවට පත්වී ඇත.

උකහා ගත යුතු නිගමනය වනුයේ අසාන්ජ්ගේ ආරක්ෂාව පන්ති ප්‍රශ්නයක් බවයි. ඔහුගේ දන්ඩනය කෙරෙහි ඩිමොක්‍රටික් පක්ෂයේ, මාධ්‍යයේ සහ ඉහල මධ්‍යම පන්තික සංවිධාන වල සහය අධිරාජ්‍යවාදයට සහ ධනවාදයට ඔවුන්ගේ පවත්නා සහය සමග ගැට ගැසී ඇති අතර ඒ හේතුවෙන්ම අසාන්ජ් සිදු කොට ඇති දෙය එනම් සත්‍යය අනාවරනය කිරීම කෙරෙහි ඔවුන් සතුරුය.

අසාන්ජ්ගේ ජීවිතය සහ නිදහස, මෙන්ම චෙල්සී මෑනින්ගේ නිදහස කම්කරු පන්තියේ මැදිහත්වීම මත රඳා පවතී.

සිකුරාදා මාධ්‍යවේදී ගෝඞ්න් ඩිමැක් හට නිකුත් කල බලගතු ප්‍රකාශනයක දී අසාන්ජ් කුප්‍රකට බෙල්මාර්ෂ් බන්ධනාගාරයේ සිට මෙසේ ලිවීය. “මම ආරක්ෂා විරහිතව සිටින අතර මගේ ජීවිතය ආරක්ෂා කිරීමට ඔබ සහ අනෙකුත් හොඳ පුද්ගලයින් ගැන බලාපොරොත්තු තබා සිටිමි”. තවදුරටත් ඔහු මෙසේ සඳහන් කලේය. “මට කියවීමට, කථාකිරීමට සහ මගේ ජීවිතයේ ආරක්ෂාව වෙනුවෙන් සංවිධානය වීමට මට හැකිවූ දිනවල මාගේ පුරුෂාර්ථ සහ මාගේ මිනිසුන් මා නිදහස් වන තුරු බලා සිටි. සියල්ලන් ම මාගේ ස්ථානය ගත යුතුය.”

එක්සත් රාජධානියේ බන්ධනාගාරයෙන් අසාන්ජ්ගේ නිදහස, ඔහුව එජ යට උදර්පනය කිරීමට විරුද්ධවීම සහ ඔහු ආරක්ෂිතව සිය මව් රටට රැගෙන ඒම සඳහා වූ ඉල්ලීම සඳහා සටන ජනගහනයේ පලල් බහුතරයක් විසින් ගත යුතුය. එය සමස්ථ ග්‍රහලෝකයම විනාශ කර දැමීමට තර්ජනය කරන අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටනට, ෆැසිස්ට්වාදයේ සහ අධිකාරිවාදයේ වර්ධනයට සහ සමාජ අසමානතාවයට එරෙහි විරුද්ධත්වයට සම්බන්ධ කල යුතුය.

ජූලියන් අසාන්ජ් නිදහස් කරනු! ඒ සඳහා ඉදිරියට පැමින පහැදිලි ආස්ථානයක් ගන්නා ලෙස සමාජවාදී සමානතා පක්ෂය, සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය සියලු කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට ගරු කරන සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.

ජෝසෆ් ක්‍රිෂෝර්

Share this article: