අසාන්ජ් වසර 170ක සිරදඬුවමකට මුහුන දෙන අතර, ට්‍රම්ප් එක්සත් ජනපද යුද අපරාධකරුවන්ට සමාව දීමට යෝජනා කරයි

As Assange faces 170-year sentence, Trump proposes pardoning US war criminals

2019 මැයි 27

යුද අපරාධ පිලිබඳ චෝදනා කෙරුනු හෝ වරදකරු යැයි ප්‍රකාශ කෙරුනු එක්සත් ජනපද සොල්දාදුවන් කීපදෙනෙකුට තමා සමාව දෙන බවට ජනාධිපති ට්‍රම්ප් කල නිවේදනය මිලිටරියට කරන ආයාචනයක් වන අතර ඇමරිකානු අධිරාජ්‍යවාදය තවත් යුද්ධවලට සූදානම් වීමත් සමග ඕනෑම බාධාවක් ඉවත් කරනු ඇති බවට සංඥාවකි.

සිකුරාදා, ට්‍රම්ප් වේලාසන නිව් යෝක් ටයිම්ස් වාර්තාවක තහවුරු කලේ පාලනාධිකාරිය සමාව දීමේ ලිපි සඳහා “කඩිනම් ඉල්ලීම් කර” ඇති බව යි. “මෙම සොල්දාදුවන්ගෙන් සමහරෙකු දීර්ග කාලයක් එඩිතරව සටන් කල අය” යැයි ට්‍රම්ප් පැවසී ය. “ශ්‍රේෂ්ට සටන් කරුවෙකු වන්නේ කෙසේ දැ යි අපි ඔවුන්ට උගන්වනවා. ඔවුන් යම් කාලයක් සටන් කර ඇතත් ඔවුන්ට සලකන්නේ අන්තිම නරක විදියට. ඒ නිසා අපි මේ ගැන විමසීමට අදහස් කරනවා.”

ට්‍රම්ප් සඳහන් කරන්නේ, එක්සත් ජනපද “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” සාපරාධී හා දූෂිත ස්වභාවය මූර්තිමත් කල සොල්දාදුවන් ගැන ය. ඔවුන්ට අයත් වන අය නම්,

* ප්‍රධාන සුලු නිලධාරී එඞ්වඞ් ගලගර්, ඔහු 2017 සිට 2018 දක්වා ඉරාකයේ දී තම ස්නයිෆර් තුවක්කුව රැඳ වූ ස්ථානයේ ආරක්ෂාව ඇති ව මහලු මිනිසෙකුට හා තරුන කාන්තාවකට වෙඩි තබූ අතර දඩයම් පිහියකින් පිට පිට ඇන තරුන යුද සිරකරුවෙකු මරා දැමුවේය. ඉන්පසු ඔහු බිල්ලට ගත් අයගේ දේහය සමග ඡායාරූපයකට පෙනී සිටීයේය.

* නිකොලස් ස්ලැටර්න්, හිටපු බ්ලැක්වෝටර් කුලීහේවායකු වන ඔහු, සොල්දාදුවන් ඉරාක සිවිල් වැසියන් 17 දෙනෙකු ඝාතනය කල, 2007 නිසෝර් චතුරශ්‍රයේ සංහාරයට ඔහුගේ සම්බන්ධය නිසා මෑත දී මිනීමැරුමට වරදකරුවෙකු කෙරුනි.

* මැතිව් ගෝල්ස්ටේන්, තමා ඇෆ්ගනිස්තාන් බලධාරීන් විසින් රඳවා තබාගෙන පසුව නිදහස් කරන ලද, තලිබාන් සමාජිකයෙකු යයි චෝදනා ලත් නිරායුද අයෙකුගේ හිස ගසා දැමූ බව ෆොක්ස් නිව්ස් වැඩසටහනක දී සජීවි ව පිලිගැනීමෙන් පසු, මිනීමැරීම සම්බන්ධයෙන් මෑත දී නඩුවකට මුහුන දුන්නේ ය. මාර්තු 30වැනිදා, ට්‍රම්ප් ගෝල්ස්ටේන් “එක්සත් ජනපද මිලිටරි වීරයෙකු” යැයි ට්වීටර් පනිවිඩයක් නිකුත් කලේ ය.

* ක්ලින්ට් ලෝරන්ස්, 2012දී දුර සිට ඇෆ්ගන් ජාතිකයින් තිදෙනෙකු ඝාතනය කිරීම වෙනුවෙන් දැනට වසර 19ක සිරදඬුමක් ගෙවමින් සිටී.

මැයි මස මුල දී ට්‍රම්ප්, මයිකල් බෙහෙනාට සමාව දුන්නේ ය, හමුදා නිලධාරියෙකු වූ මොහු, රඳවා ගැනීමෙන් නිදහස් කෙරී සිටි ඉරාක සිරකරුවෙකුගේ හිස යට ග්‍රෙනේඞ් බෝම්බයක් තබා මරා දැමීම වෙනුවෙන් වරදකරු කෙරී සිරිගත කෙරුනි.

න්‍යුරෙම්බර්ග් ප්‍රතිපත්ති යටතේ යුද අපරාධකරුවන්ට සමාව දීම ම ද යුද අපරාධයකි. 1969දී එවකට ජනාධිපති රිචඞ් නික්සන් හා ඔහුගේ හෙංචයියෝ 1968දී දකුනු වියට්නාමයේ ගමක් වන මයිලායි හි එක්සත් ජනපද හමුදා විසින් සිදුකරන ලද සිවිල් වැසියන් 504දෙනෙකුගේ සංහාරය වසන් කලහ. සංහාරය සිදුකිරීම වෙනුවෙන් ලුතිනන් විලියම් කැලේයි ජීවිතාත්නය දක්වා සිරගත කිරීමෙන් දිනකට පසු, නික්සන් ඔහු නිවාස අඩස්සියට මාරු කර යවා තිබුනි. 1974දී කැලේට ඇප දෙන ලදී.

එහෙත් ට්‍රම්ප් මෙම වාර්තාව නව ගැඹුරකට ගෙන විත් ඇත. ඒ එක්සත් ජනපදය තවත් යුද්ධවලට සූදානම් වෙද්දීය. සමාව දිය හැකි කම පිලිබඳ ට්‍රම්ප්ගේ නිවේදනය නිකුත් වුනේ, මැද පෙරදිග දී ඉරානයට මුහුන දීම සඳහා අතිරේක සොල්දාදුවන් 1,500ක් රැඳවීම නිවේදනය කිරීමත් සමග ය. ට්‍රම්ප්ගේ ප්‍රකාශනයෙන් පැය කීපයක් ඇතුලත, උප ජනාධිපති මයිකල් පෙන්ස් එක්සත් ජනපද මිලිටරි ඇකඩමියේ උපාධිධාරීන්ට සෙනසුරාදා පැවසුවේ, “ඔබගේ ජීවිතයේ යම් අවස්ථාවක ඇමරිකාව සඳහා වන සටන්බිමක ඔබ සටන් කරන බව සැබෑවට ම නිශ්චිත” බව යි.

මෙම අපරාධකරුවන්ට සමාව දීමේ තම කැමත්ත සංඥා කරමින් ට්‍රම්ප්, සියලු මිලිටරි සංවිධාන නීති මුක්තියේ ආවරනය යටතේ තබන “විශේෂ රාජ්‍ය” නිර්මානය කිරීමට, සමාව දීම ප්‍රයෝජනයට ගැනීම සඳහා විධායකයේ අත්තනෝමතික බලතල ස්ථාපිත කරමින් සිටි යි.

මාර්තුවේ දී, කොංග්‍රසයේ රිපබ්ලිකානු සාමාජිකයෝ 40ක් ගලගර්ස් නිදහස් කිරිම සඳහා නාවික හමුදා ලේකම්ට යැවූ ලිපියකට අත්සන් කලහ. එය මෙසේ පවස යි, “එම කාලසීමාව වෙනුවෙන් කිසියම් හෝ සේවා නිලධාරියෙකු හිර කිරීම, එසේ කිරීමට ඇති අධිකාරිත්වය නො සලකා, අපගේ නිදහස වෙනුවෙන් සටන් කරන අයට දෙන්නේ බියකරු පනිවිඩයකි.” එම ලිපිය “තහනමේ සැර අඩු රූපාකාරක්” ඉල්ලා සිටින අතර රඳවා ගැනනු යුද අපරාධකරුවන් පිලිබඳ “සාධාරන විභාගයක් පැවත් විය යුතු” බව කියා සිටියි.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආරක්ෂාව පිනිස සිවිල් වැසියන් මැරූ අය ආරක්ෂා කිරීම හා වීරයන් කිරීමේ උත්සාහය අනාවරනය කරන්නේ, ජූලියන් අසාන්ජ් හා චෙල්සී මෑනිංට එරෙහි ද්විපක්ෂ උද්ඝෝෂනයේ පන්ති ස්වභාවය යි. ලිංගික ප්‍රහාර නැතහොත් ට්‍රම්ප් රුසියාව සමග සහයෝගයෙන් කටයුතු කල බව සඳහන් පදනම් විරහිත බොරු පිටුපස, අසාන්ජ් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සතුරා වන්නේ, ඔහු ඇමරිකාවේ යුද්ධ ලෝක ජනතාවට සිදුකර තිබෙන අපරාධ හෙලිදරව් කල බැවිනි.

අසාන්ජ් හා මෑනිං හෙලිදරව් කලේ යුදබිමේ යුද අපරාධකරුවන් පමනක් නොව, යුද්ධ දියත් කලා වූ ද සිවිල් වැසියන් මිලියන ගනනාවක් හා එක්සත් ජනපදය හා එහි සහචර රටවලට අයත් සොල්දාදුවන් දහස් ගනනකගේ මරනවලට වග කිව යුතු වොෂින්ටනය හා එහි මාධ්‍ය ප්‍රචාරකයින් තුල සිටින යුද අපරාධකරුවන් ය. මෙම පුද්ගලයන්ගෙන් කිසිවෙකුත් වගකිවයුත්තන් සේ සලකා රඳාවා ගෙන නොමැත.

දැන් ට්‍රම්ප් පාලනාධිකාරිය 1917 ඔත්තු සේවා පනත යටතේ අසාන්ජ්ට එරෙහිව චෝදනා 17ක් නිවේදනය කර ඇති අතර ඔහුට වසර 70ක සිරදඬුවම් නියම කිරීමේ තර්ජනය එල්ල කර ඇත. වසර අටක් තිස්සේ ඔත්තු සේවා පනත් අධිචෝදනා කීරීම් අතරතුර ඔබාමා පාලනාධිකාරිය විසින් තබන ලද පූර්වාදර්ශවලින් වර්ධනය කෙරුනු අධිචෝදනා, යුද්ධයට එරෙහි විරුද්ධත්වය සාපරාධීකරනයට මග පාදයි.

වැඩිවෙන්නා වූ සංඛ්‍යාවක් පුද්ගලයෝ ජූලියන් අසාන්ජ් හා චෙල් සීමෑනිංට සලකන විදිය ගැන කෝප වී සිටිති.

තමන්ගේම ප්‍රසිද්ධ කිරීමේ අයිතියට තර්ජනය නො කරතැ යි යන රැවටිල්ල මත ආන්ඩුව අසාන්ජ් හිර කරනු ඇතැ යි අපේක්ෂා කරන, නිව් යෝක් ටයිම්ස් හෝ වොෂින්ටන් පෝස්ට් වැනි පුවත්පත් කර්තෘ මන්ඩල කාර්යාලවල අසාන්ජ්ගේ ආධාරකරුවන් සොයා ගත නො හැක. අසාන්ජ්ට එරෙහි නඩු දැමීම ගැන නායකයින් හා දේශපාලනික ඔලුබක්කන් නිහඬ ව සිටින, ජැකොබින් සඟරාව වැනි ප්‍රකාශන හෝ ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී සංවිධානය තුල ද අසාන්ජ්ගේ ආරක්ෂකයින් සොයා ගත නො හැක.

ජූලියන් අසාන්ජ් හා චෙල්සී මෑනිංගේ සහාය සඳහා වෛෂයික මූලාශ්‍රය වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තිය යි. ලෝකය පුරා ඇමරිකානු අධිරාජ්‍යවාදී මැදිහත්වීමේ මූලික ඉලක්කය වන්නේ මෙම සමාජ පන්තිය යි. ඇමරිකානු බෝම්බවලින් විනාස වන්නේ ඔවුන්ගේ නිවාස හා පාසල් ය. මධ්‍යදරනී මුහුගේ ගිලෙන්නේ යුද්ධයෙන් පුපුරා ගිය ව්‍යසන කලාපයන්ගෙන් පලායන අයගේ ලමුන් ය.

එක්සත් ජනපදය තුල ම, යුද්ධ සඳහා වස්තුව හා ලේ වලින් ගෙවා ඇත්තේ කම්කරු පන්තිය යි. විදේශ රටවල මරන හා විනාසය සඳහා පාලක පන්තිය සමාජ වැඩසටහන්, සෞඛය රැකවරන හා අධ්‍යාපනයෙන් ඩොලර් ට්‍රිලියන ගනන් උදුරාගෙන ඇත. කම්කරු පන්තික තරුනයෝ දහස් ගනනක්, විරැකියාවෙන් පලායමින් හා අවස්ථා නැතිකමෙන් මිය ගොස් ය. තවත් දසදහස් ගනනක් කායිකව හා මානසිකව තුවාල ලබා සිටින අතර තවත් මිලියන ගනනාවක්, සොල්දාදුවන්ගේ සිය දිවි නසා ගැනීම්, විෂාදය හෝ මත්ද්‍රව්‍ය අපයෝජනයේ බලපෑමට මුහුනපා ඇත.

අසාන්ජ් හා මෑනිංගේ නිදහස ඉල්ලා කම්කරු පන්තිය තුල හැකි පලල් ම උද්ඝෝෂනයක් වෙනුවෙන් සමාජවාදී සමානතා පක්ෂය පෙනී සිටී.

පන්ති යුද්ධ සිරකරුවන් වන ජූලියන් අසාන්ජ් හා චෙල්සී මෑනිං ආරක්ෂා කරනු! පරදුවට තැබී ඇත්තේ ධෛර්යසම්පන්න පුද්ගලයන් දෙදෙනෙකුගේ නිදහස පමනක් නො ව අධරාජ්‍යවාදී යුද්ධය නතර කිරීම හා සමානාත්මතා, සමාජවාදී පදනමක් මත සමාජය පරිවර්තනය කිරීමේ සටන යි.

එරික් ලන්ඩන්

Share this article: