කොන්සවේටිව් හා ලේබර් යන දෙපක්ෂයටම අර්බුදයක් වූ යුරෝපීය මැතිවරනය

European election debacle for and Labour

රෙබට් ස්ටීවන්ස් විසිනි, 2019 මැයි 28

පාලක කොන්සවේටිව් ආන්ඩුව ඔවුන්ගේ නරකම මැතිවරන ප්‍රතිපලය අත්විඳි අතර ලේබර් පක්ෂය ද එවැනිම අර්බුදයකට මුහුන පෑවේය.

රටපුරාම යන්තම් සියයට 9ක ඡන්ද ලබාගනිමින් ආසන තුනක් පමනක් ලබාගත් ටෝරීන්, 1834 දී පක්ෂය පිහිටවූ තැන් පටන් ලැබූ අන්ත පරාජයට මුහුන දෙමින් සුන්නත් දූලි විය. ඔවුන්ගේ මුල් ජාතික පරාජය වූ 2014 යුරෝපීය මැතිවරනයේදී ඔවුන් සියයට 24ක් ඡන්ද ලබාගත්ත ද මෙවර එය 9ටකිඳා බැස්සේය.

ප්‍රතිපල නිකුත් වුනේ නායකත්වය සඳහා ඡන්දයක් පැවැත්වීමට නියමිතව තිබියදීය. ඒ අගමැති තෙරේසා මේ ජූලි 7දා ඉල්ලා අස්වන කොන්දේසි තුලය. තරඟයට ඉදිරිපත්ව සිටින අය ඒ තත්වය ඩැහගත්තේ, දැඩි යුරෝ සංගම් විරෝධයක් වෙනුවෙන් මෙන්ම සමහරවිට පිටවීමේ “මොනම ගිවිසුමක් හෝ නැත” යන ආස්ථානය වෙනුවෙන් පෙනී සිටිමින්ය.

සමස්තයක් ලෙස ගත් කල බ්‍රිතාන්‍යයේ ඡන්දය බ්‍රෙක්සිට් හිතවාදී හා විරොධී ප්‍රිස්මය තුලින් දෝලනය විය.

ටෝරි පක්ෂයේ ආධාරකරුවෝ සමූහයක් ලෙස සිය පක්ෂය අතහැර නීගල් ෆරාජ් විසින් මෑතකදී පිහිටුවා ගත් බ්‍රෙක්සිට් පක්ෂයට සහාය දුන්හ.

අන්ත දක්ෂිනාංශික බ්‍රෙක්සිට් පක්ෂය මැතිවරනය මුලුමනින්ම පාහේ ජයගත්තේය. සියයට 32ක් ඡන්ද ලබාගනිමින් ඔවුන් ආසන 73න් 29ක්ම දිනාගත්තේය. එය එංඟලන්තයේ සෑම කොටසකම මුල් තැනට ආවේය. එංඟලන්තයේ ඊසාන, වයඹ ද වේල්ස්, බටහිර මිඞ්ලන්ඞ්, නැගෙනහිර මිඞ්ලන්ඞ්, යෝක්ෂයර් හා හම්බර්ග්, නිරිත හා ගිනිකොන ඒ අතර විය. ඔවුන්ට මුල් තැන නොලැබුනේ ලන්ඩනයේ පමනි.

එය බ්‍රෙක්සිට් පක්ෂ ඡන්ද සියල්ලම පාහේ ලබාගෙන ඇත. ෆරාජ්ගේ මුල් සංවිධානය වූ බ්‍රිතාන්‍ය ස්වාධීන පක්ෂයේ ඡන්ද ද ගොනුකරගෙන ඇත. එම පක්ෂය 2014 යුරෝපීය මැතිවරනය දිනා ගත්තේය. එය මෙවර තම ආසන සියල්ල අහිමිකරගත් අතර ලබාගත්තේ සියයට 3ක ඡන්ද ප්‍රමානයක් පමනි.

යුරෝපීය ගැති ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ලේබර් පක්ෂයේ වියදමෙන් සියයට 13.4 සිට සිය ඡන්ද ප්‍රමානය මෙවර සියයට 20ට වැඩි ප්‍රමානයකට වර්ධනය කර ගනිමින් දෙවන තැනට පත් විය. ඔවුන් සිය ඡන්ද ව්‍යාපාරය ගෙන ගියේ බ්‍රිතාන්‍යයේ පිටවීම පාලනය කරන 50 වන නීතිය බලගන්වන ලෙස ඉල්ලමිනි.

රැඳී සිටිය යතු යයි දිගටම කියා සිටි බව පෙනෙන ලිබරල් ඩිමොක්‍රටිකයින්, ආසනයක් පමනක් හිමිකර ගනිමින් 2014 යුරෝපීය මැතිවරනයෙන් තමන් ලැබූ නරකම පරාජයේ සිට මෙවර ආසන 16ක් ලබාගෙන තමන්ගේ හොඳම ප්‍රතිපල පෙන්වීය.

රැඳී සිටීමට පක්ෂ හරිතයින් සියයට 4.2 සිට මෙවර 12.1 ඡන්ද ලබාගෙන ආසන හතක් හිමිකරගත් අතර සිව්වැනි තැනට පත් විය. සිය පක්ෂ වලින් පෙබරවාරියේදී ඉවත්ව ගිය බ්ලෙයාර්වාදී (හිටපු ලේබර් අගමැති ටෝනි බ්ලෙයාර්) දක්ෂිනාංශිකයින් අට දෙනෙක් ද ටෝරීන් තුන් දෙනෙක් ද එක්ව මෑතකදී පිහිටුවාගත් බ්‍රිතාන්‍යය වෙනස් කරනු පක්ෂයට ලැබුනේ සියයට 3.4ක සොච්චම් ඡන්දයක් පමනි. එය ආසන කිසිවක් දිනාගැනීමට ප්‍රමානවත් නොවීය.

ඡන්ද පෙලගැස්වීමට දරන ඕනෑම උත්සාහයක් පෙන්වන්නේ, 2016දී මෙන්ම මෙවර ද රට ගැඹුරෙන්ම බෙදී ඇති බවයි. රැඳී සිටිය යුතු යයි උද්ඝෝෂනය කල ලිබරල් ඩිමොක්‍රැටික්, බ්‍රිතාන්‍ය වෙනස් කරනු, හරිත හා ප්ලේඞ් සිම්රු යන සියලු සංවිධාන එක්ව ගත් කල දල වශයෙන් ඡන්ද සියයට 38ක් ලබා ඇත. විශේෂයෙන්ම ගිවිසුමකින් තොරවම යුරෝ සංඟමයෙන් ඉවත්විය යුතු බව කිවූ, බ්‍රෙක්සිට්ට සහාය දුන් පක්ෂ දෙකක් වන බ්‍රෙක්සිට් පක්ෂය හා බ්‍රිතාන්‍යයේ නිදහස් පක්ෂය, ඒකාබද්ධව සියයට 37ක් ඡන්ද හිමිකර ගත්හ.

රැඳී සිටිය යුතු යයි හා ඉවත් විය යුතු යයි කිවූ පක්ෂ ඡන්ද දිනාගනිද්දී ලේබර් පක්ෂය සියයට 14.1 ඡන්ද ගබාගත්තේය. එය ලේබර් ඡන්ද ප්‍රතිශතය සියයට 11.3න් කඩා වැටීමකි.

ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත් පතට අනුව, “2016 යුරෝපීය ජනමත විමසුමේ ප්‍රතිපල සමඟ සසඳන කල ලේබර්හි ඡන්ද වෙනස පෙන්නුම් කරන්නේ, බ්‍රෙක්සිට් ක්ෂේත්‍රයේ කුමන අන්තයක් නියෝජනය කල පෙදෙස්වල හෝ පක්ෂය පෙන්වූ නරකම ප්‍රතිපලයයි. මත විසුමේදී රැඳී සිටිය යුතුය යන්නට වැඩිම මනාපය පලවු බ්‍රිතාන්‍යයේ ප්‍රදේශවලදී ලේබර් ඡන්දය සියයට 15ක සාමාන්‍යයකින් පහත වැටී ඇත. එහෙත් ඉවත්විය යුතු යයි ජනමත විමසුමේදී දැඩි ලෙස කියාසිටි ප්‍රදේශවල පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය සියයට 11න් පහත වැටුනි. එය දෙවන වැඩිම වැටීමයි.”

සියවසක් තිස්සේ සෑම ජාතික මැතිවරනයකදීම ඒවා ජය ගත් ලේබර් පක්ෂය යන්තම් ඡන්ද සියයට 15.3ක් ලබාගනිමින් තුන්වන තැනට පැමිනියේය. ඒ බ්‍රෙක්සිට් පක්ෂයට හා රැඳී සිටිය යුතු යයි කිවූ ප්ලේඞ් සිම්රු පක්ෂ වලට පිටුපසිනි. යුරෝසං හැරගිය යුතුය යන ඡන්දය වේල්සයේදී යාන්තමින් ජය ගත්තේය.

ස්කොට්ලන්තයේදී ලේබර් පක්ෂයට එකදු ආසනයක් හෝ හිමි නොවේ. එය 1910න් පසු ලත් බරපතලම පරාජයයි. සියයට 10 අඩු ඡන්ද ප්‍රතිශතයක් සහිතව ලේබර් පස්වැනි තැනට ඇද වැටුනි. ඒ හරිත, ලිබරල් ඩිමොක්‍රටික් හා බ්‍රෙක්සිට් පක්ෂ වලින් පසුපසට යාමත් සමඟය. රැඳී සිටීමට පක්ෂ සංවිධාන ඡන්ද සියයට 62ක් ලබාගත්හ. රැඳී සිටීමට පක්ෂ පාලක ස්කොට්ලන්ත ජාතික පක්ෂය සියයට 38ක් ලබා ගත්තේය.

2016 මත විමසුමේදී ඉවත්වීමට පක්ෂව ඡන්දය දුන් ලේබර් පක්ෂයේ බලකොටුව වූ වයඹදිග එංඟලන්තයේදී මෙවර ඔවුන්ට සියයට 21 ඡන්ද හිමිවූ අතර බ්‍රෙක්සිට් හා ස්වාධීන බ්‍රිතාන්‍ය පක්ෂ වලට සියයට 34ක් ඡන්ද ලැබුනි. රැඳී සිටීමට පක්ෂ ලිබරල් ඩිමොක්‍රටික්, හරිත හා බ්‍රිතාන්‍යය වෙනස් කරනු පක්ෂ වලට සියයට 32ක් හිමි විය.

මැන්චෙස්ටර්හිදී ලේබර් සියයට 37ක් ඡන්ද ලබාගත් අතර බ්‍රෙක්සිට් සියයට 13.9 ද ස්වාධීන බ්‍රිතාන්‍ය පක්ෂය සියයට 2.4ක් ද ලැබූහ. ඒකාබද්ධ ඡන්ද ප්‍රමානය සියයට 16ට වැඩි විය. රැඳී සිටීමට විවෘතව පක්ෂව සිටි සංවිධාන තුන, සියයට 40ක් ලැබූ අතර එහි 2016 වැඩි ඡන්දයක් ලැබුනේ රැඳී සිටීමට පක්ෂවය.

බ්‍රිතාන්‍යයේ දෙවන විශාලතම නඟරය වූ බර්මිංහැම්හි ලේබර් පක්ෂය ඡන්ද 77551ක් සහිතව සියයට 35ක් හිමිකරගත් අතර මෙය සියයට 24ක් ලබා ඡන්ද 52953 ක් හිමිකරගත් බ්‍රෙක්සිට් පක්ෂයට වඩා 25,000ක් පමන වැඩි ප්‍රමානයකි. බ්‍රෙක්සිට් පක්ෂ වලට වඩා වැඩි ප්‍රතිශතයක්, රැඳී සිටීමට පක්ෂ සංවිධාන විසින් හිමිකරගන්නා ලදී. 2016දි බර්මිංහැම් ඡන්ද 3400කින් පමන වැඩි ඡන්දයකින්, ඉවත්වීමට ඡන්දය දී තිබුනි.

රැඳී සිටීමට පක්ෂ සංවිධාන, ඉවත්වීම සඳහා වූ පක්ෂ වලට වඩා ඡන්ද ෂෙෆීල්ඞ්, දකුනු යෝක් ෂයර්හිදී ( 2016දී ඉවත්වීමට පක්ෂව සුලු ප්‍රතිශතයක් සහිතව ජයගත්) ලබාගත් අතර ලීඞ්ස්, බටහිර යෝක් ෂයර් රැඳී සිටීමට පක්ෂ සංවිධාන යාන්තමින් වැඩි ඡන්දයක් ලබා ගත්හ. තවත් බොහෝ තැන් වලදී මෙන් ඡන්ද බෙදීගිය ආකාරය අනුව ලීඞ්ස්හිදී ද බ්‍රෙක්සිට් පක්ෂය තවමත් ඉදිරියෙන් සිටියි. ලේබර් පක්ෂය දෙවන තැනට වැටුනි.

ජෙරමි කොබින්ගේ නායකත්වය යටතේ ලේබර් පක්ෂය සිය අවසන් සම්මේලනයේදී බ්‍රෙක්සිට් ඡන්දයට ගරු කල යුතු යයි තීන්ද කර තිබුනි. ඒ එක් යුරෝපයක් වෙලඳපොලට රේගු බදු වලින් නිදහස් ප්‍රවේශයක් පිලිබඳ අගමැතිනිය ගෙන ආ ගිවිසුමට විකල්පයක් වශයෙනි. එහෙත් “සාධනීය අවිනිශ්චිත” භාවය ලෙස විස්තර කරන ලද පිලිවෙත අනුව, මෙය සාක්ෂාත් කර ගැනීමට අසමත් වුවහොත් එය තුඩුදෙනු ඇත්තේ, බ්‍රෙක්සිට්ට සිය විකල්පය වෙනුවෙන් සටන් කිරීමට හැකිවන පරිදි පලමුවෙන් මහ මැතිවරනයක් ඉල්ලා සිටීම, නොඑසේ නම්, කුමන හෝ ගිවිසුමක් ඇතිකර ගැනීමට නම් දෙවන අනුමැතිය සඳහා ජනමත විමසුමක හැකියාව ද ඇතුලත් වෙනත් විකල්ප සලකා බැලිය යුතුය.

මැතිවරනයෙන් පසුව බ්ලෙයාර්වාදීහු, ලේබර් පක්ෂයේ ඡන්ද හෝදා පාලුව සනාථ කරන්නේ, රැඳී සිටිය යුතුය හා ඉවත්විය යුතුය යන විකල්ප දෙකම නියෝජනය කිරීමට කෝබින්ගේ ප්‍රකාශිත අරමුන අසාර්ථක වී තිබේය යන්න යයි කියා සිටිමින් ඔට්ටු ඇල්ලූහ. දැන් ලේබර් පක්ෂයට කොන්දේසි විරහිතව දෙවන ජනමත විමසුම පිලිගත යුතුය යන්න පමනක් නොව, යුරෝ සංඟමය තුල රැඳී සිටීම වෙනුවෙන් පෙනී සිටීමට සිදුවනු ඇත.

ඡායා විදේශ ලේකම් එමිලි තෝන්බරි ඡන්ද ගනන් කිරීමට පෙර පැවසුවේ, “මේ ආන්ඩුවෙන් ඉදිරිපත් වන ඕනෑම ගිවිසුමක් සරලවම අනුමැතිය ඉල්ලන ජනමත විමසුමකට තැබිය යුතු බව අප කියා සිටිය යුතුය. රැඳී සිටිය යුතු ද යන්න ඡන්ද පත්‍රිකාවට ඇතුලත් වන අතර ලේබර් පක්ෂය ඒ වෙනුවෙන් උද්ඝෝෂනය කල යුතුය” යනුවෙනි.

බ්ලෙයාර්වාදී පියර් ඇන්ඩෘස් ඇඩොනිස් 27දා ගාඩියන් පත්‍රයට පැවසුවේ, “අපගේ පැහැදිලි හා අනුමත පිලිවෙත දෙවන මත විමසුමක්ය යන්න සඳහා කාලය එලඹ ඇත. ලේබර් පක්ෂයට නම් රැඳී සිටිය යුතුය යන උද්ඝෝෂනය ප්‍රකාශයට පත් කිරීමට කාලය එලඹ ඇත.

කෝබින්ගේ සමීපතමයා වන ඡායා චාන්සලර් ජෝන් මැක්ඩොනලඞ් වහාම ප්‍රථම ඉල්ලීම පිලිගත්තේය. 27දා ට්විටර් සටහනකින් ඔහු මෙසේ පැවසීය. “අප ජනතාවගේ විවෘත ඡන්දයක් සඳහා ප්‍රශ්නය ඉදිරිපත් කිරීම මඟින් පක්ෂයේ හා රටේ එකමුතුව සඳහා වැඩ කල යුතුය.”

ඔහු බීබීසීයට පැවසුවේ, “අපට මහ මැතිවරනයක් අවශ්‍යය, නමුත් පසුගිය රාත්‍රියෙන් පසුව මහ මැතිවරනයක් සඳහා ඡන්දය දෙනු ඇති ටෝරි මන්ත්‍රීන් වැඩිපුර නොසිටිනු ඇත. එය හරියට “ක්‍රිස්මස් සඳහා කලුකුමන් ඡන්දය දෙනවාක් මෙන් විය හැකිය.”

තමන් දෙපක්ෂයට “හොඳින් ඇහුන්කන් දෙමින් සිටින” බව කෝබින් පැවසීය. පක්ෂයේ තවමත් කැමැත්ත ඇත්තේ මහ මැතිවරනයකටය, නමුත් බ්‍රෙක්සිට් ගිවිසුම “මහජන ඡන්දයකට තැබිය යුතුය.”

බ්‍රෙක්සිට් අරභයා ඇතිව තිබෙන බෙදීම හරහා කම්කරුවන් එක්සත් කිරීමට කෝබින් දැක්වූ අසමත්කම ඉරනම පිලිබඳ ප්‍රශ්නයක් නොවේ. ඔහුගේ සැබෑ අරමුන පන්ති එක්සත් කම නොව, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය වෙනුවෙන් “ජාතික එකමුතුව” ගොඩනැඟීමයි. කම්කරු පන්තිය මුහුනදී සිටින සමාජ අර්බුදය ගැන ඔහු විටින් විට දොඩන වාචාල කථා තිබියදීම ඔහු, කම්කරු පන්තිය බ්‍රෙක්සිට් මුල්කරගෙන බෙදී සිටිය ද එය එක්සත් කිරීමට හැකි සමාජ විකල්පයක් ඉදිරිපත් කලේ නැත.

ඔහු කිසිවිටෙකත් රැඳී සිටිය යුතු යයි පැවසූ, යුරෝපීය සංඟමයේ කප්පාදු ගැති, ව්‍යාපාර ගැති න්‍යායපත්‍රය වෙනුවෙන් සමාවට කරුනු කී අයට විරුද්ධ නොවීය. ඔහුගේ පිලිවෙත තීන්දු වුනේ ලන්ඩන් නඟරයේ අධිකාරවත් කොටසේ දෘෂ්ටියට අනුකූලවන පරිදිය. ඔවුන්ට කිසිවිටෙකත් බ්‍රෙක්සිට් අවශ්‍ය නොවීය. ඔවුන් අවධාරනය කලේ, එය වැලැක්විය නොහැකි නම් බ්‍රිතාන්‍යය, මොන වියදමක් හෝ දරා හෝ මූලෝපායික යුරෝපීය වෙලඳපොලට ප්‍රවිෂ්ටයක් සලසා ගත යුතු බවය.

කෝබින් හැම පැත්කටම එකවර හැරී සිටියේය. ඔහු ද බ්‍රෙක්සිට් පාර්ශවය උසිගැන්වූ ආකාරයටම, ඔවුන්ගේ ජාතිකවාදී න්‍යායපත්‍රය බෙදාගත් බැවින් ඔහුට ජාතිකවාදී මනෝභාවයට එරෙහිව කිසිදාක ආස්ථානයක් ගත නොහැකි විය. නිදහස් කම්කරු සංචලනය සමඟ සම්බන්ධවී ඇති සංක්‍රමනිකයින් පිලිබඳ ප්‍රශ්නය මැඬිය යුතු ගැටලුවක් ලෙස දැකගත්තා පමනක් නොව, සමාජ ප්‍රගමනය සහතික කරන්නා ලෙස “පාර්ලිමේන්තුවේ ස්වෛරී භාවය” උත්කර්ෂයට නැංවීය.

කම්කරුවන් අතර තමාට ලැබී ඇති අනුකම්පාව ගසාකෑම මත පදනම් වෙමින් කෝබින්, ජාතියේ ආරක්ෂකයා ලෙස පෙනී සිටින්නට උත්සාහ කලේය. ඒ වෙනුවට ඔහු අවසන් කලේ ජාතික විකටයෙකු ලෙසිනි. යුරෝ මැතිවරනය ආසන්න කාලයේ ඔහු, ටෝරි පක්ෂයේ අඩක් කුනුවූ ගඳ ගසන මලකුන බදා ගනිමින්, පාර්ලිමේන්තුවෙන් බ්‍රෙක්සිට් ගිවිසුමක් අනුමත කර ගැනීම පිනිස මංමුලා සහගත ලෙස අගමැති මේ සමඟ සාකච්ඡා කිරීම සඳහා මාස හයක් ගත කලේය.

කෝබින්ට පින්සිදුවන්නට ටෝරීන් තවමත් ආන්ඩුව ගෙන යන අතර නව නායකයෙකු පත්කර ගැනීමට යුහුසුලු වෙමින් සිටී. බ්‍රෙක්සිට් මුල්කරගෙන බෙදීම් වගා කිරීමේ වගකීම පැවරෙන්නේ කෝබින්ටය. බ්‍රෙක්සිට් ජයගත හැක්කේ, සමාජවාදය සඳහා මහාද්වීප පරිමානයේ අරගලයක් තුල සිය යුරෝපීය සහෝදර සහෝදරියන් සමඟ බ්‍රිතාන්‍ය කම්කරුවන් එක්සත් කරන ඉදිරිදර්ශනයක් පදනම් කරගෙන පමනි.

Share this article: