බී -52 බෝම්බ හෙලන ප්‍රහාරක යානා ද ඇතුලු නාවික යාත්‍රාද කන්ඬායමක් සූදානමේ තැබීමත් සමඟ ඉරානයට එරෙහි ඇමරිකානු යුද්ධය කෙස්ගහක දුරින් පිහිටයි

With B-52s, carrier battle group in place, US war against Iran on a hair trigger

බිල් වෑන් ඕකන් විසිනි, 2019 මැයි 11

න්‍යෂ්ටික බලය ද සහිත බී-52 බෝම්බ හෙලන යානා වලින් සමන්විත ඇමරිකානු ගුවන් ක්‍රියාන්විත බලඇනියක්, කටාරයේ ඇමරිකානු ගුවන් කඳවුරට යවන ලද දිනයේම, සූවස් ඇල හරහා මැදපෙරදිග හදවතේම පිහිටි රතු මුහුද වෙත, යූඑස්එස් ඒබ්‍රහම් ලින්කන් යුද නැව පිරිවරාගත් නැව් කන්ඩායමක් ද පැමිනියේය. එම මිලිටරි බලඇනි දෙක යෙදීමෙන් කලාපය තුල විනාශකාරී අලුත් යුද තර්ජනය කෙස් ගහක තරම් නුදුරට ගෙනැවිත් තිබේ.

බී-52 බෝම්බ හෙලන යානා කටාරයේ ඇමරිකානු ගුවන් කඳවුරේදී

එම මිලිටරි බලඇනි යොදා ඇත්තේ, වොෂින්ටනයෙන් නව වටයක යුදවාදී තර්ජන නිකුත් වෙද්දීය. රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ 9දා නිකුත් කල ප්‍රකාශයකින් අනතුරු ඇඟවූයේ, ඇමරිකාව ඉරානයට එරෙහිව “ක්ෂනික හා තීරනාත්මක” මිලිටරි මෙහෙයුමක් ඇරඹීමට සූදානම්ව සිටින බවයි.

පෙන්ටගනය අති විනාශකාරී හා බලගතු අවි ඉරානයේ වෙරල තීරයට ගෙන ඒමත් සමඟ පොම්පියෝ, ඇමරිකානු යුද ශක්තිය තරකිරීම යුක්තිසහගත කරමින් පැවසුවේ, ඉරානය “පසුගිය සති වලදී තර්ජනාත්මක ක්‍රියා හා ප්‍රකාශ මාලාවක් නිකුත්කිරීමේ නිරතව ඇති” බවයි. ඔහු එවන් ක්‍රියා හා ප්‍රකාශ පිලිබඳ කිසිදු නිදසුනක් ඉදිරිපත් කිරීමට කරදර නොවීය.

පොම්පියෝ මෙසේ පැවසීය: “ටෙහෙරාන තන්ත්‍රය, ඔවුන් හෝ කුමන නමකින් පෙනී සිටිය ද ඔවුන්ගේ කුලීකාරයින්, ඇමරිකාවේ හෝ එහි පුරවැසියන්ගේ අවශ්‍යතාවන්ට එරෙහිව එල්ල කරන කුමන හෝ ප්‍රහාරයකට ඇමරිකාව කඩිනමින් හා තීරනාත්මක ලෙස ප්‍රතිචාර දක්වනු ඇති බව වවටහාගත යුතුය. මේ දක්වා අප පවත්වාගෙන ආ මැදහත් භාවය අපගේ දුබල කමක් ලෙස ඉරානය වැරදියට වටහා නොගත යුතුය. මේ දක්වා තන්ත්‍රය ගෙන යන්නේ ප්‍රචන්ඩත්වයකි. ආතතීන් සමනය කිරීම මඟින් අනාගත සෞභාග්‍යයේ මාවත දකින්නාවූ ටෙහෙරානය තුල සිටින්නවුන්ගෙන් අප ඉල්ලා සිටින්නේ, තන්ත්‍රයේ හැසිරීම පාලනය කරගන්නා ලෙසයි.”

ප්‍රචන්ඩත්වය ලෙස ඉරානය “පවත්වාගෙන යන” බව කියන පිලිවෙතට විරුද්ධව “මැදහත් භාවය” පිලිබඳ ඇමරිකාවේ කථා, කුනුහරපයකි. පොම්පියෝ කථා කරන්නේ, මිලියනයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් කරමින් සමස්ත සමාජයන්ම අලු දූවිලි බවට පත් කල, පසුගිය 25 වසර පුරා පර්සියානු ගල්ෆ් ප්‍රදේශයේ ගෙනගිය නිමක් නැති යුද්ධයන්හි නිරතව සිටි ආන්ඩුවක් වෙනුවෙනි.

හැමවිටකම මෙන් ඇමරිකානු අධිරාජ්‍යවාදය උත්සාහ කරන්නේ, තමන් ආක්‍රමනිකත්වයේ ගොදුරක් බවට පත්ව සිටින බවත් තමන් සතු අනෙකෙකුට සමාන නොවන මිලිටරි ශක්තිය යොදාගන්නේ ආරක්ෂක පියවරක් ලෙසත් පෙන්නුම් කිරීමටය. මැදපෙරදිග ඇමරිකානු මිලිටරි මෙහෙයුම් පිලිබඳ වගකීම දරන, සෙන්ට්කොම් හෙවත් ඇමරිකානු මධ්‍යම අනදෙන මන්ඩලයේ නායකත්වයට මෑතකදී පත්කරන ලද මැරීන් ජෙනරාල් ෆ්‍රෑන්ක් මැකෙන්සි, පොම්පියෝගේ ප්‍රකාශම පුනරුච්ඡාරනය කරමින්, සියොන්වාදී දක්ෂිනාංශික බුද්ධි මන්ඩලයක් වන ප්‍රජාතන්ත්‍රයේ ආරක්ෂාව සඳහා වන පදනම හමුවේ ගිනිගන්නා සුලු ප්‍රකාශයක් කලේය.

ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් විසින් ඉරාකයට එරෙහි සිය යුද පිලිවෙත ආරක්ෂා කිරීමට යොදාගන්නා ලද මෙම පදනම හමුවේ ජෙනරාල්වරයා, “එක්ස්ත් ජනපදයේ අවශ්‍යතාවන්ට එරෙහි කුමන හෝ ප්‍රහාරයකට නිර්දය බලයක් සහිතව තමන් මුහුන දෙනු” ඇතැයි පැවසීය. තෙලින් පොහොසත් මැද පෙරදිග ඇමරිකානු ආක්‍රමනිකත්වයට දෙපාර්ශවයේම (ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් යන දෙපක්ෂයේම) සහයෝගය ප්‍රදර්ශනය කරමින් මේ පදනම, එහි උපදේශක මන්ඩලයට ඩිමොක්‍රටික් ජාතික කමිටුවේ හිටපු සභාපති ඩොනා බ්‍රෙයසිලි පත්කරනු ලැබින.

මේ අතර ට්‍රම්ප් ආන්ඩුව ඉරානයට එරෙහිව තවත් වටයක සම්බාධක පනවනු ලැබීය. ධවල මන්ඳිරය විසින් 8දා, ඉරානයේ වානේ, ඇලුමිනියම් හා තඹ කර්මාන්තයට එරෙහිව ඒකපාර්ශවික හා දේශසීමා ඉක්මවා ගිය සම්බාධක පනවමින් විධායක නියෝගයක් පනවනු ලැබින. එම ද්‍රව්‍යම වෙලඳාමේ යෙදෙන කවරෙකුට වුව ද එවන් වෙලඳාමකට මූල්‍ය පහසුකම් සපයන කවරෙකුට වුව ද ඇමරිකාවේ වෙලඳපොල තහනම් කිරීම ද ඇතුලු තහංචි පැනවීමේ තර්ජන මේ අතර වේ.

මෙම සම්බාධක පැනවීමට පෙරාතුව, තහංචියකින් තොරව දිගටම ඉරානයෙන් තෙල් මිලට ගැනීම පිනිස චීනය, දකුනු කොරියාව, ජපානය, ඉන්දියාව හා තුර්කිය යන රටවලට ඉඩදී තිබුන කාලය මැයි 1දායින් අවසන් වන බව වොෂින්ටනය නිවේදනය කර තිබුනි. ඇමරිකාවේ ප්‍රකාශිත අරමුන වන්නේ, ඉරාන තෙල් අපනයනය “බිංදුවට” බැස්සීමයි.

යන්තම් වසරකට පෙර මේ මාසයේ ට්‍රම්ප් ආන්ඩුව, ඉරානය හා ඇමරිකාව, රුසියාව, චීනය, ජර්මනිය, බි්‍රතාන්‍යයේ හා ප්‍රන්සය අතර ඇතිකරගෙන තිබුන ඊනියා පූර්න ඒකාබද්ධ ක්‍රියාකාරී සැලසුම ඒක පාර්ශවික ලෙස කටුගා දැමීය. එසේම ඉරාන ආර්ථිකයේ ගෙල සිරකිරීම හා එරට ආන්ඩුව පෙරලා දමා රූකඩ තන්ත්‍රයක් ඇටවීම සඳහා කොන්දේසි නිර්මානය කිරීම පිනිස ඒක පාර්ශවීය ඇමරිකානු සම්බාධක යලි පනගන්වමින් පුලුල් කලේය.

මේ අතර ඇමරිකානු නාවික පරිපාලනය, පර්සියානු බොක්කේ යුද තත්වයක් වර්ධනය වන තතු තුල තෙල් නැව් ඇතුලු ඇමරිකානු වානිජ්‍ය. නැව් ඉලක්ක වීම පිලිබඳ අනතුරු ඇඟවීමක් 9දා නිකුත් කලේය. ඉරාන තෙල් අපනයන්ට එරෙහිව වොෂින්ටනයේ දරුනු සම්බාධක ගැන සැලකිලිමත් වෙමින් එය අනතුරු ඇඟවූයේ: “ඉරානය හෝ එහි කුලීකාරයින්, බැබ් එල් මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය හෙවත් පර්සියානු බොක්කේ, රතු මුහුදේ ගමන් ගන්නා ඇමරිකානු මිලිටරි යාත්‍රා, තෙල් නැව් ඇතුලු වානිජ්‍ය නැව් ඉලක්ක කිරීම මඟින් ප්‍රතිචාර දැක්විය හැකිය. වාර්තාවන පරිදි ඇමරිකානු හමුදාවට හා එරට අවශ්‍යතාවන්ට එරෙහි ප්‍රහාරාත්මක මෙහෙයුම් ගෙනයාමට ඉරානීයන්ගේ සූදානම පෙන්වයි.”

නොවරදවාම ප්‍රකෝපකරනයන් වන, පොම්පියෝගේ අනතුරු ඇඟවීමේ ප්‍රකාශ මෙන්ම මෙම උපදේශය ඉලක්ක කරන්නේ, මහා පරිමාන ඇමරිකානු යුද්ධයක් සඳහා කඩතුරාවක් සම්පාදනය කර ගැනීමය.

ප්‍රසිද්ධියේම ඉරානයට බෝම්බ හෙලිය යුතු බව කියා සිටි පොම්පියෝ හා ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් යන දෙදෙනාම, සිරියාවේ හා ඉරාකයේ ෂියා මිලිෂියාවන්ගේ සිට යේමනයේ හවුති කැරලිකරුවන්, ලෙබනනයේ හෙස්බොල්ලාවරු, පලස්තීන ගාසා තීරුවේ හමාස් සංවිධානය දක්වා වන, වොෂින්ටනය විසින් ටෙහෙරානයේ “කුලීකාරයින්” ලෙස හඳුන්වනු ලබන විවිධ කොටස්, මැද පෙරදිග කොහේ හෝ “එක්සත් ජනපද අවශ්‍යතාවන්ට” හෝ ඇමරිකානු හමුදාවන්ට එරෙහිව එල්ල කරනු ලබන කුමන හා සියලු ප්‍රහාරයන් මුල්කරගෙන ඉරානයට විනාශකාරී ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරති.

පෙන්ටගනය හෝ සීඅයිඒ සංවිධානය හා මේ කාරනයේදී නම්, ඉරානයට එරෙහිව ඇමරිකානු යුද්ධයක් වෙනුවෙන් පෙනී සිටින, විශේෂයෙන්ම වොෂින්ටනයේ කලාපීය සහචරයින් වන ඊස්රායලය හා සව්දි අරාබිය, මහා පරිමාන යුද්ධයක් දියත් කිරීම සඳහා කඩතුරාව ලෙස යොදාගත හැකි ප්‍රකෝපකරනයක් ඇවිලවීමට සමත්ය.

එන්බීසී ප්‍රවෘත්ති හෙලිදරව් කල පරිදි, ට්‍රම්ප් ආන්ඩුවේ නිලධාරීන් පසුගිය සතියේ, ඉරානයට එරෙහිව යුද්ධය වර්ධනය කිරීම පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා වර්ජිනියාවේ ලැන්ග්ලේහි පිහිටි සීඅයිඒ සංවිධානයේ මූලස්ථානයෙහිදී, බෙහෙවින්ම අසාමාන්‍යයවූ සමුලු රැස්වීමකට සහභාගී විය. එහි සිටි අය අතර, සීඅයිඒ අධ්‍යක්ෂ ගිනා හැස්පෙල්, වැඩබලන ආරක්ෂක ලේකම් පැටි්‍රක් ෂැනහ ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානී ජෙනරාල් ජෝ ඩැන්ෆර්ඞ්, රාජ්‍ය ලේකම් පොම්පියෝ හා ජාතික බුද්ධි අංශයේ අධ්‍යක්ෂ ඩෑන් කෝට්ස් ද වූ බව ඇමරිකානු නිලධාරීහු එන්බීසී මාධ්‍ය වෙත පැවසූහ.

නිලධාරීන් පැවසූ පරිදි එම සැසිය පැවැත්වුනේ, කලාපය වෙත මිලිටරි බලඇනි පිටත්කර යැවීමට කඩතුරාව ලෙස යොදාගත්, කලාපයේ “ඇමරිකානු අවශ්‍යතාවන්ට” පහර දීමට ඉරානය සැලසුම් කරන්නේය යන “බුද්ධි අංශ” තොරතුරු ගැන කථාකිරීමට නොවේ. එලඹෙමින් ඇති ඉරාන “ආක්‍රමනිකත්වයක්” තහවුරු කිරීමට යොදාගෙන තිබෙන සාක්ෂි, 2003 ඇමරිකානු ඉරාක ආක්‍රමනයට පෙරාතුව “ජනඝාතක අවි” පිලිබඳ ප්‍රකාශ සනාථ කිරීම පිනිස ගොතන ලද මුසාවන්ට නොදෙවෙනිය.

මෙම නිලධාරීන් ලැන්ග්ලේහි සීඅයිඒ බන්කරය තුල කථාකලේ කුමක් ද? හිටපු සීඅයිඒ මෙහෙයුම් නිලධාරීන් හා මිලිටරි නිලධාරීන් එන්බීසීයට පවසා ඇත්තේ, සීඅයිඒ මූලස්ථානයෙහි සාමාන්‍යයෙන් පැවැත්වෙන එවන් සාකච්ඡාවන්හිදී කථා කරන්නේ, “රහසිගත කටයුතු” සඳහා වන බෙහෙවින් සංවේදී සැලසුම් ගැනය. එවන් කටයුතුවල ඉලක්කය ඉරානයට හා එරට ආන්ඩුවට එරෙහි ප්‍රහාරයක් ද නැතිනම්, ඇමරිකානු ප්‍රහාරය සඳහා කඩතුරාවක් ලෙස යොදාගත හැකි, මැදපෙරදිග කොහේ හෝ “වැරදි කොඩි වැනීමක්” ද යන්න ඉදිරියේදී දැකගත හැකි වනු ඇත.

ඉරානයට එරෙහි වොෂින්ටනයේ තර්ජන වලින් ප්‍රකාශයට පත් වන ඉවබව නැතිකම හා සාපරාධිත්වය, මිලිටරි ප්‍රචන්ඩත්වය පිටතට මුදාහැරීමට සැලසුම් කරන පාලක මූල්‍ය කතිපයාධිකාරිත්වය අනසක දරන ඇමරිකානු ධනවාදය වෙලාගෙන ඇති ගැඹුරට විහිදුන සමාජ ආතතීන්, ආර්ථික අස්ථාවරත්වය හා දේශපාලන අර්බුදයේ ප්‍රකාශනයකි.

2003දී දියත්කරන ලද ඉරාක යුද්ධයේ බිහිසුනු ලේ වැගිරීම ප්‍රතිරාවය කරන ඉරානයට එරෙහි යුද්ධයක්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ඊනියා “මහා බලවත්” එදිරිවාදීන් වන රුසියාව හා චීනය ද සියලු මහා බලවතුන් ද සමස්ත කලාපය ද ඇදගන්නා, න්‍යෂ්ටික 3 වන ලෝක යුද්ධයක තර්ජනය මතු කරයි.

Share this article: