නිව් යෝක් ටයිම්ස්, චීනය හා “කහ උපද්‍රවයේ” අවතාරය

The New York Times, China, and the specter of the “Yellow Peril”

2019 ඔක්තෝබර් 22

නිව් යෝක් ටයිම්ස් හි ඉරිදා සංස්කරනයේ පිටුවක් පුරා පල කල කතුවැකියක් තුල, “ආක්‍රමනකාරී ... කොමියුනිස්ට් රාජ්‍යයේ අනතුරුදායක හා වැඩෙන තර්ජනයක්” ගැන අනතුරු අඟවමින් දුෂ්ට චීන-විරෝධී දෙඩවිල්ලක එය නිරත විය

නිව් යෝක් ටයිම්ස්හිඉරිදා සංස්කරනයේ පිටුවක් පුරා පල කල කතුවැකියක් තුල, “ආක්‍රමනකාරී ... කොමියුනිස්ට් රාජ්‍යයේ අනතුරුදායක හා වැඩෙන තර්ජනයක්” ගැන අනතුරු අඟවමින් දුෂ්ට චීන-විරෝධී දෙඩවිල්ලක එය නිරත විය.

කතුවැකිය, “මෙම ජාතියේ සාරාත්මක වටිනාකම්වල ගෙල හිර කිරීම” ඉලක්ක කරගන්නා චීන “සංස්කෘතික අධිරාජ්‍යවාදයට” එරෙහි ව පසුබසිමින් ඇති අරගලයක එක්සත් ජනපදය නිරත වන බව ඉදිරිපත් කලේ ය.

යුරෝපීය හා ඇමරිකානු අධිරාජ්‍යවාදී බලයන් විසින් ආසියාව විජිතමය ලෙස යටත් කරගැනීම සාධාරනීකරනය කිරීමට යොදාගත් “කහ උපද්‍රවය” පිලිබඳ වර්ගවාදී මිථ්‍යාවේ සියලු මුද්‍රාවන්, චීනය “අනතුරුදායක,” “ආක්‍රමනශීලී” හා “තර්ජනයක්” ලෙස හඳුන්වන මෙම උන්මාදනීය භාෂාව සතුව තිබේ.

“චීනය තුල කියන දෙය පමනක් නො ව, චීනය ගැන කියන දේ ද පාලනය කිරීමට චීනය උත්සාහ දරමින් සිටී” යි ටයිම්ස් ලීවේ ය. “නිදහස් ප්‍රකාශනය ඇතුලු ඇමරිකාවේ මානව හිමිකම් කෙරෙහි කැපවීම දෘඪ පරීක්ෂාවකට” මුහුන දේ යයි එය අවධාරනය කලේ ය.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් පෙන්වා ඇති “මානව හිමිකම් කෙරෙහි කැපවීම” කවරක්දැයි විස්තර කිරීමට ටයිම්ස් උත්සාහ දැරුවේ නැත. අඳුරු අබූ ග්‍රයිබ් බන්ධනාගාරයේ සිට ෆලූජා හා සාදර් නගරය දක්වා ඉරාකයේ ලක්ෂ ගනනක් ජනයාව එක්සත් ජනපදය විසින් දූෂනය කිරීමට, ඔවුන්ට වධ දීමට හෝ මරා දැමීමට තල්ලුව දුන්නේ “මානව හිමිකම් කෙරෙහි කැපවීම” ද? නැතහොත් වියට්නාමයේ මයි ලායි සිට ඇෆ්ගනිස්තානයේ කුන්දුස් රෝහල මතට එල්ල කල ප්‍රහාරය දක්වා ලොව පුරා සංහාරයන්ට තුඩු දුන්නේ එම කැපවීම ද?

ඔබාමා පරිපාලනය ඩ්‍රෝන් මිසයිල යොදාගෙන ඇමරිකානු පුරවැසියන් මරා දැමී ය. ඩිමොක්‍රටිකයන්ගේ පිලිවෙත් ප්‍රසාරනය කරන ට්‍රම්ප් පරිපාලනය, සංක්‍රමනික පවුල් දහස් ගනන් වෙන් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ලමා හිංසනය යනුවෙන් විලක්ෂනය කරන දෙය ක්‍රියාත්මක කරයි. තොරතුරු හෙලිකරන්නියක වන චෙල්සි මැනිං සිරගත කරන ඇමරිකානු ආන්ඩුව, විකිලීක්ස් ප්‍රකාශක ජූලියන් අසාන්ජ් යුද අපරාධ හෙලිදරවු කිරීම නිසා ජීවිත කාලීන සිර දඬුවමක් හෝ ඊටත් වැඩි දෙයකට ඔහුව භාජනය කිරීමට ප්‍රයත්න දරමින් සිටී.

හුදෙක් අනෙක් රටවල කටයුතුවලට “ඇඟිලි ගැසීමට” පමනක් නො ව, එහි අවශ්‍යතාවන්ට බාධාවක් ලෙස දැකගන්නා තෝරා පත් කරගත් ඕනෑම ආන්ඩුවක් බලයෙන් පහකිරීමේ ද පරමාධිකාරය එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් කියාපායි. වොෂින්ටන් පෝස්ට්හි පලවූ එක් වාර්තාවකට අනුව, එක්සත් ජනපදය 1947 හා 1989 අතර අනෙකුත් ජාතීන්ගේ ආන්ඩු වෙනස් කිරීමට 72 වාරයක් උත්සාහ දැරී ය. ඉන් “එක්සත් ජනපදයේ ආවෘත මෙහෙයුම් 26ක් එක්සත් ජනපද පිටුබලය ලත් ආන්ඩුවක් සාර්ථක ලෙස බලයට ගෙන ආවේ ය.”

එහි ඔත්තු සේවා ඒජන්සීන්ගේ වැටුප් ලැයිස්තුවේ දේශපාලනඥයන්, ශාස්ත්‍රාලිකයන් හා ජනමාධ්‍යවේදීන් තැබීමට හා ප්‍රචාරනයට කැපකරන යෝධ සම්පත් ගත් කල අන් කිසිදු රටක් එක්සත් ජනපදය අහලකට වත් පැමිනෙන්නේ නැත.

ද මයිටි වුර්ලිට්සර් නමැති මධ්‍යම ඔත්තු සේවා ඒජන්සියේ (සීඅයිඒ) ඉතිහාස කෘතිය තුල හියු විල්ෆෝ මෙසේ සඳහන් කලේ ය:

ලොව පුරා “නිදහස් වෘත්තීය සමිතිවාදයේ” මූලධර්ම පතල කිරීමට ඇමරිකානු කම්කරු ව්‍යාපාරයේ ඉහල නිලධරයන් (සීඅයිඒ) සමග රහසිගත ව වැඩකර ඇති බව අනාවරනය විය. ආන්ඩුවේ රහසිගත මුදල් පරිත්‍යාගයන්හි හිමිකරුවන් වූයේ ප්‍රති-කොමියුනිස්ට්වාදී බුද්ධිමතුන්, ලේඛකයන් හා කලාකරුවන් ය... විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්, ජනමාධ්‍යවේදීන්, ආධාරක කම්කරුවන්, දේවධර්මදූතයන්, සිවිල් අයිතිවාසිකම් ක්‍රියාධරයන්...යන මේ සියල්ලෝ සීඅයිඒහි පෙරමුනු මෙහෙයුම්වල රහසිගත ජාලයට අයත් වූ හ.

ඊ ලඟට ජනමාධ්‍යවේදීන් සිය ගනනක් සීඅයිඒ වැටුප් ලැයිස්තුවේ සිටිය හ. විල්ෆෝ මෙසේ ලීවේ ය:

නිව් යෝක් ටයිම්ස් ප්‍රකාශකයා වූ ආතර් හේස් සුල්ට්ස්බර්ගර් (මධ්‍යම ඔත්තු සේවා ඒජන්සියේ අධ්‍යක්ෂ) ඇලන් ඩලස්ගේ හොඳ මිත්‍රයෙක් වූ අතර ඒජන්සිය සමග රහසිගත භාවය පිලිබඳ ගිවිසුමක් අත්සන් කලේ ය... මෙම ගිවිසුමෙහි කොන්දේසි යටතේ, අවම වසයෙන් සීඅයිඒ නිලධාරීන් දස දෙනෙක් විදෙස් කාර්යාංශයන්හි වාර්තාකරුවන් හෝ ලිපිකාර කාර්ය මන්ඩලය ලෙස ටයිම්ස් වෙත සපයන ලද අතර, පත්‍රයේ අව්‍යාජ සේවකයන්ව ඒජන්සියට තොරතුරු සපයන ලෙස දිරිගන්වනු ලැබී ය.

නිව් යෝක් ටයිම්ස් මූර්තිමත් කරන්නේ ප්‍රවෘත්ති හා රාජ්‍ය ප්‍රචාරනය අතර කිසිදු වෙනසක අහෝසි වී යාම යි. තොරතුරු හෙලිකරන්නෙක් වන එඩ්වඩ් ස්නෝඩන් මෑත දී රචනා කල මතක සටහන් කෘතිය තුල, සීඅයිඒහි අභ්‍යන්තර ප්‍රවෘත්ති සේවය තුල පලවූ කතන්දර දින කිහිපයකට පසු කිසිදු වෙනසකින් තොර ව ම පාහේ “නම් නො කල ඔත්තු සේවා මූලාශ්‍ර” යන අතිරේක සැඳහුම් සහිත ව, ඇමරිකානු පුවත්පත්හි පිටුවල පලවීම මතකයට නංවයි.

ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනය එන්නේ පිටතින් නො ව ඇතුලතින් ම ය. වාරනය හා රාජ්‍යයේ “වටිනාකම්” සමග අනුකූල වීම සඳහා වන ගනන් නැති ඉල්ලීම් කරන නිව් යෝක් ටයිම්ස්, එම තර්ජනයේ ප්‍රධාන පොලඹවන්නන්ගෙන් එකකි.

ඇමරිකානු සමාගම්, “චීන කොමියුනිස්ට් පක්ෂයේ ආස්ථානයට” එරෙහි ව “ඇමරිකානු...ඒකමතිකභාවය” තහවුරු කල යුතු බව ටයිම්ස් ඉරිදා (ඔක්තෝබර් 20දා) ප්‍රකාශ කලේ ය. “සංහිඳියාව” හා “ඇමරිකානු...ඒකමතිකභාවයට එරෙහි ව චීන කොමියුනිස්ට් පක්ෂයේ ආස්ථානය වෙනුවෙන්” පෙනී සිටීම ගැන එය ඩිස්නි හා කොම්කාස්ට් වෙත චෝදනා කලේ ය.

විශේෂයෙන් ම, ඇබොමිනබල් නමැති ඩ්‍රීම් වර්ක්ස් ලමා චිත්‍රපටයේ එන චීනයේ දේශසීමාවන් වැරදි ලෙස පෙන්නුම් කරන්නේ යයි ටයිම්ස් කියාපෑ දර්ශනයක් ගැන එය ප්‍රශ්න කලේ ය. මෙය “ඇමරිකානු වටිනාකම්” පාවාදීමක් බවත් මුලුමනින් ම රාජ ද්‍රෝහීත්වයට සමාන බවත් ටයිම්ස් අවධාරනය කලේ ය. මෙම වාදයේ තර්කනය වන්නේ, චිත්‍රපටය තහනම් කර ඇති වියට්නාමයේ, ෆිලිපීනයේ හා මැලේසියාවේ ආන්ඩුවල වාරකයන්ව එක්සත් ජනපදය විසින් අනුගමනය කල යුතු බව යි.

“සංගතවල විධායකයන් ඒවායේ මෙහෙයුම් බහුජාතික යයි සිතීමට කොතරම් ආශා කලත්, සංගත වනාහි සුවිශේෂී රාජ්‍යයක නිර්මානයන් ය. ඇමරිකානු සමාගම් එක්සත් ජනපදයේ නීති යටතේ මෙහෙයුම් කිරීමටත් එක්සත් ජනපදය තුල ජීවිතයේ ප්‍රතිලාභ නෙලාගැනීමටත් තෝරාගන්නා අතර, එක්සත් ජනපදයේ වටිනාකම් පිලිගැනීම අරබයා වගකිව යුතු ය” යි ටයිම්ස් ප්‍රකාශ කලේ ය.

එවැනි ප්‍රකාශ අනාවරනය කරන්නේ, ඇමරිකානු ව්‍යවස්ථාව තුල මූර්තිමත් කෙරෙන ප්‍රජාතාන්ත්‍රික සංකල්පනයන් කෙරෙහි ටයිම්ස්හි හතුරු කම යි. පලමුවන සංශෝධනය මෙසේ සඳහන් කරයි: “ආගමක් ස්ථාපනය කිරීම හෝ එය නිදහසේ අභ්‍යාස කිරීම තහනම් කිරීම ගැන කොංග්‍රසය නීති සම්පාදනය නො කරනු ඇත; නිදහසේ කතාකිරීම හෝ මාධ්‍ය නිදහස සංක්ෂේපනය කිරීම සම්බන්ධයෙන් ද එය එසේ ය; මහජනයාට සාමකාමී ව රැස්වීමට හා දුක්ගැනවිලිවලට සහන පතා ආන්ඩුවට ආයාචනා කිරීම ගැන ද තත්ත්වය එසේ ය.”

එනම්, මහජනතාව මත ආගමික, සදාචාරමය හෝ දේශපාලනික දෘෂ්ටීන් සමුදායක් පැටවීමට බලයක් නැත. පුරවැසියන් හෝ සමාගම් පිලිගැනීමට බැඳී සිටින හෝ විරුද්ධ වීම නිසා “වගකිව යුතු” විශ්වීය “ඇමරිකානු වටිනාකම්” කුලකයක් නැත.

ටයිම්ස් කරමින් සිටින්නේ ෆැසිස්ට් ස්වරූපයේ වාදයකි. රාජ්‍යය විසින් නියම කරනු ලබන වාර්ගික හා ආගමික “වටිනාකම්වලට මහජනයා” අනුකූල විය යුතු යයි අවධාරනය කලේ ද තම පසුබිම නිසා ඒවාට අනුකූල නො වූ හෝ අනුකූල විය නො හැකි වූ සියලු දෙනා ම්ලේච්ඡ ලෙස මර්දනය කලේ ද ජර්මනියේ නාසි තන්ත්‍රය තුල යි.

“මානව හිමිකම්” හා “නිදහස් ප්‍රකාශනය” පිලිබඳ කතුවැකියේ පූච්චානම්, නිව් යෝක් ටයිම්ස්හි හා ඇමරිකානු පාලක පන්තියේ ආධිපත්‍යධාරී කොටස්වල සැබෑ න්‍යාය පත්‍රය සඳහා වහන්තරාවකි. ගෝලීය ඇමරිකානු මූලෝපායික හා ආර්ථික ආධිපත්‍යයට අභියෝග කිරීමෙන් වැලැක්වීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය චීනයට එරෙහි ව විනාශකාරී යුද්ධයක් සූදානම් කරමින් සිටී.

“සීතල යුද්ධයේ අවසානයේ සිට ප්‍රථම වතාවට එක්සත් ජනපදය...එහි බර පන්තියේම වන රටක් සමග තරඟයක සිටින බව දැනගෙන තිබේ” යි ටයිම්ස් සඳහන් කලේ ය. “චීනය දුෂ්කර මාවතක් ගෙන ඇති අතර, ඒ ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීමට දැන් එක්සත් ජනපදයට කාලය යි.”

දෘෂ්ටිවාදාත්මක ව, යුද්ධය සඳහා කොන්දේසි සූදානම් කරනු ලැබෙමින් පවතින්නේ විදෙස් මැදිහත්වීම හා විනිවිදීම පිලිබඳ උන්මාදය හා මිලිටරිවාදයට විරුද්ධ වන්නන් සියලු දෙනා ද්‍රෝහීන් ලෙසට චෝදනා කිරීම සමගිනි. “චීන මහජන සමූහාන්ඩුවේ ශාස්ත්‍රාලිකයන්, ජනමාධ්‍යවේදීන්, රාජ්‍යතාන්ත්‍රිකයන් හා රාජ්‍ය නිලධාරීන් නිර්බාධිත ව ඇමරිකානු සමාජයට ප්‍රවේශ වීම දරාගනු ලැබීම තව දුරටත් කල නොහැකැ”යි ප්‍රකාශ කල හූවර් ආයතනයේ වාර්තාවක් පසුගිය මාසයේ වොෂින්ටන් පෝස්ට් පත්‍රය විසින් ඉදිරියට දැමී ය.

ඩිමොක්‍රටිකයන්ගේ නිල නො වන හොරනෑව වන නිව් යෝක් ටයිම්ස්ඇති තරම් ආක්‍රමනශීලී නො වීම ගැන ට්‍රම්ප්ට සිය කතුවැකිය තුල පහර දුන්නේ ය. “චීනයේ ඇනවීම්වලට ඍජු ලෙස විරුද්ධ වීමට අසමත් වීම” මගින් ජනාධිපතිවරයා “ඇමරිකානු වටිනාකම් වෙනුවෙන් පෙනී සිටීමට ඇමරිකානු සමාගම්වලට ඇති හැකියාව දුර්වල කර ඇත” යි එය ප්‍රකාශ කලේ ය.

වොෂින්ටනයේ පවතින කන්ඩායමික ගැටුම් කොතෙක් තිත්ත වුවත්, ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් යන පක්ෂ දෙක ම, චීනයට එරෙහි ගැටුමට හා යුද්ධයේ උපක්‍රමයෙන් ඇමරිකානු ධනවාදයේ ගෝලීය ආධිපත්‍යය ස්ථීර ව ඛාදනය වීම ආපසු හැරවීමට කැප වී සිටිති.

ආන්ද්‍රෙ ඩේමන්

Share this article: