යූඒඩබ්ලිව් සංවිධානයට එරෙහි මෝටර් රථ කම්කරුවන්ගේ කැරැල්ලට බියෙන් ට්‍රම්ප්, ජෙනරල් මෝටර්ස් ප්‍රධාන විධායක නිලධාරී සමඟ ධවල මන්දිරයේ රැස්වීමක් පවත්වයි

Fearing rebellion of autoworkers against UAW, Trump holds White House meeting with General Motors CEO

ජෙරී වයිට් විසිනි, 2019 සැප්තැම්බර් 6

ජෙනරල් මෝටර්ස්, ෆෝඩ් සහ ෆියට් ක්‍රයිස්ලර් මෝටර් රථ කම්කරුවන් 155,000 ක් නියෝජනය කරන කම්කරු ගිවිසුම් කල් ඉකුත්වීමට යන්තම් සතියකට පෙර ජනාධිපති ට්‍රම්ප්, 5දා පස්වරුවේ ජෙනරල් මෝටර්ස්හි ප්‍රධාන විධායක නිලධාරී සමඟ රහසිගත රැස්වීමක් පැවැත්වීය.

රැස්වීමට පෙර රොයිටර් පුවත් සේවය පැවසුවේ, ට්‍රම්ප් සහ ප්‍රධාන විධායක මේරි බාරා සාකච්ඡා කරනු ඇත්තේ, ජෙනරල් මෝටර්ස්හි කම්කරුවන් සඳහා ඇතිකර ගැනීමට නියමිත කොන්ත්‍රාත්තුව, එක්සත් ජනපද කර්මාන්තශාලා හතරක් වසා දමන සමාගමේ සැලසුම් සහ චීනය සමඟ වෙලඳ යුද්ධය යන කරුනු ය.

ධවල මන්දිරය සාකච්ඡාවේ කිසිදු තොරතුරක් නිකුත් නොකල අතර බාරා වාර්තාකරුවන්ට කියා සිටියේ එය “පලදායී හා වටිනා” එකක් වූ බව පමනි.

කොන්ත්‍රාත්තුව ඇතිකර ගැනීමට ආසන්නව පෙර නොවූ විරූ නැත්නම් දුර්ලභ ධවල මන්දිර රැස්වීම, එක්සත් මෝටර් රථ කම්කරු සමිතියට විරුද්ධව කම්කරුවන්ගෙන් පැන නඟින කැරලි මඟින් කම්කරු පන්තියේ පුලුල් විරෝධතා ව්‍යාපාරයක් ඇති කරයි යන පාලක කවයන් තුල ඇති බිය පිලිබඳ මිම්මකි.

ජනාධිපති ට්‍රම්ප් දකුනේ, ජෙනරල් මෝටර්ස්හි ප්‍රධාන විධායක නිලධාරී මේරි බාරා, සමඟ වමෙන් උප ජනාධිපති මයික් පෙන්ස්, සහ ඇමරිකානු මෝටර්රථ ප්‍රතිපත්ති කන්සිලයේ සභාපති මෙන්ම මිසූරි හි හිටපු ආන්ඩුකාරයා, මැට් බ්ලන්ට්, වොෂින්ටනයේ ධවල මන්දිරයේ රූස්වෙල්ට් මැදිරියේ විධායක නිලධාරීන්ගේ රැස්වීමට පෙර‍ (AP Photo/Pablo Martinez Monsivais)

1976 දී ෆෝඩ් වැඩවර්ජනයෙන් පසු සමිතිය ප්‍රධාන ජාතික වැඩ වර්ජනයක් කැඳවා නැත. එය පන්ති අරගලය මැඩපැවැත්වීමට සහ පසුගිය දශක හතර තුල ඇමරිකාවේ ව්‍යාපාරික හා මූල්‍ය ප්‍රභූවට විශාල ධනයක් මාරුකර හැරීමට පහසුකම් සැලසීමේ දී තීරනාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත.

සමාගම් ගැති ගිවිසුම් අත්සන් කිරීම සඳහා එහි ඉහල විධායකයින්ට මිලියන ගනනක අල්ලස් ලබා දී ඇති බව හෙලි වීමෙන් පසුව සමිතියට එරෙහි දැඩි කෝපයක් පලවෙමින් තිබේ. එමඟින් වැටුප් හා ප්‍රතිලාභ අහිමිවීම නිසා කම්කරුවන්ට ඩොලර් මිලියන ගනනක අලාභ සිදුව තිබේ.

වැඩ වර්ජන බලය පැවරීමේදී සියයට 96 ක ඡන්දය පෙන්වා ඇති පරිදි, වෘත්තීය සමිතිය පිටුබලය දුන් උදුරාගත් සහන නැවත ලබා ගැනීමට මෝටර් රථ කම්කරුවන් අධිෂ්ඨාන කරගෙන සිටිති. විශේෂයෙන්ම 2008-09 මූල්‍ය කඩාවැටීමෙන් පසුව බඳවා ගත් දස දහස් සංඛ්‍යාත තරුන කම්කරුවන්ට අවශ්‍ය වන්නේ, දරිද්‍රතා මට්ටමේ “දෙවන පෙල” වැටුප් අහෝසි කිරීම, පූර්න වෛද්‍ය ආවරනය ලබා ගැනීම සහ තාවකාලික, අර්ධ-කාලීන හා කොන්ත්‍රාත් රැකියා නතර කිරීමට ය.

වර්තමාන තත්වය “අනාරක්ෂිත වාතාවරනයක්” යැයි ඩෙට්‍රොයිට් ප්‍රවෘත්ති තීරු රචක ඩැනියෙල් හෝව්ස් 4දා අනතුරු ඇඟවීය. “ඩෙට්‍රොයිට් මෝටර් රථ නිෂ්පාදකයින් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු ෆෙඩරල් ආන්ඩුව විසින් ඇති කරන ලද බංකොලොත්භාවයෙන් ඉවත් කරන ලද දශකයකි; පැය ගනනට වැටුප් ලබන කම්කරුවන් මූලික වැටුප් වැඩි කිරීමක්, ලෝක මට්ටමේ පෞද්ගලික සෞඛ්‍ය සේවය අඛන්ඩව පවත්වාගෙන යාම ඉල්ලා සිටිය ද ලාභ ලබන සමාගම් ශ්‍රම පිරිවැය අඩු කිරීමට අපේක්ෂා කරයි; ඩෙට්‍රොයිට් නිවුස් විසින් පෙන්වා ඇති පරිදි ෆෙඩරල් ආන්ඩුවේ ගොනු සහ වාර්තා වලින්, "මෑතක සිටි හා දැනට සිටින වෘත්තීය සමිති නායකත්වය ලැබිය යුතු සාමාජික මුදල් හා පුහුනු අරමුදල් වැයකර ඇත්තේ ඔවුන්ට, දිගු නිවාඩු ගතකිරීම වැනි සුඛෝපභෝගී වරප්‍රසාද සඳහා සහ විශ්‍රාමික වෘත්තීය සමිති සභාපතිවරයකු වෙනුවෙන් වැවක් ආශ්‍රිත සුඛෝපභෝගී නිවසක් ඉදිකිරීමට ” බව හෙලි කරයි.

මීලඟට කුමක් සිදුවේද යන්න පිලිබඳව පාලක පන්තියේ භීතිය ප්‍රකාශ කරමින් හෝවේ තවදුරටත් මෙසේ පවසයි. “මෙම ව්‍යාකූල සන්දර්භය තුල යූඒඩබ්ලිව් සහ ජෙනරල් මෝටර්ස් කේවල් කරුවන්, පැය ගනනට වැටුප් ලබන 46,000 ක් කම්කරුවන්ගෙන් බහුතරයක් සඳහා අනුමැතිය පල කරන වාහන නිෂ්පාදකයින්ගේ අඩමාන ගිවිසුමක් ඉදිරිපත් කරයි. දෙපැත්තෙන්ම ඉදිරිපත් කෙරෙන ගිවිසුම්, ඒ සමඟ වාසනාව: දූෂනය, සැකය සහ අවිශ්වාසය පිලිබඳ ගන්දස්සාරය දනවන ඕනෑම දෙයක් මත රැඳී සිටිනු ඇති අතර වෘත්තීය සමිති සාමාජිකයන් ඔවුන්ගේ පිලිකුල ප්‍රකාශ කර, නැත යයි ඡන්දය දෙන්නේ නම් කිසිවෙකු පුදුම විය යුතු නැත. ”

දැනට කෙරෙමින් තිබෙන “සාකච්ඡා” සම්පූර්න වංචාවකි. එහෙන් මෙහෙන් තෝරාගත් සමිතියේ කේවල් කිරීමේ කමිටු මුලුමනින්ම අවජාතක ය. ඩොලර් මිලියන 2 කට ආසන්න මුදලක් ගතමනා සහ අල්ලස් වශයෙන් ලබා ගත් බවට 04දා යූඒඩබ්ලිව් ඉහල පෙලේ නිලධාරියෙකු වන මයිකල් ග්‍රීම්ස් කල පාපොච්චාරනය, වත්මන් සහ හිටපු යූඒඩබ්ලිව් සභාපතිගේ නිවෙස් එෆ්බීඅයි විසින් වටලනු ලැබීම, තුලින් පෙන්නුම් කරන්නේ, 2011 සහ 2015 ජීඑම් කොන්ත්‍රාත්තු පිලිබඳව සාකච්ඡා කල සමිතියේ ඉහල නිලධාරීන් පිලිබඳ තත්වයයි.

2015දී දූෂිත ෆියට් ක්‍රයිස්ලර් ගනුදෙනුවට අත්සන් කල යූඒඩබ්ලිව් සාකච්ඡාකරුවන් අට දෙනාගෙන් හයදෙනෙකු දැනටමත් දූෂන වංචාවන්ට වැරදිකරුවන් වී හෝ චෝදනා ලබා සිටිති.

සාකච්ඡා පැවැත්වීම හා කොන්ත්‍රාත් සටන් සඳහා ඒවා දූෂිත යූඒඩබ්ලිව් සංවිධානයේ ග්‍රහනයෙන් වෙන්කර, සෑම කම්හලකම මෝටර් රථ කම්කරුවන් කර්මාන්තශාලා කමිටු පිහිටුවීම වඩාත් තීරනාත්මක වන බව මෙයින් සලකුනු කෙරේ. මෝටර් රථ සමාගම් සහ ව්‍යාපාර මඟින් හසුරුවන ධනපති පක්ෂ දෙකටම එරෙහිව සැබෑ සටනක් සංවිධානය කිරීම හා සම්බන්ධීකරනය සඳහා සාමාජිකයින්ගේ කමිටු ජාලයක් ස්ථාපිත කල යුතුය.

ලෝසවෙඅ ඔටෝ වර්කර් ප්‍රවෘත්ති පත්‍රයට, ප්‍රවීන සේවකයෙක් පැවසුවේ, “මිනිසුන් එක්ලක්ෂ පනස්දහසක් තව දුරටත් දිය නොහැකි වන තෙක් ලබා දී ඇත… අප දුක් විඳින බව පවසන විට මාව විශ්වාස කරන්න. ඔවුන් [යූඒඩබ්ලිව් නිලධාරීන්] එසේ නොවූ අතර ඔවුන්ගේ වැරදි නිසා අපි දිගටම දුක් විඳින්නෙමු. මට විශ්වාසයි ඔවුන් තවමත් අපෙන් ඕනෑම කෙනෙකුට වඩා හොඳින් ජීවත් වනු ඇති බව. ස්තූතියි, යූඒඩබ්ලිව්. ”

ඔහියෝහි ටොලිඩෝ ජීප් රථ සේවකයෙක් යූඒඩබ්ලිව් ගැන සඳහන් කරමින් පැවසුවේ, “අපට ගැටලුවක් ඇති වූ විට ඔවුන් නිතරම කියනු ලබන්නේ තමන්ගේ දෑත් බැඳ දමා ඇති බව හෝ එය සමාගමට අයත් කටයුත්තක් බවය. ඔවුන් තම මිතුරෙකු නොවේ නම් නිත්‍ය සේවකයෙක් වෙනුවෙන් කිසිවිටෙකත් පෙනී නොසිටියි. ”

ග්‍රීම්ස් ගැන සඳහන් කරමින් තවත් මෝටර් රථ සේවකයෙකුගේ බිරිඳ මෙසේ පැවසුවාය. “මේ මිනිසා වරද පිලිගත් දිනයේම මගේ ස්වාමිපුරුෂයාට ඉරිදා වැඩ කිරීමට අනිවාර්ය වූ අතර ඒ ඔහුගේ එකම නිවාඩු දිනයයි. ඒ කියන්නේ ඔවුන්ට නිවාඩු නොමැතිව සති දෙකක් කෙලින්ම වැඩ කල යුතු බවයි. වැඩ වර්ජනය ඇතිවීමට තිබෙන්නේ සති දෙකයි. කෙතරම් උත්ප‍්‍රාසාත්මක ද? මුලු පද්ධතියම අවුල් වී ඇති අතර මට නම් පෙනෙන්නේ එය විකාරයක් ලෙස යි! ”

මෝටර් රථ කම්කරුවන්ගේ කැරැල්ලක් දේශපාලනික වශයෙන් වඩාත් සවිඥානික ස්වරූපයක් ගනු ඇතැයි යන බියෙන්, යූඒඩබ්ලිව් ෆෝඩ් දෙපාර්තමේන්තුවේ ජාතික උප සභාපති සහ අධ්‍යක්ෂ රොරි ගැම්බල් බ්‍රහස්පතින්දා ෆෝඩ් කම්කරුවන්ට ලිපියක් නිකුත් කරමින් සමාජ මාධ්‍ය වලට එල්ල විය හැකි “පිටස්තර බලපෑම්” පිලිබඳව අනතුරු ඇඟවීය.

“අපට එරෙහි බොහෝ ආයතන අවබෝධය මඬ කිරීමට උත්සාහ කරයි,” ගැම්බල් ලිවීය. “ඔබේ තොරතුරු ඔබට ලැබෙන ප්‍රභවයන් සහ ඔබ බෙදා ගැනීමට තෝරා ගන්නා තොරතුරු පිලිබඳව සැලකිලිමත් වන ලෙස මම ඉල්ලා සිටිමි. කටකතා, වැරදි තොරතුරු හෝ බාහිර බලපෑම් මගින් මෙම සාකච්ඡා ගැන වැරදි වැටහීම් ඇතිවීම මඟහරවාගත යුතුය. නැවතත්, එක්සත්කම අපගේ ශක්තියයි. ”

ඩිට්‍රොයිට්හි ෆියට් ක්‍රයිස්ලර් කම්කරුවෝ

2015 කොන්ත්‍රාත් සටන අතරතුර මෝටර් රථ කම්කරුවන්ගේ විරෝධයේ කේන්ද්‍රස්ථානය වූ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සහ එහි ඔටෝවර්කර් පුවත් පත්‍රයේ බලපෑම ගැන යූඒඩබ්ලිව් භීතියට පත්ව සිටී. යූඒඩබ්ලිව් හි මුසාවාද හා රැවටීම්වලට පටහැනිව, පුවත් පත්‍රිකාව කම්කරුවන්ට අවශ්‍ය තොරතුරු සැපයීම, ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රකාශ කිරීමට හඬක් සහ යූඒඩබ්ලිව් වෙතින් ස්වාධීනව සංවිධානය වීමේ මාධ්‍යයන් ලබා දී ඇත.

කම්කරුවන්ට තමන්ගේම සංවිධාන නොමැති නම්, යූඒඩබ්ලිව්, ට්‍රම්ප් පරිපාලනය සහ ඩිමොක්‍රටිකයින් ඊටත් වඩා ගැඹුරු සහන උදුරා ගැනීමේ උපාමාරු දමනු ඇත. මෙය කොන්ත්‍රාත්තුව කල් ඉකුත්වීමෙන් පසුවත් ක්‍රියාවලිය ඇදී යාමේ ස්වරූපයක් ගත හැකිය. එසේ නැතහොත් “කම්හල ආරක්ෂා කිරීමේ” ගනුදෙනුවක් සිදුවීමට ‍පෙරාතුව අර්ධ වශයෙන් වැඩ වර්ජනයක් දියත් කල හැකිය. එවැනි ඕනෑම ගනුදෙනුවකින්, සෞඛ්‍ය කප්පාදුව සහ තාවකාලික හා කොන්ත්‍රාත් සේවකයින්ගේ සංඛ්‍යාව තියුනු ලෙස වැඩි කිරීම ඇතුලු විශාල සහන හාම්පුතුන්ට ලැබෙනු ඇත.

"ජාතික ආරක්ෂක අවශ්‍යතා” ගෙනහැර දක්වමින් වැඩ වර්ජනයක් අවහිර කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනයේ සෘජු මැදිහත්වීමක ස්වරූපය ගත හැකිය. යූඒඩබ්ලිව් අත්පත් කර ගැනීමේ අරමුනෙන් දූෂන විමර්ශනය කිරීම, බැඳීම් බේරුම් කිරීම සහ තවත් සමාගම් ගැති ගනුදෙනුවක් පැටවීම විය හැකිය.

යූඒඩබ්ලිව්-ව්‍යාපාරික කුමන්ත්‍රනයට එරෙහි විය හැක්කේ, එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව සියලුම වාහන සහ වාහන අමතර කොටස් කම්කරුවන් එක්සත් කිරීමේ සටන පදනම් කර ගනිමින් දේශපාලන මූලෝපායකින් සන්නද්ධ කමිටු පිහිටුවා ගැනීමෙන් පමනි. ට්‍රම්ප් පරිපාලනයේ ඕනෑම මැදිහත්වීමක්, ධනේශ්වර ලාභ ක්‍රමය ආරක්ෂා කරන මහා ව්‍යාපාරික පක්ෂ දෙක හා කම්කරු පන්තිය අතර සෘජු දේශපාලන ගැටුමකට තුඩු දෙනු ඇත.

දැන් සෑම දෙයක්ම රඳා පවතින්නේ, මෝටර් රථ කම්කරුවන්ගේ ස්වාධීන ආරම්භකත්වය ඇතිව සමස්ත කම්කරු පන්තිය විසින්ම බලගතු කාර්මික හා දේශපාලන ප්‍රතිප්‍රහාරයක් වර්ධනය කිරීම මත ය.

Share this article: