සැලසුම් සහගතව පාර්ලිමේන්තුව අත්හිටුවීමේ ජොන්සන්ගේ පියවරට ජාතික පරිමානයෙන් විරෝධය පලවේ

Nationwide protests oppose Johnson’s planned suspension of parliament

රොබට් ස්ටීවන්ස් විසිනි, 2019 සැප්තැම්බර් 2

සැප්තැම්බර් 9 සිට සති පහක් පාර්ලිමේන්තුව කල් තැබීමේ අගමැති බොරිස් ජොන්සන්ගේ ඒකාධිපති පියවරට එරෙහිව සෙනසුරාදා එක්සත් රාජධානිය පුරා දස දහස් සංඛ්‍යාත ජනතාවක් විරෝධතා උද්ඝෝ ෂනවල යෙදුනහ.

ගනුදෙනුවකින් තොරව ඔක්තෝබර් 31 වන දින යුරෝපා සංගමයෙන්ඉවත්වීමේ ඔහුගේ සැලසුම්වලට මන්ත්‍රීවරුන් විරුද්ධ වීම වැලැක්වීම සඳහා ජොන්සන් පසුගිය සතියේ මෙම පියවර ගෙන තිබේ.

නගර 80 ක පමන උද්ඟෝෂන පැවැත්විනි. ජොන්සන්ගේ ආඥදායක පියවරට සිය විරුද්ධත්වය පල කිරීම සඳහා බොහෝ දෙනෙක් තමන්ගේම ගෙවල්වල හැදූ පුවරු සමඟ විරෝධතාවලට පැමිනියහ. “කුමන්ත්‍රනය නවත්වන්න,” “ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න”, “ඔබේ බහුතරය සුලුතරය බවට පත්ව ඇත,” “අපේ පාර්ලිමේන්තුවට අත නොතබනු,” “පාර්ලිමේන්තුව නිහඬ කිරීම ප්‍රජාතන්ත්‍රවාදය නොවේ,” “මෙය මර්දනකාරී තල්ලුවක අවසාන පියවරය” සහ “ආන්ඩුව පලවා හරින්න, ඔවුන් අප වෙනුවෙන් කතා නොකරයි” යනාදිය ඒ අතර විය.

ඒවා සංවිධානය කරනු ලැබුවේ බ්‍රෙක්සිට් යන යුරෝපා සංඟමයෙන් ඉවත්වීමට සම්පූර්නයෙන්ම විරුද්ධ වන හෝ ජොන්සන් තර්ජනය කල පරිදි කිසිදු ගිවිසුමකින් තොරව ඉවත්වීමට විරෝධය පල කරන ඒකාබද්ධ බලවේගයන් විසිනි.. ලේබර් පක්ෂය, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් සහ හරිත පක්ෂය විරෝධතාවන්ට පිටුබලය දුන්නේ ය. තවත් යුරෝපයක හැකියාව ඇත කියන අය සංවිධායකයින් අතර විය. යුරෝපා සංගම් ගැති කන්ඩායමෙහි පෙරමුන ගෙන සිටින්නේ කම්කරු නායක ජෙරමි කෝබින්ට සහාය දෙන මොමෙන්ටම් කන්ඩායමේ නායක මයිකල් චෙසම් විසිනි.

ඩව්නිං වීදියෙන් පිටත දාහක් පමන උද්ඝෝෂනයේ යෙදුනි

තවත් යුරෝපයක හැකියාව ඇත කන්ඬායම විසින් විරෝධතාකරුවන්ගේ සංඛ්‍යා විශාල ලෙස පුම්බා දැක්වීය. ඔවුන්ට අනුව ලන්ඩනයේ පමනක් 100,000 ක් වීදිවලට පැමින සිටියහ. ලන්ඩනයේ වයිට්හෝල් සහ ඩව්නිං වීදියෙන් පිටත 20,000 ක් පමන උද්ඝෝෂනය කල අතර අනෙකුත් නගරවල විරෝධතාකරුවන්ගේ සංඛ්‍යා 1,000 සිට 5,000 දක්වා විය.

පසුගිය වසරේ රැඳී සිටිය යුතු යයි පවසන අය විසින් ලන්ඩනයේ සංවිධානය කරන ලද පාගමනකට ලන්ඩනයෙන් පමනක් 750,000 ක් පමන ආකර්ෂනය කර ගත්තේය. සෙනසුරාදා පැවති විරෝධතා ප්‍රමානයෙන් ඒ හා සැසඳිය නොහැකිය. ඒ, විරෝධතා නායකයින් ද ඇතුලුව සමස්ත නිල දේශපාලන සංස්ථාපිතය කෙරෙහිම පොදුවේ ඇති දේශපාලන පිලිකුල මධ්‍යයේ, බ්‍රෙක්සිට් ආපසු හැරවිය හැකි බවට බොහෝ දෙනාගේ විශ්වාසය නැති වී ඇති බැවිනි. රැස්වීම් ලේබර් පක්ෂ, ලිබරල් ප්‍රජාතන්ත්‍ර සහ හරිත පක්ෂවල ජ්‍යෙෂ්ඨ දේශපාලඥයින් මෙන්ම වෘත්තීය සමිති නිලධරයන් ද ආමන්ත්‍රනය කලහ. කම්කරු නායක ජෙරමි කෝබින් ග්ලාස්ගෝහි පැවති රැලියකදී කතා කලේය. ලන්ඩනයේදී ඡායා චාන්සලර් ජෝන් මැක්ඩොනෙල් හා ඡායා ස්වදේශ කටයුතු ලේකම් ඩයෑන් ඇබට් කතා කලහ. ලීඩ්ස් හි දී රැඳී සිටිය යුතු යයි කියන අයට සහාය දක්වන බ්ලෙයර්වාදී හිලරි බෙන්, කෝබින්ගේ ආධාරකරුවෙකු වන, ඡායා අධිකරන ලේකම් රිචඩ් බර්ගන් කතා කලහ.

සංවිධායකයින්ගේ කේන්ද්‍රීය පනිවුඩය වූයේ, ගිවිසුමකින් තොර බ්‍රෙක්සිට් වැලැක්වීම සඳහා මේ සතියේ නීති සම්පාදනය කිරීමට සැලසුම් කරන විවිධ පක්ෂ වලට අයත් මන්ත්‍රීවරුන්ගේ සන්ධානයට පිටුබලය දීම, පාර්ලිමේන්තුව අත්හිටුවීම හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි නැඟී එන ප්‍රහාරවලට එරෙහි වීමට ඇති එකම ක්‍රමය බවයි.

තම පක්ෂයේ බහුතර බ්ලෙයාර්වාදී අංශයට යටත් වෙමින් කෝබින් පසුගිය මාසයේදී, ලිබරල් ප්‍රජාතන්තත්‍ර මන්ත්‍රීවරුන් සහ යුරෝපා සංගම් හිතවාදී ටෝරිවරුන්ගෙන් ඉල්ලා සිටියේ තමා නායකත්වය දෙන “භාරකාර ආන්ඩුවකට” සහාය දෙන ලෙසයි. එහි කර්තව්‍යය වනුයේ මහ මැතිවරනයක් කැඳවීමට පෙර බ්‍රෙක්සිට් ප්‍රමාද කිරීමයි. සිකුරාදා පැවති චැනල් ෆෝ නිවුස්හි සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කෝබින් පැවසුවේ, “රට පුරා උදඝෝෂනවලට මගේ පක්ෂයේ සහ සත්තකින්ම වෙනත් පක්ෂවල ද මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහභාගී වන අතර ඔවුන්ට සහයෝගය දැක්වීම සඳහා ජනතාව විශාල වශයෙන් ඒවාට සහභාගී විය යුතුය"යනුවෙනි.

“කිසිදු ගිවිසුමකින් තොරව යුරෝපා සංගමයෙන් පිටවීම වැලැක්වීම සඳහා අපගේ උපරිම උත්සාහය දැරීම සඳහා ඉදිරිපත්ව සිටින" කෝබින් සහ අනෙකුත් මන්ත්‍රීවරුන්ගේ පියවරයන්ට විරෝධතාකරුවන් සහාය දිය යුතුය. "මක්නිසා ද යත්, රැකියා හා වෙලඳාමට සිදුවන හානිය නිසා ද අපගේ රාජ්‍ය සේවයට හානි කරන සුහද වෙලඳ ගනුදෙනුවක් සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ගිවිසුමක් ගසා ගැනීමට එයින් ජොන්සන්ට ඉඩ සැලසෙන නිසාත්ය."

ලන්ඩනයේ පැවති උදඝෝෂනය අමතමින් මැක්ඩොනෙල්, බ්‍රෙක්සිට් විරෝධී සන්ධානය ශක්තිමත් කිරීමට උත්සාහ කරමින්, “රට පුරා තේරී පත් වූ කම්කරු මන්ත්‍රීවරුන් ඔවුන්ගේ ආසන නියෝජනය කරමින් මෙම විරෝධතාවලට එක්ව සිටින අතර, අනෙකුත් මන්ත්‍රීවරුන්ගෙන් මා ඉල්ලා සිටින්නේ, ඔවුන් නියෝජනය කරන ආසනවල රැකියා සහ ජීවනෝපායන් විනාශවීම ගැන සිතා බලන ලෙසයි. ඒවා ගිවිසුමකින් තොර බ්‍රෙක්සිට් එකකින් අවදානමට ලක්වේ. ”

2016 දී බ්ලෙයාර්වාදී යුදවාදියෙකු වන හිලරි බෙන්, කුමන්ත්‍රනයකින් කෝබින්ඉවත් කිරීමේ පියවර ගැනීමට මූලිකත්වය ගත්තේය. ඒ, ලක්ෂ සංඛ්‍යාත ලේබර් සාමාජිකයින්ගේ සහ ආධාරකරුවන්ගේ සහාය ඇතිව ඔහු තේරී පත්වීමෙන් පසුවය. යුරෝපා සංගම් සාමාජිකත්වය අඛන්ඩව පවත්වා ගැනීම දැන් එකම ඉලක්කය බවට පත්ව තිබෙන බව බෙන් ලීඩ්ස්හි විරෝධතාකරුවන්ට පැවසීය. බ්‍රෙක්සිට් ආපසු හැරවීම සඳහා තවමත් ඉල්ලීම් කර නැති කෝබින්ට බලපෑම් කිරීම අරමුනු කරගත් අදහස් දැක්වීමේදී බෙන් පැවසුවේ, “අපි හැමෝටම මහ මැතිවරනයක් අවශ්‍යයි. නමුත් මහ මැතිවරනයකින් නව ආන්ඩුවක්, මම හිතන්නේ ඒ ලේබර් ආන්ඩුවක් කියාය, පත්වන විට අප තවමත් සිටින්නේ යුරෝපා සංගමය තුලය යන්න ගැන අපට සහතිකයක් තිබිය යුතුයි. මක්නිසාද යත් මේ අතර බ්‍රික්සිට් ජයගෙන තිබුනොත් මැතිවරනයක් පැවැත්වීමේ තේරුමක් නැති නිසාය. ”

මේ බලවේග, ජොන්සන් කෙරෙහි වන විරුද්ධත්වය ප්‍රධාන ධනේශ්වර පක්ෂ පිටුපස පෙලගැස්වීමට වලි කන අතර සන්සුන් මනෝභාවයකින් විරෝධතාවලට සහභාගී වූ බොහෝ දෙනාගේ ප්‍රශ්නය වුනේ, පසුගිය වසර තුනක කාලය තුල සිදුවීම්, මතකයේ ඇති කාලයක වඩාත් දක්ෂිනාංශික ආන්ඩුවක් බලයට ගෙනආ හේතු කවරක් ද යන්නයි.

ලෝසවෙඅ සමඟ කතා කල විරෝධතාකරුවන් අතර, සිදුවෙමින් පවතින්නේ හුදෙක් බ්‍රෙක්සිට් ගැන ප්‍රශ්නයක්ම නොවන බවට පිලිගැනීමක් විය. එහෙත් වසර ගණනාවක් තිස්සේ හිතාමතාම සිදුකරන ලද දේශපාලන අවමංගත කිරීම් හේතුවෙන් තවමත් විශාල ව්‍යාකූලත්වයක් පවතියි. හිටපු කොන්සර්වේටිව් අගමැති ඩේවිඩ් කැමරන් 2016 දී යුරෝපා සංගම් සාමාජිකත්වය පිලිබඳ ජනමත විචාරනයක් පැවැත්විය යුතු බව ප්‍රකාශයට පත් කල මොහොතේ සිට පාලක ප්‍රභූවේ ප්‍රධාන පක්ෂ සහ ඔවුන් ප්‍රතිරාවය කරන මාධ්‍ය ජාලයන් උත්සාහ කර ඇත්තේ, එක හා සමානවම ප්‍රතිගාමී පාලක පන්තියේ කන්ඩායම්වලට සහාය දෙමින් ජනතාව බ්‍රෙක්සිට් ප්‍රශ්නය සම්බන්ධයෙන්දෙපැත්තට ගෙන ඒමට ය.

සමාජ අසමානතාවයේ දැවැන්ත මට්ටම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වලට එරෙහිව පාලක පන්තිය විසින් යුද්ධ ප්‍රකාශ කර ඇති කොන්දේසි යටතේ සහභාගී වූ සමහර අය අතර, ජොන්සන් විරෝධී ව්‍යාපාරයට නායකත්වය දෙන කිසිදු පක්ෂයකට ප්‍රගතිශීලී විසඳුම් නොමැති බව ගැන උත්සුකයන් පවතී. සසප සාමාජිකයින් “ජොන්සන් පාර්ලිමේන්තුව අත්හිටුවීම: බ්‍රිතාන්‍ය පාලක පන්තිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරයි” යන ලෝසවෙඅ ඉදිරිදර්ශනයේ පිටපත් දහස් ගනනක් උද්ඝෝෂන අතරතුර බෙදා හැරියේය. ලන්ඩන් උද්ඝෝෂනය අවසානයේ උනන්දු සහගත එක් විරෝධතාකරුවෙක් පත්‍රිකාවක් රැගෙන , “මෙහි වෙනත් කිසිවෙකුටත් නොමැති නිසා ඔබට සැලසුමක් ඇතැයි මම විශ්වාස කරමි” යනුවෙන් පැවසීය.

මිලියන ගනනාවකගේ ජීවන තත්වයන් හා රැකියා විනාශ කල රුදුරු කප්පාදුවල දශක ගනනාවකට පසුව මතුව ඇති සමාජ කැලඹීම ගැන බෙහෙවින්ම දැනුවත් ලේබර් පක්ෂයේ හා වෘත්තීය සමිති නිලධරයේ සමහර කොටස් සහ මාධ්‍යවල ඔවුන්ගේ සහචරයින්, ටෝරි මර්දනයට එරෙහි වීම සඳහා වාමාංශික වාචාලකම යොදා ගනිමින්, විරෝධය ඔවුන්ගේ පාලනයෙන් පිට නොයන බව සහතික කර ගැනීමට වෑයම් කරති. ලේබර් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොයිඩ් රසල්-මොයිල් ඩේලි මිරර් පුවත්පතට අදහස් දක්වමින් කියා සිටියේ, “අපේ රට ප්‍රජාතන්ත්‍ර විරෝධී දක්ෂිනාංශයට යටත් වීම වැලැක්වීමට ඇති එකම මාර්ගය මහා වැඩ වර්ජනයක් ලෙස දැකගනිමින් සිටින” බවයි. ඔහු තවදුරටත් මෙසේ පැවසීය. " අපට හුදෙක් උසාවි සහ පාර්ලිමේන්තු ක්‍රියාවලිය මත රඳා සිටීමට නොහැකිය. මේ රටේ සෑම ගමකම, නගරයකම පාගමන්, සිවිල් නීති කැඩීම සහ විරෝධතාවන්ගෙන් යුත් මහජන ව්‍යාපාරයක් අපට අවශ්‍යයි.”

ලේබර් මන්ත්‍රී ක්ලයිව් ලුවිස් පැවසුවේ, “ගිවිසුමකින් තොර බ්‍රෙක්සිට් සමඟින් බොරිස් පාර්ලිමේන්තුව වසා දැමුවහොත්, මම සහ අනෙකුත් මන්ත්‍රීවරු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනු ඇත.” ඒ හුස්මටම ඔහු මෙසේ ද පැවසීය: “ අප පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට පොලිසියට සිදුවනු ඇත. පාරට බහින ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිමු. අපි අසාමාන්‍ය පාර්ලිමේන්තු සැසියක් කැඳවන්නෙමු. ”

සෙනසුරාදා පැවති විරෝධතාවලින් පසුව තවත් යුරෝපයක් තිබිය හැකිය යන සංවිධානය, ජොන්සන්ගේ මෙම පියවරට එරෙහිව සෑම සන්ධ්‍යාවකම විරෝධතා පැවැත්විය යුතු යැයි ඉල්ලා තිබේ.

මේවා කම්කරුවන්ට බොහෝ පාඩම් උගත හැකි උපදේශාත්මක සිදුවීම් ය. ගිවිසුමක් නොමැතිව යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ව්‍යසනයෙන් තර්ජනයට ලක්වන ලන්ඩන් නගරයේ සහ මහා ව්‍යාපාරිකයේ ප්‍රමුඛ කොටස්වල අවශ්‍යතා හමුවේ, ගල්ගැසී සිටින කම්කරු හා වෘත්තීය සමිති නිලධරයේ කොටස්, මහා වැඩ වර්ජනයක් සඳහා පවා කැඳවීමට සූදානම් ද! කම්කරුවන් ඇසිය යුත්තේ: කම්කරු පන්තියේ ජීවන තත්වයන් විනාශකොට මිලියන ගනනක් දරිද්‍රතාවයට ඇද දැමූ පසුගිය දශකය තුල එවැනි යෝජනා නොතිබුනේ මන්ද? පසුගිය දශකය තුල කප්පාදු පියවර සහ කැපීම් හේතුවෙන් අවම වශයෙන් 120,000 ක් දෙනා අනවශ්‍ය හා නොමේරූ මරනවලට ගොදුරු වී ඇති බවට ප්‍රවෘත්ති පල වූ තත්වය හමුවේ පාර්ලිමේන්තුව වාඩිලා ගැනීම් හා හදිසි සැසිවාර ද මහා වැඩ වර්ජන ද සඳහා කැඳවීම් කොහේ තිබුනා ද? ප්‍රශ්නය ඇසීමම එයට පිලිතුරු දීමයි.

Share this article: