ජීඑම්, ෆෝඞ් සහ ක්‍රයිස්ලර් කොන්ත්‍රාත් කාලයේ අවසානය එලලෙඹන අතරතුර
ඒටීඇන්ඞ්ටී කම්කරුවෝ 20,000 ක් වැඩ වර්ජනය කරති

20,000 AT&T workers strike as GM, Ford and Chrysler contract deadline looms

2019 අගෝස්තු 26

සිකුරාදා මධ්‍යම රාත්‍රියේ ජෝර්ජියා, ෆ්ලොරිඩා, ඇලබාමා, කෙන්ටකි, ලුසියානා, මිසිසිපි, උතුරු කැරොලිනා, දකුනු කැරොලිනා හා ටෙනසි යන ප්‍රාන්තවල 20,000කට අධික ඒටීඇන්ඞ්ටී සංගත (ලෝකයේ විශාල ම විදුලිසන්දේශ සමාගම) කම්කරුවෝ වැඩවර්ජනයට පිවිසියහ.

කෙටි පූර්ව දැනුම්දීමකින් වැඩවර්ජනය පිපිරුනේ, අගෝස්තු 3 වන දින කොන්ත්‍රාත්තුවේ කල් ඉකුත්වී සති තුනකට පසු කම්කරුවන්ට රැකියාවෙහි රැඳී සිටීමට බල කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ සන්නිවේදන සේවක (සීඩබ්ලිව්ඒ) වෘත්තීය සමිතිය උත්සාහ කිරීම සමගිනි. සීඩබ්ලිව්ඒ වෘත්තීය සමිතියේ බ්‍රහස්පතින්දා ප්‍රකාශනයක් දැවන්ත කම්කරු පන්තික කෝපය පිලිගත්තේ මෙසේ ය. : “3වැනි දිස්ත්‍රික් කාර්යාලයේ දුරකථන නාද වීම අද නතර කරන්නේ නැත. සාමාජිකයින් ටෙලිෆෝන් කරමින් සිටින්නේ ඔවුන්ට නව කොන්ත්‍රාත්තුවක් අවශ්‍ය බව කීමට යි. ”

වැඩවර්ජනයට පිවිසි නශ්විලේහි ඒටීඇන්ඞ්ටී කම්කරුවෝ

මෑත ඉතිහාසයේ ඇමරිකාවේ දකුනේ විශාල ම වැඩ වර්ජනය ලොව පුරා කම්කරුවන් අතර වැඩෙන සටන්කාමී මනෝභාවයක් ආකර්ෂනය කර ගනී. ඈත දකුනේ කළු හා සුදු කම්කරුවන් එක්ව පිකට් හසුරුවමින් සිටින රූප රාමු වැදගත් පනිවිඩයක් නිකුත් කරයි: වර්ගය, ස්ත්‍රී පුරුෂ භාවය හෝ ජාතිකත්වය කුමක් වුවත්, ජාත්‍යන්තර කම්කරු පන්තියේ එක්සත්කම සමාජ සමානතාවය සඳහා වන අරගලයේ මූලෝපායික අවශ්‍යතාවයකි.

සෑම තැනකම කම්කරුවෝ වැඩ වර්ජනය සඳහා සිය දහස් ගනනින් කැමත්ත ප්‍රකාශ කරති. ටෙක්සාස්, ඉලිනොයිස්, ඉන්දියානා, ඔහියෝ, මිචිගන්, පෙනිසිල්වේනියා, කෙන්ටකි, ටෙනසි, නිව් යෝර්ක්, කැන්සාස් සහ මිසූරි යන ප්‍රාන්තවල 150,000 කට අධික මෝටර් රථ කම්කරුවන් වැඩ වර්ජන අනුමත කිරීමේ ඡන්ද පවත් වමින් සිටින්නේ සියයට 97ක් “වැඩවර්ජනයට” ඡන්දය දීම පෙන්වන ආරම්භක ප්‍රතිඵල සමගිනි.

ජුලි මාසයේදී සිල්ලර වෙලඳසැල් කම්කරුවන් 60,000ක් දකුනු කැලිෆෝනියාවේ වැඩ වර්ජනය කිරීමට ඡන්දය දුන් අතර, කැලිෆෝනියා, ඔරිගන්, වොෂිංටන්, කොලරාඩෝ, මේරිලන්ඞ්, වර්ජිනියා, හවායි සහ කොලොම්බියා යන ප්‍රාන්ත පුරා කයිසර් සෞඛ්‍ය සේවකයෝ 85,000කට වැඩි පිරිසක් පර්මනෙන්ටේ මූල්‍යාතනයේ වැඩවර්ජනයට ඡන්දය දුන්හ. ඊට අමතර ව චිකාගෝ ප්‍රාන්තයේ ගුරුවරුන් 25,000ක් වැඩ වර්ජනයට අනුමැතිය දී ඇත.

ඒටීඇන්ඞ්ටී සමුහායතනය යනු ලෝකයේ මහා ධන කොල්ලකරුවන්ගෙන් එකකි. කම්කරුවන් සහ ගනුදෙනුකරුවන් කුරිරු ලෙස සූරාකෑමේ දී සහ ආන්ඩු හා ලෝක වෙලඳපොලවල ගෙල සිර කිරීමේ නිපුනත්වය තුල සංස්ථාව නිරූපනය කරන්නේ ගෝලීය ධනවාදයේ කොල්ලකෑම යි.

සංස්ථාව ඉල්ලා සිටින්නේ පෙර නො වූ විරූ කප්පාදු කොන්ත්‍රාත්තුවකි. එය සමූහ දොට්ට දැමීමට මග පාදන අතර 1920 ගනන්වලින් පසු නො වූ විරූ කොන්දේසි යටතේ කම්කරුවන්ට වැඩ කිරීමට බල කරනු ඇත.

පැමිනීමේ ජ්‍යෙෂ්ටත්වය හා කාර්ය සාධනය සම්බන්ධ මවාපෑම් නො සලකා කම්කරුවන් දොට්ට දැමීමේ බලය ඒටීඇන්ඞ්ටී සමාගමට අවශ්‍ය වේ. එය අනිවාර්ය, 24/7 පොරොත්තු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගනී, එහි දී 20වැනි සියවසේ මුල්භාගයේ “ෂේප් අප්” ක්‍රමයට (හාම්පුතුන්ට රිසි ලෙස වැඩ දිනය සදහා කම්කරුවන් කුලියට ගැනීමට 20වන සියවසේ මුල භාගයේ ඇමරිකාවේ ක්‍රියාත්මක වූ ක්‍රමයකි) සමාන වන, කෙටි දැනුම් දීමකින් අක්‍රමවත් කාලසටහන් මත වැඩ කිරීමට කම්කරුවන් කැඳවනු ඇත. රැහැන් තාක්ෂන ශිල්පීන්ට වැටුප් වැඩිවීමක් නොමැති ව වඩාත් සංකීර්න හා අනතුරුදායක වැඩ කිරීමට බල කෙරෙනු ඇත, ඇමතුම් මධ්‍යස්ථාන සේවකයින් ඔවුන් ගන්නා සෑම හුස්මකින්ම අධීක්ෂනය කෙරෙනු ඇති අතර, සෞඛ්‍ය සේවා සඳහා කම්කරුවන්ගේ වැටුපින් වැඩිපුර ගෙවන ලෙස සංස්ථාව ඉල්ලා සිටින බව වාර්තා වේ.

සංස්ථාවේ 2018 දල ලාභය ඩොලර් බිලියන 91.3 ක් වූ අතර, සෑම ඩොලරයක්ම සොරා ගැනුනේ තම ශ්‍රම බලකාය සූරාකෑමෙනි. සංස්ථාව එක්සත් ජනපද රැහැන් රහිත ග්‍රාහකයින්ගෙන් සියයට 34 ක් පාලනය කරයි. පසු ගිය වසරේ ප්‍රසිද්ධ කෙරුනු අධ්‍යයනයකට අනුව, සමාගම් අතලොස්සක් පමනක් එක්සත් ජනපද ජංගම දුරකථන වෙලඳපොලේ ආධිපත්‍යය ගැනීමේ අර්ථය වන්නේ, ඇමරිකානුවන් ලොව ඕනෑම තැනකට වඩා ජංගම දත්ත සඳහා ඉහලම මිලක් ගෙවන බව යි.

ඒටීඇන්ඞ්ටී තම කතිපයාධිකාරී කොටස් හිමියන්ගේ සාක්කුවලට බිලියන ගනනක් පොම්ප කරන්නේ, 1994 දී ඩොලර් 0.50 ට වඩා පහල මට්ටමක සිට අද වන විට ඩොලර් 2.00 ක් දක්වා කොටස් ලාභාංශ ඉහල යෑමත් සමගිනි. සංස්ථාව 2017 දී පමනක් කොටස් ආපසු මිල දී ගැනීම් සඳහා ඩොලර් මිලියන 693 ක් වියදම් කලේ ය. එහි ප්‍රධාන විධායක නිලධාරී රැන්ඩල් ස්ටීවන්සන් 2018 දී ඩොලර් මිලියන 29 ක් උපයා ගෙන ඇත.

ශිල්ප ශ්‍රේනි යුගයේ කොල්ලකාරී වංශාධිපතීන් මෙන්, ඒටීඇන්ඞ්ටී ආන්ඩුවේ ආධිපත්‍යය දරයි, දේශපාලනඥයින් නතු කර ගන්නා අතර තමන්ගේම “නියාමනය” පාලනය කරන නීති කෙටුම්පත් කරයි.

ධචැබිැජරුඑගදරට වෙබ් අඩවියට අනුව, ෆිලඩෙල්ෆියා හි පැවති ඩෙමොක්‍රටික් පක්ෂ ජාතික සම්මේලනය සඳහා ඩොලර් මිලියන 1.5 ක් ද ක්ලීව්ලන්ඞ් හි පැවති රිපබ්ලිකන් ජාතික සම්මේලනය සඳහා ඩොලර් මිලියන 4.2 ක් ද සමග, 2016 මැතිවරන ව්‍යාපාරයේදී අපේක්ෂකයින් සඳහා සංස්ථාව ඩොලර් මිලියන 11.8 ක දායකත්වයක් ලබා දුන්නේ ය.

මේ සියල්ල ව්‍යාපාර පිරිවැයේ කොටසකි. මේ වසර මුලදී, ෆෙඩරල් අභියාචනාධිකරනයක් තීන්දු කලේ ටයිම් වෝනර් මිලදී ගැනීමේ දී ඒඇන්ඞ්ටී විශ්වාස විරෝධී නීතිය උල්ලංගනය නො කල බවයි. 2017 දී ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කරන ලද සංගත බදු කප්පාදුව මගින් සංස්ථාවට වාර්ෂිකව නිත්‍ය ඩොලර් බිලියන 3ක බදු ඉතිරියක වාසියක් ලබා දුන්නේ ය. බදු කප්පාදුව බලාත්මක වූ දා සිට ඒටීඇන්ඞ්ටී කම්කරුවන් 25,000 කට ආසන්න සංඛ්‍යාවක් දොට්ට දමා ඇත.

සීඩබ්ලිව්ඒ වෘත්තීය සමිතිය ඵලදායී ලෙස සංස්ථාවේ කොටසකි. වෘත්තීය සමිති නායකයින්ට වැටුප් ගෙවනු ලබන්නේ සංස්ථා කලමනාකරනයට මෙනි. නිදසුනක් ලෙස, සීඩබ්ලිව්ඒ හි ප්‍රධාන උපදේශකයා 2016 දී ඩොලර් 481,000 ක් උපයා ඇති අතර සභාපති ක්‍රිස් ෂෙල්ඩන් 2018 දී ඩොලර් 200,000 ඉක්මවා ලාභයක් ලැබී ය. වෙනත් වෘත්තීය සමිති විධායකයන් 20දෙනෙකු ඩොලර් 150,000 ට වඩා උපයා ගත්තේ, කම්කරුවන්ගේ වෘත්තීය සමිති ගාස්තුවලින් තෙමේ ම පොහොසත් වෙමිනි.

කම්කරු දෙපාර්තමේන්තුව සමඟ මධ්‍යම ආන්ඩුවේ ලිපි ගොනු කිරීම්වලට අනුව, 2018 දී සීඩබ්ලිව්ඒ වෘත්තීය සමිතියට ඩොලර් මිලියන 561.4 ක වත්කම් තිබුනේ, වැන්ගාඞ්, ලුමිස් සයිල්ස්, එලායන්ස් බර්න්ස්ටයින් සහ පලඩින් කැපිටල් විසින් කලමනාකරනය කරන ලද දර්ශක අරමුදල් මිලියන දස දහස් ගනනක් ද ඇතුළුව, ඩොලර් මිලියන 481.7ක “ආයෝජන” සමගිනි.

මෙම අන්‍යොන්‍ය අරමුදල්වලට ඒටීඇන්ඞ්ටී කොටස්වල ආයෝජන ඇතුලත් විය හැකි අතර, එයින් අදහස් වන්නේ වැඩ වර්ජනයක දී මුදල් අහිමිවීමට සීඩබ්ලිව්ඒ විධායකයින් මුහුන දෙන බවයි. නැගෙනහිර වෙරල තීරයේ වෙරිසොන් කම්කරුවන් 40,000කගේ 2016 සති 7 වැඩ වර්ජනය සීඩබ්ලිව්ඒ විසින් නතර කර දමා විකුනා දැමීමේ කොන්ත්‍රාත්තුවක් බලෙන් පැටවූයේ මන්ද යන්න විශාල අභිරහසක් නො වේ.

සීඩබ්ලිව්ඒ හා ඒටීඇන්ඞ්ටී කම්කරුවන්ට එරෙහිව එකිනෙකා සමඟ කුමන්ත්‍රනය කරමින් පසුගිය මාස කිහිපය ගත කර ඇත්තේ, සංස්ථා ලාභදායකත්වය සහ සීඩබ්ලිව්ඒ කප්පාදු පුලුල් කිරීම සහතික කිරීමට ය. සීඩබ්ලිව්ඒ 3වැනි දිස්ත්‍රික්කයේ තමන්ගේ ම “කේවල් කිරීමේ යාවත්කාලීන කිරීම්” තම සාමාජිකයින්ට පහත දැක්වෙන දුක්ඛිත කතාව කියයි:

ජූලි 31: “අපගේ ගැටලු පිලිබඳව ඔවුන්ට අපව හයියෙන් සහ පැහැදිලිව ඇසෙන බව සමාගම පැවසුවා... ඔවුන් අපේ අවශ්‍යතා සපුරාලන යෝජනා පැකේජයක් මත වැඩ කරන බව ඔවුන් අපට පවසා තිබෙනවා. අපි බලාපොරොත්තු තබනවා... ”

අගෝස්තු 3: “කොන්ත්‍රාත් කල් ඉකුත්වීමට පැය 24 කටත් අඩු කාලයකදී, සමාගම අපේ දිශාවට හැරෙනු ඇතැ යි අපි අපේක්ෂා කරනවා...”

පසුව අගෝස්තු 3 වන දින: සීඩබ්ලිව්ඒ 3වැනි දිස්ත්‍රික්කයේ උප සභාපති රිචඞ් හනිකට් (ඔහුගේ 2016 වැටුප: ඩොලර් 178,915) මාධ්‍යයට පැවසුවේ, “අග්නිදිග ප්‍රදේශයේ වර්තමාන කොන්ත්‍රාත්තුව දීර්ඝ කිරීම මගින් සීඩබ්ලිව්ඒ සාමාජිකයින්ට බාධාවකින් තොරව වැඩ කිරීමට ඉඩ සැලසෙන...” බව යි.

අගෝස්තු 15: “කන්ඩායම... සමාගමට පැකේජයක් ඉදිරිපත් කලා. ඔවුන් අපගේ ප්‍රශංසනීය පැකේජය පිලිගනු ඇතැයි අපේක්ෂාවෙන් අපි ඔවුන්ගේ ප්‍රතිචාරය ඉවසීමෙන් බලා සිටිමු. ”

අගෝස්තු 17: “අපි බොහෝ සමාගම් යෝජනාවලට ඇහුම් කන් දී ඇත්තේ විශාල චකිතයකින් යුතුව යි.”

“චකිතය” යන්න අර්ථ දැක්වෙන්නේ “යමක් සිදුවිය හැකි යැයි බියක් හෝ වික්ෂේපයක් පිලිබඳ හැඟීමක්” ලෙස යි. එය වෘත්තීය සමිති, සංගත, ධනේශ්වර දේශපාලන පක්ෂ සහ ලෝකයේ සියලු ආන්ඩු, සංගතවල ඉල්ලීම්වලට විරුද්ධත්වය දක්වමින් සිටින කම්කරුවන්ගේ අපේක්ෂාව දෙස බලන හැඟීම විස්තර කිරීමට සුදුසු වචනය යි. පසු ගිය සතියේ ගෝලීය කොටස් වෙලඳපොල “සමාජ අසහනයේ” අවතාරයෙන් අඩාල වූයේ, හොංකොං හි ඉදිරියට යමින් තිබෙන දැවන්ත පෙලපාලි ගැන ආයෝජකයින් වැලපීම සමගිනි.

මේ වසරේ මේ දක්වා, මිලියන ගනනක් ජනයා සහභාගී වූ මහා පෙලපාලි ආසන්න වශයෙන් සෑම මහද්වීපයක ම ධනපති මෙන් ම දුගී රටවල සිදුව තිබේ.

භාෂාව, ආගම සහ වර්ගය අනුව ගත් කල, සුඩානය, පුවතෝ රිකෝ, ප්‍රන්සය, ඇල්ජීරියාව, හොංකොං, හොන්ඩුරාස්, නිකරගුවාව සහ බ්‍රසීලය යන රටවල වීදි පුරවා ඇති පෙලපාලිකරුවන් සමූහයේ එතරම් පොදු බවක් නො පෙනේ. එහෙත් යථාර්ථයේ දී, මෙම කම්කරුවෝ හා තරුනයෝ සමාජ අසමානතාවයට එරෙහිව කම්කරු පන්තියේ නැගී එන, එක්සත් ලෝක ව්‍යාපාරයක මුල් බල සේනාවෝ වෙති.

මෙම ව්‍යාපාරයට ප්‍රතිචාර වශයෙන් පාලක පන්තියේ උපායමාර්ගය බහුවිධ ය: කම්කරු පන්තිය වෘත්තීය සමිති සමඟ බැඳ තබා ගැනීම, අවශ්‍ය ඕනෑම ආකාරයකින් කම්කරු පන්තිය එයට ම එරෙහිව බෙදීම සහ වැඩ වර්ජන හා සමාජ විරෝධතාවලට එරෙහි ව දැවැන්ත භෞතික/කායික මර්දනයකට සූදානම් වීම.

එක්සත් ජනපදය තුල, ඇමරිකාවේ සමාජීය කරදර වෙනුවෙන් සංක්‍රමනික කම්කරුවන් බිල්ලට දෙමින්, ට්‍රම්ප් මෙම මූලෝපාය අනුගමනය කරන්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් විනාශ කරන ලද දුගී රටවල කම්කරුවන් එක්සත් ජනපදයේ අසමානතාවයට හා දරිද්‍රතාවයට වගකිව යුතු ය යන ෆැසිස්ට් බොරුව පෙරට දමමිනි.

ඩිමොක්‍රටික් පක්ෂය හා ඩිමොක්‍රටිකයන්ට සම්බන්ධ නිව්යෝක් ටයිම්ස් වැනි මාධ්‍යයන් සමාන උපාය මාර්ගයක් අනුගමනය කරන්නේ, වාර්ගික හා ස්ත්‍රී පුරුෂ භේදයන් එක හා සමාන ග්‍රස්තියකින් උමතු කරවමින් හා ඇමරිකානු ඉතිහාසය පැහැදිලි කල හැක්කේ ටයිම්ස් “සුදු කම්කරු පන්තිය” ලෙස හඳුන්වන සහජ ජාතිවාදයෙන් පමනක් බව තහවුරු කරමිනි.”

කම්කරු පන්තියේ මූලෝපාය විය යුත්තේ ජාතිකවාදී වෘත්තීය සමිතිවලින් බිඳී සමාජ අරගලය සඳහා තමන්ගේ ම ස්වාධීන සංවිධාන, එනම් කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම යි. මෙම නව සටන් සංවිධානවල ප්‍රධාන පරමාර්ථය වනු ඇත්තේ තම අරගලයේ පාලනය බාර ගැනීම හා ධනේශ්වර ආර්ථික පර්යායේ අන දෙන මුදුන්වල පොදු ප්‍රහාරයකට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තියේ එක්සත්කම ආරක්ෂා කිරීම යි.

එරික් ලන්ඩන්

Share this article: