බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වෙයි: ජාතිකවාදයට එරෙහිව, යුරෝපා එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා!

Britain leaves the European Union: Against nationalism, For the United Socialist States of Europe!

2020 ජනවාරි 31

වසර 47 ක සාමාජිකත්වයෙන් පසු අද (ජනවාරි 31) රාත්‍රී 11 ට එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත්ව යනු ඇත. ඉවත්වීම සිදුවන්නේ ඉවත්ව යෑමට පක්ෂව පටු සියයට 52-48ක පක්ෂපාතිත්වයක් ලබා දුන් යුරෝපා සංගම් සාමාජිකත්වය පිලිබඳ 2016 ජනමත විචාරනයෙන් වසර තුනහමාරකට පසුව ය.

බ්‍රෙක්සිට් පිලිබඳ ජනමත විචාරනය එවකට කොන්සර්වේටිව් අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් විසින් කැඳවනු ලැබුවේ මෙම පක්ෂයේ යුරෝවිරෝධී (යුරෝසෙප්ටික්) කන්ඩායම පැත්තකට දැමීමටය. එසේ නොවුනොත් ඊට සහය දෙන්නන් එක්සත් රාජධානියේ නිදහස් පක්ෂයට (යූකේඅයිපී) හැරෙනු ඇතැයි යන බියෙන් එය සන්සුන් කිරීමට ය. ඔහුගේ ගනන් බැලීම වූයේ, ප්‍රධාන පාර්ලිමේන්තු පක්ෂ තුන ම, වෘත්තීය සමිති, බැංකු හා මූල්‍ය අංශය, යුරෝපා සංගම් ආන්ඩු සහ එක්සත් ජනපද ජනාධිපති ඔබාමාගේ අනුග්‍රහය, රැඳී සිටීමේ ඡන්දය ආපසු හරවා, ඒ වෙනුවට “වෙස්ට්මිනිස්ටර් ප්‍රභූව” හා “සංස්ථාපිතයට” හටගත් අසම්පූර්න විරුද්ධත්වය විසින් ප්‍රානවත් කෙරුනු ඉවත් වීමේ ඡන්දයක් ඇති වෙතැ යි යන්න ය.

2016 සිට බ්‍රෙක්සිට් ප්‍රමාද කිරීමට හෝ එය ආපසු හැරවීමට හෝ ගිනිය නො හැකි උත්සාහයන් තිබී ඇත. නමුත් බ්‍රෙක්සිට් දැන් යථාර්ථයකි. බ්‍රෙක්සිට් සඳහා වූ මහජන හැඟීම දේශපාලනික ව ව්‍යාකූල වූවත්, පාලක පන්තියේ ප්‍රමුඛ කොටස් විසින් එය ප්‍රචාරය කරනු ලැබීම, විසිවන සියවසේ ලෝක යුද්ධ දෙකක් ඇති කල ධනවාදී පද්ධතියේ ගෝලීය අර්බුදය විසින් ඇති කරන ලද අන්තර් අධිරාජ්‍යවාදී ප්‍රතිවිරෝධතා විශාල වශයෙන් ඉහල යාමේ ප්‍රතිඵලයකි.

ප්‍රධාන බලවතුන් අතර වෙලඳ යුද්ධය දෙසට ඇති නො වැලැක්විය හැකි ගසාගෙන යාමට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිලිබඳ ව බ්‍රිතාන්‍ය ධනේශ්වරයේ රැඳී සිටිනු හා ඉවත්වනු යන පාර්ශ්ව දෙකට ම එකිනෙකට විරුද්ධ මූලෝපායන් තිබුනි. කන්ඩායම් දෙකම එක හා සමානව ප්‍රතිගාමී වේ. රැඳී සිටිනු කන්ඩායමට‍ අවශ්‍ය වූයේ යුරෝපා සංගම් වෙලඳ කාන්ඩය හා එහි දැවැන්ත තනි වෙලඳපල තුල බ්‍රිතාන්‍යයේ ගෝලීය තත්ත්වය ආරක්ෂා කර ගැනීමට යි. ඉවත් වනු බලවේග යුරෝපා සංගමය දුටුවේ, එක්සත් ජනපදය සමග ශක්තිමත් සන්ධානයක් මත කේන්ද්‍රගත වූ ද, විශේෂයෙන් ම ජර්මනියට හා ප්‍රන්සයට එරෙහිව එල්ල කෙරුනා වූ ද, මූල්‍ය සමපේක්ෂනය සඳහා මුලුමනින් නියාමනහරනය කෙරුනු පදනමක් මත එක්සත් රාජධානිය විසින් ගෝලීය වෙලඳ හා ආයෝජන ප්‍රතිපත්තියක් හඹායාමට බාධාවක් ලෙස ය.

එබැවින් බ්‍රෙක්සිට් යනු ධනවාදය විසින් ඇති කෙරුනු ගෝලීය ආර්ථික හා සමාජ ප්‍රතිවිරෝධයන්ගේ ප්‍රතිඵලයකි. තමන්ගේ ම ජාතිකවාදී “ඇමරිකාව පලමුව” න්‍යාය පත්‍රය මත පෙනී සිටිමින් 2016 එක්සත් ජනපද ජනාධිපතිවරනයේ දී ඩොනල්ඞ් ට්‍රම්ප් තෝරා ගැනීමේ ජනමත විචාරනයෙන් මසක් ඇතුලත මෙය අවධාරනය කෙරුනි. ට්‍රම්ප් බ්‍රෙක්සිට් වැලඳගත්තේ “තරඟකරුවෙකු” මිස මිත්‍රයෙකු නො වන්නාක් මෙන්ම ජර්මනියේ උත්සුකතා වෙනුවෙන් ක්‍රියාත්මක වන “සංගතයක්” ලෙස ඔහු විසින් හෙලා දුටු, යුරෝපා සංගමය බිඳ දැමීම දිරිගැන්වීමේ ආයුධයක් ලෙස ය.

බ්‍රෙක්සිට් විසින් සනාථ කර ඇත්තේ ධනවාදය යටතේ යුරෝපීය මහාද්වීපය භේද රහිතව එක්සත් කිරීමේ නො හැකියාව පිලිබඳ ට්‍රොට්ස්කිගේ අවධාරනය යි. එය එක්සත් ජනපදය සමග පමනක් නොව යුරෝපීය රාජ්‍යයන් අතර ගැටුම් තීව්‍ර කරන කේන්ද්‍රාපසාරී බලවේගයන්ගේ පීඩනය යටතේ යුරෝපා සංගමයේ තීව්‍ර වන බිඳවැටීමේ වඩාත් දියුනු ප්‍රකාශනය යි. එපමනක් නොව, බ්‍රෙක්සිට් විසින් ප්‍රකාශ කරන ලද ජාතිකවාදී ආතතීන් සහ ගෝලීය වෙලඳපොලවල් හා සම්පත් පාලනය කිරීම සඳහා වන පොරබැදීම, සියල්ලටත් වඩා රුසියාව සහ චීනය දෙසට යොමු කර ඇති අධිරාජ්‍යවාදී මිලිටරිවාදය පුපුරා යාමට තුඩු දෙන අතර එය මුලු ලෝකය ම යුද්ධයට ඇද දැමීමට තර්ජනය කරයි.

වේගවත් කෙරුනු කප්පාදු මගින් කම්කරු පන්තිය වෙලඳ යුද්ධය හා මිලිටරිමය යලි සන්නද්ධ කිරීම සඳහා ගෙවීමට සූදානම් කෙරෙමින් සිටින්නේ, බ්‍රිතාන්‍ය පාලක ප්‍රභූව හා එහි තරඟකරුවන් රැකියා හා වැටුප් මත කුරිරු ප්‍රහාර එල්ල කිරීම හා අත්‍යාවශ්‍ය සමාජ සේවාවන් විනාස කිරීම ඔස්සේ ගෝලීය වශයෙන් තරඟකාරීව සිටීම ට උත්සාහ ගැනීම සමගිනි. බ්‍රෙක්සිට් හි සැබෑ ආර්ථික හා සමාජ න්‍යායපත්‍රය නිරූපනය කෙරෙන්නේ “තැචර් විප්ලවය සම්පූර්න කිරීම” හා ලන්ඩනය “තේම්ස් නදියේ සිංගප්පූරුව” ලෙස යලි හැඩගැස්වීම පිලිබඳ ජොන්සන් ආන්ඩුවේ ප්‍රකාශිත අරමුන මගිනි.

මෙම පන්ති යුද ප්‍රහාරය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා සිවිල් නිදහස මත කඩා පැනීම් ඉල්ලා සිටීම පෙන්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පොලිස් රාජ්‍ය ක්‍රමවේදයන්ට මග පාදන බව යි. “ගිවිසුමක් නැති” ඉවත්වීමක දී හමුදා භටයන් හා කැරලි මර්දන පොලීසිය දස දහස් ගනනින් රැඳවීමට සම්බන්ධ වන්නා වූ ආන්ඩුවේ “ඔපරේෂන් යෙලෝහැමර්” නම් කේත නාමයෙන් යුත් මෙහෙයුම, යතාර්ථයේ දී කම්කරු පන්තියේ අඛන්ඩ දරිද්‍රතාවේ අනිවාර්ය ප්‍රතිඵලය වන්නා වූ සමාජ ගැටුම් සමග ගනදෙනු බේරා ගැනීමේ සැලැසුම් වේ. පලමුවෙන්ම ප්‍රවාහන අංශය ද පසුව “අත්‍යවශ්‍ය” යැයි සැලකෙන සියලු‍ම සේවා හා කර්මාන්තවල ද වැඩවර්ජන තහනම් කරන නීති සම්පාදනය දැනටමත් සැලසුම් කර ඇත. ඒ අතරම ආන්ඩුව සාමකාමී විරෝධතා කන්ඩායම් මෙන් ම වාමාංශික පක්ෂ ගනනාවක් ද එහි “වැලැක්වීමේ” මූලෝපායට එකතු කර තිබෙන අතර ප්‍රති-ත්‍රස්ත නීති සම්පාදනය සම්බන්ධයෙන් ද එසේ කිරීමට අදහස් කරයි.

දැන් කම්කරු පන්තිය මුහුන දී සිටින බරපතල අන්තරායන් සඳහා වගකීම පැවරී ඇත්තේ කම්කරු නායක ජෙරමි කෝබින් සහ බ්‍රිතාන්‍යයේ ව්‍යාජ වාම හා ස්ටැලින්වාදී ප්‍රවනතාවන් හි ඔහුගේ ඔල්වරසන් දෙන්නන් සමග ය.

කප්පාදුවට හා අධිරාජ්‍යවාදයට ප්‍රකාශිත විරුද්ධවාදියෙකු ලෙස තම මහජන සහයෝගය වසර හතරක් තිස්සේ කෝබින් භාවිතා කලේ පන්ති අරගලය මෙන්ම හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට වන ඕනෑම අභියෝගයක් මැඩපැවැත්වීම සඳහාය. යුරෝපා සංගමය අසම්පූර්න වුවද කම්කරුවන්ගේ අවශ්‍යතා අනුව ප්‍රතිසංස්කරනය කල හැකි යැයි කියමින් ඔහු කැමරන් සමඟ රැදී සිටිනු පිලේ පෙල ගැසුනේ ය. මෙම ක්ෂාමාලාපය ග්‍රීසිය, ස්පාඤ්ඤය, පෘතුගාලය හා අනෙකුත් රටවල කම්කරුවන්ට එරෙහි ව විනාසකාරී කප්පාදු වැඩසටහන් පැටවීම, හා මධ්‍යධරනී මුහුදේ දහස් ගනනකගේ මරනයට මග පෑදූ තම ම්ලේච්ඡ සංක්‍රමන විරෝධී “යුරෝපා බලකොටුව” ප්‍රතිපත්තිය සහ කටුකම්බි වැටවල් හා මහාද්වීපය පුරා පැන නංවා ඇති සැබෑ ගාල් කඳවුරු මගින් ඇති කෙරුනු යුරෝපා සංගමයට එරෙහි පුලු‍ල් විරුද්ධත්වය පිටුදැකීමේ උත්සාහයක් විය. මෙහි දී කෝබින් ග්‍රීසියේ සිරිසාවට සමාන කාර්යභාරයක් ඉටු කලේ ය. සිරිසා යුරෝපා සංගමය විසින් නියම කරන ලද කප්පාදුවලට විරුද්ධ වීමට පොරොන්දු වූ නමුත්, පෙර පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී රජයට වඩා දරුනු ප්‍රහාර එල්ල කල අතර, දැන් සරනාගත රැඳවුම් කඳවුරුවල පොලිස්කාර කම් කරමින් නෙරපා හැරීම් සිදු කරයි.

සියල්ලන්ගෙන් ම වඩාත් ම ප්‍රතිගාමී කාර්යභාරය ඉටු කරනු ලැබුවේ “වාම ඉවත් වනු” හෝ “ලෙක්සිට්” ව්‍යාපාරය, සමාජවාදී කම්කරු පක්ෂය, සමාජවාදී පක්ෂය හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් පෙනී සිටි අය යි. මෙම සංවිධාන යුරෝපා සංගමයට විරුද්ධ වූයේ බ්‍රෙක්සිට්වලින් පසු, කෝබින් සමාජවාදය සඳහා බ්‍රිතාන්‍ය මාවතක් ක්‍රියාත්මක කිරීමට සමත් වෙතැ යි යන හිතලු‍ව මත කේන්ද්‍ර වූ ආර්ථික ජාතිවාදය වැලඳගැනීමක් මත පදනම් වෙමිනි. එය එහි වඩාත් පිරිහුනු ප්‍රකාශනය සොයා ගත්තේ, වඩාත් ප්‍රකට “වාම ඉවත් වනු” ප්‍රකාශක ජෝර්ජ් ගැලෝවේ “වම, දකුන, වම, දකුන! එක්ව ඉදිරියට යව්” යැයි ප්‍රකාශ කරමින්, යූකේඅයිපී නායක නිගෙල් ෆරාග් හා නොයෙකුත් දක්ෂිනාංශික ටොරීන් සමග වේදිකාප්‍රාප්ත වූ අවස්ථාවේ දී ය.

ගැලෝවේ දැන් තම බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂය පිහිටුවා ඇති අතර එය “බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ධනාත්මක ව පිලිගන්නා” අතර සංක්‍රමන විරෝධී ක්‍රියාමාර්ග ඉල්ලා සිටී. “දේශප්‍රේමී නැගීමක්” ගැන පුරෝකථනය කරමින් ඔහු තර්ජනය කරන්නේ, “ජාතික විරෝධී” හා “බ්‍රිතාන්‍ය විරෝධී” තමන්ගේ ධජය හා තමන්ගේ ජාතිය හා එහි සංස්කෘතිය, සම්ප්‍රදාය මෙන් ම ඉතිහාසය රුස්සන්නේ නැති, තමන්ම ඉතිහාසය බවට පත්වනු ඇති “වමේ” ඕනෑම කෙනෙකුට එරෙහිව ය.

කෝබින්ගේ හා ව්‍යාජ වමේ ප්‍රතිපත්තිවල ශුද්ධ ප්‍රතිඵලය වී ඇත්තේ, සමස්ත පාලක ප්‍රභූවට එරෙහිව කටුක අරගලයකට මුහුන දී සිටින කම්කරුවන් නිරායුධ කරන භයානක බෙදීම් ඇති කිරීම යි.

සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා වූ ප්‍රතිපත්තිමය අරගලයක් මත පදනම්ව කම්කරු පන්තිය සඳහා අව්‍යාජ ස්වාධීන වැඩපිලිවෙලක් ඉදිරිපත් කලේ සමාජවාදී සමානාත්මතා පක්ෂය පමනි.

ධනේශ්වරයේ ප්‍රතිගාමී කඳවුරු එකක් හෝ තවත් එකක් පිටුපස කම්කරු පන්තිය ඇදගෙන යාමේ සියලු‍ උත්සාහයන්ට එරෙහිව බ්‍රෙක්සිට් ජනමත විචාරනය සක්‍රීය ලෙස වර්ජනය කරන ලෙස සසප ඉල්ලා සිටියේ ය. අපගේ ඉදිරිදර්ශනය පදනම් වූයේ යුරෝපය පුරා කම්කරු පන්තිය ස්වාධීන දේශපාලන බලමුලු‍ ගැන්වීම මත ය.

අපගේ ප්‍රකාශයෙන් මෙසේ කියැවිනි: “සසප යුරෝපා සංගමයට නො පෑහිය ලෙස සතුරු ය. නමුත් අපේ විරුද්ධත්වය වමේ සිට මිස දකුනෙන් නො වේ.”

අපි මෙසේ පැහැදිලි කලෙමු, “සමාජවාදීන්ගේ පලමු සලකා බැලීම කම්කරු පන්තියේ වර්තමාන අවශ්‍යතා පමනක් නො ව එහි අනාගතය ද ආරක්ෂා කිරීම යි. මෙම තත්වයේ ඇති ලොකු ම දේශපාලන අන්තරාය වන්නේ ‘වාමාංශික ජාතිකවාදයක්’ යැයි කියනු ලබන පදනම මත පන්ති ධජ මිශ්‍ර කිරීම යි.”

සසප “ක්‍රියාකාරී වර්ජනයක් තේරුම් ගන්නේ තනි විරෝධතාවක් ලෙස නොව, කම්කරු පන්තියේ දේශපාලන පැහැදිලි කිරීම ආරම්භ කිරීමට හා ලේබර් පක්ෂ හා වෘත්තීය සමිති නිලධරය හා එහි ව්‍යාජ වාමාංශික ක්ෂමාලාපකයින් විසින් ඇති කරන ලද ව්‍යාකූලත්වයට එරෙහි වීමේ මාධ්‍යයක් ලෙස ය... ජනමත විචාරන උද්ඝෝෂනයේ දී දෙපාර්ශ්වය විසින් ම ප්‍රචාරය කරනු ලබන ජාතික ස්වෝත්තමවාදය හා විදේශිකභීතිකාවට එරෙහිව, ජීවන තත්වයන් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යුරෝපය පුරා කම්කරුවන්ගේ අරගල එක්සත් කිරීම සඳහා කම්කරු පන්තිය තමන්ගේ ම ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් දියත් කල යුතු ය. අන්තර්ජාතික සංගතවල යුරෝපය වෙනුවට කම්කරුවන්ට ඇති විකල්පය වන්නේ යුරෝපයේ එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා වන අරගලය යි.”

මෙම ඉදිරිදර්ශනය සාක්ෂාත් කර ගැනීම සඳහා වෛෂයික පදනම දැන් මතුවෙමින් තිබෙන්නේ, ප්‍රන්සයේ මැක්‍රොන්ට එරෙහි කහ කබා විරෝධතා හා රාජ්‍ය අංශයේ වැඩවර්ජනවලින් යුරෝපය තුල මූර්තිමත් කෙරෙන, ඉන්දියාව, මෙක්සිකෝව, පුඑර්තෝ රිකෝ, ඉක්වදෝරය, කොලොම්බියාව, චිලී, එක්සත් ජනපදය, ඇල්ජීරියාව, ලෙබනනය, ඉරාකය, ඉරානය හා සුඩානය, කෙන්යාව, දකුනු අප්‍රිකාව හා ඉන්දියාවේ මිලියන ගනනාවක් වෙලා ගන්නා, වැඩවර්ජන හා මහජන විරෝධතාවන්ගේ ගෝලීය විධාරනයක රූපාකාරයෙනි.

බටහිර ප්‍රන්සයේ 2019 දෙසැම්බර් 5, බ්‍රහස්පතින්දා, රෙනේ හිදී පැවති විරෝධතාකරුවන්ගේ උද්ඝෝෂනය [අනුග්‍රහය : ඒ්පී ඡායාරූප/ ඩේවිඩ් වින්සන්ට්, AP Photo/David Vincent]

රූපට් මර්ඩොක්ගේ සන් පුවත්පත බ්‍රෙක්සිට් ඉංග්‍රීසි ඕඩය හරහා පන්ති අරගලය පැතිරීම වලක්වනු ඇතැ යි යන තම බලාපොරොත්තුව අවධාරනය කලේය. “බ්‍රිතාන්‍යය අවුල්ජාලයකට ඇද වැටුනු අතර, අපේ මහාද්වීපික අසල්වැසියන් යුරෝපා සංගමයේ සාමාජිකත්වය විසින් ප්‍රදානය කරනු ලබතැ යි කියනු ලබන ස්ථාවරත්වයේ සතුට භුක්ති විඳින බව සදහන් කෙරිනි.” එහෙත් ඒ වෙනුවට “එහි දේශපාලන සංස්ථාපිතය වෙත හා ඔවුන්ගේ අභිමතය බලාත්මක කරන පොලිසිය වෙත දැන් එල්ල කෙරෙමින් තිබෙන ප්‍රචන්ඩත්වය හා ක්‍රෝධයේ අව්‍යාජ මට්ටම ඇතුලුව, ප්‍රන්සයේ සිවිල් ගැටුම්, පාලනයෙන් පිටත සර්පිලාකාරව පැතිරීමේ අනතුරක පවතී.”

සන් පුවත්පත ප්‍රාර්ථනා සහගත චින්තනයේ ගැලී සිටී. සමාජ ආතතීන් බිඳීයාමේ ලක්ෂ්‍යයක පවතී. කම්කරුවන් හා තරුනයින්ට එරෙහිව සැලසුම් කර ඇති ප්‍රහාර අනිවාර්යයෙන්ම බ්‍රිතාන්‍යයේ පන්ති අරගලයේ පුපුරා යාමකට තුඩු දෙනු ඇත්තේ, ලෝක සමාජවාදී වෙබ් අඩවිය පුරෝකථනය කල පරිදි “පන්ති අරගලය හා ලෝක සමාජවාදී විප්ලවයේ දශකයක” සංරචක කොටසක් ලෙස ය.

කම්කරු පන්තියේ ඉරනම රඳා පවතින්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ නායකත්වය යටතේ පොදු පන්ති සතුරාට එරෙහි තම ජාත්‍යන්තර එකමුතුව මත ය. අපගේ සහෝදර පක්ෂ සමග එක්ව, සසප විසින් න්‍යාය පත්‍රයේ දැන් ඇති විප්ලවවාදී අරගල සඳහා අවශ්‍ය නායකත්වය සපයනු ඇත්තේ, සමාජවාදය සඳහා යුරෝපීය හා ලෝක කම්කරු පන්තියේ එක්සත් ව්‍යාපාරයක් ගොඩනගමිනි.

සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් රාජධානිය)

Share this article: