ප්‍රන්සය: විශ්‍රාම වැටුප් කප්පාදු පැනවීමට මැක්‍රොන් පියවර ගනිද්දී මහජන විරෝධතා දිගටම

Mass protests continue as Macron moves to impose French pension cuts

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2020 ජනවාරි 25

වර්ජකයන් දහස් ගනනක්, ”‍කහ බැනියම්”‍ විරෝධතාකරුවන් හා තරුනයන් සිකුරාදා ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ගේ විශ්‍රාම කප්පාදුවට එරෙහිව ප්‍රන්සය පුරා විරෝධතා පෙලපාලි දැක්වූහ. ඒ මැක්‍රෝන්, ලබන මාසයේ ජාතික සභාව වෙත පනත ඉදිරිපත් කිරීම සඳහා තම මතය දැක්වීමට ඔහුගේ අමාත්‍ය මන්ඩලය වෙත විශ්‍රාම වැටුප් පනත ඉදිරිපත් කිරීමත් සමඟ ය. දුම්රිය හා ප්‍රවාහන කම්කරුවන් මෙම පනතට එරෙහිව සති හයක් වැඩ වර්ජනය කිරීමෙන් පසුව එය ඉදිරිපත් වන අතර ඉදිරි වසර හා දශක කිහිපය තුල ප්‍රන්ස ආන්ඩුවට විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම සඳහා ඉන් ඉඩ සැලසෙයි.

පැරිස් පෙලපාලියේ කොටසක්

“ධනවතුන්ගේ ජනාධිපති” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන හිටපු ආයෝජන බැංකුකරුවෙකු වන මැක්‍රොන්ට හා ඔහුගේ විශ්‍රාම කප්පාදුවට කම්කරුවන්ගෙන් අති බහුතරයක් විරුද්ධ වේ. මේ සතියේ පවත්වන ලද මත විමසුමකින් හෙලි වුනේ, ප්‍රන්ස වැසියන්ගෙන් සියයට 61 ක් කප්පාදුවට විරුද්ධ බවත් සියයට 82 ක්, 2017 දී මැක්‍රොන් බලයට පත්වූ දා සිට තම තත්වය වඩාත් නරක අතට හැරී ඇතැයි විශ්වාස කරන බවත්ය. එසේ වුවත් මැක්‍රෝන්, ලබන මාසයේ ජාතික සභාව වෙත පනත ඉදිරිපත් කිරීම සඳහා පෙබරවාරි 17දා, තම මතය දැක්වීමට ඔහුගේ අමාත්‍ය මන්ඩලය වෙත විශ්‍රාම වැටුප් පනත ඉදිරිපත් කරනු ඇත. ජාතික මන්ත්‍රන සභාවේ ඔහුගේ පක්ෂයට බහුතරයක් ඇත.

ජනවාරි 16 වනදා පැවති අවසන් ජාතික විරෝධතාවයෙන් පසුව විරෝධතාකරුවන්ගේ සංඛ්‍යාව ඉහල ගොස් ඇති බවට සියලු‍ වාර්තාවන්ගේ එකඟත්වයක් පවතී. කෙසේ වෙතත්, පොලීසිය සහ ස්ටැලින්වාදී කම්කරු සම්මේලනය (සීජීටී) විසින් රට පුරා විරෝධතාකරුවන්ගේ සංඛ්‍යාව 239,000 සිට මිලියන 1.3 දක්වා වෙනස් වන බවට වාර්තා ලබාදී ඇත. පැරීසියේ විශාලතම පෙලපාලියත් සමඟ මාර්සෙයිල්, ටූලූස්, බෝඩෝ, ලෙ හැව්රේ සහ ලියොන්, නයිස්, රූවන්, නැන්ටෙස්, ක්ලර්මන්ට්-ෆෙරන්ඞ් යන නගරවල ද විශාල විරෝධතා පැවැත්විනි.

ජනතාවගේ හතුරන් සමග ගනුදෙනු කලහැකි කිසිවක් නෑ

සිය විශ්‍රාම වැටුප් කපාදැමීමට එරෙහිව වැඩ වර්ජනය කර සිටින ජාතික නීතිඥ කවුන්සිලයේ (සීඑන්බී) සාමාජිකයින් සිය ගනනක් ලියොන්හි අධිකරන විනිශ්චය සභාව අත්පත් කරගත්හ. අයිෆල් කුලුනේ කාර්ය මන්ඩලය මෙන්ම පැරිස් ප්‍රදේශයේ අපද්‍රව්‍ය පිරිපහදු කිරීමේ කම්කරුවන් ද වැඩ වර්ජනයක නිරත විය.

මහජන කෝපය හා විරුද්ධත්වය නොතකා බලහත්කාරයෙන් කප්පාදු පැටවීමට ආන්ඩුව කටයුතු කරන තතු හමුවේ, දේශපාලන ආතතීන් තවදුරටත් ඉහල යමින් ඇත. ඩොලර් ටි්‍රලියන ගනනක ගෝලීය වත්කම් කලමනාකරන සමාගමක් වන බ්ලැක් රෝක් ඇතුලු මූල්‍ය සමාගම් සමඟ සිය කප්පාදු වැඩසටහන් සකස් කල මැක්‍රොන් සමඟ සාකච්ඡා කිරීමට කිසිවක් නොමැති අතර, විශ්‍රාම අරමුදලෙන් යුරෝ බිලියන සිය ගනනක්, සුපිරි ධනවතුන්ට සහ මිලිටරිය හා පොලීසිය වෙත පොම්ප කිරීමට මැක්‍රෝන් අධිෂ්ඨාන කරගෙන සිටී. කම්කරු පන්තියට ඇති එකම මාර්ගය මැක්‍රොන් ආන්ඩුව හෙලීමේ සටනකි.

ඕහ් මැක්‍රොන් උතුමා, ලොක්කන්ගේ මෙවලම, මැක්‍රොන්වාදය සහ නව ලිබරල්වාදය අවසන්, ඔබ දැනගත යුතුයි අපි ඔබව පලංචියට ගෙන යන බව. විප්ලවය

කෙසේ වෙතත් ප්‍රන්ස වෘත්තීය සමිති නිලධරය මැක්‍රොන් පෙරලා දැමීමේ කිසිදු බැරෑරුම් අරගලයක් අවහිර කරමින් සිටී. 2017 මැතිවරනයෙන් මැක්‍රෝන් බලයට පත්වූදා සිටම ඔවුන් ඔහු සමඟ කප්පාදු වැඩසටහන් පිලිබඳව සාකච්ඡා කර ඇත. ප්‍රන්ස ජාතික දුම්රිය සේවයේ හටගත් ක්ෂනික වැඩ වර්ජන පාලනය කිරීමට උත්සාහ දරමින් පමනක් පසුගිය ශරත් සමයේ ආන්ඩුවට එරෙහිව දුම්රිය වර්ජනයක් කැඳවනු ලැබුනි. පසුව ඔවුහු දුම්රිය වැඩ වර්ජකයන් හුදෙකලා කලහ.

වැඩ වර්ජකයන් දැනටමත් අවධාරනය කර ඇත්තේ, වෘත්තීය සමිති නොව සාමාජිකයින් වැඩ වර්ජන දියත් කර ඇති බවයි. වෘත්තීය සමිතිවල ද්‍රෝහිකම් පිලිබඳව වැඩ වර්ජකයන් අතර නොසන්සුන්තාව සහ උත්සුකයන් වැඩෙමින් පවතී.

පැරිස් ගමනාගමන කම්කරුවෙකු වන සෙඞ්රික් ලෝසවෙඅ වෙත මෙසේ පැවසීය: “අපි මාධ්‍යයට ඇහුම්කන් දෙන විට දැනෙන්නේ, වැඩ වර්ජකයන් අතර දුර්වලකම් ඇති බව ඔවුන් සලකනු ලබන බවයි. එය සත්‍ය නොවන බව පෙන්වීමට අපි අද මෙහි පැමින සිටිමු. අවාසනාවකට මෙන් අපට නැවත වැඩට යාමට සිදුවුනත් එය අපගේ කැමැත්ත නොවේ; මාසය අවසානයේදී යමෙක් කෑම බීම සඳහා ගෙවිය යුතුය. අපට නැවත රැකියාවට යාමට බල කලේ මුදල් නැති තත්වයයි. නමුත් දැන් අපි උත්සාහ කරන්නේ අපගේ අතෘප්තිය පෙන්වීම සඳහා වඩාත් ස්වයංසිද්ධ ක්‍රියාමාර්ගවලට එක්වීමටයි.”

තවත් ගමනාගමන සේවකයෙකු වන ෆ්‍රෙඞ්රික් දුම්රිය කම්කරුවන් හුදෙකලා කිරීම ගැන වෘත්තීය සමිති විවේචනය කලේය. “අපි සියල්ලෝම දින නියමයක් නැති වැඩ වර්ජනයක් කලා නම්, සතියක පමන කාලයකින් මැක්‍රොන් පරාජය කිරීමට ඉඩ තිබුනි. නමුත් වැඩ වර්ජනය නොකරන කම්කරුවන්ට අප අනුගමනය කිරීමට සිදුවනු ඇත. වෘත්තීය සමිති තුල සිදු කරන සාකච්ඡා වලදී සිදුවන දේ හරියටම අපි දන්නේ නැහැ. පෞද්ගලිකව මා වෘත්තීය සමිතියක සාමාජිකයෙකු නොවන්නේ එබැවිනි. ”

වර්ජකයන් ගනනාවක්ම ලෝසවෙඅ වෙත පැවසුවේ, මැක්‍රොන් ජාතික සභාව හරහා කප්පාදුව සිදු කලහොත්, ඔවුන් දිගටම වැඩ වර්ජන හා විරෝධතා දක්වන බවයි. “ අද මැක්‍රොන් ඔහුගේ ඊනියා නීතිය ඔහුට සහාය දෙන සුලුතරයක් සමඟ පැනවීමට තීරනය කිරීම නිසා පමනක් නොවේ, අපි අරගලය නතර කලේ. නමුත් අප දින 50 ක් හෝ 51 වැඩ වර්ජනයේ යෙදී සිටියා. අප මූදල් නැතිව ගැටලු‍ වලට මුහුන දුන්නා. පැහැදිලිවම ඔවුන්ට අවශ්‍ය වූයේ එයයි. නමුත් වසර අවසානය දක්වා අපිට දිගටම සටන් කිරීමට අවශ්‍ය වුනා නම්, එසේ කරන්නට තිබුනා. සමහරවිට සතියකට දින දෙකක් විතර.”

කොමෙඩී ෆ්‍රොන්සේ රඟහල - වර්ජනයේ

බැංකු හා ගෝලීය ආයෝජකයින්ගේ සහ මූල්‍ය වෙලඳපොලවල පිටුබලය සහිත මැක්‍රොන් ආන්ඩුව සහ කම්කරු පන්තිය අතර පුපුරන සුලු‍ ගැටුමක් සඳහා කොන්දේසි වේගයෙන් මතුවෙමින් තිබේ. එවැනි අරගලයක දී ප්‍රන්ස කම්කරුවන්ගේ තීරනාත්මක සහකරුවන් වන්නේ, බැංකුවලට එරෙහිව බලමුලු‍ ගැනෙන ලොව පුරා සිටින කම්කරුවන් ය. එහෙත්, අරගලය වෘත්තීය සමිතිවල සංවිධානාත්මක දඬුඅඬුවට සහ මැක්‍රොන් සමඟ ගනුදෙනුවක් කරගැනීමේ ඔවුන්ගේ සැලසුම් වලට යටත් වන තාක් කල්, ජාත්‍යන්තර හා ප්‍රන්ස කම්කරුවන්ගේ පුලුල් ස්ථරයන් අතරින් මෙම සහයෝගය දිනාගත නොහැක.

තීරනාත්මක ප්‍රශ්නය වන්නේ, මැක්‍රොන් පෙරලා දැමීමේ සහ ජාත්‍යන්තරව ධනේශ්වර මූල්‍ය වංශාධිපතිත්වයේ ආඥාවන් පරාජය කිරීමේ අරගලයක් වෙනුවෙන් කම්කරුවන්ගේ පුලුල් ස්ථර බලමුලු‍ ගැන්වීම සඳහා, වෘත්තීය සමිතිවලින් දැනුවත්ව ස්වාධීනවූ කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවීමයි. මහජන විරෝධය නොතකා කුරිරු කප්පාදු පැනවීමට බැංකුවල අධිෂ්ඨානය, මැක්‍රොන් සහ සමස්ත පාලක පන්තියම ඒකාධිපතිත්වයේ මාවතකට යොමු කර ඇති බව අන් කවරදාකටත් වඩා පැහැදිලිය.

ජාතික සංඛ්‍යාලේඛන ආයතනය විශ්‍රාම වැටුප් සඳහා අරමුදල් සැපයිය හැකිය

මුලු‍මහත් ජනතාවම දුගීභාවයට ඇද දමමින් පනවන කප්පාදුවක් තුලින්, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පාගා දමන බවට තමාට නිවැරදිව චෝදනා කරන අයට එරෙහිව ඊයේ උදෑසන මැක්‍රොන්, ජනතා විරුද්ධත්වය කෙරෙහි පූර්න සතුරුකම සහිතව, උමතු සහගත ප්‍රහාරයක් දියත් කලේය.

“අප තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳින්නේ නැති බවත්, යම් ආකාරයක ආඥාදායකත්වයක් ස්ථාපිත කර ඇති බවත් පවසන අද අපේ සමාජය, අසාමාන්‍ය ලෙස වැරදි දේශපාලන තර්ක ඉදිරිපත් කරන්නේ” යයි මැක්‍රොන් පැවසීය. කෙසේ වෙතත් ඉන්පසුව ඔහු, ප්‍රන්ස ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය දරුනු ලෙස දුර්වල වී ඇති බවට හා ආඥාදායකත්වයක් කෙරෙහි ප්‍රන්සය අවධානය යොමුකරන බවට අනතුරු ඇඟවීය.

“ඒ නිසා, ඒකාධිපතිත්වයක් ස්ථාපනය කිරීමෙන් සිදුවන්නේ, වෛරය සාධාරනීකරනය කිරීම” යයි ඔහු පැවසීය. “ආඥාදායකයින් ප්‍රචන්ඩත්වය යුක්ති සහගත කරන්නේ ගැටලු‍වලින් මිදීම සඳහා ය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය තුල අන්‍යයන්ට ගරු කිරීම, ප්‍රචන්ඩත්වය ප්‍රතික්ෂේප කිරීම සහ වෛරයට එරෙහිව සටන් කිරීම යන මූලික මූලධර්ම ඇත. අපගේ ප්‍රජාතන්ත්‍රවාදය තුල සිටින අය තෘප්තිමත් බවකින් යුතුව මේ ගැන නිහඬව සිටිති. ඔවුන් අද හා අනාගතයේ අපේ ප්‍රජාතන්ත්‍රය හා අපේ ජනරජයට වලකපන්නේ“ යයි ඔහු චෝදනා නැඟීය.

බී.එන්.පී. බැංකුව, ඒඑක්ස්ඒ සහ ස්විස් ලයිෆ් සංගත ගිජුලිහිනියන් ලෙස

ඇත්ත වශයෙන්ම මැක්‍රෝන්ගේ තර්ක, සිය පාලනය යුක්ති සහගත කිරීමට උත්සාහ දරන ඒකාධිපතියෙකුගේ තර්කය. ගරුකිරීම සහ අවිහිංසාව පිලිබඳ ඔහුගේ සියලු‍ කුහක ආයාචනා තිබියදී, ඔහු සිය කප්පාදු සැලසුම් කර ඇත්තේ, ගෞරවයෙන් නොව, වැඩ කරන ජනගහනයෙන් අති බහුතරයකගේ අදහස් හා ආර්ථික අවශ්‍යතා කෙරෙහි අවඥාවෙනි. ඔහු දැන් උත්සාහ කරන්නේ, මෙම කප්පාදුව පාර්ලිමේන්තු මුද්‍රාව සහිතව තල්ලු‍ කර ගැනීමෙන්, කම්කරුවන් දුප්පත් කමට ඇද දැමීමටත් කම්කරු පන්තියේ විරුද්ධත්වය මැඩපැවැත්වීමටත්ය.

මැක්‍රොන් “කහ බැනියම්” විරෝධතා කරුවන් 10,000 කට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයවා ඇතිවා පමනක් නොව, සීනෙබ් රෙඩොආන් සහ ස්ටීව් කැනියෝ ඝාතන හා වැඩිහිටි විරෝධතාකරුවෙකු වන ජෙනිවිව් ලෙගෙයිට පහරදීම සම්බන්ධ පොලිස් ඒකක වර්නනා කරයි. මාරාන්තික ප්‍රචන්ඩත්වය ඉවසනවා පමනක් නොව, ඒ සඳහා ත්‍යාග පිරිනැමෙන බව පොලිසියට පෙන්වීම ද ඔහුගේ අරමුන විය. දෙවන ලෝක යුද්ධය අතරතුර දී ජන සංහාරක හා යුදෙව් විරෝධී ප්‍රන්ස ෆැසිස්ට් ආඥාදායක පිලිප් පෙටේන් ”‍ශ්‍රේෂ්ඨ මිලිටරි නායකයෙක්” ලෙස හඳුන්වා දීමට දේශපාලන වරදකරු වීමෙන් එය සලකුනු කෙරේ. ඒ 2008 වසරේය.

මැක්‍රොන්ට සහ ජාත්‍යන්තර බැංකුවලට එරෙහිව මූලික සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට ද කම්කරු පන්ති සංස්ථා අතට රාජ්‍ය බලය දිනාගැනීමේ අරගලය සඳහා ද ප්‍රන්සයේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැඟීම අවශ්‍ය වේ.

Share this article: