මිලියන ගනන් ප්‍රන්සයේ පෙලපාලි දක්වද්දී මැක්‍රොන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහි වැඩ වර්ජන පැතිර යයි

Millions march in France as strikes against Macron pension cut spread

ඇන්තනි ටොරස් සහ ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2020 ජනවාරි 10

ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ට සහ ඔහුගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව ප්‍රන්සයේ මාසයක් තිස්සේ පවතින ප්‍රවාහන වැඩ වර්ජනය මධ්‍යයේ, මිලියන සංඛ්‍යාත ජනතාවක් වැඩ වර්ජන හා විරෝධතාවල නිරත වූහ. නව වසර තුල වෘත්තීය සමිති විසින් බලය පවරනු ලැබූ පලමුවැන්නවූ මෙම ජාතික විරෝධතා දින වැඩ වර්ජනයට සැලකිය යුතු නව කොටස් එක්වුන අතර, මහජන විරෝධය නොතකා සිය කප්පාදුව පෙරට ගෙනයාමට මැක්‍රොන් ගත් පියවර ගැන වැඩ වර්ජකයන් අතර දැඩි කෝපයක් පල විය.

දෙසැම්බර් 31 වන දින රූපවාහිනියෙන් විකාශනය කරන ලද අලු‍ත් අවුරුදු ශුභ පැතුම් කථාවේදී මැක්‍රෝන්, විශ්‍රාම වැටුප් කප්පාදුවේ කිසිදු වෙනසක් සිදු නොකරන බව අවධාරනය කල අතර, සඳුදා එම කප්පාදුව රාජ්‍ය මන්ත්‍රන සභාවට කෙටුම්පත් ව්‍යවස්ථාවක් ලෙස යවා ඒවා ඡන්ද විමසීමක් සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් විය. මෙම තීරනය මගින් ආන්ඩුව සහ වෘත්තීය සමිති අතර අද විවෘත වන නව වටයේ සාකච්ඡා වල නිෂ්ඵල බව අවධාරනය කෙරේ. මැක්‍රොන්ට ඔහුගේ කප්පාදුව සුලු‍වෙන් හෝ වෙනස් කිරීමේ අදහසක් නැත. වෘත්තීය සමිති සහ මැක්‍රොන් යන දෙපාර්ශවයම, ඔහුගේ හෘද සාක්ෂියට ආයාචනා කිරීමෙන් ගමන් මග වෙනස් කිරීමට ඔහු පෙලඹවිය හැකිය යන ව්‍යාකූලත්වය වැඩ වර්ජකයන්තුල වැපිරීමට උත්සාහ දරති.

“පැරිස් මහාපරිමාන සංක්‍රමණ කම්කරුවන්: විශ්‍රාම වැටුප් කප්පාදුව එපා ”

මැක්‍රොන් පලවා හැරීම සඳහා කරන ලද ඉල්ලීම් මධ්‍යයේ, පිරිපහදු කම්කරුවන්, වරාය සහ සමහර එයාර් ප්‍රන්ස සේවකයින්, දෙසැම්බර් 5 වන දා දුම්රිය, පොදු ගමනාගමන, රජයේ පාසල් සේවකයින්ගේ වැඩ වර්ජනයට එක්විය. මෙය 1968 මැයි-ජූනි මහා වැඩ වර්ජනයෙන් පසුව ප්‍රන්සයේ ඇතිවූ දීර්ඝතම අඛන්ඩ වැඩ වර්ජනයයි. කප්පාදුව නැවැත්වීම සඳහා මෙම ව්‍යාපාරයට ඇති එකම මාර්ගය, මැක්‍රොන් සමඟ සාකච්ඡා කරන වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ඔහුගේ ආන්ඩුව පෙරලා දැමීම සඳහා සවිඥානික අරගලයක් දියත් කිරීමයි.

වරාය කම්කරුවන් අතර වැඩ වර්ජනය සඳහා වැඩිවෙමින් ඇති බලපෑමට මුහුන දෙමින් වරාය වෘත්තීය සමිතිවලට ඔවුන්ගේ මූලික වැඩ වර්ජන සැලැස්ම, දින 1 සිට 3 දක්වා දීර් ඝ කිරීමට බල කෙරුනි. ආනයන ආහාර ද්‍රව්‍ය නැව් තටාක මත ගොඩ ගැසී ඇති අතර ප්‍රන්ස ඇන්ටිලීස් හි ආහාර හිඟය පිලිබඳ දැනටමත් වාර්තා පලව ඇත. ප්‍රන්සයේ අගනගරයේ වරාය වැඩ වර්ජනය පිරිපහදුවල වැඩෙන වැඩ වර්ජන ව්‍යාපාරය මත සමීපව රඳා පවතින අතර අඟහරුවාදා පුද්ගල පිරිපහදුවල වැඩ වර්ජන ආරම්භ වීමෙන් පසුව මේ අටම ජාතික වැඩ වර්ජන ව්‍යාපාරයට සම්බන්ධව තිබේ.

“වැඩ වර්ජනයට දින 36, අපි කිසිවක් අත්හරින්නේ නැහැ”

වෘත්තීය සමිතිවල නිෂ්ක්‍රීයත්වය තිබියදීත්, කම්කරුවන් හා තරුනයින්ගේ පුලුල් කොටස් මැක්‍රොන්ට එරෙහි අරගලයට එක්වීමට උත්සාහ කරති. පොයිසි හි පීඑස්ඒ වාහන කම්හලේ කම්කරුවන් පැරිස් පාගමනට එක් වූ බව වාර්තා වන අතර සොර්බෝන් සහ නැන්ටෙරේ විශ්ව විද්‍යාල අවහිර කිරීම සඳහා ඇමතුම් පැතිරෙමින් පවතී. නීතිඥයින්ගේ වෘත්තීය සංවිධානය වන ජාතික නීතිඥ කවුන්සිලය (සීඑන්බී) ද වාර්තා කලේ එහි සාමාජිකයින් 77,000 ක් කප්පාදුවට එරෙහිව වැඩ වර්ජනය දිගටම කරගෙන යාමට විශාල වශයෙන් ඡන්දය දී ඇති බවයි.

වෘත්තීය සමිති සංඛ්‍යාලේඛනවලට අනුව, ගුරු කාර්ය මන්ඩලයේ සියයට 40 කට වැඩි පිරිසක් වැඩ වර්ජනය කර ඇත. ප්‍රවාහන වැඩ වර්ජනය අඛන්ඩව සිදු වේ. ප්‍රන්ස ජාතික දුම්රිය (එස්එන්සීඑෆ්) කලමනාකාරිත්වයට අනුව ඊයේ දිනයේ දුම්රිය රියදුරන්ගෙන් සියයට හැට හතක් සහ දුම්රිය පාලකයන්ගෙන් සියයට 58 ක් වර්ජනය කල අතර ස්වයංක්‍රීය පැරිස් එම් ඇට්‍රෝ හි මාර්ග 1 සහ 14 හැරුනු විට අනෙක්වායේ, තද බදය සහිත කාලයන් තුල අවම සේවය පමනක් ලබා ගත හැකි විය.

මෙම තත්වයන් යටතේ කම්කරුවන් මුහුන දෙන තීරනාත්මක ප්‍රශ්නය, මැක්‍රොන් සමඟ ගනුදෙනුවක් සඳහා බංකොලොත් වූ ජාතික ඉදිරිදර්ශනයක් ප්‍රවර්ධනය කිරීම මගින් අරගලය ප්‍රමාද කර, වර්ධනය මන්දගාමී කරන වෘත්තීය සමිති අතින් එය සියතට ගැනීමයි. ඉදිරි මාවත, ධනේශ්වර ක්‍රමයට එරෙහිව කම්කරු බලය සඳහා වන අරගලයක කොටසක් ලෙස වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු ගොඩනඟමින්, වැඩ වර්ජකයන්, “කහ බැනියම්” ව්‍යාපාරය සහ මැක්‍රොන් ආන්ඩුවට එරෙහි අරගලයේ යෙදෙන තරුන තරුනියන් එක්සත් කිරීමයි.

“සෑම දෙයක්ම කල හැකියි[1936 මහ වැඩවර්ජනයේ සටන්පාඨ] රාජ්‍යය මාෆියාව වේ

විප්ලවවාදී ඇඟවුම් සහිත සෑම මහද්වීපයකම පන්ති අරගලයේ අඛන්ඩ, ජාත්‍යන්තර නැගිටීමක කොටසක් වන, ප්‍රන්සයේ වැඩෙන වැඩ වර්ජන ව්‍යාපාරය විප්ලවවාදී ඇඟවුම් ගැබ්කර ගනී. ඉරාකයේ මහජන විරෝධතා බැග්ඩෑඞ්හි එක්සත් ජනපද තානාපති කාර්යාලය අත්පත් කර ගැනීම කරා ගමන් කල අතර ජනවාරි 3 වන දින ඉරාන ජෙනරාල් කසෙම් සුලෙයිමානි ඝාතනය කල එක්සත් ජනපද ඩ්‍රෝන් ප්‍රහාරයෙන් පසුව එය තවත් උග්‍ර අතට හැරී තිබේ. පසු ගිය වසරේ එක්සත් ජනපද මෝටර් රථ සේවකයින් සහ ගුරුවරුන් විසින් සිදුකරන ලද විශාල වැඩ වර්ජනවලින් පසුව කෝටි සංඛ්‍යාත කම්කරුවෝ ඉන්දියාවේ වැඩ වර්ජනය කරති. මේ තත්වය හමුවේ, යුද්ධයේ අන්තරායට එරෙහිව කම්කරු පන්තිය ජාත්‍යන්තරව බලමුලු‍ ගැන්වීම සහ මූල්‍ය වංශාධිපතිත්වය අස්වාමික කිරීම තීරනාත්මකය.

වෘත්තීය සමිති විසින් සපයන ලද සංඛ්‍යාලේඛනවලට අනුව ඊයේ ප්‍රන්සයේ නගරවල කම්කරුවන් හා තරුනයින් මිලියන 1.3 ක් පෙලපාලි වලට සහභාගී වූහ. 100,000 කට අධික පිරිසක් පෙලපාලි ගිය පැරිසියේදී, පොලිසිය දිගින් දිගටම විරෝධතාකරුවන්ට චෝදනා කරමින්, 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන, විරෝධතාකරුවන්ට රබර් උන්ඩ යොදා වෙඩි තැබුවේය. මාර්සෙයිල්, ලියොන්, බෝඩෝ සහ ටූලූස් ඇතුලු අනෙකුත් ප්‍රධාන නගරවල ලක්ෂ ගනනක් පෙලපාලි දැක්වූහ.

ලෝසවෙඅ සමඟ කතා කල වැඩ වර්ජකයන් අතර, මැක්‍රොන් සමඟ කප්පාදු සාකච්ඡා කරන වෘත්තීය සමිති විසින් නායකත්වය දෙන සංකේතාත්මක ජාතික විරෝධතාවල මල පුඩුවෙන් මිදීමට නව උපාය මාර්ගයක් හා විප්ලවීය ඉදිරිදර්ශනයක් අවශ්‍ය බවට වැඩෙන හැඟීමක් තිබේ.

ගුයිලූම්

විරෝධතාවලට එක්වීම සඳහා වැඩ වර්ජනය කල පෞද්ගලික අංශයේ තොරතුරු තාක්ෂන සේවකයෙකු වන ගුයිලූම් කියා සිටියේ, කම්කරුවන්ට හිතකර විශ්‍රාම වැටුප් ගනුදෙනුවකට මැක්‍රොන් කිසි විටෙකත් එකඟ නොවන බවයි. “ඊට පටහැනිව, එය කිසිසේත්ම ඔහුගේ මනාපය නොවේ. ඔහු ආරක්ෂා කරන්නේ කම්කරුවන්ගේ නොව ධනවතුන්ගේ අවශ්‍යතා ය. මම හිතන්නේ ඔහුගෙන් ඕනෑම දෙයක් ඉල්ලීම සම්පූර්නයෙන්ම මනෝරාජික බවයි.”

එක්සත් ජනපදය සුලෙයිමානි ඝාතනය කිරීමෙන් පසු වර්ධනය වන යුද අවදානම පිලිබඳව ගුයිලූම් සිය කනස්සල්ල අවධාරනය කලේය. “සිරියාව, මාලි හෝ ඉරාකය වැනි රටවල සිවිල් වැසියන් හෝ සිය පාර්ශවකරුවන් ඝාතනය කිරීම, ඇමරිකානුවන් විසින් හෝ ජනාධිපති ෆ්‍රාන් ඔයිස් හොලන්ඞ් යටතේ ප්‍රන්සුවන් විසින් හෝ කරන එක කිසිසේත්ම අනුමත කල නොහැක. එවැන්නකට කිසිදු නීතිමය පදනමක් නැත. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පිලිබඳ දෘෂ්ටි කෝනයෙන් ගත් කල එය නොඉවසිය හැකිය. ”එක්සත් ජනපද බෝම්බ හෙලීම් සහ ඉරානයට එරෙහි යුරෝපීය තර්ජන සමඟ දේශපාලන ක්‍රමය “සියදිවි නසාගැනීමේ සර්පිලයකට හසු වී ඇති ” බවට ඔහු අනතුරු ඇඟවීය.

මුරියෙල්

රෝහල් සේවිකාවක් වන මුරියෙල් කියා සිටියේ, වෘත්තීය සමිති හා මැක්‍රොන් අතර සාකච්ඡාවලින් කිසිවක් එලියට එනු ඇතැයි තමන් අපේක්ෂා නොකරන බවයි: “එය ඒකාධිපති ආන්ඩුවක්. එබැවින් මැක්‍රොන් පෙරලා දැමිය හැක්කේ අප සියලු‍ දෙනාගේ පොදු අරගලයකට පමනක් යැයි මම සිතමි. ඔහු රාජ්‍යයේ අධිකාරය සමඟ සෙල්ලම් කිරීමට උත්සාහ කරන අතර ඔහු අපව බිය ගැන්වීමට උත්සාහ කරයි. නමුත් අප සියල්ලන්ම එකට එකතු වුවහොත් අපට ජයග්‍රහනය කල හැකි බව අප වටහාගත යුතුය. ”

රෝහල්වල, “සේවා කොන්දේසි විනාශකාරී ය, අප ජීවත් වන්නේ දරිද්‍රතා වැටුප් මතය. රැකියාවේදී අප සියල්ලන්ම දුක් විඳිනවා. දැන් මෙම විශ්‍රාම වැටුප් කප්පාදුව සමඟ තවත් එක් ප්‍රහාරයක් අප මතට එල්ල වෙනවා. ඔවුන් අපට තවත් කාලයක් වැඩ කිරීමටත් අඩු විශ්‍රාම වැටුපක් ගෙවීමටත් සැලසුම් කරනවා. නමුත් අද වන විටත් විශ්‍රාමික සෞඛ්‍ය සේවා කාර්ය මන්ඩලයේ අය මොකක් හෝ අමතර වැඩක් සොයාගෙන රෝහල් වෙත පැමිනෙනවා. ඒ දැනට ලැබෙන විශ්‍රාම වැටුප දෙකොන ගැටගසා ගැනීමටවත් ප්‍රමානවත් නැති නිසයි”.

ප්‍රන්සයේ සහ ජාත්‍යන්තරව වර්ධනය වන සමාජ අසමානතාවය සහ ප්‍රකෝටිපතියන්ගේ ධනය ඉහල යාම පිලිබඳව මුරියෙල් මෙසේ පැවසීය: “ඕනෑ තරම් මුදල් තිබේ, අප එය තිබෙන තැනින් ගත යුතුය. මැක්‍රොන් අලු‍ත් අවුරුදු සුබ පැතුම් ගෙන එමින් කියා සිටියේ ආර්ථික වර්ධනය ඉහල නැංවීම සඳහා සියලු‍ කැපකිරීම් කල යුතු බවයි. නමුත් ප්‍රන්සයේ විශාලතම සමාගම් 40 හි ලාභ වාර්තා දෙස බැලු‍වහොත් ඔවුන් දැවැන්ත ලෙස ලාභ ලබයි. රැකියාවේදී අප මැරීගෙන වැඩ කල යුතුයි.”

ජීන් පිලිප්

උසස් පාසලේ සිටියදී 1968 මහා වැඩ වර්ජනයට සම්බන්ධ වූ විශ්‍රාමිකයෙකු වන ජීන් පිලිප් මෙසේ පැවසීය: “මම හිතන්නේ දැන් නැවතත් කම්කරුවන් වෘත්තීය සමිතිවල පාලනයෙන් මිදීමට පටන් ගෙන ඇති අතර, රාජ්‍ය ගැති වෘත්තීය සමිති වලින් පමනක් නොව කම්කරු මහා සම්මේලනයෙන් ද වෙන්වෙන්නට පටන් අරන්. 1968 වැඩ වර්ජනය විකුනා දැමුවේ ස්ටැලින්වාදී සමිති විසිනි. “ඇත්ත වශයෙන්ම වෘත්තීය සමිතිවලට දැනටමත් පාලනය අහිමි වී ඇතැයි මම සිතමි. අවංකවම, මම කවදාවත් වෘත්තීය සමිතිවලට සම්බන්ධ වූයේ නැත, මන්ද ඔවුන්ගෙන් කිසිවක් බලාපොරොත්තු විය නොහැකි බව මම දන්නා නිසාය. ඔවුන් දේශපාලඥයන්ගෙන් වෙනස් නැත.

“මැක්‍රොන් නියෝජනය කරන්නේ බැංකුවල අන පමනයි. දූෂන මට්ටම විශ්වාස කල නොහැකි තරම් වන අප ඇත්තටම නම් සිටින්නේ කෙසෙල් ජනරජයක ය. .. ඔහුගේ මුලු ආන්ඩුවම එක නූලකින් එල්ලී ඇති අතර එය පොලිස් ප්‍රචන්ඩත්වයයි. ඔවුන් බලයේ රැඳී සිටීමට වෙනත් ක්‍රමයක් දකින්නේ නැහැ.”

මහා වැඩ වර්ජන හා මහජන විරෝධය හමුවේ මැක්‍රොන් ව්‍යවස්ථාදායකය තුලින් කප්පාදුව සම්මත කරගතහොත් එහි ප්‍රතිපලය සමාජ පිපිරීමක් වනු ඇතැයි තමා සිතන බව ජීන් පිලිප් පැවසීය. “එය සම්මත නොවනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි,”‍ ඔහු පැවසීය. “මේ වන විට විරෝධතාකරුවන් සාමකාමීය. එහෙත් පොලිසිය දිගින් දිගටම මේ ආකාරයට ක්‍රියා කලහොත් තත්වය නරක අතට හැරෙනු ඇත. අපි විරෝධතා දක්වන සෑම අවස්ථාවකම, මේ කිසි කමකට නැති මිනිසුන් අපට පහර දෙයි. 1968 දී දුටු නිසා මම කිසි විටෙකත් සාමවාදය විශ්වාස නොකරන්නෙමි.”

Share this article: