ට්‍රම්ප් කල් යල් බලමින් සිටියත් ඉරානයට එරෙහි යුද්ධය සූදානම් කිරීම දිගටම කෙරෙනු ඇත

Trump bides his time, but the preparations for war against Iran will continue

2020 ජනවාරි 9

ඉරාකයේ එක්සත් ජනපද (එජ) කඳවුරුවලට එරෙහිව බැලිස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව එජ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් බදාදා කල කතාව සංගත මාධ්‍යය විසින් ප්‍රසංසාවට පත් කෙරුනේ ව්‍යසනකාරී නව ලෝක අධිරාජ්‍යවාදී යුද්ධයක් අද්දරට ලෝකය ගෙන ආ ආතතීන් ලිහිල් කිරීමක් වශයෙනි.

“ට්‍රම්ප් ඉරානය සමඟ තවදුරටත් මිලිටරි ගැටුම් වලින් පසුබසියි” යැයි නිව්යෝක් ටයිම්ස් ප්‍රකාශ කලේය. සීඑන්එන් කියා සිටියේ එජ ජනාධිපති ඉරානය සමඟ “ගැටුම කරාවූ මාවතෙන්” ඉවත්ව යන බවයි. “සහනය” ගැන සහ යුද මෙහෙයුමෙහි “තියුනු බව අඩුවීමක්” පෙනෙන්නට තිබුනු බව අන්‍යයෝ කථා කලහ.

යුද තර්ජනය පහව යන බවට සියලු‍ කතා වල විශ්වසනීයත්වයේ මාත්‍රයක් පවා නැත. ඉරානයට “ශ්‍රේෂ්ඨ අනාගතයක්” සඳහා වූ ඔහුගේ ආශාව සහ “සාමය සොයන සියලු‍ දෙනා සමඟ සාමය වැලඳ ගැනීමට ඇති සූදානම” පිලිබඳ ව ට්‍රම්ප් ගේ කතාවල මුසාවන්ට වඩා වෛෂයික පදනමක් එයට නැත.

ඔහුගේ ප්‍රකාශයේ සියලු‍ අත්‍යවශ්‍ය කරුනු පැහැදිලි කරනා පරිදි, ටෙහෙරානය සහ ප්‍රධාන ලෝක බලවතුන් අතර න්‍යෂ්ටික ගිවිසුම ට්‍රම්ප් විසින් 2015 දී අවලංගු කිරීමත් සමඟ ආරම්භ කෙරුනු යුද තර්ජනය තීව්‍ර වෙමින් පවතී. කිසිවෙකුටත් ඒ ගැන කිසිදු සැකයකට ඉඩ තබා ගත යුතු නැති වන්නේ ඉරානයට එරෙහි ඍජු මිලිටරි ප්‍රහාරයක් තාවකාලිකව කල් දමනු ලැබ ඇතත්, ඒ නිසාවෙන්ම එය පැමිනෙන විට එය වඩාත් ලේ වැකි හා විනාශකාරී වනු ඇති බවයි.

ජෙනරාල් සුලෙයිමානිගේ ඝාතනයට ප්‍රතිචාර වශයෙන් ඉරානයේ ප්‍රහාරය පැහැදිලිවම තුවාලකරුවන් බිහිකිරීමට අදහස් නොකෙරිනි. එහෙත් වොෂින්ටනය මෙය සලකන්නේ “ප්‍රති- තීව්‍ර” කිරීම සඳහා හේතුවක් ලෙස නොව එහි මූලෝපායික අරමුනු කරා යාමේ උපායශීලී අවස්ථාවක් ලෙස ය. එජ පූර්න යුද්ධයකට සූදානම් නැති කොන්දේසි යටතේ ඇමරිකානුවන්ට තුවාල සිදු නොවීම යන කාරනාව විසින් ක්ෂනික ප්‍රතිප්‍රහාරයකට අනදීම සඳහා වූ ට්‍රම්ප් මත පීඩනය අඩු කලේය. සුලෙයිමානි ඝාතනය කිරීම සඳහා ට්‍රම්ප් නියෝගයේ හදිසිභාවය නිසා එජ හමුදාවට ආක්‍රමනශීලී හමුදා නැවත ස්ථානගත කිරීමක් සඳහා නම් කාලය නොමැති විය. ඊලඟ අනිවාර්ය ප්‍රකෝපකරනය සිදු කරන විට, එම උපායික දුබලතාවයට පිලියම් යොදා තිබෙනු ඇත.

ට්‍රම්ප්ට පැවසීමට තිබූ බොහෝ දෑ ඉරානය සහ ජෙනරාල් කසිම් සුලෙයිමානි යන ද්විත්වයම හෙලා දකිමින් හා අපහාසයට ලක් කරමින් කලින් කල කථාවලින් හා ට්වීට් පනිවිඩවලින් ප්‍රතිචක්‍රීකරනය කරන දෑ විය. නමුත් ට්‍රම්ප් පැවසූ ඕනෑම දෙයකට වඩා වැදගත් වන්නේ ඔහුගේ කතාව වේදිකා ගත කල ආකාරයයි. පෙර නොවූ විරූ ලෙස ව්‍යවස්ථාමය පිලිවෙත් (ප්‍රොටෝකෝලය) උල්ලංඝනයක කරමින්, ට්‍රම්ප් ජාතිය ඇමතුවේ නිල ඇඳුමින් සැරසුනු ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානීන් සියලු‍ දෙනා මෙන්ම උප ජනාධිපති මයික් පෙන්ස්, රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් පිරිවරාගෙනය. මීට පෙර පැවති සෑම විශාල අර්බුදයක් හෝ හමුදා මැදිහත්වීමකදීම ඒ පිලිබඳ නිවේදනය ඕවල් කාර්යාලයේ ඔහුගේ මේසය පසුපසින් අසුන්ගත් ජනාධිපතිවරයකු විසින් සිදු කෙරින. මෙම දසුනෙන් අදහස් කෙරුනේ ට්‍රම්ප් මිලිටරි ජුන්ටාවක නායකයා ලෙස ඉදිරිපත් කිරීමය.

මෙවර හමුදා පෙනී සිටීම මගින් යැවීම කල පනිවිඩය කුමක්ද? ට්‍රම්ප් වේදිකාවට ඇවිද යෑමෙන් පසු ඔහුගේ ප්‍රකාශයට හිටි අඩියේ පෙරවදනක් ඉදිරිපත් කලේය: “මම එක්සත් ජනපදයේ ජනාධිපති වන තාක් කල් ඉරානයට න්‍යෂ්ටික අවියක් තබා ගැනීමට ඉඩ දෙනු නැත.” “සුබ උදෑසනක්” යැයි පැවසීමටද පෙරම, ඉරානය මත තව ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ප්‍රධාන කඩතුරාවක් ඔහු ඉදිරිපත් කලේ ඒ අයුරිනි.

ට්‍රම්ප් කෙරෙන් දිස්වූයේ තමාව පාලනය කර ගැනීමට වෙර දරන මිනිසෙකුගේ පෙනුමකි. ඔහුගේ මුහුන රතු වී තිබූ අතර ඔහු දැඩි ලෙස හුස්ම ගනිමින් සිටියේය. ප්‍රසිද්ධව පෙනී සිටීමට පෙර දොර වැසූ කාමර තුල කෝපාවිෂ්ට වාද-විවාද තිබිනි යයි නිගමනය කිරීමෙන් වැලකී සිටීම දුෂ්කර ය.

“පෙර කිසිම විටෙක ටත් වඩා දරුනු ලෙස ඔවුන්ට පහර දෙනවා” යනුවෙන්ද, “ඉරානය විසින් ඕනෑම එක්සත් ජනපද පුද්ගලයෙකුට හෝ ඉලක්කයකට පහර දෙන්නේ නම් එක්සත් ජනපදය ඉක්මනින් හා සම්පූර්නයෙන් ආපසු ප්‍රති ප්‍රහාර දෙනු ඇත, සමහර විට අසමානුපාතික ලෙස යනුවෙන්, එක්සත් ජනපද කොන්ග්‍රසයට ” ට්විටර් මගින් දැනුම් දෙමින් ද, පසුගිය සතියේ ඔහු තර්ජන ගනනාවක්ම එල්ල කර තිබින.

ට්‍රම්ප් තම තර්ජන සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අපොහොසත් වූයේ ඇයි? එයට වඩාත් විය හැකි හේතුව වන්නේ ඉක්මන් ක්‍රියාමාර්ගයක් හේතුවෙන් හමුදා ව්‍යසනයක් සිදුවිය හැකි බවට ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානීන් විසින් ට්‍රම්ප්ට අනතුරු ඇඟවීමයි.

සිට තුර්කිය දක්වා ඉරානයේ දේශසීමා වල යොදවනු ලැබ ඇති එජ භටයන් 70,000 ක් පමන සමග කලාපයේ ස්ථානගත කර ඇති තවත් දස දහස් ගනනක් හමුදා කොන්ත්‍රාත් කරුවන් සහ නාවික හමුදා භටයින් ආරක්ෂාව සූදානම් කිරීමට පෙන්ටගනයට කාලය අවශ්‍ය වෙයි. මීලඟ වටයේ එජ ප්‍රහාරයන්ට පිලිතුරු ලැබෙනු ඇත්තේ එජ කඳවුරු, ගුවන් තොටුපලවල්, යුධ නැව් සහ ගුවන් යානා ගෙන යන නැව් මතට එල්ල කරන ඉරාන මිසයිල වැස්සකින් බව එජ හමුදාව දනී. 1991 සහ 2003 දී වඩාත්ම අඩු බලසම්පන්න සතුරෙකු වූ ඉරාකයට එරෙහි එජ යුද්ධ වලදී ඒ සදහා සූදානම් වීමට වොෂිංටනයට මාස කිහිපයක් අවශ්‍ය විය.

වොෂිංටන්හි යුද සැලසුම්කරුවන්ගේ දේශපාලන සලකා බැලීම් ද තිබේ. දෙවන ලෝක යුද්ධයේ අවසානයෙන් පසු නොදුටු මට්ටමේ ප්‍රචන්ඩත්වයන් සඳහා ජනගහනය මානසිකව හැඩගැස්වීම සඳහා සහ යුද වාදී ප්‍රචාරයන් ප්‍රවර්ධනය කර ගැනීම සඳහා වැඩි කාලයක් අවශ්‍ය වේ. කීකරු සංගත මාධ්‍යයන්හි පිටුබලය සහිතව, මෙම ප්‍රචාරක ව්‍යාපාරයට එක්සත් ජනපදය විසින් න්‍යෂ්ටික අවි භාවිත කිරීම පිලිගැනීම සඳහා ඇමරිකානු ජනතාව හැඩගැස්වීම සදහා උත්සාහයන්ද ඇතුලත් වනු ඇත. විශේෂයෙන් කම්කරු පන්තිය ලොව පුරා මහජන අරගලවලට අවතීර්න වෙමින් සිටින විට තතු තුල , සුලෙයිමානිගේ ඝාතනයෙන් ඇවිස්සුනු ඉරානයේ සහ මැදපෙරදිග රටවල පැවති මහජන විරෝධතා, එජ පූර්න යුද්ධයකින් මුදා හරිනු ඇති කැලඹීම් පිලිබඳ ඇඟවීමක් සපයයි.

ට්‍රම්ප්ගේ කතාවේ ඇති හුදෙක් වැදගත් අංග දෙක වූයේ “අමතර දන්ඩනීය ආර්ථික සම්බාධක” පැනවීමට ඔහු දුන් පොරොන්දුව සහ නේටෝව “මැද පෙරදිගට බෙහෙවින් වැඩිව නිමග්න වීමට” ඔහු කල බල කිරීමයි.

නව සම්බාධක පිලිබඳව කිසිදු තොරතුරක් ලබා දී නොමැති අතර, ඉරානයේ ආර්ථිකය බිඳ දැමීමට සහ එහි ජනතාව සාගින්නෙන් පෙලා යටත් කර ගැනීම සඳහා වන “උපරිම පීඩනය” දැමීමේ ව්‍යාපාරය තවත් තීව්‍ර කිරීමට වොෂින්ටනයට තව කොපමන දුරට හැකි වේදැයි සිතීම දුෂ්කර ය.

නේටෝව සම්බන්ධයෙන් ගත් කල, වොෂින්ටනය යලිත් වරක් 2003 දී මෙන් “කැමතිවුන්ගේ හවුලක්” එක්රැස් කිරීමට වෑයම් කරයි. සාපරාධී යුද්ධයක් සඳහා වන තම සූදානම තුලට යුරෝපීය බලවතුන් ගෙන ඒමට හැකි යැයි විශ්වාස කිරීමට සෑම හේතුවක්ම එයට තිබෙන්නේ, සුලෙයිමානිගේ ඝාතනයට ඔවුන්ගේ බියගුලු ප්‍රතිචාර දැක්වීමේදී ඔවුන් සිය සියලු‍ හෙලාදැකීම් ටෙහෙරානය වෙත සංකේන්ද්‍ර කල තතු තුලය. එජ අධිරාජ්‍යවාදය මෙන්ම ධනවාදී යුරෝපය ද තමන්ගේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා සහ නැගී එන සමාජ ආතතීන් විසින් යුද්ධයට තල්ලු‍ කරනු ලබයි..

ඉරානයට එරෙහි යුද්ධයකදී නොවැලැක්විය හැකි ලෙසම රට තුල ඉතාම මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහෝසි කිරීමද සමඟ සිදුවනු ඇත. ඉහල හමුදා නිලධරය ඉදිරියේ ට්‍රම්ප්ගේ කතාවේ අසාමාන්‍ය ඡේද වලින් එකක් වූයේ, ඔබාමා පාලනාධිකාරය එජ ගිනුම්වල තිබූ ඉරාන තැන්පතු නිදහස් කල 2015 න්‍යෂ්ටික ගිවිසුමට අත්සන් තැබීම මගින් ත්‍රස්තවාදයට අරමුදල් සපයමින් එජ කඳවුරුවලට වෙඩි තැබූ මිසයිල සඳහා මුදල් ගෙවීය යන චෝදනා ය. මෙය වනාහි හිටපු ඇමරිකානු ජනාධිපතිවරයෙකුට එරෙහි රාජද්‍රෝහී චෝදනාවකට සමාන වන අතර මෙය ඇමරිකානු කම්කරුවන් හා තරුනයින් අතර යුද්ධයට එරෙහි මහජන විරෝධයට එජ රජය කටයුතු කරනු ඇත්තේ කෙසේද යන්න පිලිබඳ පූර්ව-අත්දැකීමකි.

ඉරානයට එරෙහි එජ යුද්ධයක් මීට වසර 17 කට පමන පෙර කලාපයට සිදු වූ මහා විනාශය ද, ඉරාකයට එරෙහි යුද්ධයෙන් මිලියනයකට වඩා මිය යාමද බොහෝ සෙයින් ඉක්මවා යනු ඇත. එය මුලු කලාපය හා ඇත්ත වශයෙන්ම මුලු ලෝකයම ඒ තුලට ඇද ගැනීමට තර්ජනය කරනු ඇත.

මේ විසින් වොෂින්ටනය මෙම යුද්ධය දියත් කිරීම වලක්වනු ඇතැයි යන මායාවට කිසිවකුත් යන්තම් හෝ යට නොවිය යුතුය. 1938 හි ට්‍රොට්ස්කිගේ වාක්‍ය-ඛන්ඩය භාවිතා කලහොත් එජ පාලක පන්තිය “ව්‍යසනය දෙසට .......... හිමයානයන් දෑස් වසාගෙන ලු‍හුටායම” දෙස ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාව, සංත්‍රාසයෙන් බලාගෙන සිටිති.

ඉරානයට එරෙහි ට්‍රම්ප්ගේ මිලිටරි ප්‍රහාර ප්‍රමාද කිරීම සාමය කරා යන මාවතක් විවර කරන බවට වන සියලු‍ ප්‍රකාශයන්, වසර 30 ක් තිස්සේ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියට හේතු වී ඇති යටින් පවතින අර්බුදයෙන් ට්‍රම්ප්ගේ ක්‍රියාමාර්ගයන් වෙන් කිරීමේ වැරැද්ද සිදු කරයි.

පසුගිය දින දෙක තුල සිදු වූ කිසිවක් එජ යේ මිලිටරි අරමුනු වෙනස් කර නැත. මෙම සතියේ අර්බුදය ඇති කල භූ-දේශපාලනික අවශ්‍යතාවයන් නව ඒවා ගෙන එනු ඇත.

මෙම යුද තර්ජනය වනාහි 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු එජ අධිරාජ්‍යවාදය විසින් අනුගමනය කරන ලද සමස්ත සාහසික මිලිටරිවාදී ප්‍රතිපත්තියේ අවසාන ප්‍රතිඵලයයි. ඇෆ්ගනිස්ථානය සහ ඉරාකයේ සිට ලිබියාව සහ සිරියාව දක්වා ආක්‍රමනකාරී යුද සහ පාලන තන්ත්‍ර මාරු කිරීමේ මෙහෙයුම් මාලාවක්, වොෂිංටනයේ මූලෝපායික අරමුනු කිසිවක් සාක්ෂාත් කර නොදී ව්‍යසනයන් පමනක් අත් කර දී තිබේ. එජ දැන් සිය හමුදා ඉරාකයෙන් නෙරපා දමනු ලැබීමේ අනාගත අවදානමකට පවා මුහුන දී සිටී.

ඉරානයට එරෙහි යුද්ධයට සූදානම් කිරීම “ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ ” සිට “මහා බල තරඟයෙන්” පැන නගින යුද්ධ සඳහා සූදානම් වීම දක්වා මාරුවීම මත පදනම්ව 2018 දී වොෂිංටන් විසින් ප්‍රකාශයට පත් කරන ලද ගෝලීය මූලෝපාය සමග, බැඳී ඇත. ටෙහෙරානයේ යටත් විජිත පන්නයේ රූකඩ පාලන තන්ත්‍රයක් ඇටවීම සහ පර්සියානු ගල්ෆ් කලාපයේ බලශක්ති සැපයුම් පාලනය කිරීම රුසියාව සහ චීනය සමඟ යුද්ධයට අත්‍යවශ්‍ය සූදානමක් ලෙස වොෂින්ටනය දකී.

තවද, ඉරානයට එරෙහි යුද්ධයක් අතිශයින් ලේ වැකි බව විය හැකි නමුත්, එය න්‍යෂ්ටික ගිනිජාලයකට සූදානම් වන පාලක පන්තියක් නතර නොකරනු ඇත.

ඉරානයට එරෙහිව යුද්ධයක් දියත් කරන්නේද නැද්ද යන්න තවදුරටත් ප්‍රශ්නයක් නොවන නමුත් ඒ කවදාද යන්න පමනක් ඉතිරි වෙයි. ගොතන ලද “ආසන්න තර්ජනයක්” මත පදනම්ව ජෙනරාල් සුලෙයිමානි ඝාතනය කිරීම සඳහා කඩතුරාවක් සොයාගත් සේම, මැද පෙරදිග ඕනෑම තැනක, ඕනෑම කෙනෙකු විසින් එජ හමුදාවන්ට කරන සැබෑ හෝ ගොතා රංගගත කරන ලද ප්‍රහාරයක් හෝ “තර්ජනයක්” ඇතැයි කියාපාන තවත් ප්‍රකාශයක් මගින් හෝ අධිරාජ්‍යවාදී ආක්‍රමනය සාධාරනීයකරනය කිරීම ප්‍රමානවත් වනු ඇත.

රුසියාවට එරෙහිව ප්‍රමානවත් තරම් ආක්‍රමනශීලී නොවීම හේතුවෙන් ඔහුගේ පාලනාධිකාරයට විරුද්ධ වීමේ දී මිලිටරි හා බුද්ධි අංශවල දේශපාලන හොරනෑ ලෙස සේවය කල, බියගුලු‍ ඩිමොක්‍රටික් පක්ෂයේ ට්‍රම්ප්ට එරෙහි දේශපාලන විරුද්ධවාදීන් ලෙස පෙනී සිටින්නන් විසින් යුද්ධයක් නතර නොකරනු ඇත.

තමන් පහලින් මහජන විරෝධයට මුහුන දෙමින් සිටිද්දි පවා අධිරාජ්‍යවාදය සමඟ ගනුදෙනුවකට යාමට වෑයම් කරන ටෙහෙරානයේ ධනේශ්වර පූජක ආන්ඩුවේ උපාමාරු ද ඇතුලුව ලෝකයේ කිසිදු ආන්ඩුවක් විසින් යුද්ධය නවත්වනු නොලබනු ඇත.

යුද්ධයට එරෙහිව ලෝක ධනේශ්වරයේ තාර්කිකත්වයට කරන ඕනෑම ආයාචනයක් නිෂ්ඵල ය. මන්දයත් යුද්ධය සෘජුවම පැන නගින්නේ ධනවාදයේ අතාර්කිකත්වය සහ ජාතික රාජ්‍ය ක්‍රමය සහ ලෝක ආර්ථිකය අතර ඇති නොවිසඳිය හැකි පරස්පර විරෝධතාවයෙන් ය.

ට්‍රම්ප්ගේ ප්‍රමාද කරන උපක්‍රමය යුද්ධයට එරෙහිව සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා වන සටනෙහි කිසිදු අඩුවක් ඇති නොකල යුතුය. වඩාත්ම හදිසි හා ක්ෂනික කර්තව්‍යය වන්නේ යුද්ධයට එරෙහි අරගලය අධිරාජ්‍යවාදය අවසන් කිරීමේ මහා යුද විරෝධී ව්‍යාපාරයක් බිහිවීමට සහ සමාජවාදී පදනම් මත සමාජය ප්‍රතිසංවිධානය කිරීමට ප්‍රබල පදනමක් සපයන කම්කරු පන්ති අරගලයේ ගෝලීය නැගීම සමඟ සම්බන්ධ කිරීමයි.

බිල් වැන් ඕකන් සහ ඬේවිඞ් නෝර්ත්

සඳුදා ට්‍රම්ප්, හිජාබයක් ඇඳි කථානායිකා නැන්සි පෙලෝසි හා තලප්පාවකින් යුත් සෙනේට් සභා සුලු‍තර නායක චාල්ස් ෂුමර් සහිත ඡායාරූපයක් ඉරාන ධජයක් මත තබා “අයතුල්ලා බේරා ගැනීමට තම උපරිම උත්සාහ දරන දූෂිත ඩිමොක්‍රටිකයන්” යන ශීර්ෂපාඨය සහිත ඡායාරූපයක් නැවත යලි යලිත් කලේ ය.

ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් ස්ටෙපනි ග්‍රිෂාම් ෆොක්ස් නිවුස් හි පෙනී සිටිමින් කලින් සූදානම් කෙරුනු ප්‍රකාශයක් ලබා දුන් අතර එහි දී ඇය ප්‍රකෝප කිරීම දෙගුන කලා ය. “මම හිතන්නේ ඩිමොක්‍රටිකයන් ඉරානුවන් කියන දේ ගිරව් වගේ කියවනවා වගේ ම ඇමරිකානුවන් මරන්න ඉන්න ත්‍රස්තවාදීන්ගේ පැත්ත ගන්නවා කියලා ජනාධිපතිවරයා පැහැදිලි කරමින් ඉන්නවා” යැයි ඇය පැවසුවා ය. “මම හිතන්නේ ඩිමොක්‍රටිකයන් තමන්ට බොහොම වෛර කරන බවත් ඔවුන් ඇමරිකානුවන් මරන්න ඕනෑ කියන රටවල් වගේම ඒවායේ නායකයින්ගේ පැත්ත ගන්න කැමත්තෙන් සිටින බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා කියලා.

ඉරානයේ දෙවන ඉහල ම නිලධාරියා ලෙස සැලකෙන ඉරාන ජනරාල් කාසෙම් සුලෙයිමානි ඝාතනය කිරීමට ට්‍රම්ප් නියෝග කර ඇති හෙයින්, ට්වීට් පනිවිඩය හා පසුව කල ප්‍රකාශය ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි ප්‍රචන්ඩත්වය උසිගැන්වීමකට වඩා අඩු දෙයක් නො වේ.

රාජ්‍ය සංවිධාන තුල පවතින කටුක ගැටුම් මධ්‍යයේ ට්‍රම්ප්ගේ නවතම ප්‍රකෝප කිරීම් සිදුවන්නේ, ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග ලිපි සෙනෙට් සභා විමර්ශනය සඳහා විධිමත් ලෙස යැවීමට නියෝජිත මන්ත්‍රී මන්ඩලය අද ඡන්දය ප්‍රකාශ කරනු ඇතැ යි අපේක්ෂා කිරීමත් සමගිනි. පාලක පන්තිය තුල ඇති බෙදීම් සමග, වර්ධනය වන්නා වූ පන්ති ආතතීන් මෙන් ම අසමානතාව හා යුද්ධයට වන්නා වූ පුලුල් ව පැතිරුනු විරුද්ධත්වයක් ද පවතී. මෙම කොන්දේසි යටතේ ට්‍රම්ප් යුද්ධයට එරෙහි දේශීය විරුද්ධත්වය සාපරාධී කර නාමික විරුද්ධ පක්ෂයට “රැඩිකල් වම” හා “සමාජවාදීන්” යැයි පහර දීමේ ව්‍යාපාරයක නිරතව සිටී.

පසුගිය බ්‍රහස්පතින්දා ඔහියෝ ප්‍රාන්තයේ ටොලිඩෝ හි පැවති ෆැසිස්ට් පන්නයේ කතාවක දී, ට්‍රම්ප් මිලිටරි මැදිහත්වීම සඳහා ජනාධිපතිවරයා කොන්ග්‍රස් අවසරය ලබා ගත යුතු ව්‍යවස්ථාමය අවශ්‍යතාව සමච්චලයට ලක් කලේ ය. සුලෙයිමානිට පහරදීම පිලිබඳව කොන්ග්‍රසයට කල්තියා දැනුම් දිය නො හැකි වූ බව ඔහු සිය ආධාරකරුවන්ට කියා සිටියේ ප්‍රහාරය වැලක්වීමට හා ඉරාන නායකයා ආරක්ෂා කිරීමට ඩිමොක්‍රටිකයින් එම තොරතුරු “ව්‍යාජ ප්‍රවෘත්ති” මාධ්‍ය වෙත කාන්දු කිරීමට ඉඩ තිබුනු නිසා යැයි ඔහු පැවසී ය.

ඩිමොක්‍රටිකයන් දේශද්‍රෝහීන් ලෙස මෙලෙස හංවඩු ගැසීම අත්වැල් බැඳගන්නේ, මෙක්සිකෝව සමග තම දේශසීමා තාප්පය ගොඩනඟා ගැනීම සඳහා වන ට්‍රම්ප්ගේ නීතිවිරෝධී ජාතික හදිසි අවස්ථාවක් ඉල්ලීම, ගාල් කඳවුරුවල සංක්‍රමනිකයන් සිරගත කිරීමට සහාය වීම සඳහා හමුදා යෙදවීම, දෝෂාභියෝග විමර්ශනයට ප්‍රතිචාර වශයෙන් ඔහු “සිවිල් යුද්ධය” පිලිබඳ ව කතා කිරීම, ආන්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකේ සීමාව ඉක්මවා ධුරයේ රැඳී සිටීම පිලිබඳව ඔහු නැවත නැවතත් කල “විහිලු” සහ පොලීසිය, සොල්දාදුවන් හා සංක්‍රමනික නියෝජිතයන් අතර අන්ත දක්ෂිනාංශික පදනමක් ගොඩනැගීමට ඔහු දැරූ උත්සාහ සමගිනි.

කෙසේ වෙතත් ඩිමොක්‍රටිකයන්ගේ විරුද්ධත්වයේ ස්වභාවය ට්‍රම්ප්ට ශක්තිය සපයනවා පමනි. වඩ වඩාත් ඒකාධිපති හා ෆැසිස්ට් ප්‍රකාශයන්ට ඔවුන් දක්වන ප්‍රතිචාරය සංලක්ෂිත වන්නේ නිරර්ථකත්වය සහ උදාසීනත්වය මගිනි.

“සමාජවාදී” යැයි තෙමේ ම කියා ගන්නා බර්නි සැන්ඩර්ස් ඇතුලු එක් ප්‍රමුඛ ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු හෝ සුලෙයිමානි ඝාතනය යුද අපරාධයක් මෙන් ම එක්සත් ජනපද හා ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස හෙලා දැක නැති අතර කිසිම ඩිමොක්‍රටිකයෙකු මෙම අපරාධය හෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ඔහුගේ වෙනත් බහුවිධ ප්‍රහාරයන් හෝ දෝෂාභියෝගයේ පදනම් ලෙස ගැනීමට යෝජනා කර නැත.

කොංග්‍රස් මන්ඩලයේ ඩිමොක්‍රටිකයින් විසින් සම්මත කරන ලද ඊනියා “යුද විරෝධී” යෝජනාව බල රහිත, බැඳීමක් නැති යෝජනාවක් වන අතර එය ට්‍රම්ප්ගේ යුද්ධ කිරීමේ බලතලවලට සැබෑ සීමාවන් පනවා නැත. එය ඉරානය ත්‍රස්තවාදී රාජ්‍යයක් ලෙස හෙලා දකින අතර “ලොව පුරා අස්ථාවර කිරීමේ ක්‍රියාකාරකම්වල” ප්‍රධාන සැලැසුම්කරුවා ලෙස සුලෙයිමානි හෙලා දකී.

දෝෂාභියෝග අර්බුදය ම විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පාලක පන්තිය තුල ඇති වූ කටුක ගැටුමක ප්‍රතිඵලයක් වන අතර, එහි දී ඩිමොක්‍රටිකයින් රුසියාවට මුහුන දීමේ දී ට්‍රම්ප් ප්‍රමානවත් තරම් ආක්‍රමනශීලී නො වන බව සලකන මිලිටරි, ඔත්තු සේවා හා විදේශ ප්‍රතිපත්ති සංස්ථාපිතයේ අතෘප්තිමත් කොටස් සමග පෙලගැසී ඇත.

ඔවුන්ගේ දිශානතිය පැහැදිලි කරමින්, එලඹෙන සෙනෙට් මන්ඩල විමර්ශනය සම්බන්ධයෙන් ඩිමොක්‍රටිකයන්ගේ කේන්ද්‍රීය ඉල්ලීම වන්නේ, සේවයෙන් පහ කෙරුනු ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්ට සාක්ෂි දීමට රිපබ්ලිකානුවන් ඉඩ දිය යුතු බව යි. ඉරානය හා උතුරු කොරියාවට එරෙහිව දීර්ඝ කාලයක් තිස්සේ යුද්ධය වෙනුවෙන් පෙනී සිටි කුප්‍රකට යුද උකුස්සෙකු වන බෝල්ටන්, රුසියාවට සහනයක් වනු ඇත යි පවසමින් ට්‍රම්ප් යුක්‍රේනයෙන් හමුදා ආධාර අත්හිටුවීමට විරුද්ධ විය.

ඇත්ත වශයෙන්ම, ට්‍රම්ප් ම ද පුටින්ගේ ඒජන්තයෙකු යැයි පවසමින් ඩිමොක්‍රටිකයින් ට්‍රම්ප් පිලිබඳ තමන්ගේ ම නව-මැකාතිවාදී හෙලාදැකීම් කෙරෙහි කේන්ද්‍රගත වී ඇත. මෙය නිදහස් භාෂනය මැඩපැවැත්වීම, අන්තර්ජාලය වාරනය කිරීම හා එක්සත් ජනපද යුද අපරාධ හෙලිදරව් කිරීම වෙනුවෙන් විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් හා චෙල්සි මැනිංට නඩු පැවරීම සඳහා යොදා ගෙන ඇති උද්ඝෝෂනයකි. ඉරිදා, පෙලෝසි මෙම විකාර චෝදනාව පුනරුච්චාරනය කලේ, “සියලු‍ මාර්ග පුටින් වෙතට” යයි ප්‍රකාශ කරමින් හා රිපබ්ලිකානු සෙනෙට් සභා බහුතර නායක මිච් මැක්කොනෙල් “හවුල්කරුවෙකු” යැයි චෝදනා කරමිනි. ඇමරිකාවේ ප්‍රධාන ධනේශ්වර පක්ෂ දෙක ම “රාජද්‍රෝහිත්වය” වෙනුවෙන් එකිනෙකාට චෝදනා එල්ල කරති.

කම්කරු පන්තිය ට්‍රම්ප්ගේ තර්ජන අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතු ය. පසුගිය ඔක්තෝබර් මාසයේදී සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපද) දේශපාලන කමිටුව ප්‍රකාශ කල පරිදි:

ඇමරිකානු පජාතන්ත්‍රවාදය ඓතිහාසික සන්ධිස්ථානයකට පැමින තිබේ. බලය පවත්වා ගැනීමට උත්සාහ කරන විට ට්‍රම්ප් ජනාධිපති ධුරය වඩ වඩාත් නීති විරෝධී, ඒකාධිපති හා ප්‍රචන්ඩකාරී ස්වභාවයක් ගනු ඇත... මෙම පරිපාලනය බලයෙන් පහ කිරීම දේශපාලන අවශ්‍යතාවකි. නමුත් මෙම පරමාර්ථය සාක්ෂාත් කරගන්නේ කවුරුන්ද සහ කුමන ක්‍රම මගින්ද යන්න ජීවිතය හා මරනය පිලිබඳ ප්‍රශ්නයකි... ගැටුම පාලක පන්තිය තුල ඇති බෙදීම්වලට පමනක් සීමා වී ඇති තාක් කල් ප්‍රජාතන්ත්‍රවාදී හෝ ප්‍රගතිශීලී ප්‍රතිඵලයක් ලබා ගත නො හැක. (ඇමරිකානු ෆැසිස්ට්වාදය එපා! ට්‍රම්ප් බලහත්කාරයෙන් ඉවත් කිරීම සඳහා මහජන ව්‍යාපාරයක් ගොඩනගන්න!)

ඉරානයට එරෙහිව සහ ඉරානය, රුසියාව හා චීනයෙන් ඔබ්බට යුද්ධයට තල්ලු‍වීම මෙන් ම ආඥාදායකත්වය කරා යන ගමන යන දෙක ම පැන නගින්නේ ඇමරිකානු ධනවාදයේ ඓතිහාසික අර්බුදය හා පරිහානියෙනි. ඇමරිකානු ධනවාදයේ ආර්ථික පරිහානියට එරෙහි වෑයමක් ලෙස මැද පෙරදිග දශක තුනකට ආසන්න කාලයක් දිගටම ගෙන යන යුද්ධය, එක ව්‍යසනයකින් පසු තව එකක් ඇති කර ඇත්තේ, වොෂිංටනයේ භූදේශපාලනික අර්බුද තීව්‍ර කරමිනි.

රට තුල සමාජ අසමානතාවයේ පෙර නො වූ විරූ මට්ටම්, හා මහ බැංකුව විසින් මුදල් මුද්‍රනය කිරීමේ අසීමිත සැපයුම් මත මුලුමනින් යැපෙන පරපුටු ආර්ථිකය, පන්ති අරගලය හා ධනේශ්වර විරෝධී මනෝගතීන්ගේ වර්ධනයක් අවුලුවමින් තිබේ. ට්‍රම්ප් විසින් පුද්ගලගාරෝපනය කෙරෙන පාලක කතිපයාධිකාරය, සමාජවාදී විප්ලවයේ අවතාරය විසින් ලු‍හුබඳිනු ලදුව, තම බලය හා දේපල ආරක්ෂා කිරීම සඳහා යුද්ධයට හා ආඥාදායකත්වයට හැරේ.

එක්සත් ජනපදය තුල හා ජාත්‍යන්තර ව කම්කරු පන්තියේ වැඩෙන සමාජ හා දේශපාලන අරගලය යුද තල්ලු‍ව පරාජය කිරීමට හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පදනම සපයයි. තීරනාත්මක ප්‍රශ්නය වන්නේ, බලය ලබා ගැනීමට හා යුද්ධය මෙන් ම ඒකාධිපතිත්වයේ ප්‍රභවය වන ධනවාදය අවසන් කිරීමට, නැගී එන මෙම ව්‍යාපාරයට සවිඥානික විප්ලවවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක් හා මූලෝපායක් සැපයීම යි.

බැරී ග්‍රේ

Share this article: