රුසියානු මූලෝපායික බොම්බ ප්‍රහාරක යානා එක්සත් ජනපද වෙරල තීරයට ඔබ්බෙන් නිරීක්ෂන මෙහෙයුම් පැවැත්වීමට නියමිතය

Russian strategic bombers to patrol off US coastlines

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි , 2014 නොවැම්බර් 14

නැගෙනහිර යුක්‍රේනයේ නේටෝව පිටුබලය දෙන කියෙව් තන්ත්‍රය හා රුසියානු හිතවාදී බෙදුම්වාදීන් අතර යලි වතාවක් සටන් ඇවිල යද්දී රුසියාව 12දා නිවේදනය කලේ, න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන මූලෝපායික බෝම්බ හෙලන යානා එක්සත් ජනපද වෙරල තීරයට ඔබ්බේ ජාත්‍යන්තර ගුවන් සීමාවේ නිතිපතා නිරීක්ෂන මෙහෙයුම් ආරම්භ කරන බවයි. සීතල යුද්ධයේ අවසානයෙන් පසුව රුසියාව, එජ වෙරල තීරයට ඔබ්බෙන් සුපුරුදු ගුවන් නිරීක්ෂන පැවැත්වීමට සැලසුම් කල පලමු අවස්ථාව මෙයයි.

යුක්‍රේනයේ එජ පිටුබලය සහිතව ක්‍රියාත්මකවූ දක්ෂිනාංශික කුමන්ත්‍රනයෙන් පසුව බෙහෙවින් පැතිර ගොස් ඇති රුසියාව හා චීනය සමග එජ හා නේටෝව ගෙන යන ගැටුම හමුවේ, ලෝක යුද්ධය හා න්‍යෂ්ටික අග්නි ජාලාවක් ඇතිකිරීමේ හැකියාව පිලිබඳ තියුනුම අනතුරු ඇඟවීම මෙයයි.

රුසියාවේ ජාතික මිලිටරි කමිටු රැස්වීමකදී මෙම තීරනය නිවේදනය කරමින් ආරක්ෂක ඇමති සර්ගි සොයිගු පැවසුවේ: “වත්මන් තත්වය තුල අපට, බටහිර අත්ලාන්තික් හා නැගෙනහිර ශාන්තිකර කලාපයේ මෙන්ම, කැරිබියානු හා මෙක්සිකෝ බොක්ක ප්‍රදේශවල මිලිටරි මෙහෙයුම් පවත්වාගෙන යාමට සිදුව තිබෙන” බවයි. “අභ්‍යාසවල කොටසක් ව න නිසා මෙහිදී රුසියානු දිගු දුර බෝම්බ හෙලන යානා රුසියානු දේශසීමා ඔස්සේ හා ආක්ටික් සාගරයට ඉහලින් මෙහෙයුම් සිදුකරනු ඇත.” යනුවෙනි.

මෙම මෙහෙයුම යුක්‍රේන අර්බුදය හමුවේ නේටෝවෙන් එල්ල වන තර්ජනයන්ට දක්වන ප්‍රතිචාරයක් බව ෂොයිගු පැහැදිලිව සඳහන් කලේය. “බොහෝ අංශ වලින් මෙය යුක්‍රේනයේ තත්වයට සම්බන්ධය. නේටෝවේ පාර්ශවයෙන් රුසියානු විරෝධී මනෝගතින් ඇවිස්සීම සමග හා අපගේ දේශසීමාව යාබදව විදේශ මිලිටරි මෙහෙයුම් තරකර තිබීමට සම්බන්ධය. ”

ලෝකය වටා රටවල් සමග නාවික හා ගුවන් සැපයුම් සඳහා ගිවිසුම් ඇතිකර ගැනීමේ සාකච්ඡාවන් ගෙනයෑම ගැන ක්‍රෙම්ලිනය විසින් කරනු ලැබ ඇත්තේ: මධ්‍යධරනී ප්‍රදේශයේ සයිප්‍රසය හා ඇල්ජීරියාව සමග ද ලතින් ඇමරිකාවේ නිකරගුවා, වෙනිසියුලා හා කියුබාව සමඟ ද ඉන්දියානු සාගරයේ සීෂෙල්ස් හා ගිනිකොනදිග ආසියාවේ වියට්නාමය හා සංගප්පූරුව සමග ද වේ.

අසල්වැසි යුක්‍රේනයේ සටන් ඇවිලයද්දී ෂොයිගු, රුසියාව ක්‍රිමියානු අර්ධද්විපයේ ද බලය තරකරනු ඇතැයි නිවේදනය කලේය. “මේ තත්වයන් යටතේ, ක්‍රිමියානු අර්ධද්වීපයේ, පූර්න විහිදුම් හා ස්වයං තෘප්ත බලයන් ගොඩනැගීම ප්‍රමුඛ කර්තව්‍යයකි” ඔහු පැවසීය. ඔහු මෙසේ ද පැවසීය: “යුක්‍රේනයට යාබද රුසියානු භූමි ප්‍රදේශ ඇතුලත් රුසියාවේ දක්ෂින මිලිටරි දිස්ත්‍රික්ක යලි සන්නද්ධ කරන ව.”

න්‍යෂ්ටික යුද්ධයක් පිලිබඳ අවදානමේ ප්‍රධාන වගකීම නේටෝ සන්ධානයේ අධිරාජ්‍යවාදී බලවතුන් මත රැඳී තිබෙන අතරම රුසියාවේ න්‍යෂ්ටික කඩුව වැනීම තරයේම ප්‍රතිගාමීය.

වොෂින්ටනය හා බර්ලිනයේ මූලිකත්වය යටතේ නේටෝ බලවතුන් රුසියාවේ පිටුබලය ලත් යුක්‍රේනියානු ජනාධිපති වික්ටර් යනුකොවිච් පෙරලා දැමීම සිදුවූයේ, දක්ෂින නිකායේ මිලිෂියාවන් හා සහචර ප්‍රතිගාමීන් ද ඇතුලු ව්‍යාපාරික කතිපයාධිකාරයෙක් වන යූලියා ටිමොෂෙන්කෝ වැනි යුක්‍රේනියානු ෆැසිස්ට් කල්ලි වල දක්ෂිනාංශිකයින්ගේ සෘජු සහභාගිත්වයෙනි. කුමන්ත්‍රනයෙන් මාසයකට පමන පසුව ටිමොෂෙන්කෝගේ මාධ්‍ය වෙත කාන්දුවූ දුරකථන ඇමතුමකින්, යුක්‍රේනයේ රුසියානු වාර්ගික කොටස් හා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ද ඝාතනය කල යුතු යයි කියා සිටියාය. “අපගේ තුවක්කු අතට ගෙන එම කැලි කසල හා ඔවුන්ගේ නායකයා මරාදැමීම කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමනි.” ඇය පැවසුවාය.

ටිමොෂෙන්කෝ තවමත් නේටෝවේ සහාය ලබන අතර ඇගේ පීතෘභූමි පක්ෂයේ සාමාජිකයෙක් වන ආසෙනි යැට්සෙන්යුක් යුක්‍රේනයේ අගමැතිය.

යුක්‍රේනයේ සිවිල් යුද්ධය පිපිරීමත් සමග නේටෝව, බෝල්ටික් සමූහාන්ඩුවල සිට පෝලන්තය හා කලු මුහුද දක්වා නැගෙනහිර යුරෝපයට හමුදා, යුද නැව් හා බෝම්බ හෙලන යානා යැවූ අතර මේ දක්වා සත්‍යය හෙලි නොවුනු තතු යටතේ එම්.එච්.17 මැලේසියානු ගුවන් යානය වෙඩි තබා බිම හෙලන ලදී. නේටෝ බලවත්තු වහා ම විනාශයේ වගකීම රුසියාව මත පැටවූහ. බටහිර මාධ්‍යය රුසියාව සමග යුද්ධයකට කැඳවුමක් ලෙස පමනක් නිර්වචනය කල හැකි උන්මාදකාරී උද්ඝෝෂනයක් ඇවිලවූහ. (කියවන්න:ඔබ න්‍යෂ්ටික යුද්ධයකට සූදානම් ද?)

මාස ගනනක් පැවති ආතතිසහගත වාතාවරනයකින් පසුව යුක්‍රේනය තුල නැවතත් සටන් උත්සන්න වීමත් සමග ක්‍රෙම්ලිනය, ප්‍රත්‍යක්ෂ ලෙස මෙම යුදවාදී තර්ජන බැරෑරුම් බවට හා කියෙව් තන්ත්‍රය වෙත පමනක් නො ව එහි ජාත්‍යන්තර අනුචරයින්ට ද එල්ල කෙරුනු රුසියානු ප්‍රතිචාරයක් අවශ්‍ය බවට නිගමනය කර ඇත.

ෂෝයිගුගේ තර්ජනය ඍජුව ම එජ වෙතට එල්ල වන අතර රුසියානු යුද සැලැසුම් අනිවාර්යයෙන් ම අධ්‍යහාර කරන්නේ ප්‍රමුඛ යුරෝපීය සහචරයන්ට එරෙහි ප්‍රහාරයන් සඳහා සූදානම් වීම ය: එජ ප්‍රමුඛ අධිරාජ්‍යවාදී සහචරයන් සමග යුද්ධයකදී රුසියානු ජනගහනයේ යම් කොටසකගේ හෝ දිවි ගලවාගැනීම රඳාපවතින්නේ, එජ පමනක් නො ව බෙල්ජියම, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, තුර්කිය හා ජපානයේ ස්ථානගත න්‍යෂ්ටික ආයුධ විනාශ කිරීම මත ය. බ්‍රිතාන්‍ය හා ප්‍රන්සය ද තමන්ගේම න්‍යෂ්ටික අවි තොග පවත්වාගෙන යයි.

යුරෝපය හා ආසියා - ශාන්තිකරයේ ගුවන් ආතතීන් ද පපුරන සුලු තැනක පවතී. බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් මයිකල් ‍ෆැලොන් වෝල් ස්ට්‍රීට් ජර්නලයට පැවසුවේ යුරෝපය වටා ගුවන් අවකාශයේ රුසියානු මිලිටරි ගුවන් මෙහෙයුම් තීව්‍රවී ඇති බව යි.

“විශාල යානා පෙලක් ඈතින් පියාසර කරනවා අපි දුටිමු” යි ඔහු පැවසී ය. “ඔක්තෝබර් 31දා රුසියානු ගුවන්යානා නෝර්වේ, ඩෙන්මාර්කය, බ්‍රිතාන්‍යය, අයර්ලන්තය පසු කර පෘතුගාලය දක්වා යන ආකාරය අපි දුටිමු.” ෆැලොන් යානා හැඳින්වූයේ “ප්‍රකෝපකාරී හා අවංකව ම බියකරු” ලෙස ය.

මේ වන විට ඕස්ට්‍රේලියාව ආසන්නයේ අභ්‍යාස සඳහා රුසියානු යුද නැව් රඳවා ඇති අතර, නැගෙනහිර ආසියාවේ ගැටුම්කාරී ආතතියක් නිර්මානය වී ඇත. ජපාන ආන්ඩුවේ මෑත සංඛ්‍යා පෙන්වන්නේ රුසියානු මිලිටරි ගුවන් යානා නියාමනය සඳහා ටෝකියෝව, මෙම වසරේ සැප්තැම්බර් දක්වා කාලය තුල 324 වාරයක් ප්‍රහාරක ගුවන් යානා පියාසර කර වූ බව හා එය 2013 එම කාල පරිච්ඡේදයේ ගුවන් ගමන් වාර 126ට වඩා වැඩි බව යි. මෙම වසරේ බැහැරින් එන ගුවන් යානාවලට බාධා කිරීමට ජපාන ගුවන් යානා පියාසර කරවූ මුලු කාලය වාර්තාගත පැය 533ක් තරම් ඉහල ය.

ලෝක බලතුන් අතර ප්‍රධාන යුද්ධයක භීතිය පැතිරයාම පෙන්නුම් කරන්නේ, ජාතික රාජ්‍ය පද්ධතියේ අතාර්කිකත්වය හා ධනවාදයේ ඓතිහාසික බංකොලොත්කම යි.

ඉදිරියට ඇති එකම මාවත වන්නේ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව හා ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක් මත සමාජවාදය සඳහා කම්කරු පන්තිය බලමුලු ගැන්වීම යි. මෙම අරගලයේ දී, මොස්කව් හා බීජීන් ධනේශ්වර තන්ත්‍රයන්ගේ උපාමාරුවලට සහාය දිය නො හැක. ධනවාදයේ පුනස්ථාපනය හා මහජන දේපල කොල්ලකෑමෙන් මතුවුනු සුපිරි පොහොසත් කතිපයාධිකාරී ස්ථරයක් නියෝජනය කරන ඔවුහු ජාත්‍යන්තර කම්කරු පන්තියේ යුද විරෝධී මනෝගතියට ආයාචනා කිරීමට අසමත් වෙති.

ඔවුන්ගේ ප්‍රතිපත්තියෙහි දිසාව, යුදවාදී තර්ජන හා අධිරාජ්‍යවාදී බලයන් සාකච්ඡා මේසයට ගෙන ඒමට බලකිරීමේ එල්ලය ඇතිව, ප්‍රධාන අන්තර්ජාතික සංගතවලට තෙල් හා ලාභ ශ්‍රම සැපයුම්කරුවන් ලෙස ඔවුන් සමග ගනුදෙනුවකට ඒමට උත්සාහ කිරීම අතර පැද්දෙමින් තිබේ. මේ අයුරින් රුසියාව මෑත දී බුලාවා අන්තර්මහාද්වීප බැලිස්ටික් මිසයිලය අත්හදා බලා ඇති අතර, චීනය ශාන්තිකර සාගරයේ සිට මහාද්වීපක ඇමරිකාවට න්‍යෂ්ටික ප්‍රහාර දියත් කල හැකි ජින් - ක්ලාස් නම් බැලිස්ටික් මිසයිල් සම්මැරීනයක් අත්හදා බලමින් සිටී.

එවැනි ආයුධවලට ග්‍රහලෝකය පුලුස්සා දැමෙන යුද්ධයක් තුල ප්‍රධාන භූමිකාවක් ඉටු කිරීමට හැකි නමුත් එවැනි යුද්ධයකදී ජාත්‍යන්තර කම්කරු පන්තිය අතර පවතින විරුද්ධත්වය බලමුලු ගැන්වීමට ඔවුහු කිසිවක් නො කරති. ඒ වෙනුවට, අධිරාජ්‍යවාදී බලයන් හා ඔවුන්ගේ සහචරයන් ඒවා ඩැහැ ගනු ඇත්තේ සිය හෙලාදැකීම් හා රුසියාව මිලිටරි වශයෙන් වටකිරීම ඉදිරියට ගෙනයාමට කඩතුරාවක් ලෙස ය.

“ගුවනේ හා මුහුදේ රුසියානු දැඩි පිලිවෙත් උපක්‍රමය” ගැන ඔහු කුමක් සිතන්නේ දැ යි සුඩේයිට්ෂෙ සේයිටුන්ග් පත්‍රය විමසූ විට එස්ටෝනියානු ආරක්ෂක ඇමති ස්වෙන් මික්සර් පිලිතුරු දුන්නේ මෙසේ ය: “එක්තරා ආකාරයකට එය සාධනීය ය. එය සුපරීක්කාරීව සිටීමට බටහිරට උදව් කර යි.”

Share this article: