ව්‍යාජ-වම යනු කුමක් ද ?

What is the pseudo-left?

2015 ජුලි 30

ගතවූ මාස කිහිපය තුල ග‍්‍රීසියේ සිදුවූ දේ ග‍්‍රීක කම්කරු පන්තියේ ද තරුනයින්ගේ ද ප‍්‍රමුඛ මූලෝපායික අත්දැකීමක් වන අතර එය ලෝකය පුරා දේශපාලන විඥානය මත අරුත්බර බලපෑමක් ඇති කරමින් තිබේ.

“ඊනියා රැඩිකල් වමේ සන්ධානය” ( සිරිසා) - සිය රැඩිකල් වාග් මාලාව සහ කප්පාදුවට දැක්වූ නාමික විරෝධය නොතකා, යුරෝපීය බැංකු සහ ආයතන ඉදිරිපිට මුලුමනින්ම දනගසා ඇත. සිරිසා ආන්ඩුව දැන් ග‍්‍රීසිය තුල ක‍්‍රියාත්මක කරන බැංකු කරුවන්ගේ පිලිවෙත් සැබැවින්ම සිදු කරනු ඇත්තේ ග‍්‍රීසිය ජර්මානු සහ යුරෝපීය අධිරාජ්‍යවාදයේ යටත් විජිතයක් බවට පත්කරලීමයි.

මේ වර්ධනයෝ, ලෝක සමජවාදී වෙබ් අඩවිය විසින් සිරිසාව බලයට පත්වීමටත් බොහෝ කාලයකට පෙර ද පසු ගිය අවුරුදුවලදී ද කරන ලද විශ්ලේෂනය කාවදින ලෙස සනාථ කිරීමකි. 2012 ජුලි මාසයේ සමාජවාදී සමානතා පක්ෂයේ ඇමරිකානු ශාඛාවේ සම්මේලනයේදී සම්මතකල යෝජනාවක මෙසේ පෙන්නුම් කරන ලදි: "සිරිසාව බලයට පැමිනීමේ හැකියාව මතුවූ වහාම, එහි නායක අලෙක්සිස් සිප්රාස් ජර්මනියට දුව ගොස්, තමාගේ පක්ෂය කිසිසේත්ම යුරෝ කලාපයෙන් ඉවත් වීමට නොසිතන බවට ද යුරෝපීය බැංකු විසින් නියමකොට ඇති කප්පාදු පිලිවෙත් යලි සාකච්චාවට බඳුන් කිරීමට පිටින් වෙනත් රැඩිකල් පිලිවෙතක් තමන්ට නැති බවට ද” බැංකුකරුවන් ඉදිරියේ දිවුරනු ඇත.

ලෝසවෙඅ මේ වසරේ වසන්තය පුරා රැස්වීම් මාලාවක් සංවිධානය කොට, සිරිසාවේ ස්වභාවය විශ්ලේෂනය කරමින් එම ආන්ඩුව යුරෝපිය බැංකු වල කඨෝර පිලිවෙත් මුලූමනින්ම පිලිගැනීමට යන බවට අනතුරු හැඟවිය.

අවසාන වශයෙන් සිරිසාව යටත් වූ ඉක්බිති, බොහෝ පාඨකයෝ ලොසවෙඅ හරියටම නිවැරදි ලෙස මෙම විශ්ලේෂනය කිරීමට සමත් වුයේ කෙසේදැයි විමසා සිටියෝය. මේ අත්දැකීම වනාහි දේශපාලන ප‍්‍රවනතා තමන් ගැන කියාගන්නා දෙය මත නොව. ඒවායේ ඉතිහාසය සහ ක‍්‍රියාමාර්ගයේ ද ඒවා විසින් නියෝජනය කෙරෙන සමාජ ආසක්තයන් ගේ ද පදනම මතම විශ්ලේෂනය කරන මාක්ස්වාදී විධික‍්‍රමයේ නිරවද්‍ය භාවය ඔප්පු වීමකි.

ගත වූ අවුරුදු කිහිපය තුල දී ලොසවෙඅ විසින්, සිරිසාව එක් උදාහරනයක් පමනක් වන, “ව්‍යාජ වම” යන අන්වර්ථ නමින් හඳුන්වනු ලැබූ ජාත්‍යන්තර දේශපාලන ප‍්‍රවනතාවය පිලිබඳ සංකල්පයක් වර්ධනය කොට ඇත..

මෙහිදී අපි ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නොර්ත්, The Frankfurt School, Postmodernism and the Politics of the Pseudo-Left: A Marxist Critique “ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය, පශ්චාත් නූතනවාදය සහ ව්‍යාජ වමේ දේශපාලනය: මාක්ස්වාදී විග‍්‍රහයක්” නැමති ඔහුගේ නවතම කෘතියේ පෙරවදනේ දී කල විග‍්‍රහය පාඨකයන්ගේ අවධානයට ලක් කිරීමට කැමැත්තෙමු. නොර්ත් එහිලා මෙම ප‍්‍රතිගාමී ව්‍යාපාර වල බලපෑමට එරෙහි අරගලයට මග පෙන්වනු ඇති, ව්‍යාජ වම පිලිබඳ සංක්ෂිප්තවූ ද සවිස්තර වූ ද “කාරක නිර්වචනයක්” ඉදිරිපත් කරයි.

හේ මෙසේ ලියයි:

* ව්‍යාජ වම යනුවෙන් හැඳින්වෙන්නේ මධ්‍යම පන්තියේ වරප‍්‍රසාදිත, පෝසත් කොටස් වල අවශ්‍යතා පෝෂනය කිරීම සඳහා ජනප‍්‍රිය සටන් පාඨ සහ ප‍්‍රජාතන්ත‍්‍ර වාග්මාලා යොදාගන්නා දේශපාලන පක්ෂ, සංවිධාන සහ න්‍යායික / දෘෂ්ටිවාදී ප‍්‍රවනතාවයන්ටය.

* මෙවන් සංවිධාන පිලිබඳ උදාහරන නම් ග‍්‍රීසියේ සිරිසාව, ස්පාඤ්ඤයේ පොදෙමොස්, ජර්මනියේ ඩයි ලින්ක් සහ ප‍්‍රන්සයේ නොවෝ පර්ති ඇන්ටි කැපිටලිස්ට් (එන්පීඒ) ලංකාවේ නව සම සමාජ පක්ෂය (නසසප) සහ එක්සත් ජනපදයේ ඉන්ටනැෂනල් සොෂලිස්ට ඔර්ගනයිසේෂන් වැනි නොයෙකුත් හිටපු- ට්‍රොස්ට්කිවාදි (පැබ්ලෝවාදී සහ රාජ්‍ය ධනවාදී) අංකුර වේ.

මෙම ලැයිස්තුවට ලොව පුරා අරාජකවාදී සහ පස්චාත් අරාජකවාදී ප‍්‍රවනතාවයන්ගේ බලපෑමට හසුව ඇති, “ඔකියූපයි වෝල්ස්ටී‍්‍රට්” ව්‍යාපාරයේ රොඩුබොඩු ලෙස පැවතෙන්නන් ද ඇතුලත්ය. ලෝකය පුරාම පැතිර පවත්නා සුලු ධනේශ්වර ව්‍යාජ වාම ව්‍යාපාරයන්ගේ විවිධත්වය සලකන කල, මෙය කිසිසේත්ම සම්පූර්න ලැයිස්තුවක් නොවේ.

* ව්‍යාජ වම ප‍්‍රති - මාක්ස්වාදීය. එය ඓතිහාසික භෞතිකවාදය ප‍්‍රතික්ෂේප කොට ඒ වෙනුවට, ෆ‍්‍රෑන්ක්ෆර්ට් ගුරුකුලය සහ සමකාලින පශ්චාත් නූතනවාදය සමග අනන්‍යවූ නානාප‍්‍රකාර ආත්මීය විඥානවාදී සහ අස්තිත්තව වාදී දාර්ශනික අතාර්කිකවාදයන් වැලඳ ගනී.

* ව්‍යාජ වම ප‍්‍රතිසමාජවාදීය. පන්ති අරගලයට සතුරු ය. සමාජය ප‍්‍රගතිශීලිව ප‍්‍රතිවර්තනය කිරීම සඳහා අවශ්‍ය වූ විප්ලවය හා කම්කරු පන්තියේ ප‍්‍රමුඛ භූමිකාව ප‍්‍රතික්ෂේප කරයි: ධනවාදී ක‍්‍රමයට එරෙහිව කම්කරු පන්තිය මහජන ව්‍යාපාරයක් ලෙස බල මුලුගැන්වීමට එරෙහිව එය පන්තිවලට ඉහලින් පවත්නා සුපිරි-පන්ති ජනතාවාදය හරස් කරයි. ව්‍යාජ වමේ ආර්ථික ක‍්‍රියාමාර්ගය සාරභූත වශයෙන් ම ධනේශ්වර ගැති ජාතිකවාදී ය.

* ව්‍යාජ වම “අනන්‍යතා දේශපාලනය” වගාකරයි. ජාතිකත්වය, ජන වාර්ගිකත්වය, වර්ගය, ලිංගිකත්වය, ලිංගික මනාපය වැනි ප‍්‍රශ්න වලට ඇලී සිටින ඔවුන්, මහා ව්‍යාපාර ද, විද්‍යාල ද, සරසවි ද ඉහල වැටුප් ලබන වෘත්තීන් ද වෘත්තීය සමිති සහ ආන්ඩුවේ සහ රජයේ ආයතන ද තුල වඩා පුලුල් අනුහසක් දිනාගැනීම පිනිස වෙර දරමින්, ජනගහනයේ පෝසත් ඉහලම සියයට 10 අතර වඩා හොඳින් ධනය බෙදාහරින තත්වයක් නිර්මානය කිරීමට කටයුතු කරයි. ව්‍යාජ වම සමාජ වරප‍්‍රසාද අහෝසි කිරීමට නොව, ඒවා තමන්ට අත්කර ගැනීම සඳහා වැඩි ඉඩකඩක් ලබාගැනීමට වැඩ කරයි.

උතුරු ඇමෙරිකාවේ, බටහිර යුරෝපයේ හා ඔස්ට‍්‍රලේසියාවේ අධිරාජ්‍යවාදී කේන්ද‍්‍රස්ථානවල ව්‍යාජ වම, පොදුවේ ගත්කල අධිරාජ්‍ය - ගැතිය, නව යටත්විජිතවාදී යුද අවශ්‍යතා වලට සුජාත භාවයක් ලබාදීම සඳහා පමනක් නොව, නව විජිතවාදී මිලිටරි මෙහෙයුම් වලට ඍජුව සහයෝගය දීමට පවා මානව අයිතිවාසිකම් සටන් පාඨ යොදාගනී.

නොර්ත් තම නව කෘතියේ පෙරවදන මෙසේ සමාප්ත කරයි, “ව්‍යාජ වමේ පන්ති පදනම ද, පරාගාමි න්‍යායික සංකල්පයන් ද ප‍්‍රතිගාමී දේශපාලනය ද විශ්ලේෂනය කර එලිදරව් කිරීම වනාහි, කම්කරු පන්තිය අධ්‍යාපනගත කිරීමේ දි නුතන ධනේශ්වර සමාජය තුල කේන්ද්‍රීය ප‍්‍රගතිශීලී විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය තහවුරු කර ලීමේ ලා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය මුහුනදී සිටින්නාවූ කේන්ද්‍රීය තීරනාත්මක අරගලයේ කාර්යයන්ය.”

“ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය, පශ්චාත් නුතනවාදය සහ ව්‍යාජ වමේ දේශපාලනය: මාක්ස්වාදී විශ්ලේෂනයක්” යන කෘතිය පලකිරීම වනාහි, මෙම අරමුන දෙසට ගනු ලැබූ භාරාර්ථ පියවරකි. එය කම්කරු පන්තියේ එලඹෙමින් තිබෙන අරගලයන් උදෙසා අගනා ආධාරකයක් වනු ඇත.

ලොසවෙඅ කතෘ මන්ඩලය

Share this article: