ගිල්රෝයි හි ෆැසිස්ට් ප්‍රහාරය සහ එක්සත් ජනපදයේ සමූහ වෙඩි තැබීමේ වසංගතය

The fascist attack in Gilroy and the US epidemic of mass shootings

2019 ජූලි 31

කැලිෆෝනියාවේ ගිල්රෝයි හි පැවති සුදුලූනු උලෙලේ දී පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කිරීම ඇමරිකාව පුරා සිරස්තල අරා ගත් නමුත්, සංස්ථාපිත මාධ්‍ය එහි ඉතාමත් ම වැදගත් ලක්ෂනය, එනම් දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත ස්වභාවය යටපත් කිරීමට හෝ අවතක්සේරු කිරීමට උත්සාහ කර ඇත.

දහනව හැවිරිදි සැන්ටිනෝ විලියම් ලෙගන් ඉරිදා දහවල් උත්සවය අතරතුරදී ඒකේ 47 ප්‍රහාරක රයිෆලයකින් වෙඩි තබා ඇත. ඔහු පුද්ගලයන් තිදෙනෙකු (හය හැවිරිදි පිරිමි ලමයෙකු, 3 හැවිරිදි දැරියක හා 25 හැවිරිදි පුද්ගලයෙකු) ඝාතනය කල අතර, ප්‍රාදේශීය පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කිරීමට පෙර අවම වශයෙන් තවත් 15 දෙනෙකුට තුවාල සිදු කලේ ය.

ඔහු ඝාතනය කල පුද්ගලයින් තිදෙනා හිස්පැනික් හෝ අප්‍රිකානු-ඇමරිකානුවෝ වූහ. පැහදිලිව ම මෙය අහම්බයක් නොවේ. ලෙගන්ගේ අන්තර්ජාල පල කිරීම් වලින් පෙනී යන්නේ ඔහු වර්ගවාදී සහ සුදු අධිපතිවාදී අදහස් වලින් පෙලඹී ඇති බවයි. වැදගත්ම ඇඟවුම වූයේ “රග්නර් රෙඞ්බයර්ඞ්ගේ “උචිතයා ජය ගනී” යන අර්ථය දෙන (Might is Right) කෘතිය කියවන ලෙස ඉල්ලන පාඨය යි, ගිල්රෝයි ප්‍රදේශයේ නගරවල ජනාකීර්න වෙමින් සිටිනවා යැයි කියනු ලබන “මෙස්ටිසෝස් සමූහය” (මිශ්‍ර-වාර්ගික මිනිසුන්) පිලිබඳ පැමිනිල්ලක් ඊට පසු සඳහන් වෙයි.

ලෙගන් ප්‍රශංසා කරන කෘතිය නම්, අනෙකුත් අය අතර ප්‍රතිගාමී ජර්මානු දාර්ශනිකයෙකු වන ෆ්‍රෙඞ්රික් නීට්ෂේ විසින් ආවේශ ගැන්වී, 1890 දී ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද සමාජ ඩාවින්වාදී, සුදු අධිපතිවාදී හෑල්ලක් වන මයිට් ඊස් රයිට් (ශක්තිය සාධාරන යි) නැත්නම් සර්වයිවල් ඔෆ් ද ෆිටස්ට් නම් පොත යි. පොතේ එක් ඡේදයක් “සියලු‍ මිනිස්සු සමානව නිර්මානය කෙරෙති” යන “පහත්, ස්වයං-ප්‍රත්‍යක්ෂ බොරුව” වෙනුවෙන් (එක්සත් ජනපද) නිදහසේ ප්‍රකාශය හෙලා දකී. මෙයින් පසුව කලු ජාතිකයින්, ආසියානුවන්, යුදෙව්වන් සහ දුප්පතුන්ට මෙන්ම ලන්ඩන්, ලිවර්පූල්, නිව් යෝර්ක්, චිකාගෝ සහ නිව් ඕර්ලියන්ස් වැනි “කරදරකාරී” නාගරික මධ්‍යස්ථානවල ජීවත්වන අයට එරෙහිව සාප කෙරේ. එම භාෂාවේ නූතන සදෘශය වන්නේ “මීයන් ආසාදිත” අපරාධවලින් පීඩා විඳි බැල්ටිමො නගරය හෙලා දකින ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ භාෂාව යි.

ලෙගන්ගේ දේශපාලන පක්ෂපාතිත්වයන් පිලිබඳ මෙම පැහැදිලි සාක්ෂි තිබියදීත්, ප්‍රාදේශීය පොලිසිය සහ ජාතික මාධ්‍ය කියා සිටියේ ඔහුගේ ප්‍රහාරයේ අභිප්‍රාය අභිරහසක් බවත්, එය එක්සත් ජනපදය තුල සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති එක් ආකාරයක “අර්ත විරහිත ඝාතනයක්” පමනක් බවත් ය.

ලෙගන්ගේ මානසිකත්වය ද මහජන රැලි, මාධ්‍ය වෙත අදහස් දැක්වීම සහ මිලියන 50ට වඩා වැඩි වන ට්විටර් ප්‍රේක්ෂකයින් වෙත යොමු කරන ලද ට්වීටර් පනිවිඩ මගින් එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් ප්‍රවර්ධනය කරන ලද සංක්‍රමනිකයන් සහ සුලුතරයන් කෙරෙහි වන ෆැසිස්ට් වෛරය ද අතර සැබෑ සම්බන්ධය පිලිබඳ ව එකද ප්‍රමුඛ මාධ්‍ය පන්ඩිතයෙකු හෝ පුවත්පත් තීරු රචකයෙකු හෝ සඳහන් කලේ නැත.

ගිල්රෝයි ප්‍රහාරය පසු ගිය සති අන්තයේ එක්සත් ජනපදය පුරා සමූහ වශයෙන් වෙඩි තැබූ අවස්ථා දහයෙන් එකක් පමනක් වූ නිසා මාධ්‍ය වසන් කිරීම යම් පිලිගැනීමක් ලබා ගත්තේය. විපතට පත් වූවන් පිලිබඳ සංඛ්‍යා පෙන්වන්නේ මරන 15ක් හා තුවාල ලැබීම් 52ක් පමනකි.

සතියේ වැඩ කිරීම ආරම්භ වීමෙන් පසුව ද ඝාතනය දිගටම පැවතුනි. අඟහරුවාදා උදෑසන ටෙනසි ප්‍රාන්තයේ මෙම්පිස් හි මිසිසිපි උප නගරයේ සවුත්වන් හි වෝල්මාර්ට් වෙලඳ සැලේ දී තුවක්කුකරුවෙක් වෝල්මාට් කම්කරුවන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර පොලිස් නිලධාරියෙකුට තුවාල සිදු කර තෙමේ ම වෙඩි තබා ගෙන අත්අඩංගුවට පත්වුනි.

මෙම ඛේදවාචකයන්ට මාධ්‍ය ප්‍රතිචාරය දෙයාකාර ය: ගිල්රෝයි, කැලිෆෝනියා ප්‍රහාරවල නියත වසයෙන් දේශපාලන දෘෂ්ටීන් වහංගු කිරීමට ඒවා භාවිතා කිරීම; තුවක්කු හිමිකාරිත්වය සීමා කිරීම සඳහා වන සාමාන්‍ය ලිබරල් ඇමතුම් පමනක් නොව, එමෙන් ම පොලිස් බලතල ද ඉහල නැංවීම ඇතුලුව මර්දනකාරී පියවර වේගවත් කිරීමේ අවශ්‍යතාව සනාථ කිරීම සඳහා ඒවා ඔසවා තැබීම.

ලෝකයේ ධනවත්ම මිනිසා වන කෝටිපති ජෙෆ් බෙසොස් සතු වොෂිංටන් පෝස්ට් හි කතුවැකිය විශේෂයෙන් සැලකිය යුතු කරුනකි. තුවක්කුකරුගේ ෆැසිස්ට් විශ්වාසයන් ගැන කිසිදු සඳහනක් නො කල අතර ගිල්රෝයි වෙඩි තැබීම “අපේ තුවක්කු නීතිවලට එරෙහි චෝදනාවක්” බව ප්‍රකාශ කලේ ය. ගිල්රෝයි ප්‍රහාරය අතරතුර පොලිසියේ දැඩි ආරක්‍ෂාවක් තිබීම, ඔවුන්ගේ ඉක්මන් ප්‍රතිචාරය, හා ඔහු වෙඩි තැබීම අරඹා විනාඩියකට පසු ලෙගන්ට වෙඩි තබා ඝාතනය කිරීම ගැන කතුවැකියෙහි සටහන් විය. ඇඟවීම පැහැදිලිය: ඉක්මන් හා වඩා දැවැන්ත පොලිස් මර්දනය සූදානම් ය.

කොලොම්බියන් සංහාරය විසින් “සමූහ වෙඩි තැබීම්” එක්සත් ජනපදයේ පිලිගත් සිදුවීම් කාන්ඩයක් බවට පත් කිරීමෙන් පසු දශක දෙක තුල, ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඇමරිකාවේ “අර්ත විරහිත ප්‍රචන්ඩත්වය” ලෙස සාමාන්‍යයෙන් බැහැර කරනු ලබන දේ පිලිබඳ විවේචනාත්මක අවබෝධයක් වර්ධනය කිරීමට උත්සාහ කර ඇත.

මෑත විවරනයක අප සඳහන් කල පරිදි, කොලොම්බියන් ඝාතනවල සිට දශක දෙක සම්පාත වන්නේ සමාජ අසමානතාව හා නිමක් නැති අධිරාජ්‍යවාදී යුද්ධයේ බලපෑම යටතේ ඇමරිකානු සමාජයේ දිරාපත්වීම සමග ය.

“ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” ප්‍රකාශයට පත් කිරීම සහ ඇෆ්ගනිස්ථානය හා පසුව ඉරාකය ආක්‍රමනය කිරීමේ සිට, අඩු හෝ වැඩි ලෙස දශක දෙකක්, ජාතික මැතිවරනයක් පැහැර ගැනීම හා ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් සඳහා ඇමරිකානු ධනේශ්වරය විසින් මොන යම් හෝ උත්සුකයක් ප්‍රතික්ෂේප කිරීමේ සිට දශක දෙකක්, සමාජ අසමානතාවයේ දශක දෙකක් හා කම්කරුවන්ගේ ජීවන කොන්දේසි මත අවසානයක් නැති ප්‍රහාරයන්ගේ දශක දෙකක් ද වී ඇත.

ඇමරිකානු ධනවාදී සමාජය බිඳී යමින් තිබේ. කොලොම්බියන් හි සිදු වූවා වැනි උමතු තනි සමාජ විරෝධී ක්‍රියාවන්, බලතල පිලිබඳ නො සැලකිලිමත්කමට වඩා අඩු භක්තිමත් ප්‍රාර්ථනාවලින් නතර නොවනු ඇත.

“සමූහ වෙඩි තැබීම්” යන පොදු ප්‍රවර්ගයේ වෙනසක් සිදුවී ඇති අතර එය වැඩි වැඩියෙන් දේශපාලන ස්වභාවයක් අත්පත් කර ගෙන තිබේ.

ඇත්ත වශයෙන්ම, යම් ප්‍රමානයකට සමූහ ඝාතන රැල්ල ඇවිල වූ සිදුවීම වන, කොලොම්බියන් ඝාතනවල, මෙහි මූලයක් තිබුනි. එය සැලසුම් කර තිබුනේ හිට්ලර්ගේ උපන් දිනය සහ ඔක්ලහෝමා නගරයේ බෝම්බ ප්‍රහාරයේ සංවත්සරය වෙනුවෙනි. කෙසේ වෙතත්, මේ වසරේ අප්‍රේල් මාසයේ කැලිෆෝනියාවේ පොවේ හි යුදෙව් ධර්මාශ්‍රයකට එරෙහිව ෆැසිස්ට් තුවක්කුකරුවෙකු විසින් එල්ල කරන ලද ප්‍රහාරය සහ 2018 ඔක්තෝබර් මාසයේ පිට්ස්බර්ග් හි ජීවිත වෘක්ෂයේ ධර්මාශ්‍රයේ සංහාරය ඇතුලු දේශපාලනික වශයෙන් පොලඹවන සමූල ඝාතන නිතිපතා සිදු වේ

එමෙන් ම ගිල්රෝයි හි උදාහරනය මෙන්, කැලිෆෝනියාවේ ප්‍රහාරය පෙන්නුම් කරන්නේ, එවැනි ප්‍රචන්ඩ ක්‍රියා අවසන් කිරීම පිලිබඳ “දැහැමි ප්‍රාර්ථනාවන්ට” වඩා, වත්මන් ඇමරිකානු රජය හිතාමතාම මෙවැනි කුරිරුකම් උසිගැන්වීමයි. ඩිමොක්‍රටිකයින් විසින් සපයනු ලබන දේශපාලනික පහසුකම් සහිතව ජනාධිපති ට්‍ර‍ම්ප්, ප්‍රචන්ඩත්වය උනන්දු කරවීමේ නිමක් නැති අධිපතිවාදී ක්‍රියාමාර්ග සඳහා කොන්දේසි සකස් කිරීමේ නිශ්චිත දේශපාලන උපාය මාර්ගයක් අනුගමනය කරයි.

සමස්තයක් ලෙස ධනේශ්වර ක්‍රමය වගකිව යුතු ය. ඔබාමා කෙරෙහි වූ බලාපොරොත්තු දැඩි ලෙස සුන්වීම, ට්‍රම්ප්ගේ ෆැසිස්ට් උසිගැන්වීම, ආර්ථික දුෂ්කරතා සහ නිමක් නැති යුද්ධය සමඟ එක්ව නව ප්‍රපංචයක්, එනම් විවෘත දක්ෂිනාංශික සමූහ වෙඩික්කරුවෙකු දිරිමත් කර හෝ බිහි කර ඇත.

පැට්‍රික් මාටින්

Share this article: