ජූලියන් අසාන්ජ් ඇමරිකාවට පිටමං කිරීම වලක්වන ලෝක පරිමාන උද්ඝෝෂන ව්‍යාපාරයක් සඳහා!

ඔහුගේ නිදහස සුරක්ෂිත කරගන්නා ගෝලීය ආරක්ෂක කමිටුවක් ගොඩනැඟීම සඳහා!

For a worldwide campaign to prevent Julian Assange’s rendition to the US!

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඬල ප්‍රකාශය, 2019 ජූනි 20

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමග අනුබද්ධ සමාජවාදී සමානතා පක්ෂ විකිලීක්ස් ආරම්භක ජූලියන් අසාන්ජ් ඇමරිකාවට උදර්පනය කිරීම නතර කිරීමටත්, ඔහුගේ මෙන්ම රහස්‍ය තොරතුරු හෙලිකරන්නියක වන චෙල්සි මැනිං යන දෙදෙනාගේම නිදහස සුරක්ෂිත කිරීමටත් ගෝලීය උද්ඝෝෂන ව්‍යාපාරයක් සඳහා කැඳවුම් කරයි.

ජූලියන් අසාන්ජ්

ජූලියන් අසාන්ජ් නිහඬ කොට විනාශ කිරීම සඳහා ක්‍රියා කරන ප්‍රතිගාමී ආන්ඩු, ඔවුන්ගේ ඔත්තු ආයතන හා දේශපාලන ඒජන්තයින් ගෙන යන සැලසුම් අකර්මන්‍ය කොට පරාජය කල හැක්කේ, රැස්වීම්, උද්ඝෝෂන, පෙලපාලි හා ප්‍රසිද්ධ සමුලු ආදී ජාත්‍යන්තර පරිමානයකින් සංවිධානය කරනු ලබන විරෝධතා තුලින් පමනකි. මිහිතලයේ සිටින ජනගහනයේ අති බහුතරය හා බලවත්ම සමාජ බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තිය, ජූලියන් අසාන්ජ්න්ගේ ආරක්ෂාව සඳහා මෙන්ම සැබවින්ම, සියලු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍ර හා සමාජ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ද දේශපාලනිකව අවදිකර බලමුලු ගැන්වීම මෙම උද්ඝෝෂන ව්‍යාපාරයේ අරමුන විය යුතුය.

2020 පෙබරවාරියේදී අවසන් වීමට නියමිත, අසාන්ජ් එක්සත් ජනපදයට පිටමං කිරීම සදහා දේශපාලනිකව හසුරුවමින් ගෙනයන ව්‍යාජ නීතිමය ක්‍රියාවලිය ඉක්මන් කරවමින් ජූනි 12දා බි්‍රතාන්‍යයේ ස්වදේශ කටයුතු ලේකම් සජිඞ් ජාවිඞ් උදර්පන නඩු විභාගය සහතික කලේ ය.

ස්වීඩන් විනිසුරු වරයෙක් අසාන්ජ් අත්අඬංගුවේ රඳවා ගැනීමට පදනමක් නැතැයි පැවසීමෙන් සතියක්වත් ඉකුත්වීමට පෙර උදර්පන ක්‍රියාවලියට ස්වදේශ කටයුතු ලේකම් සිය මුද්‍රාව තැබීමෙන් ඔහු අපකීර්තියට පත්කර හුදෙකලා කිරීම සඳහා යොදාගෙන තිබෙන බොරු එලිදරව්වී ඇත. ආරම්භයේ පටන්ම, ඇමරිකානු, බ්‍රිතාන්‍ය, ස්වීඩන් හා ඕස්ට්‍රේලියානු රාජ්‍ය බලධාරීන්ගේ අරමුන වූයේ, අධිරාජ්‍යවාදී යුද අපරාධ එලිදරව් කල මේ ධෛර්යසම්පන්න මාධ්‍යවේදියා නිහඬකර විනාශ කිරීමය. එමෙන්ම, අභීත හදවතකින් යුක්ත මානව ශිෂ්ටභාවයේ ද අව්‍යාජත්වයේ ද නිදර්ශනයක් වන චෙල්සී මැනිං විනාශ කර දැමීම ඉලක්කයක් කර ගෙන ඇත.

චෙල්සි මැනිං

බ්‍රිතාන්‍ය ආන්ඩුව අසාන්ජ්ට සැලකුවේ සෑම ආකාරයකින් ම යුක්තිය පාගා දමමිනි. බීබීසී ගුවන් විදුලිය 4 සමඟ ජූනි 13දා පැවති හමුවකදී ස්වදේශීය ලේකම් මෙසේ කයිවාරු ගැසීය: “සියල්ලටත් පලමුව මම, පොලිසියට ඔහු (අසාන්ජ්) අත්අඬංඟුවට ගැනීමට හැකිවීම ගැන මහත් සේ සතුටට පත් වන්නෙමි. දැන් ඔහු බි්‍රතාන්‍ය නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නිවැරදි ලෙසම සිරභාරයේ පසුවෙයි.” සැබවින්ම අසාන්ජ් කිසිවිටෙකත් නීතිය කඩකර නැත. ලිංඟික අපචාර පිලිබඳ බොරු චෝදනා යටතේ ස්වීඩන් බලධාරීන් තමා ඇමරිකාවට උදර්පනය කිරීමට සැලසුම් කරන බව පැහැදිලි වූ කල 2012දී ඔහු නීත්‍යානුකූලව ඉක්වදෝරියානු තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරන පැතීය.

ජේම්ස් ආබුත්නොට් යන ප්‍රතිගාමී කොන්සවේටිව් දේශපාලඥයාගේ බිරිඳ වන එමා ආබුත්නොට් විනිසුරු වරිය, හොර උසාවියේ ප්‍රධානත්වය දැරීය. සාමි මන්ත්‍රී මන්ඬලයට යාමට පෙර ආබුත්නොට් වංශාධිපතියා, ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහල තනතුරක් දැරීය. ඔහුට බ්‍රිතාන්‍ය රාජ්‍යයේ අභ්‍යන්තර කන්ඩායම් හා ආයුධ කර්මාන්තය සමඟ සමීපතම සම්බන්ධකම් පැවතියේය. මහජන අරමුදල් පෞද්ගලික පරිහරනයට යොදාගැනීම පිලිබඳව ඔහුට නිල චෝදනා ද එල්ලවී තිබුනි. පෞද්ගලික සම්බන්ධකම් ගැන සලකන කල එමා ආබුත්නොට්, පැහැදිලිවම ජූලියන් අසාන්ජ්ගේ ඉරනම තීරනය කරන අධිකරන ක්‍රියාවලියක සභාපතිත්වය නොදැරිය යුතුව තිබුනි. එහෙත් ආබුත්නොට් පක්ෂග්‍රාහිත්වය පිලිබඳ චෝදනා ප්‍රතික්ෂේප කර රාජකාරියෙන් ඉවත් නොවුනාය.

ආබුත්නොට් විනිසුරු වරිය සභාපතිත්වය දරන නීතිමය නාඩගම අවසන් විය හැක්කේ කෙසේදැයි හැමෝම දනිති. ක්‍රියාවලියේ සෑම විස්තරයක්ම ප්‍රවේසමෙන් තිර රචනා කෙරී ඇත. තීන්දුව දෙන අවස්ථාවේ ආබුත්නොට් උසාවියේදී පැවසීමට අදහස් කරන වාක්‍ය පේලි කල් තියාම ලියා කටපාඩම් කරනු ලැබ ඇත. ජූලියන් අසාන්ජ් ඇමරිකාවට බාර දීමත් සමඟ පෙබරවාරියේදී මෙම ක්‍රියාවලිය නිමා වීමට නියමිතය. එහිදී ඔහු, තමන් ඒසා වෙහෙසක් දරා හෙලිදරව් කල, යුද අපරාධකරුවන්ගේ අත් අඩංගුවට පත් කෙරෙනු ඇත. දැනටමත් ගොනුකර තිබෙන චෝදනාවල පදනම මත ජූලියන් අසාන්ජ්, වසර 175ක සිර දඬුවමකට යටත් කෙරෙනු ඇත. ඔහු මුහුන දී සිටින, සිරගත කිරීමේ බිහිසුනු කොන්දේසි හමුවේ ඇමරිකානු ව්‍යවස්ථාවේ සඳහන් “කුරිරු හා අසාමාන්‍ය දඬුවම් කිරීම” පිලිබඳ තහනම විකාරයක් බවට පත්කෙරෙනු ඇත.

ජූලියන් අසාන්ජ්ගේ නිදහස සුරැකිය යුතුය. ඔහුගේ ආරක්ෂාව සඳහා ජාත්‍යන්තර උද්ඝෝෂන ව්‍යාපාරයක් සංවිධානය කල යුතුය. නාස්ති කිරීමට කාලයක් නැත. අද සහ පෙබරවාරිය අතර කාලයේ සිදුවන දෑ තීරනාත්මකය. ජූලියන් අසාන්ජ්ගේ ජීවිතය රැක ගැනීමට ජාත්‍යන්තර කම්කරු පන්තිය, ශිෂ්‍ය තරුනයින්, කලාකරුවන් හා බුද්ධිමතුන් බලමුලු ගැන්වීමේ ගෝලීය ව්‍යාපාරයක් සංවිධානය කිරීම අවශ්‍යය. පුලුල් පදනමකින් යුත්, ගැඹුරෙන්ම දැනෙන එහෙත් තවමත් සැඟවී ඇති අසාන්ජ් කෙරෙහි මිලියන ගනන් වැඩකරන ජනතාවගේ, තරුනයින්ගේ සහානුමතිය හා සහයෝගිත්වය, ඔහු ඇමරිකාවට පිටමං කිරීමේ කුමන්ත්‍රනය පරාජය කර ඔහුගේ නිදහස සුරැකීමට සටන් කරන දැනුවත් දේශපාලන ව්‍යාපාරයක් බවට පත්කල යුතුය.

අසාන්ජ්, ලෝකයේ ඇති ඉතා බලගතු ආන්ඩු, ඔත්තු සේවා ආයතන හා ඔවුන්ගේ හොරනෑ වන සංගත මාධ්‍ය සම්බන්ධවූ විෂඝෝර සාපරාධී කුමන්ත්‍රනයක ගොදුරකි.

අසාන්ජ් විනාශ කිරීමේ සැලසුමෙහි කැත විස්තර කෝපාවිෂ්ඨ ජනතාව ඉදිරියේ මුලුමනින්ම හෙලිදරව් වන වේලාවක් පැමිනෙනු ඇත: ලිංගික අපචාර පිලිබඳ බොරු චෝදනා මගින් විකිලීක්ස් ආරම්භකයා උගුලකට හසු කර ගැනීමේ සැලසුම් දිග හැරුනේ කෙසේ ද, ස්වීඩනයේ අභිචෝදකයන් බොරු සාක්ෂි ලබා ගත්තේ කෙසේ ද, ස්ටොක්හෝම්හි, ලන්ඩන්හි, සිඞ්නිවල හා ක්විටෝහි ඔත්තු සේවයන් සිය වැඩ කටයුතු සම්බන්ධීකරනය කලේ කෙසේ ද, ඇමරිකානු ආන්ඩුව අසාන්ජ් දඩයම හා වධ බන්ධනයට ලක් කිරීම සැලසුම් කිරීමට පගාවන්ගෙන් හා තර්ජනවලින් සමන්විත සිය අවි ගබඩාව යොදාගත්තේ කෙසේ ද යන කරුනු.

අසාන්ජ් හිංසනයට ලක් කිරීම වනාහි, කථා කිරීමේ නිදහස වැනසීම, ගවේශනාත්මක මාධ්‍යවේදය නීති විරෝධී කිරීම, විවේචකයින් බියවැද්දීම හා ත්‍රස්ත කිරීම, ආන්ඩුවල අපරාධ හෙලිදරව් වීම වැලැක්වීම සහ සමාජ අසමානතාවට ද යුද්ධයට ද එරෙහි මහජන විරෝධය මැඬීම අරමුනු කරගත් ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරෙහි දැවැන්ත ප්‍රහාරයක හී තුඩ වන්නේය.

අසාන්ජ්ට එරෙහිව ඔත්තු සේවා පනත යටතේ චෝදනා එල්ල කිරීම මගින් දැනටමත්, යුද අපරාධ හා ඔත්තු බැලීම් හෙලිදරව් කරන ලිපි මුල්කරගෙන ඕස්ටේ්‍රලියාවේ පොලිස් කඩාපැනීම්, යේමනයට එරෙහිව සිදුකරන ජනඝාතක යුද්ධයට ප්‍රන්ස ආන්ඩුව දෙන සහයෝගය හෙලිදරව් කල මාධ්‍යවේදීන්ට එරෙහි අධිකරන ක්‍රියාමාර්ග ඇතුලු මාධ්‍යවේදීන්ට එරෙහි ජාත්‍යන්තර ප්‍රහාරයක වාන් දොරටු ඇරදමා ඇත.

ශ්‍රී ලංකාවේ සසප හා සසජාතශි අසාන්ජ් හා මෑනිං ආරක්ෂා කිරීමේ උද්ඝෝෂනය : 2019 අප්‍රේල් 16

එක්සත් ජනපදය තුල ට්‍රම්ප් ආන්ඩුව, එරට ඉතිහාසය තුල කථාකිරීමේ නිදහසට එරෙහි දරුනුම ප්‍රහාරය එල්ල කරමින් ව්‍යවස්ථාවේ පලමුවන සංශෝධනයෙන් ලැබී ඇති ආරක්ෂාව අහෝසි කිරීමට වෑයම් කරමින් සිටී. ගෝලීය වශයෙන්, එය, සෑම තැනකදීම මාධ්‍යවේදීන්, ප්‍රකාශකයින් හා ක්‍රියාකාරීන්ට දඬුවම් පැමිනවීමේ කොන්දේසි සකස් කිරීමට උත්සාහ දරමින් සිටී. ඇමරිකානු ආන්ඩුව සමග විරසකයක් ඇති කර ගත හොත්, ඔවුහු ද එක්සත් ජනපදයේ ගොතන ලද චෝදනාවන්ට හා උදර්පනයට ලක් වනු ඇත.

ධනපති ක්‍රමයට එරෙහි වැඩෙන සමාජ විරුද්ධත්වයට පාලක පන්තිය ප්‍රතිචාර දක්වන්නේ, ෆැසිස්ට් වර්ගයේ හා අන්ත දක්ෂිනාංශික ව්‍යාපාර දිරිමත් කිරීම, පෙර නොවූ විරූ ආකාරයේ විවෘත පොලිස් රාජ්‍ය පියවර යොදා ගැනීම සහ සිය යුද සූදානම් උත්සන්න කිරීම මගිනි. ඔවුන් අසාන්ජ් දඩයමට ලක් කරන්නේ කම්කරුවන්, තරුනයින්, කලාකරුවන් හා බුද්ධිමතුන් බියවද්දමින් පුලුල් ජනතාවට එරෙහි දේශපාලන මර්දනයට පූර්විකාවක් සපයා ගැනීමටය.

එහෙත් සියලු ආන්ඩු, ඔත්තු සේවා ආයතන හා සංගත එක්ව ගත් කල ඒ සියල්ලටත් වඩා, ජාත්‍යන්තර කම්කරු පන්තිය බලවත්ය. ධනපති පන්තිය අසාන්ජ් දන්ඩනයට ලක් කිරීම, ආඥාදායකත්වය සඳහා ඔවුන්ගේ සැලසුම්වල කඩ ඇනය බවට පත්කරගෙන ඇතුවා සේම කම්කරු පන්තිය, ඔහු ආරක්ෂා කිරීම, මිලිටරිවාදයට ද ප්‍රජාතන්ත්‍ර හා සමාජ අයිතීන්ට එරෙහි සියලු ප්‍රහාරවලට ද විරුද්ධ ප්‍රතිප්‍රහාරයක නාභි ලක්ෂ්‍යය බවට පත්කරගත යුතුය.

මෙම අරගලයේ ජයග්‍රහනය සඳහා දේශපාලන ඉදිරිදර්ශනයක් අවශ්‍යය. ජූලියන් අසාන්ජ් හා චෙල්සි මැනිං ආරක්ෂා කිරීමේ අරගලය මෙහෙයවිය යුත්තේ , ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීමේ සටන, ධනපති සූරාකෑමට හා දේශපාලන මර්දනයට එරෙහි ජාත්‍යන්තර කම්කරු පන්තියේ සැබෑ හා වැඩෙන සමාජ අරගලය සමඟ දැනුවත්ව බද්ධ කරන ගෝලීය මූලෝපායකිනි. අසාන්ජ්ගේ නිදහස දිනාගැනීමේ අරගලය සඳහා බලගතු මහජන පදනමක් සම්පාදනය කරන ජාත්‍යන්තර පන්ති අරගලයේ නැගෙන ප්‍රවාහයක් ඇත. ලෝකය පුරා දන්ඩනයට ලක්ව සිටින ඔවුන්ගේ සහෝදර සහෝදරියන් මෙන්ම ජූලියන් අසාන්ජ් හා චෙල්සි මැනිං, අවසාන විග්‍රහයේදී පන්ති යුද්ධයේ සිරකරුවෝ වෙති.

ඇමරිකාවේ හා පෝලන්තයේ ගුරුවරුන්ගේ වර්ජන, සමිතිවලට පිටින් ඇවිලුනු මෙක්සිකෝවේ මැකිලඩෝරා කම්කරුවන්ගේ වර්ජන ක්‍රියාමාර්ග, ඉන්දියාවේ මහා වැඩවර්ජනය, ඇල්ජීරියාවේ, සිම්බාබ්වේ හා සුඩානයේ මහජන නැගිටීම්, පසු නොබැස්සවිය හැකි ප්‍රන්සයේ කහ බැනියම් විරෝධතා, සහ වඩාත් මෑතකදී හොංකොංහි පැන නැඟුන මිලියන ගනන් කම්කරු, සිසු හා තරුනයින්ගේ පෙලපාලි ද ඇතුලු ලෝක පරිමානව වැඩී යන වර්ජන ව්‍යාපාරය, සිය මූලික සිවිල් නිදහස හා සමාජ අයිතීන් සඳහා සටන් වැදීමට පොදු මහජනතාවට පවතින අධිෂ්ඨානයට දෙස් දෙයි. මෙම අරගල සෑම රටකම සංගත හා මූල්‍ය කතිපයාධිත්වයන් බියට පත්කර ඇත.

ජූලියන් අසාන්ජ්ගේ නිදහස සඳහා ව්‍යාපාරය සමාජය පතුලෙන් මතුකර ගත යුතුය. ඔහු දඬු ගැසීමේ නිරත ආන්ඩු වලට කරන සදාචාරවත් ආයාචනා, නිරර්ථක වනවා පමනක් නොවේ. අසාන්ජ්ගේ නිදහස සඳහා සටන, පාලක පන්තියේ දේශපාලන ඒජන්තයින්ට විරුද්ධවත් ඔවුන්ගෙන් ස්වාධීනවත් සිදු කල යුතුය. සමාජ යථාර්තය පිලිබඳ නිවැරදි අගැයීමක් මත පදනම් වන මූලෝපායකින් මෙහෙයවන්නේ නම් මේ සටන ජයගත හැකිය. පාලක ප්‍රභූන්ගේ නිර්දය භාවය අවතක්සේරු නොකල යුතුය. එහෙත් ඔවුහු සර්වබලධාරී නොවේ. සියලු මනෝභාවයන්ගෙනුත් වඩාත්ම ස්වයං පක්ෂාඝාතය වන අශුභවාදය, සටන සඳහා කිසිදු ප්‍රතිපදානයක් නොකරන අතරම එය අපේක්ෂා භංගයට තුඩුදෙයි.

දිනාගත හැක්කේ කුමක් ද යන්න තීරනය වනු ඇත්තේ අරගලය තුලය.

මෙම අරගලය නව ඉහල තලයකට නැංවීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන හඬ වන ලෝක සමාජවාදී වෙබ් අඩවියත්, ලොව පුරා ඇති එයට අනුබද්ධිත පක්ෂත් ගෝලීය ආරක්ෂක කමිටුවක් ගොඩනැගීම සඳහා කැඳවුම් කරයි. මෙම කමිටුවේ අරමුන, ජූලියන් අසාන්ජ් දන්ඩනයට ලක් කිරීම අවසන් කර ඔහුගේ නිදහස සුරැකීමේ ජාත්‍යන්තර සටන සංවිධානය සහ සම්බන්ධීකරනය කිරීමයි. සටන සඳහා කැමැත්ත මහජන ක්‍රියාවන් බවට හැරවිය යුතුය. මෙම ප්‍රකාශනයේ අරමුන, ගෝලීය ආරක්ෂක කමිටුවක් ගොඩනැඟීමට වැඩ කටයුතු ඇරඹීම හා ජාත්‍යන්තර ක්‍රියාවන්ගේ වැඩපිලිවෙලක් වර්ධනය කිරීමයි.

ප්‍රජාතන්ත්‍ර අයිතීන් සුරැකීමට මූලධර්මාත්මකව කැපවීමේ පදනම මත අපි, මෙම ඓතිහාසික සටන තුල සියලු ප්‍රගතිශීලී, සමාජවාදී හා වාමාංශික පුද්ගලයින්ගේ හා සංවිධානවල, සහක්‍රියාකාරිත්වය සාදරයෙන් පිලිගන්නා අතර එවන් සහභාගිත්වයක් බලාපොරොත්තු ද වෙමු. මෙම කමිටුවට සම්බන්ධවන අය, ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා ජාත්‍යන්තර කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන දේශපාලන දෘෂ්ටියේ හා වැඩපිලිවෙලේ සියලු අංග සමග එකඟ වීමක් අපට අවශ්‍ය නොවන අතර අපි එවැන්නක් බලාපොරොත්තු ද නොවෙමු. අනිවාර්යයෙන්ම දේශපාලන දකුන ඉවත් කර, මෙම තීරනාත්මක ආරක්ෂක උද්ඝෝෂනයට සම්බන්ධවන අය අතර, පුලුල් පරාසයක විවිධ ආස්ථානයන් තිබිය හැකිය. මෙම කමිටුවට සම්බන්ධ වන අයගෙන් අප ඉල්ලා සිටින්නේ, ප්‍රජාතන්ත්‍ර අයිතීන්ගේ ආරක්ෂාවට කොන්දේසි විරහිතව කැපවන ලෙස හා ජූලියන් අසාන්ජ්ගේ හා චෙල්සි මැනිංගේ නිදහස රඳා ඇත්තේ පුලුල් මහජන ව්‍යාපාරයක් ගොඩනැඟීම මතය යන්න පිලිගන්නා ලෙසය.

ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීමට බැරෑරුම්ව කැපවන කිසිවෙකුටත් පැත්තකට වී බලා සිටිය නොහැකිය. ලෝක ධනේශ්වර ක්‍රමයේ මූලික ශාපයන් වන සූරාකෑමට, ආඥාදායකත්වයට හා යුද්ධයට එරෙහි සටනේ ද භාෂනයේ නිදහස හා සත්‍යය ආරක්ෂා කිරීමේ අරගලයේ ද 21වන සියවසේ තීරනාත්මක යුද පිටිය වන්නේ ජූලියන් අසාන්ජ් පිලිබඳ ප්‍රශ්නයයි.

ජූලියන් අසාන්ජ් ආරක්ෂා කිරීමේ සටනට සම්බන්ධ වීම සඳහා දැන්ම ඉදිරිපත් වන්න!

Share this article:

ගෝලීය ආරක්ෂක කමිටුවක් ගොඩනැඟීම සඳහා!

SGP (සසප) ලේකම් උල්රිච් රිපරිට් අසාන්ජ්ගේ නිදහස ආරක්ෂා කිරීම සඳහා බර්ලින්හි පැවැති රැස්වීම අමතයි (13 අප්‍රේල් 2019)
අසාන්ජ්ගේ නිදහස් කරන ලෙස සිඩ්නි හි පැවති රැලිය (3 මාර්තු 2019)
අසාන්ජ් නිදහස් කරන ලෙස සිඩ්නි හි පැවති රැලිය අමතින ජෝන් පිල්ජර් (3 මාර්තු 2019)

මෑත පලකල ලිපි