දෙලක්ෂයක් රජයේ ගුරුවරු දෙදින වර්ජනය අරඹති

අපේ වාර්තාකරුවන් විසිනි , 2019 සැප්තැම්බර් 27

දිවයින පුරා දෙලක්ෂයකට අධික රජයේ ගුරුවරු ඊයේ සිය දෙදින වර්ජනය ආරම්භ කලහ. වාර්තාවලට අනුව, වර්ජනයට සහභාගිවීමට නොලැබුනේ ධාරනීපාත වර්ෂාව හා ගංවතුර තත්වය නිසා වසා දැමුනු දකුනු පලාතේ පාසල්වල ගුරුවරුන්ට පමනකි.

දිවයිනේ සියලු පලාත් නියෝජනය කරමින්
කොටුව දුම්රියපල ඉදිරිපිටට රැස්වූ හාරදහසක් පමන ගුරුවරු

වර්ජනයේ ඉතා වැදගත් වර්ධනය වූයේ දෙමල-විරෝධී හා මුස්ලිම්-විරෝධී අන්ත වර්ගවාදී කන්ඩායම් වල උසිගැන්වීම් ප්‍රතික්ෂේප කරමින් හා ශ්‍රේනි භේද නොතකා සියලු ගුරුවරුන් සටනට එක්ව සිටීමයි. මේ නිසා ලංකාවේ සෑම පලාතකම රජයේ පාසල් සියල්ලම පහේ වැසී ගොස් ඇත.

අනෙක් වැදගත් වර්ධනය නම් වර්ජනයට දින දෙකකට පෙර “මේ අවස්ථාවේ” රජයේ සේවකයන් කිසිවෙකුගේ වැටුප් වැඩි කල නොහැකිය යන කැබිනට් මන්ඩලය විසින් අනුමත කෙරුනු මුදල් ඇමතිගේ නිර්දේශය පිලිගැනීමට නුසුදානම් බව පෙන්වමින් ගුරුවරුන් වර්ජනයට එලඹීමයි.

ගුරුවරුන් මුහුන දෙන ඉමහත් දුෂ්කර කොන්දේසි දන්නා දෙමව්පියන් සහ ඉහල පන්තිවල සිසුන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලොසවෙඅ) හා අනෙකුත් ජනමාධ්‍යයන්ට අදහස් දක්වමින් ගුරු වර්ජනයට සිය සහයෝගය පලකලහ.

වැටුප් විෂමතා ඉවත් කර සියලු ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම, ගුරුවරුන් මත අනවශ්‍ය බර පටවන ක්‍රියාකාරකම් නතරකිරීම, දෙමාපියන්ගෙන් මුදල් අය කිරීම නතර කිරීම, දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 6 ක් අධ්‍යාපනයට වෙන් කිරීම, අහිමි කල විශ්‍රාම වැටුප යලි ලබා දීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහල තනතුරුවලට ආන්ඩුවේ හෙන්චයියන් පත් කිරීම නතර කිරීම යන ඉල්ලීම් හයක් මත ගුරු සටන දියත්වේ.

සසප ගුරු කන්ඩායමේ පිකට්වැට

ගුරුවරුන්ගේ වර්ජනය ඊයේ ඇරඹුනේ ලංකාවේ හා ජාත්‍යන්තරව පන්ති අරගල පුපුරා ඇති තත්වයකයි. ඊයේ වනවිට ලංකාවේ විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වර්ජනයට දින 16ක් වී තිබුනි. ඊයේ ඇරඹුනු දුම්රිය රියදුරන්, තාක්ෂනික නිලධාරින්, ස්ථානාධිපතිවරුන් ඇතුලු සේවක කන්ඩායමක අඛන්ඩ වැඩ වර්ජනය නිසා දුම්රිය ප්‍රවාහනය මුලුමනින්ම ඇනහිට ඇත. ආන්ඩුව සමග සාකච්චා බිඳ වැටුනොත් අඛන්ඩ වර්ජනයක් කැඳවන බවට සෞඛ්‍ය සේවා සමිති ගනනක නිලධරයන්ට ප්‍රකාශ කිරීමට සිදුව ඇත්තේ සේවකයන් අතර ඉල්ලීම් සඳහා සටන් කිරීමේ උවමනාව කැකෑරෙන තත්වයක ය.

ගුරු වර්ජනය කැඳවා ඇත්තේ ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) අයත් ලංකා ගුරු සේවා සංගමය (ලගුසේස) හා ලංකා ගුරු සංගමය (ලගුස) ඇතුලු සමිති ගනනාවක “ගුරු--විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය” (ගුවිසස) විසිනි.

ආයුධ සන්නද්ධ පොලිසිය මාර්ග බාධක දමා එය වැලක්වුහ

ඊයේ දිවයිනේ සියලු පලාත් නියෝජනය කරමින් හාරදහසක් පමන ගුරුවරු කොටුව දුම්රියපල ඉදිරිපිටට රැස්වී ඉල්ලීම් මුල් කරගත් සටන්පාඨ හඬනගමින් සිය විරෝධතාව දැක්වුහ. ගුරවරුන් කිහිප දෙනෙක්ම සඳහන් කලේ සමිතිවල සිමා කිරීම් නිසා පැමිනසිටි ප්‍රමානය එපමන වුවත් දන්නා කාලයක තම සගයන් මේතරම් ප්‍රමානයක් කොලඹට රැස්වූ පලමු වතාව මෙය බවයි.

සමිති නිලධරය කැඳවීම සිදුකර තිබුනේ ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමනක් සංවිධානය කිරීමට ය. ගුරුවරුන් කිලෝමීටර කාලක පමන පාගමනේ යෙදෙද්දී ආයුධ සන්නද්ධ පොලිසිය මාර්ග බාධක දමා එය වැලක්වුහ. කනිපින්දම් ගැසීමෙන් පසු පොලිස් නිලධාරීන්ගේ අවසර ඇතුව ඔවුන්ගේ ජීප්රියක නැගී සමිති නායකයින්ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හෝ ඔහුගේ ලේකම් හමුවීමට ජනාධිපති ලේකම් කාර්යාලය තුලට යාමට යන්තම් ඉඩලැබුනි. පැය දෙකක් පමන ඇතුලේ රස්තියාදුවී සමිති නිලධාරියෝ කිසිවෙකු හමුවීමට ඉඩ නොලැබී හිස් අතින් වර්ජකයන් ඉදිරියට පැමිනියහ.

ජනාධිපති සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර උපායික මතභේද නිසා ගිනිදැවෙන ගැටුම්වලින් අස්වැසීමක් ලබා ගැනීමට සමිති නායකයින්ගේ ගනන් බැලීමක් වී නම් ගුරුවරුන්ට දැක ගන්නට ලැබුනේ තම වර්ජනය ගැන මෙන්ම ඉල්ලීම් ගැන ද ජනාධිපතිගේ හා අගමැතිගේ ආන්ඩුව එකහෙලා විරුද්ධව සිටින බවයි. කම්කරු පන්තියේ අනෙකුත් කොටස්වල ඉල්ලීම් කෙරෙහි ද මේ දෙපාර්ශවයේ විරුද්ධත්වය එක සමාන ය.

ගුරුවරුන් ඇමතු ඔවුහු දින දෙකක් හෝ තුනක් ඇතුලත සාකච්ඡාවක් නොදුනහොත් ලබන ඔක්තෝබර් මස 7 දා සිට 12 දක්වා දින පහක වැඩවර්ජනයකට ගමන් කරන බවට ප්‍රකාශ දුන්හ. ජවිපෙ මෙහෙයවන ලගුසේසයේ නායක මහින්ද ජයසිංහ “දින දෙක තුනක් ඇතුලත උදේ, දවල්, රාත්‍රීයේ කියන ඕනෑම වේලාවක මේ ප්‍රශ්නය සාකච්ඡා මගින් විසඳගන්න අපි සූදානම්” යයි ප්‍රකාශ කලේ ය. ලගුස ජෝසප් ස්ටාලින් “දින දෙකක් ඇතුලත අනිවාර්යයෙන්ම සාකච්ඡාවක් ඕනා” යයි ප්‍රකාශ කලහ.

ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) ඒකාබද්ධ ගුරු-සේවා සංගමයේ (ඒගුසේස) ලේකම් සංජීව බන්ඩාර ගුරුවරුන්ගේ “බලය” පිලිබඳ තවත් ප්‍රලාප රැසක් ගෙතුවේ ය. “ගුරු-විදුහල්පතිවරු 265,000 ක් මේ රටේ ඉන්නවා” යයි කී ඔහු ඔවුන්වටා “රටේ ජනතා බලවේග පෙලගැස්සුවොත් මොකද වෙන්නේ” යයි කිවේය. ඔහු ගෝරනාඩුව අවසන් කලේ “එතනට පත් කරන්නේ නැතුව ප්‍රශ්නය විසඳන්න කියලා අපි ආන්ඩුවට බලකරනවා” යයි කියමිනි.

ජාත්‍යන්තරව ගුරුවරුන් තම වැටුප් හා සේවා කොන්දේසි දියුනුකර ගැනීමට ඇමරිකාවේ, මෙක්සිකෝවේ, ජර්මනියේ, ප්‍රන්සයේ, පෘතුගාලයේ හා ඉන්දියාවේ තමිල්නාඩුවේ ආදී වසයෙන් රටවල් ගනනාවක අරගලවලට එලැඹී සිටිතත් බන්ඩාර ප්‍රකාශ කලේ “අද ලෝකේ හැම රටකම ගුරුවරුන්ට ඉහල වැටුපක් ගෙවන” බවත් “එසේ කරන්නේ අධ්‍යාපනයේ වටිනාකම ඒ රටවල් දන්නා නිසා” බවත් ලෝකය පුරා ධනපති පන්තියට කත් අදිමිනි.

ධනපති වාදයේ ලෝක අර්බුදය ගැඹුරු වෙද්දී සෑම රටකම ආන්ඩු හා පාලක පන්තීන් අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුලු අත්‍යවශ්‍ය සමාජ අයිතීන් හා ජීවන කොන්දේසි අතුගා දමමින් ඒකාධිපති හා ෆැසිස්ට් පාලනයන් අටවා ගැනීමට හැරීසිටියි.

බන්ඩාර, ජයසිංහ හා ස්ටැලින් ප්‍රමුඛ සමිති නිලධරය-- අවශේෂ සමිති නිලධරයන්මෙන්ම-- ගුරුවරුන්ගේ අයිතීන් පාගාගෙන සිටීමේ මූලය වන ධනපති අර්බුදය වසන් කරන්නේ එම අර්බුදය තේරුම් ගනිමින් විප්ලවවාදී නිගමන කරා පැමිනීම වැලැක්වීමටයි. ඒ පිලිබඳව ඔවුන්ගේ රුදුරු විරුද්ධත්වය සමාජවාදී සමානතා පක්ෂයේ ගුරු කන්ඩායම ඊයේ කල දේශපාලන මැදිහත්වීම කෙරෙහි දැක්වූ සතුරුකමින් පැහැදිලිවිය.

සසප සාමජිකයෝ සසප ගුරු කන්ඩායම විසින් සම්පාදනය කරන ලදුව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පලවූ ගුරු අරගලය ජයගන්නේ කෙසේද? යන මැයෙන් පලවූ ඉදිරිදර්ශන ලියවිල්ලේ පිටපත් සියගනනක් ගුරුවරු අතර බෙදාහරිමින් ඔවුන් හා දේශපාලන සාකච්ඡා විවර කර ගත්හ. සක්‍ය දේශපාලන වැඩපිලිවෙලක් ඉදිරිපත් කරමින් ගුරුවරුන් අතර ලියවිල්ලක් බෙදාහැරියේ සසප ගුරු කන්ඩායම පමනි. එම ලියවිල්ල කියවීමට ගුරුවරු සැලකිය යුතු උනන්දුවක් දැක්වූ අතර ඇතැම් කම්කරුවෝ සසප සාමජිකයන් අතින් ලියවිලි ඉල්ලාගෙන විරෝධතා කරුවන් අතර බෙදාහැරියහ.

විරෝධතා පාගමන ආරම්භ කිරීමට ප්‍රථම කම්කරුවන් ඉදිරිදර්ශන ලියවිල්ල කියවමින් සසප සාමාජිකයන් සමග සාකච්ඡාවන්ට ප්‍රවිෂ්ට වෙද්දී ලගුසේස ලේකම් මහින්ද ජයසිංහ ලියවිලි බෙදමින් සිටි සසප සාමජිකයෙකුට පහරදීමට උත්සාහ කලේ “මෙතන වනසන්න හදන්න එපා” යැයි තර්ජනය කරමිනි.

එහෙත් කිසිදු කම්කරුවෙකුගෙන් වෘත්තීය සමිති නායකයින්ගේ බාධා කිරීම වලට අනුකූලතාවක් හිමිවූයේ නැත. සසප සාමාජිකයින් සමග සාකච්ඡාවේ නිරතව සිටි ගුරුවරුන් කන්ඩායම් ඉදිරිපිටදී “මේවා ගන්න එපා” යැයි කියමින් වෘත්තිය සමිති නායකයෙක් තමා අත තිබූ ලියවිල්ල ඉරා දැමුවත් එම ගුරුවරු සසප ලියවිල්ල කියවීමට කැමති බව ප්‍රකාශ කලහ.

මෙම මිත්‍යාවන්ගේ පල්ල යවමින් ලංකාවේ කැබිනට් මන්ඩලය බදාදා තීන්දු කලේ “මේ අවස්ථාවේ” රජයේ සේවකයින්ගේ වැටුප් විෂමතා විසඳීමට මුදල් වියදම් නොකරන බවයි. ජනවාරි මාසයේදී වැටුප් කොමිසමේ නිර්දේශ අනුව වැටුප් වැඩිවීමක් දීමට හැකි බව මුදල් ඇමති මංගල සමරවීර පවසා ඇත. පසුදා කොලඹදී පැවති මාධ්‍ය හමුවකදී වර්ජනයේ යෙදෙන සියලු රාජ්‍ය සේවකයින්ට පහර දෙමින් සමරවීර ප්‍රකාශ කලේ “ඇතැම් පුද්ගලයින් තමන්ගේ පටු දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාවට දැමීම සඳහා රාජ්‍ය සේවකයා නොමග යවමින් රාජ්‍ය සේවය කඩා කප්පල් කරමින් සිටින” බවයි.

රාජ්‍ය සේවකයන් එවැනි කුමන්ත්‍රනකරුවන්ගේ ඉත්තන් බවට පත් නොවිය යුතු බව ඔහු එහිදී පැවසීය. ආන්ඩුව ව්‍යාජ චෝදනා පෙරට දමමින් කම්කරුවන් දඩයම් කිරීමට පොටක් පාදා ගැනීමට මාන බලන බව එහි තේරුමයි.

සසප උද්ඝෝෂනය

විරෝධතාකරුවන් පාගමනේ යෙදෙද්දී සසප සාමජිකයෝ “අධ්‍යාපන කප්පාදුවට එරෙහිව විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක, පාසල් ගුරු හා ශිෂ්‍ය එකමුතුවට සටන් වදිමු, ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටු ගොඩනගමු, කම්කරු පන්තියේ සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක් සඳහා සටන් වදිමු, ධනපති පාලනයට එරෙහි කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා සටන් වදිමු” යනාදී සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් සසප ගුරු කන්ඩායමේ බැනරය යටතේ පිකට් උද්ඝෝශනයක් පැවත්වූහ.

ගුරවරුන් ගනනාවක් සිය අරගලය ගැන ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කලහ.

අරුන සහ ආනන්ද

කලුතර ගමගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ අරුන සහ ආනන්ද:

“ලංකා ගුරු සංගමය ඇතුලෙ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (සසප පෙරගමන්කරු) කම්කරු පන්තියේ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්න සටනක් කරා. අපි ඒ කාලේ කියපු දේවල් නොපිලිගත්තා නෙවේ. නමුත් දැන් එහෙම සටනක අවශ්‍යතාවය දැනෙනවා, ධනපති ක්‍රමයට අභියෝග නොකර ඉල්ලීම් දිනාගන්න බැහැ. අපිට ඒකට ක්‍රියාමාර්ගයක් නායකත්වයක් නැහැ. අපි ඒක ගැන සාකච්චා කරන්න කැමතියි.”

අරුන සඳහන් කලේ “මම මේ කියන දේ අලුතින් ඇහුවෙ නමුත් ඒ දේ ඇත්ත. අවුරුදු 22 ක් තිස්සේ මේ ඉල්ලීම ලැබිලා නැති එකෙන් තේරෙන්නෙ මේක ධනපති ක්‍රමයේ අර්බුදයේ ප්‍රතිපලයක් බව. ක්‍රියාකාරී කමිටු ගොඩනගන එක තමයි කෙරෙන්න ඕනි.”

වත්තල ප්‍රදේශයේ මුස්ලිම් ගුරුවරුන් දෙදෙනෙක්: “අපි මේ උද්ඝෝෂනයට ආවේ ආන්ඩුවට අපේ විරුද්ධත්වය පෙන්නන්න. අනෙක් ගුරුවරුන්ට ශක්තියක් වෙන්න. අද රටේම ගුරුවරුන් වර්ජනයට සම්බන්ධ වීමෙන් කම්කරු පන්තියේ එකමුතුව පෙන්නනවා. අප්‍රේල් 21 දා ප්‍රහාරය ගසාකමින් ආන්ඩුව, බෞද්ධ අන්තවාදී කොටස් උත්සාහ කලේ මේ එකමුතුව බිඳීමටයි.”

කුරුනෑගල ප්‍රදේශයේ ගුරුවරියන් කන්ඩායමක්: “කම්කරු පන්තියට ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලක් තියෙන්න ඕනා, නමුත් ජවිපෙ ඇතුලු අනෙකුත් පක්ෂ ධනපති පක්ෂවලට හේත්තු වෙලා ඉන්නේ. ජවිපෙ දැන් යුඑන්පීට කඩේ යනවා. මෙවර ජනාධිපතිවරනයේ ප්‍රධාන අපෙක්ෂකයෝ මොකෙක් ගැනවත් අපිට විස්වාසයක් නෑ.”

වර්ජනයට පෙරදින පේරාදෙනියේ, ඉංග්‍රීසි ගුරු විද්‍යාලයේ ගුරුවරුන් දෙදෙනකු සමග සාකච්ඡා කිරීමේදී එක් ගුරුවරයෙක් මෙසේ පැවසුවේය: ”ගුරුවරුන්ගේ අරගලයේ මූලික ප්‍රශ්නයක් වන්නේ ගුරු වරුන් දැන් අරගලයට එනවා. නමුත් මේවා එකමුතුකමෙන් සංවිධානය කර ගැනීම ප්‍රශ්නයක් පක්ෂවලට බෙදිලා නොයෙක් ගැටලු තියෙනවා. දැන් ඒක තේරුම් ගනිමින් සිටිනවා.”

නුවර රනබිම රාජකීය විද්‍යාලයේ ආචාර්ය වරයෙකු වන මයුර: “ගුරුවරුන්ට බරපතල සටනක් කරන්නෙ නැතුව ජීවත් වෙන්න බැරි තත්වයක් තියෙන්නෙ. මම මේ දවස්වල උත්තර පත්‍ර පරීක්ශනයේ යෙදී ඉන්නව. මම ඒක පවා පැත්තක දාලා කොලඹ උද්ඝෝශනයට යනවා. ආන්ඩුව යන විදියට මේ විරෝධතාවලින් පලක් වෙයි කියල හිතන්න අමාරුයි. ඒ වගේම වෘත්තීය සමිතිවල වැඩපිලිවෙල ගැනත් මට ඒතරම් විස්වාසයක් නැහැ.”

යාපනයේ ගුරවරුන් අරගලයට සම්බන්ධවූයේ ජාතිකවාදී “දෙමලුනි නැගිටිවු” ව්‍යාපාරයට සම්බන්ධවී සිටින දෙමල ගුරු සංවිධානය වර්ජනයට සහයෝගය දීම ප්‍රතික්ෂේප කර තිබු තත්වයකයි.

යාපනයේ ගුරවරයෙකු වන ආර්. බාලා සඳහන් කලේ: මම මේ වර්ජනයට සහයෝගය දෙනවා. ඒත් දින දෙකක වර්ජනයක් මදි. මම කිසිම සමිතියක සාමාජිකයෙක් නොවෙයි. ඒත් මම පිලිගන්නවා ගුරුවරුන්ගේ අරගලය ජාත්‍යන්තර එකක් බව.”

Share this article: