හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව 1917 ඔක්තෝබර් විප්ලවයේ ශත සංවත්සරය සැමරීම පිනිස, ඔක්තෝබර් 14 - නොවැම්බර් 4 දක්වා සෑම සතියකටම වරක් පැවැත්වෙන දෙවන අන්තර්ජාල දේශන මාලාව සංවිධානය කරයි.

පලමු දේශන වටය, පසුගිය වසන්තයේදී පවත්වන ලදී. එහිදී රුසියානු විප්ලවයේ මූලාරම්භයන් ද එය පුපුරා යාම ද 1917 පෙබරවාරි-මාර්තු කාලයේ ධනපති තාවකාලික ආන්ඩුව පිහිටුවීම ද විමසා බැලුනි.

දෙවන දේශන වටය, 1917 ඔක්තෝබරයේ සමාජවාදී විප්ලවය දක්වා දිවෙන මාස හා සති ගනනාව තුල සිදුවූ තීරනාත්මක න්‍යායික ප්‍රශ්න හා දේශපාලන සිද්ධීන් විමසා බලනු ඇත.

රැස්වීම් යූ ටියුබ් ඔස්සේ සජීවී ලෙස විකාශනය කෙරෙනු ඇත. දේශන හා වැඩි විස්තර සඳහා පහත ලියාපදිංචි වන්න. පසුගිය දේශන මාලාව සඳහා ලියාපදිංචි වී ඇත්නම් නැවතත් ලියාපදිංචි වීම අවශ්‍ය නැත.

දේශන වැඩසටහන

2017 ඔක්තෝබර් 14 • පව 5.00 නැගෙනහිර වේලාවෙන් (ඔක්තෝබර් 15 අලුයම 2.30, ශ්‍රී ලංකා වේලාවෙන්)

Lenin’s ලෙනින්ගේ රජය හා විප්ලවය

පෙට්‍රොග්‍රෑඩයේ කම්කරුවන්ගේ හා සෙබලූන්ගේ මහජන පෙලපාලි (“ජූලි දවස්”) තාවකාලික ආන්ඩුව විසින් රුදුරු ලෙස මැඩීම හමු වේ, බොල්ශෙවික් පක්ෂය නීති විරෝධී තත්වයට ඇද වැටුනි. සිරගත කිරීම හා ඝාතනයෙන් බේරීම පිනිස ලෙනින්ට පෙට්‍රොග්‍රෑඩයෙන් පලා යාමට බල කෙරුනි. නීති විරෝධී තත්වය තුල වැඩකරමින් ලෙනින්, ඔහුගේ අතිශය වැදගත් දේශපාලන කෘතීන්ගෙන් එකක් වන රජය හා විප්ලවය රචනා කලේය. රාජ්‍යය පිහිටුවීමේ ඓතිහාසික මූලයන් ද එහි පන්ති වැදගත්කම ද පිලිබඳ මාක්ස් හා එංගල්ස්ගේ දෘෂ්ඨීන් මත පිහිටා මෙහිදී, කම්කරු පන්තිය විසින් රාජ්‍ය බලය දිනාගැනීමෙහි අවශ්‍යතාව න්‍යායිකව හා දේශපාලනිකව සවිස්තරාත්මකව හෙලිදරව් කරනු ලැබින.

දේශකයා, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඇමරිකානු ජාතික ලේකම් ද සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික කමිටු සාමාජිකයෙක් ද වන බැරී ග්‍රේ ය. ඔහු වසර 45ක් තිස්සේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල සිටින ක්‍රියාකාරිකයෙකි.

2017 ඔක්තෝබර් 21 • පව 5.00 නැගෙනහිර වේලාවෙන් (ඔක්තෝබර් 22 අලුයම 2.30, ශ්‍රී ලංකා වේලාවෙන්)

විප්ලවය ආසන්නයේ: බොල්ශෙවික් පක්ෂය, කම්හල් කමිටු හා කම්කරු පන්තිය

තාවකාලික ආන්ඩුවේ මර්දනකාරී පියවර තිබියදීම බොල්ශෙවික් පක්ෂය, 1917 අගෝස්තු-සැප්තැම්බර් කාලයේ පුපුරන සුලු වර්ධනයක් අත්විඳීය. ඉතිහාසය පිලිබඳ බැරෑරුම් ශාස්ත්‍රාලිකයන්, බලය සෝවියට් සභාවන්ට හා කම්කරු පන්තිය වෙත පැවරිය යුතුය යන බොල්ශෙවිකයන්ගේ ඉල්ලීමට මහජන සහාය ගොනුවූ ආකාරය ලේඛනගත කර ඇත. කම්හල්වල සාමාජිකයින්ගේ ජාතික පරිමාන ජාලයක් වර්ධනය වීම, කම්කරු පන්තිය තුල බොල්ශෙවික බලපෑම වර්ධනය වීමේ තීරනාත්මක පදනම සම්පාදනය කලේය.

සසප ජාතික කමිටු සාමාජික ටොම් කාටර් දේශකයාය. පසුගිය වසරක කාලය තුල ටොම්, ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි පල කෙරෙමින් තිබෙන “රුසියානු විප්ලවයේ මේ සතිය” වැඩසටහනෙහි ප්‍රධාන සංස්කාරක වරයා ලෙස කටයුතු කරයි. එම වාර්තා මාලාව සූදානම් කිරීමේදී ඔහු, බොහෝ ඓතිහාසික ලේඛන මුල් රුසියානු බසින් පරිවර්තනය කරගනු ලැබීය.

2017 ඔක්තෝබර් 28 • පව 5.00 නැගෙනහිර වේලාවෙන් (ඔක්තෝබර් 29 අලුයම 2.30, ශ්‍රී ලංකා වේලාවෙන්)

ඔක්තෝබරයේ පාඩම්: බලය අල්ලා ගැනීම ආසන්නයේ බොල්ශෙවික් පක්ෂය තුල දේශපාලන අර්බුදය

ඔක්තෝබර් විප්ලවයෙන් වසර හතකට පසුව 1924දී ලියොන් ට්‍රොට්ස්කි, තාවකාලික ආන්ඩුව පෙරලා දැමීමට ඔන්න මෙන්න කියා තිබියදී, බොල්ශෙවික් පක්ෂය තුල පුපුරා ගිය ගැටුම සිහිපත් කලේය. “උපායික හැරීම් සාමාන්‍යයෙන් පක්ෂ අභ්‍යන්තර ඝර්ෂනයන්ට තුඩු දෙනවා නම්, මූලෝපායික හැරීම්වල ප්‍රතිපල වශයෙන් හටගන්නා ඝර්ෂනය කෙතරම් ගැඹුරු හා තියුනු වනු ඇත් ද?” තාවකාලික ආන්ඩුවට එරෙහි නැගිටීමක් සඳහා ලෙනින්ගේ කැඳවුමට බොල්ශෙවික් පක්ෂයේ ප්‍රමුඛ නායකත්වය තුලින් මතුවූ විරුද්ධත්වය, විප්ලවය පීලිපැනීමේ තර්ජනය මතු කලේය.

දේශකයා බ්‍රිතාන්‍යයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ක්‍රිස් මාස්ඩන්ය. ක්‍රිස් 1958 පටන් ජාත්‍යන්තර කමිටුවේ ප්‍රමුඛ චරිතයක්ව සිටී. එසේම ඔහු පසුගිය විසි වසරක කාලය තුල බ්‍රිතාන්‍යයේ සසප ජාතික ලේකම් වශයෙන් කටයුතු කරයි.

2017 නොවැම්බර් 11 • පව 1.00 නැගෙනහිර වේලාවෙන් (නොවැම්බර් 11 රාත්‍රී 11.30, ශ්‍රී ලංකා වේලාවෙන්)

ලෝක ඉතිහාසය හා සමකාලීන දේශපාලනය තුල ඔක්තෝබර් විප්ලවය දරන තැන

1991දී සෝවියට් සංගමය විසුරුවාහැරීමෙන් ඉක්බිත්තේ, ධනේශ්වර ශාස්ත‍්‍රාලිකයන් අතර, රුසියානු විප්ලවය දේශපාලන අහම්බයකට නොවැඩි දෙයක් හා නීති විරෝධී ද ඓතිහාසික වර්ධනයේ ගමන් මගෙහි “සාමාන්‍යයෙන්” එනම් ධනේශ්වර, බැහැර වීමක් පවා වන බවට ද නව එකඟතාවක් ඇති විය. ඔක්තෝබර් විප්ලවයේ ස්මරනීය ජාත්‍යන්තර දේශපාලන බලපෑම හා සෝවියට් සංගමය අත්කරගත් දැවැන්ත ආර්ථික, සමාජ හා සංස්කෘතික ජයග්‍රහන නොතකා හරිනු ලැබ නැත්නම් ඉවත දමනු ලැබුනි. එහෙත් මෙම කියමන් පැවතියදී ද ඔක්තෝබර් විප්ලවය, 20 වන සියවසේ වඩාත්ම වැදගත් දේශපාලන සිද්ධිය ලෙස ඉතිහාසය තුල ජීවමානව පවතිනු ඇත. 21වන සියවස මුහුනදෙන ලෝක පරිමාන අර්බුදයට පිලිතුරු සොයාගැනීම සඳහා මෙම විප්ලවය හැදෑරීම පූර්වඅවශ්‍යතාවක් වන්නේය.

දේශකයා, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් ය.