අන්තර්ජාල වාරනයට එරෙහිව පෙරලා සටන්කරනු!

Fight back against internet censorship!

2018 අගෝස්තු 9

වාමාංශික, යුද විරෝධී හා සමාජවාදී ප්‍රකාශනයන් කරා පැමිනෙන්නන් දැවැන්ත ලෙස කප්පාදු කිරීම සඳහා ගූගල් සිය සෙවුම් ඇල්ගොරිතමයන් යොදා ගන්නේය යන කාරනාව පිලිබඳව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, 2017 ජූලි මස හෙලිදරව් කලේය. ලිපි දුසිම් ගනනක් මගින් අප තහවුරු කලේ අනෙකුත් තාක්ෂනික ඒකාධිකාරයන් සමග සහ එක්සත් ජනපද ඔත්තුසේවා යාන්ත්‍රනය සමග සමීප සහයෝගයෙන්, ගූගල්, විරුද්ධ මතවාදයන් වාරනය කිරීමේ ව්‍යපාරයක යෙදී සිටින බවයි.

ඊලඟ වසර තුලදී, මුලින් තාක්ෂන යෝධයින් ප්‍රතික්ෂේප කල, ලෝසවෙඅ විසින් ඉදිරිපත් කෙරුනු සෑම ප්‍රශ්නයක්ම සත්‍ය බව තහවුරුවී ඇත. “විකල්ප” තොරතුරුමූලාශ්‍ර බෙදා හැරීම බාධා කරන අතර, “විශ්වාසවන්ත” ප්‍රවෘත්ති බෙදා හරින්නන් සඳහා අනුග්‍රහ දැක්වූ බව ගූගල්, ෆේස් බුක් සහ ට්විටර් යන සියල්ලන්ම පිලිගත්හ. තමන්, නිව්යෝක් ටයිම්ස් සහ වෝල්ස්ටී්‍රට් ජර්නල් වැනි ප්‍රකාශන ප්‍රචාරනය කරමින්, “තදින් කැපවුනු අනුගාමිකත්වයක් ඇති”, එහෙත් හඟිනා පරිදි “තම කේන්ද්‍රීය ශ්‍රාවක ජනයා හැර පුලුල් අනෙකුන් විශ්වාසය නොතබන” වෙබ් අඩවි, පහතට දමමින් සහ අවහිර කරමින් සිටිනා බව ෆේස් බුක් ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ප්‍රකාශ කර ඇත.

වර්ධනය වන සමාජ සහ දේශපාලන විරෝධය යටතේ වාරනය වඩ වඩාත් විවෘත රූපාකාරයන් අත් කරගනිමින් සිටියි. යන්තම් පසුගිය සතියේ, ෆේස්බුක් සමාගම, පසුගිය වසරේ චාර්ලට්ස්විල්හි නාසි රැලියේ සංවත්සරය වූ අගෝස්තු 12 දින නව-ෆැසිස්ට්වාදී “දක්ශිනාංෂය එකමුතුවව් 2” වොෂින්ටනයේ සංවිධානය කල උද්ඝෝෂනයට එරෙහි වාමාංශික ප්‍රතිවි රෝධතාවය සඳහා පැවැති නිල සිදුවීම් පිටුව, වසාදැමූ බව නිවේදනය කලේ ය.

වොෂින්ටන් පොලීසිය ෆැසිස්ට්වාදීන් මෙම සති අන්තයේ (12 දා) රැලියේ ස්ථානයට ආරක්ෂිතව රැගෙන යාමටත් ඔවුන් ෆැසිස්ට් විරෝධී උද්ඝෝෂකයින්ගෙන් “ආරක්ෂා” කිරීමටත් සැලසුම් කරයි. මේ අතර, වොෂින්ටන් ඩීසීයේ ප්‍රවාහන බලධරයේ ෆැසිස්ට්වාදී උද්ඝෝෂකයන් සඳහා වෙන ම මෙට්‍රො (උමං දුම්රිය) රථ සැපයීමේ සැලසුමක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටි අතර ප්‍රවාහන කම්කරුවන්ගේ මහත් විරෝධතාව හමුවේ පමනක් එය අත්හැර දැමීමට සිදුවිය.

අන්ත දක්ෂිනාංශයට රාජ්‍ය සහය සහ ප්‍රචාරනය ලැබෙද්දී, ප්‍රධාන තාක්ෂනික සමාගම් ධනවාදයට, යුද්ධයට සහ අසමානතාවට එරෙහි වාමාංශික විරෝධතාව නවතා දැමීමේ තම අරමුනට ආවරනයක් ලෙස අන්ත දක්ෂිනාංශික සංවිධාන වාරනය කිරීම ආරම්භ කර ඇත.

මෙම සතියේ, ඇපල්, ෆේස්බුක්, යූ ටියුබ් සහ ස්පෝටිෆයි යන සියල්ලේම අන්ත දක්ෂිනාංශික කුමන්ත්‍රන න්‍යායවාදී ඇලෙක්ස් ජෙන්ස්ගේ පොඞ්කාස්ට්ස්, වීඩියෝ දර්ශන සහ සජීවී විකාශයන් වාරනය කරමින්, ඔහුගේ මත වාද ඉවත් හෝ අවහිර කරන ලදී. මෙම සමාගම් “වෛරී කථා” සහ “හිරිහැරකිරීම” වලට එරෙහි තම ප්‍රතිපත්ති ජෙන්ස් විසින් උල්ලංඝනය කලේය යි කියාපාමින් තම පියවරන් යුක්තියුක්ත කලේය.

මෙම සංගත වල ක්‍රියාවන් කුහකත්වයෙන් සහ වංක සිතින් සමන්විතය. ඔවුන්ගේ යුක්තිසහගත කිරීම කුමක් වූවත්, එවැනි වාරනයක් භාෂන නිදහසේ අතිමූලික සංකල්ප උල්ලංඝනය කිරීමක් යන්න කරුනක් ලෙස පවතී. දීර්ඝ කාලීන අත්දැකීම් පෙන්නුම් කර ඇත්තේ රජයේත් සහ සංගත වලත් දේශපාලන වාරනය ෆැසිස්ට් දක්ෂිනාංශයට හානි සිදුකරනවා නොව එය, රජයට සහ දේශපාලන සංස්ථාපිතයට එරෙහි ඒවායේ අභූත කියාපෑම් ඔප දැමීම මගින්, ශක්තිමත් කරන බවයි. තාක්ෂන යෝධයින් විසින් සිදුකල ජෙන්ස්ගේ වාරනය වෙනුවෙන් පුලුල් ප්‍රසිද්ධියක් ලබා දුන් සියලුම ප්‍රධාන පුවත්පත් සහ රූපවාහිනී ජාලයන් වාමාංශික ප්‍රවෘත්ති බෙදාහරින්නන්ගේ වාරනය පිලිබඳව බොහෝ සෙයින් නොතකා ඇත. එපමනක් නොව අන්ත දක්ෂිනාංශයට, හමුදාවේත්, පොලීසියේ සහ රජයේත් ඉහල ම මට්ටමේ සහය ලැබෙයි.

අන්ත දක්ෂිනාංශය වාරනය කිරීම, ප්‍රධාන එල්ලය වන වාමාංශික දේශපාලන ව්‍යාපාරයන් වාරනය කිරීම සඳහා දේශපාලන පූර්වාදර්ශයක් නිර්මානය කරයි. මෙය, මේ දෙකම දේශපාලන “අන්තවාදයන්හි” රූපාකාරයන් නියෝජනය කරන්නේ යයි කියාපාමින්, ෆැසිස්ට්වාදය සහ ධනවාදයට එරෙහි වාමාංශික විරෝධය අතර ව්‍යාජ සදාචාරාත්මක සමානතාව යුක්තියුක්ත කරයි. මෙවැනි ප්‍රතිගාමී සංයෝග කිරීම් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට දුරදිග යන ප්‍රතිඵල ගෙන එන්නාවූ ප්‍රහාර ක්‍රියාත්මක කිරීමට යුරෝපය සහ ඕස්ටේ්‍රලියාව පුරා භාවිතා කරනු ලබමින් තිබේ.

වාරන උද්ඝේෂනයේ කේන්ද්‍රීය ඉලක්කයක් වී ඇති ලෝක සමාජවාදී වෙබ් අඩවිය, භාෂනයේ නිදහසට එරෙහි ප්‍රහාරයට එරෙහි සටනේ පෙරමුන ගෙන ඇත. වසරකට පමන පෙරාතුව ගූගල් සමාගමට යවන ලදුව ප්‍රකාෂයට පත් කරන ලද ලිපියක, ලෝසවෙඅ, “ලෝසවෙඅ අපලේඛනගත කිරීම නවතන ලෙසටත් සහ සියලුම වාමාංශික, සමාජවාදී, යුද-විරෝධී සහ ප්‍රගතිශීලී වෙබ් අඩවිවලට එරෙහි වාරනය අවසන් කර දමන ලෙසටත්” බලකර සිටියේය. එය “මෙම පරිමානයේ වාරනය වනාහි දේශපාලන අපලේඛන ගත කිරීමකි.

ගූගල් වාරන ඇල්ගොරිතම වල පැහැදිලි අභිප්‍රාය වන්නේ ඔබගේ සමාගමට වාර්තා වීමට අවශ්‍ය නොවන ප්‍රවෘත්ති අවහිර කිරීමත් සහ ඔබ එකඟ නොවන මත යටපත් කිරීමත් ය.”

ජනවාරියේදී, අප “සමාජවාදී, යුද-විරෝධී වාමාංශික සහ ප්‍රගතිශීලී වෙබ් අඩවිවලට, සංවිධාන වලට සහ ක්‍රියාධරයින්ට” “අන්තර්ජාල වාරනයට එරෙහි සටන සඳහා ජාත්‍යන්තර සන්ධානයකට” ඒකාබද්ධ වීම සඳහා කැඳවුම් කරමින් විවෘත ලිපියක් නිකුත් කලේය.

මෙම ඉල්ලීමට විකිලීක්ස් හා ජූලියන් අසාන්ජ් ජෝන් පිල්ගර් සහ ක්‍රිස් හෙජස් ඇතුලු බොහෝ ප්‍රතිපත්ති ගරුකරන ජන මාධ්‍යවේදීන්, දහස් ගනන් කම්කරුවන් සහ තරුන ජනයා සමග, සහය පල කලහ. අන්තර්ජාල වාරනයේ උද්ඝෝෂනය ලන්ඩන් නුවර ඉක්වදොර් තානාපති කාර්යාලයේ සරනාගතයකුවීමට බල කෙරුනු අසාන්ජ් නෙරපා හැරීමේ තැත සමග සම්පාත වෙයි. පසුගිය ජූනියේ දී, ඕස්ට්‍රේලියාවේ සමාජවාදී සමානතා පක්ෂය ඕස්ටේ්‍රලියාවට ඔහු ආරක්ෂිතව යලි පැමිනීම සහතික කරන ලෙසට ඕස්ටේ්‍රලියානු ආන්ඩුවට බලපෑම් කරමින් අසාන්ජ්ගේ ආරක්ෂාව වෙනුවෙන් බලගතු උද්ඝෝෂනයක් සංවිධානය කලේය.

අන්තර්ජාල වාරනය කිරීමේ තම තැත තාක්ෂන යෝධයින් විසින් උත්සන්න කරනා‘තර, ලෝක සමාජවාදී වෙබ් අඩවිය විවෘත ලිපියේ කෙටුම්පත් කර ඇති (පහත) ඉල්ලීම්වල පදනම මත අන්තර්ජාල වාරනයට එරෙහිව උද්ඝෝෂනය පුලුල්කරමින්ද සහ ගැඹුරුකරමින්ද සිටියි:

■ අන්තර්ජාලයට ප්‍රවිෂ්ටවීම අයිතියක් බවත් එය අවහිරයකින් තොරව නිදහසේ සැමට එකසේ ලබාගත හැකිවිය යුතු බවත් වන මූලධර්මයෙන් මග පෙන්වනු ලබන, දේශපාලන සංවිධානයේත්, නිදහස් ලෙස තොරතුරු, සංස්කෘතිය හා විවිධ දෘෂ්ටිකෝනයන් හුවමාරුකරගැනීමේත්වේදිකාවක් ලෙස අන්තර්ජාලය සුරැකීම.

■ අන්තර්ජාලය ආන්ඩු හා පෞද්ගලික සමාගම් වල පාලනයෙන් පරිපූර්නව ස්වාධීන විය යුතුබවට කොන්දේසි විරහිතව බලකර සිටීම.

■ අන්තර්ජාලයේ අපක්ෂපාතිත්වය හා ඊට නිදහස්, නිර්බාධිත සහ සමාන ප්‍රවිෂ්ටයක් ලැබීම කොන්දේසි විරහිතව ආරක්ෂා කිරීම.

■ වෙබ් අඩවි වල මහජන දෘශ්‍යතාවය සීමා කෙරෙන හා අවහිර කෙරෙන පරිදි ආන්ඩු හා සංගත විසින් සෝදිසි ඇල්ගොරිතම හා පටිපාටීන් හැසිරවීම තහනම් කිරීම හා නීතිවිරෝධී කිරීම.

■ අන්තර්ජාලය හා කෘතිම බුද්ධි තාක්ෂනය, වෙබ් පරිශීලකයන් පිලිබඳ ඔත්තු බැලීමට භාවිතා කිරීමට එරෙහිව සම්මුති විරහිත විරුද්ධත්වය.

■ ජුලියන් අසාන්ජ් හා එඞ්වඞ් ස්නෝඩන්ට එරෙහ හිංසා පීඩා නවතා දැමීම හා ඔවුන්ගේ පෞද්ගලික නිදහස මුලුමනින්ම ප්‍රතිස්ථාපනය කිරීමට බල කිරීම.

■ ඒකාධිකාරී අන්තර්ජාල සමාගම්, ජාත්‍යන්තරව සමායෝජිත ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් යටතේ පෞද්ගලික ලාභය නොව ඉහලම ප්‍රමිතියේ සේවය සම්පාදනය කරන මහජන උපයෝගිතා බවට පරිවර්තනය කිරීම.

■ අන්තර්ජාල වාරනයට එරෙහිව හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීම සඳහා වන අරගලය, ධනේශ්වර ආන්ඩු වලට සහ ඒවායේ උත්සුකයන් වෙනුවෙන් සේවය කරන පක්ෂ හා දේශපාලනඥයන්ට ආයාචනය කිරීම මගින් නොව, ඔවුන්ට එරෙහිව සම්මුති විරහිත අරගලයකින් පමනක් සිදුකල හැක්කකි. තවද, මෙම අරගලය එහි විෂය ක්ෂේත්‍රයෙන් ජාත්‍යන්තර වන අතර එය ජාත්‍යොන්මාදවාදයේ හා අධිරාජ්‍යවාදී යුදවාදයේ සෑම ආකාරයකට හා විද්‍යමාන වීමකට ම මුලුමනින් ම සතුරු වෙයි. එබැවින්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සත්‍යවශයෙන්ම කැපවී සිටින කවුරුන් වුව, සියලු රටවල කම්කරු පන්තිය බලමුලුගැන්වීම කෙරේ සිය ප්‍රයත්නයන් යොමුකල යුත්තේ ය.

ලෝක පාලක පන්තීන්ගේ අන්තර්ජාල වාරන උද්ඝෝෂනයේ කේන්ද්‍රයේ ඇති එක්සත් ජනපදය තුල, ඩෙමොක්‍රටිකයන් රට තුල ප්‍රජාතන්ත්‍රවාදී විරුද්ධ පාර්ශ්වය වෙත කඩාපැනීම සඳහා ඔත්තු ඒජන්සිවල බලකිරීම් යොමුකිරීමේ පෙරමුන ගෙන ඇත. ඩෙමොක්‍රටිකයෝ තම විවේචනය ට්‍රම්ප් පරිපාලනය වෙත එල්ල කර ඇත්තේ එහි සංක්‍රනිකයින්ට එරෙහි ෆැසිස්ට් තාලයේ ප්‍රහාර වලට වත්, එහි යුද ඝෝෂාවට වත්, එහි අන්තර්ජාල අපක්ෂපාතිත්වය අහෝසි කිරීමටවත්, හෝ එහි ධනවතුන්ට බදු කැපීම්වලටවත් එරෙහිව නොව, රුසියාව “බෙදීම් වපුරමින්” සිටී යන නව-මැකාතිවාදී දක්ෂිනාංශික චෝදනාව පිලිබඳවය. මෙම උද්ඝෝෂනය 2018 අන්තර්වාර මැතිවරන වලට පෙරාතුව තීව්‍ර කෙරෙමින් පවතී.

මේ අතරතුර, ඩෙමොක්‍රටික් පක්ෂයේ කක්ෂයේ සැරිසරමින්, මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත කොටසක් වරප්‍රසාද නියෝජනය කරනා ව්‍යාජ-වාම සංවිධාන රොත්ත, වාරන ධාවනය නොතකා ඇතිඅතර එහිදුර දිග යන ඇඟවුම් ආවරනය කර ඇත. මෙයින් ප්‍රදර්ශනය වන්නේ අන්තර්ජාල වාරනයට එරෙහි සටන ජනගහනයේ පුලුල් බහුතරය වන කම්කරු පන්තිය තුල මුල්බැස ගත යුතුබවයි. ඔන්ලයින් භාෂනයෙ◌්නිදහසෙ◌්ආරක්ෂාව කම්කරු පන්තියට, තම සමාජ අයිතීන් ආරක්ෂා කර ගනිමින්, අසමානතාවයට, යුද්ධයට සහ ධනපති ක්‍රමයට එරෙහි අරගලයට ඇතුලුවීමේදී අත්‍යාවශ්‍යක වෙයි.

අදම අප හා සම්බන්ධ වෙමින් අන්තර්ජාල වාරනයට එරෙහි සටනට උර දෙන මෙන් අප පාඨකයන් හට කැඳවුම් කරමු.

අන්ද්‍රේ ඩැමොන්

Share this article: