භූගෝලීය උනුසුම, මිනිසා සහ ස්වභාව ධර්මය

විද්‍යාඥයන්ගේ හා පරිසරවේදීන්ගේ බලගතු අවධානයට ලක්ව ඇති හරිතාගාර අර්බුදය -- භූගෝලීය උෂ්නත්වය ඉහල යාම (ග්ලඔබඅල ත්අරමඉනග) -- වඩාත් තීව්ර වෙමින් අද දින එය සමාජ ප්‍රශ්නයක් බවට පරිවර්තනය වී ඇත. භූගෝලීය උෂ්නත්වය ඉහල යාම ඇරඹුනේ අද ඊයේ නො වේ. එහෙත් එහි බලපෑම මත බලගතු දේශගුනික වෙනස්කම් ඇතිවෙමින් පවතී. හදිසි මහ වැසි, දිගු නියං එහි ප්‍රතිඵලයන් ය. උෂ්නත්වය වැඩි වීම සත්වයින්ගේ හා ශාඛයන්ගේ පැවත්මට අහිතකර ලෙස බලපෑම හේතුවෙන් සමස්ත පරිසර පද්ධතියේ ම සමතුලිතතාව බිඳී යමින් පවතී. මෙම තත්වය දිගටම පැවතී ගෙන ගියහොත් අඩ සියවසක් -- වසර 2050 වන විට -- වැනි කෙටි කලක දී සමස්ත ජීවයම මිහිතලයෙන් අතු ගෑවී යා හැකි බැව් විද්‍යාඥයෝ අනාවැකි පල කරති.

කියෝටෝ ගිවිසුම

මේ අතර, භූගෝලීය උෂ්නත්වය ඉහල යාම කෙරෙහි බලපාන හරිතාගාර වායු සීමා කිරීම පිලිබඳ, 'කියෝටෝ ගිවිසුම' ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි සාකච්චා කිරීම සඳහා රටරටවල පාරිසරික ඇමතිවරු 1998 නොවැම්බර් මුල් දෙසතිය තුල ආජන්ටිනාවේ බ්‍රවනෝස් අයර්ස් නුවරට රැස්වූහ.

1997 දෙසැම්බර් මස ජපානයේ කියෝටෝහි දී අත්සන් තැබුනු මෙම ගිවිසුමේ මූලික තේමාව වූයේ වසර 2000 දී වායුගෝලයේ අඩංගු වන හරිතාගාර වායු ප්‍රතිශතය, 1990 දී තිබූ අගයෙන් සියයට 99 දක්වා පහතට ගෙන ඒම යි.

ගිවිසුම කෙටුම්පත් කිරීමේ දී, සමුලුවට සහභාගි වූ සියලුම නියෝජිතයන් හරිතාගාර වායු සීමා කිරීමේ අවශ්‍යතාව දැඩි ලෙස අවධාරනය කල නමුදු එයට අත්සන් තැබීමට බලගතු මැලිකමක් දැක් වූ තතු යටතේ, අත්සන් තැබීම සඳහා නිශ්චිත කාලසීමාවක් ද නියම කර ගැනීමට සිදු විය. බොහෝ රටවල් තම අත්සන තැබුවේ කාලසීමාව අවසන් වන දිනයේ මධ්‍යම රාත්‍රිය ද ගෙවී ගිය පසුව ය. එබැවින් ම කෙටුම්පත් කෙරුනු ගිවිසුම ව්‍යාකුලත්වයන් රැසකින් පිරුනු එකකි.

මීට ප්‍රථම 1992 දී, හරිතාගාර වායු විමෝචනය පාලනය කිරීමේ 'දේශගුන වෙනස්කම් ගිවිසුමට' අත්සන් තැබීමේ දී ද මෙවැනි ම ගැටලු පැන නගින රටවල් 154ක් එයට අත්සන් තැබුව ද ඇමරිකාව එයට අත්සන් තැබුවේ තවත් වසර හතරක් ගත වී 1996 දී ය.

හරිතාගාර ආචරනය හා හරිතාගාර වායු

ශීත රටවල මල් සහ භෝග වගා කිරීමට යොදා ගන්නා හරිතාගාරවල වහල සෙවිලි කිරීමට භාවිතා කරන වීදුරු විශේෂය තුලින් සූර්ය විකිරන තාපය හරිතාගාරය තුලට ගමන් කරයි. එනම්, වීදුරු වහල සූර්ය විකිරනයට පාරතාපක වේ. එනමුදු හරිතාගාරය තුල ඇති ශාඛ පැලෑටි සහ අනෙකුත් වස්තුවලින් පිට කරන විකිරන තාපය වහල තුලින් ඉවතට නො පැමිනේ. වීදුරු වහල එම විකිරන සඳහා අපාරතාපක ය. එමනිසා හරිතාගාර ශාඛ සහ පැලෑටිවලට අවශ්‍ය උනුසුම රැඳේ.

මෙලෙස වීදුරු වහල එක් විකිරනයක් සඳහා පාරතාපක ද, අනික් විකිරනය සඳහා අපාරතාපක ද වීමට හේතුව ඒවායේ තරංග ආයාමවල ඇති වෙනස යි. වස්තුවක උෂ්නත්වය වැඩි වන විට පිට වන තාපයේ තරංග ආයාමය අඩු වන බැවින් සූර්ය විකිරන තාපයේ තරංග ආයාමය හරිතාගාර විකිරන තාපයේ තරංග ආයාමයට වඩා අඩු ය.

වායුගෝලයට එකතු වන කාබන්ඩයොක්සයිඩ් වායු (ච්ඕ2) පෘතිවියට ඉහලින් උඩුවියනක් සේ බැඳී හරිතාගාරයක වහල ලෙස ක්‍රියාත්මක වේ. මෙම වායුමය උඩුවියන සූර්ය විකිරනයට පාරතාපක වන අතර පෘතිවියෙන් පිට කරන තාප විකිරනයට අපාරතාපක වේ. මෙලෙස හරිතාගාරයක් උනුසුම් වන්නා සේ පෘතිවිය ද උනුසුම් වන බැවින් මෙම ක්‍රියාවලියට හරිතාගාර ආචරනය යැයි කියන අතර එම ආචරනය ඇති කරන වායු හරිතාගාර වායු ලෙස හැඳින්වේ.

ච්ඕ2, මීතෙන් (ච්හ්4), ඕසෝන් (ඕ3), ක්ලෝරො ෆ්ලුරො කාබන් (ච්ෆ්ච්), නයිට්‍රස් ඔක්සයිඩ්, මෙතිල් බ්‍රෝමයිඩ් යන වායු හරිතාගාර වායු ලෙස හඳුනාගෙන ඇත. මේවා අතරින් ප්‍රබලතම හරිතාගාර වායුව වන්නේ ච්ඕ2 වායුව යි.

වසර 1890 දී ඇමරිකානු විද්‍යාඥයින් දෙදෙනෙකු වන එස්. ඇරනීස් හා පී.සි. චේම්බර්ලේන් විසින් හරිතාගාර ආචරනය මුල් වරට තහවුරු කල අතර, හරිතාගාර වායුවල ක්‍රියාකලාපය මුලින් ම අනාවරනය කලේ, 1927 දී ප්‍රන්ස ජාතික විද්‍යාඥයෙකු වන ෂෝන් බැප්ටිස්ට් ෆැරියේ විසිනි.

භූගෝලීය උෂ්නත්ව නැග්ම (ග්ලඔබඅල තඅරමඉනග)

සූර්ය තාපයෙන් ද, ඉන්ධන දහනය හා විද්යුත් මෙවලම් භාවිතය වැනි මානව ක්‍රියාකාරකම්වලින් ද, වායු ගෝලයට තාපය එකතු වේ. මෙම තාපය වායු ගෝලයෙන් ඉවත් වන්නේ ස්වාභාවික ක්‍රියාවලි මගිනි. එම ක්‍රියාවලි මගින් නිසි පරිදි තාපය ඉවත් වුව හොත් භූගෝලීය උෂ්නත්වය නියත අගයක රෑඳී, පරිසර පද්ධතියේ සමතුලිතතාව ද රැකේ.

නමුදු හරිතාගාර වායු වැඩිවැඩියෙන් වායු ගෝලයට එකතුවීම හේතුවෙන් මෙම ස්වාභාවික ක්‍රියාවලීන්ට බාධා පැමින භූගෝලයේ උෂ්නත්වය ඉහල යයි. මෙය බලගතු දේශගුනික වෙනස්කම්වලට තුඩු දේ. ද්‍රැව ප්‍රදේශවල අයිස් තට්ටු දිය වී යාම, මුහුදු මට්ටම ඉහල යාම, ද්‍රැව ආශ්‍රිත සමුද්‍ර ජීවීන් විනාශ වීම එම දේශගුනික වෙනස්කම් අතරින් කීපයකි. කෙසේ නමුත් සමස්ත ජීවයම මිහිතලයෙන් ඉවත් ව යාමට, භූගෝලීය උෂ්නත්වයේ 2ච්-3ච්ක ඉහල යාමක් ප්‍රමානවත් බව විද්‍යාඥයන්ගේ මතය යි.

වායු ගෝලයේ ච්ඕ2 සාන්ද්‍රනය වැඩි වීම

කොල පැහැති ශාඛ පත්‍ර, වායු ගෝලයෙන් ච්ඕ2 උරා ගෙන ජලය ද සූර්ය ශක්තිය ද ප්‍රයෝජනයට ගනිමින් ආහාර නිපදවා ගැනීමේ ක්‍රියාවලිය, ප්‍රභාසංස්ලේෂනය නමින් හැඳින්වේ. වායු ගෝලයේ ච්ඕ2 සාන්ද්‍රනය පාලනය කරන මූලික ස්වභාවික ක්‍රියාවලිය මෙය යි. ඉන්ධන භාවිතය විශාල ලෙස වැඩි වී, වායු ගෝලයට එකතු වන ච්ඕ2 ප්‍රමානය තවතවත් වැඩි කෙරෙන අතරතුර, මහා පරිමානයෙන් වනාන්තර හෙලිපෙහෙලි කිරීම ද සිදු වන බැවින්, මෙම ස්වාභාවික ක්‍රියාවලිය ච්ඕ2 ප්‍රතිශතය පාලනය කිරීමෙහි ලා අපොහොසත් වී ඇත.

1950 සිට අද දක්වා අඛන්ඩ ව කරන ලද ගනන් බැලීම් අනුව වායු ගෝලීය ච්ඕ2 සාන්ද්‍රනය 315 පපම සිට 360 පපම දක්වා වැඩි වී ඇත. (පපම-පඅරටඉචලඑස පඑර මඉලලඉඔන - මිලියනයක අඩංගු අනු) මෙම අගය 450 පපම දක්වා ඉහල ගිය හොත් භූගෝලීය උෂ්නත්වය 3ච් කින් ඉහල යනු ඇතැයි විද්‍යාඥයෝ පවසති.

වෘක්ෂලතා සමත්වනු ඇත්තේ මීලඟ අඩ සියවස තුල වායු ගෝලයට එකතු වන ච්ඕ2 ප්‍රමානයෙන් තුනෙන් පංගුවක් උරා ගැනීමට පමනක් බැවින්, මේ අයුරින් උෂ්නත්වය ඉහල ගිය හොත් වසර 2050-2100 පමන වන විට සදාහරිත වනාන්තර මුලුමනින් ම විනාශ වන බැව් බ්‍රතාන්‍ය කාලගුන විද්‍යා ආයතනයට අනුබද්ධ හැඩ්ලි කේන්ද්‍රය පවසයි. ච්ඕ2 උරා ගැනීම සඳහා ගස් වැවීම ඉතා වේගවත් කල යුතු බවත්, ඒ සඳහා ඉතිරි වී ඇති කාලය අවුරුදු 40ක් පමන වන බවත් ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙයි.

රටක බල ශක්ති පරිභෝජනය සහ ච්ඕ2 පිට වීම බොහෝ දුරට සමානුපාතික ය. ඇමරිකාව, ජපානය, බ්‍රතාන්‍යය, ජර්මනිය හා ප්‍රන්සය හැරුනු විට සවුදි අරාබිය, ක්වේටය, එක්සත් අරාබි එමිරේට්ස්, ක්වාටාර්, බෘෘනායි, බහරේන්, සිංගප්පූරුව, භිනිඩෑඩ්-ටොබෑගෝ හා දකුනු කොරියාව, ච්ඕ2 විමෝචනය කරන ප්‍රධාන රටවල් ලෙස සැලකේ.

හරිතාගාර වායු අර්බුය පිලිබඳ විවිධ අදහස්

හරිතාගාර වායු අර්බුදය පිලිබඳ ලියන කියන අය බොහෝ ය. ඒ අතර විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන් හා පරිසරවේදීන් ප්‍රමුඛ ය. ඔවුන් ඉදිරිපත් කරන විසඳුම් යෝජනා අතරින් ප්‍රමුඛ යෝජනා කීපයක් පහත දැක්වේ.

01. වනාන්තර හෙලිපෙහෙලි කිරීමට එරෙහිව හා හරිතාගාර වායු පිට කිරීමට එරෙහිව විරෝධතා ව්‍යාපාර දියත් කිරීම.

02. රාජ්‍ය හා රාජ්‍ය නො වන සංවිධාන හරහා ගස් සිටුවීමේ ව්‍යාපාර හා වන වගා කිරීමේ ව්‍යාපාර දියත් කිරීම.

03. ධනපති පාලකයන් අතර ඇති කෙරෙන ගිවිසුම් -- කියෝටෝ ගිවිසුම වැනි -- මගින් හරිතාගාර වායු සහ වන විනාශයන් පාලනය කිරීම.

මෙම යෝජනා පිලිබඳ ව සලකා බැලීමට ප්‍රථම මිනිසා සහ සොබාදහම අතර පවත්නා සබඳතාව පිලිබඳ ව ගැඹුරු අවබෝධයකට යා යුතු ය.

මිනිසා සහ සොබාදහම

මිනිසා සහ සොබාදහම අතර පවත්නා සබඳතාව පිලිබඳ ව, ගැඹුරු වෛෂයික විශ්ලේෂනයක් පලමු වරට ඉදිරිපත් කෙරුනේ මාක්ස්වාදයෙනි. මෙම විශ්ලේෂනය විද්‍යාත්මක ක්ෂේත්‍රයේ නව සොයා ගැනීම් ද උපයෝගී කර ගෙන 1873 සිට 1886 දක්වා ෆෙඩ්රික් එංගල්ස් සොබාදහම පිලිබඳ ව කරන ලද විශ්ලේෂන අන්තර්ගත කොට ගත් සොබා දහමේ දයලෙක්තිකය නමැති කෘතිය, එදා මෙදා තුර මාක්ස්වාදයේ ස්වභාවික විද්‍යාමය අංශයට කරන ලද මාහැ ම ප්‍රතිපදානය ලෙස සැලකේ. එම කෘතියේ, 'වානරයාගේ සිට මිනිසා දක්වා පරිවර්තනය වීමේ දී ශ්‍රමය ඉටු කල කාර්යය' යන මැයෙන් පල කොට ඇති ලිපියේ මෙසේ සඳහන් වේ:

'කෙටියෙන් කිව හොත්, සතා හුදෙක් ඌ අවට පරිසරය පාවිච්චි කොට, හුදෙක් උගේ පැවතීම මගින් එය තුල පරිවර්තනයක් සිදු කරයි. මිනිසා තමා විසින් සිදු කරන වෙනස් කිරීම් මගින් එය තමාගේ අවශ්‍යතාවයන් සඳහා සේවයට යොදවා ගනී. එය මත සිය ආධිපත්‍යය පතුරුව යි. මිනිසා සහ සෙසු සතුන් අතර ඇති අවසාන මූලික වෙනස මෙය වන අතර, මෙම වෙනස ඇති කරනුයේ ද යලිත් ශ්‍රමය ම ය.' (සොබාදහමේ දයලෙක්තිකය - පිටුව 274)

මිනිසා සොබාදහම මත සිය ආධිපත්‍යය පැතිරවීම යන අදහස පිලිබඳ වැරදි සංකල්ප බොහොමයක් පවතී. මිනිසා, සොබාදහමෙන් වියුක්ත කොට ගැනීම මෙම සංකල්පයන්හි මූලික දෝෂය වේ. සොබාදහම මත මිනිසා දක්වන ආධිපත්‍යය, සොබාදහමෙන් පරිබාහිරව සිට කෙරෙන්නක් නො වේ. එංගල්ස් මෙය ඉතා පැහැදිලිව පෙන්වා දෙයි.

'මේ අනුව අප කිසිසේත්, දිග් විජය කල තැනැත්තෙක් විදේශීය ජනතාවක් පාලනය කරන ආකාරයෙන් ස්වාභාව ධර්මය පාලනය නො කරන බවත්, ස්වභාව ධර්මයෙන් පරිබාහිරව සිටින්නා වූ තැනැත්තකු ලෙස නො සිටින බවත්, අප ද අපේ මස්, ලේ සහ මොලය සහිතව ස්වභාව ධර්මයට අයත් ව ඇති අතර එය තුල ම ජීවත් වන බවත්, ස්වභාව ධර්මය කෙරෙහි අපේ ආධිපත්‍යය පැතිරවීම සංයුක්ත වනුයේ, ස්වභාව ධර්මයේ නියමයන් හඳුනා ගෙන ඒවා නිවරැදි ලෙස අදාල කර ගැනීමට සමත් වීමෙන් අපට අනෙක් සියලුම සතුන්ට වඩා වාසිදායක තත්වයක් තිබේ ය යන කරුනින් බවත්, අපට සෑම පියවරකදීම මතක් කරනු ලැබේ.' (සොබාදහමේ දයලෙක්තිකය - පිටුව 275)

ඒ සමග ම සොබාදහම අභිබවා මිනිසා ලබා ඇති ජයග්‍රහන ගැන අපි එතරම් මුලාවට පත් නො විය යුතු යැයි එංගල්ස් අවධාරනය කරයි. මෙම එක් එක් ජයග්‍රහන ප්‍රථම කොට ම අප බලාපොරොත්තු වූ ප්‍රතිඵල ගෙන එන බවත්, එහෙත් දෙවනුව හා තෙවනුව කලින් නුදුටුවා වූ හාත්පසින් ම වෙනස් ප්‍රතිවිපාක ලබා දෙන අතර ඒවා නිතරම පාහේ මුල් ජයග්‍රහන අහෝසි කර දමන බැව් එංගල්ස් තව දුරටත් පෙන්වා දෙයි.

අභ්‍යන්තර දහන එන්ජිම සොයා ගැනීම සොබා දහම අභිබවා මිනිසා ලබා ගත් එවන් ජයග්‍රහනයකි. මාස ගනන් ගත කල ගමන් මිනිත්තු ගනනකට සීමා කිරීමට ද මිනිසුන් සිය ගනනක් ඉතා අසීරුවෙන් ඉසිලු මහා ගල් පර්වත ඉතා පහසුවෙන් ඔසවා දීමට ද අභ්‍යන්තර දහන එන්ජිම සමත් විය. අභ්‍යන්තර දහන එන්ජිම මගින් මිනිසා යෝධයකු බවට පත් විය. සැබැවින් ම මිනිසාගේ ප්‍රගතිය සම්බන්ධයෙන් මෙම දහන එන්ජිම ඉටු කල ක්‍රියාකලාපය අතිමහත් ය. මෙම එන්ජිම මගින් පිට කරන වායු, පරිසර උෂ්නත්වය ඉහල දැමීම කෙරෙහි බලපාන බැව් දැන ගත් පසු කල යුතුව තිබුනේ ද දැන් කල යුතුව ඇත්තේ ද එම වායු පාලනය කල හැකි ක්‍රම සොයා ඒවා භාවිතයේ යෙදවීම යි. (එසේ නොමැතිව තාක්ෂනයේ වර්ධනයට පිටුපස හරවමින් තාක්ෂන විරෝධී -- දහන එන්ජින් විරෝධී -- මුග්ධ සංකල්පයන් කරා පල්ලම් බැසීම නො වේ.

සත්තකින් ම ස්වභාව ධර්මයේ සම්ප්‍රදායික ගමන් මගට මැදිහත් වීමේ දී මිනිසා ස්වභාව ධර්මය තුල ක්‍රියාකාරී නියාමයන් පිලිබඳ ව වඩා ඉහල ඥානයක් ලබා ගනී. ඇති විය හැකි දුර්විපාක වලක්වා ගැනීමට මෙම ඥානය උපයෝගී කර ගත හැකි බව එංගල්ස් පෙන්වා දෙයි. වනාන්තර විනාශ කිරීම, හරිතාගාර වායු විශාල ලෙස වායු ගෝලයට එකතු කිරීම වැනි ක්‍රියාවල දුර්විපාක මිනිසුන් දැන නො සිටියේ ද? මෙම ලිපියේ මුල් භාගයේ සඳහන් කොට ඇති පරිදි විද්‍යාඥයන් හරිතාගාර ආචරනය අනාවරනය කොට ඇත්තේ දහ නව වැනි සියවසේ අග භාගයේ දී ය.

එසේ නම් ස්වභාව ධර්මය පිලිබඳ තවත් සියවසක ප්‍රගාඩ දැනුම් සම්භාරයක් ඇති මිනිස් කැලකට මේ සඳහා පිලියම් යොදා ගත නො හැකි වූයේ මන්ද? මේ පැනයට පිලිතුරු එංගල්ස්ගෙන් ම සොයා ගත හැක.

'නිෂ්පාදනය සහ හුවමාරුව පාලනය කරන පෞද්ගලික ධනපතියන් සමත්ව සිටිනුයේ, තමන්ගේ ක්‍රියාවල ඉතාමත් ක්ෂනික වූ ද, ප්‍රයෝජනවත් වූ ද ඵලය ගැන සලකා බැලීමට පමනි. ඇත්ත වසයෙන් ම මෙම ප්‍රයෝජනවත් ඵලය වුව ද -- එය නිපදවනු ලබන හෝ හුවමාරු කරනු ලබන භාන්ඩයේ ප්‍රශ්නයක් වන පමනින් ම -- පසු තලයට ඇද වැටෙන අතර එකම දිරි ගැන්වීම වනුයේ විකිනීමෙන් ලැබෙන ලාභය පමනි.' (සොබාදහමේ දයලෙක්තිකය - පිටුව 278)

මේ අනුව ස්වභාව ධර්මයේ නීති නියාම වඩවඩාත් හඳුනා ගනිමින් ස්වභාව ධර්මය සමග ඒකත්වයන් කරා මිනිසා යන ගමනට ප්‍රධානත ම බාධකය හැටියට පවත්නේ නිෂ්පාදනය හා හුවමාරුව පාලනය කරන අතලොස්සකගේ ලාභය අරමුනු කර ගත් ධනේශ්වර නිෂ්පාදන ක්‍රමය බැව් එංගල්ස් ඉතා පැහැදිලිව පෙන්වා දෙයි. මිනිසා, සොබාදහම පිලිබඳ දන්නා නියාම වඩාත් සුදුසු පරිදි යොදා ගැනීමටත්, නො දන්නා නියාම සොයා ගැනීමටත් ධනවාදය එරෙහිව සිටී.

ධනපතියනට හා ඔවුන්ගේ ආන්ඩුවලට බලපෑම් දැමීමෙන් හෝ විරෝධතා පෑමෙන් හරිතාගාර වායු අර්බුදය ජය ගත හැකි ද?

ධනවාදය බිඳ වැටෙමින් පවතින වත්මන් යුගයේ ධනපතියන් තම ලාභ රේට්ටු රැක ගැනීම සඳහා බලගතු උත්සාහයක යෙදී සිටී. (ඔවුන්ගේ ආන්ඩු ධනවාදයේ මෙම අවශ්‍යතාව රැක දීමට කැපව සිටී.) ඔවුහු තම ලාභයේ කුඩා අඩුවීමක් පවා නො ඉවසති. හරිතාගාර වායු පාලනය තම ලාභ පොට්ටනි කෙරෙහි සෘජුව බලපාන බැව් ඔවුන් හොඳින් ම දන්නා බැවින් මෙවන් විරෝධතා ව්‍යාපාර ඵල නො දරනු ඇත. විරෝධතාවන් මගින් කිසියම් ප්‍රතිචාරයක් ජනනය කල ද ලාභ අවශ්‍යතාවයන් මගින් ඒවාට බලගතු ලෙස සීමා පැනවෙන බැවින් එවන් ප්‍රතිචාර, අර්බුදය ජය ගැනීමට තබා එයට අලගු තැබීමට වත් ප්‍රමානවත් නො වේ.

වත්මන් සමාජ පර්යාය තුල, පුද්ගලික දේපොල අයිතියක් ලෙස, නිෂ්පාදන මාධ්‍යයන්හි අයිතිය සතුව ඇත්තේ ධනේශ්වර පන්තීන්ට ය. මෙම ධනේශ්වර පන්ති බැඳී ඇත්තේ ඒවා වැඩුනු ධනේශ්වර ජාතික රාජ්‍යයන්ට ය. අධිරාජ්‍යවාදී රටවල ධනේශ්වර පන්ති යෝධ අන්තර් ජාතික සංගත සංවිධානය කරමින් ලෝක වෙලඳ පොල අභිභවනය කිරීම වඩාත් උත්සන්න වූ අවධියක් අද දක්නට ලැබේ. සංගතවල වැඩීම සමග නිෂ්පාදනය භූගෝලීයකරනය වී ඇත. නමුත් එය අනෙක් අතින් ලාභ අනුපාතය පහත වැටීමට තුඩු දී තිබේ. දියුනු ධනපති රටවල් අතර ලෝක වෙලඳ පොල සඳහා තරඟය උත්සන්න වී ඇත්තේ මේ තතු තුල ය. මෙම බලයන් වෙලඳ බිම් සන්තක කර ගැනීමට දරන තැත විජිතවාදී වැඩපිලිවෙල යලි පුනර්ජීවනය කිරීමක් කරා ගමන් කරයි.

ඔවුන් අතර ඇති කෙරෙන ගිවිසුම්වල අඩංගු යෝජනාවලට වඩා ධනේශ්වර නිෂ්පාදන ක්‍රමයේ වෛෂයික නීති රීති බලගතු බැවින් ගිවිසුම්වලට අත්සන් තබා තීන්ත වේලීමටත් ප්‍රථම ගිවිසුම් කඩ කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. කියෝටෝ ගිවිසුමට අත්සන් තැබීමේ දී ම ඇති වූ බලගතු නො එකඟතා, එහි ආයු කාලය පිලිබඳ තක්සේරුවක් ඇති කර ගැනීමට උපකාරී වේ.

දකුනු පැසිමික් පරිසර සම්මේලනයේ දී වසර 2005 වන විට හරිතාගාර වායු විමෝචනය 1990 තිබූ මට්ටමට වඩා සියයට 20ක් අඩු කරන ලෙස කුඩා දූපත් රාජ්‍යයන්ගේ සංවිධානය යෝජනා කල විට ඕස්ට්රෙලියානු අගමැති හොවාඩ් එයට එරෙහි විය. එහි දී ඉදිරිපත් වූ විද්‍යාත්මක දත්ත ප්‍රතික්ෂේප කිරීමට ඕස්ට්රෙලියානු කෘෂිකර්ම හා ආර්තික සම්පත් බියුරෝව (ංබ්ංර්ඒ) සකස් කල ලිපි ලේඛන හොවාඩ් විසින් යොදා ගන්නා ලදි. මෙම ලිපි ලේඛනවල අඩංගු සංඛ්‍යා ලේඛන හා දත්ත මහා සංගත වෙනුවෙන් සකස් කල ඒවා ය.

බීඑච්පී, සීඒආර්, මොබිල්, ටෙක්සාකෝ සහ ඕස්ට්රෙලියානු ව්‍යාපාරික කවුන්සිලය වැනි සමාගම් ඒබීඒආර්ඊ ආයතනයට අවුරුදු දෙකක් තුල පර්යේෂන සඳහා ඩොලර් 560,000ට වඩා මුදලක් ගෙවා ඇත. එම ආයතනයේ පර්යේෂන හා ප්‍රතිපත්ති තීරනය කරන කමිටුවට ඇතුලු විය හැක්කේ ඩොලර් 50,000ක ඇතුලත් වීමේ ගාස්තුවක් ගෙවන කන්ඩායම් හෝ සමාගම්වලට පමනි. මෙම සමාගම් සිදු කරන පරිසර විනාශය ආවරනය කිරීම සහ ඕස්ට්රෙලියානු කම්කරු පන්තිය, සහෝදර දකුනු පැසිමික් කම්කරු පන්තිය සමග භෙද කිරීම හොවාඩ්ගේ කතාවේ අරමුන විය. කුඩා දූපත් රාජ්‍යයන්ගේ යෝජනාව අනුව ච්ඔ2 පිටකිරීම සීමා කරන්නේ නම් රැකියා 90,000ක් කප්පාදු කිරීමට හා ඉන්ධන හා විදුලි ගාස්තු ඉහල දැමීමට සිදු වන බව හොවාඩ් ප්‍රකාශ කලේ තර්ජනාත්මක ස්වරයෙනි.

ධනපති ක්‍රමය තුල හරිතාගාර වායු පාලනය කිරීමක් සිදු කල හොත් එහි දී සියලු බර පැටවෙනු ඇත්තේ කම්කරු පන්තියේ හිස මතට ය.

වන වගා කිරීමේ ව්‍යාපාර දියත් කිරීමෙන් හරිතාගාර වායු අර්බුදය ජය ගත හැකි ද?

ප්‍රශස්ත තත්වයන් යටතේ ඝර්ම කලාපීය වනාන්තරයක, හෙක්ටෙයාරයක බිම් ප්‍රමානයේ ඇති වෘක්ෂලතාවලින් අවුරුදු 50ක් තුල අවශෝෂනය කල හැකි ච්ඔ2 ප්‍රමානය ටොන් 100ක් බව ගනන් බලා ඇත. දේශගුනික වෙනස්කම් පිලිබඳ අන්තර් ආන්ඩු සැලැස්මේ (ඊප්ච්ච් -- ඊනටඑර-ගඔවඑරනමඑනටඅල ප්ලඅන ඔන ච්ලඉමඅටඑ ච්හඅනගඑ) දත්තයන්ට අනුව ලෝකයේ වන වගා කල හැකි මුලු බිම් ප්‍රමානය හෙක්ටයාර මිලියන 350කි. මෙම මුලු බිම් ප්‍රමානය ම වගා කලත් වසර 50ක් තුල දී අවශෝෂනය කර ගත හැකි ච්ඕ2 ප්‍රමානය ටොන් මිලියන 35කි. එය ඉදිරි වසර 50 තුල පිට කෙරෙතැයි බලාපොරොත්තු වන ප්‍රමානයෙන් සියයට 6කි. ලෝක වන ජීවී පදනමේ (ත්ත්ෆ් -- ත්ඔරලඩ ත්ඉලඩ ලඉෆඑ ෆ්ඔඋනඩඅටඉඔන) ඇඩම් මාර්ක් හැම් මීට කෙටි කලකට ඉහත පැවසුවේ මෙම වන වගා ව්‍යාපාර වර්ධනයේ දී, ච්ඕ2 උරා ගන්නා වගා සඳහා ස්වභාවික වනාන්තර විශාල වසයෙන් කපා හෙලීමට පෙලඹෙනු ඇති බව ය. මාර්ක්හැම්ගේ පෙර දැක්ම ඉක්මනින් ම සනාථ වී ඇති බැව් කොස්ටරිකාවෙන් වාර්තා වේ.

හරිතාගාර වායු පාලනය කිරීමේ කියෝටෝ ගිවිසුම යටතේ බුවනෝස් අයර්ස්හි දී කාබන් බිල්පත් ක්‍රමය නම් නව ක්‍රමයක් හඳුන්වා දුනි. මේ යටතේ තම රටේ පිට කරන ච්ඕ2 වෙනුවෙන් අනෙක් රටවල පරිසර සංරක්ෂනයට මුදල් යෙදවිය යුතු වේ. එය ක්‍රියාත්මක වන්නේ ච්ඕ2 උරා ගන්නා ශාඛ වගා කොට, ච්ඕ2 පිට කරන ව්‍යාපාරවලින් මුදල් අය කර ගැනීම ලෙස ය. දැනටමත් මෙම ක්‍රමය විශාල වසයෙන් ලාභ උපයන ව්‍යාපාරයක් බවට වර්ධනය වී ඇත. උරා ගන්නා සෑම කාබන් ටොන් එකකට ම ඇමරිකානු ඩොලර් 10ක මුදලක් ලැබේ. නෝර්විජියානු කර්මාන්ත යෝධයෙකු වන ඒබීසී සමාගම සහ චිකාගෝ පාරිසරික ව්‍යාපාරික නිෂ්පාදන සමාගම එක්ව කොස්ටරිකාවේ කෙරෙන වන වගා සඳහා ටොන් 20,000ක කාබන් බිල්පත් විකුනා ඇත. දැන් වන වගා ව්‍යාපාරිකයෝ ඉවක් බවක් නැතිව ස්වාභාවික වනාන්තර විනාශ කරමින් ච්ඕ2 බහුලව උරා ගන්නා ශාඛ සහිත කෘත්‍රිම වනාන්තර වවති. වන වගා යෝජනාවේ ප්‍රතිපලය කුමක් වී ද? එක් අර්බුදයක් වෙනුවට අර්බුද ජාලයක්.

හරිතාගාර වායු අර්බුදයට විසඳුම කුමක් ද?

පිලිතුර සුපැහැදිලි ය. කල යුත්තේ ච්ඕ2 විමෝචනය බහුල වසයෙන් සිදු කරන පොසිල ඉන්ධනවල කාර්යක්ෂමතාව අභිබවා යන්නා වූ ද සොබාදහම කෙරෙහි ඇති කරන අනිටු ඵලවිපාක හැකි තරම් අවම කෙරුනා වූ ද නව බලශක්ති හඳුන්වා දීම යි. මේ සඳහා ලාභ අරමුනෙන් තොරව සමස්ත පෘතිවිගෝලීය මනුෂ්‍ය වර්ගයාගේ දැනුම ඒකාග්‍ර කරමින් නව බලශක්ති සොයා ගැනීමේ අරමුනින් දැවැන්ත පර්යේෂන ව්‍යාපෘති දියත් විය යුතු ය. මෙය 21 වන සියවසට පා තබන මිනිසා ඉදිරියේ ඇති ප්‍රබලතම අභියෝගයකි.

එවැනි බුද්ධිමත් හා තාර්කික වැඩපිලිවෙලක් ක්‍රියාවට දැමිය හැක්කේ ලාභ අරමුනෙන් බැහැරව මනුෂ්‍ය වර්ගයාගේ අවශ්‍යතා ඉටු කිරීම අරමුනු කරගෙන ලෝක ආතිතිකය ප්‍රතිසංවිධානය කෙරෙන සමාජ පර්යායයක් තුල ය.

(මෙම විෂය පිලිබඳව පාඨකයන්ගේ අදහස් බලාපොරොත්තු වෙමු.)

science