ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය, ගෙල්ෆාන්ඩ් නඩුව හා මාක් ස්බොරොව්ස්කිගේ සාක්ෂිය

හිතවත් වයිස්මන් මහත්මියනි,

අපගේ මෙම ලිපිය වනාහි “මාක් ‘ඒතීන්’ස්බොරොව්ස්කි පිලිබඳ ආලේඛයක්” නම් Critique: Journal of Socialist Theory (කි‍්‍රටික්: ජර්නල් ඔෆ් සෝෂලිස්ට් තියරි)[1] නමැති වාරිකයේ පල වූ ඔබගේ ලිපියේ දෙවන කොටස අග ට ලියා ඇති හතරවන ජාත්‍යන්තරයේ ජත්‍යන්තර කමිටුව සහ නීතිඥ ඇලන් ගෙල්ෆාන්ඩ් අවමානයට ලක් කරන වංචනික ප‍්‍රකාශයන් මුලුමනින් ම ද, නිරනුමානව ද, ප‍්‍රසිද්ධියේ ද ඉල්ලා අස් කර ගත යුතු යයි කියාසිටින විධිප‍්‍රකාර ඉල්ලීමකි.

අප විරුද්ධ වන ප‍්‍රකාශයන් පලව ඇත්තේ “පශ්චාත් සටහන්” යන මාතෘකාව යටිනි. ඒවා වනාහි හුදෙක් තථ්‍ය කාරනා පිලිබඳ සදොස්, ශෝචනීය එහෙත් නොසිතා කරන ලද, ප‍්‍රකාශයන් පමනක් නොවේ; ඒවාට සිතා මතා කරන ලද විකෘතීන් හා පරිපූර්න බොරු මාලාවක් ඇතුලත් ය.

ඔබ යොමුවී ඇත්තේ, 1975 දී ජාත්‍යන්තර කමිටුව විසින් ආරම්භ කරන ලද ජීපීයූ-එන්කේවීඞී නම් ලද සෝවියට් රහස් පොලිස් ඒජන්තයන් විසින් හතරවන ජාත්‍යන්තරය විනිවිදීම පිලිබඳව පරීක්ෂනයට මඩගසා එය අවමානයට පත් කිරීමට ය. Security and the Fourth International ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය නම් ලත්, මෙම පරීක්ෂනය, අද දක්වාම හතරවන ජාත්‍යන්තරයේ ප‍්‍රමුඛ චරිතයන් ද අන්තිමේ දී ට්‍රොට්ස්කි ම ද ඝාතනය කිරීමේ ලා ස්ටැලින්වාදී ඒජන්තයන් විසින් ඉටු කරන ලද භූමිකාව පිලිබඳ පවත්නා අතිශයින්ම පරිපූර්න හෙලිදරව්ව වන්නේ ය. ඇත්ත වශයෙන් ම ඔබ ක‍්‍රිටික් සඟරාවේ පල කල ලිපි දෙකේ ම - ඒවා තථ්‍ය වාර්තාවක් මත පදනම්ව ඇතිනම් ඒ තාක් දුරට බෙහෙවින්ම පදනම් වන්නේ, ඒ ගැන උචිත පිලිගැනීමකින් තොරව වුවද - ජාත්‍යන්තර කමිටුව විසින් මෙයට 40 වසරකට පෙර කරන ලද පර්යේෂනයන් මතය. ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය පිලිබඳව කරන ලද පුරෝගාමී වැඩ කටයුතු තමා විසින් පාවිච්චියට ගැනීම කෙලින් පිලිගැනීමට ඔබ අසමත් වීම බුද්ධිමය ලේඛන සොරකමක් වන්නේය.

ඇලන් ගෙල්ෆාන්ඩ්ට ද 1979 දී සමාජවාදී කම්කරු පක්ෂයට (සෝෂලිස්ට් වර්කර්ස් පාටි- එස්ඩබ්ලිව්පී) එරෙහිව ඔහු පැවරූ නඩුවට ද ඔබ එල්ල කල ප‍්‍රහාරය විශේෂයෙන්ම නින්දනීය ය. මන්ද යත්, ඔහුගේ ප‍්‍රයත්නයන් වැදගත් ලියවිලි එලියට ගැනීමට උදව් වූ හෙයිනි. “සිල්වියා කෝල්ඩ්වෙල් (නොහොත් කැලන්, ෆ‍්‍රැන්ක්ලීන්, ඩොක්සී) වැනි ජීපීයූ ඒජන්තයන් එක්සත් ජනපද ග‍්‍රෑන්ඩ් ජූරියට (නඩු විභාගයට කලින් චෝදනා විමසන ඇමරිකානු මහා ජූරිය) දුන් සාක්ෂ්‍ය පිලිබඳ සටහන් වැනි ලියකියවිලි පිටකර ගැනීමට මග පාදා දුන්නේ ගෙල්ෆාන්ඩ් පැවරූ නඩුව තුලින් හෙයිනි. සෝවියට් රහස් පොලීසිය කරගෙන ගිය සාපරාධී කටයුතු පිලිබඳව කරුනු හැදෑරූ ඉතිහාසඥයින්[2] විසින් ඔහුගේ ලියවිලි පෘථුලව උපුටා දක්වා ඇති හෙයිනි.

ඔබගේ “පසු ලිපියේ” යටි අරමුනු වල වංචනික සහ දුෂ්ට ස්වභාවය වඩාත් හොඳින් පැහැදිලි වන්නේ, ජාත්‍යන්තර කමිටුවට එරෙහිව සහ ගෙල්ෆාන්ඩ් ට එරෙහිව ඔබගේ ප‍්‍රහාරයේ දේශපාලන චේතනාවන් ඔබ විසින් වසන් කරනු ලැබ ඇති හෙයිනි. පසු ලිපියට ඉක්බිති අන්තිමට ඇත්තේ අවසාන “හෙලිදරව් ප‍්‍රකාශයකි.” එය මෙසේ කියවෙයි, “කතුවරයා විභව ආසක්තතා ඝට්ටනයක් ගැන සඳහන් කර නැත.” [3] වයිස්මන් මහත්මියනි, ඔබ කි‍්‍රටික් සඟරාවේ ජාත්‍යන්තර පාඨකයන් ගෙන් වැදගත් තොරතුරු සඟවා තැබීමේ අරමුනෙන් ව්‍යාජ අනාවරන ලේඛනයක් ඉදිරිපත් කිරීම ගැන වරදකරු වේ.

ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය පිලිබඳ පරීක්ෂනයට ඔබගේ දැඩි විරෝධය, අනිවාරනීය ලෙස ඔබේ දේශපාලන සම්බන්ධතා සමග බැඳී පවතී. ඔබ පැබ්ලෝවාදී දේශපාලනය තුල වසර 40ක් තිස්සේ කි‍්‍රයාත්මක ව ඇත. ඒ සමගම ඔබ, මෙම දශක ගනනාව තිස්සේ ජීපීයූව හතරවන ජාත්‍යන්තරය තුලට කාවැදීම සහ ට්‍රොට්ස්කි ඝාතනය ආශි‍්‍රත සිද්ධීන් පිලිබඳව ජාත්‍යන්තර කමිටුව කලාවූ පරීක්ෂනයට විරුද්ධව සිට ඇත. ප‍්‍රධාන වශයෙන් ම ඔබ, එස්ඩබ්ලිව්පීයේ හිටපු සාමාජිකයන් විසින් තනන ලද සොලිඩැරිටි සංවිධානයේ සාමාජිකාවක් ය. Against the Current (අගෙන්ස්ට් ද කරන්ට්- “රල පහරට එරෙහිව”- නම් එහි සඟරාවේ කර්තෘ මන්ඩලයට 1986 දී එකතු වූයෙහි ය. එම සංවිධානය තුල ඔබේ සගයින් ගෙන් බොහෝ දෙනෙක් ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය “අවලාද මෙහෙයුමක්” යයි හෙලාදැකීම ගැන වාර්තා වී තිබේ. වයිස්මන් මහත්මියනි, ඔබ කවර කලෙක වත් සිල්වියා කෝල්ඩ්වෙල් “ආදර්ශමත් සහෝදරියකැයි” එස්ඩබ්ලිව්පීය විසින් කරන ලද වර්නනාවට විරුද්ධ වී නැත. එපමනක් නොව හතරවන ජාත්‍යන්තරය තුලට රාජ්‍ය මැදිහත්වීම හෙලිදරව් කර නිරාවරනය කිරීමේ ව්‍යායාමය, “ඔත්තුකාරයන් යයි හංවඩු ගැසීම” සහ “ඔත්තුකාරයන් හඹායාම” ලෙස, එස්ඩබ්ලිව්පීය විසින් ගුනාංග කරනය කිරීම ට ඔබ එකඟ වන්නෙහි ය.

ඔබ එස්ඩබ්ලිව්පීයේ ආරම්භක සාමාජිකයෙකු වූ අභාවප‍්‍රාප්ත ඇල්බට් ග්ලොට්සර්ට 1996දී ලියූ ලිපියක දී, ජාත්‍යන්තර කමිටුවේ පර්යේෂන පිලිබඳව බොරු පතුරුවමින්, ආරක්ෂාව සහ හතරවෙනි ජාත්‍යන්තරය “කුනු කන්දල්” යයි කියමින් පෞද්ගලිකවම මඩගසා ඇත. මුඛ්‍ය ධාරාවේ ඉතිහාසඥයින් විසින් ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය කියවනු ලැබීම පිලිබඳ ලකුනු පහලවීම තරම් ඔබේ සිතට කරදර ගෙන එන වෙනත් දෙය නැත, සුප‍්‍රසිද්ධ සෝවියට් ඉතිහාසඥයෙකු විසින් ලියන ලද කෘතියක් ගැන සඳහන් කරමින්, ඔබ ග්ලොට්සර්ට ලියූ ලිපියක මෙසේ සඳහනි: “වඩාත් සිත් සසල කරවන්නේ ට්‍රොට්ස්කි ඝාතනය පිලිබඳව ලියන කොටසක් තුල වොල්කගනොව්ගේ කෘතිය, සුදොප්ලටෝව් මත පමනක් නොව, ගෙල්ෆාන්ඩ් නඩුව තුලින් ඇමරිකානු හීලිවාදීන් (හෙවත් නොර්ත්වාදීන්) මත ද පදනම් වීමයි.[4] ඔබ දන්නා පරිදි සුදොප්ලටෝව් වනාහි නමගිය කේජීබී මිනීමරුවෙකි. ඔහු ට්‍රොට්ස්කි ඝාතනයේ ලා කේන්ද්‍රීය ක‍්‍රියා කලාපයක් ඉටු කලේ ය. ඔබ “නොර්ත්වාදීන්” ජීපීයූ-එන්කේවීඩී මිනීමරුවන්ටත් වඩා ‘නපුරු යයි’ සලකන්නෙහි ය. මේ කාරනය ම පෙන්නුම් කරන්නේ ජාත්‍යන්තර කමිටුව කෙරෙහි ඇති ඔබගේ වෛරය පමනක් නොව, ඔබේ ස්බොරොව්ස්කි ව්‍යාපෘතියේ දේශපාලන දෘෂ්ටියයි.

ඔබ ඔබේ පාඨකයින්ට නොකියන දෙයක් නම් ඔබගේ පක්ෂය, සිල්වියා කෝල්ඩ්වෙල් විසින් සිය කේන්ද්‍රීය නායකයෙකු වූ ජෝසප් හැන්සන් ආරක්ෂා කිරීම නතර කරන ලෙසට ද ඔහු සෝවියට් ජීපීයූ ව සහ ඇමරිකාවේ එෆ්බීඅයි (අභ්‍යන්තර ඔත්තු සේවා) සමග 1930 සහ 1940 ගනන්වල පවත්වාගෙන ගිය රහස් සම්බන්ධකම් එලිදරව් කල ජාත්‍යන්තර කමිටුවේ ලියවිලි වලට පිලිතුරු සැපයිය යුතු බවට ද කරන ලද ඉල්ලීම් නිසා ඇලන් ගෙල්ෆාන්ඩ් එස්ඩබ්ලිව්පීයෙන් පන්නා දැමීමට ඔබ පක්ෂවූවාය යන්න යි. සියල්ලටමත් වඩා වයිස්මන් මහත්මියනි, ඔබ 1981-83 දී සිල්වියා කෝල්ඩ්වෙල් සහ මාක් ස්බොරොව්ස්කි ට තමන් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල කරගෙන ගිය මිනීමරු වැඩසටහන පිලිබඳ ව, දිවුරුම් උඩ සාක්ෂි දීමට බල කිරීම පිනිස ඇලන් ගෙල්ෆාන්ඩ් ගත් ප‍්‍රයත්නයන් ට බධා කිරීමට සහ ඒවා යටපත් කිරීමට එස්ඩබ්ලිව්පීය විසින් ගත් උත්සාහය ආරක්ෂා කිරීම තවම අනුමත සහ ආරක්ෂා කරන්නෙහිය.

ඔබගේ සාවද්‍ය අනාවරන ප‍්‍රකාශයක් තුලින් කරන්නේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට සහ ඇලන් ගෙල්ෆාන්ඩ් ට එරෙහි ඔබේ ප‍්‍රහාරයේ විශ්වාසනීයත්වය නැති කර ගැනීමය. එපමනක් නොව හතරවන ජාත්‍යන්තරය තුල සතුරු ඒජන්තයෙකු හැටියට මාක් ස්බොරොව්ස්කිගේ වැඩ කටයුතු පිලිබඳ ඔබේ පර්යේෂනයේ ස්වභාවය හා අරමුන පිලිබඳව ද බරපතල ප‍්‍රශ්න මතු කරයි. ඔබගේ ‘උප ලේඛනයේ’ වංකභාවය සම්බන්ධ කොට ගන්නා කල්හි, ඔබේ ස්බොරොව්ස්කි ව්‍යාපෘතිය සැකකටයුතු ය. ස්බොරොව්ස්කි ‘රැවටිල්ලේ ප‍්‍රතිරූපය’ යන ඔබේ ලිපියේ උප මාතෘකාවම ඔබගේ දුර්යත්නය පිලිබඳ විස්තර කිරීමකි.

අපි ඔබේ උප-ලේඛනය සවිස්තරව විභාග කර බලමු: සමාප්ත ඡේදය සම්පූර්න ලෙස මෙසේ කියැවේ:

1979 දී, බි‍්‍රතාන්‍ය සෝෂලිස්ට් ලේබර් ලීගයේ ද, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ද එක්සත් ජනපද සම චින්තකයෝ, සැන්ෆ‍්‍රැන්සිස්කෝ නුවර ස්බොරොව්ස්කි ජීවත් වූ ස්ථානය සොයා ගෙන එය පිකට් කලහ. එම සංවිධානය මෙක්සිකෝවේ කොයෝආකාන් ග‍්‍රාමයේ කෝල් වියනා හි ට්‍රොට්ස්කිගේ ලේකම්වරුන්ගෙන් කෙනෙකු වූ ද, ඇමරිකානු සෝෂලිස්ට් වර්කර්ස් පක්ෂයේ ප‍්‍රධාන නායකයෙකු වූ ද ජෝසප් හැන්සන්ට විරුද්ධව අශෝබන අරුම මෙහෙයුමක් දියත් කලේ ය. එස්ඩබ්ලිව්පීයට සහ ජෝසප් හැන්සන්ට එරෙහිව නඩුව පැවරූ නීතිඥයාගේ නමින් ගෙල්ෆාන්ඩ් නඩුව යයි නම් කරන ලද මෙම කුප‍්‍රකට ගෙල්ෆාන්ඩ් නඩුවේ දී, එස්ඩබ්ලිව්පීයේ ප‍්‍රධාන නායකයන් එෆ්බීඅයි ඒජන්තයන් යයි ද ජෝසප් හැන්සන් එෆ්බීඅයි සහ ජීපීයූ යන දෙකේ ම ඒජන්තයෙකු යයි ද වර්කර්ස් ලීගය චෝදනා කලේ ය. නොබැරෑරුම් පමනක් නොව පදනම් විරහිත ද වූ නඩුව, හීලිගේ සංවිධානයේ ශීර්ෂ පාඨ බවට පත් වෙමින් ඊට මාතෘකා සැපයීය. මෙම කෘතියට පවතින ආදාලත්වය නම්, 1982 අපේ‍්‍රල් මාසයේ දී සාක්ෂි දීම සඳහා ස්බොරොව්ස්කි ට නීතියෙන් බලකිරීමට ගෙල්ෆාන්ඩ් සමත් වූ බවයි. තම උපන් දිනය සහ ස්ථානය ද තමන්ගේ සහෝදර-සහෝදරියන්ගේ විස්තර ද හැර වෙන කිසි දෙයක් එලි නොකර ඇලන් ගෙල්ෆාන්ඩ් සහ ඔහුගේ නීතිඥයා ස්බොරොව්ස්කි රවුමේ ගෙනයන ලදී. අන්තිමේදී නඩුව ඉවත දමන ලදී. යලි වතාවක් ස්බොරොව්ස්කි කිසිවක් එලි නොකර සිටීමේ ද පස්වන සංශෝධනය යොදාගෙන තමන්ගෙන් ප‍්‍රශ්න කරන්නන් මෝඩයන් බවට පත් කිරීමේ ද ශූරයෙකු බව යලිත් ඔප්පු කලේ ය.[5]

මෙම ඡේදයේ හැම වාක්‍යයකම පාහේ සාවද්‍ය කාරනා ද, යටින් පවත්නා සිද්ධීන් සහ ප‍්‍රයුක්තීන් ද නොමග යවන ලෙස ඉදිරිපත් කිරීම් ද බාග සත්‍යයන්ද, පරිපූර්න බොරුද වලින් පිරීඇත:

1. “1979දි, බ්‍රිතාන්‍ය සෝෂලිස්ට් ලේබර් ලීගයේ ද, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ද එක්සත් ජනපද සම චින්තකයෝ සැන්ෆ‍්‍රැන්සිස්කෝ නුවර ස්බොරොව්ස්කි ජීවත් වූ ස්ථානය සොයාගෙන එය පිකට් කලහ.”

ඩේවිඩ් නෝර්ත් ස්බොරොව්ස්කිගේ ඡායාරූපය ගනිද්දී ඔහු එය වැලැක්වීමට යත්න දරයි

ද්වේෂය හා නොසැලකිල්ල නිසා ඔබට ඉතාම වැදගත් කරුනු පවා නිවැරදිව ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත. වර්කර්ස් ලීගය සැන් ෆ‍්‍රැන්සිස්කෝහි ස්බොරොව්ස්කිගේ ලිපිනය සොයා ගත්තේ 1979 නොව 1975 දී ය. සිව් වසරක මෙම පරතරය, සෝෂලිස්ට් වර්කර්ස් පක්ෂයට එරෙහිව නඩුවක් ගොනුකිරීමට ඇලන් ගෙල්ෆාන්ඩ් මෙහෙයවූ සිදුවීම් පෙල විකෘති කෙරේ. එය සිදු වූයේ 1979 ජනවාරියේදී ඔහු පක්ෂයෙන් නෙරපීමෙන් පසුව ය. එසේම වර්කර්ස් ලීගය ස්බොරොව්ස්කිගේ නිවස පිකට් කලේ ද නැත. ජාත්‍යන්තර කමිටුව වෙනුවෙන් කි‍්‍රයාත්මක වෙමින් මම, 1975 අගෝස්තුවේදී ඔවුන්ගේ නිවස අසලදී ස්බොරොව්ස්කි හා ඔහුගේ බිරිඳගේ ඡායාරූප ගත්තෙමි. මෙම ඡායාරූප, ආරක්ෂාව හා හතරවන ජාත්‍යන්තරය පිලිබඳ පරීක්ෂනයේදී, ජීපීයූව ට්‍රොට්ස්කි ඝාතනය කලේ කෙසේ ද යන ආරම්භක අන්තර් වාර්තාවට ඇතුලත් ය.

2. “එම සංවිධානය මෙක්සිකෝවේ කොයොආකාන් ග‍්‍රාමයේ කෝල් වියනා හි ට්‍රොට්ස්කිගේ ලේකම් වරුන්ගෙන් කෙනෙකු වූ ද, ඇමරිකානු සෝෂලිස්ට් වර්කර්ස් පක්ෂයේ ප‍්‍රධාන නායකයෙකු වූ ද ‘ජෝසප් හැන්සන්ට විරුද්ධව අශෝබන’ අරුම මෙහෙයුමක් දියත් කලේ ය.”

ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය, “ජෝසප් හැන්සන්ට විරුද්ධව අශෝබන අරුම මෙහෙයුමක්” දියත් කලේය යන ඔබේ විස්තර කථනය ජාත්‍යන්තර කමිටුව විසින් ජෝසෆ් හැන්සන් ට එරෙහිව එල්ල කල චෝදනාවල උපත සහ ස්වභාවය පිලිබඳ නිග‍්‍රහශීලි මුසාකරනයකි.

How the GPU Murdered Trotsky ජීපීයූව ට්‍රොට්ස්කි ඝාතනය කලේ කෙසේ ද යන ලේඛනය, ජාත්‍යන්තර කමිටුව විසින් 1975 අගෝස්තු-සැප්තැම්බර් මාසවලදී සිය පුවත්පත් වල ලිපි මාලාවක් ලෙස පලකරන ලදී.

එම සුපරීක්ෂාකාරී ලෙස පර්යේෂන කිරීමෙන් බිහිවූ මෙම ඓතිහාසික අපදානය, හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසයේ ප‍්‍රථම වරට ට්‍රොට්ස්කිගේ ජීවිතයට එරෙහි කුමන්ත‍්‍රනය පිලිබඳ සවිස්තර වාර්තවක් සම්පාදනය කලේ ය.

ට්‍රොට්ස්කි ඝාතනයේ ක්ෂනික ඉක්බිත්තේ ලියන ලද එක තනි වාර්තාවකට අමතරව එස්ඩබ්ලිව්පීය, හතරවන ජාත්‍යන්තරය තුලට කාවැදුනු ජීපීයූ-එන්කේවීඩී ජාලය, ට්‍රොට්ස්කි ඝාතනය සැලසුම් කිරීම පිලිබඳව සොයාබැලීමට කිසිදු ප‍්‍රයත්නයක් දැරුවේ නැත.

එක්සත් ජනපද ආන්ඩුවේ ලියවිලි මත ද කොන්ග‍්‍රස් මන්ඩල පරික්ෂන ද, 1950 ගනන්වල නඩු විභාගයට පාත‍්‍රවූ සෝවියට් ඔත්තු කරුවන්ගේ සාක්කි ද යොදාගනිමින් ජාත්‍යන්තර කමිටුව, පැරිස්, නිව් යෝක්, සහ මැක්සිකෝ නගර වල, ට්‍රොට්ස්කි ඝාතනය සහ හතරවන ජාත්‍යන්තරය වනසා දැමීමට සම්බන්ධ පුලුල් ජීපීයූ ඒජන්ත ජාලය ප‍්‍රතිනිර්මානය කර එලිදරව් කලේ ය.

ජීපීයූව ට්‍රොට්ස්කි ඝාතනය කලේ කෙසේ ද යන කෘතිය ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට එරෙහි ජීපීයූ කුමන්ත‍්‍රනය පරික්ෂාවට ලක් කලේ ය.

එය යුරෝපය තුල සොබොලෙවිසියස් (සෙනින් සහ වෙල් යන ව්‍යාජ නාමධාරි) සොහොයුරන් ගේ සහ “ඒතීන්” යනුවෙන් ද හැඳින්වූ මාක් ස්බොරොව්ස්කිගේ ද වැඩකටයුතු සමාලෝචනය කලේ ය.

ජාත්‍යන්තර කමිටුව එලිදරව් කරගත් තොරතුරු වලින් තවදුරටත් ඉස්මතු කරන ලද්දේ ස්බොරොව්ස්කි තමාගේ ‘දෙබිඩි (සියම්) නිවුන්නු’ ලෙස නම්කරන ලද ලෝලා ඩලින් (නොහොත් එස්ටි‍්‍රන්) පිලිබඳව මතු කරන ලද සිත් සසල කරන ප‍්‍රශ්නයි. ඇය අවුරුදු20 ක කාලපරිච්චේදයක් තිස්සේ, එලිදරව්වීමේ තර්ජනයෙන් එකපැහැර ඔහු ආරක්ෂා කල අතර එමගින් ඔහුගේ අපරාධවලට ආධාර දුන් බව ස්බොරොව්ස්කි ම පිලිගෙන ඇත.

අනාගත ඝාතක රේමන් මර්කඩෙර් (නොහොත් ෆ‍්‍රෑන්ක් ජැක්සන්) හතරවන ජාත්‍යන්තරයේ ආශ‍්‍රය තුලට සාර්ථකව ඇතුලු කල ආකාරය ද එමගින් සිල්වියා ඇජිලොෆ් සමග සම්බන්ධතාවයක් ඇතිකරගත් ඝාතකයාට ට්‍රොට්ස්කි වෙත ඍජුව කිට්ටු වී ගැනීමට ඉඩ ලබාදුන් පෞද්ගලික සම්බන්ධය ට මුලපිරූ ආකාරය ද ජාත්‍යන්තර කමිටුව විමර්ෂනය කලේ ය.

ජීපීයූව ට්‍රොට්ස්කි ඝාතනය කලේ කෙසේද කෘතිය ඇමරිකා එක්සත් ජනපදය තුල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුලට කාවැදුනු තෝමස් බ්ලැක්, ෆ්ලොයිඩ් ක්ලිව්ලන්ඩ් මිලර්, සහ එස්ඩබ්ලිව්පී ආරම්භක ජේම්ස් පී. කැනන් ගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස 1938 සිට 1947 දක්වා වැඩ කර තිබුනු සිල්වියා කොල්ඩ්වෙල් ඇතුලු ජීපීයූ ඒජන්ත ජාලය, හෙලිදරව් කලේය.

එම කෘතිය, ස්ටැලින් ගේ තුවක්කුකරුවන්ට 1940, මැයි 24 දින ට්‍රොට්ස්කි මරාදැමීමට දරන ලද අසාර්ථක ප‍්‍රයත්නයේදී කොයෝආකාන් මන්දිරයේ දොර, ස්ටැලින්වාදී මැෂින් තුවක්කුකරුවන් කන්ඩායමට විවෘත කර දුන් රොබට් ෂෙල්ඩන් හාර්ට් පිලිබඳව හෙලිදරව් කල තොරතුරු, ඔහු ස්ටැලින්වාදී ඒජන්තයෙකු බව ට බරපතල ලෙස ඇඟවුම් කලේ ය.

ජාත්‍යන්තර කමිටුව එලිදරව් කරගත් තවත් කරුනක් නම්, ට්‍රොට්ස්කි ඝාතනයට යන්තම් දින 10 කට පසු ජෝසප් හැන්සන්, එස්ඩබ්ලිව්පීය ට මුලුමනින්ම නොදන්වා මෙක්සිකෝ සිටි නගරයේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ එෆ්බීඅයි ඒජන්ත්යෙකු සමග රහසිගත හමුවීම් මාලාවක් ආරම්භ කල බව පලමු වතාවට ඔප්පු කරන එක්සත් ජනපද ආන්ඩුවේ ලියවිලි ය.

“1938 දී නිව්යෝක් නගරයේ දී ජීපීයූ ඒජන්තයෙකු තමාට කිට්ටු කල බවත්, ඔහු තමාට හතරවන ජාත්‍යන්තරය අතහැර තුන්වැනි ජාත්‍යන්තරයට එකතු වන ලෙස කී බවත් හැන්සන් එෆ්බීඅයි ඒජන්ත රොබට් මැක් ග්‍රෙගර් ට එම ප‍්‍රථම හමුවේදී ම දැනුම් දුනි. තමා කටයුතු කරන්නේ ට්‍රොට්ස්කිගේ අනුදැනුම ඇතිව බව කියාපාමින්, තමා ‘ජෝන්’ යයි පමනක් හඳුන්වාගත් වෙනත් අයුරකින් සිය සැබෑ අනන්‍යත්වය එලිදරව් නොකල මිනිසෙකු සමග සම්බන්දකම් පැවැත්වූ බවත් හැන්සන් එෆ්බීඅයි ඒජන්තයාට කීවේය. [6]

කලින් නොදැන සිටි මෙම තොරතුරු අතට පත් ජාත්‍යන්තර කමිටුව, හැන්සන් සිය එෆ්බීඅයි සම්බන්දකම් ද, ජීපීයූ සම්බන්දකම් ද එලිදරව් කල යුතුයයි බලකර සිටියේ ය.

ජීපීයූව ට්‍රොට්ස්කි ඝාතනය කලේ කෙසේද යන්නට හැන්සන් දැක්වූ ප‍්‍රතිචාරය පුදුම එලවන සුලු බවට අඩු දෙයක් නොවීය. කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකර හා ”ඇමරිකානු ගොස්ටාපෝව” ලෙස 1940 ගනන් වල එස්ඩබ්ලිව්පීය ප‍්‍රසිද්ධියේ ම හැඳින්වූ එෆ්බීඅයි නියෝජිතයින් සමග පසුව පැවැත්වූ රැස්වීම් එස්ඩබ්ලිව්පී නායකත්වයේ අනුමැතිය ඇතිව සිදු කල බව පිලිකෙව් කල ඔහුට කරගත හැකි වූයේ එෆ්බීඅයි සමග තමා හමුවීම සටහන්ගත කල ලියවිලි “මඩ විදින උල්පතක්” යයි සරලවම පිලිකෙව් කිරීම[7]පමනි. ජීපීයූ ඒජන්ත “ජෝන්” සමග තමාගේ හමුවීම් පිලිබඳව ද කුමන විස්වාසනීය පැහැදිලි කිරීමක් වත් හැන්සන් නොවේ සිදු කලේ.

ඒ සමගම හැන්සන් කැනන්ගේ පුද්ගලික ලේකම්වරිය ආරක්ෂා කිරීමේ රැවටිලිකාරි ප‍්‍රකාශයක් නිකුත් කලේ ය. 1975 නොවැම්බර් 24 දා, එස්ඩබ්ලිව්පී යේ ඉන්ටර්කොන්ටිනෙන්ටල් ප්‍රෙස් සඟරාවට දිග ලියුමක් ලියු හෙතෙම, “ඇගේ පක්ෂ නම වූයේ සිල්වියා කොල්ඩ්වෙල්” බව පවසමින් ඇය, එස්ඩබ්ලිව්පීයේ ජාතික කාර්යාලය පවත්වා ගැනීමේ දුෂ්කර කාර්යයේ ඉතා මහන්සිවී නිරත වූ බව පැවසුවේයි. “ඇගේ කටයුතු වලට කැනන්ගේ ලේකම් වරිය ලෙස කටයුතු කිරීමද ඇතුලත් විය. මෙම අමාරු වැඩවලට ඇය සමග සම්බන්ධවූ සියලුම සහෝදරවරු ඇය ආදර්ශමත් තැනැත්තියක් ලෙස සැලකූ හ. පසුව බුඩෙන්ස් විසින් පතුරුවන ලද කුනු අවලාද පිලිබඳව ඔවුහුද ඇය තරම්ම තැවුලට පත් වූහ.[8]

වයිස්මන් මහත්මියනි, ඔබ මැනවින් දන්නා පරිදි ඩේලි වර්කර් යන දිනපතා පත‍්‍රයේ සැටැලින්වාදී කතුවරයා ද ට්‍රොට්ස්කි ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රනයේ දී කේන්ද්‍රීමය වැඩ කොටසක් ඉටු කලාවූ ද ලූවී බුඩෙන්ස් එක්සත් ජනපදය තුල ජීපීයූවේ ඒජන්තයෙකු විය. ට්‍රොට්ස්කි ඝාතනය කිරීමෙන් පසු කොමියුනිස්ට් පක්ෂයෙන් ඉවත්වූ ඔහු, එෆ්බීඅයි සංවිධානයට බැඳුනු අතර, ට්‍රොට්ස්කිවාදී එස්ඩබ්ලිව්පීය තුලට ජීපීයූ ව විසින් එවනලද ඔත්තුකරුවන් සොයාගැනීමේ දී සහාය විය. ඔවුන් අතරෙන් කෙනෙකු වූ සිල්වියා කොල්ඞ්වෙල්, බුඩෙන්ස් විසින් එලිදරව් කරනු ලැබීමෙන් ටික කලකට පසු 1947 දී එස්ඩබ්ලිව්පීය අතහැර අතුරුදහන් වුවාය. ඔත්තු බැලීම පිලිබඳව රොබට් සොබ්ලන් ට එරෙහි 1960 නඩු විභාගයේ දී සිල්වියා කැලන්, (එනම් සිල්වියා කොල්ඩ්වෙල් ගේ විවාහයට පෙර නම) චෝදනා නොලැබූ සහ -කුමන්ත‍්‍රනකරු ලෙස නම් කරනු ලැබුවාය. රොබට් සොබ්ලන් වනාහි මා නම් නොකලාට ඔබට මතක තිබෙනු ඇති පරිදි 1930ස් ගනන්වල ආරම්භයේ දී ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට කාවැදුනු ස්ටැලින්වාදී ඒජන්තයන් දෙදෙනකු වන සොබොලෙවිසියස් සහෝදරවරුන්ගෙන් එක අයෙකි. 1950ස් ගනන්වලදී ඔත්තු බැලීමේ චෝදනාවට වැරදිකරු කරන ලද ඔහුගේ සහෝදර ජැක් සොබ්ලන් ද කැනන්ගේ ලේකම් වරිය ජීපීයූ ඒජන්තියක බව තම සාක්ෂිවලදී පිලිගෙන තිබුනි.

හැන්සන්, රොබට් ෂෙල්ඩන් හාට් පිලිබඳව ජාත්‍යන්තර කමිටුව මතුකර තිබු ප‍්‍රශ්න “විශේෂයෙන්ම තුච්ඡ” යයි හෙලාදුටු අතර මෙසේ ප‍්‍රකාශ කලේ ය. “හාට් ට විරුද්ධ අවලාද පෙන්නුම් කෙරෙන්නේ කම්කරු විප්ලවවාදී පක්ෂයේ මධ්‍යස්ථානය තුල ජීපීයූ වේ පැරනි දුර්ගන්ධය, තවමත් වහනය වන බවය.”[9]

ජීපීයුව ට්‍රොට්ස්කි ඝාතනය කලේ කෙසේද යන කෘතිය පලකිරීමෙන් පසු, එෆ්බීඅයි සමග හැන්සන් පවත්වාගෙන ගිය සම්බන්ධතා පිලිබඳව තවත් ලියවිලි ජාත්‍යන්තර කමිටුව අනාවරනය කරන ලදි. හැන්සන් එෆ්බීඅයි සමග පවත්වා ගෙනගිය සබඳකම් වඩාත් දැඩි වී තිබුන බවත්, සීමාවක් නොතිබූ බවත් ඉන් පැහැදිලි විය. [10] එහිදී සිදුව තිබුනේ හැන්සන් ඒක පාක්ෂිකව එෆ්බීඅයි ට තොරතුරු සැපයීම ය. විවිධ එක්සත් ජනපද වැසියන් ජීපීයු ඒජන්තයන් බවට තොරතුරු ඔහු සැපයී ය. සිල්වියා ඇජිලොෆ් ට්‍රොට්ස්කි ඝාතනයට චෝදනා ලත් තවත් එස්ඩබ්ලිව්පී සාමාජිකාවක් වූ බව සඳහන් වන, ජීපීයූවෙන් පලාගිය තවත් අයෙකු වූ විට්ටකෙර් චෙම්බර්ස් විසින් සම්පාදිත, රහසිගත වාර්තාවක් ඔහු එෆ්බීඅයි ට සැපයිය. එහි මෙසේ සඳහන් කර තිබුනි: “සිල්වියා ඇජිලොෆ් ගේ අහිංසක බව විස්වාස කල නොහැකිය. ජීපීයූ ඒජන්තයෙක් සමග ජීවත්වෙමින් ඔහු කවුද යන්න වටහා ගැනීමට බැරි වෙතොත් ඒ අන්ධබාලයෙකුට පමනි. ....” චේම්බර්ස්ගේ තක්සේරුව යුක්තිසහගත වී ද යන්න නොතකා එය, යුක්ති යුක්ත විවාදයකට හේතුවක් ලෙස පැවතුනි. පක්ෂ සහෝදරයෙකු අපරාධ චෝදනාවට ලක් කරන මෙම ලියවිල්ල හැන්සන් එෆ්බීඅයියට පාස්කල කල්හි එස්ඩබ්ලිව්පීයේ ප‍්‍රකාශිත ආස්ථානය වූයේ සිල්වියා ඇජිලොෆ් (ට්‍රොට්ස්කි) ඝාතකයාගේ සාපරාධී දෙපිටකාට්ටුකමේ නිරපරාධ ගොදුරක් වූ බවය.

එෆ්බීඅයි අධ්‍යක්ෂක ජේ. එඩ්ගාර් හූවර් හැන්සන් එෆ්බීඅයි සමග පවත්වා ගෙන ගිය හමුවීම් සමීපව නිරීක්ෂනය කල අතර, ට්‍රොට්ස්කි ඝාතනය පිලිබඳ තොරතුරු කිසිවක් ඔහුට නොදියයුතු යයි නියම කලේ ය.

අන්තිමේ දී, මෙක්සිකෝවේ සිට නිව්යෝක් කරා ආපසු පැමිනීමට පෙර ජෝසප් හැන්සන්, “තමාට නිදහසේ තොරතුරු සැපයිය හැකි රහසිගත එෆ්බීඅයි නියෝජිතයෙක් මුනගස්වන මෙන් ඉල්ලා සිටියේ ය.[11]

ජෝසප් හැන්සන්, ”තමාට නිදහසේ තොරතුරු සැපයිය හැකි රහසිගත එෆ්බීඅයි නියෝජිතයෙක් මුනගැසීමට ඇති කැමැත්ත” ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාව

3. “එස්ඩබ්ලිව්පීය ට සහ ජෝසප් හැන්සන් ට විරුද්ධව නඩුව පැවරූ නීතිඥ වරයා ගේ නම දරන, කුප‍්‍රකට ගෙල්ෆාන්ඩ් නඩුවේ දී වර්කර්ස් ලීගය චෝදනා කර සිටියේ, එස්ඩබ්ලිව්පීයේ ප‍්‍රමුඛ නායකයන් එෆ්බීඅයි ඒජන්තයන් බවද ජෝසප් හැන්සන් එෆ්බීඅයි සහ ජීපීයූ යන දෙකේම ඒජන්ත්යෙකු වූ බවද ය. මෙම නඩුව නොබැරෑරුම් සහ අහේතුක යන දෙකටම වූ නමුත් හීලිගේ සංවිධානයන්ට ශීර්ෂපාඨ සහ ලියන්නට දේවල් ලබාදුන්නේ ය.”

1979 ජූලියේ දී ගෙල්ෆාන්ඩ් විසින් මුලපුරන ලද නඩුවේ මොනම “නොබැරෑරුම් හෝ අහේතුක භාවයක්” කෙසේ වෙතත් “කුප‍්‍රකට” බවක් හෝ නොවීය. එය ඉමහත් සාක්කි සම්භාරයක් මත පදනම්ව තිබුනි. එහි කිසියම්මැ හෝ නොබැරෑරුම් බවක් හෝ අහේතුක බවක් වී නම් එය ලඝු විභාගයකින් අවසන්කර දමන ලෙස එස්ඩබ්ලිව්පීය ඉදිරිපත් කල මෝසම් තුන ඉක්මවා ඉදිරියට නොයනු ඇත.

විභාග කිරීමට සෑහෙන වැඩ විෂයකට අවශ්‍ය තරම් සාක්කි ගෙල්ෆාන්ඩ් විසින් ඉදිරිපත් කර ඇතිබව පිලිගත් විනිසුරු මේරියනා ෆෙල්සර් 1982 ජුලි 12දා ලඝූ විභාගයකින් නඩුව අවසන් කර දැමීම ප‍්‍රතික්ෂේප කලා ය. ඒ අනුව නඩුව විභාග කරන ලදී. නීතිමය කරුනක් හැටියට, මෙම තීන්දුවේ අර්ථය වූයේ ගෙල්ෆාන්ඩ් ගේ නඩුවේ “නොබැරෑරුම් හෝ අහේතුක” බවක් තිබුනේ නැති බවය. “එය ඔබ අද දක්වාමත් කරගසා ගෙන ඉන්න, හීලි සහ ඔහුගේ සගයන් තමන් විසින් නම්කර තිබුනු නාමික විත්තිකරුවන් වන හැන්සන් ට සහ නොවැක් ට එරෙහිව ප‍්‍රාමානික සාක්ෂි ලියකියවිලි හෝ වාචික සාක්ෂි බිඳක් හෝ ඉදිරිපත් කර නැතැයි කියා සිටි එස්ඩබ්ලිව්පීයේ වග උත්තරය මෙය මගින් වෛෂයිකව බිඳ දමා ඇත.” [12]

1979 දී එස්ඩබ්ලිව්පීයෙන් තමා පලවා හරිනු ලැබ මෙම නඩුව අරඹා අවුරුද්දකට වැඩි කලකට පෙර ගෙල්ෆාන්ඩ්, පක්ෂයේ ජාතික ලේකම් ජැක් බාර්න්ස් ගෙන් සහ අනෙකුත් පක්ෂ නායකයන්ගෙන් ජාත්‍යන්තර කමිටුව විසින් පලකරනු ලැබූ එස්ඩබ්ලිව්පීය පිලිබඳ අපරාධ තහවුරු කරන ලියකියවිලි වලට හේතු සහගත සහ සංසක්ත පැහැදිලි කිරීමක් අපේක්ෂා කලේ ය. එවන් පැහැදිලි කිරීමක් නොකරන ලදී. ඔවුන් ඇත්තවශයෙන්ම කලේ ‘හීලිගේ මහ බොරුව’ යන නම් ලත් එස්ඩබ්ලිව්පී බුලටිනයට යොමු කිරීමය. ඔවුන් ගෙල්ෆාන්ඩ් ට සාවද්‍ය ලෙස කීවේ, ජාත්‍යන්තර කමිටුව විසින් මතු කරන ලද සකල ප‍්‍රශ්න වලට ඉන් පිලිතුරු සපයා ඇති බවය. එම ලියවිල්ල පරෙස්සමින් කියවීමට කාලය යෙදූ ඕනෑ ම කෙනෙකුට පැහැදිලිවන්නේ එය දුන් උත්තරයක් නැති බවය. වයිස්මන් මහත්මියනි, සිල්වියා කෝල්ඩ්වෙල් ඒජන්තියක් යයි ද ජෝසප් හැන්සන් වැඩකලේ එෆ්බීඅයි ඔත්තුකරුවෙකු හැටියටයයි ද තහවුරු කල සාක්කි වලට එස්ඩබ්ලිව්පීය දුන් උත්තර වලින් ඔබ සෑහීමට පත්වූයෙහි ය. එහෙත් ගෙල්ෆාන්ඩ් එසේ වූයේ නැත.

එස්ඩබ්ලිව්පීයේ ජාතික කමිටුවට ලියූ 1978 මාර්තු 26, දරන ලිපියක ගෙල්ෆාන්ඩ්, ජාත්‍යන්තර කමිටුව එලිදරව් කරගෙන තිබුනු සාක්කි වලට සම්බන්ධ ලියවිලි ඉතා පරෙස්සමින් සමාලෝචනය කලේ ය. ඔහු ජාතික කමිටුවට පහත දැක්වෙන ප‍්‍රශ්න තුන ඉදිරිපත් කලේ ය.

I. ජේම්ස් පී කැනන් ගේ පෞද්ගලික ලේකම් සිල්වියා ෆ‍්‍රැන්ක්ලින් ජීපීයූ ඒජන්තියක් ද ?

II. 1938 දී එස්ඩබ්ලිව්පීය විසින් ජෝසප් හැන්සන් ට ජීපීයූව සමග පෞද්ගලික සබඳකම් පැවැත්වීමට අනුමතිය දුන්නද ?

III. 1940 දී හැන්සන් ට පෞද්ගලිකව එෆ්බීඅයි හමුවීමට එස්ඩබ්ලිව්පීය අනුමැතියක් දුන්නා ද ? [13]

ඉහල අත්දැකීමක් සහිත ප‍්‍රසිද්ධ නීතිඥයෙකු වූ ගෙල්ෆාන්ඩ් මේ සෑම ප‍්‍රශ්නයකට ම ජාත්‍යන්තර කමිටුව විසින් ඉතා දල ව සොයාගන තිබුනු ලියවිලි පිලිබඳ සවිස්තර සාක්කි ඉදිරිපත් කලේ ය. සමාප්තියේ දී ගෙල්ෆාන්ඩ් මෙසේ ලිවීය:

මගේ ලිපිය පිලිබඳ ඕනෑම වෛෂයික කියවීමකදී, කෙනෙක් එලඹෙන නිගමනය වන්නේ, සිල්වියා ෆ‍්‍රැන්ක්ලින් ජීපීයූ ඒජන්තියක් බවටත්, ජෝසප් හැන්සන් ජීපීයුව සහ එෆ්බීඅයි සමග පවත්වාගෙන ගිය සබන්ධතාව අවම වශයෙන් ගත්තත් තරයේම ප‍්‍රශ්නයට භාජන බවත් ය. [14]

ගෙල්ෆාන්ඩ් සිය ලිපිය පහත දැක්වෙන ඉල්ලීම් දෙක සහිතව අවසන් කලේ ය:

සිල්වියා ෆ‍්‍රැන්ක්ලින් ජීපීයූ ඒජන්තියක් ලෙස හෙලිකොට හෙලා දැකිය යුතු ය.

තමා එෆ්බීඅයි සහ ජීපීයූ ව සමග [15]පවත්වාගෙන ගිය සම්බන්ධකම් පිලිබඳව සකල සම්පූර්න වාර්තාවක් ද ඒ පිලිබඳ සියලු ලිපිගොනු, වාර්තා, ඥාපන ද ඇති ලිපි ද වෙනත් ඔහුට තිබෙන හෝ ඔහුට අත ගැසිය හැකි අදාල ද්‍රව්‍යය ද පක්ෂයට භාර දියයුතු ය.

1978 අප්‍රේල් 7 වැනිදා ලැරි සීගල්, එස්ඩබ්ලිව්පී දේශපාලන කමිටුව වෙනුවෙන් ලියමින් ඇලන් ගෙල්ෆන්ඩ් ට මෙසේ අනතුරු හැඟවිය:

ජෝ හැන්සන්ට එරෙහිව ඔබේ චෝදනා පැටවීමට ඔබට පෙරට යා ගත හැක්කේ කෙසේදැයි යන්න පිලිබඳව ඔබ අපේ අදහස විමසා ඇත. එම ප‍්‍රශ්නයට මගේ පිලිතුර සරලය. පක්ෂයට එහි සාමාජිකත්වය ඇතුලත ඒජන්තයින් දඩයම් කිරීමට ඉඩදිය නොහැකිය; ඉඩදෙනු ද නැත. ඔබ විසින් හීලිවාදී බොරු යලියලිත් පුනරුච්ඡාරනය කිරීම ඉවසනු නැත. [16]

සීගල් ගේ ලිපිය පැහැදිලි කලේ එස්ඩබ්ලිව්පී නායකත්වය, ජාත්‍යන්තර කමිටුව විසින් පලකරනලද සාක්කි වලට පිලිතුරු දී ඒවා බිඳීමට අසමත්ව සිටි බව ද ඒවාට උත්තර ඉල්ලා සිටි ඕනෑම පාක්ෂිකයෙකුට ට දෙන එකම පිලිතුර නම් ඔවුන් පක්ෂයෙන් නෙරපාහැරීම ට තර්ජනය කිරීම බවත් ය.

1978 දෙසැම්බර් 18 දා, ගෙල්ෆාන්ඩ් ඇමිකස් කියුරියේ ලෙස (අධිකරන සහයකයෙකු ලෙස) ෆෙඩරල් උසාවියේ සංක්ෂිප්තයක් ගොනු කොට, “එක්සත් ජනපද නීතිපති වරයා එස්ඩබ්ලිව්පීය” තුල පෙරකල සිටි සහ වත්මන ඉන්නා ඔත්තුකරුවන් ගේ නම් හෙලිදරව් කරන ලෙස ..” ඉල්ලා සිටියේ ය. .. [17] මසකට ඉතා ආසන්නව 1979 ජනවාරි 11දා එස්ඩබ්ලිව්පී දේශපාලන කමිටුව දේශපාලනික වශයෙන් සප‍්‍රතිපත්තික වූ මෙම ඉල්ලීමට ප‍්‍රතිචාර දැක්වූයේ ඇලන් ගෙල්ෆාන්ඩ් එස්ඩබ්ලිව්පීයෙන් පලවාහරිමිනි. 1979 ජුලි මස එස්ඩබ්ලිව්පීයේ නායකත්වය නිකුත් කල ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයකදී සීගල් ලියා සිටියේ “ඇලන් ගෙල්ෆාන්ඩ් පලවාහැරීමට කල්ගතවූවා වැඩිය යනුවෙනි.”[18]

ඔබ අද දින වනතෙක් ගෙල්ෆාන්ඩ් ට අවලාද නගමින් සිටින්නී ය. ඒ එස්ඩබ්ලිව්පීය තුලට ඔත්තුකරුවන් කාවැදීම පිලිබඳව මතු කරන ලද ප‍්‍රශ්න මුලුමනින්ම යුක්තිසහගත ය යන්න නොතකාය.

සමහර අවිවාද්‍ය ප‍්‍රශ්න වලට ඔබේ අවධානය යොමු කිරීමට ඉඩ දෙනු මැනවි:

ප‍්‍රථමයෙන්ම කිවයුත්තේ, හීලිගේ මහබොරුවේ “අහිංසක ගොදුරක්”, යයි හැන්සන් සහ ඔහුගේ සහකරු වූ ජෝර්ජ් නොවැක් මහ ඉහලින් වර්නනා කරන ලද රොබට් ෂෙල්ඩන් හාට් ජීපීයූව විසින් බඳවා ගනු ලැබ 1940 මැයි මස 24 දින ට්‍රොට්ස්කි ඝාතනය කිරීම සඳහා දරන ලද ප‍්‍රයත්නයේ සහකරුවෙකු වූ බව සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු ලබාගන්න ලද වෙනොනා ව්‍යාපෘතියේ ලේඛන වලින් සනාථව ඇත.

වැසිලි මිට්රොඛින් (නමැති සෝවියට් සංගමය හැර බ්‍රිතාන්‍යයට පලාගිය කේජීබී සෝවියට් බුද්ධි අංශ නිලධාරියා) විසින් බටහිරට ගෙනෙන ලද පුරා ලේඛනවලින් තහවුරු වූ පරිදි හාට් එම ප‍්‍රහාරකයන්ට සහාය වී ඇත. 1997 දී රුසියාවේ පලකරන ලද කේජීබීයේ ඉතිහාස කෘතියක් හාට් සිය කැමැත්තෙන්ම ගේට්ටුව හැර ප‍්‍රහාරකයන් සමග ගිය බව සටහන් කරයි. ඔහු කේජීබීයේ නිව්යෝක් අංශය විසින් බඳවාගනු ලැබ තිබුනු අතර ඔහුට දෙන ලද රහස් නම වූයේ “කියුපිඩ්”[19] යන්නයි.

එහෙයින් හැන්සන් සහ නොවැක් ගේ ආක්‍රෝෂයට භාජනවෙමින් ජාත්‍යන්තර කමිටුව විසින් කල්තබාම හාට් පිලිබඳව, ජීපීයූව ට්‍රොට්ස්කි ඝාතනය කලේ කෙසේද යන කෘතියේ දී ඉස්මතු කරන ලද ප‍්‍රශ්න මුලුමනින්ම යුක්ති යුක්ත වූ බව පැහැදිලි ය. අප මෙහිදී සලකුනු කර ගත යුතු කරුනක් නම් ඔබේ ( ...) ලිපිවල ෂෙල්ඩන් හාට් ගැන වචනයක්වත් සඳහන්ව නැති බව ය.

දෙවනුව සිල්වියා කොල්ඩ්වෙල් ජීපීයූ ඒජන්තියක් යයි තහවුරු වී ඇත. ගෙල්ෆාන්ඩ් නඩුව නිසා, එස්ඩබ්ලිව්පී තුල ස්ටැලින්වාදී ඒජන්තියක ලෙස ඉටුකල භූමිකාව ගැන 1958 ග‍්‍රෑන්ඩ් ජූරි අධිකරන වාර්තා වල සටහන්වූ ඇගේ සාක්කි ප‍්‍රසිද්ධ කිරීමට හේතු විය. ඔබ පවා අන්තිමට ඇය ඒජන්තියක් ය යන්න පිලිගනී. ඔබ ඔබේ විචාර ලිපියේ මෙසේ ලියන්නෙහිය:

ඒවෙනුවට, ෆ්ලොයිඩ් ක්ලිව්ලන්ඩ් මිලර් හෙවත් මයික් කොර්ට්, කැනන් ගේ ලේකම් ලෙස, එස්ඩබ්ලිව්පීයේ කි‍්‍රයාකාරකම් පිලිබඳ අභ්‍යන්තර ලියවිලි සහ තොරතුරු ලබාගත හැකි තත්වයක සිටි සිල්වියා කැලන් සමග එක්ව එස්ඩබ්ලිව්පීය තුල කේජීබීයේ ප‍්‍රධාන ඒජන්තයා බවට පත් විය. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල සිල්වියා හඳුන්වන ලද්දේ කෝල්ඩ්වෙල් යනුවෙනි. ඒ සමගම ඈ විවාහවූ මිනිසුන්ගේ නම්ද (සල්මොන්ඩ් ෆ‍්‍රැන්ක්ලින් සහ ජේම්ස් ඩොක්සි) ඇය විසින් යොදා ගන්න ලද හෙයින් ෆ‍්‍රැන්ක්ලින් සහ ඩොක්සි නම් ද ඇයට යෙදී ඇත. වෙනොනා ලියවිලිවල ඇගේ රහස් නම සැටිර් යනුවෙනි. ඈ නිරන්තරවම ඇගේ එන්කේවීඩි පාලකයා වූ ජැක් සොබල් ට එස්ඩබ්ලිව්පීය තුල කන්ඩායමික අරගලය පිලිබඳ වාර්තා සම්පාදනය කලා ය. එහෙත් එම වැඩ කටයුතු ඇගේ සිත සසල කල හෙයින් තමා ඒවායින් නිදහස් කරන ලෙස ඇය ඉල්ලා සිටියා ය. සොබල් ගේ මගපෙන්වීම යටතේ ජෝසප් කැට්ස්ට කොර්ට් සහ කෝල්ඩ්වෙල් යන දෙදෙනාම පාලනය කිරීම භාරවිය. [20]

වෙනොනා ලියවිලි, හෙවත් සෝවියට් සංගමය විසුරුවාලූවායින් පසු එක්සත් ජනපදය විසින් සොයාගනු ලැබ, විසංකේත කොට පල කරනලද සෝවියට් බුද්ධි අංශයේ ලියවිලි, ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය පිලිබඳ පරීක්ෂනය විසින් ද ඇලන් ගෙල්ෆාන්ඩ් නඩුව විසින් ද ඩොක්සි පිලිබඳව එයට අවුරුදු ගනනාවකට පෙර එලිදරව් කරගෙන තිබුනු කරුනු වලට වැඩි යමක් එකතු කලේ නැත. සිල්වියා කොල්ඩ්වෙල් ඉලිනොයි ප‍්‍රාන්තයේ වීටන් හි වාසය කරන බවත් එවකට ඇය භාවිතා කාල විවාහ නාමය සිල්වියා ඩොක්සි බවත් මම 1977 මැයි මාසයේ දී තහවුරු කර ගතිමි. 1983 මාර්තු මාසයේ දී ගෙල්ෆාන්ඩ් නඩුව අන්තිමටම මේරියානා ෆෙල්සර් එස්ඩබ්ලිව්පීයේ කටුක විරෝධය නොතකා ම ඩොක්සි ග‍්‍රෑන්ඩ් ජූරියට දී තිබුනු සාක්කි ප‍්‍රසිද්ධ කලේ ය. ෆෙල්සර්ගේ කි‍්‍රයාව පැහැදිලිවම එස්ඩබ්ලිව්පීයේ ජාතික ලේකම් ජැක් බාන්ස් ද එහි නීතිඥ වරයාද විමතියට පත් කලේ ය. ෆ‍්‍රෑන්ක්ලින්ගේ සාක්කි පිටපත් පලකිරීමට පැයකටත් අඩු කාලයකදී බාන්ස්, සිල්වියා ෆ‍්‍රෑන්ක්ලින් කෙරේ සිය ප‍්‍රශස්තිය පල කලේ ය. 1983 මාර්තු 9 වනදා විවෘත උසාවියේ දී ගෙල්ෆාන්ඩ්ගේ නීතිඥයා සහ බාන්ස් අතර පහත සඳහන් සංවාදය සිදු විය.

ප‍්‍රශ්නය: ඔබට (ගෙල්ෆාන්ඩ් ගේ ලියුම) ලැබෙන විට සිල්වියා ෆ‍්‍රෑන්ක්ලින් ජීපීයූ ඒජන්තියක් යයි පෙන්නුම් කිරීමට කුමන සාක්කියක් වත් තිබුනේ නැතැයි යි යන්න ඔබේ මතය වී ද ?

බාන්ස්: සියලු සාක්කි හරියටම අනිත් පැත්තටය. ව්‍යාපාරයේ සිටි සමයේ ඇගේ හැසිරීම ද ඇය ව්‍යාපාරය හැර ගිය පසු සිදුවූ සියල්ලම ද පෙන්නුම් කරන්නේ ඇයගේ ඇත්තම තත්වයයි: භක්තිමත්, මහන්සිවී වැඩ කරන අපගේ ව්‍යාපාරයේ ආදර්ශමත් සාමාජිකාවක්.

ප‍්‍රශ්නය: එය අදත් ඔබගේ මතය ද ?

බාර්න්ස්: ඇයට කරන ලද කරදර ද, ගතවූ අවුරුදු කිහිපය තුල ඇයට මුහුන දීමට සිදුවූ දෙය ද තුල අද දින මගේ මතය නම් මගේ වීරයන්ගෙන් කෙනෙකු ඈ බවයි. ඇයට ද, ඇගේ චරිතයට ද එවකදීටත් වඩා මම අද ගරු කරන්නෙමි. [21]

තුන්වෙනුව, සොයාබැලීමේ වැඩකටයුතු වලදී, ගෙල්ෆාන්ඩ් ලබාගත් ලියවිල්ලකින් තහවුරු කරන ලද්දේ සිල්වියා කොල්ඩ්වෙල් හෙලිදරව් කරන ලද ලුයිස් බුඩෙන්ස්, හැන්සන් ද ජීපීයූ ඒජන්තයෙකු බව හඳුනාගෙන තිබුනි. 1976 ජුනි 8 වන දා ජෝසප් හැන්සන් ට ඔහු මිත‍්‍ර ෆ්‍රෙඩ්රික් ඕබි‍්‍රයන් ලියු ලියුමකදී පහත දැක්වෙන අරුත්බර සිද්ධිය සිහිපත් කැරිනි:

අවුරුදු කිහිපයකට පෙර, 1940ස් ගනන්වල අගදී හෝ 50 ස් ගනන් මුල දී (මට දිනය ව්‍යාකූල ය එහෙත් ස්ථානය -නිව්යෝක් නගරයේ හත්වන වීදියේ- හොඳට මතකය) මට පර්ල් ක්ලූගර් හමුවූවාය. පර්ල් ට්‍රොට්ස්කි ආරක්ෂා කිරීමේ කමිටුවේ සාමාජිකාවක් ව සිටි අතර මා සිතන හැටියට මුලින් ඒ.ජේ. මුස්ට් සහ ලුවී බුන්ඩෙන්ස් (ලියුමේ නම් වරදවා ලියා තිබේ) සමග පරන ඇමරිකානු කම්කරු පක්ෂයේ සිටියාය. මා ඇය දිගු කලක් හමුව නැති නමුත් හමුවූ වහාම කීවේ, “ඔබ මිත‍්‍ර ජෝසප් හැන්සන් ජීපීයූව සමග වැඩ කර තිබේ ය, කියලයි.”[22]

ඩේවිඩ් නෝර් ත් සිල්වියා කෝල්ඩ්වෙල් (ෆ‍්‍රැන්ක්ලින්, ඩොක්සි) 1977 ඡායාරූප ගතකලේය.

ඔවුන් යලියලිත් හොරට දිව්රන්නෙක් යයි බුඩෙන්ස් හෙලා දුටුවේ කුමක් නිසා ද? කල්ගතවී නමුත්, හැන්සන් සහ එස්ඩබ්ලිව්පීය සිල්වියා කොල්ඩවෙල් ජීපීයූ-කේජීබී ඒජන්තියක් යයි ඔප්පු කරන ඉහවහ ගිය සාක්ෂ්‍ය ද 1958 ග‍්‍රෑන්ඩ් ජූරියේ සාක්ෂ්‍ය පිටපත් පිටවීමට පෙරද වෙනොනා ලේඛන එලිදරව් වීමට පෙරද තිබුනු බව නොතකා, සිල්වියා කොල්ඩ්වෙල් “ආදර්ශමත්” සහෝදරියක ලෙස ආරක්ෂා කිරීමට හේතුව කුමක්ද යන්න අන්තිමේ දී, ඔබගේ ලියුමෙන් එලිදරව් කරන ලදී. බුඩෙන්ස් කොල්ඩ්වෙල් පමනක් නොව හැන්සන් ද ඒජන්තයෙකු ලෙස හඳුන්වා තිබුනි. එස්ඩබ්ලිව්පීය කොල්ඩ්වෙල් ට එරෙහි චෝදනා පිලිගත්තේ නම් එය හැන්සන්ගේ භූමිකාව පිලිබඳ අතිශය බරපතල ප‍්‍රශ්න ඉස්මතු කරනු ඇත. එපමනක් නොව බුඩෙන්ස් කවර කලෙක වත් හැන්සන් ඒජන්තයෙකු ලෙස එලිදරව් කලේ නැත යන කාරනය අනිවාර්යයෙන්ම ඉස්මතු කරන්නේ, එය අනිවාර්යයෙන් ම එෆ්බීඅයි සංවිධානය ඔහුව එලිදරව් කිරීම නිශේධ කලේ 1940 ස් ගනන් වල සිටම ඔහු ඉහල පෙලේ ඔත්තුකරුවෙකු ලෙස එෆ්බීඅයි විසින් සලකන ලද නිසාය යන ප‍්‍රශ්නය අනිවාර්යයෙන්ම ඉස් මතුකරනු ලබනු ඇති හෙයිනි.

එස්ඩබ්ලිව්පී නායකයෝ ගෙල්ෆාන්ඩ් නඩුව අවසන්ව සති පහකට පසු 1983 අපේ‍්‍රල් 15 දා මිලිටන්ට් පත‍්‍රයේ මුද්‍රනය තුල තම සාමාජිකයන්ට, ඔවුන් වර්ෂ ගනනාවක් තිස්සේ දැන සිටි දේ එනම් එස්ඩබ්ලිව්පී සාමාජිකයන් ගනනාවක් සෝවියට් ඒජන්තයන් බවට බුඩෙන්ස් විසින් නම් කර ඇති බව ප‍්‍රථම වතාවට දැනුම් දුන්හ. ඔවුන් අතර 1979දී මිය යන තෙක්ම එස්ඩබ්ලිව්පීයේ මධ්‍ය නායකයෙකු වූ ජෝසප් හැන්සන් ද විය. එහි “ගනනාවක්” යන වචනය පෙන්නුම් කරන්නේ හැන්සන් සහ කොල්ඩ්වෙල් ට අමතරව තවත් නම් තිබුනු බවය. ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය පරීක්ෂනය සහ ඇලන් ගෙල්ෆාන්ඩ්ගේ ප‍්‍රයත්නයන් මුලුමනින්ම සනාථ කල මෙම ප‍්‍රකම්පක පිලිගැන්ම නොතකා එස්ඩබ්ලිව්පී නායකයෝ කොල්ඩ්වෙල් ආරක්ෂා කිරීම දිගටම කරගෙන ගියෝ ය. මිලිටන්ට් පුවත් පතේ මෙම නින්දිත පිලිගැනීම සිදු කර යාන්තම් දිනකට පසුව, ලැරි සීගල් එස්ඩබ්ලිව්පී දේශපාලන කමිටුවට පහත සඳහන් යෝජනාව කලේ ය:

අන්තිමේ දී අපි සිල්වියා කොල්ඩ්වෙල් ට එරෙහි චෝදනා පිලිබඳ පක්ෂයේ ආස්ථානය පැහැදිලිකරන ලිපියක් ලිවිය යුතු ය. එම ලිපිය සිල්වියා කොල්ඩ්වෙල් ට සහ එස්ඩබ්ලිව්පීයට එරෙහිව ගෙනයමින් පවත්නා කොන්ටෙල්ප්‍රෝ වර්ගයේ (කෙනෙකු රාජ්‍ය විරෝධී අපරාධකරුවෙකුයයි ඔප්පු කිරීමට ගොතන) විනාශකාරී චෝදනා වකට එරෙහිව පක්ෂය ආරක්ෂා කිරීමට පවත්නා අපගේ වගකීම බව පක්ෂයට සහ ජාත්‍යන්තර ව්‍යාපාරයට ඉදිරිපත් කලයුතුය. මෙවන් අවලාද මෙහෙයුම් වලට භාජනවූ සෑම සියලු සාමාජිකයෙකුම භක්තිමත්ව ආරක්ෂා කිරීම කම්කරුවන්ගේ විප්ලවවාදී පක්ෂයේ නායකත්වයේ වගකීම බව, කවර කලෙකවත් උගෙන නොගත්තාවූ ද නැතහොත් අමතක වූ ද අයට විශේෂයෙන්ම යලියලිත් පැහැදිලි කිරීම අත්‍යවශ්‍යය. [23]

දේශපාලන කමිටුවේ වාර්තා පෙන්නුම් කරන්නේ “සීගල් විසින් සටහන් කරනලද ප‍්‍රවිෂ්ටයට අනුකූල ව සිල්වියා කොල්ඩ්වෙල් ලිපිය සකස් කරන ලෙස අනුමැතිය දීමට” යෝජනාවක් ඒකමතිකව සම්මත කරන ලද බව ය. මෙම “ප‍්‍රවිෂ්ටය” ජැක් බාර්න්ස් විසින් 1983 මැයි මස එස්ඩබ්ලිව්පී ජාතික කමිටුවට ඉදිරිපත් කරන ලදුව 1983 අගෝස්තු 5 දා මිලිටන්ට් පුවත්පතේ පලකරනලද වර්තාවක සාක්ෂාත් කරන ලදී. බාර්න්ස් යලිත් කෝල්ඩ්වෙල් “සහෝදරයෙකු” ලෙස වැලඳ ගති. ඔහු ජාතික කමිටුවට මෙසේ කීය:

ඔබ දන්නා පරිදි සිල්වියා, බුඩෙන්ස් නම් එෆ්බීඅයි කඩාකප්පල් කරුවා සහ ඔත්තුකරුවා විසින් නිග‍්‍රහයට ලක් කරන ලදී. එෆ්බීඅයි විසින් දඩයමේ වර්ෂ ගනනාවක් පුරා ඇය ලුහුබඳින ලදී. ඇය 1950ස් ගනන් වලදී රොසෙන්බර්ග් වරුන් ට චෝදනා පැටැවූ සෝවියට් ඔත්තුසේවාවන් පරීක්ෂාකරන ෆෙඩරල් ග‍්‍රෑන්ඩ් ජූරි සභා ඉදිරියට ගෙන යන ලදී.දැන් ඇයට මුහුන දීමට සිදුවී තිබෙන්නේ මෙහි ද ජාත්‍යන්තරව ද අපගේ ව්‍යාපාරය ට එරෙහිව ද්‍රෝහිකම් කරන (වර්කස් ලීගය සහ කම්කරු විප්ලවවාදී පක්ෂය) ය තමන්ගේ ම කඩාකප්පල් මෙහෙයුම අපට එරෙහිව යෙදවීම සඳහා එම ප‍්‍රයත්නය ම ඉදිරියට ගෙන යාමට ය.

ග්‍රෑන්ඩ් ජූරියේ සාක්කි පිටපත් ව්‍යාජ ඒවා බව කියාපෑමට බාන්ස් උත්සාහ කලේ ය. “මෙය පරිපූර්න අවනඩුව ලෙස සලකනු ලැබේ.” තමා කලා යයි චෝදනා කෙරුනු දේවල් සැබවින්ම කල බව දිවුරුම් දී ප‍්‍රකාශ කිරීමට චුදිත ගැහැනිය ඉදිරිපත් වෙයි. මෙය නිල (රාජ්‍ය) පිටපතකි. බාන්ස් ගේ පිලිකුල් සහගත සහ වියරු කියාපෑම් එස්ඩබ්ලිව්පී ජාතික කමිටුව විසින් විරුද්ධත්වයකින් තොරවම පිලිගන්නා ලදී.

4.“ මෙම කෘතියට පවත්නා ආදාලත්වය නම් 1982 දී ගෙල්ෆාන්ඩ් ස්බොරොව්ස්කි ට සාක්ෂි දීමට නීතියෙන් බලකිරීමට සමත් වූ බවයි. තම උපන් දිනය සහ ස්ථානය ද තමන්ට සහෝදර-සහෝදරියන් සිටි බවද හැර වෙන කිසිදෙයක් එලිනොකර ඇලන් ගෙල්ෆන්ඩ් සහ ඔහුගේ නීතිඥවරයා රවුමේ දිවවී ය. අන්තිමේදී නඩුව ඉවත දමන ලදී. ස්බොරොව්ස්කි යලිත් කිසිවක් එලිනොකර සිටීමේ ද පස්වන සංශෝධනය යොදාගෙන තමන්ගෙන් ප‍්‍රශ්න කරන්නන් මෝඩයන් බවට පත් කිරීමේ ශූරයෙකු බව යලිත් ඔප්පු කලේ ය.”

ඉහත උධෘත පාඨයේ සියල්ල නෛතික වාර්තාවේ විකෘතියක් ද මුසාකරනයක් ද වේ. ස්බොරොව්ස්කි කවුරුන් හෝ රවුමේ දිවවූයේ නැත. ස්බොරොව්ස්කි ලවා සාක්ෂි දෙවීමට ගෙල්ෆාන්ඩ් දැරූ ප‍්‍රයත්න මෙය පැහැදිලි කරයි. 1982 පෙබරවාරි 1 දා, විනිසුරු ෆෙල්සර් ගෙල්ෆාන්ඩ්ට සිය නඩුවට අවශ්‍ය සාක්ෂි සොයාගැනීම සඳහා දින 90ක් දුන් අතර, එම කාලය තුල ඔහුට සිය නඩුව ඔප්පුකිරීම සඳහා සාක්කිකරුවන් අධිකරන බලය උඩ මෙහෙයවා ගැනීමට ඉඩ ලැබිනි. ගෙල්ෆාන්ඩ්ගේ නීතිඥයෝ ස්බොරොව්ස්කිට සිතාසියක් නිකුත් කලහ. එස්ඩබ්ලිව්පීය කලේ ස්බොරොව්ස්කිගේ සාක්කිය නොදී සිටීම සඳහා වැලැක්වීමේ නියෝගයක් උසාවියෙන් ලබාගැනීමට වහා කි‍්‍රයාත්මක වීමය. 1982 මාර්තුවේදී දුන් තම සාක්කියේ දී ජැක් බාර්න්ස් ස්බොරොව්ස්කි ප‍්‍රශ්නයේදී එස්ඩබ්ලිව්පීය මැදිහත් වීම පිලිබඳව අත්‍යසාමාන්‍ය යුක්ත්‍යාපනයක් කලේ ය.

ප‍්‍ර. ජීපීයූ ඒජන්තයන් ආරක්ෂා කිරීම ඔබේ කාරියද ?

බාර්න්ස්: මගේ යුතුකම වන්නේ පක්ෂය තුලින් වැඩ කීරීම හා සටන් කිරීම මගින් ඇමරිකානු පුරවැසියන් ප‍්‍රහාරයට ලක්වන කල්හි, ඔවුන් ද පක්ෂයේ අයිතිවාසිකම් ද ආරක්ෂා කිරීම ය.

ප‍්‍ර. ඔබගේ ව්‍යාපාරය තුල ජීපීයූවේ වැඩකටයුතු ගැන නීතියේ සීමාවන් ඇතුලත පරීක්ෂනය පවත්වන කල්හි ඔබගේ පක්ෂය ප‍්‍රහාරයට ලක් වනවා ද ?

බාර්න්ස්: පුද්ගලයන්ට අතවර කිරීම සිය තනි පිලිවෙත කරගත් සංවිධානයන් විසින් එම පුද්ගලයින්ට අතවර කරන කල්හි ඔවුන්ගේ අයිතිවාසිකම් වලට එය බලපායි. ඔබ කලින් ස්බොරොව්ස්කි ගැන සඳහන් කලේ ය. ඔහු වනාහි අපගේ ව්‍යාපාරයේ සතුරන් සමග සම්බන්ධකම් පවත්වා ගෙන ගිය බව දිවුරා ප‍්‍රකාශ කල පුද්ගලයෙකි. ස්බොරොව්ස්කි මහත්මයා පවා මේ රටේ වෙනත් ඕනෑම පුරවැසියෙකුට තිබෙන අයිතිවාසිකම් සහිත පුද්ගලයෙකි.[24]

ප‍්‍රස්තුත ප‍්‍රයුක්තය වන්නේ ස්බොරොව්ස්කිට අයිතිවාසිකම් තිබුනාද නැද්ද යන්න නොවේ. ස්ටැලින්වාදී ඒජන්තයෙකු ලෙස ඔහු ඉටුකර තිබුනු වැඩ සටහන පිලිබඳ අධිකරන සාක්කියක් දීමට ඔහුට බලකල යුතුව තිබුනේ ද යන්නයි. සාක්කිය වැලැක්වීමට එස්ඩබ්ලිව්පීය දැරූ ප‍්‍රයත්නයට ප‍්‍රතිචාර දක්වමින්, ගෙල්ෆාන්ඩ් ගේ නීතිඥයෝ 1982 මාර්තු 12 දින ලත් නඩු ලිපියක් ඉදිරිපත් කලෝය.

ස්බොරොව්ස්කි මහතාගේ සාක්කිය ඇමරිකානු ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල ජීපීයූ ක්‍රියාකාරිත්වය පිලිබඳ නොමිනිය හැකි එලියක් හෙලනු ඇත. ඔහු ගෙන් එම ව්‍යාපාරය තුල වැඩ කරන ඔහුගේ සහකාර ජීපීයූ ඒජන්තයන් ගේ නම් ද එස්ඩබ්ලිව්පී තුල ඔහු කරගෙන ගිය කටයුතු ද පිලිබඳ ව ප‍්‍රශ්න කෙරෙනු ඇත. ස්බොරොව්ස්කි මහතා හතරවන ජාත්‍යන්තරය තුල ගෙනගිය කි‍්‍රයාකාරකම් සලකාබලන කල්හි, පැහැදිලිවන කාරනය නම් වත්මන්හි එස්ඩබ්ලිව්පී විත්තිකරුවන්ගේ වැඩකටයුතු ඇගයීමේ ලා අතිශය වැදගත් වූ ප‍්‍රයුක්තියක් වන ස්ටැලින්වාදී ඒජන්තයන්ගේ වැඩ කටයුතු ද ඔවුන් වැඩ කල ආකාරය ද පිලිබඳ ව ඔහුගේ සාක්කියක් වැදගත් තොරතුරු සපයනු ඇති බවය. ස්බොරොව්ස්කි මහතාගේ සාක්කියක වැදගත් කම පැහැදිලිය. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල ඔත්තු බලා ඔහුට තිබෙන වාර්තාව සලකා බලන කල්හි පුදුම වියයුතු කරුන නම් එස්ඩබ්ලිව්පී විත්තිකරුවන් ඔහු ගේ සාක්කි ගැනීම වලකාලන ආරක්ෂක නියෝගයක් අධිකරනයෙන් ඉල්ලා සිටීමයි. [25]

විනිසකරු ෆෙල්සර් ස්බොරොව්ස්කි ගේ සාක්කිය වැලැක්වීමට එස්ඩබ්ලිව්පීය ගත් උත්සාහය නිෂ්ප‍්‍රභා කල හෙයින් 1982 අපේ‍්‍රල් 5 බ‍්‍රහස්පතින්දා ඔහු සාක්කිය පටන් ගති. අන්තිමේදී මේ මිනීමරුවා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය නියෝජනය කල නීතිඥයෙකු ගේ ප‍්‍රශ්න කිරීමට භාජන විය. ස්බොරොව්ස්කි 1). 1937 ජුලි මස ට්‍රොට්ස්කිගේ මුඛ්‍ය ලේකම් වරයෙකු වූ අර්වින් වොල්ෆ් පැහර ගෙන ගොස් මරාදැමීම ද 2). 1937 සැප්තැම්බරයේ ජීපීයූවෙන් බිඳී හතරවන ජාත්‍යන්තරයට සහයෝගය දෙන බව ප‍්‍රකාශ කල ඉග්නාස් රයිස් මරාදැමීම ද 3). 1938 පෙබාරවාරියේදී ට්‍රොට්ස්කිගේ වැඩිමහලු පුත් ලියොන් සෙඩොව්ව මරා දැමීම ද 4). 1938 ජූලියේ දී හතරවන ජාත්‍යන්තරයේ ලේකම් රුඩොල්ෆ් ක්ලෙමන්ට් පැහැරගෙන ගොස් මරාදැමීම ද යන අපරාධවල කේන්ද්‍රීය කාර්ය භාරයක් ඉටුකර තිබුනි.

ස්බොරොව්ස්කි ප‍්‍රශ්න කිරීම වනාහි සෑම සමාජවාදියෙකුම විසින් සන්තෝෂ විය යුතු වූ සිද්ධියක් විය. එහෙත් ස්බොරොව්ස්කිගේ සාක්කිය එස්ඩබ්ලිව්පීයට නම් තර්ජනයක් විය. ජේම්ස් ලාසන් නමැති නීතිඥවරයා මාක් ස්බොරොව්ස්කි නියෝජනය කලේ ය. ස්බොරොව්ස්කිගේ සාක්ෂ්‍ය වැලැක්වීමට දැරුනු ප‍්‍රයත්නයේ දී ලාසන් එස්ඩබ්ලිව්පීයේ නීතිඥයන් සමග කිට්ටුවෙන් වැඩ කලේය. එක්සත් ජනපද ආන්ඩුව මෙම සාක්ෂි විභාගය ගැන දැඩි උනන්දුවකින් සිටියේය. සීඅයිඒ අධ්‍යක්ෂ විලියම් කේසි, එෆ්බීඅයි අධ්‍යක්ෂ විලියම් වෙබ්ස්ටර් සහ නීතිපති විලියම් ෆ්‍රෙන්ච් නියෝජනය කල ලින්ඩා ක්‍රොම්වෙල් නමැති ආන්ඩුවේ නීතිඥ ද ගෙල්ෆාන්ඩ් නියෝජනය කල නීතිඥ ජෝන් බර්ටන් ද ස්බොරොව්ස්කිව ප‍්‍රශ්න කලහ. ස්බොරොව්ස්කි තමාගේ පෞද්ගලික අනන්‍යතාව පිලිබඳ මෙම ප‍්‍රශ්න වලට උත්තර දුන්නායින් පසු ඔහු රුසියාව හැරගියේ කවදාදැයි විමසන ලදී. ඔහු මෙසේ පිලිතුරු දුනි:

“අප දෙන උත්තරය අපගේ ම ප‍්‍රාන්ත සහ ෆෙඩරල් වරප‍්‍රසාදයන්ට එරෙහිව අප ම ස්වයං දෝෂාරෝපනය කරගැනීමකට මග පාදනු ඇතිය යන මගේ නීතිඥයාගේ උවදෙස් අනුව මම එම ප‍්‍රශ්නයට පිලිතුරු දීම ප‍්‍රතික්ෂේප කරමි.” පහත දැක්වෙන පිලිතුර ද ඇතුලු බර්ටන් විසින් අසන ලද අන් සියලුම ප‍්‍රශ්නයන්ට එරෙහිව ස්බොරොව්ස්කි මෙම වරප‍්‍රසාදය පිහිටුවා ලීය.

ප‍්‍රශ්නය: ඔබ 1941 දී එක්සත් ජනපදයට ඇතුලුවීම ට සම්බන්ධ පරිස්ථිතින්ද පිලිබඳව මා ප‍්‍රශ්න කලහොත් ඔබ දෙන්නේ එම උත්තරයම ද ?

ස්බොරොව්ස්කි: ඔව්.

වෛස්මන් මහත්මියනි ඔබ දන්නා පරිදි ස්බොරොව්ස්කි ෆැසිස්ට්-ගැති විචි පාලනය යටතේ පැවති ප‍්‍රන්සයෙන් ගැලවී ඒමට සමත් වූයේ, ලෝලා ඩලින් සහ ජෝර්ජ් නොවැක් යන දෙදෙනා ඔහු වෙනුවෙන් දැරූ අත්‍යසාමාන්‍ය ප‍්‍රයත්නයන් නිසා බව ඔබ දන්නෙහි ය. මෙම ප‍්‍රශ්නයට පිලිතුරක් ස්බොරොව්ස්කි විසින් දෙන ලද නම් එය ඔහු සහ ඩලින් අතර සම්බන්ධය එලිදරව් කිරීමට උදව්වනු ඇත. ඇය ඔහු සමග ජීපීයූ වැඩසටහන් වල යෙදී සිටියාද? ජෝර්ජ් නොවැක් එස්ඩබ්ලිව්පීය තුල ස්ටැලින්වාදී හිතවතුන්ගේ සහ මෙහෙයුම්කරුවන් ගේ ජාලයක කොටසක්ව සිටියා ද?

ස්බොරොව්ස්කි ගෙන් සිය ප‍්‍රශ්න ඇසීම දිගටම කරගෙන ගිය බර්ටන් ආත්ම-දෝෂාරෝපනය ට එරෙහි පස්වන ව්‍යවස්ථා සංශෝධනයේ එලඹී සිටීම දිගින් දිගටම කරගෙන යනවාද යන්න යලි යලිත් ඉස්මතු කලේ ය.

ප‍්‍රශ්නය: ඔබ සෝවියට් සංගමයට ඇතුලු වූ තැන් පටන් 1954 - 1955 අවුරුදු වල “සෝවියට් රහස් පොලිසිය වෙනුවෙන් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල සහ එක්සත් ජනපදයේ සමාජවාදී කම්කරු පක්ෂය තුල (එස්ඩබ්ලිව්පීය) තුල ඔබගේ රහස් කි‍්‍රයාකාරකම් වලට සම්බන්ධ ව ඔබ යෙදී සිටින්නට ඉඩතිබුනු කි‍්‍රයාකාරකම් ගැන මම ඔබෙන් කිසියම් ප‍්‍රශ්නයක් ඇසුවොත් ඔබ ගේ උත්තර වන්නේ ත් එකමද ?

ස්බොරොව්ස්කි: ඔව්.

ප‍්‍රශ්නය: 1930 සිට වත්මන දක්වා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල සෝවියට් රහස් පොලිසියේ ජාත්‍යන්තර යාන්ත‍්‍රනය පිලිබඳව දුටු හෝ ඇසූ තොරතුරු පිලිබඳව මා ඔබෙන් ප‍්‍රශ්න කලහොත් ඔබ දෙන උත්තරය ඒකමද ?

ස්බොරොව්ස්කි: එසේය. [26]

සිය නීතිඥයාගේ අවවාද උඩ ස්බොරොව්ස්කි සිය ස්වයං- දෝශාරෝපනයට එරෙහිව, නීතිඥයන්ගේ උපදෙස් පිට ඇමරිකානු ව්‍යවස්ථාවේ පස්වන සංශෝධනය ඔහු ‘ගෙල්ෆාන්ඩ් සහ ඔහුගේ නීතිඥයා වටා රවුම් දිවිල්ලක්’ ලෙස ඔබ විස්තර කරන්නේ මන්ද? ඔහුගේ බියගුලූ නිහඬ බව “ප‍්‍රශ්න අසන්නන් මෝඩයන් කලේ” කොහොමද? ඇත්ත වශයෙන් ම, නඩුවේ සන්දර්භය තුල ඔහුගේ සාක්කි ඉදිරියේ දී ඔහුම ඉදිරි කාලයේ දී නඩු පවරුමට ලක්කරනු ඇතිය යන පදනම උඩ ප‍්‍රශ්නවලට උත්තර දීම ස්බොරොව්ස්කි ප‍්‍රතික්ෂේප කිරීම එස්ඩබ්ලිව්පීයේ ඉහල මට්ටම ම කාවැදීමට ලක්ව ඇතිය යන ගෙල්ෆාන්ඩ්ගේ චෝදනාව තහවුරු කලේය.

මාර්ක් ස්බොරොව්ස්කි සහ ඔහුගේ බිරිඳ 1975 සැන්ෆ‍්‍රැන්සිස්කෝ හිදී

ගෙල්ෆාන්ඩ් ගේ නීතිඥයෝ ප‍්‍රශ්න වලට ස්බොරොව්ස්කි ගෙන් බලෙන් උත්තර ගැනීමට යලිත් උසාවි ගියෝය. ස්බොරොව්ස්කි උත්තර දීම මග හැරීමට පස්වන සංශෝධනය යොදා ගැනීමට එරෙහිව ඔවුන්ගේ නඩුව අසනු ලැබුවේ 1983 ජනවාරි 4 දා ය. ඒ එක්සත් ජනපද දිස්ති‍්‍රක් අධිකරන විනිසුරු ජේ. ස්ටීල් ලැන්ෆෝඩ් ඉදිරියේ ය. ජෝන් බර්ටන් ගේ තර්කයට විනිසුරු පිලිතුරු දුන්නේ ආන්ඩුවේ ඒජන්තයින් එලිදරව් කිරීම ට තුඩු දිය හැකි තොරතුරු ඉදිරිපත් කිරීම ෆෙඩරල් අපරාධයක් බවට පත්කරමින් සම්මත කරනු ලැබ ඇති අලුත් නීතිය ඉදිරිපත් කරමිනි.

උසාවිය: දැන්, ඔබ මෙයට පිලිතුරු දෙනවානම්, උසාවිය, ස්බොරොව්ස්කි මහතා ආත්ම -දෝශාරෝපනය පිලිබඳව දක්වන උත්සුකය නොතකාහැරිය යුතු මන්ද ?

බර්ටන්: උතුමානනි, අපි -

උසාවිය: මට තේරෙන හැටියට සාක්කි නික්ෂේපනය, යම් ප‍්‍රමානයකට, සාක්කි කරු ලවා සමාජවාදී කම්කරු පක්ෂයේ සිටියාවූ හෝ ඉන්නා වූ යම් පුද්ගලයන් රහස් ඒජන්තයන්, සමහරවිට එක්සත් ජනපදයේ බුද්ධි නිලධාරින් හඳුන්වා ගැනීමට සිතනවා විය හැකිය.

බර්ටන්: හොඳයි, එය තමයි අපේ වැඩ පිලිවෙල, ගරු විනිසුරු තුමනි, එය තමයි, මෙය ඔප්පුකිරීම, එනම් මාර්තු 1 දා අප නඩු බසින්නේ හරියට අන්න ඒ කාරනයටම ය. ඔබ කියන්නේ මෙය බුද්ධි සේවා උල්ලංඝනය කිරීමේ පනත උල්ලංඝනයක් ය කියාද?

උසාවිය: ඔව්. [27]

විනිසකරු ලැන්ග්ෆෝර්ඩ් ස්බොරොව්ස්කිට වාසි වන පරිදි තීන්දුව දෙමින් එස්ඩබ්ලිව්පී ය තුල රජයේ ඒජන්තයින් එලිදරව් කිරීම ඔහුට නඩු පැවරීමට හේතු වන බව ප‍්‍රකාශ කලේ ය.

මෙම නඩුව පවරනු ලැබීමෙන් පසුව, මෑත දී පසුගිය අවුරුද්දේ නීති ගත වූ, ‘යම් ජාතික ආරක්ෂක තොරතුරු සුරැකීමේ පනත’ ය යි නම් ලද පනත අනුව මා හඟින්නේ, සමාජවාදී කම්කරු පක්ෂය තුල සහභාගී වන බව පිටින් හඟවා ගෙන කටයුතු කරන රාජ්‍ය බුද්ධි අංශ ඒජන්තයන් යයි සිතියහැකි අයගේ අනන්‍ය තාව එලිදරව් කිරිම ස්බොරොව්ස්කි මහතා අතින් සිදු කෙරෙන නම් කිරීමකින්, විස්තර කිරීමකින් හෝ අන් කිසියුරකින්, සිදු වුව හොත් හෝ, එවැන්නකට මග පාදනු ලැබුව හොත්, එමගින් එහි එම පනතේ (601 A) වන වගන්තිය උල්ලංඝනය වනු ඇතයි යන්න යි මගේ හැඟීම. [28]

ස්බොරොව්ස්කි ගෙල්ෆාන්ඩ් සහ ඔහුගේ නීතිඥයන් වටේ දිව් රවුමක් නැත. ඔවුන් මෝඩ කරන්නට ඔහු සමත් වුවා ද නොවේ, ඒ වෙනුවට ඔහු ගලවාගනු ලැබුවේ දීර්ඝ නීතිමය සටනක් මගිනි. සමාජවාදී කම්කරු පක්ෂය තුල ඔහු ආරක්ෂා කල ආධාරකරුවන්ගේ සහය ඒ සඳහා තීරනාත්මක විය. ගෙල්ෆාන්ඩ් සහ ඔහුගේ නීතිඥයන් ඇසු ප‍්‍රශ්නවල ට උත්තර දීම ට ඔහුට සිදු නොවූයේ ආන්ඩුවේ ඔත්තුකාරයින් ආරක්ෂා කෙරෙන නීතියක් ඒ ලඟදි සම්මත කරනු ලැබ තිබු නිසාම පමනි. මේ නිසා මාක් ස්බොරොව්ස්කිගෙන් ප‍්‍රශ්න ඇසීමට ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට පැවතී එකම සහ අන්තිම අවස්ථාව ද නැතිවී ගියේ ය.

ඔබ 1997, මාර්තු 1 දා ලියූ ලියුමක මෙසේ සිහි කරගනී: “ස්බොරොව්ස්කි මැරෙන්නට පෙර ඔහු දකින්නට කිහිප වතාවක්ම උත්සාහ කලෙමි. හතර වතාවක් ම මම ඔහුට කතා කිරීමට උත්සාහ කලෙමි. ඔහු එක්කෝ මට දොර වසාගත්තේ ය; නැතිනම් ටෙලිෆෝනය ගසාදැම්මේ ය. සූකර යා!” ඔබේ සද්කෝපය නොමග ගොසිනි. වෛස්මන් නෝනා ඔබ කෝප වූයේ මන්ද ? ඔබ සිතුවේ ලේ නාගත් ස්ටැලින්වාදී ඒජන්තයෙකු වූ ස්බොරොව්ස්කි ඔබ සමග ප‍්‍රසන්න තොරතුරු දායක කතාවකට බහිතැයි කියාද ? ඔහු ඔබට ඔහුගේ ආත්මය එලි කරති ඔබ සිතුවාද ?

ස්බොරොව්ස්කිට ගෙල්ෆාන්ඩ් නඩුවෙන් අවුරුදු තිස්දෙකක් ගතවී තිබේ. ගතවූ වර්ෂ කිහිපය තුල, ස්බොරොව්ස්කි පිලිබඳ වෙහෙස නොතකා සත්‍යය සොයන්නාවූ විද්වතෙකු ලෙස පෙනී සිටින්නට ඔබ උත්සාහ කර ඇත. ඔබ වෙහෙසට පත් තානයකින් මෙසේ ලියා ඇත, “ඉමහත් පුරාලේඛන වාරනයක් සහිත ලේඛන සංකීර්නයක් තුලින් පාර සොයාගැනීමට සිදුවීමක් පිලිබඳව ඔබ සඳහන් කර ඇත.” ඔබ උජාරු තානයකින් මෙසේ ප‍්‍රකාශ කර ඇත: “රහස් ගවේෂනය කවර කලෙක වත් පහසුකාරියක් නොවේ.” වයිස්මන් මහත්මිය ඔබ කියන කතාව ඇලන් ගෙල්ෆාන්ඩ්ටත් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවටත් කියන්න. හැන්සන්, නොවැක් සහ බාර්න්ස් ගේ බොරු සහ වසං කිරීම් වලට තම සම්බන්ධය ගැන ලජ්ජා වනවාට වඩා ඔබ තවමත් කරන්නේ ඒවා වැපිරීමය.

අවසාන වශයෙන් මා යලිත් කියා සිටින්නේ ඔබ ස්බොරොව්ස්කි පිලිබඳ ඔබගේ ලිපියේ පශ්චාත් ලේඛනයේ දක්වා ඇති අවලාද සහ විකෘතීන් ප‍්‍රසිද්ධියේ ඉල්ලා අස් කරගත යුතු බවය.

මීට අවංක,

ඩේවිඩ් නෝර්ත්

ජාතික ලේකම්, සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය)

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති

***

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් 2015 නොවැම්බර් 10 දින පල විය.


[1]

43 වෙළුම නො 2, පිටු 189-09

[2]

උදාහරනයක් හැටියට බලන්න, The Venona Secrets• Exposing Soviet Espionage and American Traitors, (වෙනොනා රහස්: සෝවියට් ඔත්තුසේවය සහ ඇමෙරිකානු ද්‍රෝහියන් එලිදරව්ව), හර්බට් රොමර්ස්තෙඉන් සහ එරික් බ්රෙන්දෙල්, ඇමෙරිකාව තුල කේ.ජී.බී යේ නැගීම සහ වැටීම, හාර්වේ කෙහ්ර්, ජෝන් අර්ල් හයින්ස් සහ ඇලෙක්ස්න්ඩර් වසිලිව්

[3]

එම පිටු 209

[4]

Letter to Albert Glotzer, December 13, 1996 ඇල්බට් ග්ලොට්සර් ට ලියුමක් 1996 දෙසැම්බර් 13, පිටුව 209

[5]

එම

[6]

How the GPU Murdered Trotsky (London: New Park, 1981), pp. 217-218. ජීපීයූව ට්‍රොට්ස්කි ඝාතනය කලේ කෙසේද (කම්කරුමාවත ප‍්‍රකාශන )

[7]

Healy’s Big Lie: The Slander Campaign Against Joseph Hansen, George Novack, and the Fourth International (New York, National Education Department, 1976), p. 13 (හීලිගේ මහබොරුව: “ජෝසප් හැන්සන්ට, ජෝජ් නොවැක් ට සහ හතරවන ජාත්‍යන්තරයට එරෙහි අවලාද මෙහෙයුම (නිව් යෝක්: ජාතික අධ්‍යානපන දෙපාර්තමේන්තුව)

[8]

එම., පිටු 9

[9]

11එම පිටු 8

[10]

The texts of these documents are reprinted in The Gelfand Case, Volume 1, (New York: Labor Publications, 1985), pp. 7-308 ගෙල්ෆාන්ඞ් නඩුවේ දී යලිමුද්‍රිත මෙම ලියවිලිවල පෙල ගෙල්ෆාන්ඞ් නඩුව 1 වෙලුම

[11]

එම පිටු 211

[12]

Healy’s Big Lie, හිලිගේ මහා බොරුව: පි.63

[13]

ගෙල්ෆාන්ඞ් නඩුව

[14]

එම පිටු 68

[15]

එම පිටු 70

[16]

එම පිටු

[17]

එම පිටු 91

[18]

එම පිටු 91

[19]

Harvey Klehr' John Earl Haynes' Alexander Vassiliev• Spies• The Rise and Fall of the KGB in America (Kindle Locations 7502-7505), Kindle Edition හාවේ ක්ලර්, ජෝන් අරල් හේන්ස් , ඇලෙක්සැන්ඩර් වැසිලිඑව්; චරපුරුශයෝ: ඇමරිකාවේ කේ.ජී.බී.යේ නැගීම සහ බැසීම් (කින්ඩල් ලොකේෂන්ස් 7502-7505)

[20]

“Portrait of Deception'” Part 2' Critique' 2015' Volume 43' No' 1' p' 192' ර්‍රැවටිල්ලේ පිලිරුව *

[21]

The Gelfand Case, Volume 2, p. 635 ගෙල්ෆාන්ඩ් නඩුව වෙළුම 2 පිටුව 635.

[22]

එම පිටුව 651

[23]

SWP Political Committee Meeting No' 8' April 16' 1983 කවිප දේශපාලන කමිටු රැස්වීම නො 8 අප්‍රේල් 6 1983

[24]

The Gelfand Case' Volume 2' p' 422 ගෙල්ෆන්ඞ් නඩුව 2 වන වෙළුම

[25]

The Gelfand Case' Volume 1,ගෙල්ෆන්ඞ් නඩුව 1 වන වෙළුම චච. පිටු 152*153

[26]

The Gelfand Case,ගෙල්ෆන්ඞ් නඩුව, 2 වන වෙළුම , පිටු 434-435

[27]

එම පිටු 465-466

[28]

එම පිටු 469

Loading