ඉදිරිදර්ශන

කෝවිඩ්-19 වසංගතයට එරෙහි ව සටන් කරන්නේ කෙසේ ද: කම්කරු පන්තියට ක්‍රියාකාරී වැඩපිලිවෙලක්

මෙම ලිපිය 2020 මාර්තු 17 දින ඉංග්‍රීසි බසින් පලකෙරුනි.

කෝවිඩ්-19 වසංගතය ගෝලීය ව්‍යසනයකි. චීනයේ දී පලමුවරට හඳුනාගත් තැන් පටන් මාස තුනක් තුල එය ග්‍රහලෝකය පුරා පැතිරී තිබේ. ඉහල ආසාදන රේට්ටුවක් හා සැලකිය යුතු මාරාන්තික භාවයක් මෙම වෛරසය විසින් ඒකාබද්ධ කරයි. තහවුරු වූ ආසාදනයන් දහස් ගනනක් පිලිබඳ වාර්තා දෛනික ව ගෙන එන යුරෝපය හා උතුරු ඇමරිකාව පුරා එය විනාශය කටිමින් තිබේ. මරන සංඛ්‍යාව ක්ෂනික ව ඉහල යමින් ඇත. මෙම වෛරසය දැන් මැද පෙරදිග, අප්‍රිකාව හා ලතින් ඇමරිකාව තුල දර්ශනය වේ.

වටිනා කාලය නාස්ති කර තිබෙන ධනපති ආන්ඩුවල උදාසීනත්වය හා අපරාධකාරී නො තැකීම විසින් වසංගතයේ පරිමානය හා බලපෑම තීව්‍ර කරනු ලැබ ඇත. මාර්තු 16දා පැවති මාධ්‍ය හමුවේ දී, තමන්ගේ ම නායකත්වය ගැන ප්‍රශංසා කරගත් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කොරෝනා වෛරස වසංගතය මුලුමනින් ම අනපේක්ෂිත ලෙස පැමිනි බව යලි යලිත් සඳහන් කලේ ය. “මාසයකට පෙර කිසිවෙක් කිසිදා සිතුවේ වත් නැති ගැටලුවක් දැන් අපට ඇත” යි ට්‍රම්ප් කියා සිටියේ ය. “මෙය කොහි සිට පැමිනියාදැයි දන්නේ නැහැ.” මෙය අමු පචයකි. ගෝලීය වසංගතයක අන්තරාය පිලිබඳ ව විද්‍යාඥයෝ වසර ගනනක් තිස්සේ අනතුරු අඟවා තිබුනි. 2002-2003 සාස් කොරෝනා වෛරසයේ හා 2009-2010 එච්1එන්1 (සූකර උන) වසංගතයේ අත්දැකීම් දැනට මත් ලෝකය සතුව තිබේ.

ලෝක ආර්ථික සංසදය, එහි ඉහල ම ගෝලීය අන්තරායන් 10න් එකක් ලෙස යලි යලිත් ආසාදිත රෝග ශ්‍රේනිගත කර ඇත. රටවල් 195ක ආරක්ෂාව හා සම්බන්ධ හැකියාවන් පිලිබඳ එහි අවසන් වාර්තාව, කිසිදු රටක් වසංගතයකට හෝ ලෝක ව්‍යාප්ත වසංගතයට නුසූදානම් බව සොයාගත්තේ ය. “ආසාදිත රෝග අර්බුදයන්ගේ සමාජීය හා ආර්ථික බලපෑම්වලට සාමූහික ලෙසින් අප ව ගොදුරුවීමේ හැකියාව ඉහල යමින් තිබෙන බව පෙනේ” යි එය ලිවී ය. මෙම අනතුරු ඇඟවීම නො තකා හැරුනි.

ලෝක ව්‍යාප්ත වසංගතයකට දක්වන ඵලදායී ප්‍රතිචාරයක්, එය පැතිර යාමේ වේගය අඩුකිරීම සඳහා මහා පරිමාන පරීක්ෂන ක්ෂනික ව ක්‍රියාත්මක කිරීමක් අවශ්‍ය වන බව විද්‍යාත්මක අධ්‍යයනයන් පෙන්වා දෙයි. එහෙත්, චීනය තුල රෝගයේ පැතිරීම තුලින් අනතුරේ පරිමානය ගැන සැකයක් ඉතිරි නො කල තතු යටතේ පවා, රෝගය හඳුනාගෙන එය පැතිරීම නැවැත්වීමට යුරෝපය තුල හෝ එක්සත් ජනපදය තුල කිසිදු උත්සාහයක් නො ගන්නා ලදී. මහා පරිමාන පරීක්ෂන ඇරඹීමට ආන්ඩුවට උවමනාවක් තිබුනේ වුව ද, ඒ සඳහා අවශ්‍ය මෙවලම් එක්සත් ජනපදය තුල සොයාගත නො හැකි ය.

පසුගිය අර්ධ ශතවර්ෂය පුරා සමාජීය යටිතල පහසුකම් විනාශ කිරීමේ ඍජු ප්‍රතිඵලයක් ලෙස, සියල්ලට ඉහලින් එක්සත් ජනපදය ඇතුලු ලෝක ධනවාදයේ ප්‍රධාන මධ්‍යස්ථාන මෙම අර්බුදයට ප්‍රතිචාර දැක්වීමට මුලුමනින් ම අසමත් බව සනාථ කොට ඇත. සමාජීය සැලසුම් පිලිබඳ සියලු සලකා බැලීම්, වෝල් වීදිය මත කොටස් වටිනාකම් ඉහල දමාගැනීමට හා පාලක ප්‍රභූන් විසින් ඇඟ කිලිපොලා යන මට්ටම්වලින් ධනය සමුච්ඡය කරගැනීම සඳහා පහසුකම් සලසාගැනීමට යටත් කරනු ලැබ තිබේ.

-සියැට්ල් අසල වොෂ්හි කර්ක්ලෑන්ඩ්හි දී 2020 මාර්තු 16 සඳුදා ලයිෆ් කෙයා සෙන්ටර්හි වැඩමුර මාරුවේ දී සේවය අවසන් කර පිටවී යන ආරක්ෂක ආම්පන්න පැලඳගන්නා කම්කරුවෝ (ඒපී ඡායාරූපය/ එලේන් තොම්සන්)

එක්සත් ජනපදයේ සෞඛ්‍යාරක්ෂන පද්ධතිය සම්පත් හිඟයකට මුහුන දී ඇත. එසේ ම, ගෝලීය යුද්ධය සඳහා ලෝක බලවතුන් සූදානම් වෙද්දී, ආයුධ සඳහා ඩොලර් ට්‍රිලියන ගනන් වැය කර තිබේ. එක්සත් ජනපදයේ වාර්ෂික මිලිටරි අයවැය ආසන්න වසයෙන් ඩොලර් ට්‍රිලියනයක් වන්නේ, මේ සතියේ එක්සත් ජනපද නියෝජිත මන්ඩලය විසින් සම්මත කල සමස්ත කොරෝනා වෛරස් “සහන” පනතට වඩා, යුද්ධයට සූදානම් වීමේ දී සෑම සතියක ම වැඩිපුර වියදම් කරන අතර ය.

කොරෝනා වෛරස් වසංගතයට ප්‍රතිචාර දැක්වීමේදී සියලු ආන්ඩු සලකා බලන්නේ හරියටම එක හා සමාන දේවල්ය. සම්පත් යොමු කරනු ලබන්නේ වසංගතය පැතිර යාම නැවැත්වීමට නො ව, ධනවතුන් ආරක්ෂා කිරීම සඳහා ය.

මෙයට හේතු වන්නේ හුදෙක් නො හැකියාව හා අසංවිධිත බව නො වේ. නිශ්චිත ව ම එය එසේ ය. එහෙත්, සෑම වියවුලක්, ව්‍යාකූලත්වයක් හා සම්බන්ධීකරනයක් නැති කම පිටුපසින්, දුෂ්ඨ නො තැකීමේ හා ඕනෑකමින් අක්‍රීය වීමේ දැනුවත් පිලිවෙතක් දෘෂ්‍යමාන වේ. පාලක පන්තියේ ආදර්ශ පාඨය වන්නේ, දශක ගනනක් තිස්සේ එය දක්කනු ලැබූ: “අපට බිලියන ගනන් සමුච්ඡය කරගැනීම සඳහා මිලියන ගනන් දෙනාගේ මරන අවශ්‍ය නම්, එය එසේ වුනා වේ.” යන්නයි.

“බොහෝ පවුල්වලට අකාලයේ තම ආදරනීයයන් අහිමිවෙද්දී, මමත් බ්‍රිතාන්‍ය මහජනයා සමඟ එකම බෝට්ටුවට වැටෙනවා” යි මේ පසුගිය සතියේ ප්‍රකාශ කල එක්සත් රාජධානියේ අගමැති බෝරිස් ජොන්සන් පාලක පන්තියේ උදාසීනත්වය පිලිබිඹු කලේ ය. වැසුනු දොරවලට පිටුපසින්, පාලක ප්‍රභූවේ නියෝජිතයෝ මේ අර්බුදයේ ධනාත්මක බලපෑම ලෙස සලකන්නේ කවරක්දැයි සාකච්ඡා කරමින් සිටිති: එනම්, මිලියන ගනන් වයෝවෘද්ධ ජනයාගේ මරන දීර්ඝ කාලීන සෞඛ්‍යාරක්ෂන පිරිවැය අඩුකරනු ඇති බවයි.

විවිධ ජනාධිපතිවරු හා අගමැතිවරු විසින් නිකුත් කරන ලද සියලු ප්‍රකාශවල, වසංගතය විසින් මුලිනුපුටා දැමෙන ජීවිත ඇති කම්කරු මහජනයා කෙරෙහි කිසිදු උත්සුකයක් ප්‍රකාශයට පත් නො කෙරේ. මාර්තු 16දා මාධ්‍ය හමුවේ දී, නිරෝධායනය හා “සමාජ විස්ථාපනය වීම” පිලිබඳ නව මාර්ගෝපදේශ ට්‍රම්ප් විසින් නිකුත් කලේ ය. එහෙත්, වැඩ අහිමි වීම පවුල් මත ඇති කරන යෝධ මූල්‍ය බලපෑම සමග සටන් වැදීම සඳහා කිසිවක් යෝජනා කරනු නො ලැබේ.

ඒ අතර ම, විශාල පරිමාන රැස්වීම් මත සීමා ක්‍රියාවට දැමීම ප්‍රාන්ත විසින් අරඹද්දී, නිෂ්පාදන හා සේවා කර්මාන්තවල සේවයේ යොදවනු ලබන, රෝගය ආසාදනය විය හැකි හා අනෙකුත් අයට බෝකල හැකි බවට පත්වීමේ විභවය සහිත මිලියන ගනන් කම්කරුවන් ගැන කිසිවක් කියනු නො ලැබේ.

ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රතිචාරය මුලුමනින් ම අනවනු ලබන්නේ යෝධ සංගතවල ලාබ අවශ්‍යතා විසිනි. ඇත්ත වසයෙන් ම, එහි පිලිවෙත වී ඇත්තේ, රට තුල සමාජීය හා සෞඛ්‍යාරක්ෂන යටිතල පහසුකම්වල ව්‍යසනකාරී තත්ත්වයට වගකිව යුතු සංගතයන්ට ම අර්බුදය කලමනාකරනය කිරීම හරවා යැවීම යි. පසුගිය සතියේ, ඇමරිකානු ජනයා ඉදිරියේ, වෝල්මාට් හා යෝධ සෞඛ්‍යාරක්ෂන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සමග ට්‍රම්ප් පෙරෙට්ටුවේ ගමන් කලේ, ඔවුන් හරියට ජාතික වීරයන් වූවා මෙනි.  තව ද මිලියන ගනන් ජනයා ඔවුන්ට රෝග ලක්ෂන තිබුන ද පරීක්ෂන කරගැනීමේ නො හැකියාවෙන් පසු වේ.

මෙම රෝගය සඳහා නිපදවනු ලබන ඕනෑම එන්නතක් එහි බෙදාහැරීම හරහා ඇමරිකානු සංගතයන්ට ලාබ උපයාගත හැකි වන පරිදි එම සංගත විසින් පාලනය කරන බව තහවුරු කිරීමට ද ට්‍රම්ප් පරිපාලනය උත්සාහ දරයි. මෙයට වඩා අන් කිසි දෙයකට ඇමරිකානු සෞඛ්‍යාරක්ෂන කර්මාන්තයේ අපරාධකාරී ස්වභාවය පැහැදිලි ව හෙලිදරවු කල නො හැක.

පසුගිය මාස දෙක පුරා වසංගතයට ප්‍රතිචාර වසයෙන් ධවල මන්දිරය ක්‍රියාවට දමන ලද සියලු ක්‍රියාකාරකම්වල ඉලක්කය වී ඇත්තේ මූල්‍ය වෙලඳපොලවලට මුක්කුව දීම යි. නව “ප්‍රමානාත්මක ලිහිල් කිරීම්” වැඩසටහන් සහ බැංකුවල පොලී අනුපාත ශූන්‍යය දක්වා අඩුකිරීම හරහා එක්සත් ජනපද ෆෙඩරල් රිසර්ව් බැංකුව හා භාන්ඩාගාර දෙපාර්තමේන්තුව ඩොලර් ට්‍රිලියන ගනනක් වෝල් වීදිය වෙත යොමු කර ඇත.

අතිවිශාල කාලයක් නාස්ති කෙරී ඇති නමුත්, වසංගතයේ බලපෑම හා වපසරිය දැනට දිය හැකි හදිසි ප්‍රතිචාර මත රඳා පවතී. මෙම ප්‍රතිචාරය නිරපේක්ෂ ලෙස තීරනාත්මක වන ප්‍රමුඛතා දෙකක් මත කේන්ද්‍රගත කරනු ලැබිය යුතු ය: පලමුව, වෛරසය පැතිර යාම හැකි තරම් සීමා කල යුතු ය; දෙවනුව, වෛරසය දැනට මත් ගෝලීය මානයන් අයත් කරගෙන ඇති තතු තුල, රෝගාතුර ව සිටින සියල්ලන්ට හදිසි රැකවරනය ලබාදීම හා බලපෑමට ලක්වන සියල්ලන්ට හදිසි ආධාර සම්පාදනය කිරීම කල යුතු ය.

මෙම අර්බුදයට දක්වන ප්‍රතිචාරයට මගපෙන්වන සාරභූත මූලධර්මය විය යුත්තේ, සංගත ලාබ හා පුද්ගලික ධනය පිලිබඳ සියලු සලකා බැලීම්වලට ඉහලින් වැඩකරන ජනයාගේ අවශ්‍යතා නිරපේක්ෂ හා කොන්දේසි විරහිත ප්‍රමුඛතාව ලෙස ගැනීම යි. එය වනාහි පාලක පන්තිය එයට දරාගත හැකි යයි කියන්නේ කවරක් ද යන්න පිලිබඳ කාරනාවක් නොවන අතර, මහ ජනතාවට අවශ්‍ය කවරක් ද යන්න පිලිබඳ කාරනාවකි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) පහත දැක්වෙන ඉල්ලීම් ඉදිරියට දමයි. මෙම ලැයිස්තුව කිසි ලෙසකින් වත් අංග සම්පූර්න නො වන නමුත්, සටනක් දියත් කිරීම පදනම් කල යුතු මූලික පදනම එහි අන්තර්ගත වේ.

බලපෑමට ලක්වන සියල්ලන්ට ප්‍රවේශ විය හැකි ලෝක ව්‍යාප්ත පරීක්ෂන හා නොමිලේ ලබා දෙන ප්‍රතිකාර: රෝගය වැලඳී තිබිය හැකි පුද්ගලයන් ව පරීක්ෂා කිරීම පිනිස සම්බන්ධීකෘත ක්‍රමයක් නොමැති කම, කිසිදු තර්කානුකූල ප්‍රතිචාරයක් දැක්වීම කල නො හැක්කක් බවට පත්කරයි. එක්සත් ජනපදය ද සමස්ත ලෝකය ද පුරා පරීක්ෂන පහසුකම් සුලභ කිරීම අත්‍යවශ්‍ය ය.

ආසාදනය වූ සියල්ලන්ට ප්‍රතිකාර කිරීම, රෝගාතුර වූවන්ට පමනක් නො ව, රෝගය පැතිරී යාම නැවැත්වීම සඳහා ද හදිසි අවශ්‍යතාවකි. රක්ෂන ආවරන හෝ ආදායම නො තකා ප්‍රතිකාර නොමිලේ ලබාදිය යුතු ය.

සෞඛ්‍යාරක්ෂන යටිතල පහසුකම් විස්තාරනය කිරීම සඳහා හදිසි වැඩපිලිවෙලක්: රෝහල් පිරී ඉතිරී යාම, ඉතාලියේ සිදු ව ඇති පරිදි කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවන මරන සංඛ්‍යාව තියුනු ලෙස ඉහල යාමට හේතුවනවා පමනක් නො ව, අනෙකුත් රෝග හා තුවාලවලින් පීඩා විඳින්නන්ට ප්‍රතිකාර ලබාගැනීම ද නොහැකි වී ඇත. ප්‍රමානවත් තරම් උපකරන හා සෞඛ්‍යාරක්ෂන යටිතල පහසුකම් නැතිකමේ අර්ථය වන්නේ, තම රෝගීන්ගෙන් ජීවත් විය යුත්තේ කවුද මිය යා යුත්තේ කවුද යන්න තේරීමට වෛද්‍යවරුන්ට බලකරනු ලැබීම යි.

සුඛෝපභෝගී මහල් නිවාස හා ධනවතුන් සඳහා වන අනෙකුත් ව්‍යාපෘති ඇතුලු අත්‍යවශ්‍ය නො වන ඉදිකිරීම් වහා ම නවත්වා, ඇඳන් ධාරිතාව විස්තාරනය කිරීමට හා රෝහල් ගොඩනැගීමට යෝධ සම්පත් කැපකරනු ලැබිය යුතු ය.

යන්තම් දින 10ක් ගෙවී යද්දී නව රෝහල් ඉදිකිරීමට චීනය සමත් වූ අතර, එය රෝගයේ වපසරිය හා බලපෑම මත යෝධ බලපෑමක් ඇති කලේ ය. එහෙත් අවදානම් සහගත ලෙස රෝගාතුර නැති අයට ප්‍රතිකාර කිරීමට ධාරිතාව නැති නිසා නිවසට වී සිටින ලෙස එක්සත් ජනපදයේ රෝහල් ප්‍රකාශ කරන්නේ, පවුලේ අනෙක් සාමාජිකයන්ට ආසාදනය වීමේ අවදානම ඉහල දමමිනි.

වසංගතය පරාජය කිරීමට නම්, රෝගියාට ප්‍රතිකාර කරන පහසුකම් විශාල ලෙස විස්තාරනය කිරීම අවශ්‍ය ය. දේපොල වෙලඳාම් සමපේක්ෂනයට හා හිස් බස් දෙඩවීමට බොහෝ සෙයින් යොදාගනු ලබන සුපිරි ධනවතුන්ගේ සුඛෝපභෝගී මහල් ගොඩනැගිලි අත්පත් කරගනු ලැබ රෝහල් හා සායන බවට පරිවර්තනය කල යුතු ය. නිවාස නොමැත්තන්ට හා නිදන ශාලාවලින් ඉවත් වී යාමට බලකෙරෙන ශිෂ්‍යයන්ට හදිසි නිවාස සම්පාදනය කිරීම සඳහා ද මෙම ගොඩනැගිලි යොදාගනු ලැබිය හැක.

පාලක පන්තියේ නියෝජිතයෝ අනිවාර්යයෙන් ම මෙම පුද්ගලික දේපොල අයිතිය උල්ලංඝනය කිරීමක් යයි කියාපානු ඇත. එයට අපගේ ප්‍රතිචාරය වන්නේ පාලක පන්තියේ ධනය හා ලාබ අභිබවා සමාජ අවශ්‍යතා ප්‍රමුඛතාව ගත යුතු බව යි.

බලපෑමට ලක්වන කම්කරුවන්ට සම්පූර්න ආදායම් ගෙවමින් සියලු පාසල්, අත්‍යවශ්‍ය නො වන කර්මාන්තශාලා හා අනෙකුත් වැඩපොලවල් ක්ෂනික ව වසාදැමීම: කිසිදු කම්කරුවෙක් ඔහුගේ හෝ ඇයගේ ජීවිතය අන්තරායේ හෙලීම අපේක්ෂා නො කල යුතු ය. කම්කරුවෝ දැනට මත් අවන්හල් හා අනෙකුත් ව්‍යාපාර වසාදමමින් සිටිති. මෙය විස්තීර්න කරනු ලැබිය යුතු ය. එහෙත්, රැකියා අහිමි වන හෝ ආර්ථික බිඳවැටීමේ බලපෑමට වෙනත් ක්‍රමවලින් ගොදුරු වන සියල්ලන්ට වන්දි ගෙවනු ලැබිය යුතු ය.

මුදල් නැතැයි කියාපාන අයට අපි කියන්නේ වෝල් වීදියට ඇප තැබීම සඳහා ඩොලර් ට්‍රිලියන 1.5ක් සම්පාදනය කල හැකි ආන්ඩුවකට අවශ්‍ය සම්පත් සොයාගත හැකි බව යි. ලාබ මිරිකාගැනීමේ අභිප්‍රායයෙන් ම පමනක් දිගට ම වැඩකරන ලෙස සංගත විසින් කම්කරුවන්ට කීම අපරාධකාරීත්වයට අඩු නො වේ.

එක්සත් ජනපදයේ මෝටර් රථ හා අනෙකුත් නිෂ්පාදන සමාගම් ඒවායේ කලමනාකාරීත්වයට හා වෘත්තීය සමිති විධායකයන්ට ගෙදර යන ලෙස කියා ඇතත්, කම්කරුවන් දිගට ම වැඩ කලයුතු යයි අවධාරනය කරයි. අන්තරායට අනවශ්‍ය ලෙස නිරාවරනය වීමට විරෝධය පලකිරීම සඳහා ස්පාඤ්ඥයේ, ඉතාලියේ, කැනඩාවේ, එක්සත් රාජධානියේ හා එක්සත් ජනපදයේ කම්කරුවෝ දැනට මත් වැඩ වැරීම් හා වර්ජන අරඹා ඇත. තමන් මුහුන දී සිටින අන්තරායකාරී තත්ත්වය පිලිබඳ කම්කරුවෝ ඉතා හොඳින් දනිති.

සමාගම් වඩා ලාබදායී බවට පත්කිරීම සඳහා අර්බුදය විසින් සම්පාදනය කරන “අවස්ථාව” සංගත විසින් ගසාකනු ඇතැයි කම්කරුවන්ට අනතුරු ඇඟවිය යුතු ය. දොට්ට දමන ලද කම්කරුවන්ට සංගත හා රාජ්‍ය සම්පත්වලින් මුදල් වෙන්කොට සම්පූර්නයෙන් ගෙවිය යුතු ය. සියලු කම්කරුවන්ට ගෙවීම් සහිත ලෙඩ නිවාඩු සඳහා අයිතිය තිබිය යුතු ය. තමන්ගේ ආදායම අඩුවන බව දැකගන්නා ඕනෑම කම්කරුවෙකුට මූලික අවශ්‍යතා දරාගත හැකි වීම සුරක්ෂිත කිරීමට කොරෝනා වෛරස් අර්බුද සමය තුල බදු, උකස් හා උපයෝගීතාවන් සඳහා වන ගෙවීම් නවත්වනු ලැබිය යුතු ය.

අත්‍යවශ්‍ය කර්මාන්ත තුල ආරක්ෂිත වැඩ කොන්දේසි සඳහා: සෞඛ්‍යාරක්ෂන කර්මාන්තය, ප්‍රවාහනය, ආහාර නිෂ්පාදනය හා සමාජයේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය අනෙකුත් අංශ වැනි වැඩකිරීම අනවරත ව සිදුවිය යුතු තැන්වල දී කම්කරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් ඔවුන්ගේ අයිතීන් සුරක්ෂිත බව සහතික කිරීමටත් පියවර ගනු ලැබිය යුතු ය. වැඩකරන සෑම ස්ථානයකට ම පුහුනුව ලත් සෞඛ්‍යාරක්ෂන වෘත්තිකයන් යෙදවිය යුතු අතර, ආරක්ෂිත ඇඳුම්, ආවරන හා අත්වැසුම් ඇතුලු අවශ්‍ය උපකරන කම්කරුවන්ට සම්පාදනය කරනු ලැබිය යුතු ය.

සියලු සම්බාධක හා වෙලඳ යුද පියවරයන් අවසන් කරනු: ඉරානයේ, වෙනිසියුලාවේ හා අනෙකුත් රටවල ප්‍රතිචාර, මූලික වෛද්‍ය උපකරන ලබාගැනීමෙන් ඔවුන් ව වලක්වන ආර්ථික සම්බාධක හේතුවෙන් දුර්වල කරනු ලැබෙමින් පවතී. එක්සත් ජනපදය හා යුරෝපීය රටවල් විසින් ක්‍රියාවට දමන වෙලඳ යුද පිලිවෙත් නැවැත්විය යුතු ය. කොරෝනා වෛරසය යනු ගෝලීය ව සම්බන්ධීකෘත ප්‍රතිචාරයක් අවශ්‍ය කරන ගෝලීය රෝගයකි.

එවන් හදිසි ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට සම්පත් නැතැයි කියන සියලු කියාපෑම් අවඥාවට ලක්විය යුතු ය. ප්‍රශ්නය වන්නේ සම්පත් පවතී ද නැද්ද යන්න නො ව, මෙම සම්පත් පාලනය කරන්නේ කවුද හා එම සම්පත් බෙදාහරිනු ලබන්නේ කෙසේ ද යන්න යි. සෑම කාර්තුවක් තුල ම එක්සත් ජනපදයේ සංගත ලාබ ඩොලර් ට්‍රිලියන 2 ඉක්මවා යයි. එක්සත් ජනපදයේ ධනවත් ම පුද්ගලයන් 400 දෙනාගේ ධනය ඩොලර් ට්‍රිලියන 4ට වැඩි ය. මිලිටරියට වෙන්කරනු ලබන යෝධ ධනය සෞඛ්‍යාරක්ෂන යටිතල පහසුකම් ගොඩනැගීම ඇතුලු සමාජ අවශ්‍යතා ඉටුකිරීමට යලි දිශාගත කරනු ලැබිය යුතු ය.

හදිසි පියවරයන්ට හරස් ව පුද්ගලික දේපොල පිහිටන තාක්, එය අතුගා දමනු ලැබිය යුතු ය. ආන්ඩුව විසින් ඇප තබන සියලු කර්මාන්ත, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ මහජන උපයෝගීතාවන් බවට පරිවර්තනය කොට අත්‍යවශ්‍ය අවශ්‍යතාවන් නිෂ්පාදනය කිරීම පිනිස යොමුකල යුතු ය.

යුද්ධයක් පුපුරා ගොස් තිබුනේ නම්, මරනයේ උපකරන නිෂ්පාදනය කිරීම සඳහා පාලක ප්‍රභූන් ආර්ථික ජීවිතය ප්‍රතිව්‍යුහකරනය කරනු ඇත. දැන් කාරනය වන්නේ ජීවිතයේ උපකරන නිෂ්පාදනය කිරීම යි.

පන්ති දෙකක සමහන් කල නො හැකි අවශ්‍යතා එකිනෙකාට එරෙහි ව පිහිටයි. ධනපතියන් සඳහා එය වනාහි, ඔවුන්ගේ ලාබ අවශ්‍යතා සුරක්ෂිත කරගැනීමේ සහ ඔවුන්ගේ දේපොල හා ධනය අත නො තබා තබාගැනීම තහවුරු කරගැනීම පිලිබඳ ප්‍රශ්නයකි. ඔවුන්ගේ අවශ්‍යතාවන්ට බාධාකාරී වන කිසිදු පියවරක් ගනු නො ලැබේ. කම්කරු පන්තිය උත්සුක වන්නේ, පුද්ගලික ලාබය වෙනුවට සමාජ අවශ්‍යතාවෙන් නිෂ්පන්න වන පලල් මානවයන්ගේ අවශ්‍යතාවන් ගැන ය.

අප මෙම ඉල්ලීම් ඉස්මතු කරන්නේ, කම්කරුවන් බලමුලුගන්වා, ඔවුන්ගේ පන්ති විඥානය ඉහල දමා, ජාත්‍යන්තර පන්ති සහෝදරත්වයේ අවශ්‍යතාව පිලිබඳ ඔවුන්ගේ අවබෝධය වර්ධනය කොට ඔවුන්ගේ දේශපාලන ආත්ම විශ්වාසය ඉහල දැමීමට යි. කිසිදු ධනපති ආන්ඩුවක් වසංගතය පරාජය කරතියි විශ්වාස නො කරන අපි, ඔවුන් මෙම ඉල්ලීම්වලට සම්පූර්නයෙන් ප්‍රතිරෝධය දක්වනු ඇතැයි අපේක්ෂා කරමු. ජයග්‍රහනය කල හැක්කේ හෝ නො හැක්කේ කුමක්දැයි තීන්දු වනු ඇත්තේ අරගලයේ දී ය.

මෙම සටන ඉදිරියට ගෙනයාම සඳහා කම්කරුවන්ට තමන්ගේ ම සංවිධාන අවශ්‍ය ය. සංගතවලට හා රාජ්‍යයට බැඳී සිටින වෘත්තීය සමිති කිසිවක් නො කරනු ඇත. එම නිසා, ආරක්ෂිත වැඩ කොන්දේසි තහවුරු කිරීමට, අත්‍යවශ්‍ය නො වන නිෂ්පාදන වසාදැමීම ඉල්ලා සිටීමට හා රෝගී ව සිටින හෝ නිරෝධායනය වීමට බලකෙරී ඇති අයගේ ආරක්ෂාව හා යහපත තහවුරු කිරීමට, කම්කරුවෝ කර්මාන්තාශාලා, වැඩපොලවල් හා නිවහන් ප්‍රදේශවල සාමාන්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතු ය.

මෝටර් රථ කම්හල් වසාදමන ලෙස ඉල්ලා සිටීමට කැනඩාවේ වින්ඩ්සර් ඔන්ටාරියෝ සිට මිචිගන්හි ඩිට්‍රොයිට් දක්වා මෝටර් රථ කම්කරුවෝ දැනට මත් වැඩ නවත්වා ඇත.

ජාත්‍යන්තර පරිමානයකින් තොරතුරු බෙදාගැනීමට හා තමන්ගේ අවශ්‍යතා සඳහා සටන සංවිධානය කිරීමට කම්කරුවන්ට ඔවුන් සතුව තිබෙන තාක්ෂනයන් යොදාගත හැකි හා යොදාගත යුතු ය. නිරෝධායනයේ හා ආර්ථිකයෙන් විශාල කොටසක් වසාදමා තිබෙන කොන්දේසි යටතේ පවා, තොරතුරු බෙදාහදා ගැනීමටත් රටපුරා හා ලොවපුරා සංවිධානය වීමටත් කම්කරුවන්ට අවකාශ සලකන ඩිජිටල් සන්නිවේදන ක්‍රම නොගිනිය හැකි ප්‍රමානයක් පවතී.

පරීක්ෂන හා වෛද්‍ය සම්පත්වල හදිසි හා ක්ෂනික වැඩිදියුනු කිරීම් ඉල්ලද්දී පවා, රාජ්‍යයේ බලය ගොඩනැගීම පිනිස දීර්ඝ කාලයක් සැලසුම් කල උත්සාහයන් ක්‍රියාවට දැමීමට දරන ප්‍රයත්නයන්ට ද කම්කරුවන් විරුද්ධ විය යුතු ය. අන්තරාය වන්නේ, පොලිස් භටකායන් හා මිලිටරිය දිගේලි කිරීම සහ ආඥාදායක පාලන රූපාකාරයන් සුජාතකරනය හරහා බලාත්මක කරන්නා වූ පෙලපාලි හා සමාජ විරෝධතා තහනම් කිරීමට ධනපති ආන්ඩු විසින් හදිසි තත්ත්වයන් උපයෝගී කරගැනීම යි.

කම්කරුවන් ඉස්මතු කරන ඉල්ලීම් සමාජය හා ආර්ථික ජීවිතය පරිවර්තනය කිරීම සඳහා වන සටනින් වෙන් නො වී එම සටන සමග සම්බන්ධ වේ. ලාබය සඳහා ධාවනය හා ජාතික රාජ්‍ය පද්ධතිය විසින් යෝධ තාක්ෂනික හා විද්‍යාත්මක වර්ධනයන් සහ මානවයාගේ යෝධ නිෂ්පාදන බලවේග මත පනවන සීමාවන්ගෙන් ඒවා මුදාගත යුතු ය.

වර්තමාන අර්බුදය යලි වතාවක් ප්‍රදර්ශනය කරන්නේ නවීන සමාජයේ අවශ්‍යතා ඉෂ්ට කිරීමට ධනපති ක්‍රමයේ අසමර්ථතාව හා සමාජවාදය සඳහා පවතින අවශ්‍යතාව යි. දශකයකට යන්තම් වැඩි කාලයක් තුල දෙවන වරට, සමස්ත ලෝක ආර්ථිකය පවතින්නේ බිඳවැටීමක් හා දියවී යාමක් අද්දර ය. ලෝකයේ බොහෝ ප්‍රදේශ ජීවත් විය නො හැකි ප්‍රදේශ බවට පරිවර්තනය කිරීමට දේශගුන වෙනස තර්ජනය කරයි.

මෙම වසංගතය සමස්ත දේශපාලන පද්ධතියේ බංකොලොත්භාවය ද හෙලිදරවු කර ඇත. ට්‍රම්ප් පරිපාලනය යනු කතිපයාධිකාරයේ ආන්ඩුවකි. සංක්‍රමනිකයන් හා සරනාගතයන් මත එහි ෆැසිස්ට්වාදී ප්‍රහාරයන් ද එය විසින් ජාතිකවාදය හා විදෙස් භීතිකාව ඉදිරියට දැමීම ද -මෙය ජාත්‍යන්තර ව අන්ත-දක්ෂිනාංශයෙහි වර්ධනයේ කොටසකි- ගෝලීය මහජන සමාජයේ අවශ්‍යතා සමග ගැටුමක නිරත වී සිටී. ඩිමොක්‍රටික් පක්ෂය ගත්කල, පසුගිය වසර තුන පුරා ට්‍රම්ප්ට පවතින විරුද්ධත්වය නාභිගත කිරීමට එය උත්සාහ දරා ඇත්තේ, ඇමරිකානු ජනතාවට විශාලතම තර්ජනය පැමිනෙන්නේ රුසියාවෙන් ය යන මිථ්‍යාව මත ය.

එයට නො අඩු ලෙස හෙලිදරවු වන්නේ, සියලු කම්කරුවන්ගේ එකමුතු කමට ඉහලින් වර්ගය, ලිංගිකත්වය හා පුද්ගල අනන්‍යතාවේ අනෙකුත් රූපාකාරවල දේශපාලනය වෙහෙස නො තකා ඉදිරියට දමමින් සිටින්නන් ය. ඩිමොක්‍රටික් පක්ෂය හා එයට සම්බන්ධ මාධ්‍ය ද්වාර සහ ව්‍යාජ-වාම සංවිධාන ගැටලුව වන්නේ “සුදු වරප්‍රසාද” බවත්, අතිමූලික සමාජ බෙදීම් පවතින්නේ වාර්ගික හා ලිංගික රේඛා ඔස්සේ බවත් කියාපා ඇත. එහෙත් වර්තමාන වසංගතය සෑම ජනවර්ගයක ම, ලිංගිකමය හා ලිංගික යොමුවක ම කම්කරුවන්ට බලපායි. එය පිලිගන්නා එකම “වරප්‍රසාදය” වන්නේ, ආරක්ෂිත වෛද්‍ය ප්‍රතිකාර පතා පුද්ගලික ගුවන් යානාවලින් පියාසර කිරීම මගින් ආසාදනය වීමෙන් වැලකීමට පාලක පන්තියට පවතින හැකියාව යි.

මෙම අර්බුදය දිගහැරෙමින් පවතින්නේ මැතිවරන වර්ෂයක් තුල ය. එලඹෙන මාස කිහිපයේ දී, සසප සහ ජෝසෆ් කිෂෝර් හා නොරිස්සා සැන්ටා කෲස් යන එහි ජනාධිපති හා උප ජනාධිපති අපේක්ෂකයන්, අපගේ උද්ඝෝෂනයෙහි ඉදිරියේ තබාගනු ඇත්තේ වසංගතය නැවැත්වීම සඳහා බැරෑරුම් ක්‍රියාවක් ඉල්ලීම පිනිස කම්කරු පන්තිය බලමුලුගැන්වීමේ අරගලය යි. සසප මෙම ක්‍රියාමාර්ගය ඉදිරියට දමන්නේ, අව්‍යාජ සමාජවාදී, ජාත්‍යන්තරවාදී හා විප්ලවවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් වන එකම සංවිධානය එය නිසයි.

මෙම උද්ඝෝෂනය හා එක් වන ලෙසත් මෙම සටනට සහයෝගය දෙන ලෙසත් අපි කම්කරුවන්ට හා තරුන ජනයාට කැඳවුම් කරමු. අපගේ යුගයේ කේන්ද්‍රීය ප්‍රශ්නය වන්නේ ජාත්‍යන්තර සමාජවාදී හා විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම යි. එය ජීවිතයත් මරනයත් අතර ප්‍රශ්නයකි.

සසප මැතිවරන උද්ඝෝෂනයට උපකාර කිරීමට හා සම්බන්ධ වීමට socialism2020.org. වෙත පිවිසෙන්න.

Loading