කොව්ඩ්-19 වසංගතය හා ගෝලීය අධිරාජ්‍යවාදී යුද්ධය

මෙම ලිපිය 2020 මැයි 9 දින ඉංග්‍රීසියෙන් පලවින.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලතින් ඇමරිකානු සංස්කාරක බිල් වැන් ඕකන් විසින් මැයි 2 වන දින පවත්වන ලද ලෝසවෙඅ සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ 2020 ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැලියට පහත දේශනය පවත්වන ලදී.

දයාබර සහෝදරවරුනි, මිත්‍රවරුනි,

කොරොනා වෛරස් වසංගතයට සෑම රටකම පාලක ධනේශ්වරය දක්වන සාපරාධී ප්‍රතිචාරයට එරෙහිව ලොව පුරා කම්කරුවන්ගේ ජීවිත හා මූලික අයිතිවාසිකම් වෙනුවෙන් කරන පොදු අරගලයක කොන්දේසි යටතේ අපි 2020 මැයි දිනය සමරන්නෙමු.

බිල් වැන් ඕකන් විසින් කරන ලද කථාව වීඩියෝවේ 1:37:58 ට ආරම්භ වේ.

කොව්ඩ්-19 මිලියන ගනනකගේ ජීවිත බිලිගැනීමේ තර්ජනය මතු කල ද, ගෝලීය වසංගතය නිසා පහව ගොස් නැති, බිලියන ගනනකගේ ජිවිත අතුගා දැමිය හැකි නව ලෝක යුද්ධයක තර්ජනය උත්සන්න වී තිබේ.

අධිරාජ්‍යවාදය ලෙඩ නිවාඩු හෝ විවේක නිවාඩු ගෙන නැත. එය නිදා ගන්නේ නැත. සියල්ලෝම මෙයට එකට මුහුනපා සිටිති යන කථා තිබුනේවී නමුත් එක්සත් ජනපද පාලක පන්තිය වසංගතය, යුද්ධයේ මෙවලමක් ලෙස සලකයි. වෛරසය ලක්ෂ ගනනකගේ ජීවිත බිලිගැනීමට හා සමස්ත ආර්ථිකයන් වසා දැමීමට බල කිරීමට පෙර සිටම ඇමරිකානු ආන්ඩු  අනුගමනය කල භූ-මූලෝපායික අරමුනු සාක්ෂාත් කර ගැනීම සඳහා, එය නිර්දය ලෙස උත්සාහ කර ඇත.

න්‍යෂ්ටික බලවතෙකු වන එක්සත් ජනපදයේ, මූලෝපායික බෝම්බ හෙලන යානා සහ අන්තර් මහාද්වීපික (අයිසීබීඑම්) මිසයිල සිය ගනනක් අධීක්ෂනය කරන ගුවන් හමුදාවේ ගෝලීය ප්‍රහාරක ආඥාපති ජෙනරාල් තිමෝති රේ මේ සතියේ ඇමරිකානු මහජනතාව අමතමින් හා  එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මූලෝපායික ප්‍රතිවාදීන්ට ඇසෙන ලෙස මෙසේ ප්‍රකාශ කලේය.

“අපගේ බෝම්බ සහ අයිසීබීඑම් බලවේග මුදාහැරීමට සූදානම් කර, ඕනෑම වේලාවක පෘථිවියේ ඕනෑම ඉලක්කයක් කරා ලඟා විය හැකි බව සහතික කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත. අපි සම්පූර්නයෙන්ම මෙහෙයුමකට සූදානම් ව සිටින අතර කොවිඩ් එය වෙනස් නොකරනු ඇත. ”

පසුගිය මාසයේ මුලදී ජෙනරාල් රේ සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ තවමත් තම අන පරිදි “න්‍යෂ්ටික අවි  මුදාහැරීමට සූදානම්” බවයි.

දහස් ගනන් රෝගීන්ගෙන් පිරුන හදිසි ප්‍රතිකාර ඒකක ද සමූහ මිනීවලවල් තුලට පෙට්ටි බහාලනු ද බාගෙට කුනුවෙමින් ඇති මෘත කලේබර නිව්යෝර්ක් නඟරයේ වීදිවල කුලී ට්‍රක් රථ තුල ගොඩගැසී තිබෙනු ද දක්නට ලැබුන අතර රෝගීන් දහස් ගනනක් මියයනු දැකගත් ලෝකය කම්පාවට පත් විය. එය ඇමරිකානු ධනවාදයේ කුනුවීම මැනවින් පෙන්නුම් කලේය.

ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවීය බලමුලු ගැන්වීමකින් අධිරාජ්‍යවාදය නතර නොකලහොත්, එය අසීමිත දුක් වේදනා හා පීඩාවන් ජනනය කරනු ඇත. කෙසේ වෙතත්, කිලෝටොන්  40 ක තනි න්‍යෂ්ඨික බෝම්බයක් මෑන්හැටන් මතට වැටුනොත් දල වශයෙන් මිලියනයක් පමන මිය යන අතර තවත් දෙලක්ෂ විසිපන්දහසක් දෙනා තුවාල ලබනු ඇත. ඔවුන්ට ප්‍රතිකාර කිරීමට දැඩි සත්කාර ඒකක, රෝහල් හෝ වෛද්‍ය කාර්ය මන්ඬල නොමැති වනු ඇත.

න්‍යෂ්ඨික අවි මුදාහැරීමට සූදානම්." දෙවන ලෝක යුද්ධය අවසන් වී වසර හැත්තෑපහකට පසු, හමුදා ආඥාපතීන් සහ දේශපාලන නායකයින් දරනු ලැබුවේ, ප්‍රධාන බලවතුන් අතර තුන්වන ලෝක යුද්ධයක් යනු දුරස්ථ හැකියාවක් නොව, ඉහල සම්භාවිතාවක් සහ නොවැලැක්විය හැකි කාරනයක්ය යන මතයයි.

මීට පෙර කථාකල පීටර් සිමන්ඩ්ස් සහෝදරයා පැහැදිලි කර ඇති පරිදි, එක්සත් ජනපද මිලිටරිවාදයේ පලමු හා ප්‍රධානතම ඉලක්කය චීනය යි. කෙසේ වෙතත්, වොෂින්ටනය ලොව පුරා ආක්‍රමන සිදු කරයි.

එක්සත් ජනපදය තුල වසංගතයේ උච්චතම අවස්ථාවේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, යුධ නැව් සමූහයක් වෙනිසියුලාවේ වෙරල තීරයට යවා ඇති අතර, පර්සියානු ගල්ෆ් කලාපයේ ඇමරිකානු යුද නැව් හමුවේ ප්‍රකෝපකාරී ලෙස හැසිරුනොත් ඉරාන මුර සංචාරක බෝට්ටුවලට පහර දී ගිල්වා දමන ලෙස එක්සත් ජනපද නාවික හමුදාවට නියෝගයක් නිකුත් කරමින් කියා සිටියේය. ලෝකයේ ඉහලම කොවිඩ්-19  මරන අනුපාතයකට මුහුන දී ඇති ඉරානයට සහ වෙනිසියුලාවට එරෙහිව වසංගතය අවිබල ගැන්වීමට එක්සත් ජනපද පරිපාලනය උත්සාහ කර ඇති අතර, වෙනිසියුලාව සෞඛ්‍ය ආරක්ෂන පද්ධතිය බිඳවැටීමේ අද්දර සිටී.

මෙම හදිසි හා ප්‍රකෝපකාරී  යුද තර්ජනවල උමතුව හා මංමුලා සහගත ස්වභාවයක් පෙන්නුම් කරන අතර, එය වෛරස් අර්බුදය හමුවේ දැල්වෙමින් පවතී - පිස්සුවට නිශ්චිත ක්‍රමවේදයක් ඇත. මෙම තෙල්වලින් පොහොසත් රටවල් දෙකෙහිම පාලන තන්ත්‍ර වෙනසක් සඳහා වන ආක්‍රමනික “උපරිම පීඩනය” සඳහා මහජන දුක් පීඩා හා මරනය යොදා ගැනීම වොෂින්ටනයේ අරමුනයි.

මැදපෙරදිග හා ඇෆ්ගනිස්ථානයේ දශක තුනක එක්සත් ජනපද යුද්ධ වලින් නිර්මානය කර ඇත්තේ, පරාජයන් මාලාවක් පමනි. ඇමරිකානු ධනවාදයේ ගෝලීය තත්වයේ සාපේක්ෂ පහත වැටීම නිසා ඛාදනය වී ඇති ගෝලීය ආධිපත්‍යය ආපසු ඩැහැගැනීමේ වොෂින්ටනයේ අරමුනු සාක්ෂාත් කර ගැනීම වෙනුවට, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය අද මිලිටරි හා විදේශ ප්‍රතිපත්තිය පිලිබඳව රුසියාවෙන් හා චීනයෙන් එල්ල වන “මූලෝපායික තරඟයක්” ලෙස හඳුන්වන දෙයට මුහුන දී සිටී. ඒ අතරම වොෂින්ටනය හා එහි අතිජාත නේටෝ හවුල්කරුවන්, විශේෂයෙන් ජර්මනිය, අතර තියුනු ගැටුම් මතුවෙමින් තිබේ. ලෝක යුද්ධ දෙකේදීම එක්සත් ජනපදය එරටට එරෙහිව සටන් වැද තිබේ 

 එලඹෙන වසරේදී ඩොලර් බිලියන 741 ක් දක්වා ඉහල යනු ඇතැයි අපේක්‍ෂා කරන යෝධ මිලිටරි අයවැයෙන්, එක්සත් ජනපද න්‍යෂ්ටික වැඩ සටහන වර්ධනය සඳහා ඩොලර් බිලියන 50 ක් ද ඉදිරි දස වසර තුල ඩොලර් බිලියන 500 ක් ද වෙන් කෙරේ. එවැනි ගැටුම් සඳහා සූදානම් වීමේදී එවන් මිලිටරි පිරිවැයක් දැරීමට ඇමරිකානු අධිරාජ්‍යවාදය තල්ලු  වෙමින් සිටී.

මේ අතර, වසංගත රෝගවලට මුහුන දීමේ ප්‍රධාන එක්සත් ජනපද ඒජන්සිය වන රෝග පාලන මධ්‍යස්ථානයේ අයවැය නිර්දය ලෙස කප්පාදු කර ඇති අතර දැන් එය පෙන්ටගනයේ අයවැයෙන් සියයට 1.5 ක් පමන වේ.

ධනේශ්වර ක්‍රමයේ සාපරාධී හා අතාර්කික ස්වභාවය වඩා පැහැදිලිව සාරාංශ කිරීමට එයට වැඩි කිසිවක් අනවශ්‍යය. ට්‍රිලියන ගනනක් වෝල් වීදියට පොම්ප කරනු ලැබින. ට්‍රිලියන ගනනක් ජන ඝාතක ආයුධ තැනීමට යොදවනු ලැබේ. ප්‍රධාන විධායක නිලධාරීන්ට සහ ප්‍රධාන කොටස් හිමියන්ට කුපාඩි ලෙස ලාභ මිරිකා දෙන අතර, ඒවා නියෝජනය කරන්නේ, සමාජයෙන් සොරකම් කරන ලද සම්පත් ය. මිලියන ගනන් කොරෝනා වෛරසයෙන් විනාශයට මුහුනපා, මහා විරැකියාව සහ සාගින්නෙන් පීඩා විඳින තතු තුලය මේ දේ සිදුවන්නේ.

 කෙසේ වෙතත් ඇමරිකානු මිලිටරිවාදය සර්වබලධාරී නැත. එක්සත් ජනපද බලයේ සංකේතයක් ලෙස නැගී සිටින්නේ යැයි කියනු ලබන න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ගුවන් යානා හාරක නෞකාවක් වන යූඑස්එස් තියඩෝර් රූස්වෙල්ට් නැවේ සිදුවීම් වලදී මෙය පැහැදිලි විය.  වයිරසය එහි නැවියන්ගෙන් පිරුන තට්ටු හරහා ලැව් ගින්නක් සේ පැතිර යමින් එහි කාර්ය මන්ඬලයේ 900 ක් පමන මේ වන විට රෝගයට ගොදුරු කරගෙන ඇත. නැවේ අන දෙන නිලධාරියා තම ඉහල නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ, නැව වරායට ගෙනැවිත් තම කාර්ය මන්ඬලය නිරෝධායනය කරන ලෙසයි. “අපි යුද්ධයක යෙදී නොසිටින්නෙමු. නැවියන්ට මැරෙන්න අවශ්‍ය නැහැ. ”

වසංගතයෙන් එල්ල වන තර්ජනය අවම කිරීමට උත්සාහ දරමින් සිටි ට්‍රම්ප් පරිපාලනය මෙම ක්‍රියාවෙන් කෝපයට පත් වූ අතර එක්සත් ජනපද අධිරාජ්‍යවාදය බොහෝ සෙයින් යුද්ධයක යෙදී සිටින බවත් නැවියන් මිය යා යුතු නම් එය එසේ විය යුතු බවත් විශ්වාස කරයි. එහි පැත්තෙන්, කාර්ය මන්ඬලය, සේවයෙන් ඉවත් කල තම කපිතාන්ට කැරැල්ලකට සමාන වන ආකාරයේ උත්කර්ෂවත් සමුදීමක් පැවැත්වූහ. ඔහුගේ ක්‍රියාව, අවසාන විග්‍රහයේ දී, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය දිනපතාම ඝාතනය කරන ඉරාන, වෙනිසියුලානු, යේමන්, ඇෆ්ගනිස්ථාන, ඉරාක හෝ සෝමාලියානුවන්ට වඩා, ඔවුන්ගේ ජීවිතවල වටිනාකමක් නැතැයි සලකනු ලබන ආක්‍රමනික මිලිටරි පිලිවෙත හරහා කපාගෙන ගියේය. 

ඊටත් වඩා වැදගත් වන්නේ, එක්සත් ජනපදයේ ආයුධ කර්මාන්තයට අවශ්‍ය ප්‍රධාන සැපයුම් කපා හැර ඇති මෙක්සිකානු මැක්ලඩෝරා කම්කරුවන්ගේ වැඩ වර්ජන ය. එක්සත් ජනපද දේශ සීමාබද කම්කරුවන් ද සිය සෞඛ්‍යයට හා  ජීවිතවලට තර්ජනයක් වන කොන්දේසිවලට එරෙහිව ආයුධ කම්හල්වල වැඩ වර්ජනය කර විරෝධතා දැක්වූහ. 

ලෝක ධනවාදය යුද්ධයට තල්ලු කරන එම නොවිසඳිය හැකි අර්බුදයම, ලෝක කම්කරු පන්තිය විප්ලවය කරා තල්ලු කරයි.

සාපරාධී ලෙස යුද්ධය කරා වන  තල්ලුවට ඇති එකම පිලිතුර, ධනවාදයට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීමයි. වන්දි ගෙවීමකින් තොරව යෝධ ආයුධ කර්මාන්තය අත්පත් කර ගත යුතුය. කුපාඩි ලෙස රැස්කරගෙන ඇති එහි ප්‍රධාන කොටස් හිමියන්ගේ  ලාභ රාජසන්තක කිරීම සඳහා කම්කරුවන් සටන් කල යුතු අතර, එමඟින් ගෝලීය වසංගතයට එරෙහිව සටන් කිරීමට සහ ජනගහනයෙන් අතිමහත් බහුතරයකගේ සමාජ අවශ්‍යතා සහතික කිරීම සඳහා මෙම සම්පත් බලමුලු ගැන්විය හැකිය. මෙම අත්‍යවශ්‍ය ඉල්ලීම්, කම්කරු පන්තිය වෙත බලය ගැනීමේ අරගලයට හා ජාත්‍යන්තර පරිමානයෙන් සමාජවාදය ස්ථාපිත කිරීමේ සටනට නොවැලැක්විය හැකි ලෙස බැඳී ඇත.

මෙම අරගලයට නායකත්වය දීම සඳහා සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටු ශාඛාවන්  සෑම රටකම ගොඩනැගිය යුතුය. මෙම ඔන්ලයින් මැයි දින රැලියට සහභාගී වන සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටින්නේ, මෙම පක්ෂය ගොඩනැගීම සඳහා අප හා එක්වන ලෙසයි.

Loading