කොරෝනා වසංගතය, ධනවාදයේ අර්බුදය සහ සසප කර්තව්‍යයෝ

මෙම ලීපිය අගෝස්තු 26 ඉංග්‍රීසි බසින් පලවිය.

පහත දැක්වෙන්නේ 2020 අගෝස්තු 14-16 පැවැති ඕස්ට්‍රේලියාවේ  සමාජවාදී සමානතා පක්ෂයේ  පස්වන ජාතික සමුලුවේදී සාකච්ඡා කොට ඒකමතිකව සම්මත කරගත් යෝජනාවයි. 

1. කොවිඩ් -19 වසංගතය ගෝලීය ධනවාදයේ අර්බුදය හෙලිදරව් කල සහ  තීව්‍ර කල ප්‍රේරක සිදුවීමකි. 1914 ජුනි28 ඔස්ට්‍රියානු ආදිපාද ෆර්ඩිනන්ඩ් ඝාතනය විසින්, යටපත් කර තිබුනු භූ දේශපාලනික සහ සමාජ ආතතීන්, යුරෝපයේ යුද්ධයකට ඇද දමමින් මුදාහැරුනු ආකාරයට, කොරෝනා වෛරස පැතිරීම ඕස්ට්‍රේලියාව සහ ලෝකය පුරා ධනපති පද්ධතියේ ඇති ප්‍රතිඝතිතාවන් අවුලුවා ඇත. එය දැනටමත් ආරම්භ වී ඇති පන්ති අරගලයන්ගේ පුනර්ජීවයට සහ මූලික සමාජ වෙනසක් සඳහා වූ අවශ්‍යතාවට නව වේගයක් ලබා දී ඇත. 

2. මේ වර්ෂය මුලදී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ජාත්‍යන්තර තත්ත්වය පිලිබඳ මාක්ස්වාදී තක්සේරුවක් මත පදනම්ව ලෝක දේශපාලනය තීරනාත්මක සන්ධිස්ථානයකට පැමින  ඇති බව නිගමනය කලේ ය. 2010 න් ආරම්භ වූ දශකය පන්ති අරගලයේ නව පුනර්ජීවයකට තුඩුදුන් ධනපති ක්‍රමයේ අර්බුදය තීව්‍ර වූ දශකයකි.  2020 ආරම්භ වන දශකය විප්ලවීය කැලඹීම් වල දශකයක් වනු ඇත. “සමාජවාදී විප්ලවයේ දශකය ආරම්භ විය” යන හිසින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජනවාරි තුන් වැනි දා පල කෙරුනු ඉදිරි දර්ශනයක මෙම පුරෝකථනයන් සිදු කෙරිනි: “නව වසරේ එලැඹීම තීව්‍ර වන පන්ති අරගල වල සහ ලෝක සමාජවාදී විප්ලවයේ දශකයක් ආරම්භ වීම සනිටුහන් කරයි”. [1] එය ලඟ ලඟ එන විප්ලවීය කුනාටුවක ගැබ්ව පවතින සලකුනු විස්තර කලේ, න්‍යෂ්ඨික අවි බලයෙන් සන්නද්ධ ප්‍රධාන බලයන් අතර වර්ධනය වන යුද එලවුම, ප්‍රජාතන්ත්‍රවාදී බිඳවැටීම සහ නැවතත් ඒකාධිපති රූපයේ පාලනයන්ට හැරී ගැනීම, පරිසර හානිය, මූල්‍ය කතිපයාධිකාරීත්වයේ අසීමිත පරපෝෂිතභාවය සහ සමාජ අසමානතාව පුලුල් පරිමානව විහිදීම යන එකින් එක අධ්‍යනය කරමින් ය. පන්ති අරගලයට ආවේශය සපයන්නේ මෙම වර්ධනයන් ය.

3.මහජන දේශපාලන විඥානය සීග්‍රයෙන් වෙනස් වෙමින්, පවතින සියලුම දේශපාලන පක්ෂ සහ ව්‍යූහයන්  යටපත් කර දමන්නේ  කම්කරු පන්තියේ පුලුල් ස්තරයන් සහ තරුන  තරුනියන් ලාභ පද්ධතියෙන් නොහැකියාව පිලිබඳ නිගමනයන්ට එලඹෙත් දී  සහ සමාජවාදයට ආකර්ෂනය වන  තත්ත්වයක් යටතේ දී ය. ජනවාරි තුන්වනදා ඉදිරිදර්ශනය ප්‍රකාශ කල ආකාරයට: “ධනපති මාධ්‍ය තුල  දක්නට ලැබෙන  බොහෝ ප්‍රකාශ තුල  පසුගිය වසර පුරාවට පැවති උද්ඝෝෂන  සහ අරගල හඳුන්වා දී  ඇත්තේ ‘නායකයන් නොමැති’ ඒවා ලෙසය”.  නමුත් මෙය මහජන විඥානය  වර්ධනයේ  මූලික අවධියක් පමනි. මහජනතාව, අරගලයේ  ගමන් මග තුල ලැබූ අත්දැකීම් ඒකරාශී කරගනිමින් ඔවුන්ගේ සමාජ සහ දේශපාලන නැඹුරුව තුල  ගැඹුරු වෙනසකට ලක් වෙමින් සිටී. කෙසේ වෙතත් ඉදිරි දර්ශනය පැහැදිලි කල ආකාරයට විප්ලවීය විඥානය  වර්ධනය කිරීමේ අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය වන්නේ කම්කරු පාන්තික  පක්ෂයේ සහ එහි කේඩරයේ  දේශපාලන අරගලයයි. “කම්කරු පන්තියේ වර්ධනය සහ පන්ති අරගලය ජාත්‍යන්තර පරිමානව මතුවීම විප්ලවයේ වෛෙෂයික පදනම යි.  කෙසේ වෙතත් කම්කරුවන් ගේ සංසිද්ධික අරගල සහ  සමාජවාදය සඳහා ඔහු විසින් දරන ඔවුන්ගෙන් නෛසර්ගික පරිශ්‍රමය ප්‍රමානවත්  නොවේ. පන්ති අරගලය සමාජවාදය සඳහා වන සවිඥානික ව්‍යාපාරයක්  බවට පරිවර්තනය කිරීම දේශපාලන නායකත්වය පිලිබඳ ප්‍රශ්නයකි.”

4.ජනවාරි 3 ඉදිරි දර්ශනයේ පුරෝකථනයන් මාස කීපයක් තුල සනාථ වී ඇත.  කොවිඩ්19 වසංගතය ධනේශ්වර පද්ධතියේ  අති විශාල බිඳවැටීමක් අවුලුවා ඇති අතර පාලක පන්තිය සහ ජාත්‍යන්තර පරිමානව මහජනතාව අතර ඇති පරතරය එලිදරව් කර ඇත. ලෝකය පුරා ආන්ඩු වල අපරාධකාරී උදාසීනත්වය සහ නොසැලකිල්ල හෙලිදරව් වී ඇත.  මෙවැනි මහජන සෞඛ්‍ය ව්‍යසනයක් පිලිබඳ නැවත නැවතත් සිදු කෙරුනු අනතුරු ඇඟවීම් තිබියදීත් ඔවුන්ගේ ප්‍රමානවත් තරම් සූදානම් වී නොතිබීම සහ අවශ්‍ය ප්‍රති ක්‍රියාමාර්ග ඉක්මනින් ක්‍රියාවට නැංවීමට ඔවුන් අපොහොසත් වීම, කොවිඩ්  19 සීග්‍ර ලෙස ව්‍යාප්ත වීමට සහ සිය දහස් ගනනක් මිනිසුන් ගේ මරන වලට හේතුන්  වෙයි. 

5.වසංගතය සෞඛ්‍ය අර්බුදයක් ලෙස නොව ආර්ථික අර්බුදයක් ලෙස සලකමින් ඇත්තේ, සෞඛ්‍ය පද්ධතිය දරුනු  ලෙස අරමුදල් හිඟකමින් පෙලෙද්දී සුපිරි ධනවතුන්ගේ ප්‍රතිලාභ වෙනුවෙන් මූල්‍ය වෙලඳ පල වලට සහ සංගත පෙට්ටගම් වලට මිලියන ගනනින් මුදල් පොම්ප කරමින් ය. මීට සමගාමීව  පාලක පන්තීන් පන්ති සබඳතා සම්පූර්නයෙන්ම ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා මෙම  අවස්ථාව ගසා කමින් සිටී. කම්කරුවන් නැවත වැඩට දැක්වීමේ හදිස්සි ධාවනය, එය විසින් ආසාදනය වීමේ වේගය ඉහල යනු ඇතැයි දැන සිටිය දී පවා, අගුලු දමා සිටි කාලයන් අතරතුරේ දීම ක්‍රියාවට නැගුනේ  අතිකාල ගෙවීම් අඩු කරමින්, දැවැන්ත පරිමානව රැකියා කප්පාදු කරමින්, මහා පරිමානව වැඩ කරන පැය ගනන් සහ කොන්දේසි වෙනස් කරමින් සහ වැටුප් කප්පාදු කරමින් ය. ගෝලීය කොටස් වෙලඳ පල වල  ව්‍යාජ  වටිනාකම් කඳු බිඳ වැටීම වලක්වා ගැනීමට අවශ්‍ය, වේගවත් කෙරුනු, කම්කරු පන්තියෙන් අතිරික්ත වටිනාකම් ඒකරාශී කිරීම, තහවුරු කිරීම සඳහා නොගිනිය හැකි තරම් ජීවිත බිලි දීමටද නියමිතය. මිනීමරු “පොකුරු ප්‍රතිශක්තිය” යෝජනා කරන්නන්  ෆැසිස්ට්වාදී ස්වරූපයෙන්  තර්ක කරන්නේ වසංගතයට එහි ගමන් මාර්ගයේ ගමන් කිරීමට ඉඩ ලබා දිය යුතු බවත් මහලු, දුර්වල, ගිලන්, පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා සම්පත් වැය කල  නො යුතු බවත් ය. [2] මෙම ප්‍රතිචාරයේ ගෝලීය ස්වභාවය විසින් පෙන්නුම් කරන්නේ එය හුදකලා දේශපාලන නායකයන්ගෙන් අපරාධකාරී ප්‍රතිචාරයක් පමනක් නොව ඔවුන් නියෝජනය කරන සහ ආරක්ෂා කරන ඓතිහාසිකව යල් පැන ගිය ධනේශ්වර සමාජ පර්යායේ ප්‍රතිචාරයක් බවය.

6.වසංගතයේ සීග්‍ර පැතිරී යාම සහ එහි ගෝලීය ස්වභාවය මෙන්ම එහි විනාශකාරී ආර්ථික සහ සමාජීය බලපෑම් පෙන්නුම් කරන්නේ ඕස්ට්‍රේලියාව ඇතුලුව ඕනෑම රටක් හෝ මහාද්වීපයක් එමගින් ඇතිවන අර්බුදයෙන් වෙන්ව තැබීමට ඇති නොහැකියාවයි. සමකාලීන ආර්ථික සහ සමාජ ජීවිතයේ පුලුල් අන්තර් සබඳතාවය  නිසා ජාතික සීමාවන්ට ලෝක ජනගහනය ආරක්ෂා කිරීමට නොහැකිය. ගෝලීය පිලිතුරක් අවැසිය. තවත් මිලියන ගනනක් ජීවිත වලට සහ ජීවිකාවන් ට එල්ල කෙරී ඇති තර්ජනයට විරුද්ධ විය හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීමෙන් පමනි.  එය වෛරසය සමග සටන් කිරීමට අවශ්‍ය ආර්ථික, විද්‍යාත්මක, කාර්මික, සහ තොරතුරු තාක්ෂන  සම්පත්වල ජාත්‍යන්තර සම්බන්ධීකරන යට ඇති බාධකයක් වන ධනපති ලාභ පද්ධතිය පෙරලා දැමිය හැකි එකම සමාජ බලවේගයයි.  අත්‍යවශ්‍ය ලෝක පරිමාන මූලෝපාය සහ නායකත්වය සැපයීමට සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හජාජාක ගොඩනැගීම එම කර්තව්‍යය විසින් ඉල්ලා සිටී.[3] 

7.ගෝලීය කලබගෑනිය මධ්‍යයේ ඇත්තේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අර්බුදයයි. ඇමරිකානු ධනවාදයේ පිරිහීම පුද්ගලාරෝපනය වී ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දාමරික, ෆැසිස්ට්වාදී, රූපයෙන්ය. ඔහු විසින් නියෝජනය කරන්නේ , වෝල්වීදියේ ඉහල නගින කොටස් මිල ගනන් නිෂ්පාදනය කරන ලද පසුගිය දශක දෙක පුරාවට,  සමපේක්ෂන  ලිංගික කෙලිය සහ අපරාධකාරී කොල්ලකෑම හරහා තමන්ව ධනවත් කරගත් කුඩා මූල්‍ය කතිපයාධිකාරීත්වයක අවශ්‍යතාවන් ය. වසංගතයට ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය වී ඇත්තේ, අනතුරු හැඟවීම් නොසලකා හැරීම, විද්‍යාව මත පදනම් වූ නිර්දේශයන්ට විරුද්ධ වීම, නොසැලකිලිමත් ලෙස අනතුරුදායක සහ ජීවිත තර්ජනය ඇති කර හැකි අත් බෙහෙත් ප්‍රවර්ධනය කිරීම, සහ වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීම වෙනුවෙන්  අගුලු ලෑම සඳහා වන ඉල්ලීම් අවහිර කිරීමයි. කම්කරුවන්ගේ ප්‍රතිවිරෝධයට මුහුන  දෙමින්, ධවල මන්දිරය ප්‍රමාද වී ක්‍රියාත්මක කරන ලද සීමා කිරීම් නැවත සීග්‍රයෙන් ඉවත් කිරීමට උත්සාහ කරමින් සිටින්නේ ආරක්ෂාකාරී  කර්මාන්තශාලා සහ වැඩ බිම්වලට කම්කරුවන් දැක්කී ම සඳහාය. 

8.46 හැවිරිදි අප්‍රිකානු ඇමරිකානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්, මැයි විසිපස් වනදා පොලීසිය විසින් මරා දැමීමට එරෙහිව ලෝකය පුරා පැතිර ගිය විරෝධතා තුල, එක්සත් ජනපදයෙහි සමාජ ආතතිය දේශපාලන ජීවිතයේ මතුපිට දක්වාම පුපුරා ගියේය. ජාතික ආරක්ෂකයන් සහ මිලිටරිය බලමුලු ගන්වා තිබිය දීම මෙම උද්ඝෝෂන  දිගටම සිදු කෙරී ගෙන ගිය අතර ජාත්‍යන්තර පරිමානව පැතිරිනි. මහා පරිමාන සහ ඉහල යමින් තිබෙන විරැකියාව, ආන්තික සමාජ ධ්‍රැවී කරනය  සහ මහජනතාවගේ ජීවිත සහ සෞඛ්‍ය සම්බන්ධයෙන් ආන්ඩු වල අනුකම්පා විරහිත නොතැකීම  පිලිබඳ පුලුල්ව පැතිර ඇති කෝපයේ කේන්ද්‍රය බවට මෙම කෲර පොලිස් ඝාතනය පත්විය. කම්කරු පන්තියේ වර්ධනය වන සමාජ ව්‍යාපාරය සම්බන්ධයෙන් පාලක කවයන් හී  තීව්‍ර වූ භීතිය පිලිබිඹු කරමින් ට්‍රම්ප් විවෘතවම  ඒකාධිපති ස්වරූපයේ පාලනයක් ස්ථාපිත කිරීම දක්වා ගමන් කලේය. ජුනි පලමුදා ධවල මන්දිරයේ දී සිදු කෙරුනු කුමන්ත්‍රනයක් සඳහා වූ උත්සාහයක දී, ජනාධිපතිවරයා එක්සත් ජනපද ව්‍යවස්ථාව විවෘතව උල්ලංඝනය කරමින් විරෝධතාකරුවන්ට එරෙහිව මිලිටරිය යෙදවීමට පියවර ගත්තේය. ඔහුට පසු බැසීමට බල කෙරුනේ, නොවැලැක්විය හැකි මහජන ප්‍රතිවිරෝධය පාලනය කිරීමට ඒ මොහොතේ දී  නොහැකි වනු ඇතැයි බිය වූ මිලිටරි නායකයන්ගෙන් වූ විරෝධය හේතුකොටගෙනය. [4] ට්‍රම්ප් මුලුමනින්ම ඒකාධිපති ස්වරූපයේ පාලනයක් ස්ථාපිත කිරීම සඳහා කඩ තිරයක් සෙවීමට කටයුතු කරමින් සිටී.  පොලිස් රාජ්‍ය ක්‍රියාමාර්ගයන්ට ජාත්‍යන්තර පරිමානව යොමුවීමට සිදුවීම ප්‍රකාශයට  පත්වන්නේ කහ කමිස කරුවන්ගේ ව්‍යාපාරය, යුරෝපයේ ගුරුවරුන්ගෙන් ප්‍රධාන වැඩවර්ජන සහ මැදපෙරදිග, උතුරු අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ ආන්ඩු විරෝධී මහජන විරෝධතාවන් ඇතුලු  පන්ති අරගලයේ පුනර්ජීවයට ප්‍රතිචාර ලෙස යුරෝපයේ සහ අනෙකුත් තැන්වල අන්ත දක්ෂිනාංශික සහ ෆැසිස්ට්වාදී  බලවේග  ප්‍රවර්ධනය කිරීම තුලය.

9.ඒකාධිපති ස්වරූපයේ පාලනයකට හැරී ගැනීම, ධනේශ්වර පන්තියේ අපේක්ෂා භංගත්වය සහ දුබලතාව පිලිබඳ මිම්මකි. ඇමරිකානු විප්ලවයෙන් සහ සිවිල් යුද්ධයෙන් උපන් ප්‍රජාතන්ත්‍රීය සම්ප්‍රදායන් ගැඹුරින්ම කාවැදුනු එක්සත් ජනපදය තුල, ආන්ඩුවට ඉහලින් පවතිනා, දැඩි අවශ්‍යතාවන් ආවරනය කරන ධනපති ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රනය, එකඟ  වූ පාලනය කිරීමේ විධික්‍රමය ලෙස පවතී. කම්කරුවන් සහ තරුනයන් ධනපති රාජ්‍යය සමඟ විවෘත ගැටීමකට පැමිනීමත් සමග පාලක පන්තියේ සියල්ල රැඳී පවතින්නේ විප්ලවවාදී ව්‍යාපාරයක් විය හැකි ව්‍යාපාරයන් පරිස්සම් සහගත දේශපාලන මාර්ගයන් දෙසට හැරවීම මතය. පොලීසිය විසින්  ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමට විරුද්ධව පැවති මහජන විරෝධතාවයන් හීදී,  එක්සත් ජනපද කලු අනන්‍යතා දේශපාලන යෝජකයන්, විරෝධතාවන්ගේ බහුජාතික සහ බහු වාර්ගික ස්වභාවයට එරෙහි සිය පන්ති පස මිතුරුතාවය, සමාජයේ මූලික බෙදීම වන්නේ වර්ගය මිස පන්තිය නොවේ යන වර්ගවාදී ඉදිරි දර්ශනයක් ඉදිරියට ගෙන එමින් ප්‍රකාශයට පත්කරන  ලදී. පොලිස් ප්‍රචන්ඩත්වයට එරහි විරෝධතාවන් වඩවඩාත් විවිධ සහ ගෝලීය වද්දී, වාර්ගික වශයෙන් වෙනස්ව සැලකීමට සහ පීඩා කිරීම සම්බන්ධයෙන් ඔවුන් වඩ වඩාත් බැන වැදුනේ “සුදු මිනිසුන්ට” මිස ධනේශ්වර  පද්ධතියට නොවේ. කම්කරු පන්තියේ එක්සත් ව්‍යාපාරයක් ඔවුන් සලකන්නේ, සිය වරප්‍රසාදිත ස්ථානයන් මුල්බැසගෙන ඇති සමාජ පර්යාය ට මාරාන්තික තර්ජනයක් ලෙසය.[5] 

10. ජාත්‍යන්තර පරිමානව පුපුරා ගිය කැලඹීම් වලට ඕස්ට්‍රේලියාව ව්‍යතිරේකයක් නොවේ. ප්‍රථමයෙන්ම සමූහ ආන්ඩු සමයේදී සුදු ඕස්ට්‍රේලියානු පිලිවෙත තුල ලේබර් පක්ෂය විසින් සූත්‍ර ගත කරන ලද ඕස්ට්‍රේලියානු ව්‍යතිරේකවාදී  මතවාදය ඕස්ට්‍රේලියානු ජාතිකවාදයේ වඩාත්ම දරුනු ස්වරූපය ලෙස පැවත ඇත. ඉතිහාසය විසින් මෙම ව්‍යතිරේකවාදය සහ “වාසනාවන්ත රට” යන මතවාදය නිෂ්ප්‍රභ කර ඇත. ලෝක යුද්ධ දෙකක් සහ මහා අවපාතය, බොහෝකල් පැවති පශ්චාත් දෙවනලෝක යුද උත්පාතය බිඳවැටීම සහ 2008-2009 ගෝලීය මූල්‍ය අර්බුදය සහ දැන් වසංගතය විසින් අවුලුවන ලද අර්බුදය ඇතුලු පසුගිය ශත වර්ෂය පුරාවට ගෝලීය ධනවාදයේ සියලුම ප්‍රධාන අර්බුද වල බලපෑමට ඕස්ට්‍රේලියාව ලක්ව තිබේ. වෛරසය ජාතික සීමාවන්ට ගරු නොකරන අතර ගමන් බලපත්‍රයක් භාවිතා කරන්නේ නැත. ගෝලීය සමාජයක අන්තර් සම්බන්ධතාවයේ ස්වභාවය වන්නේ එය කොහේ හෝ තිබුනොත් ඕනෑම තැනකට පැතිරීමේ විභවයක් එයට තිබීමයි. මෙම අනතුර, සීමා කිරිම්  ඉවත් කිරීමට වන හදිස්සිය විසින් දැඩි ලෙස ඉහල  නංවමින් තිබේ.

11. එක්සත් ජනපදයෙහි, බ්‍රිතාන්‍යයේ, බ්‍රසීලයේ සහ අනිකුත් කොරෝනා වෛරස ආසාදනයන් ගේ කේන්ද්‍රස්ථානවල සිටින සිය සගයන් මෙන්ම වසංගතය පුරාවටම ඕස්ට්‍රේලියානු පාලක පන්තිය කම්කරු පන්තියේ සෞඛ්‍ය සහ ආරක්ෂාව ට වඩා විශාල ව්‍යාපාර සහ මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය ලබා දී ඇත. 2019-2020 ග්‍රීස්ම සමයේ ඇතිවූ ලැව්ගිනි ව්‍යසනය නිසා සාමාන්‍ය ප්‍රමානයට වඩා සැලකිය යුතු ප්‍රමානයකින් සංචාරකයන් පැමිනීම අඩු වීමද හේතුවක් වෙමින් රට තුල මුලදී පැවතියේ අනෙකුත් රටවලට වඩා සුලු ආසාදන ප්‍රමානයකි. අහම්බෙන් ලැබුනු මේ  සහන කාලය අත්‍යවශ්‍ය පොදු ආයෝජන සහ හදිසි අවස්ථා සඳහා සූදානම් වීම් සිදු කිරීමට යොදාගන්නවා වෙනුවට සැබවින්ම කිසි දෙයක් සිදු නොකරන ලදී. සීමාවන් පැනවීම අධීක්ෂනය කිරීමට සහ ඩොලර් බිලියන ගනනක් මහා ව්‍යාපාර වලට ලබා දීම සඳහා අනුමැතිය ලබාදීමට මාර්තු 13 වැනිදා ෆෙඩරල් සහ ප්‍රාන්ත ආන්ඩු වල “ජාතික කැබිනට්ටුව” පිහිට වූයේ කම්කරු පන්තියේ විරුද්ධත්වය වර්ධනය වන බවට සංඥාවන් අවුලුවමින් ආසාදනයන් ඉහල ගිය විටය. ඒ වන විට පවා සංචරනයන්  සහ විශාල ඒකරාශී වීම්  සම්බන්ධ සීමාවන් දැඩි ලෙස සීමා සහිත විය. ආගන්තුක සත්කාර සහ විනෝදාස්වාදය කර්මාන්තයන්  ගේ  හැර සංගත ලාභය ඒකරාශී කිරීම කිසිදු බාධාවකින් තොරව සිදු කෙරුනු  අතර ඉදිකිරීම්, සිල්ලර සහ අනිකුත් කර්මාන්ත සිය සාමාන්‍ය ක්‍රියාවලීන් දිගටම සිදුකරගෙන යන ලදී. මාර්තු 23 වනදා, එනම් දෛනික  ආසාදන ප්‍රමානය එහි  පලමු රැල්ලේ උපරිමයට ලඟා වීමට දින පහකට පෙර අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශයට පත් කලේ රැකියාවක් සහිත ඕනෑම අයෙක් “අත්‍යවශ්‍ය සේවකයෙකු” බවයි. මන්තරයක් ලෙස අවස්ථා ගනනකදී මෙය ඊට පසුවත් ප්‍රකාශයට පත් කෙරුනි. විවෘත ලිපි සහ දහස්  ගනනක් අත්සන් කරන ලද පෙත්සම් මගින්  ප්‍රකාශයට පත් කෙරුනු වෛද්‍යවරුන්ගේ, ගුරුවරුන්ගේ, දෙමව්පියන්ගේ, දරුවන් රැකබලාගන්නා සේවකයන්ගේ සහ සිල්ලර වෙලඳාම හා  සම්බන්ධ සේවකයන්ගේ කෝපය සහ කනස්සල්ල විසින්, තවදුරටත්  අර්ධ අගුලු දැමීමේ පියවරයන් ප්‍රකාශයට පත් කිරීමට සහ පාසල් වල වැඩිමනත් ප්‍රමානයක් අන්තර්ජාලය ඉගැන්වීම්වලට “පරිවර්තනය කිරීමට” ද ඉන්පසු ආන්ඩුවට බල කරන ලදී.

12. අප්‍රේල් මාසයේදී මෙම සීමාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස දෛනික ආසාදනයන් පහත වැටෙද්දී ෆෙඩරල් ආන්ඩුව ජයග්‍රහනය ප්‍රකාශයට පත් කල අතර, සියලුම ලේබර් සහ ලිබරල් ප්‍රාන්ත ප්‍රධානීන්ගේ සහයෝගය ඇතිව, කොවිඩ් 19 ආසාදනයන්ගේ ආරක්ෂාකාරී මට්ටමක් පවත්වා ගැනීමට හැකි යැයි අවධාරනය කලේය. “ප්‍රතිකාරය [අගුලුලෑම] රෝගයට වඩා නරක විය නොයුතු” යැයි තර්ක කල ස්ථරයන් සහ සංගත මාධ්‍ය මෙයට පිටුබලය සැපයී ය. අප්‍රේල් විසිහත් වැනි දා ෆෙඩරල් ප්‍රධාන වෛද්‍ය නිලධාරියා විසින් අවසර දෙන ලද වාර්තාවක් වැඩි දෙනෙක් වෛරසවේදීන් සහ වෛද්‍ය විද්‍යාඥයන් වන ශාස්ත්‍රාලිකයන් සිය දෙනෙක් ගෙන් ආන්ඩුවට ලැබුනි.  පර්යේෂන   සහ සබඳතා ගවේෂනය සඳහා “යුක්තිසහගත අතිරේක ආයෝජන” මෙන්ම අගුලු ලෑම මැයි මාසයේ මැද හරියත් ඉක්මවා යන කාලයක් දක්වා, බොහෝ දුරට තවත් දින තිහක් දක්වා දීර්ඝ කිරීම මගින් වෛරස ආසාදන සම්පූර්නයෙන්ම නැතිකර දැමීමට හැකි යැයි එය පැහැදිලි කලේය. “මුලිනුපුටා දැමීමේ මූලෝපාය අනෙකුත් සියලුම විකල්පයන්ට වඩා ඉතා කුඩා ආසාදන ප්‍රමානයකට, කුඩා රෝහල් ගත කිරීම් සහ මරන සංඛ්‍යාවකට සහ ඉතා පහසුවෙන් ආසාදනයට භාජනය විය හැකි ජනගහනය සඳහා හොඳ ආරක්ෂාවක් කෙරෙහි මග පෙන්විය යුතු” යි සෞඛ්‍ය විශේෂඥයන් සඳහන් කලේය. නමුත් කම්කරු පන්තියට එරෙහි සමාජ අපරාධයක් ලෙස සැලකිය හැකි පියවරකට ගමන් කරමින් මෙම සියලු යෝජනාවන් ෆෙඩරල් ආන්ඩුව සහ සෑම ප්‍රාන්ත පරිපාලනයක්  විසින්ම ප්‍රතික්ෂේප කරන ලදී. මොරිසන් මැයි පලවෙනිදා අවඥා සහගත ලෙස මෙසේ ප්‍රකාශ කලේය: අපට  ව්‍යාපාර විවෘත කිරීමට අවශ්‍යයි. ඕස්ට්‍රේලියානුවන්ට නැවත රැකියා සඳහා පිටත්වීමට අවසර දීමට අපට අවශ්‍යයි. අපට ඕස්ට්‍රේලියාව ඇතිරිල්ලකින් වසා තබා ගැනීමට නොහැකිය.[6] එම මාසයේ දී කලින් පනවන ලද සීමාසහිත සීමාවනුත් ඉවත් කරමින් ආපනශාලා අවන්හල් සහ අනෙකුත් දැඩි අවදානම් ස්ථාන විවෘත කල  අතර මුහුනට මුහුන කෙරෙන ඉගැන්වීම් කටයුතු නැවත ආරම්භ කලේ  ගුරුවරුන් සහ දෙමව්පියන් අතර පැතිර පැවති විරෝධය නොතකමින්ය.

13.“කොවිඩ් 19 ආරක්ෂන සීමා කිරීම් අනිසි කාලයෙහි ඉවත් කිරීමට විරුද්ධ වනු!” යන මැයෙන්  ජුනි 3 දා සමාජවාදී සමානතා පක්ෂය ප්‍රකාශනයක් නිකුත් කලේය. පක්ෂය මෙසේ අනතුරු ඇඟවීය: “ඊනියා ජාතික කැබිනට්ටුව, ලිබරල්-නැෂනල්  සහ ලේබර් ආන්ඩු  එක ලෙස එකඟ වූ තීන්දු  මගින්  ජන ජීවිත සමග සූදු කෙලියි.” [7] මෙම ප්‍රකාශය ඉක්මනින්ම සනාථ කරමින්, ආසාදන ප්‍රමානය ජුනි මාසයේදී වික්ටෝරියා තුල අනවරතව ඉහල නැගි අතර ජුලි මාසයේදී සිය ගනනක් නව රෝගීන් සෑමදිනකම වාර්තා වෙමින් පුපුරා ගියේය. අගෝස්තු දෙවනදා වික්ටෝරියානු ලේබර් ආන්ඩුව  රාත්‍රි ඇඳිරි නීතිය, සිල්ලර වෙලදාම තහනම් කිරීම සහ ආර්ථිකයේ  වෙනත් ක්ෂේත්‍ර  මත සීමා කිරීම් මෙන්ම, අගුලු දැමීම් බලාත්මක කිරීමට දුරදිග යන පොලිස් ක්‍රියාමාර්ග සහිත “හදිසි තත්ත්වයක්” ප්‍රකාශයට පත් කලේය. ඊට ප්‍රතිචාර වශයෙන් අගෝස්තු පස්වන දා සසප, “වික්ටෝරියාවේ කොවිඩ් 19  විනාශය: ඕස්ට්‍රේලියානු ආන්ඩුවට සහ ධනවාදයට  අධි චෝදනාවක්” යන මැයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් අවධානය යොමු කලේ  වසංගතයේ  ඊලඟ අදියර වන අධිෂ්ටාන සහගත කම්කරු පන්තික විරෝධතාවයේ වර්ධනය කෙරෙහිය. “පසුගිය සති කිහිපය දැනටමත් පන්ති අරගලයේ ඉහල නැගීමක ආරම්භය අත්විඳ තිබේ. අධ්‍යාපන සේවකයන් පාසල් වැසීම ඉල්ලා ඇත්තේ මස්  සකස් කරන කම්කරුවන්, පිරිසුදු කරන්නන් සහ ගබඩා කාර්යය මන්ඩල ආරක්ෂාකාරී කොන්දේසි ඉල්ලා වැඩ නැවත්වීම් සහ විරෝධතා වල නියැලී සිටියදීය.” යැයි  එය සඳහන් කලේය.[8]

14. වසංගතය දරුනු වද්දී කම්කරු පන්තියට එයට මුහුන දීමට සිදුවී ඇත්තේ අඩු වැටුප් සමග වන අතර මස් කර්මාන්තයේ, වැඩිහිටියන් රැක බලා ගැනීමේ ක්ෂේත්‍රයේ සහ ගබඩා ක්ෂේත්‍රයේ අනියම් සේවකයන් වැඩිම බලපෑමට ලක්වූ අය ය. කෝවිඩ් 19 විසින්, එකකට පසු එකක්  පැවති  සෑම ලේබර් සහ ලිබරල් ආන්ඩුවක්  විසින්ම  බොහෝ කාලයක් තිස්සේ මහජන සෞඛ්‍ය සේවාවට ප්‍රමානවත් තරම් අරමුදල් නොසැපයීම සහ එය නොසලකා හැරීම හෙලිදරව්  කරයි. වික්ටෝරියා ප්‍රාන්තය තුල වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුලු  දාහකට වඩා වැඩි සෞඛ්‍ය සේවකයන් පිරිසක් රෝගයට ගොදුරු වූයේ  ප්‍රමානවත් තරම් පුද්ගල ආරක්ෂන උපකරන (පීපීඊ)නොතිබීම නිසාය. අගෝස්තු මාසයේ දී එනම් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත්කොට මාස 5කට පසුව ආන්ඩුවේ නොසැලකීම සහ අසමත්භාවය සුවිශේෂී ලෙස නිරූපනය කරමින් ඕස්ට්‍රේලියාව පුරා සෞඛ්‍ය සේවකයන් ගෙන් සියයට විස්සකට තවමත් ප්‍රමානවත් පීපීඊ නොතිබුනි.

15. බහුතරය ලේබර් පක්ෂයේ වන ප්‍රාන්ත ආන්ඩු සමග ෆෙඩරල් සන්ධාන ආන්ඩුව සම්බන්ධ වන, ජාතික එකමුතු වේ තත්වාකාර ආන්ඩුව වන,ජාතික කැබිනට්ටුව යුද කාලයේදී මෙන් පිහිටුවීම, වසංගතය  විසින් හෙලිදරව් කරන සහ තීව්‍ර කරන ලද ඕස්ට්‍රේලියානු ධනවාදයේ ගැඹුරෙන් දිවෙන අර්බුදයේ තියුනුම දේශපාලන ප්‍රකාශනය යි. පිහිටුවීමේ සිට ස්ථිර බවට පත්ව ඇති සහ ව්‍යවස්ථාමය පදනමක් නැති මෙම කැබිනට්ටුව රහසේ හමුවන අතර එය “කැබිනට්ටුවේ රහස්‍යභාවය” විසින් සීමා  කොට ඇත. ජාතික එකමුතුවේ ආන්ඩු  මතුවන්නේ උග්‍ර අර්බුද සමයන්හි පමනි. නව ජාතික කැබිනට්ටුව සංස්ථාපිත පක්ෂවල වර්ධනය වූ කුනුවීම සහ 2008-2009 ගෝලීය මූල්‍ය අර්බුදයේ සිට දේශපාලනයේ උග්‍ර අස්ථාවරභාවය පිලිබිඹු කරයි. එක් අයෙකුට පසු තවකෙක් වශයෙන් අග්‍රාමාත්‍ය වරුන් හත් දෙනෙක් එක්කෝ පක්ෂ අභ්‍යන්තර කුමන්ත්‍රන මගින්  ඇද  වැටුනු  අතර නැතහොත් චන්දයන් මගින් පරාජයට පත්වන ලදී. පාලක පන්තිය විසින් ඉල්ලා සිටින වෙලඳපොල ගැති වැඩපිලිවෙල  සම්පූර්නයෙන් ක්‍රියාත්මක කිරීමට සෑම ආන්ඩුවකට ම ඇති නොහැකියාව සමග ඉහල යන චීනයට එරෙහි එක්සත් ජනපද ප්‍රහාරය විසින් ජනිත කරවන පරස්පර විරෝධී අවශ්‍යතාවන් ද මෙම දේශපාලන අස්ථාවරත්වයට දායක වී ඇත. කෙසේ වෙතත් සන්ධානය සහ ලේබර් පක්ෂ යන ද්විත්වයේම  අග්‍රාමාත්‍යවරු සහ ආන්ඩු  මෙවැනි ඒකාකාරිත්වයකින් යුතුව  පලවා හැරීම හෝ මැතිවරන මගින් පරාජයට පත් කොට තිබීම මුලුමහත්  දේශපාලන සංස්ථාපිතය, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සමස්තයක් වශයෙන් රාජ්‍ය සංවිධාන සම්බන්ධයෙන් පුලුල්ව පැතිරුනු  මහජන අවිශ්වාසයේ  සහ ඒවායෙන්  පරාරෝපනය වීමේ නිෂ්පාදිතයකි.     

16. 2019 මැයි මස පැවති ෆෙඩරල් මැතිවරනය ඕස්ට්‍රේලියානු දේශපාලන සංස්ථාපිතයේ පරිහානියේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කලේය. අග්‍රමාත්‍ය ස්කොට් මොරිසන්  සහ ඔහුගේ ලිබරල්-නැෂනල් සන්ධානය යාන්තමින් බලයට පැමිනියේ දක්ෂිනාංශික ජනප්‍රියවාදී සංවිධාන වලින් මනාප පල කිරීමේදී ලැබුනු සහායෙනි. ජයග්‍රහනය සන්ධානයට ලැබුනු සහයක් නියෝජනය නොකරන අතර සියල්ලටම වඩා ලේබර් පක්ෂය ප්‍රතික්ෂේප කිරීම නියෝජනය කරයි. සන්ධානය සඳහා ප්‍රාථමික ඡන්ද ප්‍රමාන ය අඩු වෙත්දී  ලේබර් පක්ෂය ඊටත් වඩා පහලට එනම් සියයට 33 ක ප්‍රමානයකට ඇද වැටීම ශතවර්ෂයකටත් වඩා වැඩි කාලයක් තුල  වාර්තා කල  පහලම අගයයි. කෙසේ වෙතත් මෙයින් ක්ෂනිකව වාසි ලබා ගත්තේ වන් නේෂන්  සහ ක්ලයිව් පාර්මර් ගේ එක්සත් ඕස්ට්‍රේලියානු පක්ෂය වැනි දක්ෂිනාංශික ජාතිකවාදී සංවිධානයන් ය. මැතිවරනයෙන් උගත යුතු දේශපාලන පාඩම් ගනනාවක් ඇත. තමන් විසින් ලේබල් පක්ෂය ප්‍රතික්ෂේප කිරීම යුක්ති සහගත වුවත් කම්කරු පන්තිය ස්වාධීන, පන්ති සවිඥානික, ඉදිරිදර්ශනයක් නොමැතිව, පාලක ප්‍රභූවේ නියමයන්  සම්පූර්න කිරීම සඳහා එක් පක්ෂයක් බලයෙන් ඉවත් කොට වෙනත් පක්ෂයක් බලයට ගෙන එන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය නැමැති උගුලේ සිර වී සිටි.[9] 

17. මැතිවරන පරාජයට ලේබර් පක්ෂයේ ප්‍රතිචාරය වූයේ තියුනු ලෙස දකුනට හැරී ගැනීමයි. එහි අලුතෙන් පත් කරන ලද නායක ඇන්තනී ඇල්බනීසී  වේගයෙන් පක්ෂයේ  හිස් ජනප්‍රියවාදී මැතිවරන පොරොන්දු අත්හැර දමන ලද අතර මොරිසන්ගේ  වෙලඳපල ගැති භාෂාව යොදා ගනිමින්, ලේබර් පක්ෂය “ධනය නිර්මානය කිරීමේ ව්‍යාපාරයෙහි” “ප්‍රථමයා සහ ප්‍රමුඛයා” වනු ඇතැයි පොරොන්දු විය. [10] දුර්වල, අභ්‍යන්තරිකව බෙදුනු මොරිසන් ආන්ඩුව ලේබර් පක්ෂයේ සහාය මත පරායත්ත වීම, ප්‍රමානයෙන් සහ කාලයෙන් ඔස්ට්‍රේලියානු ඉතිහාසය තුල පෙර නොවූ විරූ සහ ලෝකය කම්පනය කල 2019-2020 ලැව්ගිනි විසින් අවුලුවන අර්බුදය තුල, ඉක්මනින්ම විද්‍යමාන විය. ලේබර් සහ ලිබරල් ආන්ඩු එකලෙසම ගිනි නිවන්නන් සහ විද්‍යාඥයන් විසින්  විනාශකාරී ලැව්ගිනි පිලිබඳ පල කෙරුනු අනතුරු ඇඟවීම් නොසලකා හරින ලදී. [11] ලැව් ගිනි අර්බුදය සම්බන්ධයෙන් මොරිසන් ලිබරල්-නැෂනල් ආන්ඩුවේ දැනුවත් නො සූදානම් භාවය සහ අපරාධකාරී උදාසීනත්වය, ගින්නෙන් හානි වූ ප්‍රදේශවල ජීවත් වූ කම්කරුවන්ගේ සහ සමස්තයක් ලෙස මුලුමහත් ජනගහනයේම කෝපය සහ විරෝධය අවුලුවාලීමට සමත් විය. සියයට විසි හතක් දක්වා ෆෙඩරල් ආන්ඩුව සම්බන්ධයෙන් ඇති විශ්වාසය බිඳ වැටෙමින්, ඉහල යන ජාතික විරෝධතාවයන් ගේ කොන්දේසි යටතේ ලේබර් පක්ෂය මුලු මහත් පාර්ලිමේන්තු ක්‍රමයටම එරෙහි පුපුරා යෑමක්  සම්බන්ධයෙන් භීතියට පත්ව මොරිසන්ව බේරා ගැනීම සඳහා ඉදිරියට පැමිනියේය. දැන් “පක්ෂ දේශපාලන ලකුනු” දමා ගැනීමට කාලය නොවේ යැයි සඳහන් කරමින් අල්බනීසි “ජාතික එකමුතුව” සඳහා කැඳවුම් කලේය.

18. 1901ෆෙඩරේෂනයේ සිට පාලක පන්තිය ලෝක යුද්ධ දෙක සහ මහා අවපාතය ඇතුලු සියලුම අර්බුදයන් හිදී ධනපති පාලනයට මුක්කු ගැසීම ලේබර් පක්ෂයෙන් බලාපොරොත්තු වී තිබේ. ධනපති පන්තිය, පුපුරා ගිය දැවැන්ත කම්කරු පන්තික අරගල මැඩ පැවැත්වීම  සම්බන්ධයෙන් විට්ලම් ගේ  ලේබර්  ආන්ඩුව (1972-75)  කෙරෙහි විශ්වාසය තැබූ  අතර, එක්සත් ජනපදයේ රොනල්ඩ් රේගන් සහ බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර් විසින් පුරෝගාමීත්වය ගත් වෙලඳපල ගැති ප්‍රතිව්‍යූහගතකිරීම් ක්‍රියාවට නැගීම සම්බන්ධයෙන්, හෝක්-කීට්න් ලේබර් ආන්ඩු (1983-96) කෙරෙහි විස්වාසය තැබීය. එම පන්තිය දැන් 1930 සිට පැවැති දැවැන්තම ආර්ථික සහ දේශපාලන අර්බුදයට ඇතුලු වන්නේ එහි වසංගත ක්‍රියාමාර්ගයන්ට එරෙහිව ඇති මහජන විරෝධය මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ලේබර් පක්ෂය සහ වෘත්තීය සමිති පිලිබඳ සම්පූර්න  විශ්වාසය සහිතවය. කෙසේවෙතත්, ධනවාදය වෙනුවෙන් පෙනී සිටීමට සහ එය ආරක්ෂා කිරීමට ඔවුන්ට ඇති හැකියාව, කම්කරු පන්තිය මත මහා ව්‍යාපාරවල නියෝග පැටවු ඔවුන්ගේ දශක ගනනක් දිග වාර්තාව මගින් ගැඹුරෙන්ම දුර්වල වී ඇත. 2019 මැතිවරන පරාජය ලේබර් පක්ෂය තව දුරටත් කම්කරුවන් අතර අර්ථභාරී ධනාත්මක සහායක් අත්නොවිඳින බව සහ සන්ධානය සමග සංසන්දනය කරන විට කම්කරු පාන්තික ජනතාවගේ පුලුල් ස්ථර අතර අඩුම තරමේ “අඩු නපුර” ලෙසවත් නොසැලකෙන බව හෙලිදරව් විය.

19. මෙම දේශපාලන කැලැඹීම් වල පදනම වන්නේ 2008-2009 ගෝලීය මූල්‍ය අර්බුදය ටත් වඩා බොහෝ ගැඹුරු වී ඇති ගෝලීය සහ ඕස්ට්‍රේලියානු ධනවාදයේ ආර්ථික සමාජ අර්බුදයයි. ලෝකයේ මහ බැංකු විසින් පසුගිය දශකය පුරාවට වෙලඳපලවල් වලට පොම්ප කරන ලද ලාභ මුදල් විසින් මගපෙන්වා ඇත්තේ, ලෝක ජනගහනයේ වියදමින් තවදුරටත් කුඩා මූල්‍ය  ඒකාධිකාරයක් ධනවත් කරන කොටස් වෙලඳ පොලවල් වල නැවත ආරම්භ කරන ලද සමපේක්ෂන ලිංගික කෙලියකටය. ඔක්ස් ෆාම්  පුන්‍ය   ආයතනයට අනුව ලෝකයේ දුප්පත්ම අර්ධයට අයත් මිනිසුන් බිලියන 3.8 අත ඇති වත්කම් වලට සමාන වත්කම් ප්‍රමානයක් ලෝකයේ ධනවත්ම බිලියනපතියන් 26 දෙනා අත ඇත. කොවිඩ් 19 වසංගතයෙන් ඇති වූ ආර්ථික බලපෑමට ලෝකය පුරා ආන්ඩු වල ප්‍රතිචාරය ව ඇත්තේ ලෝක ඉතිහාසයේ පෙර නොවූ විරූ ප්‍රමානයකින් මූල්‍ය වෙලඳපොලවල් තුලට මුදල් පිරවීමයි. ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන සංවිධානය (OECD) තුල ඒක රාශී වී ඇති ප්‍රධාන ධනපති රටවල ආන්ඩු තවත් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන දාහතක අතිරේක රාජ්‍ය නය ගැනීමට බලාපොරොත්තු වන්නේ රාජ්‍ය නය ප්‍රමානය දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 109 සිට සියයට 137 දක්වා ඉහල යැවීමට ක්‍රියා කරමින් ය. ඕස්ට්‍රේලියානු ආන්ඩුවේ ඇමරිකානු ඩොලර් බිලියන 200 ඉක්මවන වියදම් කිරීමේ ක්‍රියාමාර්ග විශාල වශයෙන් යොමු වී ඇත්තේ විශාල සංගත වලට මූල්‍ය සහන දීම කෙරෙහි වන අතර එය ආන්ඩුවේ නය ඇමරිකානු ඩොලර් බිලියන 1 දක්වා ඉහල නැගීමට හේතුවෙයි. එය මුලු  ආර්ථිකයේ කොටසක් ලෙස සැලකු විට යුද සමයකදී පමනක් දැකිය හැකි ප්‍රමානයකි. “අපි සියලු දෙනාම මේ අවස්ථාවේ එකට සිටිමු” යන මන්තරය පැහැදිලිවම සුපිරි ධනවතුන්ට අදාල නොවේ. විරැකියාව සහ ඌන සේවා නියුක්තිය මහා අවපාතයේ  පැවති අගය වන සියයට 20 අගයට ලඟාවී  තිබියදී ඕස්ට්‍රේලියාවේ ධනවත්ම බිලියනපතියන් විසි දෙනා ඔවුන්ගේ සමස්ත ධනය පසුගිය වසර තුල ඇමෙරිකානු ඩොලර් බිලියන 189 කින්  එනම් සියයට 32 කින් වැඩි කරගෙන ඇත.  

20. ආර්ථිකය නොගිලී තබා ගැනීමේ නාමයෙන් සංගත සහ මූල්‍ය  ප්‍රභූව ට යොමු කරන ලද දැවැන්ත මුදල් ප්‍රමානය කම්කරු පන්තියෙන් අයකර ගැනීමට සිදුවනු ඇත.  සියලුම සීමාවන් ඉවත් කිරීමට සහ පන්ති සබඳතාවන් ප්‍රතිව්‍යූහගත කිරීමට ඇති හදිස්සි එලවුම පිටුපස ඇත්තේ මෙයයි. කම්කරු පන්තියෙන් අවශ්‍ය අතිරික්ත වටිනාකම මිරිකා ගත හැක්කේ, අතිකාල  අහිමිකිරීම, වැටුප් අඩු කිරීම, රැකියා කප්පාදුව සහ වේගවත් කිරීමට සහ කටයුතු කිහිපයක් කිරීමට ඇති බාධා ඉවත් කිරීම හරහා සූරාකෑම වේගය වැඩි කිරීමෙන් පමනකි. කම්කරු පන්තියට එරෙහි මෙම යුද්ධයේ කේන්ද්‍රීය භූමිකාව රඟ දක්වන්නේ වෘත්තීය සමිතින්ය. මෙය සංක්ෂිප්තව ප්‍රකාශ කරමින් ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලයේ ප්‍රධානී වන සැලි මැක්මැනස්  අප්‍රේල් පස්වැනි දා නිවේදනය කලේ  දැවැන්ත රැකියා අහිමි වීම් මධ්‍යයෙහි වෘත්තීය සමිති සමග කටයුතු කිරීමෙන් ව්‍යාපාර වලට “ඔවුනට අවශ්‍ය ඕනෑම දෙයක් ලබා ගත හැකි” බවයි. මේ හා සමානවම ඇය ෆෙඩරල් ආන්ඩුව සමග දෛනිකව සහයෝගයෙන් කටයුතු කරන අතර එහි කර්මාන්ත සබඳතා අමාත්‍යවරයා ඇයව හැඳින් වූයේ ඔහුගේ සදාකාලික හොඳම මිතුරා ලෙසය. [12] ව්‍යාපාර වලට මුක්කු ගැසීම ට සහ කම්කරු පාන්තික අතෘප්තිය මැඩපැවැත්වීමට ජොබ්සීකර් වැටුප් සහනාධාරය පෙන්වමින්, මෙතෙක් ඉතිහාසය තුල සංගත වලට ලබාදුන් විශාලතම මූල්‍ය සහනාධාරය වන ඇමරිකානු ඩොලර් 130ක සහනාධාරයේ ප්‍රධාන නිර්මාපකයන් දෙදෙනා වන්නේ මොවුන්ය. මාර්තු 31 වන දා නිවේදනය කෙරුනු මෙය  හාම්පුතුන්ට, ගෙවීම්, වැඩ කරන පැය ගනන් සහ අනෙකුත් වැඩ කරන කොන්දේසි කපා දැමීමට ඉඩදෙන විධිවිධාන වලට බැඳී පැවතුන අතර මිලියන 2කටත් වඩා වැඩි අනියම් සේවකයන්, තාවකාලික වීසා හිමියන් සහ විශ්ව විද්‍යාල කම්කරුවන් හට කුමන හෝ මූල්‍ය සහායක් ලබාදීම ප්‍රතික්ෂේප කෙරුනි. සති කිහිපයක් ඇතුලත වෘත්තීය සමිති ආගන්තුක සත්කාර සහ ලිපිකාර කම්කරුවන්ගේ  අතිකාල ගෙවීම් කපා දැමීමට සහ සේවාමුර සීමාවන් ඉවත් කිරීම ට හාම්පුතුන් සමග ගිවිසුම් වලට එලැඹ තිබුනි. කම්කරු පන්තියේ සමාජ තත්ත්වය මත දැවැන්ත පහරක් එල්ල කිරීමට මොරිසන් ආන්ඩුව විසින් ස්ථාපිත කරන ලද කර්මාන්ත සබඳතා පිලිබඳ කන්ඩායම් පහකදී, වෘත්තීය සමිති නිලධාරීන් මහා ව්‍යාපාර නියෝජිතයින් සමග එක්ව කටයුතුකරන ලදී.

21. හජාජාක විසින් ව්‍යාජ වම ලෙස නම්කර ඇති දෙය බවට විවිධාකාර සංශෝධනවාදී කන්ඩායම් පරිනාමය වීම විසින් නිල දේශපාලනයේ දකුනට හැරී ගැනීමට උදාහරන සපයයි. මෙම සංවිධානයන් වඩාත් සමීපව දේශපාලන සංස්ථාපිතය සමග එකතු වී ඇති අතර අනන්‍යතා, දේශපාලනය, සංගත, විශ්වවිද්‍යාල, වෘත්තීය සමිති සහ රාජ්‍ය සංවිධාන තුල වාසිදායක ස්ථානයන් සඳහා අවසර පත්‍රය බවට පත්වන ඉහල මධ්‍යම පාන්තික ස්ථරයන් වෙනුවෙන් හඬනගයි. ඔවුන් දශක ගනනාවක් පුරාවට අනන්‍යතා දේශපාලනයේ  විෂ ප්‍රවර්ධනය කරමින් විනාශකාරී භූමිකාවක් රඟ දක්වා ඇත. මෙය ඉලක්ක කෙරී ඇත්තේ ධනපති සමාජයේ අති මූලික බෙදීම පන්තිය යන්න ප්‍රතික්ෂේප කොට එමගින් කම්කරු පන්තියෙහි එක්සත්භාවය යටපත් කිරීම කෙරෙහිය. සෝෂලිස්ට් ඔල්ටර්නේටිව් සහ සෝෂලිස්ට් අලයන්ස් වැනි ව්‍යාජ වාම සංවිධාන වල පන්ති නැඹුරුව, ඔවුන්ගේ කලින් පැවති  අධිරාජ්‍යවිරෝධී වාගාලංකාර ඔවුන් විසින් අතහැර දැමීම මගින්  සහ මැද පෙරදිග තුල විශේෂයෙන්ම සිරියාව තුල  මිනීමරු එක්සත් ජනපද මිලිටරි මැදිහත්වීම් සඳහා ඔවුන්ගේ සහාය මගින් අවධාරනය කෙරෙයි. ග්‍රීක කම්කරු පන්තිය මත උග්‍ර කප්පාදු පිලිවෙත් පැටවූ සිරීසා වැනි වාම-ජනප්‍රියවාදී  ව්‍යාපාර සහ ඉහල නගින මහජන විරෝධතාවය බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ සහ ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයේ රාමුව තුල මැඩ පැවැත්වීම මගින් ධනපති පාලනයට මුක්කු ගසා ඇති භූමිකාවන් සහිත පිලිවලින් ජෙරමි කෝබින් සහ බර්නි සැන්ඩර්ස් වැනි වාම ජනප්‍රියවාදී චරිත ඔවුන් විසින් ප්‍රවර්ධනය කොට ඇත. ඕස්ට්‍රේලියාව තුල , ලේබර් පක්ෂය සහ ග්‍රීන් පක්ෂය පිලිබඳ ඔවුන්ගේ ප්‍රදර්ශනාත්මක විවේචනයන් කුමක්වුවත් ව්‍යාජ වම සෘජුව හෝ වක්‍ර ව මෙම ධනපති පක්ෂ දෙකෙන් එකකට චන්දය ප්‍රකාශ කරන මෙන් නොවැලැක්විය හැකි ලෙස ඉල්ලා සිටී. වෘත්තීය සමිති නිලධරය සඳහා ඔවුන්ගේ ස්ථිර සහාය, පැමිනීමට නියමිත පන්ති අරගලයන්හි දී වෘත්තීය සමිති සංවිධාන වල දැරිය නොහැකි පීඩනයට එරෙහිව කම්කරුවන් අරගල කරන විට, ඔවුන්ගේ අවසාන ආරක්ෂක වලල්ල ලෙස මෙම කන්ඩායම් කටයුතු කරනු ඇති බවට පැහැදිලි අනතුරු ඇඟවීමකි.

22. කොවිඩ් 19 වසංගතය විසින් අවුලුවා ඇත්තේ පන්ති ආතතීන් පමනක් නොවේ. එය භූදේශපාලනික පසමිතුරුතාවන් මතට තෙල්වත්කරමින් කරමින් ඇත්තේ, ප්‍රමුඛ බලයන් ගැඹුරුවන ධනවාදයේ අර්බුදයේ  බර තම ප්‍රතිවාදීන්ගේ කර පිට පැටවීමට සහ ව්‍යසනකාරී ලෝක යුද්ධයක් සඳහා ව්‍යායාමය තීව්‍ර කිරීමට උත්සාහ කරද්දීය. ගෝලීය දේශපාලනයේ ප්‍රධාන අස්ථාවරත්වය ඇති කරන සාධකය වන්නේ සිය ඓතිහාසික පරිහානිය, මිලිටරි ක්‍රියාමාර්ගයන් ද ඇතුලුව  සියලුම ආකාරයේ  ක්‍රියාමාර්ග හරහා නැවැත්වීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් දරන සාහසික  ව්‍යායාමයයි. මැදපෙරදිග සහ මධ්‍යම ආසියාවේ ආධිපත්‍ය සඳහා එහි ආක්‍රමනශීලී යුද්ධ පසුගිය දශකය තුල සිය ගෝලීය ප්‍රතිවාදීන් කෙරෙහි සියල්ලටමත් වඩා චීනය කෙරෙහි අවධානය යොමු කිරීම කෙරෙහි ක්‍රමානුකූලව යොමුවී ඇත. එක්සත් ජනපදයේ ඊනියා “නීතිය මත පදනම් වූ” සාමය තුල එහි යම් ආකාරයක අර්ධ යටත් විජිතයක් ලෙස චීනය ක්‍රියාත්මක වීම එක්සත් ජනපද අධිරාජ්‍යය විසින් ඉල්ලා සිටින අතර ඊට වඩා අඩු යමක් නොඉවසනු ඇත. වසංගතය සඳහා බීජිනය බිලිගැනීම කෙරෙහි ඉලක්ක කෙරී ඇති ට්‍රම්ප්ගේ ලජ්ජා සහගත අසත්‍යයන්, ඔබාමා පරිපාලනය යටතේ දී ආරම්භ වූ චීනයට එරහි එක්සත් ජනපද ආර්ථිකය යුද්ධය සහ මිලිටරි පෙලගැස්මට සම්මාදම් වෙයි. ඔහුගේ පරිපාලනය, ඉහල නැංවූ නාවුක ප්‍රකෝපකරනයන් සමග දකුනු මුහුදේ චීන හිමිකම් නීති විරෝධී ලෙස එකහෙලාම ප්‍රතික්ෂේප කිරීම, හොංකොං, ටිබෙටය සහ සින්ජින් සම්බන්ධයෙන් චීන නිලධාරීන්ට එරහි සම්බාධක, හුවායි වැනි චීන තාක්ෂන සමාගම්වලට එරහි ආර්ථික යුද්ධය, සහ ඔප්පු නොකල ඔත්තු බැලීමේ චෝදනා වැනි  සියලුම පෙරමුනු වලින් නාටකාකාර ලෙස චීන විරෝධී උද්ඝෝෂනය ඉහල නංවමින් සිටී. ජුලි 23 වන දා ප්‍රධාන කතාවක් සිදු කරමින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ දශක ගනනාවක එක්සත්  ජනපදය හා  චීනය අතර ඇති රාජ්‍ය තාන්ත්‍රික භාවය පෙරලා දැමූ අතර චීන කොමියුනිස්ට් පක්ෂයේ  “ඒකාධිපතිත්වය” හෙලා  දකිමින් සැබැවින්ම බීජීනයේ තන්ත්‍ර මාරුවක් සඳහා කැඳවුම් කලේය. [13] ට්‍රම්ප්ගේ ආර්ථික ජාතිකවාදය වෙත තල්ලු වීමට වෛශයික තර්කනයක් ඇත. ආර්ථික ආස්ථානයෙන් ගත්විට අතාර්කික වුවත්, රටෙහි ආර්ථික බලයන්, යුද්ධයකදී අවශ්‍ය ආයුධ සහ සැපයුම් සඳහා අවශ්‍ය මුදල්, ජාතික රාජ්‍යයේ  සීමාවන් තුල, කේන්ද්‍රගත කිරීම සඳහා වූ ව්‍යායාමය යුද්ධය සඳහා සූදානම් වීමයි.

23. නැවත වතාවක් ඕස්ට්‍රේලියානු ආන්ඩුව සම්පූර්නයෙන්ම වොෂින්ටනය සමග පෙල ගැසී ඇත. කොවිඩ් 19  මූලාරම්භය සම්බන්ධයෙන්, අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමේ නිදහස සහිත පරීක්ෂකයන් සමග ස්වාධීන යැයි කියනු ලබන ප්‍රකෝපකාරී පරීක්ෂනයක් සඳහා කැඳවුම් කිරීම මගින් මොරිසන්, චීනයට එරෙහි එක්සත් ජනපදයේ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා කරුනු නිර්මානය කිරීමේ උත්සාහයේදී, ට්‍රම්ප් වෙනුවෙන් පෙනී සිටී. අනුප්‍රාප්තික සන්ධාන සහ ලේබර් ආන්ඩු විසින් ඕස්ට්‍රේලියානු ජනතාව, එක්සත් ජනපදය චීනය සමග ඇතිකර ගන්නා ඕනෑම යුද්ධයකදී එහි ඉදිරියෙන්ම තබා ඇත්තේ ඕස්ට්‍රේලියානු මිලිටරි කඳවුරු එක්සත් ජනපදය සඳහා විවෘත කරමින්, ඕස්ට්‍රේලියානු  මිලිටරිය එක්සත් ජනපදය යුද යන්ත්‍රය සමග සම්බන්ධ කරමින් සහ චීන විරෝධී සන්ධානයන් ශක්තිමත් කරමින් වොෂින්ටනය සමග එක්වෙමින් ය. ඕස්ට්‍රේලියානු  පාලක කව තුල  චීනය සමග අභිමුඛ වීමෙන් ඇතිවන ආර්ථික බලපෑම සම්බන්ධයෙන් භීතින්  තිබියදීම ආධිපත්යය දරන කොටස් එක්සත් ජනපද යුද ව්‍යායාමයට සම්පූර්නයෙන්ම කැප වී  සිටී. කැන්බරා සරලවම වොෂින්ටනයේ “එහෙයියෙකු” වනවා පමනක් නොව තමන්ගේ අධිරාජ්‍යවාදී අවශ්‍යතාවන් සාක්ෂාත් කරගත හැක්කේ ආධිපත්‍ය දරන බලවේගයට පිටුබලය සැපයීමෙන් පමනක් බව හඳුනාගනී. ඕස්ට්‍රේලියානු  අධිරාජ්‍යවාදය සඳහා අමුද්‍රව්‍ය සහ ලාභ ශ්‍රමය සපයන වාසිදායක ප්‍රභවයක්ව මෙන්ම වැදගත්  භූ දේශපාලනික මෙහෙයුම් කඳවුරක්ව   දීර්ඝකාලීනව පැවත  ඇති  දකුනු  ෆැසිෆික්  කලාපයේ පාලනය ආරක්ෂා කර ගැනීම මෙම අවශ්‍යතාවයන්ට ඇතුලත් වේ. කැන්බරා “තම වැයික්කියට” හතුරු බලවේග, සියල්ලටමත් වඩා චීනය, කඩා වදිනු ඇතැයි භීතියට පත්ව සිටී. යුද ධාවනය නතර කල හැකි එකම සමාජ බලවේගය වන්නේ කම්කරු පන්තියයි. “සමාජවාදය සහ යුද්ධයට එරහි සටන” [14] යන හජාජාක 2016 දී ප්‍රකාශයට පත්කරන ලද ප්‍රකාශය සමගපෙල ගැසෙමින්, සසප එහි ජාත්‍යන්තර සහෝදර පක්ෂ සමග එක්ව, ධනවාදය සහ එහි යල්පැනගිය, ලෝකය හතුරු ජාතික රාජ්‍ය වලට බෙදීම අහෝසි කිරීම සඳහා වන සටන මත පදනම්ව, කම්කරු පන්තියේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා වන සිය පරිශ්‍රමය ඉහල නංවනු ඇත. 

24. ජෝර්ජ් ෆ්ලොයිඩ් පොලිසිය විසින් ඝාතනයට කිරීමට එරහි විරෝධතාවන් ජාත්‍යන්තර පරිමානව සීග්‍රයෙන් පැතිර යාම, කම්කරුවන් සහ තරුනයන් අරගලවලට යොමු කරන ගැඹුරු ගෝලීය සන්තතියට සාක්ෂි සපයයි. ඕස්ට්‍රේලියාව තුල ප්‍රාදේශීය කේන්ද්‍රස්ථාන වල මෙන්ම ප්‍රධාන නගර වල ද දස දහස්ගානක් විරෝධතාවන්ට එක්වුනේ  පොලිස් ප්‍රචන්ඩත්වයට සහ වර්ගවාදයට ඔවුන්ගේ ඇති විරෝධතාව ප්‍රකාශයට පත් කිරීමට පමනක් නොව, සංගත ලාභය සියල්ලටම වඩා ඉහලින් තබන සමාජ පර්යායේ  අයුක්ති සහගත භාවය  සම්බන්ධ සිය  අතෘප්තිය සහ ඉච්ඡාභංගත්වය සම්බන්ධයෙන් හඬ නැගීමටය. එක්සත් ජනපදයේ මෙන්ම ඕස්ට්‍රේලියාවේ පාලක පන්තියද, බහුජාතික බහුවාර්ගික විරෝධතාවයන් පැවති වාර්ගික රේඛා ඔස්සේ බෙදීම් වැපිරවීමට ඇබෝරිජිනල් කලු ජාතිකවාදී ස්ථරයක් මත යැපෙයි. වර්ගවාදය ඒකාන්තව ම පවතින අතර එය විශේෂයෙන්ම ප්‍රවර්ධනය කෙරෙන්නේ පොලිස් බලකායන් තුල  සිටින ප්‍රතිගාමී ස්ථරයන් තුල වන නමුත් ඇබෝරිජනල්  මිනිසුන්ව කුරිරු ලෙස මර්දනය කිරීමේ මූලය “සුදු මිනිසුන්” හෝ “සුදු සමාජය” නොව ධනවාදයයි. කලු ජාතිකවාදය නියෝජනය කරන්නේ ඇබෝරිජනල් ව්‍යවසායකයන්, ශාස්ත්‍රාලිකයන්,   මාධ්‍යවේදීන් සහ දේශපාලනඥයින් ගෙන් සමන්විත කුඩා ඉහල මධ්‍යම පාන්තික ස්ථරයක අවශ්‍යතාවයන්ය. එය ඔවුන්ට සිය වෘත්තීය දිවිය සහ බලය වර්ධනය කර ගැනීම සඳහා වූ ලීවරයකි. ඇබෝරිජිනල් ජනයා ඓතිහාසිකව පීඩාවට පත් කිරීම පන්ති පීඩනයක් වන අතර එය අවසන් කල හැක්කේ ලාභ පද්ධතිය පෙරලා දැමීම සඳහා කම්කරු පන්තිය ඒකරාශී කිරීමේ අරගලයේ කොටසක් ලෙස පමනිය යන සසප අවධාරනය කිරීමට ඔවුන් දැඩි ලෙස සතුරුය.     

25. දේශගුන විපර්යාසයට එරෙහි ගෝලීය රැලි වල කොටසක් ලෙස ඕස්ට්‍රේලියාවේ පැවති විරෝධතා සහ පාසල් උද්ඝෝෂන තුලද  දේශපාලන රැඩිකලීකරන ක්‍රියාවලිය ප්‍රකාශයට පත්විය. විරෝධතාවන්ට දස දහස් ගනනක් සහභාගී වූ අතර ජනගහන අනුපාතයට අනුව ගත්විට ලෝකයේ විශාලතම විරෝධතාවන් අතරට අයත් විය. ගෝලීය උෂ්නත්වය ඉහලයාම, සහ එහි විනාශකාරී බලපෑම් නැවත්වීමට කුමනහෝ අර්ථවත් ක්‍රියාමාර්ගයක් ගැනීමට ආන්ඩුවට ඇති අසමත් භාවය ලැව්ගිනි අර්බුදය විසින් පැහැදිලිව පෙන්නුම් කරත්දී මෙම නැවත පුපුරායාම් සිදුවිය. [15] එවැනි විෂමජාතීය දේශපාලන ව්‍යාපාරයන් පැහැදිලි දේශපාලන වැඩපිලිවෙලක් රහිතවෙත්දී  සහ අර්ථභාරී දේශපාලන ව්‍යාකූලත්වයක් පිලිබිඹු කරත්දී, මානව වර්ගයා අභිමුඛ වන අර්බුදයන්ට ප්‍රගතිශීලී විසඳුමක් සඳහා වන පරිශ්‍රමය ඔවුන් විසින් ප්‍රකාශයට පත්  කරයි. 2018 වසර මැදදී, තරුන පුද්ගලයන්, එනම් 1980 සහ1996 අතර උපන් සහශ්‍රකයන් සම්බන්ධයෙන් පවත්වන ලද සංගනනයකට අනුව ප්‍රතිචාර දැක්වුවන්ගෙන් සියයට 58 සමාජවාදයට පක්ෂ දැක්මක් තිබුනු අතර සියයට 59ක් “ධනවාදය අසමත්ය” යන්න සමග එකඟ විය. කොවිඩ් 19 සම්බන්ධයෙන් ආන්ඩු වල දුෂ්ට නොතැකීම විසින් තවදුරටත් සිදුකොට ඇත්තේ මෙම වර්ධනය වන ධනපති විරෝධී මනෝභාවයට තෙල්වත්කිරීම පමනි.

26. පොලිස් ඝාතනවලට එරෙහි විරෝධතා අවහිර කිරීමට හෝ තහනම් කිරීමට ප්‍රාන්ත සහ ෆෙඩරල් ආන්ඩු දරන උත්සාහය, එවැනි ඕනෑම උද්ඝෝෂනයක් සුරක්ෂිත පාර්ලිමේන්තු මාවත් වලින් පිටත කම්කරු පන්තියේ වඩා පුලුල් ව්‍යාපාරයක කේන්ද්‍රයක් බවට පත්වීමේ විභවය පිලිබඳව පාලක කවයන් තුල පවතින දැඩි නොසන්සුන්තාවයට සාක්ෂියකි. පසුගිය දශක දෙක තුල, අනුප්‍රාප්තික කම්කරු හා සභාග ආන්ඩු, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (ඒඑෆ්පී) සහ ඕස්ට්‍රේලියානු ආරක්ෂක හා බුද්ධි සංවිධානය (ඒඑස්ඕඕ) ඇතුලු රාජ්‍ය යාන්ත්‍රනය, පොලිස් රාජ්‍ය ක්‍රියාමාර්ග බලගන්වමින්, එලඹෙන පන්ති සටන් සඳහා මුහුනදීමට හැකි අයුරින් බෙහෙවින් ශක්තිමත් කර ඇත.  ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, ප‍්‍රාන්ත ආන්ඩුවක කැඳවීමක් නැතිවම, දේශීය නොසන්සුන්තාවන් මැඬීම පිනිස හමුදාව යෙදවීමට ඉඩ සලසන විධිවිධාන මෙම නීතිවලට ඇතුලත් ය. කිසිදු චෝදනාවක් හෝ නඩු විභාගයක් නොමැතිව සරනාගතයින් දින නියමයක් නොමැතිව සිරගත කිරීම ඇතුලු, මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා නෛතික සම්මතයන් තුලට ගැඹුරු ලෙස කාවැදී ඇත. චීනයට එරෙහි විදේශ භිතිකා ව්‍යාපාරයක් මධ්‍යයේ, ඔත්තු බැලීම සහ රාජද්‍රෝහීත්වය වැනි අපරාධ වලට එරෙහි දඬුවම් පමුනුවන කුරිරු “විදේශ මැදිහත්වීම්” නීතිවල පරාසය බෙහෙවින් පුලුල් කර ඇතුවා සේම,  “විදේශ මැදිහත්වීම්” වැරදි වැනි දෑ නොපැහැදිලි ලෙස අලුතෙන් අර්ථ දක්වා තිබේ. [16] මෙම පනත යටතේ පලමු වැටලීම කම්කරු මන්ත්‍රීවරයකුට එරෙහිව සිදු කර ඇති අතර, මෙම නීති සැලසුම් කර ඇත්තේ ඕනෑම ආකාරයක ජාත්‍යන්තර සහයෝගීතාවයක් මැඩපැවැත්වීමට සහ යුද විරෝධී විරුද්ධත්වය මැඩපැවැත්වීමට ය. බ්‍රිතාන්‍ය සිරගෙවල්වල කොවිඩ්-19 පැතිරීම හේතුවෙන්  ජීවිතයට තර්ජනයක් තිබියදීත්, සිරගතකර සිටින ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වන ජූලියන් අසාන්ජ්ට පීඩාපැමිනවීමට දක්වන ආන්ඩුවේ සහයෝගිතාවය, කම්කරු පන්තිය අරගලයට පැමිනෙන විටෙක ඊට එරෙහිව භාවිතා කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග පිලිබඳ දැඩි අනතුරු ඇඟවීමකි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සමාජවාදය සඳහා අරගලයට සමීපව සම්බන්ධ වේ. ඒවා ආර්ථික ව්‍යසනය හා යුද්ධයට එරෙහිව යොමුවන විට, පාලක පන්ති වැඩි වැඩියෙන් අන්ත දක්ෂිනාංශික හා ෆැසිස්ට් බලවේග ප්‍රවර්ධනය කරමින් පොලිස්-රාජ්‍ය ක්‍රියාමාර්ග භාවිතා කරනු ඇත. එය තවදුරටත් ප්‍රතිසංස්කරන හෝ විප්ලවය පිලිබඳ ප්‍රශ්නයක් නොව සමාජවාදී විප්ලවය හෝ ප්‍රතිවිප්ලවය පිලිබඳ ප්‍රශ්නයකි. කම්කරු පන්තිය බලය අල්ලාගෙන සමාජවාදී පදනමක් මත සමාජය ප්‍රතිනිර්මානය කිරීමට පටන් නොගන්නේ නම්, ධනේශ්වරය, සිය ප්‍රතිගාමී න්‍යාය පත්‍රය අත්තනෝමතික හා ආඥාදායක පාලන ක්‍රම හරහා, පනවනු ඇත.

27. කොවිඩ් -19 වසංගතය රාජ්‍ය පර්යායේ පන්ති ස්වභාවය නොමඳව හෙලිදරව් කර ඇති අතර එය සමස්ත සමාජයේ යහපත උදෙසා ක්‍රියා කරන මධ්‍යස්ථ ආයතනයක් නොව, සාරාර්ථයෙන් ගත් කල එය, ධනේශ්වර දේපොල හා අවශ්‍යතා ආරක්‍ෂා කිරීමට කැපවුන සන්නද්ධ මිනිසුන්ගෙන් සෑදී ඇත. . වසංගතය, ජනතාවගේ ජීවිත හා යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා හොඳම විද්‍යාත්මක උපදෙස් මත  සංවිධානාත්මක ප්‍රතිචාරයක අවශ්‍යතාවය මතු කරයි. ඒ වෙනුවට, 2008-09 ගෝලීය මූල්‍ය අර්බුදය ඉක්මවා යන පරිමානයකින් වෙලඳපල සහ පෞද්ගලික ව්‍යවසායයන් නඟාසිටුවීමට ඩොලර් ට්‍රිලියන ගනන් පොම්ප කිරීමේ යෙදෙන ලොව පුරා ආන්ඩු, ඒ සඳහා රාජ්‍යය බලමුලු ගැන්වුව ද ප්‍රමානවත් සෞඛ්‍ය සම්පත් සැපයීමට අපොහොසත් වන අතර කම්කරුවන් අනාරක්ෂිත තත්වයන් යටතේ බලහත්කාරයෙන් යලි වැඩට දැක්කීමේ මාරක ව්‍යාපාරයක නිරත වේ. සෑම අවස්ථාවකදීම ධනවාදය ආරක්ෂා කරන හා සමාජවාදය අවතක්සේරු කරන පාලක පන්තිය, දැවැන්ත අර්බුදයකට මුහුන දී සිටින අතර, දැනට වෙලඳපොලේ මායාව පිලිබඳ සියලු බෙහෙත් වට්ටෝරු පසෙකින් තබා ඇත. වසංගතයට එරෙහිව සටන් කිරීම සහ ආර්ථික කඩාවැටීම වලක්වාගැනීමට රාජ්‍ය මැදිහත්වීමේ අවශ්‍යතාවය තවදුරටත් සමාජවාදී මන:කල්පිතයක් ලෙස බැහැර කරනු නොලබන අතර, ධනේශ්වරය විසින්ම එය පන බේරාගැනීමේ මාර්ගයක් ලෙස වටහා ගනු ලැබේ. දවසේ දැවෙන ප්‍රශ්නය නම්, මෙම රාජ්‍ය බලය ක්‍රියාත්මක වන්නේ කාගේ අවශ්‍යතා වෙනුවෙන් ද? බලය ඇත්තේ වර්තමාන මූල්‍ය කතිපයාධිකාරය අත නම්, වැඩ කරන ජනතාවගේ සෞඛ්‍යය, යහපැවැත්ම සහ ජීවිත ඉතා සුලු පිරිසකගේ ධනය තවදුරටත් වැඩිකර ගැනීම උදෙසා කැප කල යුතුය. අවශ්‍ය වන්නේ, ධනේශ්වර රාජ්‍යය විසුරුවා හැර, ජනගහනයෙන් අතිමහත් බහුතරයකගේ දැවෙන සමාජ අවශ්‍යතා විසඳන, ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ කම්කරු පන්තියේ සංස්ථා මත පදනම් වූ කම්කරු රාජ්‍යයක් සහ කම්කරු ආන්ඩුවක් බිහි කිරීම සඳහා කම්කරු පන්තියේ විප්ලවීය දේශපාලන අරගලයයි

28. ඔවුන්ගේම ස්වාධීන සංවිධාන පිහිටුවා ගැනීමට  සසප, කම්කරුවන් ධෛර්යමත් කිරීම පිනිස  ක්‍රියාකාරීව මැදිහත් වනු ඇත. පුපුරා යාමට නියමිත බරපතල වැඩ වර්ජන අනිවාර්යයෙන්ම වෘත්තීය සමිති යාන්ත්‍රනයට හා වෘත්තීය සමිති විසින් පැනවීමට උදව් කර තිබෙන හා පොලිස්කාරකමේ යෙදුන වර්ජන විරෝධී විලංඟු වලට  එරෙහි කැරැල්ලක ස්වරූපය ගනු ඇත. වෘත්තීය සමිති තවදුරටත් කිසිදු ආකාරයකින් කම්කරු පන්තියේ මූලික අවශ්‍යතා නියෝජනය නොකරන අතර සංගත හා ආන්ඩු සමඟ ඔවුන්ගේ සුහද හා ලාභදායී සම්බන්ධතාවන්ට තර්ජනයක් වන කම්කරුවන්ගේ ඕනෑම ව්‍යාපාරයකට දැඩි ලෙස සතුරු ය. එලඹෙන වැඩ වර්ජන අරගල සඳහා සූදානම් වීමට, සේවා ස්ථානවල ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ, සාමාජික කමිටු පිහිටුවන ලෙස සසප ඉල්ලා සිටී. ඒ අතරම කම්කරු පන්තිය, රැකියා ස්ථාන වලින් පිටත, දැවෙන සමාජ ගැටලු රැසකට මුහුන දී සිටී. උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවා, පාසල් සහ නිවාස ඇතුලු කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල පන්ති අවශ්‍යතා වෙනුවෙන් සටන් කිරීම සඳහා ප්‍රාදේශීය ප්‍රජාවන්හි ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට සසප උපදෙස් දෙන්නේ එබැවිනි. පොදු සහ දැවෙන සමාජ ගැටලු නිසා අරගලයට තල්ලු වෙමින් සිටින ඕස්ට්‍රේලියාවේ සහ ලොව පුරා විසිරී සිටින අනෙකුත් කම්කරුවන් සමඟ ධනවාදයේ විනාශයට එරෙහිව පොදු පෙරමුනක් පිහිටුවීමට එවැනි කමිටු පදනම වන්නේය. වසර ගනනාවක් පුරා නිදහස් අධ්‍යාපනය සඳහා කමිටුවේ දේශපාලන කටයුතු තුලින් වැදගත් පාඩම් ඉගෙන ගෙන තිබේ. එය අධ්‍යාපනයේ බොහෝ අංශ පිලිබඳව විශ්ලේෂනයක් වර්ධනය කර, ස්වාධීන සමාජවාදී ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කර ඇති අතර, තොරතුරු බුලටින් සහ අන්තර්ජාල ප්‍රවෘත්ති පත්‍ර, සමාජ මාධ්‍ය සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහා අධ්‍යාපන සේවකයින් අතර බෙදා හැරීම ද  පාසල්, විශ්ව විද්‍යාල සහ සේවා ස්ථානවල ප්‍රචාරක කටයුතු ද සිදු කර ඇත. එහි කටයුතුවල කේන්ද්‍රය වන්නේ, ගුරුවරුන්ට හඬක් ලබා දීම සහ ගුරු සංගම්වල සාපරාධී සහ නොතැකීමේ භූමිකාව හෙලි කිරීමයි. ඒ අතරම නිදහස් අධ්‍යාපනය සඳහා කමිටුව විසින්, පුලුල් දේශපාලන කාරනා සම්බන්ධයෙන් උගතුන් සම්බන්ධ කර ගැනීමට හා බලමුලු ගැන්වීමට උත්සාහ කර ඇති අතර, ජූලියන් අසාන්ජ්ගේ ආරක්ෂාව වෙනුවෙන් “අසාන්ජ්ගේ සහායට ගුරුවරුන්” කමිටුව පිහිටුවීම සහ ඔවුන්ගේ අරගල ජාත්‍යන්තරව කම්කරුවන්ගේ සටන් සමඟ සම්බන්ධ කිරීමට කටයුතු කර ඇත.

29. කම්කරු පන්තියේ නැගී එන අරගල මගින් සලකුනු කරනුයේ, කාලෝචිත ආකාරයකින්, කම්කරුවන්ගේ වර්තමාන විඥානය සහ ලාභ ක්‍රමය පෙරලා දැමීමේදී ඔවුන් මුහුන දෙන ඓතිහාසික අභියෝග අතර පාලමක් ලෙස ක්‍රියා කරන සංක්‍රමන ඉල්ලීම් සසප විසින් ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවයයි. ලියොන් ට්‍රොට්ස්කි හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක ලේඛනය වන සංක්‍රමන ක්‍රියාමාර්ගය තුල පැහැදිලි කල පරිදි, “පක්ෂයේ මූලෝපායික කර්තව්‍යය වන්නේ, ධනවාදය ප්‍රතිසංස්කරනය කිරීම නොව එය පෙරලා දැමීමයි. එහි දේශපාලන පරමාර්ථය නම් ධනේශ්වරය අස්වාමික කිරීම සඳහා නිර්ධන පන්තිය විසින් බලය දිනා ගැනීමයි. එසේ නමුදු, උපාය සම්බන්ධයෙන් අල්පතර සහ පාර්ශවීය වන්නාවූ පවා සියලුම ප්‍රශ්නවලට හාත්පසින්ම සැලකිලිමත් අවධානය යොමු කිරීමෙන් තොරව මේ මූලෝපායික කර්තව්‍යය මුදුන්පත් කර ගැනීම ගන සිතීමට පවා නොහැකිය. වර්තමාන යුගය සුවිශේෂ වන්නේ විප්ලවවාදී පක්ෂය දෛනික කටයුතු වලින් මුදාහරින හෙයින් නොව, විප්ලවයේ තත්‍ය කර්තව්‍යන් සමග අවියෝජනීයව ඒ කටයුතු කරගෙන යාමට ඉඩ සලසන හෙයිනි.” [17] කොවිඩ්-19 වසංගතය අතරතුර සංක්‍රමන ඉල්ලීම්වල වැදගත්කම, සංයුක්ත ස්වරූපයක් ගනී. නිසි ආරක්ෂක උපකරන, ප්‍රමානවත් පරීක්ෂන, ආරක්ෂිත වැඩ පටිපාටි සහ ආසාදිත කම්කරුවන් රැකබලා ගැනීම වැනි කම්කරුවන්ගේ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය පියවර, ව්‍යාපාරික ලාභ අවශ්‍යතා සමඟ ගැටුමකට යයි. සේවා ස්ථාන ආරක්ෂක කමිටු පිහිටුවීම ඉල්ලා සිටින මෙම ඉල්ලීම්, සමාජය සමාජවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාවය පිලිබඳව කම්කරුවන් බලමුලු ගැන්වීම සහ දැනුවත් කිරීම සඳහා මාධ්‍යයක් බවට පත්වේ.

30. 1917 ඔක්තෝබරයේ රුසියානු විප්ලවයේ ජයග්‍රහනය මෙන්ම විප්ලවවාදී අරගලවලදී කම්කරු පන්තිය ලත් දරුනු පරාජයන් යන 20 වන සියවසේ මූලෝපායික පාඩම් සියල්ලම පෙන්නුම් කරන්නේ, දේශපාලන අධ්‍යාපනය සහ නායකත්වය සැපයීමට විප්ලවවාදී පක්ෂයක් නොමැති කල කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරය කෙතරම් සටන්කාමී වුවත්, ධනේශ්වරයෙන් බලය අල්ලා ගැනීමට සමත් නොවන බවයි. සසපයේ මූලික කර්තව්‍යය වනුයේ, අරගල මතුවන විට ඒවාට ආක්‍රමනශීලීව මැදිහත් වීම, කම්කරුවන් හා තරුනයින් පක්ෂයට බඳවා ගැනීම සහ විප්ලවවාදී සටන්කරුවන් ලෙස පුහුනු කිරීම මඟින්, කම්කරු පන්තියේ ප්‍රධාන කොටස් අතර සිය දේශපාලන බලපෑම ගොඩනැගීම ය.

31. පන්ති අරගලයේ නව ඉල්ලීම් සපුරාලීම සඳහා පක්ෂයේ උපායයන් සහ සංවිධාන ක්‍රමවේදයන් වෙනස් කිරීම අවශ්‍ය වන බැවින්, වෛෂයික තත්වයේ ඕනෑම ප්‍රධාන හැරීමක් පක්ෂයට නව පීඩනයක් යොදන බව ලියොන් ට්‍රොට්ස්කි සිය  ඔක්තෝබරයේ පාඩම් කෘතියේදී පැහැදිලි කලේය. [18] පන්ති අරගලය දිග්ගැස්සුනු යටපත් කිරීමකින් පසුව යලි හිස එසවීම, පක්ෂයට නව අවස්ථා විවර කරනවාක් මෙන්ම නව වගකීම් ද පටවයි. පක්ෂය විසින් ආරක්ෂා කරගත යුතු දේශපාලන අන්තරායන් ද එයින් මතු කරයි. එක්සත් ජනපද සසප 2018 කොන්ග්‍රස් යෝජනාව තුල, පහත දැක්වෙන ඉතා වැදගත් අනතුරු ඇඟවීම ද ඇතුලත් විය: “විසිවන සියවසේ සමාජ විප්ලවයන් පිලිබඳ අධ්‍යයනයකින් හෙලි වන්නේ, විප්ලවවාදී අරගල අතරතුර සමාජවාදී පක්ෂය විසින් අනුගමනය කරන ලද වැරදි ප්‍රතිපත්තිවල ප්‍රතිපලයක් ලෙස, දේශපාලන පරාජයන්ට නිතර මුහුන දෙන බවයි. ස්පාඤ්ඤ සිවිල් යුද්ධය පවතිද්දී (1936-39) එරට කම්කරු පක්ෂයේ (POUM) වැරදි ප්‍රතිපත්ති හේතුවෙන් මුහුනපෑ පරාජය ඒ අතර වඩාත් ඛේදජනක නිදසුනකි.  පරාජයන් සඳහා තවත් හේතුවක් නම්, විප්ලවවාදී අර්බුදයක අවධිය තුල මාක්ස්වාදී පක්ෂය, කාලෝචිත හා ප්‍රමානවත් අධිෂ්ඨානයකින් යුතුව එය හඳුනාගෙන ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීමයි. 1923 ජර්මානු විප්ලවයේ පරාජය, දේශපාලන මූලිකත්වය ගැනීම සම්බන්ධයෙන් දැක්වූ අසමත්කම, වඩාත්ම වැදගත් උදාහරනයයි. ගැඹුරු වන අර්බුදයේ වර්තමාන තත්වය තුල, එවැන්නක් වලක්වා ගැනීමට විප්ලවවාදී ව්‍යාපාරය අධිෂ්ඨාන කර ගත යුතු ය. ” [19]

32. කම්කරු පන්තිය සඳහා වන විප්ලවීය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට පක්ෂයට සහ එහි කේඩරයට ඇති හැකියාව රඳා පවතින්නේ, පසුගිය ශතවර්ෂය තුල කම්කරු පන්තියේ මූලෝපායික අත්දැකීම් තරයේ උකහා ගැනීම මත ය. සියල්ලටත් වඩා, මාක්ස්වාදය සඳහා සටනේ අඛන්ඩතාව නියෝජනය කල එකම ප්‍රවනතාව වන ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ අරගලයන්හි අත්දැකීම් මත පාදක වීමය. පශ්චාත් යුද සමයේ කම්කරු ව්‍යාපාරය තුල ආධිපත්‍යය දැරූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, ස්ටැලින්වාදී හා සුලු ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරවලට හතරවන ජාත්‍යන්තරය යටත් කිරීමට උත්සාහ කල පැබ්ලොවාදී අවස්ථාවාදයට එරෙහිව හජාජාක විසින් ගෙන යන ලද දිග්ගැස්සුනු අරගලයේ පාඩම්, මේවාට ඇතුලත් ය. වසර 30 ක් පුරා පැවති මෙම ගැටුම, හජාජාක හි සම්භාව්‍ය ට්‍රොට්ස්කිවාදීන් ජයග්‍රහනය කිරීම තුල කුලුගැන්වුන 1985-86 දී කම්කරු විප්ලවවාදී පක්ෂය සමඟ භේදය, මාක්ස්වාදයේ පුනරුදයකට හේතු විය. 2019දී, එක්සත් ජනපද සසප ගිම්හාන පාසැලේ දේශන තුල විමර්ෂනය කරන ලද, භේදයෙන් ක්ෂනික ඉක්බිත්තේ වර්ධනය කල න්‍යායික විශ්ලේෂන, පසුගිය දශක තුනක කාලය තුල හජාජාකයේ කටයුතු සඳහා අත්‍යවශ්‍ය රාමුවක් සපයන ලද අතර ඉදිරි කාල පරිච්ඡේදය සඳහා එය තීරනාත්මක වේ. . [20]

33. කවිපයේ ජාතික අවස්ථාවාදයට එරෙහිව හජාජාක හා ලෝක සමාජවාදී විප්ලවය පිලිබඳ එහි ඉදිරිදර්ශනය ලත් ජයග‍්‍රහනය සඳහා වූ වෛෂයික පදනම වැටී තිබුනේ, තරයේම බංකොලොත් පැරනි මහජන පක්ෂ සහ වෘත්තීය සමිතිවල ජාතික වැඩපිලිවෙලවල් පසුබස්සවන ලද ගෝලීයකරන නිෂ්පාදනයේ දියුනුව තුලින් පැන නැඟි, ලෝක ආර්ථික ව්‍යුහයේ ප්‍රගාඪ වෙනස්කම් තුල ය. අවශ්‍ය නිගමන උකහා ගනිමින් හජාජාක ශාඛා, 1995 දී සංඟම්වල සිට පක්ෂ කරා මාරු විය. මෙය පදනම් වූයේ, ජනතාවගේ රැඩිකලීකරනය සිදුවන්නේ පැරනි සංවිධානවල රාමුව තුල නොව, ඒවාට එරෙහි අරගලය තුල බව අවබෝධ කර ගැනීම මත ය. අවශ්‍ය සංක්‍රමනය මඟින් උත්තේජනය ලත්  එක්සත් ජනපද සසප ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් මෙසේ ලිවීය: “කම්කරු පන්තියට නායකත්වය ලබා දිය යුතු නම් එය අපේ පක්ෂය විසින් සැපයිය යුතුය. වැඩකරන ජනතාව සඳහා නව මාර්ගයක් විවෘත කල යුතු නම් එය අපගේ සංවිධානය විසින් විවෘත කල යුතුය. නායකත්වයේ ගැටලුව දක්ෂ උපක්‍රමයක පදනම මත විසඳිය නොහැකිය. කම්කරු පන්ති නායකත්වයේ අර්බුදය විසඳීමට අපට හැකි වන්නේ, එම නායකත්වය සපයන ලෙස අන් අයගෙන් 'ඉල්ලා සිටීමෙන්' නොවේ. නව පක්ෂයක් තිබිය යුතු නම් අපි එය ගොඩනගා ගත යුතුයි. ” අන්තර්ජාතික සමාජවාදයේ අව්‍යාජ සහ අධිකාරවත් නියෝජිතයා ලෙස හජාජාක පිහිටුවීමෙහිලා තීරනාත්මක කාර්යභාරයක් ඉටු කල, 1998 පෙබරවාරි මාසයේදී දියත් කරන ලද ලෝක සමාජවාදී වෙබ් අඩවිය තුල මෙම වෙනස මූර්තිමත් විය.

34. පක්ෂයේ මැදිහත්වීමකින් තොරව, තත්වය තුල පවතින විප්ලවීය විභවය හෙලි කිරීමට හා වර්ධනය කිරීමට නොහැකිය. පසුගිය වසර දෙක තුල, ජනමාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතයේ විශ්වීය නිහඬතාව මධ්‍යයේ සසප, හජාජාක සිය සහෝදර පක්ෂ සමඟ එක්ව, ජූලියන් අසාන්ජ් සහ චෙල්සි මැනිං යන දෙදෙනාට එරෙහි හිංසනයට විරුද්ධව ආක්‍රමනකාරී ව්‍යාපාරයක් දියත් කලේය. අධිරාජ්‍යවාදයේ අපරාධ හෙලිකල වීරයන් දෙදෙනෙකු ලෙස කම්කරුවන් හා තරුනයින් අතර ප්‍රබල සහයෝගයක් එමඟින් ජනනය කලේය.  කොන්දේසි විරහිතව අසාන්ජ් නිදහස් කිරීම සහ මැනිංට එල්ල කර තිබෙන හිංසනය අවසන් කිරීම සඳහා සසප දිගටම සටන් වදිනු ඇත. ඒ අතරම, නිව්යෝර්ක් ටයිම්ස් හි 1619 ව්‍යාපෘතියට එක්සත් ජනපද සසප පලකල  විරෝධය, [21] මෙම ව්‍යාපෘතිය ඇමරිකාවේ විප්ලවවාදී ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් ප්‍රතික්ෂේප කිරීමක් ලෙස විවේචනය කිරීමට කීර්තිමත් ඉතිහාසඥයින්ට අවස්ථාව සැලසූ, වෙනත් ආකාරයකින් ඇතිවිය නො හැකිව තිබුන වේදිකාවක් සපයන ලදී. ආසන්න ඉදිරි කාලය තුල මතුවන බොහෝ න්‍යායික, දේශපාලන හා සමාජීය කාරනා කෙරෙහි සසප සංවේදී විය යුතු අතර, කම්කරු පන්තිය තුල මැදිහත් වීමට, දැනුවත් කිරීමට හා බලමුලු ගැන්වීම සඳහා පක්ෂය, මාර්ගය විවෘත කරගත යුතුය.

35. වර්ෂය ආරම්භයේ සිට පන්ති සබඳතාවල ඇතිව තිබෙන කැපී පෙනෙන වෙනස සහ කොවිඩ්-19 වසංගතය ඇතිවීම, කම්කරු පන්තිය තුල පක්ෂයේ මැදිහත්වීම ගැඹුරු කිරීමට නව අවස්ථා විවෘතකර ඇත. යලි වැඩට දැක්කීමේ ව්‍යාපාරයෙහි ප්‍රධාන ඉලක්කයක් වී ඇති පාසල්වල ද විශ්ව විද්‍යාලවල ආරක්ෂිත සේවා කොන්දේසි සඳහා ද  රැකියාවන්ට බඳවා ගැනීමේ සීමාවන්ට, ගෙවීම් සහ කොන්දේසි වලට එරෙහිව කරුනු දැක්වීම තුලින් සිය වැඩ කටයුතු පුලුල් කිරීමට නිදහස් අධ්‍යාපනය සඳහා කමිටුවට හැකි වී තිබේ.  ගුරුවරුන්, සෞඛ්‍ය සේවකයින් සහ ඕස්ට්‍රේලියානු තැපැල් සේවය තුල දැනටමත් ආරම්භ කර ඇති සසප වැඩකටයුතු ඔස්සේ, කම්කරු පන්තියේ අනෙකුත් අංශවල මැදිහත්වීම් වර්ධනය කරනු ඇත. වසංගතයට ප්‍රතිචාර වශයෙන් පනවා ඇති අගුලු දැමීම් සහ සීමාවන් මධ්‍යයේ සසප, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කාර්යයන්ට අමතරව, ප්‍රසිද්ධ රැස්වීම්, දේශන පැවැත්වීම සඳහා සමාජ මාධ්‍ය හා මාර්ගගත මාධ්‍ය වෙත හැරීමෙන්, අනෙකුත් කම්කරුවන් වෙත ලඟාවීම සඳහා යොමු වී තිබේ. මෙම වේදිකා භාවිතය නිසා ජාත්‍යන්තර කමිටුවට සහ එහි ශාඛා වලට, සිය දේශපාලන සහයෝගීතාව නව තලයකට ඔසවා තැබීමට ද හැකි වී තිබේ. ඉදිරි කාලය තුල සසප සහ එහි සහෝදර පක්ෂ එක්ව, විප්ලවවාදී පක්ෂයට කම්කරුවන්ගේ හා තරුනයින්ගේ නව ස්ථර දිනා ගැනීම සඳහා, මෙසේ උගත් පාඩම් භාවිතා කරනු ඇත. සියල්ලටත් වඩා, සමාජවාදය සඳහා වන අරගලයේ දැවැන්ත හා සංකීර්න කාර්යයන් විසඳිය හැක්කේ, ජාත්‍යන්තර තලයේදී පමනක් වන අතර, ඒ සඳහා සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හජාජාක ගොඩනැගීම අවශ්‍ය වේ. ආසියා-පැසිෆික් කලාපයේ නව ශාඛා ගොඩනැගීම ඇතුලුව ලොව පුරා හජාජාක දේශපාලන කටයුතු වර්ධනය කිරීම හා පුලුල් කිරීම සඳහා සසප කැපවී සිටී. දශක ගනනාවක් තිස්සේ සකස් කර ඇති පක්ෂයේ වැඩපිලිවෙල හා භාවිතය, ධනවාදය අහෝසි කිරීම හා සමාජවාදී අනාගතයක් සාක්ෂාත් කිරීම සඳහා කොන්දේසි නිර්මානය කරන කම්කරුවන්ගේ හා තරුනයින්ගේ රැඩිකලීකරනයක් සමඟ අන්තර්ඡේදනය වෙමින් ඇති බව අපි විශ්වාස කරමු.

සටහන්:

[1] “සමාජවාදී විප්ලවයේ දශකය ආරම්භ වේ” ඩේවිඩ් නෝර්ත් සහ ජෝශප් කිෂෝර්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය 2020 ජනවාරි 3 

[2] “නිව් යෝර්ක් ටයිම්ස් හි තීරු රචක තෝමස් ෆ්‍රීඩ්මන් COVID-19 වේගයෙන් පැතිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටී" 

ඇන්ඩ්‍රේ ඩේමන්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය  2020 මැයි 1 

[3] “කොරෝනා වෛරස් වසංගතයට ගෝලීය වශයෙන් සම්බන්ධීකරනය කල හදිසි ප්‍රතිචාරයක් සඳහා!” හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, 2020 පෙබරවාරි 28 

[4]“වොෂිංටනයේ කුමන්ත්‍රනය: ට්‍රම්ප් ව්‍යවස්ථාවට එරෙහි යුද්ධ ප්‍රකාශ කරයි” එක්සත් ජනපද  සමාජවාදී සමානතා පක්ෂ ප්‍රකාශය,  ලෝක සමාජවාදී වෙබ් අඩවිය, 2020 ජුනි 2 

(5) “සමාජ පන්තිය, ධනවාදය සහ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය ”නයිල්ස් නියමුත්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, 2020 ජුනි 11 

[6] “ඕස්ට්‍රේලියානු ආන්ඩුව  අගුලු දැමීමේ පියවර සමාලෝචනය කරයි” ඔස්කාර් ග්‍රෙන්ෆෙල්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, 2020 මැයි 2   

 [7] “COVID-19 ආරක්ෂක සීමාවන් අකාලයේ ඉවත් කිරීමට විරුද්ධ වනු!”ඕස්ට්‍රේලියානු සමාජවාදී සමානතා පක්ෂය , ලෝක සමාජවාදී වෙබ් අඩවිය, 2020 ජූනි 3

[8] “වික්ටෝරියාවේ COVID-19 ව්‍යසනය: ඕස්ට්‍රේලියානු ආන්ඩුවට හා  ධනවාදයට  චෝදනාවක්” සමාජවාදී සමානතා පක්ෂය (ඕස්ට්‍රේලියාව), ලෝක සමාජවාදී වෙබ් අඩවිය,  2020 අගෝස්තු 5, 

[9]   “ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂයේ මැතිවරන පරාජය සහ අන්ත දක්ෂිනාංශයට එරෙහි සටන” ඔස්කාර් ග්‍රෙන්ෆෙල්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, 2019 මැයි 20 

[10] “ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂ නායක: අපි දිගටම ආන්ඩුවේ නීති සම්පාදනය සඳහා ඡන්දය ප්‍රකාශ කරන්නෙමු” මයික් හෙඩ්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, 2019 අගෝස්තු 1 

[11] “ඕස්ට්‍රේලියානු ලැව්ගිනි අර්බුදය සහ සමාජවාදයේ අවශ්‍යතාවය” සමාජවාදී සමානතා පක්ෂය (ඕස්ට්‍රේලියාව),  ලෝක සමාජවාදී වෙබ් අඩවිය, 2020 ජනවාරි 11, 

[12]  “ඔබට අවශ්‍ය සියල්ල ලබා ගත හැකිය”  ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති හාම්පුතුන්ට කියති. මයික් හෙඩ්,  ලෝක සමාජවාදී වෙබ් අඩවිය, 2020 අප්‍රියෙල් 7, 

[13]  “බීජිනයේ පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ ප්‍රතිපත්තියක් එක්සත් ජනපදය  අනුගමනය කරයි” පීටර් සිමන්ඩ්ස්,  ලෝක සමාජවාදී වෙබ් අඩවිය, 2020 ජූලි 29,

 [14] “සමාජවාදය සහ යුද්ධයට එරෙහි සටන” හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශය, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, 2016 පෙබරවාරි 18, 

[15] “ඕස්ට්‍රේලියානු ලැව්ගිනි ව්‍යසනය මගින් වැඩකරන ජනතාව කෙරෙහි පාලක ප්‍රභූවේ නොතැකීම හෙලි කරයි” ජේම්ස් කොගන්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය,  2020 ජනවාරි 8, 

[16] “ඕස්ට්‍රේලියාවේ නව‘ විදේශ මැදිහත්වීම් නීති: යුද විරෝධී විසම්මුතියට තර්ජනයක්” මයික් හෙඩ්, ලෝසවෙඅ, 2018 ජූලි 12, 

 [17] “ධනවාදයේ මර ලතෝනිය සහ හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ (සංක්‍රමන ක්‍රියාමාර්ගය)”, ලියොන් ට්‍රොට්ස්කි, 1938 සැප්තැම්බර් 

[18] “ඔක්තෝබරයේ පාඩම්” ලියොන් ට්‍රොට්ස්කි, 1924 ඔක්තෝබර්

[19] “පන්ති අරගලයේ යලි පිබිදීම සහ සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍යයෝ" සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය),  ලෝක සමාජවාදී වෙබ් අඩවිය,  2018 අගෝස්තු 8,  

[20] “හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ 1982–86 භේදයේ දේශපාලන මූලාරම්භය හා ප්‍රතිවිපාක ” ඩේවිඩ් නෝර්ත්,  ලෝක සමාජවාදී වෙබ් අඩවිය, 2019 අගෝස්තු 3, 

[21] “නිව් යෝර්ක් ටයිම්ස් හි 1619 ව්‍යාපෘතිය: ඇමරිකානු සහ ලෝක ඉතිහාසය පිලිබඳ වාර්ගික මුසාකරනයක්” නයිල්ස් නිමුත්, ටොම් මැකමන් සහ ඩේවිඩ් නෝර්ත්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, 2019 සැප්තැම්බර් 6

Loading