ට්‍රම්ප් හිට්ලර් අනුකරනය කරයි

කොවිඩ්-19 ආසාදිත ව රෝහල් ගත ව ප්‍රතිකාර ලබමින් සිටි ට්‍රම්ප්, 2020 ඔක්තෝබර් 5 වැනි දින නැවතත් ධවල මන්දිරයට පෙරලා පැමිනීම දැක්වෙන වීඩියෝවක් ඔහු විසින් ම තම ට්විටර් ගිනුම හරහා ප්‍රසිද්ධියට පත් කලේ ය. මෙම වීඩියෝව Triumph of the Will (අධිෂ්ඨානයේ ජයග්‍රහනය) නම් නාසි චිත්‍රපටියේ දැක්වෙන 1934 නාසි පක්ෂ සමුලුවට සම්ප්‍රාප්ත වන හිට්ලර්ගේ රූප රාමු අනුව නිර්මානය කර ඇති බව පැහැදිලි ව පෙනී යයි.

[මෙය 2020 ඔක්තෝබර් 6 වැනි දා ඉංගිරිසියෙන් පල විය.]

Loading