වරාය හා නාවික ඇමති ආන්ඩුවේ වෘත්තීය සමිතියට බැඳෙන ලෙස සේවකයන්ට අනවයි

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පුහුනු අභ්‍යාසලාභීන් ලෙස කටයුතු කල කන්ඩායමකට පත්වීම් ලබාදීම සඳහා දෙසම්බර් 4 දින සංවිධානය කල රැස්වීමක දී වරාය හා නාවික කටයුතු පිලිබඳ අමාත්‍ය රෝහිත අබේගුනවර්ධන එම සේවකයන්ට පවසා ඇත්තේ ඔවුන් වෘත්තීය සමිතියකට බැදෙනවා නම් බැඳිය යුත්තේ 'ආන්ඩුවේ සමිතියට” පමනක් බවය. 'රජයේ වෘත්තීය සමිති ඉන්න ඕනෑ රජය එක්ක. විපක්ෂයේ වැඩ කරන්න ගියොත් කරන්න ඕනෑ දේ මම දන්නවා' යයි අබේගුනවර්ධන මැර භාෂවෙන් තර්ජනය කලේය.

ඇමතිගේ ප්‍රකාශය අලුතින් පත්වීම ලබන සේවකයන්ට මෙන්ම සෙසු වරාය සේවකයන්ට ද තර්ජනාත්මක ඇනවීමකි. සමස්ත කම්කරු පන්තියටම එහි ඇඟවීම් පවතී.

ශ්‍රී ලංකා පොදු පෙරමුන (ශ්‍රීලංපොපෙ) ප්‍රමුඛ ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ අත්ගෙඩිය ලෙස වරාය තුල ක්‍රියා කරන්නේ වානිජ, කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමය (වාකසේප්‍රස) යි. ශ්‍රීලංපොපෙ සංවිධානය කර වැඩි කලක් යන්ට මත්තෙන් මතුවූ මෙම සමිතිය එතැන් පටන් ක්‍රියාකර ඇත්තේ වරාය කම්කරුවන්ගේ අරගල දියකර දැමීමට හා එම දක්ෂිනාංශික පක්ෂයේ ජනාධිපති හා වත්මන් ආන්ඩුව බලයට ගෙන ඒමට උද්ඝෝෂනය කිරීම සඳහා ය.

වෘත්තීය සමිතිවල නොමග යැවීම් පැවතිය දී ම, ජූලි මාසයේ දී, වරාය පෞද්ගලීකරනයට එරෙහි ව කම්කරුවෝ දහස් ගනනින් සහභාගී වෙමින් විරෝධතා පැවැත් වූහ.

වරායේ වේවා වෙන රාජ්‍ය අංශයක හෝ පුද්ගලික ආයතයනයක වේවා තමන්ගේ අයිතීන් දිනා ගැනීම සඳහා කම්කරුවන් බැඳිය යුත්තේ තමන් නිදහසේ, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරාගන්නා සංවිධානයකට ය. ඇමතිට අවශ්‍ය වී ඇත්තේ ආන්ඩුවේ පදයට නටන සමිතියකට බැඳී පාලකයන්ගේ උවමනාවන්ට තම අයිතීන් යට කිරීම සඳහා වරාය සේවකයින් තල්ලු කිරීමයි. සෑම කම්කරුවෙකුම අබේගුනවර්ධනගේ තර්ජනය ප්‍රතික්ෂේප කලයුතුය.

වරාය සේවකයන් අතර පසුගිය කාලය තුල පුද්ගලීකරනයට එරෙහිව සහ සිය අයිතීන් දිනාගැනීමට අරගල පැනනැගුනු විට ශ්‍රීලංපොප සමිතිය හා අනෙකුත් සමිති ව්‍යාජ උද්ඝෝෂන සංවිධානය කරමින් ක්‍රියාකලේ ඒවා පීලිපැන්වීමට හා යටපත් කිරීමට ය.

අබේගුනවර්ධන දැන් තර්ජනය කරන්නේ එවන් ව්‍යාජ විරෝධතා හෝ සිදු නොකිරීමට ආන්ඩුවේ අත්ගෙඩිය ඇතුලු සියලු සමිති වගබලා ගතයුතු බවයි. වරාය කම්කරුවන්ගේ අරගල සමිතිවල සිමා කිරීම් බිඳ ගෙන පුපුරා යතැයි ද කම්කරුවන් ගොනුවී සිටින ප්‍රධාන මධ්‍යස්ථානයක් වන වරායේ පැනනගින අරගල අනෙකුත් කම්කරුවන්ගේ සටන් දිරිගැන්වීමට හේතුවේ යයි ද ආන්ඩුව තැති ගැනී සිටියි.

පුද්ගලික අංශයේ ඇඟලුම් ඇතුලු කර්මාන්ත අයිති මහ සමාගම්, ආන්ඩුවේ බැකිම සහිතව කම්කරුවන් අනාරක්ෂිත ලෙස බලහත්කාරයෙන් සේවයේ යොදවයි. ආන්ඩුව හා මහා ධනපතියන් තම ජීවිත නොතකා ක්‍රියාකිරීමට එරෙහිව සටන්කිරීමේ උවමනාව කම්කරුවන් අතර ගිනියම් වෙමින් පවතී.

ආන්ඩුවට ඍජු පන්දම්කාර සමිති අවශ්‍ය වී ඇත්තේ කොවිඩ්-19 තදින් රට තුල පැතිරෙන තතුතුල රැකියා, වැටුප් හා සේවා කොන්දේසි කැපීම පමනක් නොව වසංගතයට ජීවිත බිලිවීමේ තර්ජනය ද නොතකා, කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කරමින් වැඩෙහි යෙදවීමේ පොලිස්කාර සේවය සඳහාය.

හොඳම උදාහරනය කොලඹ වරායයි. ගිය මාසයේ කොලඹ වරායේ ආසාදිතයන් වාර්තාවීමත් සමග කම්කරුවන් අතර බරපතල කැලඹීමක් මතුවිය. ඔවුහු පීසීආර් පලල්ව සිදු කරන ලෙස ඉල්ලා සිටිමින්, අන්තරායකාරී කොන්දේසි යටතේ සේවය කිරීමට ප්‍රතිරෝධය දැක්වූහ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිචාරය වූයේ මේ ඉල්ලීම් දීම නොව සිරගත කිරීමේ හා දඩ ගැසීමේ තර්ජනය සහිත රුදුරු අත්‍යාවශ්‍ය සේවා නියෝග පනවා කම්කරුවන්ගේ විරෝධය මැද බලහත්කාරයෙන් සේවයේ යෙදවීමයි.

ශ්‍රීලංපොපෙට අයත් සමිතිය, අනෙකුත් සමිති සමග එක්ව කම්කරුවන්ගේ විරුද්ධත්වය යටපත් කිරීමට ක්‍රියාකලේ, අත්‍යවශ්‍ය සේවා නියෝගය හිස් මුදුනින් පිලිගනිමිනි. නොවැම්බර් 19 දා, අමාත්‍ය අබේගුනවර්ධන කොලඹ වරායේ ජය බහාලුම් පර්යන්තය තුල (ජේසීටී) සිදුකල 'නිරීක්ෂන චාරිකාවකට', පොදුජන පෙරමුනට අයත් වාකසේප්‍රස සභාපති සංජය කුමාර වැලිගම හා ප්‍රධාන ලේකම් ශාමල් සුමනරත්න සහභාගී වූයේ අත්‍යවශ්‍ය සේවා නියෝග දැමීමෙන් පසු වරායේ වැඩ කටයුතු හොඳින් සිදුවන බව ඔහුට පෙන්වීමටයි.

ඇමතිගේ තර්ජනය හුවා දක්වමින් කම්කරුවන් අතර අපකීර්තියට පත්ව ඇති 'වරාය නැගනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව' (නැපසුවුසඑ ) නමින් පිහිටුවා ඇති සංවිධානය පල කරන මුහුනු පොතේ ඉල්ලීමක් ඉදිරිපත් කරමින් එම සංවිධානය ආරක්ෂා කිරීම උදෙසා 'එකාවන්ව නැගී සිටින' ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා ඇත. මෙම පෙරමුනට ශ්‍රීලංපොපෙ සමිතිය ද ජනතා විමුක්ති පෙරමුනේ සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වරාය සේවක සංගමයද ඇතුලත්ය. ඉහත ප්‍රකාශය කිරීමට ආන්ඩුවේ සමිතියත් හවුල් ද යන්න පැහැදිලි නැත.

කෙසේ වුවද, සමිතිවල ප්‍රකාශය ඇමතිගේ තර්ජනය පිලිබඳව කම්කරුවන් අතර වැඩෙන විරුද්ධත්වය මධ්‍යයේ තමන් එලෙස ක්‍රියානොකරන බවට කරන හුදු මවා පෑමක් පමනි. අබේගුනවර්ධනගේ තර්ජනයෙන් පසුව, නැපසුවුසඑ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේම ගෙනයාහැකි බවට කරුනු දැක්වීමේ සාකච්චාවකට අර අදිමින් සිටියි.

පසුගිය අගෝස්තු මාසයේ මුල පුද්ගලීකරනයට එරෙහිව පැනනැගුන වරාය අධිකාරියේ කම්කරු අරගලය මෙම සමිති එකමුතුව විසින් පාවා දෙනු ලැබූයේ නැගනහිර පර්යන්තය ඉන්දියානු අදානි සමාගමට නොපවරන බවට අගමැති පොරොන්දුවූ බව පවසමිනි.

දෙසැම්බර් 15 දින ලන්කා වෙබ්.නෙට් වාර්තා කරනු ලැබුයේ කබිනට් මන්ඩලය කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමට පැවරීම අනුමත කල බවය. අබේගුනවර්ධන පුවත්පත් වලට ප්‍රකාශ කර ඇත්තේ, ආයෝජකයා තෝරාගත් පසු එම ආයෝජකයාට කොටස්වලින් සියයට 49ක අයිතිය පවරා, වරාය අධිකාරිය අතේ සියයට 51ක අයිතිය තබාගෙන ක්‍රියාකරන බවයි. 'මේ සඳහා අපට ඉන්දියාවෙ රජය යෝජනා කරලා තියෙනවා ආයෝජකයෙක්.' ඉන්දියාවේ ප්‍රධාන සංගතයක් වන අදානි සමාගම මේ ආයෝජකයා ය.

ආන්ඩුව වරාය පුද්ගලිකරනය වේගවත් කිරීමට පියවර ගනිමින් සිටී. 1998 දී, කොලඹ වරායේ රැජින පාලම 'සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්' නමින් විදේශ සමාගම් සමූහයකට විකිනීම හා 2012 දී කොලඹ වරායේ දකුනු පර්යන්තය ඉදිකර පවත්වාගෙන යාමට චීනයේ 'චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ස්' සමාගමට පැවරීම මගින් දැනටමත් වරාය අධිකාරියේ ඇතැම් අනෙක් අංශ පුද්ගලීකරනය කර ඇත.

ආන්ඩුවේ අලුත්ම පුද්ගලිකරන පියවරත් සමග ඇවිලී යාහැකි අරගලය කල්තියා ම ලොප්කිරීමට අබේවර්ධනගේ තර්ජනය එල්ලවී ඇත. වරාය කම්කරුවන් මත අත්‍යවශ්‍ය සේවා නියෝග දිගටම ගෙනයමින් කම්කරුවන්ගේ අරගල තලා දැමීමේ සූදානම ආන්ඩුව දැනටම පෙන්නුම් කර තිබේ.

ආන්ඩුවේ ඍජු ඒජන්ත සමිතිය ඇතුලු සියලු සමිති ආන්ඩුවේ පන්දම්කාර උපකරන ලෙස ක්‍රියා කිරීම කම්කරුවන්ගේ අත්දැකීමයි. අත්‍යාවශ්‍ය සේවා නියෝගවලට කරබදු වී, වසංගතය තුල අනාරක්ෂිත කොන්දෙසි යටතේ කම්කරුවන්ට වැඩ කිරීමට බලකරන සමිති පුද්ගලිකරනය පුලුල් කිරීමට දායකවී සිටියි. මෙම සමිතිවල ක්‍රියාකලාපය රාජ්‍ය හා පුද්ගලික අංශයේ අනෙකුත් සමිතිවලට වෙනස් නැත.

වසංගතයන් ආර්ථිකය කඩාවැටීම කම්කරුවන් හා දුගීන් මත පැටවීමට ධනපති පන්තිය හා එහි ඒජන්ත ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව ක්‍රියා කරමින් සිටී. රාජපක්ෂ බලයට පැමිනීමත් සමග, රටේ පාලනය මිලිටරීකරනය කිරීම ආරම්භ කෙරිනි. මූලික කම්කරු මධ්‍යස්ථානයක් වන වරාය අධිකාරිය, විශ්‍රාමික යුද හමුදාපති දයා රත්නායකගේ සභාපතිත්වය යටතට පත් කරනු ලැබී ම කම්කරුවන්ගේ අයිතීන් තලා දමන ජනාධිපති ඒකාධිපති පාලනයකට මාරුවීම සඳහා ගනු ලබමින් සිටින පියවර මාලාවක කොටසකි.

තම අයිතීන් සඳහා සටන් කිරීමට වෘත්තීය සමිතිවලින් බිඳී නව සටන් සංවිධාන ලෙස ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීම අවශ්‍යතාව අනෙකුත් කම්කරුවන් ඉදිරියේ මෙන්ම වරාය කම්කරුවන් ඉදිරියේ ද තීරනාත්මකව මතුවී ඇත්තේ මේ තත්වය තුලය. වෘත්තීය සමිති කම්කරුවන්ට එරෙහි ධනපති රාජ්‍යයේ උපකරන ලෙස ක්‍රියා කරයි.

තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී චන්දයෙන් පත්කරගන්නා ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගන්නා ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) වරාය කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. කම්කරුවන්ගේ අයිතීන් සඳහා අව්‍යාජ අරගලයක් දියත් කිරීමට හා රට තුල මෙන්ම ජාතන්තරව ද අරගලයට ඇදෙන කම්කරුවන් සමග එකමුතුව තහවුරු කරගනිමින් සටන් කිරීමට කොන්දේසි සකස් කර ගැනීමට හැකි වන්නේ සියලු කම්කරුවන් එකමුතු කරන ක්‍රියාකාරී කමිටුවකට පමනි.

එහෙත් ආන්ඩුවේ තර්ජන හා ආඥාදායක සැලසුම් ද, පුද්ගලීකරනයද පරාජය කිරීම හා කම්කරුවන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම, වඩා පලල් අරගලයක් සමග බැඳී ඇතිබව ද සසප අවධාරනය කරයි. සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම එම අරගලයයි. කම්කරුවන් සියලු ධනපති පක්ෂවලින් බිඳී තමන්ගේ ස්වාධීන දේශපාලන ශක්තිය ඒ සදහා බලමුලු ගැන්විය යුතුය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඒ සඳහා කම්කරුවන්ගේ ජාත්‍යන්තරවාදී විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීමේ සටනේ නිරතව සිටී. සසපට බැඳී එය ගොඩනැගීමට එක්වන ලෙස අපි ඔබෙන් ඉල්ලමු.

Loading