ඉදිරිදර්ශන

එක්සත් රාජධානියේ මහාධිකරනය අසාන්ජ් පිටුවහල් කිරීමට නියෝග කරයි: ව්‍යාජ-නීතිමය හෑල්ලුවක්

[මෙය UK High Court orders Assange extradited: A pseudo-legal travesty යන මැයෙන් 2021 දෙසැම්බර් 11 පලවූ ලිපියේ පරිවර්තනයයි.]

විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් එක්සත් ජනපදයට උදර්පනය කල හැකි බවට එක්සත් රාජධානියේ මහාධිකරනය විසින් ඊයේ (10) දුන් නියෝගය යුක්තිය පිලිබඳ පිලිකුල් සහගත හෑල්ලුවකි.

විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් [අනුග්‍රහය: ඒපී ඡායාරූප/මැට් ඩන්හැම්] [AP Photo/Matt Dunham]

මෙම තීන්දුව, ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය තුල මිනීමරු ආක්‍රමනය සහ වාඩිලෑමේදී අධිරාජ්‍යවාදී ආන්ඩු විසින් සිදු කරන ලද අපරාධ හෙලිදරව් කල නිර්භීත මාධ්‍යවේදියෙකුට හිංසා පීඩා කිරීමට එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ ස්වීඩනය විසින් වසර 10 ක් තිස්සේ සිදුකල දීර්ඝ දේශපාලන කුමන්ත්‍රනයක ප්‍රතිඵලය යි.

එක්සත් ජනපද ආන්ඩුව විසින් කරන ලද අභියාචනයක් අනුමත කරමින්, මැල්ඩන්හි බර්නෙට් සාමිවරයා, එංගලන්තයේ සහ වේල්සයේ අගවිනිසුරු සාමිවරයා සහ විනිසුරු හොල්රොයිඩ් සාමිවරයා, අසාන්ජ්ගේ විමර්ශන පිලිබඳව “සහතිකයක් ලබා දීම” සඳහා පහල උසාවිය එක්සත් ජනපදයට ඉඩ දිය යුතු බව තීන්දු කලහ. එක්සත් ජනපදයට, එනම් අභියාචනා විභාගයේදී අසාන්ජ්ගේ “ඝාතනය, පැහැරගෙන යාම, වස දීම” සැලසුම් කල බවට කියවුනු අන්ඩුවකට, දැන් ලබා දී ඇති සහතික ඔහුගේ යහපැවැත්ම පිලිබඳ “උත්සුකයන් සපුරාලීමට ප්‍රමානවත්” බව විනිසුරුවන් පිලිගත්හ.

මෙම තීන්දුවත් සමඟ, එක්සත් රාජධානියේ අධිකරනය, විනාශකාරී ප්‍රජාතන්ත්‍ර විරෝධී ඇඟවුම් සහිත අති විශාල අපරාධකාරීත්වයේ ව්‍යාපාරයකට රබර් මුද්‍රාව තැබීමට සූදානම් කර ඇති බ්‍රිතාන්‍ය රාජ්‍යයට යටහත් මෙවලමක් ලෙස එහි ක්‍රියාකාරිත්වය හෙලිදරව් කර ඇත.

අසාන්ජ්ගේ නීතීඥයෝ එක්සත් ජනපද “සහතික කිරීම්” වැදගැම්මකට නැති දේ ලෙස ප්‍රතික්ෂේප කලහ, යාහූ! නිවුස් විසින් කරන ලද අතිශය විශ්වසනීය පරීක්ෂනයක් සහ ආන්ඩුවේ ඉහල මට්ටම් වලින් ඔහුගේ පැහැර ගැනීම සහ මිනීමැරුම උපරිමයෙන් සැලසුම් කර ඇති බවට ස්පාඤ්ඤයේ පැවැත්වෙන අපරාධ විමර්ශනයක් ද ඇතුලුව, සීඅයිඒ විසින් ඔහුව නීති විරෝධී ලෙස ඉලක්ක කිරීම පිලිබඳ විස්තීරන සාක්ෂි සපයමින් ඔවුහු මේ බව පැවසූහ.

මහාධිකරනය තීන්දුවක් දීමට පෙර මෙම තර්ක ගැන සඳහන් කලේ, “අදාල විශේෂඥ දැනුමක් නොමැති අයගෙන් එක්සත් ජනපදයේ සද්භාවය පිලිබඳ ප්‍රශ්න කර ලබාගත් එවැනි මතයක් ගැන කියන්නේ නම්, එහි, සාමාන්‍ය අදහස් ප්‍රකාශ අන්තර්ජාල සෙවුමකින් උපුටා ගත් මාධ්‍යවේදීන්ගේ මතයකට වඩා වටිනාකමක් නැත” යනුවෙනි

විනිසුරුවරුන් තවදුරටත් කියා සිටියේ, “යථාර්ථය නම්, එක්සත් ජනපදයේ සහතික කිරීම් සද්භාවයෙන් ලබා නොදීම හෝ වෙනත් හේතුවක් නිසා ඒවා බාහිරව පෙනෙන වටිනාකමින් පිලිගත නොහැකි බව යන පදනම මත ප්‍රතික්ෂේප කිරීමට අධිකරනය ඇරයුම් ලැබේ. එය බරපතල චෝදනාවකි, විශේෂයෙන්ම එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදයට උදර්පනය සම්බන්ධයෙන් සහයෝගීතාවයේ දිගු ඉතිහාසයක් ඇති බව මතක තබා ගන්න…”

ඔවුන් මෙසේ නිගමනය කරයි, “මේ උසාවිය, ඔවුන් කියන දේ එපරිද්දෙන්ම සහතිකයක් ලෙස පිලි නොගැනීමට හේතුවක් නැත.”

වෙනත් වචන වලින් කිවහොත්, උසාවිය, බ්‍රිතාන්‍ය හා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා සහ සම්බන්ධතා ඉදිරියට ගෙන යාම හැර පැහැදිලිවම අවභාවිත අසාන්ජ්ගේ නෛතික හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ගැන අංශු මාත්‍රයකින්වත් සැලකිල්ලක් දැක්වූයේ නැත. යුධ අපරාධ සහ පාලක පන්තියේ අනෙකුත් කුරිරුකම් හෙලිදරව් කිරීම නිසා විකිලීක්ස් නිර්මාතෘට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හෝ මරනීය තර්ජන එල්ල කරන තීන්දුවක් දැන් එය ලබා දී ඇත්තේ භාෂනයේ නිදහසට දැවැන්ත ප්‍රහාරයක් සඳහා මග විවර කරමිනි.

අසාන්ජ් ගේ උදර්පනය දැන් ඉතා ආසන්න වී තිබෙනවා විය හැකිය. ඔහු එක්සත් රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරනයට හෝ යුරෝපීය අධිකරනයට අභියාචනයක් ඉදිරිපත් කිරීම ගැන විශ්වාසයක් තැබිය නොහැක. අසාන්ජ් අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, ඔත්තු බැලීම, සොරකම් කිරීම, විදේශ තානාපති කාර්යාලයකින් අල්ලා ගැනීම, ඔහුගේ ඉක්වදෝර සරනාගතභාවය සහ පුරවැසිභාවය ඉවත් කිරීම, මානසික වධ හිංසා පැමිනවීම, පලිගැනීමේ දඬුවම්වලට යටත්ව සහ චෝදනාවකින් තොරව වසර ගනනාවක් උපරිම ආරක්‍ෂිත බන්ධනාගාරයක් තුල රිමාන්ඩ් භාරයේ තබා ගැනීම ආදී, වසර 10 ක පුනරුත්ථාපන මෙහෙයුම් යාන්ත්‍රනය, නැවත වරක් සක්‍රිය වෙමින් පවතී.

අභියාචනයක් පිලිගනු ලැබුවද, හොඳම තත්ව යටතේ නිදහස සඳහා තනිකරම නීත්‍යානුකූල මාවතක් යනු, අසාන්ජ් දැන් වසර දෙකහමාරකට වැඩි කාලයක් තිස්සේ සිටි පරිදි, විඳ ඇති දරාගත නොහැකි කොන්දේසි යටතේ බෙල්මාර්ෂ් හි දිගටම සිරගත කිරීම ය.

පිලිපීනයේ රොද්‍රිගෝ දුතර්තේ සහ බ්‍රසීලයේ ජායිර් බොල්සනාරෝ ඇතුලු සමූහ මිනීමරුවන්ගේ කල්ලියක් සහභාගී වූ “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සමුලුවක්” සංවිධානය කල අසාන්ජ්ගේ ප්‍රධාන පෙලේ වධකයා වන ජනාධිපති ජෝ බයිඩන්ගේ මහාධිකරනය විසින් මෙම ඉරනම අත්කර දෙන ලදී. එම සමුලුවේදී, “අවදානමක සිටින මාධ්‍යවේදීන්ට ඩිජිටල් සහ භෞතික ආරක්ෂන පුහුනුව, මනෝ සමාජීය සත්කාර, නීති ආධාර සහ වෙනත් ආකාරයේ ආධාර සැපයීමට” ඩොලර් මිලියන 3.5 ක මාධ්‍ය ආරක්ෂන සැලැස්මක් තීරනය විය.

එදිනම, එක්සත් රාජධානියේ සාමි මන්ත්‍රී මන්ඩලය භාෂනයේ නිදහසේ වැදගත්කම පිලිබඳ විවාදයක් පැවැත්වීය, එහෙත් අසාන්ජ් ගැනනම් වරක් වත් සඳහන් නොකෙරුනි.

එක්සත් ජනපදයේ සහ බ්‍රිතාන්‍ය පාලක පන්තියේ තුච්ඡ කුහකකම, එහි කුනු වූ ආන්ඩු දෙස සාධාරන පිලිකුල් සහගත බවින් යුතුව බලන ජනගහනයේ පුලුල් මහජනතාව කම්පනයට පත් නොකරනු ඇත. ඔවුන් අසන ප්‍රශ්නය “ඔවුන් මෙය කරන්නේ කෙසේද?” යන්න නොවේ. නමුත් “ඔවුන් එයින් පලවාහරින්නේ කෙසේද?” සහ “ඔවුන් නැවැත්වීමට කුමක් කල යුතුද?” යන්න යි.

ඕනෑම පිලිතුරක් ආරම්භ විය යුත්තේ මේ දක්වා වූ සිදුවීම්වල බරපතල දේශපාලන තක්සේරුවකින් ය. මේ වන තුරු, අසාන්ජ්ගේ නිදහස සඳහා වන අරගලය, ලේබර් පක්ෂ නිලධරයේද ද, ලිබරලුන්ගේද ඉහල තලවල දක්ෂිනාංශික ලිබටේරියන්වරුන්ගේ විඩාපත් නිලයන් ගෙන් සමන්විත උසාවි සහ අභියාචනා හරහා යුක්තිය හඹා යාම කේන්ද්‍ර කරගත් නිල ව්‍යාපාරයක් අතේ තබා ඇත. මෙම ඉදිරිදර්ශනය විනාශකාරී බව ඔප්පු වී හමාරය.

හිටපු කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින් සහ කම්කරු සමාජවාදී ව්‍යාපාරයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අසාන්ජ්ගේ නඩුවේ ප්‍රමුඛ විරුවන් ලෙස සැලකේ. නමුත් පසුගිය වසර දෙකට සීමා වූ ඔවුන්ගේ සහය සමන්විත වූයේ සංවේගය දනවන ට්වීට් පනිවුඩ, අගමැති බොරිස් ජොන්සන් වෙත කරන ආයාචනා සහ බ්‍රිතාන්‍ය යුක්තිය පිලිබඳ දේශනවලට වඩා වැඩි යමක් නොවේ. ඊයේ තීන්දුවෙන් පැය හතකට පසුව නිකුත් කරන ලද කෝබින්ගේ එකම නොසැලකිලිමත් ට්විටර් පනිවුඩය, “ජුලියන් අසාන්ජ්, අපහසුතාවයට පත්වන සත්‍යයන් හෙලිදරව් කිරීම හේතුකොටගෙන පිටුවහල් නොකල යුතුය” යනුවෙන් ඔවුන්ගේ අකාර්යක්ෂමතාව කෙරෙහි අවධානය යොමු කලේය.

අසාන්ජ් පිටුවහල් කිරීමට විරුද්ධ වීම සඳහා මාධ්‍ය විසින් අවසන් හෝරාවේදී ඒ හා සමාන සැලකිල්ලක් දැක්වීය. එහෙත් සත්‍යය නම්, මෙම සංවිධානවලට ප්‍රකාශ කිරීමට ගෙන ආ හැකි කුමන දොම්නස් සහගත කතුවැකි සහ තීරු ලිපි තිබුනද, ගාඩියන් සහ නිව් යෝර්ක් ටයිම්ස් කතුවැකි කාර්යාලවල හැඟීම සිනාමුසු තෘප්තිමත් එකක් වනු ඇත. ඊයේ තීන්දුවට පාර කැපීමට ඔවුහු වසර ගනනාවක් ගත කලහ. අදාල පාලක පන්තීන් සමඟ ඔවුන්ගේ සුහද සබඳතාවන් අවුල් කිරීමට තර්ජනය කල අසාන්ජ් අවසානයේ මනසින් ඉවත් කල හැකි යැයි ඔවුන් දැන් බලාපොරොත්තු වනු ඇත.

අඩ සියවසක පුවත්පත් කලා ඉතිහාසයේ වඩාත්ම වැදගත් තීන්දුවේ වාර්තාවක්, ගාඩියන් විසින් එහි මුල් පිටුවේ තබා ඇත්තේ පැය කිහිපයක් පමනක් බව සඳහන් කල යුතු අතර, එය “ලොව වටා” පිටුවේ පහල කොටසේ “එක්සත් රාජධානියේ සිට” යන්නට පහතින් තැබීමට නියම කෙරුනි.

ගාඩියන් සහ සමාගම අසාන්ජ් වෙනුවෙන් නාමික සහය වෙත මාරු වූයේ ඔහුගේ නිදහස සුරක්ෂිත කිරීමේ තීරනාත්මක සාධකයෙන්, එනම්, ගෝලීය ජනගහනය තුල විකිලීක්ස් සඳහා මහජන සහයෝගයෙන් ඔහුව හුදකලා කිරීමට සැලසුම් කරන ලද අපහාස ව්‍යාපාරයක් තුල වසර ගනනාවක් ගත කිරීමෙන් පසුව, ඔහුගේ නඩුව ආරක්ෂිතව උසාවි පද්ධතියට සීමා වූ පසු පමනි.

අසාන්ජ් නීචයෙක් බවට පත්කිරීමේ උත්සාහයන්ට, ජාත්‍යන්තර ව්‍යාජ වම්මුන්ගේ සංවිධාන විසින් විවිධාකාරයෙන් සහාය දක්වන ලදී, නැතහොත් විරුද්ධ නොවී අත්හැර දමන ලදී. ඔවුන් අතර එක්සත් රාජධානියේ කවුන්ටර්ෆයර් කන්ඩායම ද වූ අතර එහි ප්‍රමුඛ සාමාජික ජෝන් රීස් දැන් ‘අසාන්ජ් පිටුවහල් නොකරනු’ කන්ඩායමේ ප්‍රධානියා වේ. නිල ව්‍යාපාරයේ සමස්ත දිශානතිය යොමුව ඇත්තේ, අසාන්ජ්ට එරෙහි සාපරාධී ව්‍යාපාරයේ වත්මන් හෝ හිටපු සාමජිකයන් වන, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ ඒවා ආරක්ෂා කිරීමේ සටන සඳහා කිසිදු ඡන්ද දායකත්වයක් නොසපයන සමාජ ස්ථරයක් වෙත ය.

එම සටන රඳා පවතින්නේ ආඥාදායකත්වයට හා යුද්ධයට බලහත්කාරයෙන් ගමන් කරන ධනේශ්වර සමාජ පර්යායක් සමග වඩාත් විවෘත ගැටුමකට එලඹෙමින් සිටින ජාත්‍යන්තර කම්කරු පන්තිය මතය. අසාන්ජ් නිහඬ කිරීමේ ව්‍යාපාරය ආරම්භ වූ දා සිට, සමාගම් විසින් ගෙන එන කොන්ත්‍රාත්තු පැටවීමට වෘත්තීය සමිති නිලධරය දරන ප්‍රයත්නයන්ට සෘජු විරුද්ධත්වයක් ලෙස බොහෝ විට ගොඩනැගුනු ප්‍රධාන වැඩ වර්ජන මාලාවක් මගින් ගෝලීය තත්වයේ නාටකාකාර මාරුවක් සනිටුහන් කරයි.

වසංගතය, මලකඳන් කන්දක් මත කතිපයාධිකාරය විසින් සංවිධානය කරන ලද අධික ලාභ ලැබීම වෙනුවෙන් වැඩකරන ජනතාව මත තීව‍්‍ර කරන ලද සූරාකෑම සහ තවත් මිලියන ගනනකට තර්ජනය කරමින් න්‍යෂ්ටික සන්නද්ධ බලවතුන් වන රුසියාව සහ චීනය සමග යුද්ධයට තල්ලු වීම, පන්ති අරගලයේ තීව‍්‍රවන රැල්ලක් ඉදිරියට ගෙන එයි.

අසාන්ජ් නිදහස් කිරීමේ ව්‍යාපාරය හැරිය යුත්තේ මෙම දැවැන්ත සමාජ බලවේගය වෙතට ය. ඔහුගේ අභිප්‍රාය, දැන් ලොව පුරා ක්‍රියාකාරී කමිටු පිහිටුවීම තුල ප්‍රකාශනය සොයා ගන්නා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයේ මුර පදයක් බවට පත් කල යුතුය. මධ්‍යම පන්තික කොටස් සහ වෘත්තිකයන් ඇතුලු සියලු ප්‍රගතිශීලී සමාජ බලවේග මෙම ව්‍යාපාරය පිටුපස පෙලගැසෙනු ඇත. ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සමාජවාදී සමානතා පක්ෂ මෙම අරගලය ඉදිරියට ගෙන යනු ඇත.

Loading