අද මහා වර්ජනය ගැන සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් කල වීඩියෝ ප්‍රකාශය

අද මහා වර්ජනය ගැන සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් කල වීඩියෝ ප්‍රකාශය පහතින් නැරඹිය හැකි ය.

අප්‍රේල් 28 වැඩ වර්ජනයේ නියුතු කම්කරුවන්ට සසප ලේකම් විජේ ඩයස්ගේ පනිවිඩය

(මෙම වීඩියෝව සසප ෆේස්බුක් පිටුව හරහා ද නැරඹිය හැකි ය.)

රාජපක්ෂ ආන්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් රටපුරා පැන නැගි ඇති මහජන අරගලයට සහාය පලකරමින් අප්‍රේල් 28දා රජයේ සහ පෞද්ගලික අංශවල කම්කරුවන් මහාවැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්න වීම, 'මහජන නැගිටීමේ එක් උච්චතම අවස්ථාවක්' බව, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ප්‍රධාන ලේකම් විජේ ඩයස් මෙම වීඩියෝවේදී සඳහන් කරයි. එය, පන්ති අරගලයේම තීරනාත්මක අවධියක් ලෙස අවධාරනය කරමින් එම අරගලයට සමාජවාදී සමානතා පක්ෂයේ පූර්න සහාය ප්‍රකාශයට පත් කරන බව ද ඔහු පවසයි.

'අපි අපේක්ෂා කරනවා, රටපුරා පැතිර ඇති කම්කරුවන්ගේ, ගොවි ජනතාවගේ, තරුන තරුනියන්ගේ, ගෘහනීන්ගේ සියලු කොටස්වල ආන්ඩු විරෝධ මහා ජන නැගීටීම් තත්වයට කම්කරු පන්තියේ නායකත්වය සම්පාදනය වීමේ ආරම්භක අවස්ථාව හැටියට මේ අප්‍රේල් 28දා ජනරල් ස්ට්‍රයික් තත්වය ක්‍රියාත්මක වේ ය කියලා. අපි හිතනවා, මේ විරෝධතාවට කම්කරු පන්තියෙන් ලැබිය යුතු නායකත්වය දැනටමත් කල් පසුවී වැඩි කියලා. එසේ නමුත්, මහජන විරෝධයට කම්කරු පන්තියේ නායකත්වය ලැබීම සම්බන්ධයෙන් මෙය ඉතා වැදගත් සන්ධිස්ථානයක් කොට අපි සලකනවා '

අරගලයට කම්කරු පන්ති නායකත්වය ලැබීම කල්පසුවීම අහම්බයක් නොවන බවත්, එය නිශ්චිත ව ම, වෘත්තීය සමිති පදනම් වී ගත් වැඩපිලිවෙලහි හා නායකත්වයෙහි පවතින සීමා සහිත කම් උඩ සිද්ධවුනු කාරනාවක් බවත් ඩයස් මෙහිදී පෙන්වා දෙයි.

මෙම කාරනය, කම්කරු පන්තියේ මෙන්ම තරුන කොටස්හි ඉතා බැරෑරුම්ව සැලකිල්ලට යොමුවිය යුතු බව අවධාරනය කරන අතරේ, මහජන අරගලය දැන් මුහුන දෙන දේශපාලන ගැටලු හා ඒවාට සමාජවාදී සමානතා පක්ෂයේ විසඳුම්, මෙහිලා සසප ලේකම් විසින් විස්තරාත්මකව පැහැදිලි කරයි.

Loading