සසප (එක්සත් ජනපදය) 2022 සම්මේලන යෝජනාව

කෝවිඩ්-19 වසංගතය සහ සමාජවාදය සඳහා සටන

(මෙය The COVID-19 pandemic and the fight for socialism මැයෙන් 2022 අගෝස්තු 16 පල වූ සසප (එක්සත් ජනපදය) සම්මේලන යෝජනාවේ පරිවර්තනය යි.)

ThisresolutionwasadoptedunanimouslyattheSeventhNationalCongressoftheSocialistEqualityParty (US), heldfromJuly 31 toAugust 5, 2022. ReadthefullreportontheCongressandtheotherresolutionshere.

2022 ජූලි 31 සිට අගෝස්තු 5 දක්වා පවත්වන ලද සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත්ජනපදය) හත්වැනි ජාතික සම්මේලනයේ දී මෙම යෝජනාව ඒකමතිකව සම්මත කෙරුනි. සම්මේලනය පිලිබඳ සම්පූර්න ලියවිල්ල හා අනෙකුත් යෝජනා මෙතැනින්කියවන්න.

1. තෙවන වසරට ඇතුල් වී ඇති කෝවිඩ්-19 වසංගතය නැවතීමේ සංඥාවක් නො පෙන්වයි. පසුගිය නොවැම්බරයේ දී, අතිශයින් බෝවනසුලු හා ප්‍රතිශක්තියට ප්‍රතිරෝධී ඔමික්‍රෝන් ප්‍රභේදය ඉස්මතු වූ තැන් පටන්, චීනය හැරුනු විට අනෙකුත් සෑම රටක් ම පාලනය කිරීමේ සියලු පියවරයන් අත්හැර දමා ඇති අතර, එම පිලිවෙතට නායකත්වය දෙන්නේ එක්සත් ජනපදයෙහි බයිඩන් පරිපාලනය යි. 2020 දී ට්‍රම්ප් පරිපාලනය විසින් පුරෝගාමීත්වය දුන්, වෛරසයට නිදහසේ පැතිරීමට ඉඩදීමේ මිනීමරු “රංචු ප්‍රතිශක්තියේ” මූලෝපාය, සෑම රටක ම පාහේ පිලිවෙත වී තිබේ.

2. අද දින සැබෑ සම්ප්‍රේෂන අනුපාත, පසුගිය ශීත ඍතුවේ දී ඔමික්‍රෝන් බීඒ.1 ප්‍රභේදය ඉස්මතු වූ විට ලඟා වූ සම්ප්‍රේෂනය වීමේ අනුපාතවල එදා මෙදාතුර ඉහල ම අගයන්ට ආසන්නයේ හෝ ඒවාට ඉහලින් පවතින්නේ, ඔමික්‍රෝන් බීඒ.5 උපප්‍රභේදය ලොව පුරා ආධිපත්‍යය දරන තතු යටතේ ය. පෘතුගාලය, ග්‍රීසිය, ප්‍රන්සය හා අනෙකුත් රටවල් තුල, කෝවිඩ්-19 මරන යලි වතාවක් ඉහල ගොස් ඇත. මහා පරිමාන ආසාදනයේ පිලිවෙත, වෛරසයට විකාශනය වී වඩා අනතුරුදායක ප්‍රභේදයන් බවට පරිනාමය වීමේ හැකියාව ලබා දෙන බිලියන සංඛ්‍යාත අනුග්‍රාහකයන් සම්පාදනය කරන බව ලෝසවෙඅ වසරකට වැඩි කලක් තිස්සේ අනතුරු අඟවා තිබේ. ඔමික්‍රෝන් ප්‍රභේදයේ හා එහි උපප්‍රභේදවල පරිනාමය මෙම අනතුරු ඇඟවීමෙහි නිරවද්‍යතාව සනාථ කරයි. බීඒ.5 උපප්‍රභේදය ගෝලීය ව ආධිපත්‍යය දැරීම ආරම්භ වීමෙන් දවස් කිහිපයක් ඇතුලත, බීඒ.2.75 නමැති නව ඔමික්‍රෝන් උපප්‍රභේදයක් බොහෝ රටවල් කරා ක්ෂනික ව පැතිර ගොස් ඇති බවට විද්‍යාඥයෝ අනතුරු ඇඟවීමට පටන් ගත් හ.

3. ගෙවී ගිය අවුරුදු දෙකහමාරේ ඛේදජනක අත්දැකීම ප්‍රදර්ශනය කර ඇත්තේ, වසංගතය අවසන් කිරීමේ සටන ධනවාදයට එරෙහි ව සමාජවාදය සඳහා අරගලය මත රඳා පවතින බව හා එයින් වෙන් නො කල‌ හැකි බව යි. විද්‍යාව හා මෙම යෝධ සමාජ අපරාධයට වගකිව යුතු බලවේගයන් පිලිබඳ ‌ ඓතිහාසික -දේශපාලනික අවබෝධය තුල මුල් බැසගත්, ජාත්‍යන්තර කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම මේ සඳහා අවශ්‍ය කරයි. සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය) හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) එහි සහෝදර පක්ෂ, මෙම අරගලයට අඛන්ඩ ව නායකත්වය සම්පාදනය කල යුතු ය. අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ව, සමාජ සමානතාව සඳහා සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ගේ ආරක්ෂාව සඳහා වන සටන සමගින්, සෑම රටක් තුල ම අද්‍යතන පන්ති අරගලයෙහි කේන්ද්‍රීය සංරචකයක් වන්නේ, වෛරසය ගෝලීය වසයෙන් මුලිනුපුටා දැමීමේ සටන යි.

මහා පරිමාන ආසාදනයේ වසර දෙකක ප්‍රතිඵල

4. මීට ශතවර්ෂයකට පෙර, වෛරස විද්‍යාව තවමත් එහි ලදරු අවධියේ පැවති සමයේ, 1918 දී ඉස්මතු වූ උන වසංගතයෙන් පසුව හටගත් නරක ම මහජන සෞඛ්‍ය අර්බුදය වන්නේ කෝවිඩ්-19 වසංගතය යි. 2022 ජූලි මැද වන විට, වසංගතය ආරම්භයේ පටන් එක්සත් ජනපදය තුල සිදු වූ නිල මරන සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගිය අතර, ගෝලීය ව එය ආසන්න වසයෙන් මිලියන 6.4ක් විය. වසංගතය හේතුවෙන් ඍජු ව හෝ වක්‍ර ව මරා දමන ලද අතිරේක පුද්ගල සංඛ්‍යාව, එක්සත් ජනපදය තුල මිලියන 1.2ට අධික ද ජාත්‍යන්තර ව මිලියන 21.5ක් ද ලෙස තක්සේරු කෙරේ. හුදු වසර දෙකහමාරක වසංගතය තුල, ඒ හේතුවෙන් සිදු වූ සමස්ත මරන සංඛ්‍යාව, පලමුවැනි ලෝක යුද්ධයේ (1914-1918) අවුරුදු හතර තුල සිදු වූ මිලිටරි හා සිවිල් මරන සංඛ්‍යාව ලෙස තක්සේරු කෙරී ඇති මිලියන 20 කරා ලඟා වී ඇත.

5. වසංගතය සමයේ සිදු වූ මිලියන ගනනක් වන වලක්වාගත හැකි මරනවල දැවැන්ත ඛේදවාචකයට ද අමතරව එය, සම්පූර්නයෙන් ප්‍රමානනය කල නො හැකි දීර්ඝ-කාලීන බලපෑම් සහිත “අතිමහත් අබලකාරක සංසිද්ධියක්” ද වේ. අපමන අධ්‍යයනයන් පෙන්වා දෙන පරිදි, කෝවිඩ්-19 රෝගීන්ගෙන් දල වසයෙන් සියයට 10-30ත් අතර ප්‍රමානයක් තුල, ශරීරයේ සෑම ඉන්ද්‍රියයකට පාහේ බලපෑ හැකි හා පුලුල් පරාසයක රෝග ලක්ෂන දනවන දීර්ඝ කෝවිඩ් තත්ත්වය වර්ධනය වේ. ඉන් වඩාත් ම පොදු සමහර රෝග අතරට ආන්තික තෙහෙට්ටුව, ඥානාත්මක ක්‍රියාවලිය විපරීත වීම, චිරකාලික වේදනාව, රසය හෝ ගඳ-සුවඳ නො දැනීම, ආශ්වාසය කෙටිවීම, ඉහල හෘද ස්පන්දන වේගය ආදිය අඩංගු වන අතර, ඒ සියල්ල රෝගීන්ගේ ජීවිතයේ ගුනාත්මක භාවය මත ප්‍රගාඪ ප්‍රතිවිපාක ඇති කරයි.

6. දීර්ඝ කෝවිඩ් වර්ධනය වීමේ හැකියාව සෑම ප්‍රති-ආසාදනය වීමක් සමග ම ඉහල යන අතර, එන්නත්කරනය මගින් එම අවදානම අඩු කෙරෙන්නේ මඳ වශයෙන් පමනි. දල වසයෙන් ඇමරිකානු වැඩිහිටියන් මිලියන 20ක් දීර්ඝ කෝවිඩ් රෝගවලින් පීඩා විඳිමින් සිටින බව, ජුනි මාසයේ දී එක්සත් ජනපද ආන්ඩුව නිල වසයෙන් පිලිගත් අතර, එම සංඛ්‍යාව සෑම නව ආසාදන හා ප්‍රති-ආසාදන රැල්ලක් සමග ම අඛන්ඩ ව ඉහල යාමට නියමිතය. ගෝලීය ව බහිර්නිවේශනය කල විට, දැනට මිලියන 400ට අධික පිරිසක් දීර්ඝ කෝවිඩ්වලින් පීඩා විඳිතැයි සිතිය හැකි අතර, ඔවුන්ට ශක්‍ය ප්‍රතිකාරයක් නැත.

7. එමෙන්ම කොරෝනා වෛරසය හෘදයාබාධ, ආඝාත, පරාසයක පැතිරුනු ස්නායු රෝග, වකුගඩු රෝගය, දියවැඩියාව, ප්‍රතිශක්තිය අවිධිමත්වීම සහ අනෙකුත් ජීවිත වෙනස් කරන හෝ මාරාන්තික පශ්චාත් බලපෑම් සමග ද සම්බන්ධ කරනු ලැබ තිබේ. මහා පරිමාන මරන හා දුබලතාවල සංයුක්ත බලපෑම්, වසංගතය ආරම්භ වූ තැන් පටන් එක්සත් ජනපදය තුල ආයු අපේක්ෂාව වසර 2ට වැඩි ප්‍රමානයකින් පහත හෙලා ඇත. ලෝක පරිමාන ව, ආයු අපේක්ෂාව අවුරුදු 1.6කින් ඇදවැටී ඇත්තේ, දෙවන ලෝක යුද්ධාවසානයෙන් මෙපිට පලමු ගෝලීය අඩු වීම වාර්තා කරමිනි. එසකියෙල් එම්මානුවෙල් වැනි සුප්‍රජනක විද්‍යාඥයන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ අධිවාචනය කර ඇති මෙම යෝධ සමාජීය ප්‍රතිගමනය, පාලක පන්තියේ ආධිපත්‍යධාරී කොටස් විසින් සලකනු ලැබෙන්නේ, විශ්‍රාම වැටුප් සඳහා බැඳීම් හා අනෙකුත් සමාජ සුභසාධන පිරිවැය අඩු කෙරෙන ධනාත්මක දෙයක් ලෙස ය.

ලෝක ඉතිහාසයේ ප්‍රේරක සිද්ධියක්

8. වසංගතය පිලිබඳ ලෝසවෙඅ හා හජාජාකහි වාර්තාව අද්විතීය එකක් වන අතර, එය මාක්ස්වාදී ව්‍යාපාරයෙහි ජයග්‍රහනයකි. වැඩෙන ගෝලීය ව්‍යසනය කෙරෙහි ජාත්‍යන්තර කම්කරු පන්තියට අඛන්ඩ ව අනතුරු අඟවමින් ද, සාර්ස්-කෝව්-2 වෛරසය ගෝලීය ව මුලිනුපුටා දැමීමේ පිලිවෙත් වෙනුවෙන් පෙනී සිටිමින් ද, 2020 ජනවාරියේ පටන්, අපි වසංගතය පිලිබඳ ව ලිපි 5,000ට අධික සංඛ්‍යාවක් පල කර ඇත්තෙමු. ආරම්භයේ පටන් ම හජාජාක අවධාරනය කර සිටියේ, සරල ව වෛද්‍යමය කාරනයක් පමනක් නො වන වසංගතය, ධනවාදයේ පලල් ලෝක අර්බුදයෙන් පැන නගින මූලික දේශපාලන, සමාජ හා ආර්ථික අර්බුදයක් බව යි. වසංගතයට දක්වන ප්‍රතිචාරය නීර්නය කෙරෙනු ඇත්තේ, එයට පෙර සිට පැවත එන සමාජ කොන්දේසි විසිනි... 2020 ආරම්භ වන විට එක්සත් ජනපදය තුල නිර්නයකාරී බලවේගයන් වූයේ, දශක ගනනක නො නිමි යුද්ධය, මූල්‍ය පරපෝෂිත භාවය, කාර්මිකහරනය, වෘත්තීය සමිතිවල කෝපරේට්වාදී පිරිහීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහෝසි කිරීම සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති ධූරය තුල මූර්තිමත් වූ අන්ත-දක්ෂිනාංශික දේශපාලනය වගා දිගා කිරීම යි.

9. වසංගතය, පලමුවැනි ලෝක යුද්ධය ද ඉන් පසුව රුසියානු විප්ලවය ද පුපුරා යාමට තුඩු දුන් ඔස්ට්‍රියානු ආදිපාද ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ඝාතනය කිරීමට සමාන “ප්‍රේරක සිද්ධියක්” ලෙස, 2020 මාර්තුවේ දී හජාජාක විසින් විලක්ෂනය කෙරින. එම ඝාතනය විසින් සිදු කෙරුනු පරිද්දෙන්ම, ලෝක ධනවාදයේ ඒ වන විටත් පැවති අතිශයින් අභිවර්ධිත අර්බුදය ප්‍රගාඪ ලෙස අවුලුවාලූ වසංගතය, යුද්ධය හා විප්ලවය යන දෙකට ම තුඩු දුන් ක්‍රියාදාමයන් වේගවත් කලේ ය. ඉන් වසර දෙකකට පසුව, රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධයෙහි පුපුරා යාම සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ වඩ වඩා සටන්කාමී වන අරගලවල වර්ධනය සමගින්, තුවක්කුවේ කොකා ගස්සනු ලැබ ඇත.

10. සසප (එක්සත් ජනපදය) 2020 සම්මේලනය, 2020 ජූලි දක්වා වසංගතයේ ආරම්භක මාස සූක්ෂ්මාවධායී ලෙස ලේඛනගත කරන අතර, ඒ වන විට කෙයාස් පනත හරහා ඇප දීම සම්මත කරගෙන තිබුනේ, ම්ලේච්ඡ ලෙස ආපසු වැඩට තල්ලු කිරීමේ කොටසක් ලෙස අගුලු දැමීම් ඉවත් කරමිනි. එන්නත් නිපදවීමට පවා පෙර දුර දක්නා සුලු අනතුරු ඇඟවීමක් කල අපි, වසංගතය නැවැත්වීමට ඉන්ද්‍රජාලික පෙත්තක් නැතැයි පැහැදිලි කරමින් මෙසේ ලීවෙමු:

“වසංගතය පාලනය යටතට ගැනීම තෙක් කෙතරම් කාලය ගතවනු ඇද්ද?” මෙය බිලියන සංඛ්‍යාත ජනයා විසින් අසනු ලබන ප්‍රශ්නයකි. සාමාන්‍ය ප්‍රතිචාරය වන්නේ, ඵලදායී එන්නතක් වර්ධනය කරන තෙක් වසංගතය අඛන්ඩ ව පවතිනු ඇති බව යි. මෙම ඉරනම්වාදී පිලිතුර පදනම් වන්නේ, කෝවිඩ්-19 අර්බුදය මුලුමනින් ම පාහේ වෛද්‍යමය ගැටලුවක්ය යන තර්කාංගය මත යි. එමගින් අත්හැර දමන්නේ, වසංගතයට එරෙහි සටනේ සමාජීය හා දේශපාලනික මානයන් ය. පලමුවැනි ලෝක යුද්ධය අවසන් කිරීම සඳහා කම්කරු පන්තියේ නැගිටීම අවශ්‍ය වූවාක් මෙන් ම, මෙම රෝගයට ඵලදායී සමාජ ප්‍රතිචාරයක් සඳහා කොන්දේසි නිර්මානය කිරීමට, ධනවාදයට එරෙහි අරගලයක් තුල කම්කරු පන්තියෙහි පන්ති-සවිඥානික මැදහත් වීම අවශ්‍ය කරයි. නුදුරු අනාගතයේ දී, එන්නතක් වර්ධනය කොට එමගින් දීර්ඝ-කාලීන ප්‍රතිශක්තියක් සම්පාදනය කල ද -මෙය ද නිශ්චිත නැත- එහි බෙදාහරිනු ලැබීම සංගතවල ලාභ අවශ්‍යතාවන්ට හා ප්‍රධාන ධනපති බලයන් අතර භූ-මූලෝපායික ගැටුම්වලට යටත් කෙරෙනු ඇත. තව ද වසංගතය පාලනය කිරීම, සමාජ හා ආර්ථික අර්බුදය සමාප්තියකට ගෙන එනු නැත. පලමුවැනි ලෝක යුද්ධයෙන් ඉක්බිති ව සිදු වූවාක් මෙන්, වසංගතය ගැඹුරු කැලැල් හා දීර්ඝ කාලයක් පවතින ප්‍රතිවිපාක ශේෂ කොට යනු ඇත. එහි පැතිරීමට පූර්වයෙන් පැවැති - ඒ වන විටත් නරක තත්ත්වයක තිබූ - පැරනි කොන්දේසි කරා යලි පෙරලා යාමක් නැත. වසංගතය විසින් නිර්මිත කොන්දේසිවල පදනම මත ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදය වර්ධනය වනු ඇත. පන්ති අරගලයෙහි විෂය පථය හා තීව්‍රතාවය හීන වනු වෙනුවට ඉහල යනු ඇත.

11. එම යෝජනාව තුල පෙරදක්නා ලද පරිදි, 2020 ජූලි-සැප්තැම්බර් කාලය තුල දක්නට ලැබුනේ රට පුරා පුපුරා ගිය වැඩ වර්ජන හා විරෝධතා 100ට අධික සංඛ්‍යාවක් සහ, ට්‍රම්ප් පරිපාලනයෙහි පාසල් යලි විවෘත කිරීමේ මිනීමරු උද්ඝෝෂනයට එරෙහි විරුද්ධත්වයේ පුපුරා යාමකි. හජාජාක සහයෝගයෙන් යුතුව, අධ්‍යාපනඥයෝ, මෝටර් රථ කම්කරුවෝ, ඇමේසන් කම්කරුවෝ සහ කම්කරු පන්තියේ අනෙකුත් කොටස්, වසංගතයට එරෙහි ව සටන් වැදීම පිනිස ‌ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම කරා ගෝලීය ව ඉදිරියට ගිය හ.

12. බයිඩන්ගේ 2020 මැතිවරන උද්ඝෝෂනයෙහි කේන්ද්‍රීය මූලිකාංගයක් වූයේ, කොරෝනා වෛරසය පැතිරීම නැවැත්වීමට “විද්‍යාව අනුගමනය කරමින්” පිලිවෙත් ක්‍රියාත්මක කරන බවට ඔහු කල ව්‍යාජ කියාපෑම යි. තේරී පත්වීමෙන් පසු අගුලු දැමීම් ප්‍රතික්ෂේප කල ඔහු, එවන් පියවරයන් වෙනුවෙන් පෙනී සිටි නිසා වෛද්‍ය මයිකල් ඔස්ටර්හෝම් නෙරපා දමා, ඒ වන විටත් දුරස්ථ අධ්‍යාපනය පැවති සියලු පාසල් යලි විවෘත කරන බවට ප්‍රතිඥා දුන්නේ ය. බලයට පත්වීමෙන් පසුව, මෙම පිලිවෙත අනුකම්පා විරහිත ලෙස ක්‍රියාවට දැමීම සඳහා ගුරු වෘත්තීය සමිති සමග සමීප ව වැඩ කිරීමට බයිඩන් ක්‍රියා කලේ ය. නව රෝග පාලන සහ නිවාරන මධ්‍යස්ථාන (සීඩීසී) අධ්‍යක්ෂිකා වෛද්‍ය රොචෙල් වැලන්ස්කි 2021 මැයි 13දා ප්‍රකාශ කලේ, එන්නත්කරනය කරන ලද ඇමරිකානුවන්ට ඔවුන්ගේ මුහුනු ආවරන ඉවත් කල හැකි බව යි. මුහුනු ආවරනය කිරීමේ සියලු නියෝගයන් ඉවත් කිරීම් ප්‍රවාහයකට දොර විවෘත කල මෙය, ඩෙල්ටා ප්‍රභේදයෙහි විනාශකාරී රල වේගයකට අවස්ථාව සැකසී ය. ඉන් දෙමසකට පසුව, ඩෙල්ටා ප්‍රභේදය රට පුරා වේගයෙන් පැතිරෙද්දී, වෛරසයෙන් රට “නිදහස්” බව බයිඩන් නොකල්හි ප්‍රකාශ කලේ ය. එම කතාව කල තැන් පටන්, කෝවිඩ්-19 හේතුවෙන් ඇමරිකානුවන් 420,000ට අධික පිරිසක් මියගොස් ඇත.

13. 2021 අගෝස්තු මාසය, වසංගතයේ හා හජාජාක ප්‍රතිචාරයේ වැදගත් හැරුම් ලක්ෂ්‍යයක් සලකුනු කලේ ය. එක්සත් ජනපදය තුල සියලු පාසල් යලි විවෘත කිරීම ඒ වන විටත් දැවැන්ත පරිමානයකට ඇවිල තිබූ ඩෙල්ටා ප්‍රභේදයෙහි ගිනි ජාලාවට ඉන්ධන සැපයීය. ඩිමොක්‍රටික් පක්ෂය නායකත්වය දුන් දිස්ත්‍රික්ක තුල, මුහුනු ආවරනය හා සීමිත පරීක්ෂන වැඩසටහන් සමගින් පාලනය කිරීමේ ප්‍රවිෂ්ටයක් අනුගමනය කල අතර, රිපබ්ලිකන් පක්ෂය නායකත්වය දුන් දිස්ත්‍රික්ක තුල වෛරසයට පරීක්ෂනයකින් තොරව ම පැතිරීමට ඉඩ හරින ලදී. මේ අවස්ථා දෙකෙහි දී ම, වෛරසය බෝවීම වඩවඩාත් පුලුල්ව පැතිර ගියේය.

14. 2021 අගෝස්තු 20දා ලෝසවෙඅ පල කල වැදගත් ප්‍රකාශයක්, වසංගතය පිලිබඳ මූලෝපායන් තුන -රංචු ප්‍රතිශක්තිය, පාලනය කිරීම සහ මුලිනුපුටා දැමීම- අතර විද්‍යාත්මක හා දේශපාලනික වෙනස්කම් පැහැදිලි ව විස්තර කලේ ය. මෙම ප්‍රකාශයෙහි කේන්ද්‍රීය අර්ථභාරය වූයේ, පාලනය කිරීමේ මූලෝපායේ ප්‍රතිසංස්කරනවාදී ස්වභාවය සහ පහත ඡේදය තුල සාරාංශගත කරන ලද මුලිනුපුටා දැමීමේ මූලෝපාය කම්කරුවන් හා විද්‍යාඥයන් විසින් අනුගමනය කල යුතු වීමේ අවශ්‍යතාව එමගින් පැහැදිලි කිරීම යි:

වසංගත විද්‍යාවේ දී පාලනය කිරීම යනු ධනේශ්වර දේශපාලනයේ දී ප්‍රතිසංස්කරනවාදය යි. කාලයත් සමග ක්‍රමික හා කුඩා කුඩා ප්‍රතිසංස්කරන සිදුකිරීම, ලාභ පද්ධතියේ දුෂ්ටත්වයන් ලඝු කොට එම ක්‍රමය වැඩි දියුනු කරනු ඇතැයි යන අපේක්ෂාවන් ප්‍රතිසංස්කරනවාදියා විසින් දල්වන්නා සේ ම, අවමකිරීම්වාදියෝ කෝවිඩ්-19 වසංගතය අවසානයේ දී සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට නො වැඩි හානියක් සහිත දෙයක් බවට පරිනාමය කරනු ඇතැයි යන මායාව පෝෂනය කරති. මෙය වනාහි වසංගත විද්‍යාවෙන් මුලුමනින් ම වියෝ වූ දවල් හීනයකි.

යතාර්ථයේ දී, වෛරසය පැතිර යන තාක් කල්, එය දිගින් දිගටම සමස්ත මානව වර්ගයාට තර්ජනය කරන නව, වඩාත් ආසාදනය වනසුලු, මාරාන්තික හා එන්නත්වලට ප්‍රතිරෝධී ප්‍රභේදයන් බවට අඛන්ඩ ව විකාශනය වනු ඇත. ලෝක පරිමානයකින් එය මුලිනුපුටා නො දමන්නේ නම්, කෝවිඩ්-19හි ගිනි අඟුරු අඛන්ඩ ව දැවී වෛරසයට අලුත් ගිනි ඇවිලවීමට කොන්දේසි නිර්මානය කරනු ඇත.

15. ඉන් යන්තම් තෙමසක් ඉක්ම ගිය තැන, ඉහල ආසාදකත්වයකින් යුත් හා එන්නත්වලට ප්‍රතිරෝධී ඔමික්‍රෝන් ප්‍රභේදයෙහි ඉස්මතු වීමත් සමග මෙම අනතුරු ඇඟවීම මුලුමනින් ම සනාථ විය. නිල දේශපාලනය තුල 'ලිබරල්' ලෙස පෙනී ගිය ආන්ඩු, සියලු අවමකිරීම්වාදී ව්‍යාජයන් අතහැර දමා රංචු ප්‍රතිශක්ති මූලෝපාය වැලඳ ගත් හ.

16. ලෝසවෙඅ සහ කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රිකජාස), 2021 අගෝස්තු 22 හා ඔක්තෝබර් 25 දිනවල, සාර්ස්-කෝව්-2 වෛරසය ගෝලීය ව මුලිනුපුටා දැමීම සඳහා සටන් කරන නායක විද්‍යාඥයන් සහ කම්කරුවන්ගේ සහභාගීත්වයෙන් වසංගතය පිලිබඳ ව බලගතු ඔන්ලයින් සාකච්ඡා දෙකකට සත්කාරකත්වය දුන් අතර, ඒවා ලෝකය පුරා රටවල් 100ට අධික ප්‍රමානයකින් දහස් ගනන් පුද්ගලයන් විසින් නරඹා ඇත. මෙම කාලපරිච්ඡේදය පුරා, පලල් කර්මාන්ත පරාසයක් තුලට කක්‍රිකජාස විස්තාරනය වූ අතර, බ්‍රිතාන්‍ය මවක් වන ලීසා ඩයස් විසින් ආරම්භකත්වය ගත් ගෝලීය පාසල් වැඩ වර්ජන මාලාවක් සංවිධානය කිරීමට එය ආධාර කලේය. මීටූ උද්ඝෝෂනය ගැන අපගේ ආස්ථානයට පහර දීම ඇතුලු ව, විද්‍යාඥයන් වෙතින් හජාජාක වෙන් කිරීමට ප්‍රයත්නයන් දරනු ලැබ ඇති නමුදු, එවක් පටන්ම සිදු වී ඇත්තේ වඩාත් ම මූලධර්මාත්මක විද්‍යාඥයන් සමග අපගේ සබඳතා අප විසින් වඩාත් ගැඹුරු කර ගැනීම පමනෙකි.

17. මේ තීරනාත්මක වකවානුවේ වසංගතයට එරෙහි පක්ෂයේ සටන, 2021 නොවැම්බර් 21 දින - එනම්, නව ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිර යාමට යන්තම් දවස් හතරකට පෙර - කෝවිඩ්-19 වසංගතය පිලිබඳ ගෝලීය කම්කරු පරීක්ෂනයට ආරම්භකත්වය ගැනීම තුල මුදුන්පත් වූයේ ය. පරීක්ෂනය නිවේදනය කරමින් ලෝසවෙඅ නිකුත් කල ප්‍රකාශය මෙසේ සටහන් කරයි:

වසංගතය වනාහි ‌ඓතිහාසික පරිමානයේ සිද්ධියකි. විසි එක්වන ශතවර්ෂයේ ගමන් මාවත මත එහි බලපෑම, ලෝක යුද්ධ දෙක විසිවන ශතවර්ෂය මත ඇති කල බලපෑම තරම් ම දුරදිග යනසුලු බව සනාථ වනු ඇත. එබැවින්, වසංගතයෙහි සම්භවයන්, හේතු හා විපාක මුලුමනින් විමර්ශනය කොට වටහා ගත යුතුව ඇත. මෙම ව්‍යසනය “දෙවියන්ගේ ක්‍රියාවක්” හෝ චීන රසායනාගාරයක දුෂ්ට කුමන්ත්‍රනයක ප්‍රතිඵලයක් නො වේ. ආන්ඩු හා සංගත මාධ්‍ය විසින් වසංගත ආඛ්‍යානය ආවරනය කර ඇති බොරුව තීරනාත්මක ලෙස ප්‍රතික්ෂේප කිරීමට කාලය එලැඹ ඇත.

සාර්ස්-කෝව්-2 වෛරසය පලමු වරට හසු කරගත් තැන් පටන් සිදු වී ඇති, වලක්වාගත හැකි ව තිබූ මරන මිලියන ගනනට වගකිව යුතු පිලිවෙත් සාධාරනීකරනය කිරීම සඳහා යොදාගනු ලැබ තිබෙන, වසං කිරීම්, මුසාවාදයන් හා වැරදි තොරතුරු බිඳ හෙලීමට මෙම පරීක්ෂනය අත්‍යවශ්‍ය ය. සාමාජයීය වශයෙන් දුෂ්ට හා සාපරාධී පවා වන මිනිස් ජීවිත නොතැකීම පිලිබඳ විපුල සාක්ෂි මෙම පරීක්ෂනය මඟින් එකතු කරනු ලැබ මහජනයා වෙත සම්පාදනය කෙරෙනු ඇත.

18. පරීක්ෂනය දැනට මත් වැදගත් ප්‍රතිඵල ලබාගෙන තිබේ. චීනයේ ශූන්‍ය-කෝවිඩ් මූලෝපාය, වාතය හරහා සම්ප්‍රේෂනය වීම, මුහුනු ආවරන පිලිවෙත්, දීර්ඝ කෝවිඩ්, වෛරසය සම්ප්‍රේෂනය වීමේ දී පාසල්වල භූමිකාව, ලමුන් මත කෝවිඩ්-19හි බලපෑම හා තවත් දේවල් ඇතුලු මාතෘකා ගැන විද්‍යාඥයන්ගේ හා කෝවිඩ්-විරෝධී ක්‍රියාධරයන්ගේ සාක්ෂි එයට ලැබී ඇත. එක්සත් ජනපදය, කැනඩාව, බ්‍රසීලය, එක්සත් රාජධානිය, ස්වීඩනය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ශ්‍රී ලංකාව හා ඉන්දියාව තුල ආන්ඩු හා සංගතවල සාපරාධී පිලිවෙත් පිලිබඳ ව විශේෂඥයන් සාක්ෂි දී තිබේ. මෝටර් රථ කම්කරුවන්, අධ්‍යාපනඥයන්, සෞඛ්‍යාරක්ෂන කම්කරුවන්, සංගීතඥයන් හා තවත් අය ඇතුලු කර්මාන්ත ගනනාවක කම්කරුවන් සමග අප සාකච්ඡා කොට ඇත. ගැඹුරු වෙමින් පවතින මෙම පරීක්ෂනය, මේ වසරේ අග දී එහි ආරම්භක සොයාගැනීම් ඉදිරිපත් කරනු ඇත.

19. ඔමික්‍රෝන් ප්‍රභේදයට බයිඩන් පරිපාලනය දක්වා ඇති ප්‍රතිචාරය ලොමු දැහැගන්වනසුලු ය. එක්සත් ජනපදය තුල කලින් පවත්වා ගෙන ගිය සෑම මහජන සෞඛ්‍ය පියවරක් ම -පරීක්ෂන, හඳුනාගැනීම්, හුදෙකලාකරනය හා නිරෝධායන උපදෙස්, මුහුනු ආවරන අත්‍යවශ්‍ය භාවය, දත්ත හසු කරගැනීම් හා වෙනත් දේවල්- බොහෝ සෙයින් හෝ මුලුමනින් අහෝසි කරනු ලැබ ඇත. 2022 ජනවාරි-පෙබරවාරි සමයේ, ඔමික්‍රෝන් ප්‍රභේදය ඉහල නගිමින් තිබිය දී පාසල් යලි විවෘත කිරීමට විරුද්ධ ව එක්සත් ජනපදය පුරා ප්‍රධාන නගර දුසිමක පමන ශිෂ්‍යයන් හා අධ්‍යාපනඥයන් ප්‍රතිරෝධයේ රැල්ලක් දියත් කරන අතරතුර, බයිඩන් පරිපාලනය යුක්‍රේනයට එරෙහි රුසියානු ආක්‍රමනය ඇවිලවී ය. මාධ්‍ය අවධානය සමස්තයක් ලෙස යුද්ධය වෙතට අපසරනය වෙද්දී, වසංගතය පාලනය කිරීමේ සියලු පියවරයන් ඉවත් කිරීම පිනිස වන ද්වි-පාක්ෂික උද්ඝෝෂනය තීව්‍ර විය. වසංගතය “ආවේනික”යැයි ද, තවදුරටත් එය සාමාන්‍ය ප්‍රතිශ්‍යාවකට වඩා හානිකර නොවන්නේයැයි ද ප්‍රකාශයට පත්කරන ලදී. මරන සංඛ්‍යාව නිල වශයෙන් මිලියනයේ සීමාව ඉක්මවා යාම පවා බයිඩන් වෙතින් එකදු කතාවක් හෝ පිලිවෙත් යෝජනාවක් ජනනය කිරීමට අසමත් වූ අතර, ඔහු හුදෙක් ම කලේ, ආන්ඩුවේ ගොඩනැගිලිවල කොඩි අඩකුඹ කර තබන ලෙස නියෝග කරන ලිඛිත ප්‍රකාශයක් නො සැලකිල්ලෙන් නිකුත් කිරීම යි.

20. මාර්තු මාසයේ අග භාගයේ ඇරඹුනු, දැනටමත් ව්‍යසනකාරී වන බීඒ.2 හා බීඒ.2.12.1 උපප්‍රභේදයන්ගේ නැගීම ගැඹුරු කරමින් සිටින ඔමික්‍රෝන් බීඒ.5 ප්‍රභේදයෙහි පැතිර යාම නැවැත්වීමට ධවල මන්දිරය හෝ කිසිදු ප්‍රාන්ත ආන්ඩුවක් කිසිවක් නො කරනු ඇත. මෙම ගිම්හානයේ දී මිලියන 100ට අධික සංඛ්‍යාවක් ආසාදනය වෙතැයි ප්‍රක්ෂේපිත හා අරමුදල් මුලුමනින් ම වියැලී ගොස් ඇති තතු යටතේ, බයිඩන් පරිපාලනය මොඩර්නා හා ෆයිසර් යන ද්වි-සංයුජ එන්නත් මිලියන 100ක් ප්‍රසම්පාදනය කිරීමේ, 'එන්නත-පමනයි' ප්‍රවිෂ්ටය අඛන්ඩ ව අනුයමින් සිටියි. මේ ගිම්හානයේ දී ආධිපත්‍යය දරනු ඇති කවර හෝ ප්‍රභේදයකට එරෙහි ව එම එන්නත් දෙක මඟින් සීමිත ආරක්ෂාවක් හෝ ලැබෙතැයි සිතිය හැක්කේ ජනගහනයෙන් තුනෙන් පංගුවකට පමනි.

21. පලමුව ට්‍රම්ප් යටතේ ද දැන් බයිඩන් යටතේ ද අඛන්ඩ ව වසංගතයට දක්වනු ලබන විනාශකාරී ප්‍රතිචාරය, ඇමරිකානු ධනවාදයෙහි කුනුවීමේ ප්‍රකාශනයකි. ලෝකයේ ධනවත් ම හා තාක්ෂනය අතින් වඩාත් ම අභිවර්ධිත රටවන එක්සත් ජනපදයට, තාර්කික හා විද්‍යාත්මක ආකාරයකින් වසංගතයට ප්‍රතිචාර දැක්විය නො හැකිය යන කාරනය, ධනපති ක්‍රමයට එරෙහි යෝධ හෙලිදරවුවක් හා පිලිතුරු නැති චෝදනා පත්‍රයක් වේ. වසංගතයේ ගමන් මාවත පුරා, ඇමරිකාවේ බිලියනපතියන් ඩොලර් ට්‍රිලියන 1.7ට වැඩි ප්‍රමානයක් කඳුගසාගෙන ඇත්තේ, ඔවුන්ගේ සාමූහික ධනය ඇඟ කිලිපොලා යන සියයට 58කින් වැඩි කරගනිමිනි. කෙයාස් පනත මගින් ආරම්භ කරන ලද මුදල් අච්චු ගැසීමේ මෙහෙයුම, යුක්‍රේනය තුල යුද්ධය ආරම්භ වූ තැන් පටන්, පාලනයෙන් පිට පැන සර්පිලාකාරව වැඩෙන උද්ධමන අර්බුදය පෝෂනය කරමින් ගෝලීය සැපයුම් දාමවල බිඳවැටීම සමග අන්තර්ඡේදනය වී ඇත්තේ, කම්කරුවන්ගේ ජීවන තත්ත්වයන් යෝධ ලෙස ඛාදනය කරමිනි. වසංගත සමය තුල පහත දැක්වෙන මාක්ස්ගේ සුප්‍රකට සිද්ධාන්තය නව අර්ථයක් අත්කරගෙන තිබේ:

“එක් ධ්‍රැවයක ධනය සමුච්ඡය වීමෙහි අර්ථය වන්නේ, එබැවින්, ඊට ප්‍රතිවිරුද්ධ ධ්‍රැවයේ, එනම් ප්‍රාග්ධනයේ ස්වරූපයෙන් තමන්ගේ ම නිෂ්පාදිතය නිෂ්පාදනය කරන පන්තියෙහි පාර්ශවයේ, දුඃඛිතභාවය, අධිකව වැඩ කිරීමේ පීඩාව, වහල්භාවය, මොහඳුර, කෲරත්වය, මානසික පරිහානිය සමුච්ඡය වීම යි.”

22. වසංගතයට එක ම විප්ලවීය සමාජවාදී ප්‍රතිචාරය ඉදිරිපත් වී ඇත්තේ හජාජාක වෙතිනි. ගෝලීය පරිමාන මුලිනුපුටා දැමීමක් සඳහා අපගේ ස්ථාවර හා ගැඹුරු වන සටන, අනෙකුත් සියලු දේශපාලන පක්ෂ හා සංවිධාන වෙතින් අපේ ව්‍යාපාරය වෙන්කොට දක්වයි. ලෝකයේ සෑම ව්‍යාජ-වාම ප්‍රවනතාවක් ම, ඔවුන් වසංගතයට දක්වන ප්‍රතිචාරය හෝ කිසිදු ප්‍රතිචාරයක් නො දැක්වීම නිසා, ගැඹුරින් ම අපකීර්තියට පත් ව සිටී. ලෝක පරිමානයක දී, එක්කෝ ඔවුහු ලෝකයේ විවිධ ආන්ඩු විසින් ක්‍රියාවට දමනු ලබන මිනීමරු “රංචු ප්‍රතිශක්ති” පිලිවෙත් ගැන නිහඬ ව සිටිමින් සහයෝගය දී ඇත්තාහ; නැතහොත්, සමහර අවස්ථාවල දී මෙම පිලිවෙත්වලට විරුද්ධයයි පෙනී සිටිය ද කම්කරුවන් ව ධනපති දේශපාලන පක්ෂවලට යටත් කිරීමට ක්‍රියා කර ඇත්තාහ. වසංගතය පිලිබඳ ඔවුන්ගේ ආස්ථානයන්, මෙම සුලු-ධනේශ්වර පක්ෂ හා සංවිධානවල පෙලගැස්ම යොමු වී සිටින ධනපති දේශපාලනය පලල් ලෙස දකුනට මාරුවීමෙහි ප්‍රකාශනයකි.

වඳුරුඋන, දේශගුන විපර්යාසය සහ අනාගත වසංගත

23. ඔවුන් කොවිඩ් 19 වසංගතයට දැක්වූ විනාශකාරී ප්‍රතිචාරයෙන් ම ගලා එන පරිදි, වඳුරු උන ආවේනික නොවන රටවල් 70 කට වැඩි ගනනක ජනයා 20,000 කට අධික පිරිසකට එම රෝගය ශීඝ්‍රයෙන් ආසාදනය කරමින්, අප්‍රකාශිත සමාන්තර වසංගතයක් බවට ප්‍රායෝගිකවම වර්ධනය වෙමින්, පෙර නොඇසූ විරූ පරිමානයකට නැඟුනු ගෝලීය වඳුරු උන වසංගතයට ලෝක සෞඛ්‍ය සංවිධානය (ලෝසෞස) හා ජාතික සෞඛ්‍ය ආයතන යලිත් වරක් කිසිදු ඵලදායී ප්‍රතිචාරයක් දැක්වීමෙන් වැලැකී සිටියෝය. වඩාත් අර්ථභාරී මැදිහත්වීමකින් ‌තොර වුවහොත් සැප්තැම්බරය අවසන් වන විට ලොව පුරා ආසාදිතයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා යනු ඇතැයි ආදර්ශකයන්ගෙන් පෙන්නුම් කෙරෙන තතු තුල, ඉදිරි මාසවල වඳුරු උන දැවැන්ත ලෙස පැතිරී යාමේ බලගතු අනතුරක් පවතී. රෝගීන් සති හතරක් පමන ආසාදිත ව සිටිය හැකි අතර එම කාල සීමාව තුල හුදකලාව සිටිය යුතු වුවත්, කෝවිඩ්-19 වසංගත සමය තුල ලෝක ධනවාදය දැනට මත් පැහැදිලි කර ඇත්තේ, දවස් පහක හුදකලාවක් වත් එය දරා නො සිටින බව යි.

24. 1970 ගනන්වල සිට විද්‍යාඥයන් අනතුරු අඟවා ඇති දේශගුන විපර්යාසයේ විනාශකාරී බලපෑම් ද සෑම වසරක් පාසා ගැඹුරු වෙමින් පවතී. අද දක්වා ඉදිරිපත් වී ඇති වාර්තා අතරින් වඩාත් ම බියජනක වාර්තාව වන, දේශගුනික විපර්යාස පිලිබඳ අන්තර්-රාජ්‍ය මන්ඩලයේ (අයිපීසීසී) 2022 වාර්තාව සඳහන් කරන පරිදි, දේශගුන විපර්යාස දැනටමත් “පාරිසරික පද්ධති, ජනයා, ජනපද හා යටිතල පහසුකම්වලට පුලුල් ලෙස පැතිරුනු බලපෑම්” මෙන් ම “භෞමික, මිරිදිය හා වෙරලබඩ සහ විවෘත සාගර නාවික පරිසර පද්ධති තුල සැලකිය යුතු වූත්, වඩ වඩාත් අප්‍රතිවර්තනීය වූත් හානි' ජනනය කර ඇතැයි සටහන් කරයි. තක්සේරුගත බිලියන 3.3 සිට 3.6 දක්වා වූ ජනකායක් “දේශගුන වෙනසට අතිශයින් ම ගොදුරුවනසුලු සන්දර්භයන් තුල ජීවත් වන” බව වාර්තාව සටහන් කරයි. 2050 වන විට, වර්තමානයේ වෙරලබඩ නගරවල ඇති පහත් බිම් ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයන් බිලියන 1ට අධික පිරිසක්, වැඩෙන ගංවතුර තර්ජනයන්ට මුහුන දෙනු ඇත. 21වන ශතවර්ෂය අවසාන වන විට, ලෝකයේ ජනගහනයෙන් සියයට 50 සිට 75ක් දක්වා පිරිසක් දැරිය නො හැකි තාපය හා ආර්ද්‍රතාව හේතුවෙන් “ජීවිතවලට තර්ජනය කරන දේශගුන කොන්දේසි” අත්දැකීමට හැකිය.

25. වසංගතය සම්බන්ධයෙන් සිදු වූ පරිද්දෙන්ම, දේශගුන විපර්යාසවල විනාශකාරී බලපෑම් සහ පැවැත්ම පිලිබඳ එකී අර්බුදයට ආමන්ත්‍රනය කිරීම ලෝකයේ ආන්ඩු විසින් ප්‍රතික්ෂේප කිරීම, ජාත්‍යන්තර ව කම්කරුවන් හා තරුන ජනයා රැඩිකලීකරනය කර තිබේ. 2019 සැප්තැම්බරයේ දී, සෑම මහාද්වීපයකට ම අයත් රටවල් 161ක් පුරා ස්ථාන 5,800ට අධික තැන්වල දී පැවති ගෝලීය දේශගුන වැඩ වර්ජනවලට, පුද්ගලයන් මිලියන 4ට අධික පිරිසක් සහභාගි වූ හ.

26. සතුන්ගෙන් මිනිසාට රෝග බෝවීමේ සිද්ධි මත දේශගුන වෙනස ඇති කරන්නා වූ බලපෑම ආදර්ශනය කරන මෑත පලකල ප්‍රධාන අධ්‍යයනයක් විසින් සොයා ගනු ලැබුවේ ඉදිරි දශකයන්හි දී, ඉහත දී එකිනෙකා අතර සම්බන්ධයක් නොවූ ජීවී විශේෂයන් අතර “පලමුව මුනගැසීම්” 300,000ක් පමන සිදු වනු ඇති බවයි. ජෛව විශේෂ හරහා වෛරස පැතිර යාම ප්‍රකාර 15,000 ගුනයකින් සිදු වනු ඇති අතර, ඉන් 4,000 කට අධික සංඛ්‍යාවක් ක්ෂීරපායීන් අතර පමනක් සිදු වන ඒවා වනු ඇත. කොපමන වෛරස ප්‍රමානයක් අවසානයේ මිනිසාට රෝගාබාධ ඇති කරනු ඇත්දැයි ප්‍රක්ෂේපනයක් අධ්‍යයනය සිදු නොකරයි. එහෙත් ඒ සඳහා වන විභවය සැලකිය යුතු එකකි. කෝවිඩ්-19 වසංගතයට දක්වන ප්‍රතිචාරය විසින් පැහැදිලි කෙරෙන්නේ, පාලක පන්තියෙහි ප්‍රතිචාරය යොමු වන්නේ ඕනෑ ම අනාගත වසංගතයකට ආක්‍රමනශීලී ලෙස පැතිරීමට ඉඩදීම සඳහා බව යි.

වසංගතයට එරෙහි සටන තුල සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍යයෝ

27. වසංගතය සම්බන්ධයෙන් සසපහි (එක්සත් ජනපදය) සාරභූත කර්තව්‍යයන් ගෙවී ගිය වසර පුරා පැහැදිලි වී ඇත. මානව වර්ගයා ඉදිරියෙහි පවතින විකල්ප දෙක වන්නේ එක්කෝ නිම නො වන මහා පරිමාන ආසාදන, බෙලහීනත්වය සහ මරනය; නැතහොත් ධනවාදය විප්ලවීය ලෙස පෙරලා දමා, සාර්ස්-කෝව්-2 වෛරසය මිනිසුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂනය වීම මුලුමනින් අවසන් කිරීම සඳහා ගෝලීය මුලිනුපුටා දැමීමේ පිලිවෙතක් ක්‍රියාත්මක කිරීම. මුලිනුපුටා දැමීමේ මූලෝපායට මහා පරිමාන එන්නත්කරනය, පරීක්ෂන, හුදකලාකරනය හා රෝගාශ්‍රිතයන් සොයා ගැනීම සමග, පාසල් හා අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදනාගාර කම්කරුවන්ට සම්පූර්න ආදායම ලබා දෙමින් තාවකාලිකව වසා දැමීම සහ කුඩා ව්‍යාපාරවලට සහයෝගය සම්පාදනය කිරීම ඇතුලුව ගබඩාවේ ඇති සෑම ආයුධයක් ම වෛරසය මර්දනය කිරීම සඳහා විශ්වීය පරිමානයෙන් දියත් කිරීම අවශ්‍ය කරයි. චීනය තුල කෝවිඩ් මුලිනුපුටා දැමීමේ ශූන්‍ය කෝවිඩ් මූලෝපායට ලැබෙන මහජන සහයෝගය හරහා පැතිරී යාම් යලි යලිත් මර්දනය කිරීමට හැකියාව ලැබීමේ අත්දැකීම ප්‍රායෝගික ව ප්‍රදර්ශනය කරන්නේ, මුලිනුපුටා දැමීම කල හැක්කක් බව හා එය ලෝක පරිමාන ව විස්තාරනය කල යුතු බව යි.

28. කෝවිඩ්-19 වසංගතයට, අනෙකුත් ආසාදනය වන රෝගයන්ට හා දේශගුන වෙනසට දක්වන විප්ලවීය සමාජවාදී ප්‍රතිචාරය වර්ධනය කල හැක්කේ, ලෝක සමාජවාදය සඳහා සටන් කරන ජාත්‍යන්තර කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමෙන් පමනි. ආසාදිත රෝගවලින් හා දේශගුන විපර්යාසයේ විනාශකාරී බලපෑම්වලින් නිදහස් ජීවිතයක් සමාජීය අයිතියක් වන අතර එය ගෝලීය ව තහවුරු කල යුතු ය. එම නිසා, සසප (එක්සත් ජනපදය) පහත උද්ඝෝෂන ඉදිරිපත් කිරීමේ දී නායක ක්‍රියාකලාපය ඉටුකල යුතු ය:

a) වසංගතයේ ගෝලීය මුලිනුපුටා දැමීම සඳහා සටන: වසංගතය අවසන් කිරීමේ සටනට, කක්‍රිකජාස ගොඩනැගීම හරහා පමනක් වර්ධනය කල හැකි කම්කරු පන්තියේ අරගල ලෝක පරිමානයකින් සංවිධානය කිරීම හා සම්බන්ධීකරනය කිරීම අවශ්‍ය කෙරෙයි. කක්‍රිකජාස වර්ධනය කිරීමේ දී, සසප (එක්සත් ජනපදය)හි කේන්ද්‍රීය ඉලක්කයක් විය යුත්තේ ගෝලීය මුලිනුපුටා දැමීමේ මූලෝපාය ජනප්‍රිය කිරීම යි.ගෝලීය මුලිනුපුටා දැමීමේ මූලෝපාය සමග එකඟ වන හා ඒ සඳහා සටන් කරන වඩාත් ම මූලධර්මාත්මක විද්‍යාඥයින් හා කෝවිඩ්-විරෝධී ක්‍රියාධරයන් සමග ලිපි හුවමාරු හා ඒකාබද්ධතාව වර්ධනය කිරීමට ද පක්ෂය ක්‍රියා කල යුතු ය.

b) ගෝලීය කම්කරු පරීක්ෂනය විස්තාරනය කිරීම. පරීක්ෂනය වනාහි, වසංගතය සමයේ සිදු වී ඇත්තේ කුමක්ද යන්න හා, මෙම දැවැන්ත සමාජ අපරාධයට වගකිව යුත්තේ කවුරුන්දැයි යන්න පිලිබඳ ව කම්කරුවන් දේශපාලනික ව අධ්‍යාපනගත කිරීමේ බලගතු යාන්ත්‍රනයකි. සෑම කර්මාන්තයක ම කම්කරුවන්ගේ අත්දැකීම් ඉදිරියට ගෙන ඒම අවධාරනය කරමින්, සසප (එක්සත් ජනපදය) විමර්ශනය ගැඹුරු කල යුතු ය.

c) සමාජවාදී මහජන සෞඛ්‍ය පද්ධතියක් සහ ඖෂධ හා සෞඛ්‍යාරක්ෂන කර්මාන්ත ජාත්‍යන්තරීකරනය සඳහා සටන. වසංගත සමය තුල දී, නිදහස් සෞඛ්‍ය සේවය හා සෞඛ්‍යාරක්ෂන කර්මාන්තය මත දශක ගනනාවක් තිස්සේ එල්ල කරන ප්‍රහාරයේ ගුනාත්මක ගැඹුරු කිරීමක් සිදු කෙරී ඇත. ප්‍රතිකාර සහ ජීවිත රකින සම්පත් සාධාරන ලෙස බෙදාහැරීම තහවුරු කිරීමට, සෞඛ්‍යාරක්ෂන හා ඖෂධ කර්මාන්ත මහජන හා ගෝලීය පාලනය යටතේ තැබිය යුතු ය. මේවා නවීන සමාජයක් තුල විශ්වීය අයිතීන් වන නිසා, ඒවාට ප්‍රවේශය, ඒ පිලිබඳ පර්යේෂන හා ප්‍රතිකාර ගෝලීයකරනය කරනු ලැබිය යුතු ය. මානව ක්‍රියාකාරීත්වයෙහි වඩාත් ම තීරනාත්මක ක්ෂේත්‍ර අතර පවතින නිදහස් සෞඛ්‍යය හා සෞඛ්‍යාරක්ෂනය වර්ධනය කරනු ලැබිය හැක්කේ, ලෝක සමාජවාදී සමාජයක් ගොඩනැගීම හරහා පමනි. සමාජවාදය යටතේ, ග්‍රහලෝකය මත ජීවත් වන සෑම පුද්ගලයෙකුගේ ම ආයු අපේක්ෂාව හා ජීවිතයෙහි ගුනාත්මක භාවය ප්‍රගාඪ ලෙස විස්තාරනය වනු ඇත.

d) දේශගුන විපර්යාස අවසන්කිරීම සඳහා සටන. සමාජවාදී විප්ලවයකින් තොර ව, සෑම වසරක ම ජීවිත බිලියන ගනනකට හා ග්‍රහලෝකයේ වාසයෝග්‍යත්වයට තර්ජනය කරමින්, දේශගුන විපර්යාස අඛන්ඩ ව නරක අතට හැරෙනු ඇත. කම්කරු පන්තිය විසින් ප්‍රජාතන්ත්‍රවාදී ව පාලනය කෙරෙන, විද්‍යාත්මක ව සැලසුම්ගත සමාජවාදී ආර්ථිකයකට දේශගුන වෙනස ඉක්මනින් අවසන් කොට ආපසු හැරවිය හැක.

Loading