ගෙවී ගිය සති කිහිපය තුල, ලංකාවේ උතුරු හා නැගෙනහිර පලාත්වල ආරක්ෂක හමුදා හා බෞද්ධ භික්ෂූන් ඇතුලු ආන්ඩුවේ පිටුබලය ලබන කොටස් විසින් වාර්ගික ප්‍රකෝපකරනයන් උත්සන්න කර ඇත. ඊට ප්‍රතිචාර වසයෙන්, දෙමල ජනයාගේ අව්‍යාජ විරෝධය ඩැහැගත් දෙමල ජාතිකවාදී පක්ෂ, ඔවුන්ගේ ම වාර්ගික පිලිවෙත් සඳහා මෙම ප්‍රකෝපකරනයන් ගසාකමින් සිටිති.
යාපනයේ උතුරු දෙසට වන්නට පිහිටි වලිකාමම්හි පිහිටි තයියිත්ති ගම්මානයේ, දෙමල පවුල් අටකට අයත් ඉඩම් මත අඩි සියයක් උස බෞද්ධ ස්ථූපයක් ගොඩනැගූ යුද හමුදාව අල්ලාගෙන සිටි තම ඉඩම් ඉල්ලමින් විරෝධතාවේ යෙදුනු ගම්වැසියන් 50කට පමන එරෙහි ව, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව පොලීසිය හා මිලිටරිය බලමුලු ගැන්වීය.
“තිස්ස රජමහා විහාරය” නමැති බෞද්ධ පන්සල වටා පිහිටි ඉඩමක් ද මිලිටරිය අල්ලාගෙන ඇති අතර, වාර්තාවන්ට අනුව එම විහාරය ජුනි 3දා නිල වසයෙන් විවෘත කිරීමට නියමිත ව තිබුනි. ඉඩම් අයිතිකරුවන් විසින් උසාවියේ පවරා ඇති නඩුව නො තකමින්, යුද හමුදාව මෙම ස්ථූපය ගොඩ නගා තිබේ.
මැයි 3දා සිට 5දා දක්වා ප්‍රදේශවාසීන් පැවැත්වූ විරෝධතාවක් සමග දෙමල ජාතික මහජන පෙරමුනේ (දෙජාමපෙ) දේශපාලඥයන් සම්බන්ධ වෙද්දී, මෙම සිද්ධිය පැතිර යත් ම එයට සහයෝගය පලකිරීමට දෙමල ජාතික සන්ධානයේ (දෙජාස) හා ඉලංකෙයි තමිල් අරසු කච්චි (අයිටීඒකේ) පක්ෂයේ නායකයන්ට බලකෙරුනි.
කුඩා විරෝධතාකරුවන් ප්‍රමානය බියවැද්දීම සඳහා බෞද්ධ පන්සල වටා විශාල වසයෙන් මුලුමනින් ම සන්නද්ධ පොලිස් හා හමුදා සොල්දාදුවන් බලමුලු ගන්වනු ලැබිනි. ඔවුහු කටුකම්බි වැටවල් හා තියුනු උල් සහිත යකඩ බාර් යොදාගත් මාර්ග බාධක ඉදිකල හ.
වට කරනු ලැබ සිටි විරෝධතාකරුවන්ට ආහාර, ජලය හා ඖෂධ ගෙන ආ ආධාරකරුවන්ට හා ජනමාධ්‍යවේදීන්ට පොලීසිය ඇතුල් වීමට ඉඩ දුන්නේ නැත. මානව හිමිකම් කොමිසමේ මැදිහත්වීමෙන් පසුව, ඔවුන්ට ඇතුල්වීමට අවසර දුන්නේ ඊලඟ දින අලුයම 1ට පමන ය. මර්දනීය පියවර ගන්නා අතර, ජ්‍යෙෂ්ට පොලිස් නිලධාරියෙක් “සාමයට බාධා කිරීමට” ඉඩ දිය නො හැකි බව පවසමින් නීතිඥයන් සමග තකතීරු ලෙස තර්ක කලේ ය.
දෙජාමපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ගජේන්ද්‍රන් ඇතුලු පුද්ගලයින් පස්දෙනෙකු නම් කරමින්, මල්ලාකම් මහේස්ත්‍රාත් උසාවියෙන් විරෝධතාවට එරෙහි තහනම් නියෝගයක් කල්තබා ලබා ගැනීමට පලාලි පොලීසිය ක්‍රියා කලේ ය.
පොලීසිය කාන්තාවක ඇතුලු විරෝධතාකරුවන් පස්දෙනෙකු චෝදනා රහිත ව අත්අඩංගුවට ගත් අතර, එක් අයෙකුට රුපියල් ලක්ෂයක බැගින් වූ ශරීර ඇප මත මල්ලාකම් මහේස්ත්‍රාත් විසින් නිදහස් කලේ ය. පුද්ගලික ඉඩමක තිබුනු විරෝධතාකරුවන්ගේ කූඩාරම බලහත්කාරයෙන් ඉවත් කල පොලීසිය එය උසාවියට භාර දුන්නේ ය.
බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි වාර්ගික යුද්ධය අවසන් වී වසර දාහතරක් ගත වී ඇතත්, හමුදාව තම කඳවුරු ශක්තිමත් කරමින්, බෞද්ධ පන්සල් ඉදිකරමින් හා දෙමල ජනයාගේ ක්‍රියාකාරකම් සෝදිසි කරමින්, උතුරු හා නැගෙනහිර පලාත් තුල දශක හතරකට අධික සිය වාඩිලාගැනීම අඛන්ඩ ව කරගෙන යයි.
1990 ගනන්වල දී, හමුදාව අල්ලාගත් මෙම ඉඩම්වලින් අවතැන් වූ ජනයා, අපිරිසිදු සරනාගත කඳවුරුවල හෝ ඔවුන්ගේ ඥාතීන්ගේ හා මිත්‍රයන්ගේ නිවාසවල හෝ කුලියට ගන්නා නවාතැන්වල පීඩා විඳිමින් සිටිති.
නැගෙනහිර පලාතේ ත්‍රිකුනාමලයේ දී එක්රැස් වූ වර්ගවාදී මැරයන් ඇතුලු බෞද්ධ භික්ෂූන් කන්ඩායමක්, බෞද්ධ ප්‍රතිමාවක් ස්ථානගත කිරීමට විරුද්ධ ව දෙජාමපෙ සාමාජිකයෝ හා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ විරෝධතාවේ යෙදෙමින් සිටි හින්දු පන්සලකට අයත් ඉඩමක් වෙත පාගමනින් පැමිනියහ. මෙම භූමිය ඓතිහාසික ව බෞද්ධයන්ට අයත් බව භික්ෂූන් කියාපායි. පෙලපාලියට බාධා කල විශාල පොලිස් කන්ඩායමකට එරෙහි ව කන්ඩායම ඉදිරියට තල්ලු වූයේ, ගැටුමක් වැලැක්වීම සඳහා එම ස්ථානයෙන් ඉවත් වීමට විරෝධතාවේ යෙදුනු දෙමල ජනයාට බලකිරීමට පෙර ය. එම ස්ථානයේ දී භික්ෂූන් යාඥාවක් පැවැත්වී ය.
මෙම නවතම වාර්ගික ප්‍රකෝපකරනයන් සිංහල-බෞද්ධ ස්ථාන ඉදිකිරීම් තීව්‍ර කිරීමේ කොටසකි. බහුතර දෙමල හා මුස්ලිම් ජනයා ජීවත් වන උතුරු හා නැගෙනහිර පලාත් තුල යුද්ධය අවසානයේ පටන් මෙම ප්‍රකෝපකාරී පියවරයන් තීව්‍ර කිරීමට අනුප්‍රාප්තික ආන්ඩු ක්‍රියා කර ඇත. රටෙහි නීතිය නො තකා හරිමින් හා මහජන විරෝධය මඩින මිලිටරියේ පිටුබලය සහිත ව එවන් පියවරයන් ක්‍රියාවට දැමෙමින් පවතී.
ආරක්ෂක හමුදා වාඩිලාගෙන සිටිමින් මිලිටරිමය උවමනාවන්ට හා අනෙකුත් ව්‍යාපෘතිවලට ඉඩම් අක්කර දහස් ගනනක් යොදාගනිද්දී, හින්දු පන්සල් පැවති ස්ථාන ඇතුලු ඉඩම් අත්පත් කරගැනීමට අත්තනෝමතික ලෙස මැදිහත් වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ඉන්පසු එම ඉඩම් (සිංහල) බෞද්ධ උරුමටය සම්බන්ධ බව කියාපායි. ශතවර්ෂ ගනනකට පෙර උතුරේ සමහරක් දෙමල ජනයා බුද්ධාගම ඇදහුවෝ ය.
ආන්ඩුවේ පිටුබලය හා බෞද්ධ භික්ෂූන්ගේ නායකත්වය ලබන මිලිටරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අත්පත් කරගන්නා ඉඩම්වල ස්ථූප හෝ පන්සල් ඉදිකිරීමට පියවර ගන්නේ, බෞද්ධ පුරාවිද්‍යාව සුරක්ෂිත ව තැන්පත් කර ඇතැයි කියාපාමිනි. කැනීම්වලින් හමුවන ඕනෑ ම භාන්ඩයක්, බුද්ධාගමට අයත් බව “හඳුනාගනී.” බොහෝ අවස්ථාවල දී, ඉඩම් වෙත භික්ෂූන් ප්‍රකෝපකාරී සංචාරයන් කරද්දී, ඔවුන් ඇමති ආරක්ෂක අංශය පෙරටු කරගෙන පැමිනේ.
මුලිතිවුහි කුරුඳුරාමලෙයහි හින්දු පන්සලක් ඉවත් කරමින් විශාල බෞද්ධ ස්ථූපයක් ඉදිකිරීම සහ වවුනියාවේ වෙදුකුනාරිමලෙයහි හින්දු පන්සලක් අත්පත් කරගැනීමට දරන ප්‍රකෝපකාරී ප්‍රයත්නයන් වඩාත් ම කුප්‍රකට සිද්ධීන් ය.
හිටපු නාවික හමුදා අද්මිරාල්වරයෙක් හා රාජ්‍ය ඇමතියෙක් වන, වර්ගවාදී තර්ජන නිකුත් කිරීම කුප්‍රකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) මන්ත්‍රී සරත් වීරසේකර මෑත දී බෞද්ධ භික්ෂූන් සමග වෙදුකුනාරිමලෙයි වෙත පැමිනියේ ය. පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව පිලිබඳ අධීක්ෂන කමිටුවේ සභාපති වන්නේ ද ඔහු ය.
පසුගිය සතියේ දී පාර්ලිමේන්තුවේ කතා කල වීරසේකර ප්‍රකෝපකාරී ලෙස මෙසේ විධානය කලේ ය: “පැරනි බෞද්ධ සංකේත මත ශිවලිංගය (හින්දු දෙවියා) හෝ ත්‍රිසූලය (හින්දු සංකේතය) තබමින් හා එය හින්දු පන්සලක් යයි කියමින් ඉතිහාසය විකෘති කිරීමට ඔවුන් උත්සාහ කරනවා නම්, ඔවුන්ට දැඩි දඬුවම් දිය යුතු යි.”
අයිටීඒකේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා නීතිඥයෙක් වන එම්. ඒ. සුමන්දිරන්ට වීරසේකර දොස් පැවරුවේ මෙසේ ප්‍රකාශ කරමිනි: “ඉපැරනි බෞද්ධ ස්ථූප විනාශ කර ශිවලිංගයට නමස්කාරක කරන අයට විරුද්ධ ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නඩුවක් පැවරූ විට, සුමන්දිරන් උතුරට ගොස් ඔවුන් වෙනුවෙන් හඬ නගා කොලඹට පැමින යහතින් සිටිය හැක්කේ මේක බෞද්ධ රටක් නිසයි.”
“වෙනත් රටක් තුල බහුතර ජනවර්ගයේ ආගමට ඔහු එවන් විනාශයක් ඇති කල හොත් ඔහුගේ ජීවිතය සම්බන්ධ වගකීමක් නැතැ” යි කියමින් වාර්ගික කන්ඩායම්වලට වක්‍ර ව උපදෙස් දුන් ඔහු මරන තර්ජනයක් නිකුත් කිරීම කරා ඉදිරියට ගියේ ය.
“දෙමල හා මුස්ලිම් ජනයාගෙන් සියයට පනහක් සිංහලයන් සමග සාමයෙන් සිටින්නේත්, මේ රට තුල වෙලඳාමේ දී දෙමල හා මුස්ලිම් අය ආධිපත්‍යය දරන්නේත් මේ රට බෞද්ධ රටක් නිසයි” කියූ ඔහු මෙසේ අනතුරු ඇඟවී ය: “එම අනන්‍යතාව විනාශ කිරීමට ඔවුන් උත්සාහ දරන්නේ නම්, එය ඔවුන්ගේ විනාශය බව කිව යුතු යි.”
නිදහසේ පටන්, කොලඹ පාලන තන්ත්‍ර හා සමස්තයක් ලෙස පාලක ප්‍රභූව විසින් මුදාහැරි දෙමල-විරෝධී හා මුස්ලිම්-විරෝධී නොපනත්කම් හේතුවෙන්, කම්කරුවෝ හා දුගීහු ඔවුන්ගේ ජීවිතවලින් වන්දි ගෙවූ හ. ප්‍රතිගාමී වාර්ගික රේඛා ඔස්සේ කම්කරු පන්තිය බෙදා දුර්වල කිරීමට අනුගමනය කල විෂකුරු පිලවෙතේ කොටසක් ලෙස මෙම දුෂ්ට ක්‍රියාවන් පැවතුනි.
පසුගිය සතියේ වික්‍රමසිංහ සමග පැවති රැස්වීමක දී, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ප්‍රකාශ කලේ, ආන්ඩුවේ ආයතනයක් වන තම දෙපාර්තමේන්තුවට සමහර බෞද්ධ භික්ෂූන් ඇතුලු පිටස්තර පුද්ගලයින් අරමුදල් සපයා ඇති බව යි. මෙය හෙලිදරවු කරන්නේ, මෙම දෙපාර්තමේන්තුව බෞද්ධ සංස්ථාපිතයේ විධානයට අනුව මිස පුරාවිද්‍යාවේ විද්‍යාත්මක සම්මතයන්ට අනුව ක්‍රියාත්මක නො වන බව යි.
එවන් නීති-විරෝධී අපරාධ හෙලා නො දුටු වික්‍රමසිංහ, ජාමූඅ-විධානිත ම්ලේච්ඡ කප්පාදු පියවරයන් ක්‍රියාත්මක කරනුවස් තමන් සහයෝගය බලාපොරොත්තු වන දෙමල ධනපති පක්ෂ රැවටීම සඳහා, ඒවාට විරුද්ධ බව ව්‍යාජ ලෙස ඇඟවීමට උත්සාහ කලේ ය. පසුගිය සතියේ දී දෙමල පක්ෂ සමග පැවති සාකච්ඡාවල දී, ඉඩම් අත්පත් කරගැනීමේ ක්‍රියාකාරකම් තාවකාලික ව නවත්වන ලෙස, වික්‍රමසිංහ නියෝග කලේ ය.
එහෙත්, දැනට මත් ගොඩනගා ඇති පීඩනයන් සමග වික්‍රමසිංහගේ නියෝගයන්ට කිසිදු සම්බන්ධයක් නැති අතර, ඔහු මත් වාර්ගික කන්ඩායම්වල සහයෝගය මත රඳා සිටී. එක් අතකින් ඔහු සිංහල වර්ගවාදී ශ්‍රීලපොපෙ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය මත රැඳී සිටී. අනෙක් අතින්, යුද අපරාධවලට වගකිව යුතු අනදෙන නිලධාරීන් සිටින මිලිටරියේ සහයෝගය මත ඔහු සියල්ලට ඉහලින් රැඳී සිටී.
වික්‍රමසිංහගේ ම එක්සත් ජාතික පක්ෂයේ (එජාප) මැතිවරන ප්‍රකාශය, උතුරේ හා නැගෙනහිරේ බෞද්ධ පන්සල් දහසක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන ගනන් මුදල් වෙන්කරන බවට පොරොන්දු වී ඇත.
1983 දෙමල-විරෝධී සංහාරය මුදාහැර, 26 අවුරුදු වාර්ගික යුද්ධය දියත් කල එජාප ආන්ඩුවේ කැබිනට් ඇමතියෙක් ලෙස වික්‍රමසිංහ ක්‍රියා කලේ ය. කොලඹ පාලක ප්‍රභූවේ වාර්ගික ස්වභාවය නො තකා, බලය බෙදාගැනීමේ සැලසුම් සඳහා කේවල් කරමින් ගනුදෙනුවක් ඇති කරගැනීමට දෙමල පක්ෂ උත්සාහ කරමින් සිටිති.
තමන් කල්තබා පැමිනිලි කල ද ස්ථූපය ගොඩනැගීම අවසන් කරන තෙක් නිශ්ශබ්ද ව සිටීම ගැන තයියිච්චිහි ජනයා දෙමල පක්ෂ හෙලාදකිති.
දෙමල ධනේශ්වර පක්ෂ ඔවුන්ගේ පැත්තෙන් මුල පටන් ම ක්‍රියා කලේ, දෙමල පීඩිත මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවට, ඔවුන්ගේ ම ධනපති අවශ්‍යතා පිනිස සිංහල පාලක ප්‍රභූවේ වාර්ගික වෙනස්කම් යොදාගැනීමට යි. දෙමල ප්‍රභූවේ අවශ්‍යතා සුරක්ෂිත කරගනුවස්, එක්සත් ජනපදයට හා ඉන්දියාවට ආයාචනා කිරීමට දෙමල ජනයාගේ ඉරනම ගසා කන මෙම පක්ෂ කෙරෙහි, දෙමල වැඩකරන ජනතාවට සිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටනේ දී කිසිදු විශ්වාසයක් තැබිය නො හැක.
ජාමූඅ-විධානිත කප්පාදු පියවරයන්ටත් ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් මැඩීමටත් එරෙහි ව, ජනවාර්ගික බෙදීම් නො තකා කම්කරු-පන්තික අරගල වර්ධනය වීම සමග වාර්ගික ප්‍රකෝපකරනයන් සමපාත වේ.
වාර්ගික නොපනත්කම්වල මූල හේතුවන වන ධනපති ක්‍රමය පෙරලා දමා, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර සමාජවාදයේ කොටසක් ලෙස, සමාජවාදී පිලිවෙත්වලට කැප වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ශ්‍රී ලංකා-ඊලාම් සමාජවාදී සමූහාන්ඩුවක රූපයෙන් ස්ථාපිත කරමින්, ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් සඳහා සටන් වැදිය හැකි එක ම බලවේගය වන්නේ කම්කරු පන්තිය යි.
ශ්‍රී ලංකාව තුල මෙම ක්‍රියා මාර්ගය සඳහා සටන් කරන්නේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි.
