[මෙය, 'North American workers must mobilize to defend the Canadian dockworkers' strike!' මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල වූ ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනයකි.]
බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ කැනේඩියානු වරාය සේවකයන් 7,400ක් විසින් ආරම්භ කරන ලද වැඩවර්ජනය මුලු උතුරු ඇමරිකාවේ සහ සමස්ත ලෝකයේ කම්කරුවන්ගේ සහයෝගය අවශ්‍ය කරන ප්‍රධාන අරගලයකි.
වැඩවර්ජනය, ජාත්‍යන්තර කම්කරු පන්තියේ අවශ්‍යතාවයන්ගේ ඒකීයත්වය පෙන්නුම් කරයි. මෙය හුදෙක් සටන් පාඨයක් නොව වෛෂයික කරුනකි. වර්ජකයන් සටන් වදිනුයේ, ලොවපුරා කම්කරුවන් මුහුනදෙන, උද්ධමන වේගය සමග පෑහීමට අසමත් වැටුප් සහ ස්වයංක්‍රීයකරනය සහ උප කොන්ත්‍රාත්කරනය හරහා සිදුවන රැකියා අහිමිවීම් ඇතුලු කොන්දේසි වලට සමාන වූ කොන්දේසි වලට එරෙහිවයි.
වරාය කම්කරුවන්ට බලගතු සතුරන් සිටින නමුත් ඔවුන්ගේ පන්ති සගයින් වන ජාත්‍යන්තර කම්කරු පන්තිය වඩාත් බලගතු ය. වැඩවර්ජනය ආරක්ෂා කිරීමට ලොව පුරා කම්කරුවන් බලමුලු ගැන්වීගත යුතුය. එක්සත් ජනපදයේ වරාය කම්කරුවන්ගේ විශේෂ වගකීමක් වන්නේ කැනඩාවේ දේශසීමාවෙන් දකුනින් පිහිටි වරායන් වෙත වෙනත් මාර්ග හරහා භාන්ඩ ප්‍රවාහනය ප්‍රතික්ෂේප කිරීම මගින් වර්ජනයට සහාය දීමයි. තම සහෝදර සහෝදරියන්ට එරෙහි හොරිකඩකම් සඳහා තමා තල්ලු කිරීමට, ඇමරිකානු වරාය කම්කරුවන් ඉඩ නොදිය යුතුය.
දිනකට දල වශයෙන් කැනේඩියානු ඩොලර් මිලියන 800 ක වෙලඳාමක් සිදු කෙරෙන කැනේඩියානු සහ ලෝක ආර්ථිකයේ ප්‍රධාන මර්මස්ථානයක් අරා සිටින බැවින්, වර්ජිත වරාය කම්කරුවන් සිටිනුයේ බලගතු තත්වයක යි. ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපදය හා බැඳුනු භාන්ඩ ප්‍රවාහනයෙන් සියයට 15 ක් ම පලමුව බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ වරායන් හරහා ගමන් කරනුයේ, ජාතික දේශසීමා හරහා ගැඹුරු ආර්ථික ඒකාබද්ධතාවය පෙන්නුම් කරමිනි.
සුලු සහනයක් ලබා දීමේ හෝ මනෝභාවයක් වරාය පාලකයන්ට නොමැත. ජාත්‍යන්තර වරාය සහ ගබඩා වෘත්තීය සමිතියත් (අයිඑල්ඩබ්ලිව්යූ ), වෙරලබඩ සේවා යෝජකයන්ගේ සංගමයත් අතර පැවති සාකච්ඡා සඳුදා බිඳ වැටුනි. ඉදිරි දිනවලදී තම වෘත්තීය සමිති 'හවුල්කරුවන්' ලවා වර්ජනය පාවාදීමකින් අවසන් කල නොහැකිවුවහොත්, 2021 දී සිදු කල අයුරින් ජස්ටින් ටෘඩෝගේ කැනේඩියානු ෆෙඩරල් ලිබරල් ආන්ඩුවේ සහායෙන් වර්ජනය සාපරාධීකරනය කිරීමට හැකිබව දන්නා පාලකයෝ ආත්මවිශ්වාසයෙන් පසුවෙති.
ලෝකය පුරා ධනපති ආන්ඩු වැඩ වර්ජන සහ විරෝධතා මැඩලීමට ඒකාධිපති ක්‍රියාමාර්ග වලට යොමු වෙමින් සිටී. පසුගිය නොවැම්බරයේදී ඔන්ටාරියෝ ආන්ඩුව, ඔන්ටාරියෝ පාසල් ආධාරක සේවකයින් 55,000කගේ වැඩ වර්ජනයක් සාපරාධීකරනය කිරීමට සහ ආන්ඩුවේ නියෝගයෙන් සුවිසල් වැටුප් කප්පාදුවක් පැනවීමට රටේ අයිතිවාසිකම් සහ නිදහස පිලිබඳ ප්‍රඥප්තිය (එක්සත් ජනපද අයිතිවාසිකම් පනතේ කැනේඩියානු සාම්‍යය) අත්හිටුවන ලදී.
120,000 කට අධික එක්සත් ජනපද දුම්‍රිය කම්කරුවන්ගේ වැඩ වර්ජනය තහනම් කිරීමේ නියෝගයක් ගැනීමට, බයිඩ්න් පරිපාලනය පසුගිය වසරේ කොන්ග්‍රසයට ගියේ ය. ප්‍රන්සයේ, “පොහොසතුන්ගේ ජනාධිපති” වන එමානුවෙල් මැක්‍රොන්, පාර්ලිමේන්තුවේ ඡන්දයකින් තොරව සහ දැවැන්ත පොලිස් ප්‍රචන්ඩත්වයක් යටතේ විශ්‍රාම දීමනා කප්පාදු කලේය. එක් තරුනයකුගේ පොලිස් ඝාතනය සම්බන්ධයෙන් පසුගිය දිනවල මහජන විරෝධතාවලට මුහුන දුන් මැක්‍රොන් ආන්ඩුව, නැවතත් රට පුරා කැරලි මර්දන පොලිස් භටයන් දස දහස් ගනනක් යොදවා ඇති අතර හදිසි නීතිය පැනවීමට සලකා බලයි.
වරාය සේවක වර්ජනය පරාජය කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඔටාවා හි ටෘඩෝ, වොෂින්ටනයේ ජනාධිපති බයිඩ්න් සමග සමීප සම්බන්ධතා පවත්වන බවට සැකයක් නැත.
වැඩ වර්ජනය පෙන්නුම් කරන්නේ ජාතික රාජ්‍යයේ රාමුව තුල කම්කරුවන්ගේ අවශ්‍යතා නිර්වචනය කරන සහ එක් රටක කම්කරුවන් වෙනත් රටවල සිටින ඔවුන්ගේ සහෝදර සහෝදරියන්ගෙන් හුදකලා කරන ඕනෑම මූලෝපායක් බලාපොරොත්තු රහිත ලෙස යල්පැන ඇති බවයි. අනතුරු ඇඟවීමක් කල යුතුය: වර්ජනය කැනඩාවට හුදකලාව පවතින තාක් කල්, එය පරාජය වීමේ බරපතල අනතුරක් පවතී.
ටෘඩෝ සහ බයිඩන් යන දෙදෙනාම වැඩවර්ජනය දැකගනු ලබන්නේ ඔවුන්ගේ ගෝලීය භූ දේශපාලන මූලෝපායේ රාමුව තුල යි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය තම ආධිපත්‍යය යටතේ, කැනඩාවේ කනිෂ්ඨ සහකරු සමග එක්ව, සමස්ත උතුරු ඇමරිකානු මහාද්වීපයම, විදේශයන්හි, විශේෂයෙන්ම රුසියාවට හා චීනයට එරෙහි අධිරාජ්‍යවාදී යුද්ධයේ මෙහෙයුම් කඳවුරක් බවට පරිවර්තනය කරමින් සිටී. වෙලඳ ගනුදෙනු සහ අනෙකුත් ක්‍රියාමාර්ග සඳහා වන නව එක්සත් ජනපද-මෙක්සිකෝ-කැනඩා ගිවිසුම යටතේ, නිෂ්පාදනයන් සහ (ආසියාවේ සිට මෙක්සිකෝව ඇතුලු වෙනත් ස්ථාන දක්වා වන) සැපයුම් දාමයන්, වඩාත් සමීපව තම පාලනය යටතට ගනුවස් ඒවා ඔවුන්ගේම “පිලිකන්නේ' තබාගැනීමට උතුරු ඇමරිකානු අධිරාජ්‍යවාදීහු කටයුතු කරති.
මෙම සැපයුම් දාමයන් දිගේ ඕනෑම තැනක සිදුවන ප්‍රධාන වැඩ වර්ජන ආන්ඩු දෙකටම ඉවසිය නොහැක්කේ ඒවා කම්කරු පන්තියේ අනෙකුත් කොටස් වෙත වහා පැතිර යා හැකි නිසා පමනක් නොව, ඔවුන්ගේ තුන්වන ලෝක යුධ සැලසුම් වලට බාධා පමුනුවන බැවිනි.
සමස්ත මහාද්වීපයම තම ග්‍රහනයට වඩාත් තදින් ඇද ගන්නා විට, කම්කරු පන්තිය තුල කෘත්‍රිම ජාතික හා ආංශික බෙදීම් බලාත්මක කිරීම සඳහා වෘත්තීය සමිති නිලධරය මත වඩාත් සෘජුව විශ්වාසය තැබීමට ඔවුන්ට බල කෙරෙන්නේ එබැවිනි.
පැසිෆික් වෙරල තීරයේ සිටින එක්සත් ජනපද සහ කැනේඩියානු වරාය සේවකයින් දෙපාර්ශවයම අයිඑල්ඩබ්ලිව්‍යූ හි සාමාජිකයින් වේ. අයිඑල්ඩබ්ලිව්‍යූ වෘත්තීය සමිති යාන්ත්‍රනයම සහ සමස්තයක් ලෙස වෘත්තීය සමිති නිලධරයම දේශසීමා දෙපස ධනේශ්වර ආන්ඩු ඇකයේ ඇත. ඇමරිකානු වෘත්තීය සමිති, බයිඩන්ගේ සහ ඩිමොක්‍රටික් පක්ෂයේ දැඩි ආධාරකරුවන් වන අතර කැනඩාවේ සුලුතර ලිබරල්වාදීන් වෘත්තීය සමිති අනුග්‍රහය ලබන නව ප්‍රජාතන්ත්‍රවාදීන් (එන්ඩීපී) සමඟ පාර්ලිමේන්තුමය-ආන්ඩුමය සන්ධානයක සිටින ටෘෘඩෝට මුක්කු ගැසීමට උදව් කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුහු කම්කරුවන්ගේ අරගල කඩාකප්පල් කිරීමට සහ එක් එක් රටවල කම්කරුවන් අනෙක් රටවල කම්කරුවන්ගෙන් හුදකලා කිරීමට හිතාමතාම ක්‍රියා කරති. සැලකිය යුතු කරුනක් නම්, අයිඑල්ඩබ්ලිව්‍යූ යුක්‍රේනයේ රුසියාවට එරෙහි වක්‍ර යුද්ධයේ දැඩි ආධාරකරුවෙකු වන අතර, රුසියානු නැව්වලින් ගෙනෙන කිසිදු භාන්ඩයක් හැසිරවීම නොකරන බවට පසුගිය වසරේ ප්‍රතිඥා දුන්නේය.
අයිඑල්ඩබ්ලිව්යූ විසින් එක්සත් ජනපද වරායයේ සේවකයින් 22,000ක් කොන්ත්‍රාත්තුවක් නොමැතිව වසරකට වැඩි කාලයක් රැකියාවේ යෙදවූ අතර, ඔවුන්ට හොර රහසේ 'වර්ජන-නොකරන ප්‍රතිඥාවකට' අත්සන් කර ඇත. වරාය කටයුතු සාමාන්‍ය පරිදි තබා ගැනීම සඳහා බයිඩන් පරිපාලනය සමඟ සමීපව කටයුතු කරන අයිඑල්ඩබ්ලිව්යූ නායකත්වය ආරම්භයේ සිටම ඒ සඳහා සාකච්ඡාවලට සහභාගි විය. එක්සත් ජනපදයේ බටහිර වෙරල තීරයේ මෙහෙයුම් වලට බරපතල ලෙස බලපාන අයුරින්, සමිති නිලධරයට පිටතින් වරින්වර පැනනැගි කාර්මික ක්‍රියාවන් හරහා කම්කරුවන් වර්ජන-නොකිරීමේ ප්‍රතිඥාව නොතකා හැරීමට පටන් ගත් විට, වෘත්තීය සමිතිය ප්‍රතිචාර දැක්වූයේ, ධවල මන්දිරය විසින් තැරැව්කාරකම් කරන ලද, ඇස් බැන්දුම් “තාවකාලික ගිවිසුමක්” හදිසියේම ප්‍රකාශයට පත් කිරීමෙනි.
ගිවිසුමෙන් පසු ඒ ගැන යමක් ඇසෙන්නට නැති තරම් වන අතර, කොන්ත්‍රාත්තුව කියවීමට හෝ ඊට ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ සලසනු ලබන්නේ කවදාද යන්න ගැන පවා තොරතුරක් නැත. ඇත්ත වශයෙන්ම, එවැනි ගිවිසුමක් නොපවතිනවා ද විය හැක. දන්නා සුලු තොරතුරුවලින් පෙන්නුම් කරන්නේ, ගිවිසුම්ගත වැටුප් මට්ටම් කම්කරුවන් ඉල්ලා සිටි වැටුප් මට්ටම් වලට වඩා බෙහෙවින් පහල අගයන් බවයි. අයිඑල්ඩබ්ලිව්යූ නිලධරය ගිවිසුම ප්‍රකාශයට පත් කලේ එක්සත් ජනපද හා කැනේඩියානු කම්කරුවන්ගේ එකමුතුව බිඳ දැමීම සඳහා සහ අන්තර්-මහාද්වීපික වැඩ වර්ජනයක් වර්ධනය වීම වැලැක්වීම සඳහා පමනක් බව පැහැදිලිය.
වරාය අත්දැකීම පසුගිය වසරේ දුම්රිය කම්කරුවන්ගේ වැඩ වර්ජනයේ පුනරාවර්තයකි. කැනේඩියානු පැසිෆික් දුම්රිය සේවකයින්ගේ වැඩ වර්ජනය එක්සත් ජනපදයේ කම්කරුවන්ගෙන් හුදකලා වූ තතු තුල, බයිඩන් අනුග්‍රහයෙන් අත්සන් කෙරුනු සමාගම් ගැති තාවකාලික ගිවිසුමක් හරහා වර්ජනය අවසන් කිරීමට වෘත්තීය සමිති උත්සාහ දැරීය. එය අසාර්ථක වූ විට, වැඩවර්ජනය පූර්ව-භංග කිරීමට කොන්ග්‍රසයට අවශ්‍ය වූ කාලය ලබා දීම සඳහා නිලධරය අකර්මන්‍ය විය.
තථ්‍ය වැඩ වර්ජන තහනම බලාත්මක කිරීම සඳහා වෘත්තීය සමිති නිලධරයේ සේවාවන් ලබා ගැනීමට බයිඩන් සහ ටෘඩෝ කැමැත්තක් දක්වන අතර, අවශ්‍ය නම්, එක්සත් ජනපදය හා කැනඩාව පුරා සෑම ප්‍රධාන භව්‍ය වර්ජනයකටම එරෙහිව, දුම්රිය වර්ජනය තහනම් කිරීමේ නීතියට සමාන පියවර ගනු ඇත.
දේශප්‍රේමයේ නාමයෙන් 'ඔවුන්ගේම' ජාතික රාජ්‍යයන්ගේ කොල්ලකාරී ගෝලීය අවශ්‍යතා සහ 'ඔවුන්ගේම' ස්වදේශික ධනපතියන්ගේ ලාභය සඳහා ඇති අයිතිය ආරක්ෂා කිරීම, තමා විසින් කම්කරුවන් නියෝජනය කරන බව ව්‍යාජව කියාපාන නිලධරය කම්කරු පංතියට දක්වන සතුරුභාවයේ වඩාත්ම සෘජු ප්‍රකාශනයයි. දශක ගනනාවක් තිස්සේ ඔවුන් බංකොලොත් ජාතික මූලෝපායක් ප්‍රවර්ධනය කර ඇත. මෝටර් රථ කර්මාන්තයේ දී, කැනේඩියානු නිලධරයන් 1980 ගනන්වල යුනයිටඩ් ඔටෝ වර්කර්ස් වෙතින් වෙන්වූයේ, මෝටර් රථ සමාගම් සමඟ වඩා හොඳ ගනුදෙනු කිරීමට වාසිදායක විනිමය අනුපාතිකයක් සහ ඉහල ගුනාත්මක අවස්ථාවන් උදා වී ඇති බව පවසමිනි. මෙය මුලුමනින්ම අසාර්ථක වූ අතර, මෝටර් රථ නිෂ්පාදකයින් කම්කරුවන් එකිනෙකාට එරෙහිව තරඟයක යෙදවීමට දරන ප්‍රයත්නයට පහසුකම් සැලසීමට පමනක් සේවය කලේය. කැනේඩියානු මෝටර් රථ කම්කරු සංගමයේ අනුප්‍රාප්තිකයා වන යුනිෆෝර්, මෙක්සිකානු මෝටර් රථ කම්කරුවන්ට එරෙහිව වර්ගවාදී උද්ඝෝෂනවල නිරත වේ.
දැන්, රැකියා සහ වැටුප් කප්පාදු කිරීමට සමාගම් විසින් යොදාගනු ඇති, විද්‍යුත් වාහන දෙසට මාරුවීමේ කොන්දේසි යටතේ ඒකාබද්ධ අරගලයක අවශ්‍යතාවය මතු කරමින්, එජ සහ කැනේඩියානු මෝටර් රථ කම්කරුවන් දෙපාර්ශ්වයේම කොන්ත්‍රාත්තු මෙම සැප්තැම්බර් මාසයේදී කල් ඉකුත් වෙයි. නමුත් යුනිෆෝර් සහ යුනයිටඩ් ඔටෝ වර්කර්ස් සමිති මෝටර් රථ කම්කරුවන්ට කරනු ඇත්තේ, අයිඑල්ඩබ්ලිව්යූ වරාය කම්කරුවන්ට කරන දෙයමයි.
කම්කරුවන් කෙරෙහි නිලධාරි තන්ත්‍රයේ මෙම සතුරුකම වැරදි පිලිවෙතක ප්‍රතිඵලයක් නොවේ. එය ද්‍රව්‍යමය අවශ්‍යතා විසින් නිර්නය කරනු ලබන අතර, අසංඛ්‍ය සමිති නිලධාරීන්ගේ ඉලක්කම් හයේ වැටුප්, කම්කරුවන්ගේ අයකරගන්නා මුදල් මගින් තර කෙරුනු බිලියන සංඛ්‍යාත මූල්‍ය වත්කම් පාලනය කිරීම මත රඳා පවතී.
ප්‍රතිචාර වශයෙන්, නිලධරයේ බලපෑම බිඳ දැමීමට සහ පාලනය සාමාජිකත්වය වෙත මාරු කිරීමට, තමා විසින්ම බිහිකොට පවත්වාගෙන යනු ලබන ක්‍රියාකාරී කමිටු ගොඩනඟා ගනිමින් කම්කරුවන් තෙමේම බලමුලු ගැන්වීගත යුතුය.
කම්කරු පන්තියේ ශක්තිය පැමිනෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ එහි කේන්ද්‍රීය භූමිකාවෙන් වන අතර එය ගෝලීය ආර්ථිකය විසින් වෛෂයිකව ඒකාබද්ධ කෙරේ. කම්කරුවන් දැනගත යුත්තේ එම ශක්තිය භාවිතා කිරීමට පමනි. ජාතික සීමාවන් ඔබ්බට කම්කරුවන් එක්සත් කිරීමට, ජාත්‍යන්තර සංගතවලට, ධනේශ්වර ආන්ඩුවලට සහ වෙලඳ යුද්ධය සහ මිලිටරි ගැටුම් සඳහා ඔවුන්ගේ සන්ධානවලට එරෙහිව කම්කරුවන්ගේ අරගල සම්බන්ධීකරනය කිරීමට සහ සෑම රටකම නිලධරය සිදු කරනු ලබන කම්කරු පන්තියේ ගෙල සිර කිරීම බිඳ දැමීමට කම්කරු ක්‍රියාකාරී කමිටු වල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රිකජාස) සටන් කරයි.
එක්සත් ජනපදයේ, කැනඩාවේ සහ මෙක්සිකෝවේ සාමාන්‍ය වරාය කම්කරුවන්ගෙන් කක්‍රිකජාස ඉල්ලා සිටින්නේ, නැව් ලොක්කන්ට, වැඩ වර්ජන විරෝධී නීතිවලට සහ අයිඑල්ඩබ්ලිව්යූ නිලධරයට එරෙහිව ක්‍රියාකාරී කමිටු ගොඩනඟන ලෙසයි. කැනේඩියානු වරායන් මග හරවා වෙනත් මාර්ග වලින් යවනු ලබන භාන්ඩ ප්‍රවාහනය නොකල යුතුය යන්න ඇතුලු නිශ්චිත ඉල්ලීම් මෙම කමිටු විසින් මතු කල යුතුය. වර්ජකයින්ගේ ඉල්ලීම් ඉටු වන තුරු බටහිර වෙරල තීරයේ සියලුම වරායයන් වසා දැමීමේ ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් සඳහා සියලුම නැව් තටාක සේවකයින් සටන් කල යුතුය.
වැඩ වර්ජනයේ නිරත ජාතික වානේ මෝටර් රථ සමිතියේ කම්කරුවන්, බ්‍රිතාන්‍යයේ සහ ජර්මනියේ තැපැල් සේවකයින්, එක්සත් ජනපදයේ වාහන කම්කරුවන්, ලොව පුරා ගුරුවරුන් සහ කම්කරු පන්තියේ අනෙකුත් ප්‍රධාන කොටස් කක්‍රිකජාස ට ඇතුලත් වේ. එය ලොව පුරා කම්කරුවන්ගේ පොදු මූලෝපායක් සකස් කිරීම සහ ඒකාබද්ධ ක්‍රියාමාර්ග සැලසුම් කිරීම සඳහා වේදිකාව සපයයි.
නව ඉදිරිදර්ශනයක් සඳහා සටන් කිරීමට අදම කක්‍රිකජාස සමග සම්බන්ධ වන ලෙස අපි කැනේඩියානු සහ එක්සත් ජනපද නැව් තටාක සේවකයින්ගෙන් ඉල්ලා සිටිමු.
