පාසල් පොත්, සපත්තු, නිල ඇඳුම් ඇතුලු වෙනත් පාසල් උපකරනවල මෙන්ම ආහාර, ප්‍රවාහන හා විදුලිය මිල ගනන් අධික ලෙස ඉහල යෑම ලංකාවේ බහුතරයක් කම්කරු පන්තික, ගම්බද හා නාගරික දිලිඳු ජන කොටස්වල දරුවන්ගේ පාසල් අධ්‍යාපනයට බරපතල ලෙස බලපා ඇත.
ප්‍රාථමික අංශයේ සිට සාමාන්‍ය පෙල දක්වා පාසල් දරුවෙකු ඒ ඒ විෂයයන් සඳහා මිල දී ගත යුතු අභ්‍යාස පොත් කට්ටලය රුපියල් 5,000 ක් දක්වා ඉහල ගොස් ඇත. පොත් බෑගයක හා සපත්තු ජෝඩුවක මිල රුපියල් 3,000 ක් ඉක්මවා තිබේ. වතුර බෝතල්, කෑම පෙට්ටි, පෑන් පැන්සල් වැනි දරුවන් සඳහා නිතර අවශ්‍ය කෙරෙන සෑම භාන්ඩයක ම මිල පසුගිය දෙවසර තුල කිහිප ගුනයකින් ඉහල ගොස් තිබේ.
දරුවන්ට මෙන්ම ගුරුවරුන්ටත් බස් ගාස්තු දරාගත නො හැකි ය. විදුලිය ගාස්තු ඉහල යෑම, රාත්‍රි කාලයේ අධ්‍යයන කටයුතු සීමා කිරීමට, නාගරික පාසල්වල වාර්ෂික සංවර්ධන හා පහසුකම් ගාස්තු රුපියල් 4,000 ක් ඉක්මවා යෑමට හා නාගරික උපකාරක පන්තිවල මාසික ගාස්තු 1,500 ඉක්මවා යෑමට හේතු වී තිබේ. පාසල් ආපනශාලාවලින් සපයන, ප්‍රමානයෙන් හා පෝෂන ගුනයෙන් හීන සාමාන්‍ය බත් පැකට්ටුවක් රුපියල් 150 ඉක්මවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු පිලිවෙත්වල කොටසක් ලෙස වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාවට නගා තිබෙන සහනාධාර කප්පාදුව සහ බදු ඉහල දැමීම මධ්‍යයේ කඩදාසි ඇතුලු ආනයනික ද්‍රව්‍යවලට පනවා ඇති සීමා හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන වියදම් දරාගත නොහැකි තත්වයකට දෙමාපියන් බහුතරයක් ඇදදමා ඇත.
ප්‍රදේශ කිහිපයක පාසල් සිසුන්, ගුරුවරු හා දෙමාපියන් සමග ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුවේ (ගුසිදෙක්‍රික) සාමාජිකයන් කල සාකච්ඡා මගින් හෙලිදරව් වූයේ, දරුවන් අඛන්ඩව පාසල් නො පැමිනීමට, පාසල් හැරයෑම වේගවත් වීමට හා උපකාරක පන්තිවලට යෑම අඩු කිරීමට මෙම මිල ගනන් ඉහල යෑම් හේතු වී ඇති බවයි. දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින පවුල්වලට මෙම තත්වය දරුනු ලෙස බලපා තිබේ.
මහනුවර හන්තාන වත්තේ 42 හැවිරිදි වැන්දඹුවක් වන ශෂිදේවි පැවසුවේ සිය දරුවන් පස් දෙනාගේ අධ්‍යාපනය සඳහා මසකට වැය වන රුපියල් 30,000 ක පමන මුදල ඇයට දරා ගත නොහැකි බවයි.
“අපිට ගෙවල් නෑ, වැසිකිලි නෑ, තුන්වේල එකවේලට බැහැලා. සීආර් පොතක් රු.450-500ක් වෙලා. සපත්තු ජෝඩුවක් රුපියල් 4,000ක් විතර වෙනවා. වත්තේ වැඩ නැති නිසා නගරයේ ගෙවල්වල වැඩකරලා කීයක් හරි හොයා ගන්නවා. කොහොමද උගන්වන්නෙ, අපි හිතන්නේ පනටික ගැට ගහගන්නෙ කොහොම ද කියලයි”, යනුවෙන් ඈ කෝපයෙන් කියා සිටියා ය.
අම්පාරේ මවක වන බිසෝ මැනිකේ පැවසුවේ ඇයගේ ස්වාමියා හේන් වගාවක් කර ඇතිමුත් එදා වේල පිරිමසා ගැනීමට නය වීමට සිදු වී ඇති බවයි. “පුතා දැන් 7 වසරේ, එයාට යන වියදම දරන්න අමාරුයි, සපත්තු දෙක කැඩිලා. ලමයා සෙරෙප්පු දාගෙන යන්නෙ. ඒවගේ මිල දෙගුන-තුන්ගුන වෙලා. ඉස්සර පිටු 200 පොත් අරන් දුන්න නම්, දැන් පිටු 80 පොත් අරන් දෙන්න වෙලා. ටියුෂන් පන්තිවල ගාස්තුත් දැන් ඉහල ගිහින්. දරුවන්ගේ අනාගතය ගැන හිතද්දි බය හිතෙනවා” යයි ඇය ප්‍රකාශ කලා ය.
බන්ඩාරවෙල පූනාගල සිංහල විදුහලේ ඉගැන්වීම් කරන ගුරුවරියක් අදහස් දක්වමින් කියා සිටියේ, අත්කම් නිර්මාන වැනි කටයුතුවලට අදාල ලිපි ද්‍රව්‍ය රජයෙන් හෝ පාසලෙන් නො ලැබෙන බවයි. ඒවා දෙමාපියන්ට සපයා දෙන ලෙස කොතෙක් දැනුම් දුන්නත් ආර්ථික දුෂ්කරතා නිසා ඒ කිසිවක් ලබා දීමට ඔවුන්ට නොහැකි බව ඇය කීවාය.
“ලමයි වැඩි දෙනෙක් සෙරෙප්පු තමා දාගෙන එන්නෙ. රජයෙන් දෙන නිල ඇඳුම්වත් මසා ගන්න ඔවුන්ට වත්කමක් නෑ. . මෙවැනි දුෂ්කරතා නිසා පාසල් හැර යන ලමුන් වැඩි වෙලා. . මගේ පංතියේ ගිය වසරේ ලමයි 14 ක් ගිටිය නමුත් මේ වසරේ ඉන්නේ 7 යි”. අනෙකුත් ශ්‍රේනිවල තත්වය ද මීට සමාන බව ඇය පෙන්වා දුන්නා ය.
මේ වසරේ මාර්තු මාසයේ දී ආරම්භ වූ පලමු පාසල් වාරය සඳහා සිය දරුවන් තිදෙනාගේ පොත්, බෑග්, සපත්තු සඳහා රුපියල් 40,000 ක් පමන වැය වූ බව පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් මුර රැකියාවේ නිරත කම්කරුවෙක් ප්‍රකාශ කලේ ය.
“මගේ ලොකු පුතා 9 වසරේ. අනෙක් දෙන්නා ම ප්‍රාථමික අංශයේ ඉගෙන ගන්නේ. දැන් මකන කෑල්ලකුත් රුපියල් 30 ක් වෙනවා. . සති පතා පෑන් පන්සල් මකන අවශ්‍ය වෙනවා. . මම තුන් දෙනාට පොත් ගත්තේ මගේ මෝටර් සයිකලේ පොත තියලා රුපියල් 30,000ක් නයට අරගෙන. තුන් දෙනාට කන්න දෙන්න ඕනා. . අමතර පන්තිවලට යවන්න දැන් අපිට හැකියාවක් නෑ” යයි ඔහු විස්තර කලේ ය.
ත්‍රීවීල් රියදුරකු වන මින්නේරියේ කරුනාරත්න කියා සිටියේ කුඩා කුඹුරෙන් ලැබෙන වී අස්වැන්න හරි අඩකින් අඩු ව ඇති බවයි. “මට කිසිම සහනාධාරයක් නෑ. ජීවත් වෙන එක අමාරුයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව එලෙව්වා, ඊට පස්සෙ ආපු රනිල් වික්‍රමසිංහ අපිව වලට ම ඇද දාන්න යන්නේ. මේ මිල ඉහල යෑම් එදාවේල සරිකරගන්නවත් නොහැකි මිනිස්සු දරාගන්නෙ කොහොමද....විපක්ෂයේ සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) මේ ප්‍රශ්න ගැන කතා කරන්නේ ඡන්ද ගන්න මිසක් සැබෑවට ම ප්‍රශ්න විසඳන්න නෙමේ...” යනුවෙන් ඔහු වෛරයෙන් ප්‍රකාශ කලේ ය.
මොරටුව පදිංචි රෝහන ප්‍රියන්තට ද පාසල් යන වයසේ දරුවන් තිදෙනක් සිටී. මෙවර උසස් පෙල විභාග ප්‍රතිඵල වසරක් පමන ප්‍රමාද වූ බැවින් වැඩිමහල් දියනිය පෞද්ගලික පාඨමාලාවක් හැදෑරීම සඳහා යොමු කර ඇත. එම පාඨමාලාව සඳහා වැය වන රුපියල් ලක්ෂ හයක මුදල ඔහු සේවය කරන පෞද්ගලික ඉදිකිරීම් ආයතනයෙන් නයට ගෙන තිබේ. ඔහුගේ මාසික වැටුප රුපියල් 60,000 කි.
“දැන් මගේ වැටුපෙන් 10,000 ක් කැපෙනවා. දෙවැනි දුවටයි, බාල පුතාගෙයි පන්ති සල්ලි මාසයකට 5,000 ක් යනවා. දෙන්නගේ පාසල් වෑන් එකට රුපියල් 4,500 ක් වෙනවා. පාසල් ගාස්තු රුපියල් 42,00 ක් වෙනවා. ලමයි ඉගෙන ගත්තට ලොකු බලාපොරොත්තුවක් නෑ අනාගතය ගැන” යයි ප්‍රියන්ත ප්‍රකාශ කලේ ය.
ලංකාවේ පවුල් වලින් සියයට 47 ට අහාර වේලේ ප්‍රමානය අඩු කිරීම බල කෙරුනු දරිද්‍ර කොන්දේසි යටතේ අවුරුදු 5ත්-18ත් අතර ලමුන්ගෙන් සියයට 6 ක් පාසල් නොයන බව ලර්න්ඒ්ෂියා (LIRNEasia) පසුගිය ජුනි මාසයේ සිදු කල සමීක්ෂනයකින් හෙලිදරව් කලේ ය.
තත්වය එසේ වී නමුත්, පසුගිය සති අන්තයේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ පැවති උත්සවක දී අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත දරුවන් පාසල් නො පැමිනීම සම්බන්ධව ගුරුවරුන්ට තර්ජනාත්මකව චෝදනා නැගූවේ ය. “පාසල් පිලිබඳ තියෙන විශ්වාසය දරුවන්ගේ බිඳ වැටිලා. විභාග කිට්ටු වෙද්දි ටියුෂන් යනවා. ගුරුවරු අනික් අයගේ ප්‍රශ්නවලටත් ස්ට්‍රයික් කර කර ඉන්නවා” යයි ඔහු කියා සිටියේ ය.
දරුවන් අධ්‍යාපනයෙන් විතැන් කෙරෙමින් පවතින්නේ ගුරුවරුන් විසින් නොව, ජීවන වියදම ඉහල යෑම, වැටුප් කප්පාදුව හා සමාන්තරව ගුනාත්මක අධ්‍යාපනයක් සම්පාදනයක් කිරීමට අවශ්‍ය ගුරුවරු ඇතුලු මානව සම්පත්, මනා පන්ති කාමර, සනීපාරක්ෂක පහසුකම් ඇතුලු භෞතික පහසුකම් බලයට පත් ආන්ඩු විසින් බරපතල ලෙස කප්පාදු කර තිබීම හේතුවෙනි.
පසුගිය දශක තුනකටත් වැඩි කාලයක් පුරා අඛන්ඩව කප්පාදු කෙරෙන අධ්‍යාපන වියදම් මේ වන විට දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 1.5 දක්වා කප්පාදු කර ඇත. ආන්ඩුව අධ්‍යාපන වියදම් ලෙස දරමින් සිටින ගුරුවරුන්ගේ වැටුප්, වාර්ෂිකව ලබා දෙන නිල ඇඳුම්, පාසල් පෙල පොත් සඳහා යන වියදම් පවා සැලකිය යුතු ලෙස කප්පාදුවට ලක් කර තිබේ. පසුගිය වසරවල භාවිතා කරන පෙල පොත් යලි භාවිත කරන්නැයි සිසුන්ට කියා සිටිමින් ආන්ඩුව ප්‍රමානවත් ලෙස පෙල පොත් මුද්‍රනය නො කිරීම, මේ වන විට සැලකිය යුතු සිසුන් ප්‍රමානයකට පෙල පොත් නො ලැබීමට හේතු වී තිබේ. ගුරු හා අනධ්‍යයන කාර්ය මන්ඩල හිඟයෙන් පාසල් පද්ධතිය වෙලී පවතී.
ලෝක ධනේශ්වර අර්බුදය හමුවේ ලොව පුරා අධ්‍යාපනයට එල්ල කෙරෙමින් පවතින්නේ බරපතල ප්‍රහාරයකි. බිලියන ගනන් මුදල් මහ ව්‍යාපාර, බැංකුවලට ඇප දීමට හා යුක්‍රේන යුද්ධයට යට කරන අතර තුර යුරෝපය, ඇමරිකාව ඇතුලු ලෝකය පුරා අධ්‍යාපන වියදම් බරපතල ඛාදනයකට ලක් කර තිබේ. එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් අමීනා මොහොමඩ් පසුගිය අප්‍රේල් මාසයේ ප්‍රකාශ කලේ 2030 වන විට සැමට ගුනාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීම “බැරෑරුම් ලෙස මාර්ගයෙන් බැහැරව” ඇති බව පෙන්නුම් කරන බව ය. යුනිසෙෆ් සංවිධානයට අනුව ලොව පුරා පාසල් යා යුතු වයසේ දරුවන්ගෙන් පහෙන් එකක් තරම් විශාල අගයකට පාසල් අතහැර යෑමට බල කෙරී තිබේ.
ඒ තත්වය තුල ධනපති ක්‍රමය රැකදීමේ ලොවපුරා වෘත්තීය සමිතිවල කටයුත්තටම ලංකාවේ ගුරු වෘත්තීය සමිති අතගසා තිබේ. ලංකාවේ පසුගිය වසරේ පැනනැගී මහජන නැගිටීමේ පෙර ඇඟවුමක් වූ 2021 දී පැන නැගි ගුරුවරුන්ගේ වැටුප් අරගලය, ලංකා ගුරු සංගමය, ජවිපෙ ට සම්බන්ධ ලංකා ගුරු සේවා සංගමය ඇතුලු ගුරු-විදුහල්පති වෘත්තීය සමිති රාජපක්ෂ ආන්ඩුව ලබා දුන් සීමිත වැටුප් වැඩිවීමක් මත පාවා දුනි.
අධ්‍යාපන ක්ෂේත්‍රයට එල්ල කර තිබෙන ප්‍රහාරවලට එරෙහි අරගලය, අවශේෂ කම්කරු පන්තිය සමග ඒකාබද්ධ කෙරුනු සහ ලාභ ගරන ධනේශ්වර ක්‍රමයට එරෙහිවූ සටනක් ලෙස පෙරට ගැනීමේ වැඩපිලිවෙලට මෙම සමිති මුලුමනින්ම සතුරු ය.
ජාමූඅ විනාශකාරී ප්‍රහාර පරාජය කිරීම සඳහා කම්කරු පන්තියේ වර්ධනය වන අරගල ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය යටතේ ඒකාබද්ධ කිරීමේ සටනේ කොටසක් ලෙස වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ අවශ්‍යතාවය සම්බන්ධව සාකච්ඡාවට සම්බන්ධ වූ ගුරුවරු සහ දෙමාපියන් දැක්වූයේ උද්‍යෝගිමත් ප්‍රතිචාරයකි.
