වීඩියෝ: වත්මන් අර්බුදයට ජාත්‍යන්තර සමාජවාදී විසඳුම, සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර සියත රූපවාහිනී වැඩසටහනේදී පැහදිලි කරයි

මෙය, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර සම්බන්ධවූ දෙසැම්බර් 18දා රාත්‍රි 10ට සියත රූපවාහිනි නාලිකාවේ පැවැති “හැරවුම් ලක්ෂ්‍යය” වැඩසටහනේ වීඩියෝව යි. මෙහිදී ජයසේකර, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය, විකාශය මෙන්ම වත්මන් වැඩෙන තුන්වැනි ලෝක යුද තත්වය මධ්‍යයේ ට්‍රොට්ස්කිවාදයේ සමකාලීන අදාලත්වය පිලිබඳව සාකච්ඡා කරයි.

ලංකාවේ කම්කරු පන්තිය ජාත්‍යන්තර කම්කරු පන්තියේ කොටසක් බවත් මෙරට ජනයා මුහුන දෙන සෑම ප්‍රශ්නයක්ම ජාත්‍යන්තර ප්‍රශ්න බවත්, ඒවා විසඳාගත හැකිවන්නේ කම්කරු පන්තියේ ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම හරහා පමනක් බවත් සසප ප්‍රධාන ලේකම් මෙහිදී පැහැදිලි කරයි.

Loading