ඉදිරිදර්ශන

රුසියානු විපක්ෂ දේශපාලනඥ ඇලෙක්සි නවාල්නිගේ මරනය

[මෙයThe death of Russian opposition politician Alexei Navalny යන මැයෙන් 2024 පෙබරවාරී17 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි. (AP ඡායාරූපය/Dmitry Serebryakov, ගොනුව)

සිකුරාදා ආක්ටික් සිරකඳවුරකදී සිදුවූ රුසියානු විපක්ෂ දේශපාලනඥ ඇලෙක්සෙයි නවාල්නිගේ මරනය, බයිඩන් පරිපාලනය සහ එහි නේටෝ සහචරයින්, ඔවුන්ගේ ආශ්රිත මාධ්ය ආයතන සමග එක්ව දැවැන්ත රුසියානු විරෝධී ප්රචාරක ව්යාපාරයකට වහාම ඒකාබද්ධ කර ඇත. නවාල්නිගේ මරනයේ වටපිටාව පිලිබඳ කරුනු පදනම් කරගත් විශ්ලේෂනයක් කෙසේ වෙතත්, මරන පරීක්ෂනයකින් පවා තොරව, නේටෝ බලවතුන්ගේ ඒකාබද්ධ ආස්ථානය වන්නේ, 'පුටින් නවාල්නිව මරා දැමීය' යන්නයි.

“නවාල්නිගේ මරනය පුටින් සහ ඔහුගේ මැරයන් කල දෙයක ප්රතිවිපාකයක් බවට සැකයක් නැතැ” යි, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සිකුරාදා ප්රකාශ කලේය.

රාජ්ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මෙසේ ප්රකාශ කලේය: එය 'පුටින් විසින් ගොඩනගා ඇති පද්ධතියේ හදවතේ ඇති දුර්වලතාවය සහ කුනුවීම අවධාරනය කරයි. රුසියාව මෙයට වගකිව යුතුය'

ප්රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන්, පැරිසියේදී හමුදා සන්ධානයකට අත්සන් කිරීමට පැමිනි යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පිලිගනිමින් සහ ඔහුට යුරෝ මිලියන සිය ගනනක් ආධාර වශයෙන් ලබා දෙමින් රුසියාව හෙලා දුටුවේය. නවාල්නිගේ මරනය සම්බන්ධයෙන් මැක්රොන් ඔහුගේ 'කෝපය' සහ 'අප්රසාදය' අවධාරනය කලේය.

සිද්ධිය සැල වූ සැනින්, සිකුරාදා පැවති මියුනිච් ආරක්ෂක සමුලුව ආරම්භයේදී කතා කිරීමට, නවාල්නිගේ බිරිඳ යුලියා නවාල්නායාට ආරාධනා කරන ලදී. නවාල්නිගේ මරනය පිලිබඳ පුවත සත්යයක් නම්, “මට අවශ්ය වන්නේ පුටින්, ඔහුගේ මුලු පිරිවර, පුටින්ගේ මිතුරන්, ඔහුගේ ආන්ඩුව, ඔවුන් අපේ රටට, මගේ පවුලට, මගේ සැමියාට කල දෑ හි වගකීම ඔවුන් දරන බව දැන ගැනීමට” යැයි ඇය පැවසුවාය. එයට නේටෝ රටවල රැස්ව සිටි දේශපාලකයින් සහ හමුදා නිලධාරීන්ගෙන් ඇයට ප්රශංසා ලැබුනි.

මෙම ප්රචාරක ප්රහාරය මධ්යයේ, නවාල්නි මිය ගියේ කෙසේද යන්න පිලිබඳව නිශ්චිත දැනුමක් නොමැති බව මුලින්ම අවධාරනය කල යුතුය. රුසියාවේ ෆෙඩරල් බන්ධනාගාර සේවය වාර්තා කලේ ඇවිදීමෙන් පසු නවාල්නිට සිහිය නැති වූ බවත්, ඔහුව පන ගැන්වීමට ගත් උත්සාහයන් සාර්ථක නොවූ බවත් ය. මෙම වාර්තා වලට අනුව, රුධිර කැටියකින් නවාල්නි මිය යන්නට ඇත.

මෙයින් රුසියානු ආන්ඩුව වරදකාරිත්වයෙන් නිදහස් නොවේ. නවාල්නි රුසියානු බන්ධනාගාරයකදී මිය ගිය අතර පුටින් පාලනය ඔහුගේ යහපැවැත්ම සහ ආරක්ෂාව සඳහා වගකිව යුතු විය. කෙසේ වෙතත්, සාක්ෂි නොමැතිකම හේතුවෙන්, නවාල්නි ඝාතනය කර ඇති බවට වන චෝදනා සහතික නොකෙරේ.

එබැවින් ඔහුගේ මරනය ගැන අධිරාජ්යවාදී ආන්ඩු විසින් කරන ප්රකාශය ප්රතික්ෂේප කිරීම අනිවාර්ය වේ.

ප්රචාරක ව්යාපාරයේ එක් අංගයක් වන්නේ මියගිය පුද්ගලයා උත්කර්ෂයට නැංවීමයි. ඇලෙක්සි නවාල්නි “ප්රජාතන්ත්රවාදයේ ශූරයෙකු” බව වොෂින්ටන් පෝස්ට් කර්තෘ මන්ඩලය ප්රකාශ කලේය. 'රුසියානු ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී සිටින ශ්රේෂ්ඨතම අධිවාචකයා මිය ගොස් ඇත' යනුවෙන් බ්රිතාන්ය ටෙලිග්රාෆ් පුවත්පතේ මතයක් පල විය. එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුවට සමීපව සම්බන්ධ වූ අත්ලාන්තික් කවුන්සිලය ප්රකාශ කලේ නවාල්නිගේ “ප්රාන පරිත්යාගය” “[ඔහුගේ] සදාචාරාත්මක නායකත්වය මැනිය නොහැකි ලෙස විශාල කරනු ඇති” බවයි.

කෙසේවෙතත්, නවාල්නි රුසියානු දේශපාලන පද්ධතියේ 'ප්රජාතන්ත්රවාදී' කන්ඩායමක නියෝජිතයෙකු නොවීය. ඔහු අන්ත දක්ෂිනාංශයේ දේශපාලනයට පිවිසි අතර, 2000 දී නිදහස් වෙලඳපොල යබ්ලොකො (Yabloko) පක්ෂයට සහ එහි දක්ෂිනාංශික බලවේග සංගමයට සම්බන්ධ විය. 2007 දී, ඔහු සංක්රමන විරෝධී ස්වෝත්තමවාදී සංවිධානයක් වන ජාතික රුසියානු විමුක්ති ව්යාපාරයේ සම-ආරම්භකයෙකු විය. 2021 දී ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් විසින් නවාල්නිට 'හෘද සාක්ෂියේ සිරකරුවෙකු' ලෙස ලබා දී තිබූ තනතුර තාවකාලිකව ඉවත් කරන ලද්දේ ඔහු වරක් 'කැරපොත්තන්' ලෙසින් හැඳින්වූ මධ්යම ආසියාවේ සහ කොකේසස්හි මිනිසුන් වාර්ගික ඝාතන වෙනුවෙන් පෙනී සිටීම නිසාය.

දේශපාලනික වශයෙන් වඩාත් රුචිකර පදනමක් සොයාගනුවස් “දූෂන විරෝධී” යන සර්ව අරමුනු සහිත බැනරය තෝරා ගැනීමට නවාල්නි තීරනය කලේ ඔහු පුටින් සමග විරුද්ධත්වයට පිවිසීමෙන් පසුව පමනි.

රුසියානු කතිපයාධිකාරය තුල ඇති වූ කටුක ගැටුම්වල සන්දර්භය තුල, නවාල්නි නියෝජනය කලේ එක්සත් ජනපදය සමග සමීප සබඳතා බලාපොරොත්තු වන රුසියාවේ ධනේශ්වර කතිපයාධිකාරයේ කන්ඩායමකි. බන්ධනාගාරයේදී පවා, නවාල්නි ඔහුට සමාජ මාධ්ය වෙත නිතිපතා ප්රවේශ වීමට ඉඩ දීම සඳහා කතිපයාධිකාරය තුල ප්රමානවත් සහයෝගයක් ලබා දුන්නේය.

නවාල්නි ඝාතනය කලේ නම්, ඒ සඳහා, පුටින්ගේ අනුදැනුම ඇතිව හෝ නැතිව ක්රියා කරන රුසියානු රාජ්යයේ සමහර ඒජන්සි ඇතුලු බොහෝ විභව සැකකරුවන් සිටිති. මෑත මාසවලදී, ක්රෙම්ලිනය බොහෝ විරුද්ධවාදීන්ට පහරදෙනු ලැබුවේ, ලබන මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනය තුල ඔවුනට සාර්ථකත්වයේ ශක්යතා පවා නොතිබියදී ය. එය වාම ප්රතිසංස්කරනවාදී මාධ්යවේදී බොරිස් කගර්ලිට්ස්කි සහ ස්ටැලින්වාදී අපේක්ෂක සර්ජි උදල්ට්සොව් අත්අඩංගුවට ගෙන ඇති අතර නේටෝ ගැති ලිබරල්වාදී බොරිස් නඩේෂ්ඩින්ට තරඟ කිරීම තහනම් කර ඇත.

කෙසේ වෙතත්, යමෙකුට මෙසේ ඇසීමට සිදුවනු ඇත: පුටින් දැන් නවාල්නිට එරෙහිව පියවර ගන්නේ ඇයි? රුසියානු ජනාධිපතිවරයා එක්සත් ජනපදයේ දේශපාලන සංස්ථාපිතයේ කන්ඩායමක අනුග්රහය ලබා ගැනීමට කටයුතු කරමින් සිටී. හිටපු ෆොක්ස් නිවුස් සත්කාරක ටකර් කාල්සන් සමඟ ඔහුගේ මෑත සම්මුඛ සාකච්ඡාව බොහෝ දුරට කැප වූයේ යුක්රේනයේ යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡාමය විසඳුමක් ඉල්ලා සිටීම සඳහා ය. සම්මුඛ සාකච්ඡාවෙන් පසුව, පුටින් බයිඩන්ට ප්රශංසා කිරීම පදනම්වූයේ ට්රම්ප්ගේ තේරී පත්වීමට වඩා ඔහු තෝරා ගැනීමට කැමති බව පවසමිනි.

එය මිනීමැරීමක් නම්, නවාල්නිගේ මරනය තමන්ගේම අරමුන සඳහා උපකාරී වන බව දකින පුටින්ගේ කන්ඩායමික විරුද්ධවාදීන් ඇතුලුව වගකිව යුතු තවත් අය සිටිති.

කෙසේ වෙතත්, මේ සියල්ල මුලුමනින්ම සමපේක්ෂනයන් ය. වඩාත් වැදගත් වන්නේ, රුසියාවට එරෙහි යුද්ධය තීව්ර කිරීම සඳහා වන ව්යාපාරය තීව්ර කිරීම සඳහා එක්සත් ජනපදය හා නේටෝ බලවතුන්, සියල්ලටත් වඩා බයිඩන් පරිපාලනය විසින් එය භාවිතා කරන්නේ කෙසේද යන්නයි.

බයිඩන් පරිපාලනයේ, ඩිමොක්රටිකයන්ගේ සහ රිපබ්ලිකන් පක්ෂයේ කොටස්වල ක්ෂනික ඉල්ලීම වන්නේ යුක්රේනයට ඩොලර් බිලියන දස ගනනක මිලිටරි ආධාර අඩංගු පනතක් කොන්ග්රසය විසින් සම්මත කරදෙනු යන්නයි. රුසියාවට එරෙහි අධිරාජ්යවාදී පිටුබලය ලත් යුද්ධයට සියලු සම්පත් වැය කරන අන්ත දක්ෂිනාංශික ආන්ඩුවේ තීව්ර වන අර්බුදය මධ්යයේ, යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිමත්, වැඩි මිලිටරි ආධාර ඉල්ලා සිටීම සඳහා නවාල්නිගේ මරනය ඩැහැගෙන ඇත.

මෙහිදී වඩාත් කැපී පෙනෙන දෙය නම් අධිරාජ්යවාදී බලවතුන්ගේ දැවැන්ත කුහකත්වයයි. බයිඩන් සහ ඔහුගේ නේටෝ සහචරයෝ පුටින් පාලන තන්ත්රය නවාල්නිට සැලකීම දැඩි ලෙස හෙලා දකින අතර, මානව හිමිකම් පිලිබඳ අව්යාජ ශූරයෙකු වන ජූලියන් අසාන්ජ් වඩාත් ම්ලේච්ඡ හා ජීවිත තර්ජනාත්මක කොන්දේසිවලට යටත් කරති.

වධහිංසා පිලිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුට අනුව, 'අයුතු ලෙස සැලකීම, අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම සහ මානසික වධහිංසාවලට තුඩු දිය හැකි දේ' ලෙස විස්තර කර ඇති කොන්දේසි යටතේ අසාන්ජ් ගිනිකොනදිග ලන්ඩනයේ බෙල්මාර්ෂ් බන්ධනාගාරයේ තබා ඇත. සීඅයිඒ සංවිධානය විසින් මෙහෙයවන ලද ඝාතන කුමන්ත්රනවලට ඔහු විෂය විය. ඔහුට වෛද්ය ප්රතිකාර ලබා ගැනීම සහ ඔහුගේ නීතිඥයින් සමඟ සන්නිවේදනය කිරීමේ හැකියාව පවා ක්රමානුකූලව ප්රතික්ෂේප කර ඇත. ලබන සතියේ ඔහුට එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට එරෙහිව ඔහුගේ අවසන් අභියාචනය තීරනය කල හැකි නඩු විභාගයක් තිබේ.

දශක ගනනාවක් තිස්සේ කුරිරු ලෙස රඳවා තබාගෙන වධ හිංසා පමුනුවා තිබියදීත් තවමත් ගුවන්තනාමෝ බොක්කෙහි දිරාපත් වෙමින් සිටින බොහෝ සිරකරුවන් ගැන කුමක් කිව හැකිද?

නවාල්නිගේ මරනය සම්බන්ධයෙන් බයිඩන්ට සන්සුන්ව සිටිය නොහැකි නමුත් ඔහු ඊශ්රායලය විසින් සිදු කරන ලද සමූහ මිනීමැරුම් අධීක්ෂනය, සන්නද්ධ කිරීම, මූල්යමය වශයෙන් ආධාර කිරීම සහ ආරක්ෂා කිරීම දිගටම කරගෙන යයි. නවාල්නිගේ මතකයට ප්රශංසා කරන අය දේශපාලන අපරාධකරුවන් වන අතර සදාචාරය වෙනුවෙන් ඔවුන් කරන ආයාචනයන්ට අවමානය හැර අන් කිසිවක් සුදුසු නොවේ. ගාසා තීරය පුරා රෝහල්වල, බෝම්බ හෙලූ නිවාසවල සහ කූඩාරම් වලින් පිරි නගරවල ගැවසෙන අනාරක්ෂිත පිරිමින්ට, ගැහැනුන් සහ ලමයින්ට එරෙහි ජන සංහාරක ව්යාපාරය සඳහා ඊශ්රායල හමුදාවන් සන්නද්ධ කරන අතරතුර, නවාල්නි ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔවුහු කෝපයට පත් වෙති.

නවාල්නිගේ මරනය පිලිබඳ ප්රචාරක ව්යාපාරයේ එකම අරමුන රුසියාවට එරෙහි යුද්ධය තව දුරටත් උත්සන්න කිරීම යුක්ති සහගත කිරීමයි.

Loading