ඉදිරිදර්ශන

සමාජ මංකොල්ලය: කතිපයාධිකාරී එලන් මස්ක් වාර්තාගත ඩොලර් බිලියන 45ක ගෙවීමක් ලබයි

(මෙය Social banditry: Oligarch Elon Musk takes record $45 billion payout මැයෙන් 2024 ජුනි 17දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනය යි.)

වර්තමානයේ දී ඩොලර් බිලියන 45ට අධික වටිනාකමකින් යුත් පෙර නුවූ විරූ ගෙවීම් පැකේජයක්, ප්‍රධාන විධායක නිලධාරී එලන් මස්ක්ට ගෙවීම සඳහා සිය කොටස් හිමියන් අනුමැතිය දී ඇති බව, ජුනි 13 වැනි දා ටෙස්ලා සමාගම නිවේදනය කලේ ය. “බිලියනපතියා අසාධාරන ලෙස පොහොසත් කරන” ගෙවීමක් කිරීම කලින් වැලැක් වූ ඩෙලවෙයා විනිසුරුවරයා විසින් සටහන් කරන පරිදි, මෙම ගෙවීම “බහු විශාල ඇනවුමක් විසින් ප්‍රසිද්ධ වෙලඳපොල තුල නිරීක්ෂනය කරන විශාලතම විභවීය වන්දි අවස්ථාව” වේ.

2024 මැයි 20 සඳුදා ඉන්දුනීසියාවේ බාලි නුවර නුසා ඩුවාහි දී 10වන ලෝක ජල සමුලුවට සහභාගි වන එලන් මස්ක් (මැද). (ඒපී ඡායාරූප/ෆර්ඩියා ලිස්නාවතී) [AP Photo/Firdia Lisnawati]

සමාජ මංකොල්ලයක රූපය ගන්නා මෙම ගෙවීම, බොහෝ දෙනා ඔවුන්ගේ බිල්පත් ගෙවාගත නො හැකි ව සිටිය දී, ඇමරිකාවේ සෑම තනි නිවහනකට ම, ලෝකයේ ධනවත් ම පුද්ගලයාට ඩොලර් 350ක චෙක් පතක් යැවීමට බලකිරීමට සර්වසාම්‍ය වේ. මධ්‍යකාලීන යුගයේ වංශාධිපති “හොර සිටුවරු” මහා මාර්ගය දෙපසේ සිටි සංචාරකයන්ගෙන් එකා එකාගෙන් බැගින් හොරකම් කලේ ය. එහෙත් ධනවාදී “නිදහස් වෙලඳපොලේ” ක්‍රියාකාරීත්වයන් හරහා, මස්ක් සහ ඔහුගේ සහචර කතිපයාධිකාරියෝ සමස්ත මානව වර්ගයා රවටමින් හා වංචාකාරී ව පැහැර ගනිමින් සිටිති.

මස්ක්ගේ ගෙවීම් පැකේජය, එක්සත් ජනපදය තුල නිවාස නැති කම (ඩොලර් බිලියන 20) සහ බඩගින්න (ඩොලර් බිලියන 25) අවසන් කිරීමට වැයවන්නේ යයි ගනන් බලා ඇති තක්සේරුවට වඩා විශාල වේ. එය බදුවලට පෙර, එක්සත් ජනපදය තුල මධ්‍යන්‍ය ආදායමක් උපයන (ඩොලර් 37,500) කම්කරුවන් මිලියන 1.2ක් විසින් උපයන ප්‍රමානයට සර්වසාම්‍ය වේ.

ලොව පොහොසත් ම පුද්ගලයින් 10 දෙනා පිලිබඳ නවමත ෆෝබ්ස් ලැයිස්තුවට අනුව, ඩොලර් බිලියන 208.4ක ශුද්ධ වත්කමක් සහිත එලන් මස්ක්, දැනට මත් ග්‍රහලෝකය මත සිටින ධනවත් ම තනි පුද්ගලයා ය. ජෙෆ් බෙසෝස්(ඇමසොන්), මාක් සකර්බර්ග් (මෙටා/ෆේස්බුක්) හා බර්නාඩ් ආනෝල්ට් (එල්වීඑම්එච්) ඇතුලු මෙම කන්ඩායමේ අනෙකුත් අය සමග, මස්ක් ගේ ධනය ලෝකයේ (212කින් 156ක් වන) ලෝකයේ රටවලින් හතරෙන් තුනක් වන රටවල් ගනනක දල දේශීය නිෂ්පාදිතයට (දදේනි) වඩා විශාල වේ.

සමාජ අසමානතාවේ වේගවත් වන වර්ධනයක, ආර්ථිකය මූල්‍යකරනය වීමක, අධිරාජ්‍යවාදී යුද්ධයක හා ප්‍රජාතන්ත්‍රවාදී ආන්ඩුවේ බිඳ වැටීමෙහි සන්දර්භය ඇතුලත, ටෙස්ලා සමාගමේ කොටස් හිමියන් විසින් මස්ක්ට මෙම පැකේජය ප්‍රදානය කිරීමේ තීරනය සිදු කෙරේ.

ජුනි 15දා ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත පල කරන ලද ගනන් හිලවුවලට අනුව, විධායකයන්ට වන්දී ගෙවීමේ ධාරාවන්, අවම වසයෙන් ගෙවී ගිය වසර 14 තුල වේගවත් ම අනුපාතයකින් ඉහල යමින් පවතින්නේ, ආන්තික ව ධනවත් පුද්ගලයින් ජනගහනයේ ඉතිරි පුද්ගලයින්ගෙන් වෙන් කිරීම වාර්තාගත මට්ටම්ලට ගෙන එමිනි.

ෆයිනෑන්ෂල් ටයිම්ස් වාර්තා මෙසේ කියයි:

ආයතනික කොටස්හිමි සේවා නමැති පෙරකලාසි උපදේශක සමාගමක කොටසක් වන අයිඑස්එස්ට අනුව, 2024 වසරේ මේ දක්වා, එස්ඇන්ඩ්පී 500 සමාගම්වල ප්‍රධාන විධායකයන්ගේ මධ්‍යන්‍ය ගෙවීම්, සියයට 12කින් ඉහල ගොස් ඇත. නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, සියයට 4.1ක් වන එක්සත් ජනපදයේ වසරින් වසර වැටුප්වල වර්ධනය සමග එය සන්සන්දනය වේ.

එක්සෝන් අධ්‍යක්ෂ මන්ඩලයේ හිටපු වන්දි කමිටු සභාපතිවරයා හා මෙඩ්ට්‍රොනික් සංගතයේ හිටපු ප්‍රධාන විධායකයා වන විලියම් ජෝර්ජ්ගෙන් ෆයිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය උපුටා දක්වන අතර, විධායකයන් ගේ ගෙවීම් “පාලනයෙන් පිට පැන ඇතැ” යි ඔහු කීවේ ය. මස්ක් ගේ ගෙවීම් පැකේජය “මෙහි සීමාව වන්නේ අහසයි ...ඔබට ඕනෑ තරම් හම්බ කරගත හැකි” යි යන පනිවුඩය යැවූ බව ඔහු වැඩි දුරටත් කීවේ ය.

සමාජ කෝපයේ හා විරුද්ධත්වයේ වර්ධනය ගැන උත්සුකය පල කරමින්, ජෝර්ජ් මෙසේ අනතුරු ඇඟවී ය:

මෙය අපේ රට තුල ඇත්තන් හා නැත්තන් අතර බෙදීම වැඩිකිරීමට හේතු වෙනවා. (සංගතයන්) කෙරෙහි පවතින විශ්වාසය නැති වනු ඇතැයි මා සිතන නිසා, මට මෙය බරපතල උත්සුකයක් වෙනවා.

එක්සත් ජනපදයේ ද ලෝකය පුරා ද කම්කරුවන් හා තරුනයන් මිලියන ගනන් දෙනා මුහුන දෙන ආන්තික සමාජ අර්බුදයට, මස්ක් හා අනෙකුත් කතිපයාධිකාරීන් විසින් පාලනය කරන ධනය ඍජුව ම සම්බන්ධ වේ.

නිල වසයෙන්, එක්සත් ජනපදය තුල නිවාස නැත්තන් 582,500ක් සිටින අතර, එය සැලකිය යුතු අවගනනයක් ලෙස සැලකේ. මස්ක්ට දසබිලියන ගනනින් ගෙවද්දී, කම්කරුවන් හා ඔවුන් ගේ පවුල් පිම්බෙන මිල ගනන්වලට මුහුන දෙමින්, යන්තම් ජීවත් වීමට රැකියා කිහිපයක් කරන්නේ, ආන්ඩුව සමාජ වැඩසටහන්, අධ්‍යාපනය, සෞඛ්‍යාරක්ෂනය හා යටිතල පහසුකම්වලට අවශ්‍ය අරමුදල් කපා දමමින් සිටිය දී ය.

ආන්ඩුවේ සෑම මට්ටමක ම ඩිමොක්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් මූලික සමාජ වැඩසටහන්වලට මුදල් නැතැයි කියන්නේ, පොහොසතුන් ඉතා කුඩා බද්දක් ගෙවමින් හෝ බදු නොගෙවමින් සිටිද්දී වන අතර, යුක්‍රේනය තුල රුසියාවට එරෙහි යුද්ධයට සහ ඊස්රායල ආන්ඩුව ගාසා තීරයේ පලස්තීන වැසියන්ට එරෙහි ව ගෙන යන ජනසංහාරයට බිලියන ගනනින් මුදල් සම්පාදනය කෙරේ.

සංගත හා මූල්‍ය කතිපයාධිකාරයේ දෑත් තුලට සමාජයේ ධනය පොම්ප කරන යාන්ත්‍රනයක් වන කොටස් වෙලඳපොලේ දශක ගනනක නැගීම සමග බිලියනපති ප්‍රභූන් විසින් සමුච්ඡය කරගන්නා ධනය බැඳී තිබේ. ටෙස්ලා සමාගමේ කොටස් විකල්පවල රූපයෙන් මස්ක්ට ඩොලර් බිලියන 45 යන අතර, එය, 2018 සිට අද දක්වා සමාගමේ කොටස් වටිනාකම ඩොලර් බිලියන 50 සිට ඩොලර් බිලියන 558 දක්වා වේගයෙන් ඉහල යාමට ගෙවන ප්‍රදානයකි.

කොටස් වටිනාකම් නැගීම, පොහොසතුන් සඳහා මුදල් මුද්‍රනය කිරීමේ ෆෙඩරල් රිසර්ව් බැංකුවේ පිලිවෙතක් විසින් අවුලුවන ලද, වෝල් වීදිය මත අබාධිත සමපේක්ෂනයේ ප්‍රතිඵලය යි. ඩිමොක්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් කොරෝනා වෛරස් වසංගතයකට දක්වන ලද ප්‍රතිචාරයේ දී, මහ බැංකුවේ සිට ආන්තික ධනවතුන්ට වත්කම් මාරු කිරීම ඉහල ලක්ෂ්‍යයකට ලඟා වූ අතර, 2020 වසරේ පෙබරවාරි සිට ජුනි දක්වා මූල්‍ය කතිපයාධිකාරයට ඩොලර් ට්‍රිලියන 3ක් ප්‍රදානය කරන ලදී.

2020 මාර්තු මාසයේ දී කෙයාස් පනත සම්මත කිරීමෙන් පසුව, පාලක පන්තිය කම්කරුවන් පෙරලා වැඩට දැක්කීමේ උද්ඝෝෂනයක් දියත් කලේ, එක්සත් ජනපදය තුල “අතිරේක මරන” මිලියන 1.5ට වැඩි ප්‍රමානයකට ද ගෝලීය ව මරන මිලියන 27ට අධික ප්‍රමානයකට ද තුඩු දෙමිනි. කෝවිඩ්-19 මහා පරිමානයෙන් ආසාදනය කිරීම වෙනුවෙන් පෙනී සිටි නායක යෝජකයෙකු වූ මස්ක්, කැලිෆෝනියා ප්‍රාන්තයේ නීතිය පවා ප්‍රතික්ෂේප කරමින් ටෙස්ලා කම්හල් යලි විවෘත කල අතර, ප්‍රාන්ත ආන්ඩුව පාලනය කල ඩිමොක්‍රටිකයන් එම අපරාධකාරී පිලිවෙත පිලිගත්තේ ය.

මේ වසර ආරම්භයේ දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය පල කල ප්‍රකාශය තුල මෙසේ විස්තර කරන ලදී:

එහි ම අයිතියෙන් ගත් කල, පුද්ගලික ධන සමුච්ඡය දැවැන්ත වැදගත්කමක් දැරුව ද, ධනපති පාලක ප්‍රභූන් හිමිකාරීත්වය දරන මහා සංගත අතලොස්සක් තුල ආර්ථික බලය යෝධ ලෙස සංකේන්ද්‍රනයවීම සම්බන්ධයෙන් ගත්කල එය ද්විතීයික වන අතර එය සමග සම්බන්ධිත ව පවතී.

විශේෂයෙන් ම, ට්විටර්/එක්ස් සමාජ මාධ්‍යයේ මස්ක් ගේ අයිතිය ගෙනහැර දක්වමින්, “අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය මත යෝධ බලයක් හොබවන” අතලොස්සක් වන තාක්ෂන සමාගම්වල සුවිශාල ආනුභාවය ගැන, ලෝසවෙඅ ප්‍රකාශය සටහන් කලේ ය. සමාගම මත තමන් ගේ පාලනය, අන්ත-දක්ෂිනාංශික කුමන්ත්‍රන න්‍යායයන්, ෆැසිස්ට්වාදී දේශපාලන සංවිධාන සහ 2024 ජනාධිපතිවරනයේ රිපබ්ලිකන් පක්ෂයේ භව්‍ය අපේක්ෂකයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි පුද්ගලයින් ඉදිරියට දැමීමට මෙම බහු-බිලියනපතියා විසින් යොදාගෙන ඇත.

ආර්ථික බලයේ ආන්තික සංකේන්ද්‍රනය සහ ලොව පුරා ඒකාධිපතිවාදයේ හා ආඥාදායකත්වයේ වර්ධනය අතර සබඳතාව ප්‍රකාශනය තුල විස්තර කරන ලදී. එය මෙසේ සඳහන් කලේ ය:

සමස්ත ලෝකය පුරා ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඔක්සිජන් උරා බොමින් සිටින බලවේග මේවා ය. යටින් පවතින ආර්ථික බලවේගයන්ට හා අවශ්‍යතාවන්ට ආමන්ත්‍රනය නොකොට, මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කර ගත හැකිය යන අදහස හුදු සිහිනයක් පමනි.

ටෙස්ලා සමාගමේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් සමාජවාදී සමානතා පක්ෂයේ එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂක ජෝසෆ් කිෂෝර් ප්‍රකාශයක් නිකුත් කල අතර, එහි කොටසක් මෙසේ සඳහන් කලේ ය:

බුක්තිය පැහැරගන්නන් අස්වාමික කිරීමටත්, එක්සත් ජනපදය තුල හා ලෝකය පුරා ධනවාදය අහෝසි කර සමාජවාදය මගින් එය විස්ථාපනය කිරීමටත් පවතින අවශ්‍යතාව, වඩා අත්‍යවශ්‍ය වීම පමනක් පසුගිය වසර හතර ඇතුලත සිදු වී තිබේ. ධනය ගිල දැමීම මත රඳා පවතින කතිපයාධිකාරයෝ, වසංගතය තුල මහා පරිමාන මරන හා ගාසාවේ ජනසංහාරය සාමාන්‍යකරනය කර ඇත්තේ, මානව වර්ගයා න්‍යෂ්ටික යුද්ධයේ අගාධය තුලට ගෙන යමිනි.

සමාජීය හා ආර්ථික ජීවිතය අතිමූලික ව ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොර ව ආමන්ත්‍රනය කල හැකි, ලොව පුරා කම්කරු මහජනයා මුහුන දෙන එක ම සමාජ ප්‍රශ්නයක් වත් නැත. සංගත හා මූල්‍ය කතිපයාධිකාරය විසින් අසික්කිත ලෙස සමුච්ඡය කරගන්නා ධනය, අත්‍යවශ්‍ය සමාජීය අවශ්‍යතා ඉටු කරනු වස්, අල්ලාගෙන හා ප්‍රතිදිශාගත කල යුතු ය. යෝධ සංගත හා මූල්‍ය ආයතන ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ස්ථාපිත කරමින්, පුද්ගලික ලාභය වෙනුවට සමාජීය අවශ්‍යතාවේ පදනම මත ධාවනය කල යුතු ය.

සමාජ අසමානතාවේ ආන්තික වර්ධනයට පවතින එක ම තාර්කික ප්‍රතිචාරය වන්නේ මෙම ක්‍රියාමාර්ගය යි. එය යථාවත් කිරීම කල හැකි වන්නේ, සමස්ත පාලක පන්තියට හා එහි රාජ්‍ය යාන්ත්‍රනයට විරුද්ධ ව පන්ති අරගලය වර්ධනය කිරීම මගින් පමනි. එක්සත් ජනපදය තුලත්, සමස්ත ලෝකය පුරාත් බලය අල්ලාගෙන, ආර්ථික ජීවිතය සමාජවාදී පදනමකින් ප්‍රතිසංවිධානය කිරීමේ ඉලක්කය සහිත කම්කරු පන්තියේ ව්‍යාපාරයක් වර්ධනය කිරීම, මෙහි අර්ථය යි.

Loading