සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) විසින් ජනවාරි 9 දා මහනුවර, කැන්ඩියන් ආර්ට්ස් රෙසිඩන්සි ශාලාවේදී “ජාමූඅ කප්පාදු වැඩසටහන පරාජය කරන්නේ කෙසේද?” යන මැයෙන් ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ලැබේ.
අප මේ රැස්වීම පවත්වන්නේ, ජනවාරි 03 වැනිදා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ අපගේ දේශනය එහි බලධාරීන් විසින් තහනම් කිරීමත් සමඟ ය. මෙම දේශනය සඳහා විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමය (දේවිශිස) අනුග්‍රහය දැක්වූ අතර ඒ සඳහා අවසරය ලබාදී තිබුනේ දේශපාලන විද්‍යා අංශයේ ප්‍රධානියා විසිනි.
කෙසේ වෙතත්, ජනවාරි 03 වැනිදා උදෑසන අපට දැනගන්නට ලැබුනේ, උක්ත මාතෘකාවෙන් පැවැත්වෙන රැස්වීම ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට අභියෝග කරන බැවින් එය අවලංගු කරන ලෙසට, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරයා විසින් නියෝග කර ඇති බවයි. නැතිනම් අප මාතෘකාව වෙනස් කල යුතු විය. එය රැස්වීම සඳහා බලපාන තහනමකි.
රැස්වීම අවලංගු කිරීම සහ දේවිශිස යේ, සමස්තයක් ලෙස විශ්ව විද්‍යාල සිසුන්ගේ හා සසජාතශි හි ප්රකාශනයේ නිදහස සඳහා වන ප්රජාතන්ත්රවාදී අයිතියට පහර දීම හෙලා දකිමින් සසජාතශි ප්‍රකාශයක් නිකුත් කලේය. රැස්වීම අවලංගු කිරීමට ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ජාතික ජන බලවේගය (ජාජබ) ආන්ඩුව භූමිකාවක් ඉටු කල බවට ඉඟි පල වේ.
මෙම රැස්වීම පැවැත්වීමට සහ ප්රජාතන්ත්රවාදී අයිතීන් මර්දනය කිරීම හෙලා දැකීමට අපට සහාය දෙන ලෙස අපි සිසුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, අනධ්‍යයන සේවකයන් සහ අනෙකුත් කම්කරුවන් සහ තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු. කෙසේ වෙතත්, සසජාතශි මෙම රැස්වීම මහනුවරදී පැවැත්වීමට තීරනය කලේ එහි දැවෙන අවශ්‍යතාවය නිසාය.
සසජාතශි සාමාජිකයින්ගේ රැස්වීම සඳහා පේරාදෙනිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පැවති උද්ඝෝෂනය අතරතුර සිසුන්, විද්වතුන් සහ කම්කරුවන්, 2023 සිට එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ක්‍රියාත්මක කරන ලද සහ ජවිපෙ/ ජාජබ හි වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාමූඅ ම්ලේච්ඡ කප්පාදුවේ නව වැඩපිලිවෙලට විරුද්ධත්වය පල කලහ.
රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය හෝ වානිජකරනය සහ රාජ්‍ය අංශයේ රැකියා සිය දහස් ගනනින් විනාශ කිරීම, මහජන සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා අරමුදල් තවදුරටත් කප්පාදු කිරීම සම්බන්ධ මෙම කප්පාදු පියවරයන් වැඩකරන ජනතාවගේ ජීවිතය හා මරනය පිලිබඳ ප්රශ්නයකි.
සියලුම සංස්ථාපිත පක්ෂ, වෘත්තීය සමිති නිලධරය සහ ව්‍යාජ වාම කන්ඩායම් ජවිපෙ/ජාජබ ආන්ඩුව මෙන් ම ධනේශ්වර ක්රමයේ ආරක්ෂකයෝ වෙති.
සමාජවාදී සමානතා පක්ෂය (සසප-ශ්‍රී ලංකාව) සමග එක්ව සසජාතශි පමනක් ම, ජාමූඅ කප්පාදු ප්‍රතික්ෂේප කරමින්, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී පිලිවෙත් මත කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා සටන් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට, ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයට සහ මහා ව්‍යාපාරිකයන්ට කැපවී සිටින සියලු දෙනාම වැඩකරන ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් කැප වූ අපගේ අරගලයට සෘජුවම විරුද්ධ වන්නේ එබැවිනි.
මෙම වැදගත් මාතෘකාව සාකච්ඡා කිරීම සඳහා වන රැස්වීමට සහභාගී වන ලෙස අපි කම්කරුවන්, සිසුන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිමු.