දිගුකාලීන පක්ෂ සහෝදරවරු දෙදෙනෙකු සෙනසුරාදා මිය ගිය බව සමාජවාදී සමානතා පක්ෂය නිවේදන කරන්නේ ඉමහත් සංවේගයෙනි. ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය තුල ට්‍රොට්ස්කිවාදයේ ඉදිරිදර්ශනය සඳහා දශක ගනනාවක් තිස්සේ ඔවුන් විසින් කරන ලද නොසැලෙන අරගලයට අපි උපහාර පුද කරමු. ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට අපගේ ශෝකය ප්‍රකාශ කරමු.
ලීලා බාලසූරිය සහෝදරිය කලක් සිහිසුන් ව සිට දෙසැම්බර් 13 සෙනසුරාදා උදෑසන අභාවප්‍රාප්ත විය. අධික රුධිර පීඩනය හේතුවෙන් හදිසියේ ඇති වූ සංකූලතාවයක් හේතුවෙන් ඇද වැටීමෙන් පසු ඇය මාස දෙකක් තිස්සේ ඇඳට වී සිටියාය. ඇය පදිංචි ව සිටියේ, කොලඹ සිට කිලෝමීටර් 32ක් දුරින් පිහිටි දොම්පේ ප්‍රදේශයේ ය. ඇයගේ අවසන් කටයුතු ඊයේ සිදුකෙරුනි.
ලීලා 1974 දී සසපයේ පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට (විකොස) සම්බන්ධ වූ අතර ඇයගේ අසනීප තත්ත්වය හේතුවෙන් පසුගිය මාස හය පුරාවට ඇය එසේ කිරීමෙන් වලක්වන තුරු පක්ෂ වැඩ සඳහා කැප වූවා ය. දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව 1980 මහා වැඩවර්ජනය තලා දැමීම සඳහා රාජ්‍ය අංශයේ කම්කරුවන් 100,000ක් නෙරපා හරින විට ඇය රැකියාව අහිමි වූ රජයේ සේවිකාවකි.
ලංකා සමසමාජ පක්ෂය (ලසසප) සහ ශ්‍රී ලංකාවේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (ශ්රිලකොප ) ඇතුලත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) විසින් නායකත්වය දුන් 1970-1977 සභාග ආන්ඩුවට එරෙහි විකොස දේශපාලන අරගලයේ ඇය සැලකිය යුතු භූමිකාවක් ඉටු කලා ය. ශ්රිලකොප ස්ටැලින්වාදීන් විසින් ආධිපත්‍යය දැරූ සමස්ත ලංකා රජයේ ලිපිකරු සේවක සංගමයේ නිලධර නායකත්වයට විරුද්ධ අරගලයේ දී ඇය ප්රමුඛ වූවා ය.
ආර්.එම්. ගුනතිලක සහෝදරයා ද කලක් තිස්සේ නිදන්ගත රෝගාබාධවලින් පෙලීමෙන් පසු සෙනසුරාදා මිය ගියේ ය. එම රෝගී ත්ත්වය, ශ්‍රී ලංකාවේ කම්කරුවන් මුහුන දෙන දුෂ්කර තත්වයන් නිසා ජීවිත කාලය පුරා ම වැඩි දියුනු වූ බවට සැකයක් නැත.
පක්ෂය පිහිටුවා යන්තම් වසර දෙකකට පසුව, 1970 දී ගුනතිලක විකොසට බැඳුනි. ඔහු ලංකා ගමනාගමන මන්ඩලයේ කම්කරුවෙකු වූ අතර ශ්‍රීලනිප නායකත්වයෙන් යුත් සභාග ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව කම්කරුවන් බලමුලු ගැන්වීමේ අරගලය නිසා ලසසප වෘත්තීය සමිති නායකයින් විසින් උසිගන්වන ලද දේශපාලන දඩයම් වලට ඔහු මුහුන දුන්නේ ය. ගුනතිලක විකොස/සසප දිගුකාලීන මධ්‍යම කාරක සභිකයෙක් ද විය.
1980 ජූලි මහා වැඩවර්ජනය මර්දනය කිරීමේ දී එජාප ආන්ඩුව විසින් නෙරපා හරින ලද රාජ්‍ය අංශයේ සේවකයින් 100,000 අතර ගුනතිලක ද විය. වසර 14 කට පසු ඔහු නැවත සේවයේ පිහිටුවන ලදී.
ඔහු ජීවත් වූයේ ප්‍රධාන තේ වතු දිස්ත්‍රික්කයක් වන බදුල්ලේ හාලි-ඇල ප්‍රදේශයේ ය. ඔහු වසර දෙකකට පෙර නැවත නැවතත් අසනීප වීම නිසා පක්ෂ දේශපාලන කටයුතුවල ක්‍රියාකාරී ව නිරතවීමට ඔහුට නොහැකිවිය.
